එක් තරුණයෙක් ඉතාමත්ම ප්‍රසිද්ධ සමාගමක වැදගත් තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කලේය. ඔහු මූලික සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ අතර අවසාන සම්මුඛ පරීක්ෂණය සඳහා අධ්යක්ෂවරයා ගෙන් කැදවීමක් ලැබින. අධ්යක්ෂවරයා ඔහුගේ ජීව දත්ත පත්‍රය දැක, එය විශිෂ්ට බැව් පවසා ඔහුගෙන් ඇසුවේ’
“ඔබට අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී තිබේද?” තරුණයා පිළිතුරු දුන්නේ “නැහැ” කියාය.
‘ඔයාගේ ඉගෙනුම වෙනුවෙන් වියදම් කළේ තාත්තාද? ” ඔව්.’ ඔහු පිළිතුරු දුනි.
‘ඔයාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ? ‘ ‘මගේ තාත්තා කම්මල්කරුවෙක්.
අධ්යක්ෂවරයා තරුණයාට ඔහුගේ අත පෙන්වන ලෙස පවසනලදි.
තරුණයා ඔහුගේ මෘදු හා පරිපූර්ණ අත් යුගලය අධ්යක්ෂවරයාට පෙන්වීය.
‘ඔබ කවදා හෝ ඔබේ දෙමාපියන්ට ඔවුන්ගේ රැකියාවට උදව් කර තිබේද? ‘
‘කවදාවත් නෑ , මගේ දෙමාපියන් කිසිවිටෙකත් කැමති වුණේ නැහැ ඒවා කරනවට , ඔවුන්ට ඕනෑ උනේ මම වැඩිපුර පොත්පත් කියවන්නට ඉගෙන ගන්නට විතරක් කාලය ගතකරනවා දකින්නට . අනික තාත්තාට මට වඩා හොඳට ඒ වැඩේ කරන්න පුළුවන්.
අධ්යක්ෂවරයා මෙසේ පැවසීය.
‘මට ඔබෙන් කරන්න ඉල්ලීමක් තියෙනවා: ඔබ අද ගෙදර ගිහින් , ඔබේ පියාගේ අත සෝදන්න, හෙට උදේ ආයෙත් මාව බලන්න එන්න.’
තරුණයාට හැඟුණේ රැකියාව ලැබීමට ඇති අවස්ථාව ඉතා ඉහළ බවයි.
ආපසු තම නිවසට පැමිණි ඔහු තම පියාගෙන් ඇසුවේ ඔහුට අත සෝදන්නට ඉඩ දෙනවාද ? කියාය.
ඔහුගේ පියා අමුත්තක්, සතුටක්, මුසු මිශ්‍ර හැඟීමක් ඇතිව තම දෑත් පුතාට පෙන්වීය. තරුණයා ටිකෙන් ටික තම පියාගේ අත් සෝදන්නට ගත්තේය. තම පියාගේ දෑත් රැලි වැටී ඇති බවත්, ඒවායේ මෙතරම් කැළැල් ඇති බවත් ඔහු දුටු පළමු අවස්ථාව එයයි. සමහර තැලීම් කොතරම් වේදනාකාරීද යත් ඔහු ඒවා ස්පර්ශ කරන විට ඔහුගේ සම වෙව්ලන්නට විය.
තම අධ්‍යයන කටයුතු සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් දිනපතා වැඩ කරන්නේ මෙම අත් යුගලය නේදැයි තරුණයා හඳුනා ගත් පළමු අවස්ථාව මෙය විය. අත්වල තැළීම් ඔහුගේ අධ්‍යාපනය, පාසල් කටයුතු සහ අනාගතය වෙනුවෙන් පියා ගෙවූ මිලයි.
තම පියාගේ දෑත් පිරිසිදු කිරීමෙන් පසු තරුණයා නිශ්ශබ්දව සිට ඔහුගේ වැඩ බිම පිළිවෙලට සැකසීමට හා පිරිසිදු කිරීමට පටන් ගත්තේය. එදා රෑ තාත්තයි පුතයි බොහෝ වේලාවක් හුගක් දේ කතා කළා.
පසුදා උදෑසන තරුණයා අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට ගියේය.තරුණයා දුටු
අධ්‍යක්ෂකවරයා තරුණයාගෙන් විමසූවේ ඔබ පැවරුම කලාද ? යන්නයි එවිට ඔහුගේ දෙනෙතේ කඳුළුපිරුනි.
‘ඔබට කියන්න පුළුවන්ද ඔබ ඊයේ ඔබේ නිවසේදී ඔබ කළ දේ සහ ඔබ ඉගෙන ගත් දේ?’
තරුණයා පිළිතුරු දුන්නේ: ‘මම මගේ පියාගේ අත් සෝදා, අවසන ඔහුගේ වැඩබිමත් පිරිසිදු කලා.’
‘මගේ දෙමව්පියෝ නැත්නම් අද මට මේ වගේ වෙන්න බැහැ ඔවුන්ගේ කැප කිරීම මොකක්ද කියලා මම දැන් දන්නවා. මගේ පියාට උදව් කිරීමෙන් මට දැන් තේරෙනවා මගේම දෙයක් කිරීම කොතරම් දුෂ්කරද සහ අපහසුද කියලා. මගේ පවුලට උපකාර කිරීමේ වැදගත්කම සහ වටිනාකම මම වටහා ගත්තා .
අධ්යක්ෂවරයා පැවසුවේ, “මගේ සේවකයිගෙන් මම සොයන්නේ මෙයයි. මට අවශ්‍ය වන්නේ අන් අයගේ උපකාරය අගය කළ හැකි කෙනෙකු, දේවල් ඉටු කිරීමේදී අන් අය විඳින දුෂ්කරතා හදුනාගත හැකි පුද්ගලයෙකු සහ සියල්ල මුදල් නොවන බව වටහා ගන්නා පුද්ගලයෙකු බඳවා ගැනීමටයි .
‘ඔබට රැකියාව ලැබෙනු ඇති”
තමාට අවශ්‍ය සෑම දෙයක්ම ලගටම කරලා දෙමින්, ආරක්ෂා කරන දරුවා “හැම දේකටම මට අයිතියක් ඇත” යන මානසිකත්වය වර්ධනය කර ගන්නා අතර දෙමාපියන්, පවුලේ අය සහ මිතුරන්ගේ කැපවීම නොසලකා හරිමින් සෑම විටම තමාට හෝ තමාගේ මතයටම මුල් තැන දෙයි. අප මෙවැනි ආරක්ෂක දෙමව්පියෝ නම් ඇත්තටම අපි ආදරය කරනවාද නැත්නම් අපේ දරුවන් විනාශ කරන්න උදව් කරනවාද?
ඔබට ඔබේ දරුවා වෙනුවෙන් නිවසක වෙනම කාමරයක්, ඔබට හැකි හොඳම ආහාර වේලක් , අමාරුවෙන් හරි පරිගණකයක්, ටැබ්ලටයක්, ජංගම දුරකථනයක් සපයා දෙන්න පුළුවන් , වගේම ඔබ ගෙබිම සෝදන විට හෝ බිත්තියක තීන්ත ආලේප කරන විට දරුවන් ඒ කාර්යයන් ද අත්විඳිය යුතුය.
ආහාර ගැනීමෙන් පසු, සහෝදර සහෝදරියන් සමඟ පිඟන් සෝදන්න, රෙදි සෝදන්න හෝ ඔබ සමඟ උයන්න, වල් පැලෑටි උගුලන්න හෝ තණකොළ කපන්න ඔවුන්වද එකතුකරගන්න. ඔබට තනිවම මෙය කල නොහැකි නිසා ඔබ ඔවුන්ව සහයට ගන්නවා නොව. ඔබ මෙය කරන්නේ ඔවුන්ට ආදරය කරන නිසා සහ ඔවුන් ජීවිතය පිළිබඳ යම් යම් දේ තේරුම් ගැනීමට අවශ්‍ය නිසාය.
රැකියාවක් නිවැරදිව කිරීමට ගතයුතු උත්සාහය දරුවන් ඉගෙන ගත යුතුය. සාර්ථක වීමට මිනිසුන් ජය ගත යුතු ජීවිතයේ දුෂ්කරතා ඔවුන් අත්විඳිය යුතු අතර සාර්ථක වීමට නොහැකි වන්නේ කුමන තත්වයන් නිසාදැයි ඔවුන් ඉගෙන ගත යුතුය.බිදවැටීම් වල අත්දැකීම් ඔවුන් ගතයුතුය.
දරුවන් අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සහ සෙල්ලම් කිරීමට ඉගෙන ගත යුතු අතර ඔවුන් සැමවිටම ජයග්‍රහණය නොකරන නමුත් ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීමට සෑම විටම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුබව අත්දැකිය යුතුවෙයි. එහිදී ඔවුන් , තම උපරිමය කර ඇත්නම්, ඔවුන් දරන සියලු උත්සාහයන් ගැන ඔවුන්ටම ආඩම්බර විය හැකිය.
ජීවිතය ඉදිරියට රැගෙන යාමට අත්දැකීම් ලැබීම සහ එකිනෙකාට සේවය කිරීම වැනි ගුණාංග වර්ධනය කරගත යුතු අතර මෙම ගුණාංග ඉගැන්වීම සදහා නිවසින් ගතහැකි ආරම්භය හුගක් ඉහළ තැනක් ගනු ඇත.
අපි මහන්සි වෙලා Business HUB පේජ් එකේ ලියන පෝස්ට්/ලිපි සල්ලි, තෑගි, දීමනා ලැබෙනවට නෙමේ එහි අන්තර්ගතය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න… අපගේ කැපවීම මහන්සිය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න. පුංචිම පුංචි ලයික් එකක්, කමෙන්ට් එකක් ඔබගේ ජීවිතය වෙනස් කරන්නේ නැහැ. නමුත් අපේ ජීවිතය වෙනස් කරාවි.
දිනකට පැය 18ක් තම ආයතනයේ සාමාජිකයින් වෙනුවෙන් වෙහෙසෙන නායකයකු ඔබට කවදවත් නොලැබෙනු ඇත.
සමහර අවස්ථා වලදී කුසට අහරක් නැතිව, දෑතට විවේකයක් නැතිව, දෑසට වේදනා දෙමින් නිදි මරමින් වෙහෙසෙන්නේ ඔබට රුපියලක් හෝ හම්බකර දෙන්නටය. ඔබව වැටෙන්නට නොදී නැගිටින්නට සහයක් වෙන්නට…
මේ අවස්ථාවේ වුවද මා අසනීපෙන් සිටියදී එය නොතකා, විවේක ගැනීමකින් තොරව ඔබ වෙනුවෙන් ලිපි පළකරන්නේ එකදු දවසක් හෝ නාස්ති නොකර ඔබව දියුණුව කරා යෑමට මග පෙන්වීමක් අවශ්‍ය නිසාය. ඔබේ ලයික්, කමෙන්ට් වලින් අපට ලාභයක් නොමැත. නමුත් අවබෝධයෙන් කියවීම තුළින් ඔබේ ජීවිතය අනිවාර්යයෙන් වෙනස් වේවි.
එම කැපවීම අගය කරන්න උත්සාහ කරන්න…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. කතෲ අවිනිශ්චිතයි. උපුටාගැනීම් වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla