Select Page

දවසක් පුංචි ළමයෙක් එයාගෙ තාත්තාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා…

” තාත්තේ කොහොමද අලියෙක්ව කන්නේ..?
How to eat an Elephant..?

තාත්තා ඊට දුන්න උත්තරේ මොකක් වෙන්න ඇති කියලද ඔබ හිතන්නෙ…?

“one bite at a time..”
වරකට එක කෑල්ල බැගින් ටික ටික..

ඔබට එකපාරටම හිතෙන්න පුළුවන්, පුංචි දරුවෙකුට අලියෙක්ව මරාගෙන කන විදිය තාත්තා කෙනෙක් කියලා දෙන එක හොඳද කියලා. නැහැ මේක එහෙම කතාවක් නෙවෙයි…

අපි එක තත්පරයකට අපේ ජීවිතේ අලියෙකුට සමාන කරමු. එහෙම සමාන කළොත් අත කකුල, හොඬවැල, නැට්ට, ඇස් දෙක, වගේ ඒ අලියගෙ කොටස් තමයි අපේ ජීවිතේ අරමුණු…

මහා විශාල අලියෙක්ව එක කටකට ගන්න බැහැ වගේ තමයි, ජීවිතේ හැම අරමුණක්ම, ඉලක්කයක්ම දොඩම් ගොඩ බදා ගත්තා වගේ අල්ලන්න බැහැ. එහෙම වුණොත් අපිට එක දෙයක් වත් කරන්න ලැබෙන්නේ නෑ…

අපි හැමෝටම ඕනේ ඉක්මනින් සල්ලි හොයන්න, ඉක්මනින් දියුණු වෙන්න, ඉක්මනින්ම අපේ අරමුණ ඉෂ්ට කරගන්න..
ඒ හදිස්සියේ කිසිම වැරැද්දක් නැහැ, හැබැයි අර පරණ කියමනක් තියෙනවානේ “ඉක්මන් කොටයි” කියලා…

තමන්ගේ ජීවිතේ පියවරෙන් පියවරට ඉදිරියට යන එක තමයි Goal (අරමුණක්) එකක් achieve කරන්න හිතන පුද්ගලයෙක් කරන්න ඕන දේ වෙන්නේ..

එක අරමුණක් ඉටු වුණාම තව එකකට මහන්සි වෙනවා.. ඊට පස්සේ ඊලඟ එක.. ඒකෙන් පස්සෙ ඊලඟ එක.. එතනින් තවත් එකක්.. තවත්.. තව එකක්.. තවත් එකක්.. තව තවත්….

ඔබට ශක්තිමත් බිත්තියක් අවශ්‍ය නම් ඒ බිත්තියට ගල් ඕන වෙනවා. හැබැයි ඒ ගල් සේරම හිතෙන හිතෙන විදියට පෙළ ගස්සන්න ගියොත් ඔබට කවදාවත් ශක්තිමත් ලස්සන බිත්තියක් හදන්න හම්බ වෙන්නෙ නැහැ.
ඉතින් අන්න ඒ නිසා එක පාරට ලොකුම goal එකට යන්නේ නැතුව පුංචි පුංචි ඉලක්ක වලට යන්න. එහෙම පුංචි පුංචි ඉලක්කවලට යන එකේ වාසියක් තියෙනවා

අංක එක 👉
ඔබ කාලා ඉවර කරන්න හදන්නේ මහා විශාල අලියෙක්ව.

අංක දෙක 👉
ඔබ දන්නවා ඒ අලියාව කන්න ඕනේ පොඩ්ඩ පොඩ්ඩ කියලා.. කොටසින් කොටස කියලා..

ඉතින් අද දවස ඔබේ ඉලක්කයට Focus කරන්න හොඳම දවසක්. ලොකු ලොකු හීන ටික ටික හැබෑ කරගන්නේ අන්න එහෙමයි. මෙච්චර කාලයකට ඔබට කන්න අලියෙක් හිටියේ නැත්නම් අදම අලියෙක් හොයාගන්න..

හැබැයි.. මතකනේ…?

” One Bite At A Time..”

Business HUB සමඟින් එකතුවෙලා ඉන්න ඔබටත් අපි පියවරෙන් පියවර දියුණු වෙන්න මග පෙන්වනවා. ඒ හරි මග ගිහින් ඔබේ සිහින වලට යන එක ඔබ සතු කාර්යයක්.

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla