ඔබ ඔබ ගැනම ආඩම්බර වෙන්න…..
බත් දං කුඩ කාපු අය ඕන තරම් මෙතන ඇති….
ඉදුල් වලං හෝදපු අය ඕන තරම් ඇති……
ජොබ් එකක් නැතුව අඩපු අය ඇති…..
කොරෝනා කියලා ජොබ් එකෙන් බොස් එලවපු අය ඇති……
තියෙන ජොබ් එකේ පීඩනය දරාගන්න බැරුව මගදාල ගිය අය ඇති….
තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බැරුව ලත වෙන අය ඇති….
අතේ සතේ නැතුව කර කියාගන්න බැරුව උන්නු අය ඇති…..
විභාග ෆේල් වුන අය ඕන තරම් ඇති……
ඇමාරුවෙන් දුක් විදගෙන විභාග ගොඩ දාගත්ත අය මෙතන ඇති…..
හැමෝම දියුණු වෙද්දි අනේ මට බැරි ඇයි කියලා හිතන අය මෙතන ඇති…..
අම්මා තාත්තා නොසලකන දරුවො ඇති…..
අම්මා ට තාත්ත ට සලකගන්න බැරි වුන අය ඇති……
ලමයි හදා ගන්න බැරුව ලත වෙත කාන්තාවෝ ඇති…..
ඉන්න ළමයා නරක පාරේ යන නිසා ඒක දාරා ගන්න හිත හදාගන්න බැරුව ලත වෙන අම්මලා තාත්තලා ඇති… තමන්ගේ දරුවෝ
සලකන්නේ නැතුව යනඑනමං නැති අම්මලා තාත්තලා ඇති…
කොල්ලා දාලා යද්දි අඩපු කෙල්ලො ඇති,
කොල්ලන්ගෙන් විනාස වුනු කෙල්ලො ඇති,
කෙල්ල දාල යද්දි අඩපු කොල්ලො ඇති,
කෙල්ල රවටද්දි අඩපු කොල්ලො ඇති ,
ලෝකෙටම හිනා වෙලා කාමරේට වෙලා අඩන අක්කලා, නංගිලා ,අයියලා, මල්ලිලා , අම්මලා තාත්තලාත් ඇති,
තවමත් ආදරේ හමු නොවුනු අය ඇති,
උඩින් කිව්ව දේවල් අද වන විට විදින හෝ විද අවසන් අය ඉන්න පුළුවන්….ඔබ ඉන්න තැන ගැන මොකද හිතන්නේ ? ආඩම්බර ද? ඔබට උන වැරදි හදා ගත්තද? නැත්නම් තමන්ට වුණ අසාධාරණය ට සාධාරණයක් ඉශ්ට සිද්ධ වුණා ද?
ඔතන කිව්ව මොනම කාරණය වුනත් අද ඔයාට ඔයා ආඩම්බර වෙන්න පුලුවන් තැනක් හදා ගන්න ඔයා අපොහොසත් වුණාද?ඔයාට වෙනස් වෙන්න පුලුවන් වුණා ද ?නැත්නම් අනෙක් අයව වෙනස් කරගන්න පුලුවන් වුණාද?
අපිට අපේ ප්‍රශ්න වලට ඇත්තටම උත්තර ලැබුනද? නැත්නම් අපි තවම අදුර අතපත ගානවද? ඕනෑම ප්‍රශ්නය ක උත්තර වලට ලන් වෙන්න තියෙන බාධක ටිකයි.අන්න ඒ බාධක විනාශ කරලා දාන්න.කෙලින්ම කියනව නම් 100% ඒ බාධක විනාශම කරමු…
ඒ සදහා ……
ජීවිතය වෙනස් කරන ස්වයං යෝජනා කිහිපයක්
01. මම දිනෙන් දින ධනවත් වෙමි !
02. දිනෙන් දිනම මම එඩිතර වෙමි !
03. සැබෑ සතුටේ උල්පත ඇත්තේ මා තුලම බව මම වටහා ගනිමි !
04. මම පළමුව අන්‍යන්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙමි. ඒ තුලින් මම කල්‍යාණ මිතුරන් ඇති කරගනිමි!
05. දිනෙන් දිනම මම නිහතමානී හා කාරුණික වෙමි !
06. ස්වභාවධර්මයේ නිර්මාණශීලීත්වය නිරතුරුව මා තුළින් ප්‍රකාශ වෙයි ජීවිතයේ සෑම අංශයකදීම මම නිර්මාණශීලී වෙමි.
07. ස්වභාවධර්මයේ ජීවයෙන් මගේ ප්‍රාණය දිනෙන් දින ප්‍රාණවත් වෙමි..
08. මගේ භාෂා දැනුම දිනෙන් දින වර්ධනය වී මුවහත් වී අදහස් ප්‍රකාශ කිරීම පහසු වේවා !
09. මට විශ්මිත මතකයක් තිබේ .මගේ කායික මානසික ලෞකික ආධ්‍යාත්මික දියුණුව පිණිස කවර කරුණක් තොරතුරක් උපදේශයක් වුව පහසුවෙන් මගේ මතකයේ රැදේවා !
10. දිනෙන් දිනම මම දියුණුවෙන් දියුණුවට පත්වෙමි !
11. දිනෙන් දිනම මම නීරෝගී වෙමි.ඒ තුළින් මම තව තවත් තරුණ වෙමි !
12. මම දිනෙන් දින සමෘද්ධිමත් වෙමි.මගේ සෑම ක්‍රියාවක්ම මගේ සමෘද්ධිය සහතික කරත්වා !
13. හැකියාවන්ට අනුකූල වූ රැකියාවක මට නිරත වීමට හැකි වේවා! .විශිෂ්ඨ හා කාරුණික සේවයක ප්‍රතිඵලයක් වශයෙන් මට ප්‍රමාණවත් මාසික ආදායමක් ලැබේවා !
14. මෙලොව ඇති කිසිදු බලවේගයකට මා දුර්වල කිරීමට හෝ වේදනාවට පත් කිරීමට නොහැකි වේවා!
15. මගේ ජීවිතයේ සෑම අභියෝගයක්ම මට සාර්ථක ලෙස ජය ගැනීමට හැකි වේවා !
16. සෑම දෙයක්ම සිදුවන්නේ හොදටය යන සර්වශුභවාදී අදහසින් යුතුව මම කාලය ගත කරමි !
17. චිත්ත රූප මැවීමත් ස්වයං යෝජනාවත් තුළින් මම මගේ අනාගතය ගොඩ නගා ගනිමි !
18. දිනෙන් දිනම මම ශුභවාදී ලෙස සිතමි !
19. මට අවැසි සියළු දේ මගේ යටිසිතේ බලයෙන් මවෙත ලාගාවෙන බව විශ්වාස කරමි !
20. මම අන්‍යයන්ට හදවතින්ම ප්‍රශංසා කරමි ! හදවතින්ම ඔවුන් අගයමි !
21. නිරන්තරයෙන් මම අනුන්ට උපකාර කරමි !
22. මම රහසින්වත් පව් නොකරමි.එතුලින් මම දෙලොවම සැප ලගා කරගනිමි !
23. සමාජයේ සෑම අංශයකදීම මම දීප්තිමත් වෙමි !
24. මනා පෞරුෂයක් ගොඩ නගා ගැනීමේ හැකියාව මා සතුව ඇති බව මම විශ්වාස කරමි !
25. යහපත් ඕනෑම දෙයක් කිරීමේ හැකියාව මා සතුව ඇති බව විශ්වාසය !
26. මම සත්‍යට ගරු කරමි.ඒ නිසාම යහපත් ගුණගරුක බුද්ධිමත් මිනිසුන් ඇසුර මට ලැබේවා !
27. සියල්ල වෙනස් කර හැක්කේ මගේ යටි සිතේ බලයෙන් බව මම තදින් විශ්වාස කරමි !
28. මම සැබැවින්ම අන්‍යන්ට ආදරය කරමි !එතුලින් සැබෑ ආදරය මම අත්විදිමි !
29. මගේ දරුවෝ අති දක්ෂයින් වේවා ! .ඔවුන්ගේ දක්ෂතා මෙන්ම ලොවේ ඇති සියළු සුන්දර දේ දැකීමට මගේ ඇස් පින් කර ඇති බව මට මට විශ්වාසයි !
30.මෙලොව ඇති සියළු සැප සම්පත් මවෙත ලගා වෙන බව මගේ විශ්වාසයයි ! ඒ සෑම දෙයක්ම යහපතට යෙදවීමේ අරමුණ නිසාම ලොවේ ඇති වටිනාම නිදහස වන මානසික නිදහස මම අද සතුටින් භුක්ති විදිමි !
31. මා අතිශය වාසනාවන්තයෙක් වෙමි.ඒ නිසාම ස්වභාවධර්මය පවා මට අවනත වනු ඇත !
මේ ආකාරයෙන් ඔබේ සිතුවිලි ධනාත්මක කර ගන්න……
වෙනස් සිතුවිලි වලින් සිත ශක්තිමත් කර ගන්න….
කවුරුන් හෝ දැන් ඔබගෙන් ඇසුවොත් “කළුගල සහ දියමන්තිය යන දෙකෙන් වටින්නේ කුමක්ද ?” කියා ඔබ දෙන පිළිතුර ” දියමන්තිය” ……
ඒ ඇයි කියලා ඇසුවොත්
ඔබ සියලු දෙනාම කියයි…..
ඒක ලස්සනයි.
ඒකට හොඳ පිළිගැනීමක් තියෙනවා….
ඒ වගේම හොඳ පෙනුමක් තියෙනවා….
සමාජයේ හොඳ මිලක් තියෙනවා……..
මේ අයුරින් නොයෙකුත් පිළිතුරු.
මේ අයුරින් දියමන්ති හැමතැනම තිබිලා කළුගල් හොයාගන්න අමාරු වුණොත් මේ දෙකින් වටින්නේ කුමක්ද ?
මොහොතක් සිතන්න යම් දෙයකට වටිනාකමක් ලැබෙන්නේ එහි ඇති ලස්සනට වත් පෙනුමට වත් නෙවෙයි එහි ඇති දුර්ලභ බවට සහ එය සොයා ගැනීමට අපහසු වූ විට…..
ඔබත් මේ සමාජයේ දුර්ලභ කෙනෙකු වන්න. තවත් කෙනෙකු අනුකරණය නොකරන්න…..
තමන්ගේ වටිනාකම තමන්ම හදා ගන්න….
කිසිවකු ඉදිරියේ තමන්ගේ වටිනාකම හෑල්ලු නොකරන්න…..
ඔබ දුර්ලභ පුද්ගලයකු වන්න……
හරි දේ පමණක් කරන්න…..
තව දෙයක් මතක තියාගන්න…
දියමන්තියට වුණත් අලංකාර පෙනුමක් එන්නේ ඒ ඔප දැමූ පසුවයි ඔබත් ඔබගේ හැකියාවන් ඔප දමන්න ජීවිතයේ ඉදිරියට යන්න…….
එවිට ඔබත් සමාජයට වටිනා කෙනෙකු බවට පත් වේවි නිරායාසයෙන්ම….
දැන් සැබෑ ලෝකේ උදාහරණයක් එක්ක කතා කරමු.
කවුද කියලා කල්පනා කරනවද, ඔච්චර හිතන්න එපා, ඡායාරූපයේ ඉන්න කෙනා. මම, මම….
දැන් බලන්න, ලංකාවේ eMoney/ඔන්ලයින් මුදල් උපයන ආයතන ඔක්කොම ගැන හිතලා මං ගැන හිතන්න. කොච්චර දුර්ලභද, කිසි කෙනෙක්ට සමාන කරන්න පුලුවන්ද, ලං වෙන්න පුළුවන්ද, කොපි කරන්න පුළුවන්ද?
💎 දියමන්තියක් වගේ ශක්තිමක් ලස්සන 🙂 වටිනා කෙනෙක්නේ. හා නැද්ද…. වෙන ආයතන වල ධම්මික පෙරේරා, ජැක් මා වගේ වෙන්න උගන්වනවා එයාලගේ ෆොටෝ දාලා. මොකද ඒවගේ සාර්ථක වුන කෙනෙක් නෑ. හැබැයි අපේ එකේ මම කියන්නේ මම වගේ වෙන්න කියලා….
අනික දවසම සුභ වෙනවා මේ වගේ අහිංසක, පැහැපත්, Handsome, Deposit කොල්ලෙක් දැක්කහම…. හා නැද්ද… හරි දැන් වැඩ කරන්න, මං ගැන හිතුවා ඇති….
Business HUB කියන්නේ බිස්නස් හදන, හැදෙන තැනක්…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla