Select Page

දිනක් එක් පුද්ගලයෙක් තම බෝට්ටුවක පින්තාරු කිරීමට මිනිසෙකුට බාර දුන්නේය…

ඔහු තම තීන්ත සහ බුරුසු ගෙනැවිත්, හිමිකරු ඔහුගෙන් ඉල්ලා සිටි පරිදි බෝට්ටුව දීප්තිමත් රතු පාටින් පින්තාරු කිරීමට පටන් ගත්තේය…

පින්තාරු කරන අතරතුර, ඔහු බඳෙහි කුඩා සිදුරක් දැක, නිහඬව එය අලුත්වැඩියා කළේය….

ඔහු පින්තාරු කිරීම අවසන් වූ පසු මුදල් ලබාගෙන පිටව ගියේය…

ඊළඟ දවසේ, බෝට්ටුවේ හිමිකරු පින්තාරු කල පුද්ගලයා වෙත පැමිණ, ඔහු ගේවූ මුදලට වඩා බෙහෙවින් වැඩි වටිනාකමක් ඇති චෙක්පතක් ඔහුට පිරිනැමුවේය…

පින්තාරුකරු පුදුමයට පත් වී,
“ඔබ දැනටමත් බෝට්ටුවේ පින්තාරු කිරීම සඳහා මට මුදල් ගෙවා ඇත සර්!”
යැයි පැවසීය…

හිමිකරු පැවසුවේ,
“නමුත් මෙය තීන්ත වැඩ සඳහා නොවේ, ඔබ ඒ බෝට්ටුවේ සිදුර අලුත්වැඩියා කිරීමටයි…”

“ආ…! නමුත් එය සුළු දෙයක්.. ඇත්තෙන්ම එතරම් නොවැදගත් දෙයකට මට මෙතරම් ඉහළ මුදලක් ගෙවීමට අවශ්‍ය නෑ…”
පින්තාරුකරු පැවසීය…

“මගේ හිතවත් මිත්‍රයා, ඔබට තේරෙන්නේ නැහැ, සිදු වූ දේ මම ඔබට කියන්නම්..

ඔරුව තීන්ත ගාන්න කිව්වම මට සිදුර ගැන කියන්න අමතක වුණා, බෝට්ටුව වියළී ගිය පසු, මගේ දරුවන් බෝට්ටුව රැගෙන මාළු ඇල්ලීමට ගියා…

සිදුරක් ඇති බව ඔවුන් දැන සිටියේ නෑ… ඒ වෙලාවේ මම ගෙදර හිටියේත් නැහැ…
මම ආපසු පැමිණ ඔවුන් බෝට්ටුව රැගෙන ගොස් ඇති බව දුටු විට, බෝට්ටුවේ සිදුර මතක් වූ නිසා මා බලාපොරොත්තු සුන් වී ගියා…

ඔවුන් මසුන් ඇල්ලීමෙන් පසු නැවත එනු දුටු විට මගේ සහනය සහ සතුට ගැන ඔබ සිතා බලන්න…

ඊට පස්සේ, මම බෝට්ටුව පරීක්ෂා කළා, ඔබ සිදුර අලුත්වැඩියා කර ඇති බව සොයාගත්තා…!

දැන් පේනවා නේද ඔයා මොකක්ද කළේ කියලා…
ඔබ මගේ දරුවන්ගේ ජීවිතය බේරුවා..!
ඔබ කිවූ ” සුළු දෙයක්” උනත් එය වෙනුවෙන් ගෙවා දමන්නට මා ළඟ මුදල් මදි…”
……………………………………………..

කවුරුන් සදහාද, කවදාද, කෙසේද යන්න කුමක් වුවත්, හැමවිටම උදව් කරන්න, හයියක් වෙන්න, අවධානයෙන් සවන් දෙන්න…

ඔබට ජීවිතේ හමුවන සියලුම ‘බෝට්ටු සිදුරු’ ප්‍රවේශමෙන් අලුත්වැඩියා කරන්න…
යමෙකුට අපව අවශ්‍ය වන්නේ කවදාදැයි ඔවුන් නොදන්නවා වගේම, ඔබගේ එම සැලකිල්ල සහ කරුණාව ඔබ වෙත පුදුම සහගත ලෙස නැවත පැමිණෙන්නේ කවදාදැයි ඔබද කිසිදා නොදනී….

කෙසේනමුත්, ඔබ නොදැන ‘බෝට්ටු සිදුරු’ ගණනාවක් අලුත්වැඩියා කර දීම තුලින්, මේ වනවිටත් කිහිප දෙනෙකුගේම ජීවිත ගණනාවක් බේරගෙන තිබෙනවා ඇති…

වෙනසක් කරන්න…
හොඳම කෙනා වෙන්න…
හමුවන සියලු ‘බෝට්ටු සිදුරු’ ප්‍රවේශමෙන් අලුත්වැඩියා කරන්න….

අපේ Business HUB එක ආරම්භ කලේද හැමෝගෙම මේ “බෝට්ටු සිදුරු” අලුත් වැඩියා කර ඔවුන්ගේ ජීවිත තුළ, සමාජය තුළ ගිලී යාම වැළක්වීමටයි. ඔබගේ බෝට්ටුව අපට අලුත්වැඩියා කරන්න දෙන්න… Business HUB සමඟින් සම්බන්ධ වෙන්න.

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla