දරුවන් 3 දෙනෙක් ඉන්න අඩුආදායම් ලාභී පවුලකට තණකොල කපන මැෂිමක් සහ ස්වයංරැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම දේ පරිත්‍යාග කිරීම
📌️ Location : මැදවච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය
වැඩසටහන පිළිබඳව වැඩි දුරටත්…
𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 පදනමේ දායකයින් (Donors), මාගේ ෆේස්බුක් මිතුරන් සහ මාගේ තාක්ෂණික ආයතනය වන 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 ආයතනයේ ආදායමෙන් “BizSupport” කුඩා පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල්වල ජීවිත ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම, ශක්තිමට්ටම් මත අදාල ප්‍රදේශ වල සිදුකල හැකි ස්වයංරැකියා පිළිබඳව සොයා බලා එම ස්වයංරැකියාව ආරම්භ කර දීම සිදුකරනු ලබනවා.
ස්වයංරැකියා ආරම්භ කර දීමේදී ඔවුන්ට අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය අප විසින් ලබාදෙන අතර සමහර අවස්ථාවලදී ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගාගැනීමටද අප ප්‍රතිපාදන ලබාදෙනවා.
මෙසේ ස්වයංරැකියා ලබාදෙන්නේ අප ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන විට මුණගැසෙන පවුල් වලට පමණක් වේ.
අප විසින් එම ස්වයංරැකියා සම්බන්ධව ඔවුන්ට පුහුණුවක් ලබානොදෙන අතර ඔවුන් දන්නා / ඔවුන් ඉල්ලීමක් කරන ස්වයංරැකියාව තමයි අපි ඔවුන්ට ලබාදෙන්නේ. මන්ද මෙසේ තෝරාගන්නා කිසිදු අයෙක් අන්තර්ජාලය පිළිබඳව දැනුමක් නොමැති අය වගේම වැඩි අධ්‍යාපන මට්ටමක් නැති පවුල්. ඔවුන්ට එම ස්වයංරැකියා සඳහා වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට හැකියාවක් නැහැ. එම නිසා ඔවුන් කැමති ස්වයංරැකියාවට අපි ප්‍රතිපාදන ලබාදෙනවා.
❌ ෆේස්බුක් ගිණුම් භාවිතා කරන, ස්මාර්ට් ෆෝන් භාවිතා කරන පවුල් වලට හෝ මේ පෝස්ට් එක කියවන ඔබ වැනි අයට ආධාර ලබාදීම් සිදුකරනු නොලැබේ.
✅ සමෘද්ධි ප්‍රතිලාභ හෝ නොලැබෙන, මැටි ටකරම්, ලෑලි, ඉටිකොල ගෙවල් වල ජීවත්වෙන දරුවන් දෙදෙනෙක්ට වැඩි පවුල් වලට තමයි අපි මූලිකත්වය ලබාදුන්නේ.
යම් නිෂ්පාදන හැකියාවක් ඇති අයට භාණ්ඩ නිෂ්පාදනය ස්වයංරැකියාවක් ලබාදෙන අතර, එසේ හැකියාවක් නැති අයට අප විසින් භාණ්ඩ නිෂ්පාදන ස්වයංරැකියා ලබාදුන් අයගේ භාණ්ඩ අප විසින්ම මිළදීගෙන ඔවුන්ට වෙළඳපොළක් නිර්මාණය කරදී හෝ නොඑසේනම් වෙනත් අලෙවිකරුවෙක්ගෙන් මිළදීගෙන අලෙවි කිරීමට අවස්ථාවන් නිර්මාණය කර දෙනවා.
සමහර අවස්ථාවලදී අපි ස්වයංරැකියා ලබාදෙන පවුල් වලට අප විසින්ම වෙළඳපොළක් සකස් කර දෙනවා.
උදා :
1️⃣ මහන මැෂිමක් පරිත්‍යාග කරන පවුලක ඔවුන් මසන ඇඳුම් අප මිළඳී ගෙන තවත් පවුලකට අලෙවියට ලබාදීම හෝ අප විසින්ම මිළදීගෙන අඩුආදායම්ලාභී දරුවන්ට නොමිළයේ පරිත්‍යාග කරනවා.
2️⃣ සෙරෙප්පු නිෂ්පාදනය කරන මැෂිමක් යම් පවුලකට හෝ පවුල් කිහිපයකට පරිත්‍යාග කල පසුව ඔවුන් නිෂ්පාදනය කරන සෙරෙප්පු තවත් පවුල් වලට අලෙවියට නොමිළයේ පරිත්‍යාග කරනවා.
3️⃣ පවුල් කිහිපයකට කොමඩු හේනකට ආධාර කල පසුව ඔවුන්ගේ අස්වැන්න අප විසින් මිළදීගෙන තවත් පවුල් වලට අලෙවියට නොමිළයේ පරිත්‍යාග කරනවා.
ස්වයංරැකියා පමණක් නොවේ තෝරාගන්නා පවුල වලට වියළි ආහාර, පාසල් උපකරණ, පරිගණක, ලැප්ටොප්, විදුලිය (Solar), ජල පහසුකම්, වැසිකිළි සහ නිවාස ගොඩනගාදීමද, දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමද සිදුකරනවා.
Project ජීවනාලෝක | 𝗝𝗲𝗲𝘄𝗮𝗻𝗮𝗹𝗼𝗸𝗮
ꜱᴜꜱᴛᴀɪɴɪɴɢ ʀᴜʀᴀʟ ꜰᴀᴍɪʟɪᴇꜱ
දිළිඳු පවුල් දහසකට ඔවුන්ගේ ස්වශක්තියෙන්ම නැගී සිටීමට සවියක් වී ආර්ථික වශයෙන් ශක්තිමත්කර ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම…..
📅 Jeewanaloka යනු 2013 – 2022 කාලය අතරතුර අප සිදුකල ව්‍යාපෘතියකි.
👨👨👧👧 2022න් පසුව අපි ආධාර ලබාදීම සීමා කර, දියුණුවෙන්න මගපෙන්වීම පමණක් සිදුකරනු ලබනවා. වර්තමානයේදී දිළිඳු පවුල් වලට වඩා මධ්‍යම පාන්තික පවුල් ණය බරින් මිරිකී සිටිනවා. එම නිසා අපි මධ්‍යම පාන්තික පවුල් වලට ව්‍යාපාර හෝ ස්වයංරැකියා ආරම්භ කිරීමට මගපෙන්වීම සහ තාක්ෂණික සහය ලබාදීම සිදු කරනවා. උනන්දුව සහ කැපවීම මත ඔවුන්ට දියුණු වෙන්න පුළුවන්. යැපුම් මානසිකත්වය නිසා බොහොමයක් පවුල් දියුණු නොවෙන නිසා අපි මේ තීරණයට එළඹුනා.
Project of 𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 & 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
An idea by 𝘿𝙖𝙣𝙚𝙨𝙝 𝙀𝙙𝙞𝙧𝙞𝙨𝙤𝙤𝙧𝙞𝙮𝙖 (Founder & Director)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 – GA3032
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies