Select Page

දියුණු වෙන්න ඕනද?
තමන්ගෙම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න කැමතිද?

එහෙනම් ඇයි කියලා අහන්න එපා…
මේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම ලිපි කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන්න…

පැය කිහිපයක් හෝ දින කිහිපයක් වෙන් කර පේජ් එකේ මේ පෝස්ට් එකෙන් පහළ තියෙන ලිපි සියල්ල (700+) අවබෝධයෙන් කියවා කමෙන්ට් කරන්න.

ඇයි කියලා අහන්න එපා, කියවන්න… කමෙන්ට් කරන්න… නැවත නැවතත් කියවන්න… අවබෝධ කරගන්න…

අපි මේ පේජ් එකේ ඉන්න අයගෙන් ඉල්ලන එකම දේ දිනපතා පළකරන ලිපි දිනපතා කියවලා කමෙන්ට් කරන්න කියන එක පමණයි… මොකද එවිට ඔබගේ දැනුම වර්ධනය වෙනවා, ඒ දැනුමෙන් ඔබ ව්‍යාපාර හෝ ස්වයංරැකියා ආරම්භ කරනවා. ඒ හරහා ඔබට ආදායමක් ලැබෙනවා. අපේ අරමුණ ඔබට ආදායම් උපයා දීමයි…

මොකද මේ පේජ් එකේ පෝස්ට් ඔබ තනියෙන් කියෙව්වොත් ඔබට රුපියලක්වත් වියදම් නොකර ආදායම් උපයන්න පටන් ගන්න පුළුවන්.

කමෙන්ට් සඳහා උපදෙස් :

❌ මේවා හැමෝටම වටින දේවල්
❌ Great
❌ Good Post
❌ අනර්ඝයි ❤
❌ ගොඩක් හොදයි
❌ ඇත්තටම මේ කතාව ගොඩක් වටිනවා.
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ Thanks
❌ 👍
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ අගනා නිදසුනක්
❌ උත්සාහය කැපවීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ
❌ කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එය සැමදාටම වලංගුයි.
❌ Congratulations

👆👆👆 ඉහත ආකාරයේ කමෙන්ට් යොදනවාට වඩා ඔබ එම කියවූ ලිපියේ අන්තර්ගතය ඔබ තේරුම් ගත් ආකාරය හෝ ඔබ එම ලිපිය ඔබේ දියුණුවට යොදා ගන්න ආකාරය පිළිබඳව වාක්‍ය කිහිපයක කමෙන්ට් එකක් යොදන්න. ඕනනම් ඔබට ඒ සඳහා විනාඩියක් වැයවේවි. හදිසියක් නෑ හෙමින් කරන්න. හැබැයි පේජ් එකේ පරණ පෝස්ට් කියවා කමෙන්ට් කරන ගමන්, අලුත් පෝස්ට් වලට එදිනෙදාම කමෙන්ට් කර අවසන් කරන්න. නොඑසේනම් පරණ සියල්ලටම කමෙන්ට් කරන්න දින 10ක් ගියොත් අලුත් ලිපි 100ක් පළවෙලා තියේවි.

🙋‍♂️ එතකොට මම කෙටි කමෙන්ට් යොදන්න එපාද?

නැහැ, නැහැ, ඔයාට කැමති ආකාරයට කමෙන්ට් කරන්න අවසර තියේ. කමෙන්ට් නොකර හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පෝස්ට් නොකියවා හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පේජ් එක ලයික්, ෆලෝ නොකලත් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය එකකින්වත් අපිට ලාභයක්, ආදායමක් නෑ. හැබැයි කමෙන්ට් එක ගුණාත්මකව, දීර්ඝව දාන්න කියන හේතුවක් තියේ. කැමතිනම් කරන්න. අකමැතිනම් නිකන් ඉන්න. එය ඔබේ තෝරාගැනීමක්.

🙋‍♂️ මොනවගේ කමෙන්ට්ද යොදන්න ඕන? උදාහරණ කියන්න පුළුවන්ද ?

1️⃣ සිතුවිල්ලකට කල කමෙන්ට් එකක් : මේකෙන් කියවෙන්නේ වතුර වීදුරුව ගෙනියද්දී මෙයා හිටියේම ඒ අවධානයේ . ඉතිම් ඒ වගේ තමයි . වැඩ කරනකොටත් ඒ වැඩේ අවධානමේ හිටියාම අනික් අය හිනාවෙන ඒවා, උපහාසයට විහිළු කරන ඒවත් ගණන් නොගෙන වැඩේට අවධානය දීලා ඉන්න තියෙන්නේ . එයාලා කියවලා , හිනාවෙලා එයාලටම ඇතිවෙයි. 😊😊
අපේ අවධානය තමයි වැදගත් හැමදේටම .👍

2️⃣ රැකියා පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : නියමයි …..
අපි වගේ ආබාධිත ඇවිදින්න බැරි අයට වටිනවා.
අනිත් එක බොරැ ගොඩක් කියලා හීන ගොඩක් දීලා අන්තිමේට ඇපත් නැතිව යන තැනක් නෙවෙයි කියලත් දන්නවා ….
ස්තුතියි මල්ලි ….

3️⃣ ණය ලබාදෙන පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : ඇත්තටම මේක ගොඩාක් වටිනවා . ස්වයං රැකියාවක් කරන්න අදහස් තියෙනවා, ඒවාට ඉල්ලුමකුත් තියෙනවා . ඒත් ආර්ථික මට්ටම දුර්වල නිසා ගොඩාක් දෙනාට පටන් ගන්න බැරුව ඉන්නවා . ඉතිම් මෙම ආයතනය මගින් මේ කරන මහගු දායකත්වයට අනේකවාරයක් ස්තූති වන්ත වන අතර ඔබට මෙවැනි දේ ඉදිරියටම කරගෙන යන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ස්තුතියි

4️⃣ උපදෙස් පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : මිනිස්සු මාලු ඉල්ලනවා ….එතකොට හැමදාම මාලු දෙන්න වෙනවා ඉල්ලන්නත් වෙනවා ….මෙතන තියෙන්නේ මාලු අල්ලන විදිය ඒක හරියට දැනගත්තු දාට තනියම මාලු අල්ලන්න පුළුවන් ….ඒක තේරැම් ගත්තා නං හරි…

5️⃣ ආදායම් ක්‍රම පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : දැන් හැම දෙයක්ම ආදායමක් උපයන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. අපි ඒක ගනන් නොගන්නා එකයි තියෙන ප්‍රශ්නෙ. ඉවතලන කාඩ්බෝඩ් බෝතල් හොයන්න දවසකට කී දෙනෙකු නම් එනවද ඒත් අපි ඒ දේවල් එතරම් ගනන් ගන්නෙ නෑ.
ගොඩක් දෙනෙකුට තියෙන්නේ එයින් ලැබෙන මුදල වැඩක් නෑ කියන සිතුවිල්ල. නමුත් අර ” සතෙන් සතේ එකතු කරල” කියන ඇඩ් එක වගේ පොඩි ගනන් ටික එකතු කරා නම් අවසානෙට ලොකු ගානක් පෙනෙනව.

👆👆👆👆 ඔය වගේ ගුණාත්මක කමෙන්ට් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

🙋‍♂️ පරණ කෙටි කමෙන්ට් දාපුවට මොකද වෙන්නේ? ඒවා ඉවත් කරන්නද?

එපා, එපා. කිසි කමෙන්ට් එකක් ඉවත් කරන්න එපා. පෝස්ට් ඔක්කොම ආපහු කියවගෙන යනකොට ඔබ දාපු කෙටි කමෙන්ට් තියෙනම් එය එහෙම්මම තියලා අලුත් කමෙන්ට් එකකින් හිතට ආව අලුත් අදහස කමෙන්ට් කරන්න…

🙋‍♂️ පරණ පෝස්ට් සියල්ලටම කමෙන්ට් කලාට පස්සේ මොකක්ද කරන්න ඕන?

මොනවත් කරන්න ඕන නෑ. ලැබුණ දැනුමෙන් ආදායම් උපයන්න.

“අපිට බොරු කරන්න” හිතාගෙන ඔක්කොම කියවලා ඉවරයි කියලා කමෙන්ට් කරන්න අවශ්‍ය නෑ. මොකද කමෙන්ට් සියල්ල අපි කියවනවා. ඒවා ගැන වෙන වෙනම අවධානය අපි යොමු කරලා ඔබ වෙනුවෙන් වෙනමම අපි ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරනවා. ඔබව, ඔබේ දැනුම් මට්ටම, හැකියාවන්, අවබෝධය අපි තේරුම් ගන්නේ කමෙන්ට් වලින්. කමෙන්ට් වල අන්තර්ගතයෙන්. ඒ නිසා කරන දෙයක් අවංකව කරන්න… ලැබෙන දේවල් ඔක්කොම ලැබෙන්නේ ඔබට….

🙋‍♂️ අන්තිමට මොකද වෙන්නේ?

හදිසි වෙන්න එපා… මේ පේජ් එකේ පෝස්ට් ඔක්කොම කියපු අයෙක්නම් ඔබ දන්නවා අපි විවිධ අවස්ථාවලදී ඔබව පුදුම කරවනවා කියලා. එහෙම දෙයක් ඔබටත් වෙන්න පුළුවන්.

දැනුම කියන දේ කිසි දිනක අපතේ යන දෙයක් නෙමේ…
ඔබට ඕන දියුණු වෙන්නනම් අපේ උපදෙස් පිළිපදින්න…
ඔබට ඕන නිදාගෙන ඉන්නකොට සල්ලි එන්නනම් ඒකට ගැලපෙන තැනකට යන්න….
ඇහැරගෙන ඉන්නකොට පෝස්ට් කියවන්න…
එතකොට නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබේවි…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #competition