Select Page

මුහුද කියන්නේ ඉතා විශාල වතුර ප්‍රමාණයක් තියෙන තැනක් හරියට අපිත් එක්ක ඉන්න පිටස්තර පරිසරය වගේ.. ඉතා විශාල නානාප්‍රකාර දේවල් තියෙන තැනක්.. මුහුදේ තියෙන ජලය මොන මොන ආකාරයේ උවත්, කොච්චර ගැඹුරු උනත් නැවකට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. නැව තෝරා ගත්ත නිවරැදි පාරක ගමන් කරනවා..

නැවකට එහෙම ගමන් කරන්න පුලුවන් වෙන්නේ ඒ පිටතින් පිහිටි ජලය ඇතුලට නොගන්නා තාක් විතරයි.. නැවෙහි තියෙන පොඩි සිදුරකින් ජලය ඇතුලට පැමිණියහොත් මොන ලොකු නැවක් උනත් මුහුදට බිලි වෙනවා අනිවාර්යයෙන්ම.. එහෙම උනේ එලියේ තිබ්බ ජලයට ඇතුලට එන්න ඉඩ දුන්නු නිසයි..

මුහුදේ තියෙන ජලය මම ඉස්සෙල්ලා උපමා කලා පිටස්තර පරිසරයට.. ඒ වගේ තමා නැව කියන්නේ අපි නම්, අපි පිටස්තර තිබෙන්නාවූ සෘනාත්මක දේ අපේ තුලට නොගන්නාතාක් අපිට අපි තෝරා ගත් පාරේ කිසිදු ප්‍රශ්නයකින් තොරව ගමන් කරන්නට පුලුවන් වේවි..

ඔයාටත් හොද ගමනක් ජීවිතයේ යාමට අවශ්‍ය නම්, ඔයාගේ තිබෙන පුංචි පුංචි සිදුරු වලින් කිසිම සෘනාත්මක දේවල් වලට ඔයාගේ ඇතුලට එන්නට දෙන්න එපා.. මොකද ඒ දේවල් වලට පුලුවන් ඔයාව සමාජය කියන විශාල ජලය තුල ගිල්වලා දමන්නට..

ඔයා හිතලා බලන්න දැනට ඔයාගේ ඇතුලට ජලය ටික ටික එනවාද කියන එක ගැන.. ඔයත් ටික ටික ගිලෙමින්ද ඉන්නේ කියන එක ගැන.. එහෙම නම් ඒ සිදුරු වසා දමන්නට කාලය හරි.. ඔයාව සමාජය නැමති ජලය තුල ගිල්වන්නට කලින්..

ඔබ Business HUB පේජ් එකට එකතුවෙලා ඉන්නේ ව්‍යවසායකයෙක් ලෙස දියුණු වෙන්න, ආදායමක් සොයාගන්න. ඔබ පේජ් එකේ ලිපි සියල්ලම දිනපතා අවබෝධයෙන් කියවනවානම් ඔබේ ජීවිතයේ ඇති සිදුරු එකින් එක වැසෙන්නට එය රුකුලක් වේවි.

ඔබේ ජීවිතයේ ඔබ නොදන්න පුංචි සිදුරු ගැන පොඩි අදහසක් දෙන්නද?

මූලික දේ ඉංග්‍රීසි දැනුම. අද කාලේ ඉංග්‍රීසි නොදැන ජීවත් වීම අපහසුයි. Social Media භාවිතා කරනවානම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි පුරුදු වෙන්න. මේ පේජ් එකේ සමහර අය Sir (සර්) කියලා කියන්නේ Sar කියන අකුරු භාවිතා කරලා. Thank You කියන්නේ Tencyu කියලා. ඉංග්‍රීසි දන්නේ නැතිනම් ඉගෙන ගන්න. නැතිනම් අපේ තියෙන Ask Dinithi Miss – දිනිති මිස්ගෙන් අහන්න සේවාව හරහා මාසෙට රු.300ක් වගේ ගෙවලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන්.

ඊලඟ දේ හැමෝම ඔන්ලයින් ජොබ් හොයනවා. හැබැයි ෆේස්බුක් පෝස්ට් එකක See more ඔබලා විස්තර ටික කියවන්න දන්නේ නෑ. “Details Please” කියලා කමෙන්ට් කරනවා. Price දාපු පෝස්ට් එකකට “Price Please” කියලා කමෙන්ට් කරනවා. උපදෙස් තියෙන පෝස්ට් එකකට “මේක කරන්නේ කොහොමද ?” කියලා කමෙන්ට් කරනවා. අන්න ඒ වගේ අඩුපාඩු හදාගන්න පුරුදු වෙන්න. නැතිනම් ඔබටත් වෙන්නේ මේ සමාජයේ ගිලිලා මැරෙන්න…

එහෙනම් සිදුරු වසාගෙන ඔයාගේ ගමන සමාජය නැමති ජලය කපාගෙම ඉදිරියට යන්නට ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්තනා කරනවා..

අදහසේ සමහර කොටස් උපුටාගැනීම Idea Motivation ෆේස්බුක් පිටුව.

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla