ලෝකයේ පළමු සහ එකම දෑත් අහිමි ගුවන් නියමුවරිය
ඇත්තටම මගේ කකුල් තමයි මගේ අත්…….
ගුවන් යානා පියාසර කිරීමට සිහිනයෙන්වත් හිතුවේ නැහැ……
කුඩා අහිමි වීමකදී අප කෙතරම් අපගේ සිත රිදවා ගන්නවාද? යමක් අසාර්ථක වූ විට පවා බොහෝදෙනා සිදුකරන්නේ අධෛර්යවත් වීම හෝ අවට සිටින්නන්ට ෙදාස් පැවරීමයි. අහිමිවීම්, අසාර්ථකවීම් දරාගත නොහැකිව ජීවිතයෙන් වන්දි ගෙවීමටත් ඇතැමුන් පෙලඹෙනවා. සර්ව සම්පූර්ණ මිනිස් ශරීරයක් සහිතව උපත ලැබූවත් සාර්ථකත්වය කරා පියනැඟීමට හැකියාව ලැබෙන්නේ කිහිපදෙනෙක්ට පමණයි.
නමුත් අහිමිවීම් යනු හුදෙක් සාර්ථක වීමට සිතට ලැබෙන ශක්තියක් බව වටහා ගන්නා පුද්ගලයන්ද මෙලොව සිටිනවා. ඔවුන් අපට පෙන්වා දෙන්නේ සර්ව සම්පූර්ණ නොවුවද අප්‍රමාණ චිත්ත ශක්තිය මිනිසා දියුණුව කරා රැගෙන යන බවයි. උපතින්ම දැත් අහිමි වූ ජෙසිකා නොක්ස් එවැනි උතුම් කාන්තාවක් ලෙස හැඳින්වීම නිවැරැදියි. ඇය ලොව ප්‍රථම සහ එකම දෑත් අහිමි ගුවන් නියමුවරිය. ඇයගේ චිත්ත ධෛර්යයේ පරිමාණය අපට ගණනය කළ නොහැකියි. ඔබත් අහිමිවීම් පිළිබඳ දුක් වන අයකු නම් ඇයගේ කතාව ඔබ කියවිය යුතුමයි.
ජෙසිකා උපත ලබන්නේ 1983 වසරේදීයි. මුල් වරට ජෙසිකා දුටු ඇයගේ මවුපියන් පුදුමයටත්, කම්පනයටත් පත්වන්නේ ඇයගේ දෑත් පිහිටා නොතිබීම නිසයි. ජෙසිකා කුමන ආකාරයකට උපත ලැබුවද ඇය පිළිබඳ ඇයට වෙනසක් නොදැනෙන ලෙස ඇයව රැකබලා ගැනීමට ඔවුන් කැප වෙනවා. එසේම සාමාන්‍ය ළමයින් සමඟ ඉගෙනුම සඳහා ඇයව සාමාන්‍ය පාසලක් වෙතද ඔවුන් යොමු කරනවා. දෑත් අහිමි වුවත් කෘතිම දෑත් පැලඳීමට ජෙසිකා කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් සියලු වැඩ දෙපා ආධාරයෙන් තනිව කර ගැනීමටද ඇය පුරුදු පුහුණු වනවා.
ජෙසිකා කුඩා කල සිටම ඉතාමත් දක්ෂ දියණියක් වූවා. ඇය ප්‍රියතාවක් දක්වන සියලුම දේ ඉගෙන ගැනීමට ඇය යොමු වෙනවා. ජෙසිකා කුඩා වියේදීම ජිමිනාස්ටික් ශුරියක්, පිහිනුම් ශුරියක්, ටයිකුන්ඩෝ කළු පටි ධාරිනියක් බවට පත්වන්නේද ඇය සතු දක්ෂතා මතයි.
ජෙසිකාට අවුරුදු 9දී ඇයගේ මවුපියන් ඇයව ආබාධිත පුද්ගලයන් හමුවකට රැගෙන යනවා. ඒ තුළින් ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තු ඇති කරගන්නා කුඩා ජෙසිකා කෙදිනක හෝ තමා ජීවිතය දිනන බව ඇයටම පොරොන්දු වනවා. ජීවිතයේ සෑම සෘණාත්මක දෙයක්ම ධනාත්මක ලෙස දැකීමටද ඇය පුරුදු වෙනවා.
හොඳින් අධ්‍යාපනය ලබන ඇය මනෝවිද්‍යාව සහ සන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියක් බවට පත්වෙනවා. අධ්‍යාපනයෙන් පසු වෘත්තීයමය අභිප්‍රේරිකාවක් ලෙස අන්‍යයන්ගේ ජීවිත එළිය කිරීමටද ඇය කටයුතු කරන්නේ ඉන්පසුවයි.
ගුවන් යානා පියාසර කිරීම ජෙසිකා සිහිනයෙන්වත් නොසිතූ දෙයක් බවයි ඇය පවසන්නේ. ඇයගේ වැඩකටයුතු අතරදී දිනක් ඇයට ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු රොබින් ස්ටොබර්ඩ් මුණගැසෙනවා. රොබින් ඇයට ගුවන්යානා පියාසර කරනා ආකාරය උගන්වනු ලබනවා. දෙපා ආධාරයෙන් හොඳින් ගුවන්යානය පියාසර කරන ජෙසිකාව පියාසර කිරීම් ඉගෙනීමට ශිෂ්‍යත්වයක් හිමි වන්නේ ඉන් අනතුරුවයි. වසර තුනකට පසු ගුවන්යානා පැදවීමේ බලපත්‍ර ලබා ගැනීමට ඇයට හැකි වන්නේ ලොව ප්‍රථම සහ එකම දෑත් රහිත ගුවන් නියමුවරිය යන ලෝක වාර්තාවේ හිමිකාරිත්වයද සමඟනි. මේ වනවිට ඇය විවාහකයි. ඇය විවාහ වී සිටින පැට්‍ට්‍රික් වෑම්බලෑන් ඇයගේ අතිමහත් ධෛර්යය නිසාම ඇයව විවාහ කරගැනීමට අදහසක් ඇති කරගෙන ඇති බවයි. දැක්වෙන්නේ.
“දෑත් සහිතව ඉපදුණා නම් මගේ ජීවිතය මීට වැඩිය වෙනස් වන්නත් ඉඩ තිබුණා. අනෙක් මිනිසුන් දෑත්වලින් කරන හැමදේම මට කකුල්වලින් කරන්න පුළුවන්. ඇත්තටම මගේ කකුල් තමයි මගේ අත්. කායිකව මොනතරම් අපි දුර්වල වුණත් මනසින් ශක්තිමත් නම් අපිට කරන්න බැරිදෙයක් නැහැ. හැමදෙයටම අපේම කියලා මාර්ගයක් තියෙනවා.”
දෛවය ජෙසිකාට සරදම් කළද දෛවය වෙනස් කිරීමට ජෙසිකාට හැකියාව ලැබුණා. ඇය අපට කියා දෙන්නේ ගමන කෙතරම් දුෂ්කර වුවත් ඔබේ ඉලක්කයට ළඟාවීමට කුමක් හෝ මඟක් තිබෙනවා. යන්නයි.
උපුටාගැනීම gossip.hirufm .lk වෙබ් අඩවිය.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla