විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උණා.
මොවුන් සියලුදෙනාම වෘත්තීයමය වශයෙන් ඉතා ඉහල මට්ටම්වල රැකියාවල නිරත වූවන්.
මොවුන්ගේ පැමිණීමෙන් වයසක මහාචාර්යවරයා ඉතාමත් සතුටට පත්වුණා .
ඔවුන් ආගිය තොරතුරු කතාකලා.
ක්‍රමානුකූලව ඔවුන් කතාකල මාතෘකාව රැකියාව සහ ජීවිතය, ඒ ආශ්‍රිතව ඇතිවන මානසික පීඩනය දෙසට යොමුවුණා.
රැකියාව සහ ජීවිතය පිලිබඳව ඔවුන් මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් සාකච්චා කළා.
මේ අවස්තාවේදී කෝපි පානය කිරීමට සියලු දෙනාටම ආරාධනය කල මහාචාර්යවරයා මුලුතැන්ගෙයට ගොස් විශාල කෝපි ප්ලාස්කුවක් රැගෙන ආවා.
එමෙන්ම විවිධ වර්ගවල කෝප්ප එකතුවක් සහිත ට්‍රේ එකක් ද කෝපි ප්ලාස්කුව අසලින් ගෙනැවිත් තැබුවා.
එහි පෝල්සිලේන්, ප්ලාස්ටික්, වීදුරු සහ ක්‍රිස්ටල් ආදී විවිධ වර්ගවල කෝප්ප අසුරා තිබුණා.
සමහරක් කෝප්ප ඉතාමත් මිල අධික ඒවා වූ අතර අනිත්වා බාල මට්ටමේ කෝප්ප උණා.
තම තමන් වෙනුවෙන් කෝපි පිලියෙල කරගන්නා ලෙස මහාචාර්යවරයා සියලුමදෙනාට ආරාධනය කළා.
සියලුම දෙනා තම තමන්ගේ කෝපි කෝප්ප පිලියෙල කරගැනීමෙන් අනතුරුව මහාචාර්යවරයා මෙසේ පැවසූවා.
“ඔබට නිරීක්ෂණය කරන්න පුලුවනිද මෙතන තිබුනු සියලුම මිල අධික දැකුම්කලු කෝප්ප ඔබ කෝපි පානය සදහා පාවිච්චිකරලා තියෙනවා කියලා. ඒ වගේම මිලෙන් අඩු බාල කෝප්ප සියල්ලම මේසය මත ඉතිරිවෙලා”
සියලුමදෙනා සිනහවකින් යුතුව එය අනුමතකලා.
මහාචාර්යවරයා තවදුරටත් කතාකලා.
“ඔබ සියලුමදෙනාටම අවශ්‍ය කරන්නේ හොදම දේ, ඒ වගේම මිලෙන් අධිකම දේ,
අන්න ඒ නිසයි ඔබ හොදම කෝප්ප තෝරගත්තේ,”
ඔහු මෙසේ ද පැවසූවා.
“අන්න ඒ නිසයි ඔබ රැකියාවේදී සහ ජීවිතයේදී බොහෝ මානසික පීඩනයන්ට ලක්වෙන්නේ”
“හොදින් තේරුම්ගන්න,
කෝප්පයේ මිල, හැඩය හෝ ප්‍රමාණය කවදාවත් කෝපිවල රසයට බලපෑමක් ඇතිකරන්නේ නෑ.
ඒ වගේම කෝප්පය කොච්චර මිල අධික උනත් අපි බොන දෙය සගවලයි තියාගන්නේ .”
සිසුන් මහාචාර්යවරයා දෙස බලාසිටියා.
“ඇත්තටම ඔබට අවශ්‍ය උනේ කෝපි පානය කරන්න. ඒත් නොදැනුවත්වම ඔබ තෝරගත්තේ මිල අධිකම කෝප්ප.”
ඔවුන් එවිට එකිනෙකාගේ කෝප්ප දෙස බලමින් සිටියා.
“දැන් සිතන්න”
මහාචාර්යවරයා සන්සුන්ව කතාකලා
“ජීවිතය කියන්නේ කෝපි කියලා ,”
“ඒ වගේම රැකියාව, මුදල්, තානාන්තර සහ සමාජය කියන්නේ කෝප්ප වලට කියලා ”
“මේ හැමදෙයක්ම ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙන ආධාරක පමණයි.
අපි අතේ තියෙන කෝප්පයේ වර්ගය කෝපි වල රසය හෝ ගුණාත්මකභාවය වෙනස්කරන්නේ නෑ වගේමයි ඉහත මා සදහන් කල දේවල්වලට අපේ ජීවිතය තීරණය කරන්නත් බෑ.”
“බොහෝ අවස්තාවලදී අපි කෝප්පය පිලිබඳව අවධානය යොමුකරන්න ගිහින් කෝපි රසවිඳින්න අමතක කරනවා.”
“ඒ වගේමයි ජීවිතයත්.”
“කෝපි රසවිදින්න, කෝප්පය නෙවෙයි,”
“ඒ වගේම ජීවිතයත්, ජීවිතය රසවිදින්න,
රැකියාව, නිලතල, මුදල් හෝ සමාජය නෙවෙයි”
ලෝකයේ සතුටින්ම ජීවත්වෙන මිනිස්සුන්ට හැමදේකම හොදම දේ නැහැ.
නමුත් ඔවුන් සතු හැමදෙයක්ම හොදම දේ බවට පරිවර්තනය කරගන්නවා
සරලව ජීවත්වෙන්න.
නිර්ලෝභීව ආදරය, කරුණාව දක්වන්න.
හොදින් සොයා බලන්න.
කරුණාවෙන් කතාකරන්න.
ඔබගේ ලෝකය මෙන්ම අපගේ ලෝකයත් ලස්සනවේවි එවිට…
Business HUB කියන්නේ ඔබට අවශ්‍ය හැමදේකටම පාර පෙන්වන තැනක්. හොඳ ගුරුවරයෙක්… ඔබට අවශ්‍ය සියල්ලම මුදුන් පමුණුවාගන්න හොඳම තැන තමයි මේ. ආදායම් සොයන්න නැතත් යමක් ඉගෙන ගන්න හරි දවසට පුංචි වෙලාවක් වෙන් කරන්න.
Business HUB වල ආයෝජන ක්‍රම නැති නිසා බොහොමයක් අය Business HUB සමඟ සම්බන්ධ වෙන්නේ නෑ. Business HUB වල ලෙවල් වලට ගෙවීම් නැති නිසාත්, නිදාගෙන ඉන්නකොට මුදල් ලැබෙන ක්‍රම නැති නිසාත් ඒක වෙනවා. එක ආදායම් ක්‍රමයකට සීමාවෙලා නැති නිසාත් බොහොමයක් අය අපට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒත් Business HUB කියන දියමන්ති ආකරය ඉවසීමෙන් හාරන කෙනාට වැඩිකල් යන්නට පෙර වාසනාව උදාවේවි…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla