Select Page

“ගනේෂ් ” ඉන්දියාවේ කාර්යබහුල නගරයක වෙසෙන සමෝසා වෙළෙන්දෙකි. නගරය තුල ගමන්කරන ඔහුගේ ජංගම අවන්හලේ දිනකට සමෝසා 500ක් ඉතා පහසුවෙන් විකිණීම සිදුකෙරිනි. පසුගිය වසර 30 තුල ඔහු කොයි කා අතරත් අතිශයින්ම ජනාධරයට පත්වුයේ ඔහුගේ සමෝසා වෙළඳාම නිසයි. ඒ මක්නිසාද යත් ඔහු සනීපාරක්ෂාව සහ ගුණාත්මකභාවය ගැන ඉතා විශාල සැලකිල්ලක් දැක්වූ නිසාය.

ඉස්තරම් තෙල් සහ අමුද්‍රව්‍ය ඔහු ඒ සඳහා යොදාගත්තේය. සමෝසා මිලදී ගන්නන් හට නොමිලයේ චට්නි ලබා දුන්නේය. ඉතුරුවන සමෝසා දුප්පතුන්ට බෙදාදෙන අතර තවත් ඒවා වේ නම් බල්ලන්ට සහ හරකුන්ට කෑමට ලබා දුනි.

ගනේෂ් මේ ව්‍යාපාරය තුලින් සැලකිය යුතු මුදලක් මාසිකව ඉපයීමට සමත් විය. ඔහුගේ එකම පුතාගේ මුලික අධ්‍යාපනයට, උපාධියට සහ ඔහුගේ MBA උපාධිය සඳහාද සියලු වියදම් දැරුවේ ගනේෂ්ගේ සමෝසා ව්‍යාපාරය තුලින් ලැබූ මුදලිනි. ඔහු කිසිඳු ණයකින් තොර පුද්ගලයෙක් විය.

ඔහුගේ පුත් සන්දීප් තම MBA උපාධියෙන් පසුව නිවසට පැමිණුනේය. ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කිරීමට කැමති බව ගනේෂ්ට දැන්වීය. නමුත් මින් පෙර කිසිදිනෙක ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කර තිබුනේ නැත. ඔහුගේ ආගමනය ගැන ගනේෂ් අතිශයින් සතුටු විය. තම ව්‍යාපාරය තවදුරටත් වැඩිදියුණුකිරීමට මෙය අනගි අවස්ථාවක් යයි ගනේෂ් සිතුවේය.

ගෝලීය ආර්ථිකය, ව්‍යාපාර කළමනාකරණය සහ රැකියා වෙළඳපොල ගැන සන්දිප්හට ඉමහත් දැනුමක් තිබුණි. ඒ ගැන ඔහු පරීක්ෂණ කල අතර ඒ පිලිබඳ ප්‍රබන්දනයන් සහ දේශනයන් පවා කර තිබුණි. ව්‍යාපාර ශුද්ධ ලාබය වැඩිකරගනීමට කලයුත්තේ මොනවාදැයි ඔහු විසින් ලියු පොත්පත්ද ඒ අතර විය.

පියාගේ ව්‍යාපාරය දියුණුකිරීමේ අරමුණින් ඔහු පරිපාලනයට ඍජු දායකත්වයක් දැක්විය. ව්‍යාපාරය විධිමත්කිරීමේ ක්‍රමයතුල සමහරවිට දෛනිකව විකුණන සමෝසා ඒකක ගණන 500 සිට පහල බසියහැකි නමුත් ශුද්ධ ලාභය ඉහලයනබව ඔහු තම පියාට විස්තර කළේය. තම පුතුගේ විශිෂ්ට දැනුම ගැන ගනේෂ් අසීමාන්තික සතුටකට පත්විය.

එහි පළමු පියවර ලෙස සමෝසා පිසීමට ගන්නා තෙල් ඔහු මෙසේ වෙනස් කළේය. නව සහ නැවුම් තෙල් 80% සමග වරක් පාවිච්චිකරනලද තෙල් 20% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. පාරිභෝගිකයන්ට එහි වෙනසක් නොතේරුනි. ඔවුන් පෙර මෙන් සමෝසා 500ක් අලෙවි කලෝය. ඔවුන්ගේ ලාභය යම් ප්‍රමාණයකින් ඉහල ගියේය. ගනේෂ් සතුටට පත්විය. ඊළඟ දිනයේදී නැවුම් තෙල් 70% භාවිතා කල අතර වරක් පාවිච්චිකරනලද තෙල් 30% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 400ක් පමණි. ඉතිරිය දුප්පතුන්ට සහ සතුන්ට ආහාරපිනිස ලබාදුනි. තම පුතු කී දෙය එලෙසින්ම සිදුවීම ගැන ගනේෂ් සතුටුවිය.

ඊළඟ දිනයේදී නාස්තිය වලක්වාගැනීමට සමෝසා 400ක් පමණක් සැදීමට සන්දීප් උපදෙස් දුනි. ඒ සඳහා 60% නව තෙල් සමග පාවිච්චිකරනලද තෙල් 40% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින සමෝසා 400 විකුණා ගැනීමට හැකිවූ නිසා ඔවුන්ගේ ලාභය ඉහල ගියේය. ගනේෂ් ඉමහත් සතුටට පත්විය. නමුත් එදින රසය පිලිබඳව පරිභෝගිකයන්තුල කැමැත්තක් තිබුනේ නැත. පසුදින සමෝසා බැදීමට 50% නවුම්තෙල් සහ 50% බාවිතා කරනලද තෙල් යොදාගැනීමට සන්දීප් උපදෙස් දුනි. නමුත් එදින විකුණාගත හැකිවතිබුනේ සමෝසා 300ක් පමණි. ඉතිරිය විසිකරනු හෝ නොමිලේ දෙනු වෙනුවට නැවත බැද පසුදින අලෙවිකිරීමට සන්දීප් කටයුතු කළේය. මෙය තමාටත් කලින් කළහැකිව තිබුනා නොවේදැයි ගනේෂ් පසුතැවිලි විය. නමුත් තම පුතු ගැන ආඩම්බර විය.

පසුදින අලුතෙන් සමෝසා 200ක් සැකසු අතර පෙරදින ඉතුරුවූ සමෝසා100ක් සමග සමෝසා 300ක් විකිණීමට ඔවුන්ට හැකිවිය. නොමිලයේ ලබාදුන් චට්නි නොමිලයේ ලබා නොදීමෙන් සිදුවන ලාභය ගැන සන්දීප් තම පියාට විස්තර කළේය. එය බාදාවක් නොවේනම් එසේ කරනමෙන් ගනේෂ් කීවේය. එසේ කලදිනට පසුදින සිට ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක්ම ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක් අධ්‍යයනය කිරීමෙන් පසු ආර්ථික අවපාතයක් සිදුවී ඇතිබව වටහාගත සන්දීප් මෙසේ පැවසිය.

“මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒක නිසා Business අඩුයි. අපි free දෙන ටිෂු එක නොදී ඉමු”. එසේ කී සන්දීප් නොමිලයේ දුන් ටිෂු කඩදාසිය නැවැත්විය.

දිනකීපයකින් සමෝසා ව්‍යාපාරය ඒකක 50ක් දක්වා පහත වැටුණි. දැන් සමෝසා ව්‍යාපාරය නවතා නව ව්‍යාපාරයක් ආරම්භකිරීමට කාලය පැමිණ ඇතිබව සන්දීප්, ගනේෂ්ට පැවසිය. මෙතෙක් දින නිශ්ශබ්දව සිටි ගනේෂ් තම හඬ අවදි කළේය.

“උඹ ඉගනගෙන තියෙන්නේ business කරන්ඩ නෙවෙයි. වංචා කරන්ඩ. අපුරුවට සමෝසා 500ක් වික්ක මම, අද උඹව ලංකරගෙන විකුනන්නේ සමෝසා 50ක් විතරයි. මම මේක අවුරුදු 30ක්ම කලේ උඹ වගේ ඉගෙනගෙන නෙවෙයි. උඹල ඉගෙනගෙන තියෙන්නේ වංචා කරන්ඩ මිසක් business දියුණු කරන්ඩ නෙවෙයි. කරුණාකරලා මේක මට කරගන්ඩ දීලා උඹ පැත්තකට වෙයන්. උඹට කැමතිනම්. පිටි අනන, සමෝසා බදින වැඩේට මම උඹව පඩියක් දීලා ගන්නම්”.

නැවත සුපුරුදු පරිදි ඉහල ගුණාත්මක භාවය ගැන සිතු ගනේෂ් පෙරටත් වඩා හොඳින් සමෝසා සැකසීම ඇරඹීය. සති කීපයකින්ම නැවතත් සමෝසා 600ක් දිනකට විකුණන මට්ටමට තම ව්‍යාපාරය ඉහල නැංවිය.

පසු වදන:

උගත් මෝඩයින් නිසා බොහොමයක් ව්‍යාපාර විනාශ වෙලා යනවා. ප්‍රායෝගික දැනුම තුළින් ලැබෙන අත්දැකීම් වලින් ව්‍යාපාර වල විශාල දියුණුවක් කරන්න පුලුවන්.

ඔබට ව්‍යාපාරය දියුණු කරන්න ඕනනම් අනිවාර්යයෙන් ව්‍යාපාරයේ ගුණාත්මකභාවයට මුල් තැන දෙන්න.

Business HUB පේජ් එක තුළින් ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඔබට විශාල මහපෙන්වීමක් ලැබෙනවා. ඒ මගපෙන්වීම අනුව දියුණු වෙන එක ඔබ සතු කාර්යයක්.

අද බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතනවල පමණක් නොව, බොහෝ තැන්වලද සිදුවන්නේ මෙය නොවේද?

System change කරන්ඩ නම් මුලින්ම තමන්ගේම ආකල්ප වෙනස්විය යුතු නොවේද? එකිනෙකාට බැනගනිමින් නොදරුවන් ලෙස හැසිරෙමින්, මං මුලාවී දුවනා ඔබත් මමත් කෙසේනම් system වෙනස්කරන්නද ?

සිතීම ඔබට භාරයි.

සටහන : PR (Unknown)

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of B. H. Edirisooriya

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla