Select Page

වතුර පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත්, මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළේය.

සියල්ලන්ටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවා ගත් ඔහු මෙසේ පැවසීය.
“මේ වීදුරුවෙ තියෙන වතුර කොච්චර විතර බර ඇද්ද…?”

“ග්‍රෑම් 50ක්”
“ග්‍රෑම් 100 ක්”
“ග්‍රෑම් 125 ක්”
ලෙස සිසුන් පිළිතුරු දුන්නේය.

එම පිළිතුරු වලට මහචාර්යවරයා මෙසේ පිළිවදන් දුන්නේය.

“මාත් හරියටම දන්නේ නෑ මේ වීදුරුවෙ කොච්චර වතුර තියෙනවද කියලා.
ඒත් මට ඔයාලගෙන් එක දෙයක් දැන ගන්න ඕනෙ.

මම මේ වතුර වීදුරුව මිනිත්තු කීපයක් මේ විදිහට අල්ලගෙන හිටියොත් මොනව වෙයිද…?”

“මුකුත් වෙන එකක් නැහැ”
සිසුන් පිළිතුරු දුනි.

“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර මේ විදිහට අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ…?”

“සර්ගෙ අත රිදෙන්න පටන් ගනියි.”
සිසුන් නැවතත් පිළිතුරු දිනි.

“හරියටම හරි. එතකොට මම මේ වතුර වීදුරුව දවසක් විතර අල්ලගෙන හිටියොත් මොකද වෙන්නෙ…?”
මහචාර්යවරයා නැවතත් විමසීය.

“සර්ගෙ අත හිරි වැටිලා දරුණු ලෙඩක් උනත් හැදෙන්න පුළුවන්.
අනිවාර්යයෙන් ඉස්පිරිතාලෙක උනත් නවතින්න වෙයි…”
කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

“හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවෙ බර වෙනස් වුනාද…?”

“නැහැ”
සිසුන් පිළිතුරු දිනි.

“එහෙනම් අතේ කැක්කුමක් හැදිල මට ඉස්පිරිතාලෙ නවතින්න වෙන හේතුව මොකක්ද…?”

සිසුන් ගොලුවිය.

පසුව එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.
“සර් ඔය වීදුරුව අල්ලන් ඉන්න නිසා තමා එහෙම දෙයක් වෙන්නෙ. ඒක නිසා වීදුරුව බිමින් තියන්න.”

“හරියටම හරි”

ජීවිතේට එන ප්‍රශ්නත් මේ වගේ තමයි.
මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම අපිට ඒක දරා ගන්න පුළුවන්.
ඒත් ඒවා පැයක් විතර ඔලුව ඇතුළෙ තියා ගත්තාම රිදෙන්න ගන්නව.
තවත් කාලයක් තියා ගත්තාම රිදෙන එක වැඩි වෙනව.
අන්තිමට මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔයාලගෙ ජීවිත වලට එන ප්‍රශ්න ගැන හිතන එක වැදගත්,
ඒත් ඊට වඩා වැදගත් දවස අවසානයේ නින්දට යද්දි ඔබ ඒ ප්‍රශ්න හිතින් අහක් කර ගන්න එක.

මතක තියා ගන්න.
“හැකි හැම වෙලේම, වීදුරුව බිමින් තියන්න.”

ඔයාලට ප්‍රශ්න ඇති, නමුත් ඒ ගැන හිත හිතා කියලා ඔලුවට බරක් අරන් ඉඳීමෙන් වෙන්නේ ඔබ විඳවන එක. ඒ ප්‍රශ්න වලට එකින් එක උත්තර හොයමු… ප්‍රශ්නය ඔබේ අනාගතය/මුදල් නම් පිළිතුරු බොහොමයක් මේ පේජ් එක ඇතුළෙම තියෙනවා. ප්‍රශ්න වලින් ඔලුව පුරවගෙන ඉන්නේ නැතිව මේ පේජ් එකේ තියෙන ලිපි වලින් ඔලුව පුරවගන්න. අනිවාර්යයෙන් ඔබේ ප්‍රශ්න අමතක වේවි. ඔබ දියුණු වේවි.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Danesh Edirisooriya

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla