Select Page

Business HUB Lifetime PASS එක නිසා නැවතිලා හිටිය තැනින් නැගිටලා ආයේ ගමනක් යන්න පටන් ගත්තා…

“Business HUB එක නිසා ජීවිතයට ලැබුනේ මාරම Motivation එකක්”

රටේ ආර්ථිකය අස්ථාවර වෙනවත් එක්කම අපේ පව්ලේ වයාපාරත් බිමටම කඩාගෙන වැටුන. බබාලත් එක්ක ගෙදරම ඉන්න මටත් හස්බන්ඩ්ට පොඩි හරි හයියක් වෙන්න ඕන කියල හිතුනා. එතනදි බිස්නස් අයිඩියා එකක් ගැන කතා කරන වෙලාවක මගේ යාලුවෙක් තමයි කිව්වෙ

“අනූශා ඔයාට හරියනම තැන මම කියන්නම්. මගේ යාලුවෙක් ඉන්නවා. එයාගෙ programs ගොඩක් තියෙනවා. කතා කරල බලන්න අනිවාර්යයෙන්ම ඔයාට පාරක් පෙන්නල දේවි” කියලා…

එයා කියපු නිසා Business HUB පේජ් එකට ඇඩ් උනා. ලොකු විශ්වාසයක් තිබුනෙ නෑ ඉතින්, ඒත් දවස ගානෙ එක එක අංශ වලින් දාන පෝස්ට්නම් ඔක්කොම කියෙව්වා. දවසගානෙ දාන පෝස්ට් බලාගෙන යනගමන්, මට කොයික ගැලපෙයිද හිතන ගමන් යද්දි හැමදාම මට හිතෙන දේ තමයි මේ පේජ් එකේ ඇඩ්මින් බහුතරයකගෙන් වෙනස් කෙනෙක් කියන එක. මොකද මිනිස්සුන්ට තේරෙන සරල භාශාවෙන් සෑහෙන දේවල් කියල, තමන්ගෙ දෙයක් පටන් ගනිල්ලා, එතනයි සාර්තකත්වය තියෙන්නේ කියල පුදුමාකාර උවමනාවකින් මිනිස්සු ගැන හිතනවා. තැනකදි මම හස්බන්ඩ්ට කියනවා මේ සර් මෙහෙම කරන්නෙ ඇයි කියලා. මෙහෙම අනුන් වෙනුවෙන් කරන දේවල් වලින් මොනව ලැබෙනව ඇතිද කියලා. තාමත් හිතාගන්න අමාරුයි ඒකනම් මට…

එක දවසක් සර් පෙන්නල දෙන අලුත් වැඩක් ගැන දැනගන්නයි මම මුලින්ම සර්ට කතා කරන්නේ, ඒ විස්තර එක්කම අපේ තිබුනු වයාපාර ගැන කියද්දි සර් දෙනව මට අලුත් අදහස් ගොන්නක්… අපි ගැන අපි නොදැකපු පැත්තක් සර් පෙන්නල දුන්නා… ස්වයංරැකියා උපකරණ නිශ්පාදනය පැත්තෙන් ගමනක් ගිය අපිට මේ නැවතිලා ඉන්න තැනින් ආයෙම නැගිටින්න මාරම වටින අදහස් ටිකක් සර් දුන්නා. පහුවදාම හස්බන්ඩ් එක්කත් කතා කරා. ඉස්සරහට කොහොම මොනව කරන්නද කියල හිතාගන්න බැරුව හිටපු අපිට යාවත්කාලීන සුපිරි යෝජනා අදහස් ටිකක් සර් දුන්නා. රෑ 10, 11 ටත් ඒ දේවල් කරගන්න හැටි කියල දුන්නා.

Lifetime PASS එකේ වටිනාකම දැකපු අපි ඒක තෝර ගත්තා. එතනදි පුංචි මුදලක් ගෙව්වත් රු.ලක්ෂ 2ක් පමණ වටින වෙබ් සයිට් එකක් සර් අපිට හදල දුන්නා. ලඟදීම අපි ඒක එළිදක්වනවා. එතනදි තමන්ගෙ දෙයක් වගේ ඒ වෙනුවෙන් සර් වෙහෙසුනා. ඒක හදල දෙන්න, අපිට නැති හදිස්සියක් උවමනාවක් සර්ට තිබුනා… කාලෙට ගැලපෙන තාලෙට ආයෙම අලුතෙන් වයාපාරය පටන් ගන්න සර් ලොකු සපෝට් එකක් දුන්නා.

මගේ අලුත් වයාපාරයක් ගැන සර්ට කිව්වම , ඒකට ගන්න ඕනි පියවර, උපදෙස් දීල ඒ කතාබහ අතරම ඒක ලස්සනට ඩිසයින් කරල දුන්නා. මගේ නිශ්පාදනය ඒ විදිහට ෆිනිශින් කරල පෙන්නුවම මාරම මෝටිවෙව්ශන් එකක් මට ආවෙ. ඒ වෙනුවෙන් එන ඕනිම ගැටලුවකට මූන දෙන්න, ඕනිම කට්ටක් කන්න හයිය මට දැන් තියෙනවා. කිසිම බයක් නෑ වයාපාරයේ ඕනිම හිරවෙන තැනකදි සර් උදව් කරන බව සහතිකයි..

Ask Dinithi Miss – දිනිති මිස්ගෙන් අහන්න” අපි වෙනුවෙන් සර් පටන් ගත්තු අලුත්ම වැඩේ, කියනවට වඩා නොමිලේම ලබා දෙන සේවාව, කියන්න බැරි තරම් වටිනවා. කොතනකදි හරි අපි හිරවෙන ඉංග්‍රීසි භාශාවෙ නොතේරෙන අපැහැදිලි තැන් බොහොම සුහදව, (මටනම් ආදරණීයව) දිනිති මිස් නිරාකරණය කරල දෙනවා. සල්ලි මත හැමදේම තීරණය වෙච්චි මේ කාලෙ, තමන්ගෙ වටින වෙලාව, මිලක් නොගෙන අපි වෙනුවෙන් කැප කරන ආදරණීය දිනිති මිස්ටත්, අපේ සර්ටත් ගොඩක් ස්තූතියි .. ගොඩක් පිං 🙏🙏

Anusha Dilhani Fernando
Woman Entrepreneur – Bachelor of Arts (B.A.)
Proprietor – “Qvin Product”
Founder : InnovativeMachines.lk

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Anusha Dilshani.

ඔබටත් රු.24,999ක් ගෙවා අපගේ ආයතනයේ Lifetime PASS එකක් මිළදී ගන්න පුලුවන්. ජීවිත කාලය පුරාවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන් සහ අපෙන් ව්‍යාපාරික සේවා 80% ක වට්ටමකට ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබට රු.ලක්ෂ 2ක් වටිනා වෙබ් අඩවියක්ද නොමිළයේ හිමිවෙනවා. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා. නොඑසේනම් ඔබේ තිබෙන ව්‍යාපාරය අපි දියුණු කර දෙනවා.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass