Select Page

ඔබට සාර්ථක වෙන්න බැරි වුනේ වෙන කවුරුත් නිසාද?

ඔබට සාර්ථක වෙන්න බැරි වුනානම් ඒ ගැන හුගක් හේතු නිතරම මතක් වෙනවා ඇති..ඒ අතරින් ගොඩක් අයට මතක් වෙන්නේ….

“අපේ අම්මල හින්ද තමයි මට මෙහෙම වුනේ ”
“මට ඉගැන්නුවානම් අද මම හොද තැනක ”
“මට මේ වගෙ මනුස්සයෙක් හම්බුන නිසා තමයි මෙහෙම වුනේ .”
මට දරුවෝ ලැබුණ හින්දා තමයි .රස්සාවක් කරන්න බැරි වුනේ.”
“මගේ බොස් නපුරෙක් වුණේ නැත්නම් අද මම ඉහළ තැනක”
“මට වාහනයක් නැති නිසා තමයි ඒ ජොබ් එක අතෑරියේ ”
“මට හොද යාළුවෝ හම්බවුණා නම් මටත් හොදට ඉගෙන ගන්න තිබ්බා ”
“මට කියලා දෙන්න කෙනෙක් හිටියනම් මෙහෙම වෙන්නෑ ”
“මගේ කරුමේ මේක ”
“මට සෙනසුරු අපල තිබ්බේ නැත්නම් මම අද රස්සාවක ”
“මට උසස්වීම් ගන්න බැරි වුනේ ඔෆිස් එකේ අනිත් අය කකුලෙන් ඇද්ද නිසා තමයි .”
“හැමෝම මට ඉරිසියයි .ඒකයි මට ඉලක්ක ජයගන්න බැරි වුණේ .”
“අල්ලපු ගෙදර අය හින්දා තමයි මගෙ සතුට නැති වුනේ ”

“මට පුතෙක් හිටියනම් මෙහෙම වෙන්නේ නෑ ”
“මට දුවෙක් හිටියා නම් මම අසරණ වෙන්නෙ නෑ ”
“මට හොද මහත්තයෙක් හම්බඋනා නම් .මම සතුටින් ඉදී .”
“මට හොද දරුවෝ හිටියනම් මමත් අද රැජිණක් වගේ තමයි .”

මේ වගේ නොයෙක් කතා මම හැමදාම අහනවා .ඇත්තටම අපේ අසාර්ථකත්වයේ වගකීම භාරගත යුත්තේ වෙන කෙනෙක් මද ? ඇයි අපි අපි ගැන තීරණ ගන්න වෙන කෙනෙකුට භාර දුන්නේ … මව පියා සැමියා බිරිද හැරුණු කොට අපි වටා ඉන්නා අනෙක් අයට අපිව පාලනය කරන්නට දීමෙන් මේ තත්වය උදා වුණා වෙන්න පුළුවන් .එහෙම නැත්නම් අපේ අසාර්ථකත්වය ට නිදහසට කරුණක් ලෙස අපි මෙහෙම කියනවා වෙන්න පුළුවන් .ඒත් මම තදින්ම විශ්වාස කරන දෙය තමයි .අපි උත්සහවන්ත නම් අපිව පරාජය කරන්න කාටවත් බෑ ….

ඔබේ අසාර්ථකත්වයේ වගකීම කිසිවෙකුට පවරන්න එපා .ඔබ උත්සහවන්ත වෙන්න .මෙය තවත් ඒත්තු ගැන්වෙන පුන්චි කතාවක් මම ඔබට කියන්නම් .මෙය ප්‍රබන්ධයක් පමණයි …..

දෙවියන් ගැන අප්‍රමාණ භක්තියක් විශ්වාසයක් තිබූ එක් තරුණයෙක් හිටියා. මෙයා දවසක් කැලේ මැදින් ගමනක් යද්දි ඈතින් කොටියෙක් තමන් ඉදිරියට එන බව මොහු දකිනවා .මොහු එතනම වැද වැටී දෙවියන්ට කියනවා
“අනේ දෙවියනේ මට දැන් ඔබේ පිහිට තමයි. මාව බේරා ගන්න ” කියලා.

දෙවියෝ කියනවා…

“මම බලන්නම් හැබැයි උඹත් දුවපං” කියලා …….

තමන් ක්‍රියාත්මක වෙන්න ඕන අවස්ථාවක තමන් ක්‍රියාත්මක නොවුනොත් දෙවියන් වහන්සේ ට වුවද සිදුවීමට යන දෙය නවතාලිය නොහැක……

කළු වළාවක් ඇතුළේ රිදී ඉරක් ඇති බව විශ්වාස කරන්න…..තමා වෙනුවෙන් තමන් ම වෙහෙසෙන්න….
සාර්ථක ජීවන ගමනක් යාමට නම් පියවරෙන් පියවර තමන් ගැන විශ්වාසයෙන් ඉදිරියට පිය මගන්න…

ඔබ ප්‍රමාද නැත…
අද ඉඳන් අපි දියුණු වෙන්න උත්සාහ කරමු…

සැ. යු : උපුටා ගැනීම කරුණු ඇතුළත්ය. හිමිකම කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla