ඔන්න එක දවසක් පාදයක තුවාලයක් තියෙන දැරියක් බොරලු පාරක ඇවිදිමින් සිටියා. ඇගේ යටි පතුලේ ඇති තුවාලය නිසා මහත් වේදනාවකින් තමයි ඇවිද්දේ. ඔහොම යනකොට ඇයට පාර අයිනේ ජීවත් වුණු මිනිසෙක් මුණගැහුණා . ඇය තම තුවාල වූ පාදය ඔහුට පෙන්නුවා . මහලු මිනිසා කැලයට ගොස් ගසකින් පට්ටයක් ගලවාගෙන විත් ඇයට පාවහන් යුගලයක් සාදා දුන්නා . ඇය එය පයලා ගත් පසු තුවාලයේ වේදනාව නැති වෙලා ගියා . දැරිය තමාට පාවහන් යුවල සාදාදුන් මහලු මිනිසාට ස්තුති කරමින් ඔහුගේ ගුණ කියමින් ඉදිරියටම ඇවිද ගියා. පාදයේ තුවාලය ක්‍රමයෙන් සුවපත් වන බව ඇයට දැනුනා.
එසේ යද්දී දැරියට තරුණයෙක් මුණ ගැසුණා . ඔහු ඇගේ දෙපා දෙස බලා ඇය පයලා සිටියේ ගස් පට්ටාවලින් සෑදූ පාවහන් බව දැක සිනාසුනා. ඔහු දැරියට අලුත් හම් පාවහන් යුගලක් තෑගි කළා. ඇය මහළු මිනිසා දුන් ගස් පට්ටා වලින් සෑදූ පාවහන් යුගල විසි කර එම හම් පාවහන් යුගල පැලඳ ගත්තා. ඇයට ඔහු ගැන ආඩම්බරයක් ඇති වුණා. මහලු මිනිසාගේ විකාර පාවහන් වලට හිනැහෙමින් ඇය අලුත් පාවහන් පැළඳ සතුටින් ඉදිරියට ඇවිදගෙන ගියා.
එසේ යන විට ඇයට තවත් කෙනෙක් මුණ ගැසුණා. ඔහු ඇයට රිදී පාවහන් යුවලක් පරිත්‍යාග කළා. හම් පාවහන් යුගල ගලවා දැමූ ඇය එම රිදී පාවහන් පැළඳ ඉදිරියට ගියා. එහෙත් ඇයගේ පාදයේ තුවාලයේ වේදනාව වැඩි වෙමින් තිබුණා. ඇය අමාරුවෙන් ඇවිද ගියා.
එසේ යන විට තවත් කෙනෙක් මුණ ගැසී රන් පාවහන් යුගලක් පරිත්‍යාග කළා. ඈ රිදී පාවහන් ගලවා දමා රන් පාවහන් යුගල පැලඳ ගත්තා. ඇය ඔහු ගේ ගුණ වර්ණනා කරමින් ඉදිරියට ඇවිද ගියා . එහෙත් දැරියගේ පාදයේ තුවාලය එන්න එන්නම වේදනා දෙමින් තුවාලයෙන් ලේ ගලන්න පටන් ගත්තා. ඇයට තවදුරටත් ඇවිද ගන්න බැරි වුණා. ඇය වේදනාවෙන් කෑ ගැහුවා. බිම වාඩි වී රන් පාවහන් ගලවා දමා අහස දෙස බලාගෙන කෙඳිරි ගෑවා. එවිට ම අහසේ සිට කවුද ඇයට ඇමතුවා.
“දියණිය නුඹට තව දුර යා නොහැකි වී ඇත්තේ ඔබගේ පාදයේ තුවාලය වැඩි වී ඇති නිසයි. නුඹට මහළු මිනිසා දුන්නේ බෙහෙත් පට්ටා වලින් තැනූ පාවහන් යුගලක්. එය හැඩයකින් යුක්ත නො වුවත් එයින් ඔබගේ පාදය සුව වෙමින් තිබුණා. නුඹ එය විසිකර දමා පැළඳගත් සියල්ලේ තිබුණේ ලස්සන හා මුදල්මය වටිනාකමක් පමණයි. ඒවාවල ඔසු බලයක් තිබුණේ නැහැ ”
“අනේ මට ඒ පාවහන් නැවත ලබා දෙන්න” දැරිය පැවසුවා .
“ඔබ දමා ආ තැනට ආපසු ගොස් එය ගන්නැයි” ඒ හඬ කිව්වා. “මට ආපසු යන්න බෑ මගේ කකුල හොඳටම තුවාල වෙලා. අනේ එය දමා ආ තැන වත් මට මතක නෑ. ඒ මහලු මිනිසාට කියා නැවත පාවහන් දෙකක් හදවා දෙන්න” ඇය ආයාචනා කළා.
“කණගාටුයි ඒ මහලු මිනිසා මිය ගියා” ගුවන දෙසින් ඇසුනා.
මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න ගොඩාක් පාඩම් තියෙනවා. ඔබම තීරණය කරන්න.
අපි Business HUB මේ කතාවට සම්බන්ධ කලොත් මම, ධනේෂ් යනු මහළු මිනිසාය. Business HUB කියන්නේ ගස් පට්ටා වලින් සාදාදුන් ඖෂධීය පාවහන් යුගලයයි. හම්, රිදී සහ රන් පාවහන් යනු අනෙකුත් ඔබව රවටන, විශාල මූල්‍ය වටිනාකම්, හීන පෙන්වන මුදල් උපයන ක්‍රම වේ. බොහොමයක් අය Business HUB සමඟ සම්බන්ධ වෙනවා. අපිව අගයනවා. නමුත් ඉක්මනින් කෝටිපතියෙක් වෙන සිහිනය අපි පෙන්වන්නේ නැහැ. අපි පෙන්වන්නේ සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා දියුණු වෙන ආකාරය. ඉතිං හීන ලෝක මවන වෙන ආයතන මුණගැහුණහම අපිට ගයපු ගුණ අමතක කරලා ඒ ආයතන වෙනුවෙන් ගුණ ගයනවා. ඊට වඩා හීන පෙන්වන එකක් ලැබුණහම කලින් එක අමතක කරනවා. හැබැයි අවසානයේ ඔබ අතරමං වෙනවා. ඔබට නැවත ආපසු අප ලඟට එන්න බෑ. මන්ද අපි බොහෝ දුර ගිහින් අවසන්…
Business HUB ආරම්භ කරලා මාස 3ට වැඩි. දැනට පෝස්ට් 800ක් පමණ තිබෙනවා. දැන්ම කියවීම ආරම්භ කලොත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. තවත් ප්‍රමාද වුනොත් ඔබට සාර්ථක වෙන්න පුළුවන් වුනත්, ඒ සඳහා වැඩි කාලයක් යන්න පුළුවන්.
ඒ නිසා අදම ඔබගේ දියුණුව වෙනුවෙන් පළමු පියවර තබන්න…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla