රැකියා අවස්ථා – රියදුරු (පූර්ණකාලීන / කෙටිකාලීන)
“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන නිරීක්ෂණය සඳහා සංචාරය කිරීමට රියදුරෙක් අවශ්‍ය කර ඇත.
💰 මාසික වැටුප : රු.45,000/=
💙 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඔබට ස්වේච්ඡා රියදුරෙක් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.
🚗 Vehicle : Aqua G Sport (Auto)
🤵 මූලික සුදුසුකම් :
▪️ 2018ට ප්‍රථම රියදුරු බලපත්‍රය ලබාගත් අයෙක් විය යුතුය.
▪️ Auto සහ Manual වාහන දෙවර්ගයම පැදීමේ හැකියාව.
▪️ වාහනය පැදවීමේදී දුරකතනය භාවිතා නොකර සිටීමට තරම් විනයක් තිබිය යුතුය.
▪️ මත් පැන්, දුම්වැටි භාවිතය තහනම්. (රාජකාරී අවස්ථාවල)
🏡️ ආරම්භක ස්ථානය – වරකාපොල, තුල්හිරිය (කෑගල්ල දිස්ත්‍රික්කය)
✅ කෑගල්ල දිස්ත්‍රික්කයේ හෝ අලව්ව, වරකපොල ප්‍රදේශවලට ආසන්න අය ඉන්නවනම් කෙටි ගමන් සඳහා කෙටි කාලීනව සම්බන්ධ විය හැක.
🌐 සංචාරය කිරීමට ඇති ප්‍රදේශ : ශ්‍රී ලංකාව පුරා
👩🏫 අවශ්‍ය විශේෂ හැකියාවන් :
🔹 එක දිගට දින 3-20 වඩා සංචාරය කිරීමේ හැකියාව
🔹 දිනක් ඇතුලත කිලෝමීටර් 500 වඩා සංචාරය කිරීමේ හැකියාව
🔹 රාත්‍රියේ ධාවනය කිරීමේ හැකියාව
🔹 කිලෝමීටරයක් පමණ පසුපසට පැදවීමේ හැකියාව (සමහර දුෂ්කර කුඩා පාරවල්වලදී)
👨👩👧 මෙය රැකියාවකට වඩා සේවාවක් ලෙස සලකන අයෙක් විය යුතුය. නිදහසේ ලංකාව පුරා පිංකම් කරමින් සංචාරය කිරීමට කැමති බැඳීම් වලින් තොර අයෙක් නම් එය තෝරාගැනීමට මුලික හේතුවක් වේ. ස්ථීර පත්වීමේදී එක් සංචාරයකින් පසුව නැවත ආරම්භක ස්ථානයට පැමිණෙන්නේ (නිවාඩු ලැබෙන්නේ) දින 20-25කින් පමණ විය හැක. එම නිසා විවාහක අය කොහෙත්ම මෙයට සම්බන්ධ කර නොගන්නා අතර දැනට ආදර සම්බන්ධයක් නොමැති අයට මුලිකත්වය ලබාදේ. මන්ද මීට පෙර තෝරාගත් බොහොමයක් අය ඔවුන්ගේ ආදරවන්තියන්ගේ / ආදරවන්තයින්ගේ / පවුලේ අයගේ ඇමතුම්, කෙටි පණිවිඩ සහ සබඳතාවල ප්‍රශ්න නිසා ධාවනයේදී අවධානය බෙහෙවින්ම අඩුය. පෞද්ගලිකව ප්‍රශ්න වල ආතතිය / පීඩනය නිසා අප ආයතනයේ නිළධාරින්ගේ සහ වාහනයේ ආරක්ෂාවට බලපෑම් වන නිසා 100%ක් නිදහස් අයෙක්ට මෙම අවස්ථාව හිමිවේ.
🧑🎓 අවශ්‍ය වූ විට නිළ ඇඳුමක් ඇදීමට සූදානම් විය යුතුය.
💰 SALARY / වැටුප්
⏰ කෙටි කාලීන :
▪️ දිනකට රු.1,000
▪️ කෑම / බීම (සාමාන්‍ය දෛනික වියදම රු.3,000)
▪️ නවාතැන් (Shared හෝ Seperate – සාමාන්‍ය දෛනික වියදම රු.1,500)
⏰ දීර්ඝ කාලීන :
▪️ මාසික වැටුප රු.45,000
▪️ කෑම / බීම (සාමාන්‍ය දෛනික වියදම රු.3,000)
▪️ නවාතැන් (Shared හෝ Seperate – සාමාන්‍ය දෛනික වියදම රු.1,500)
නීතී රීතී වලට අනුකූලව විශ්වාසවන්තව කටයුතු කරන අයෙක්ට සම්බන්ධ විය හැක.
අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / ලයිසන් එකෙහි ඡායාරූපයක් 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා තුල්හිරියට පැමිණිය යුතුය.
පුණ්‍යභූමි ~ පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය (TechLabs Innovative Solutions International (Pvt) Ltd සහ SamajaSathkara.lk පදනමේ ආගමික සංවර්ධන ව්‍යාපෘතියකි)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #techlabscorporatejobs #jobs #workfromhome #logodesigner #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා