සමාජයේ ඉන්න මිනිස්සු හැමෝම වගේ සාර්තකත්වයට යන්න ආසා කරනවා නමුත් එයින් ඉතා පොඩි පිරිසක් විතරක් සාර්තකත්වයට යන මාර්ගය තෝරා ගන්නවා.. නමුත් එතනිනුත් ඉතා කුඩා පිරිසක් තමා ඉවසීමෙන් තමන්ගේ ඉලක්ක වලට යන්නේ.. මොකද සාර්තකත්‍යට යන්න තියෙන්නේ ඉතාම සෙමින් යන ගමනක්…
අනෙක් දේ තමා ගොඩක් මිනිස්සු කැමති නෑ බිංදුවෙන් පටන් ගන්න.. නමුත් මොන තරම් විශාල දෙයක් වුණත් පටන් ගන්නේ බිංදුවෙන්.. අලුත් බැංකු ගිණුමක් පටන් ගන්නේ බිංදුවෙන්.. අලුත් සාමාජ ජාලා පිටුවක් පටන් ගන්නේ බිංදුවෙන්..අද සාර්තක වෙච්ච හැම දෙයක්ම පටන් ගන්නේ බිංදුවෙන්…
ගොඩක් මිනිස්සු තමන්ගේ ඉලක්ක වලට යන ගමනෙන් ඉවත් වෙන්නේ මේ වගේ හේතු නිසා.. ඔවුන් සාර්තකත්වය ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.. පොඩි උදාහරණයකට ගත්තොත් විභාගයකට පාඩම් කරන ළමයෙක්, එතන තියෙන්නේ ඉතා සෙමින් ඉවසීමෙන් යා යුතු ගමනක්.. එක දවසක් පාඩම් කලා කියලා ඒ කරුණු මතක හිටින එකක් නෑ.. දිගින් දිගටම කරද්දී තමා විශය කරුණු මතකයේ හිටින්න පටන් ගන්නෙත් එතනින් පස්සේ ඔබේ ඉලක්ක වලට යන ගමන් ටිකෙන් ටික වේගවත් වෙනවා…
මේ දවස් වල ගොඩක් තරුණ පිරිස සමාජ ජාල වලට එනවා, නමුත් ඒ එන පිරිසෙන් ඉලක්ක වලට යන්නෙ ඉතා අඩු පිරිසක්.. මොකද මුල් කාලයේ තියෙන්නේ ඉතාම පහල වේගයක්.. මිනිස්සු ගොඩක් ඒ අලුත් සමාජ ජාල පිටුත් එක්ක එකතු වෙන්නේ නෑ.. ඒ නිසා වැඩේ අත ඇරලා දානවා…
නමුත් මතක තියා ගන්න අපිට අමාරු බිංදුවේ(0) ඉදලා එකට(1) යන එකයි.. එකේ(1) ඉදලා දහයට(10) යන එක ලෙසියි.. මුල් ටික තමා අමාරුම.. ඒ ටික තමා ඉවසීමෙන් අල්ලන් ඉන්න ඕනේ.. පස්සේ ඔයාගේ ඉලක්කයට යන ගමන වේගවත් වේවි..
නමුත් මේකේ කිසි වර්ධනයක් නෑ කියලා වැඩේ අත ඇරලා දැම්මොත් කිසි දෙයක් ලැබෙන්නේ නෑ.. ඉතුරු වෙන්නේ අසාර්තකත්වය විතරයි.. .
ඒ නිසා මතක තියා ගන්න.. සාර්ථකත්වය කියන්නේ සෙමින් යායුතු ගමනක්, ඉවසීමෙන් යා යායුතු ගමනක්.. උත්සාහය අත ඇරලා දැම්මා කියලා ඔබේ ගමන වේගවත් වෙන්නේ නෑ.. ඔබ හෙමින් හෙමින් ගිය ගමනත් නැති වෙන එකයි වෙන්නේ…
0 ඉඳන් පටන් ගන්න කැමතිනම්, දියුණු වෙන්න කැමතිනම් අදම බිස්නස් හබ් පේජ් එකේ ලිපි කියවන්න ආරම්භ කරන්න…
උපුටාගැනීම Idea Motivation Page. අයිතිය කතෘ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla