මේ ලිපිය අපි ලියන්නේ කවදා හරි සාර්ථක වෙන්න ඕනේ, ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ වගේ සරල අදහසකින් ඉන්න අයට නෙමේ. මේ ලිපිය අපි ලියන්නේ, සාර්ථක වෙන්න දැඩි උවමනාවක් තියෙන, ඒ වෙනුවෙන් වෙහෙසන, කොහොම හරි , මොනවා හරි කරලා සාර්ථක වෙන්න ඕනේමයි කියලා හිතන, ඒත් කොච්චර උත්සාහ කලත්, මහන්සි වුනත් තාම මොකක් හරි හේතුවක් නිසා තමන් බලාපොරොත්තු වෙන තැනට , බලාපොරොත්තු වුන ආකාරයෙන් යන්න බැරි වුන අය වෙනුවෙන්.
ඔබත් එහෙම කෙනෙක්නම්, ඔබට දක්ෂතාවය තිබුනට, ඒ වෙනුවෙන් මහන්සි වුනාට , විවිද දේවල් උත්සාහ කලාට, සාර්ථකත්වය ගැන, පොත් පත් කියවමින්, දේෂණ , පුහුණු වැඩසටහන් වලට සහබාගී වෙමින් ඉදිරියට යන්න උත්සාහ කලාට තවමත් තමන්ට අවශ්‍ය ජීවිතය ලගා කරගන්න බැරි වුනානම්. මේ ලිපියේ අකුරක් නෑර හොද අවදානයකින් යුතුව, අනිත් වැඩ මිනිත්තු කීපයකට නවත්තලා කියවන්න. මොකද මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ 99% සාර්ථකත්වය ගැන ඔබට උගන්වන පොත්පත් වල සදහන් නොවුන, සාර්ථකත්වය ගැන උගන්වන දේශකවරුන්ගෙන් 99%ක් ඔබට නොකියන, සාර්ථකත්වයේ ප්‍රබලම , වටිනාම පාඩම ගැන.
මේ පාඩම කොතරම් වටිනවාද යන්න මම ඔබට කියන්න යන්නේ නෑ, මම ඔබට කියන්නේ ඔබ මේ පාඩම දන්නේ නැත්නම් ඔබ කොතරම් උත්සහවන්ත වුනත්, කොතරම් ධෛර්යයවන්ත වුනත්, කොතරම් කැපවීමකින් සාර්ථක වෙන්න උත්සාහ කලත්, ඔබට එකම තැන කැරකි කැරකි ඉන්න සිදුවෙනවා මිස ඔබ හිතන සාර්ථක ජීවිතයට ලගා වෙන්නනම් ලැබෙන්නේ නෑ කියන දේ විතරයි. එයින් ඔබට මේ කරුණ කොතරම් වැදගත් වනු ඇත්ද යන්න වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
ලෝකයේ බොහෝ දෙනෙක් සාර්ථකත්වය යන්න දකින්නේ, දක්ෂතාවයට, උනන්දුවට, කැපවීමට හා උත්සාහය වගේ සාදක වලට සාපේක්ෂව. මේ නිසා බොහෝ දෙනෙක් හිතන්නේ කෙනෙක් තුල සාර්ථක වීම වෙනුවෙන් උනන්දුවක් තිබෙනවානම්, කැපවීමක්, උත්සාහයක් තියෙනවාම්, ඒ වගේම දක්ෂතාවයක් තිබෙනවානම් ඔහුට හෝ ඇයට සාර්ථක වෙන්න පුලුවන් කියලා. නමුත් මම ඔබට කියන්නේ ඒ දේ ඇත්ත නෙමේ කියලා. අන්න ඒ නිසයි මම ඔබට කීවේ 99% දෙනා ඔබට මේ දේ කියන්නේ නෑ කියලා.
ඇත්තටම ඔබට සාර්ථක වෙන්න මේ මුකුත් ඕනේ නෑ. අන්න ඒ නිසා තමයි, ඔබ මෙන්න මේ දේවල් මත තමයි තමන්ට සාර්ථක වෙන්න පුලුවන් වෙන්නේ කියලා හිතන තාක් කල් ඔබට සැබෑ ජීවිතයේදී සාර්ථක වෙන්න බැරි වෙනවා කියලා මම සදහන් කලේ!
එහෙනම් ඇත්තටම සාර්ථක වෙන්න මොනවද ඕනේ? ඒ දේ කියන්න කලින් මෙන්න මේ දේ වටහා ගන්න, මම නිශ්චිතවම දන්නවා , ඔබ කාලයක් තිස්සේ උනන්දුවක් තිබෙනවානම්, කැපවීමක්, උත්සාහයක් තියෙනවාම්, දක්ෂතාවයක් තිබෙනවානම් මිනිසෙක්ට සාර්ථක වෙන්න පුලුවන් කියන දේ විශ්වාස කල කෙනෙක් බව. ඒ වගේම මම ඒ දේවල් සාර්ථක වෙන්න ඕනේ නෑ කියලා එක පාරටම කියූ පමණින් ඔබට විශ්වාස කරන්න බැරි බව.. අන්න ඒ නිසා පහත තියෙන සාදක ගැන පොඩ්ඩක් ඔබේ අවදානය යොමු කරන්න.
ඔබ Google සෙවුම් ජාලයට ගිහින් onement vi by barnett newman ලෙස Search කරන්න. එවිට ඔබට ලැබේවි නිල් පැහැති පසුබිමක සුදු පැහැති ඉරක් පමනක් ඇදි සිතුවමක්. එය සරලවම මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඇදිය හැකිාකාරයේ දෙයක් බව ඔබට එය දෙස බැලූ බැල්මටම පෙනේවි. නමුත් ඔබ දන්නවාද එය 2013 වසරේදී ඇ.ඩො. මිලියන 44කට අලෙවි වූ බව. ඒ කියන්නේ රුපියල් වලින් නම් ලක්ෂ 78600කටත් අධික මුදලක්.
දැන් ඔබ නිකමට හිතලා බලන්න මීට වඩා අලංකාර, සාමාන්‍ය පුද්ගලයෙක්ට සිතුවම් කරන්න තියා සිතන්නවත් බැරි තරම් සියුම්ව ඇදපු සිතුවම් කොයි තරම් ප්‍රමාණයක් මේ ලංකාව ඇතුලේ විතරක් රු 30000 -40000ක්වගේ සුලු මුදලකටවත් විකුන ගන්න බැරුව තියෙනවාද? ඇයි ඉතා සරල චිත්‍රයක් මිලියන ගනනකට විකිනෙද්දී ඊට වඩා දහස් වාරයක් අලංකාර චිත්‍ර විකිනෙන්නේ නැත්තේ?
ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න,
ලංකාවේ ඔබට වට්ටක්කා ගෙඩියක් අවශ්‍ය වුනාම, ඔබ එය වගා කරන්නේ නැත්නම් නොමිලේ ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. එසේ ලැබෙනවානම් ලැබෙන්න තියෙන්නේ ඉතාම සුලු ඉඩකඩක් පමණයි. නමුත් ඔබ මේ ලංකාවේ කොහේ ගියත්, ඕනෑම තැනකින් ඔබට වතුර ටිකක් බොන්න නොමිලේ ඉල්ලගෙන බොන්න පුලුවන්. එහෙම ලංකාවේ බොහෝ වෙලාවට වට්ටක්කා ගෙඩියක් මිලට ගන්න මුදලට බොහෝ සමාන මිලකට වතුර බෝතල් අලෙවි වෙනවා. ඒ වගේම වතුර අලෙවියෙන් අති විශාල ආදායම් එම නිශ්පාදකයින් ලබා ගන්නවා. නමුත් ඊට වඩා වෙහෙස මහන්සි වෙන, වට්ටක්කා ගොවියාට කවදාවත් එවැනි ආදායම් ලබන්න ලැබෙන්නේ නෑ.
ඇයි මෙහෙම වෙන්නේ? නොමිලේ ගන්න පුලුවන් දේ අලෙවි කරලා මිලියන ගනන් උපයන්නත් එහෙම ගන්න බැරි දේ විකුනලා එතරම් ආදායම් ලබන්න බැරි වෙන්නත් හේතුව කුමක්ද?
ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න,
ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ද, වැඩිම අලෙවි වාර්ථා පිහිටුවන ගායක ගායිකාවන්, මේ ලෝකයේ ලස්සනම ගීත ගායනා කල , දක්ෂම අය නෙමෙයි, නමුත් ඔවුන්ට වඩා දක්ෂ මිනිසුන් සිටියදී ඔවුන් ඒ දක්ෂ මිනිසුන් පසුකර ගිහින් විශාල සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. ඇයි එහෙම වෙන්නේ?
ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න,
ඔබට හිතෙන්නේ නැද්ද මේ ක්‍රමය තුල ඔබට අහු වුන නැති මොකක් හරි දෙයක් තියෙනවා කියලා?
ඇත්තටම එහෙම දෙයක් තියෙනවා, අන්න ඒ දේ තමයි ඔබේ සාර්ථකත්වයේත් අසාර්ථකත්වයේත් වෙනස ඇති කරන්නේ. අන්න ඒ දේ තමයි ඔබ කොතරම් මහන්සි වුනත්, කොතරම් කැපවීමෙන් වැඩ කලත් හිතන තරම් සාර්ථක නොවෙන්නට හේතුව වෙන්නේ.
සාර්ථකත්වය වෙත ගමන් කිරීම කියන්නේ වෙනමම විශයක්, එය මහන්සිය, උනන්දුව, කැපවීම වගේ දේවල් මත ගොඩනැගෙන්නක් නෙමේ. මේ දේවල් සාර්ථකත්වයට උදව්වක් වන බව සැබෑව, නමුත් ඒ මත සාර්ථකත්වය ගොඩනැගීම සිදුවෙනවා කියන්නේ සත්‍යයක් නෙමේ. ඔබ සාර්ථක වෙනවාද නැද්ද කියන දේ ඇත්තටම් තීරණය වෙන්නේ, ඔබ කොතරම් දුරට සාර්ථක වීම කියන විශය තුල දක්ෂයෙක්ද යන්න මත පමණයි.
බිල් ගේට්ස් කියන්නේ පරිගනක තාක්ෂණය ගැන දක්ෂයෙක් නෙමේ. ඔහුට වඩා දක්ෂ මිනිසුන් ඔහු යටතේ වැඩ කරනවා, ඔහු කරන්නේ තමන් සතු නොවන ඒ දැනුම භාවිතා කරලා තමන්ව සාර්ථකත්වය කරා මෙහෙයවීම.
ඇන්ඩෘ කානිගී කියන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් ජීවත් වූ විශාල ධනවතුන්ගෙන් මෙන්ම සාර්ථකම මිනිසුන්ගෙන් එක් අයෙක්, ඔහුව ලෝකයේ මිනිසුන් හැදින්වූවේ වානේ රජු කියලා, මොකද ඔහු වානේ කර්මාන්තයෙන් කෝටි ගනනින් මුදල් ඉපයූවා. නමුත් ඔහු වානේ පිලිබද තමන් ලග වැඩකරන කම්කරුවෙක් තරම්වත් දැනගෙන හිටියේ නෑ. නමුත් ඔහු තමන් සතු නොවන දැනුම පවා සාර්ථකත්වය බවට පරිවර්ථනය කලා.
Barnett Newman ගේ චිත්‍රය සම්බන්දයෙනුත් තියෙන රහස එයම තමයි, එය සරල චිත්‍රයක් වුනාට, එය ඕනෑම කෙනෙක්ට අදින්න පුලුවන් වුනාට, එහි අලෙවිකරුවන් ඒ සරල නිර්මාණය ඩොලර් මිලියන ගනනක සාර්ථකත්වයක් කරා මෙහෙයවන්න දැනගෙන හිටියා.
අනිත් චිත්‍ර ඒ වගේ මිලකට අලෙවි වන්නේ එම චිත්‍ර නිර්මාණය කරන ශිල්පීන් චිත්‍ර ඇදීමට දක්ෂ වුනාට, මහන්සි වෙන්න දක්ෂ වුනාට, තම හැකියාව සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගන්න ඔවුන් දන්නේ නෑ. එච්චරයි වෙනස.
ඔබේ ජීවිතය තුලත් තියෙන ගැටලුව මෙයම තමයි, ඔබ ඇතැම් විට අති දක්ෂයෙක් වෙන්න පුලුවන්, ඔබේ ආයතනයේ සිටින හොදම සේවකයා වෙන්න පුලුවන්, සුවිශේෂී හැකියාවන්ගෙන් පිරුන කෙනෙක් වෙන්න පුලුවන්, ඉතා ඉහල කැපවීමකින්, මහන්සියකින් වැඩකරන්න හැකි, එසේ සිදුකරන කෙනෙක් වෙන්න පුලුවන්, නමුත් මේ සියල්ල තිබුනත් ඔබ සාර්ථක වීම කියන විශය තුල දක්ෂයෙක් නෙමේනම් , ඔබ සතුව මොන දේ තිබුනත් එය තුලින් ඔබ බලාපොරොත්තු වන සාර්ථක ජීවිතය ගොඩනගා ගැනීම ඔබට කල හැකි වන්නේ නෑ.
වරක් ලෝකයේ අංක එක මට්ටමේ මූල්‍ය උපදේෂකවරයෙක් වන රොබට් ටී කියොසාකි, තමන්ගේන් උපදෙස් ලබා ගැනීමට පිරිස හමුවේ මෙවැනි ප්‍රශ්ණයක් අසනු ලැබුවා.
” මෙතන ඉන්න කී දෙනෙක්ට මැක්ඩොනල්ඩ් එකට වඩා හොදට බර්ගර් හදන්න පුලුවන්ද? ”
පැමිනි සිටි සියලු දෙනාම වගේ අත ඔසවලා තමන්ට එය කල හැකි බවට පිලිතුරු ලබා දුන්නා.
එය දෙස බලා සිටි රොබට් මීලගට ඔවුන්ගෙන් ඇසුවා,
” එහෙනම් ඇයි , මැක්ඩොනල්ඩ් එක ඔයාලට වඩා වැඩියෙන් මුදල් උපයන්නේ? ”
පිලිතුර සරලයි හැමෝම මැක්ඩොනල්ඩ් එකට වඩා බර්ගර් හදන්න දැනගෙන හිටියට, ඒ හැකියාව තුලින් සාර්ථක වෙන්න ඔවුන් දන්නේ නෑ.
99% දෙනා සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නවා කියලා කරන්නේ මනස අභිප්‍රේරණය කරගැනීම, තව තවත් උත්සාහවන්ත වෙන්න, කැපවෙන්න, මහන්සි වෙන්න මනස සකස් කරගන්න එක. තමන්ගේ සිතේ ඇතිවන සාර්ථකත්වය පිලිබද බලාපොරොත්තුව ප්‍රායෝගික ජීවිතය තුල සැබෑවක් කරගන්න අවශ්‍ය ක්‍රියා පිලිවෙල ගැන, එහෙමත් නැත්නම් සාර්ථකත්වය කියන විශය ගැන ඉගෙන ගන්නේ ඉතා සීමිත පිරිසක් පමණයි. මෙන්න මේ නිසයි බොහෝ දෙනෙක් සාර්ථක වෙන්න උත්සාහකරනවා පෙනුනට, වෙහෙසෙනවා පෙනුනට , ප්‍රතිඵල ලගා කරගන්නවා නොපෙනෙන්නේ!
ඔබටත් හීන දැක දැක , මහන්සි වෙවී හැම දාම එකම තැන ඉන්නවා වෙනුවට, සාර්ථකත්වය කවදා හෝ ලගා කරගන්න අපේක්ෂා කරන බලාපොරොත්තුවක් පමණක් කරගෙන ජීවත් වෙනවා වෙනුවට සැබෑවටම අත්විදිය හැකි ප්‍රායෝගික සාර්ථකත්වයක් ලගා කරගන්න අවශ්‍යනම් ඔබ කල යුතු එකම දේ වෙන්නේ ” සාර්ථකත වීම ” කියන විශය නිවරැදිව ඉගෙන ගන්න පටන් ගැනීම පමණයි.
එය ඉගෙන ගන්න පටන් ගත්තාම ඔබට වැටහේවී, සාර්ථකත්වය වෙත සැබෑවටම ගමන් කිරීමට ඇත්තේ ඔබ සිතනවාට වඩා බොහෝ සෙයින් වෙනස් මාර්ගයක් බව. ඒ වගේම එය ඔබ දන්නවානම් මෙච්චර වතුර තියෙන , නොමිලේ වතුර බොන්න පුලුවන් රටේ වතුර විකුනලා මිලියන ගනන් උපයන්න පුලුවන් වගේ, ඕන තැනක ඕනෑම දෙයක් හරහා සාර්ථක වෙන්න පුලුවන් හැකියාවක් ඔබ තුල නිර්මාණය වන්නට නිසකවම පටන් ගනීවි.
උපුටාගැනීමකි. කතෲ අවිනිශ්චිතයි. අයිතිය කතෘ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla