Select Page

විශාල ලෙස සිහින, අරමුණු සහ ඉලක්ක හඹායන ඔබ ඒවා යථාර්ථයක් බවට පත්කරගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා ඇති.එමෙන්ම සිහින විශාල බැවින් එවන් සිහින යථාර්ථයක් කරගැනීම අපහසු බවත් විටෙක ඔබට හිතෙනවා ඇති.එවන් සිතිවිලි සහිත ඔබටත් ,නොනැවතිවම අරමුණු සහ ඉලක්ක පසුපස හඹායන ඔබටත් වැදගත් වන ඉතාමත් කෙටි නමුත් අතිශයින් වැදගත් රීති කිහිපයක් පිළිබඳවයි මෙම සටහන…

01 ) ඔබේ ඉලක්ක මොනවාදැයි දැනගෙන ගමන ආරම්භ කරන්න.ඔබට ඇති ඉලක්ක පිළිබඳව සියල්ලන්ටම පෙර ඔබ හොඳින් දැනුවත්ව සිටිය යුතුයි.

02) ඔබට යම් සිහිනයක් සාක්ෂාත් කරගැනීමට අවැසි නම් එය හැබෑකරගැනීමට අවශ්‍ය වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට නිසි පිළිතුරක් ඔබ සතුව තිබිය යුතුයි.ඊට වලංගු සහ නිසියාකාර පිළිතුරු ඔබ සතුව ඇත්නම් සිහින සාක්ෂාත් කරගැනීමට ඇති අවස්ථා නිරායාසයෙන්ම වැඩිවනු ඇත.

03) කාලය විශ්වාස කරන්න.ඔබ ඔබේ ජීවිතය තුළ කාලය පිළිබඳව විශ්වාස කරන්න.කාලය කියන්නෙම අපූරු නිර්මාණකරුවෙක්.ජීවිතයේ බොහෝ දෑ කාලය විසින් නිර්මාණය කරාවි.

04) ඔබ දකින ඕනෑම විශාල ඉලක්කයක් කුඩා පියවරවලට වෙන්කරමින් ක්‍රමයෙන් ඉදිරියට යන්න.එවිට දිනක ඔබට විශාල සිහිනයන් යථාර්ථයක් කරගත හැකිය.

05) අරමුණු කරා යන තෙක්ම ඔබ ඔබට හැකි උපරිමය ගැන ලෝකයාට පෙන්වීමෙන් වළකින්න.සෑම විටම උපරිමයට වඩා මදක් අඩුවෙන් කියන්න ,පෙන්වාදෙන්න.අවස්ථාව පැමිණි විගස ඔබට ඔබේ සියල්ල පිළිබඳව අනෙකාට කිවහැකිය.පෙන්වාදිය හැකිය.

06) ඔබ සාර්ථක වන්නේ ඔබ ලබන ප්‍රගතිය මත මිස අන් අය ඔබ ගැන සිතන දේවල් සහ අනුමාන කරන දේවල් මත නොවේ.එබැවින් සෑමවිටම ඔබ ඔබේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමුකරන්න.

07) ඔබට ඕනෑම දෙයක් සාක්ෂාත් කරගත හැකිය, නමුත් ඒ සියල්ලම නොවේ.

08) ඔබට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම්, සෑම දෙයකදීම තරඟකාරී වන්න.නමුත් එක් දෙයකදී සුවිශේෂී වන්න.එනම් ඔබේ විෂය තුළ සුවිශේෂී අයෙක් බවට පත්වන්න.

09) සාර්ථකත්වය යනු ස්වයං ක්‍රීඩාවකි.එහිදී ඔබ දිනන්නේ ඔබවම ජයග්‍රහණය කර ඇතනම් පමණයි.එනිසාම සෑමවිටම තමාව දිනවීමට උත්සාහ ගන්න.

10) යමක් නිම කිරීම සෑම විටම පාහේ එයින් පරිපූර්ණත්වයට පත්වීමට වඩා හොඳය.මේ වනවිටත් ඔබ නිම නොකළ දේවල් පිළිබඳව සොයාබලන්න.වසර තුළ ඔබට නිම කිරීමට තිබූ දෑ කොයිතරම් නම් සාර්ථක ලෙස අවසන් කළේද යන්න සොයාබලන්න.ස්වයං අධ්‍යනයක යෙදෙන්න.

11) යමක් ආරම්භ කිරීමට හොඳම කාලය ඊයේ වියහැකියි.නමුත් එය කළ නොහැකි වූවා නම් කණගාටු නොවන්න.මන්ද ඊට යෝග්‍ය දෙවන හොඳම කාලය අදයි.දැන් නැවත ආරම්භ කරන්න.

12) ඉලක්ක කරා යන ගමන සාර්ථක ගමනක් වීමට නම් සමහර විට ඔබට අතීතය මරා දැමීමට සිදුවනු ඇත.එනම් ඇතැම් අතීතයන් වර්තමානය තුළ ඔබව වෙහෙසවනවා පමණි.අනාගතයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව සලසා නොදෙයි.

13) ඔබට යා යුතු තැනට ඔබව රැගෙන නොයන සෑම දෙයකටම ” එපා “යැයි පැවසීමට තරම් ශක්තිමත් අයෙක් බවට පත්වන්න.එනම් බාධාවක් වන සෑම තැනක්ම මඟහැර ඔබ ඔබේ අවසාන ඉලක්කය සාක්ෂාත් කරගන්න.

14) මූලිකවම ඔබ බලාපොරොත්තු වූ දෑ තවදුරටත් වෙනස් වී නොමැති නම් ඔබ ඔබේ ඉලක්කය වෙනස් නොකරගන්න.

15) සෑමවිටම කාර්යබහුල වීම ( busy ) සහ ඵලදායී වීම ( productive ) අතර ඇති වෙනස ඉගෙන ගන්න.එනම් ඔබ ඵලදායි යමකට කාර්‍යබහුලවීමත් වෙනත් දෑ වෙනුවෙන් අනවශ්‍ය ලෙස කාර්‍යබහු වීමත් එකක් නොව දෙකක් බව සිහිතබා ගන්න.

16) කාලයක් තිස්සේ වැඩකිරීමෙන් ලද වෙහෙස නිවාගැනීමට හෝ යම්කිසි කාලයක් වෙනුවෙන් මදක් විවේක ගැනීම සාමාන්‍ය දෙයකි.නමුත් එලෙස ගන්නා විවේකය තුළදී මෙතෙක් ගොඩනඟාගත් වටිනාකම් අත්හැරීමට උත්සාහ නොගන්න.

17) යම්කිසි ගැටලුවක් ඇති වූ විගස එම ගැටලුව පැහැදිලිව නිර්වචනය කරගැනීම ඊට ඇති විසඳුමෙන් හරි අඩකි.එනම් ඔබ ගැටලුවෙන් බොහෝදුරට නිදහස්ව සිටියි.

18) ඔබට හැකි සෑම තැනකදීම අන් අයට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උදව් කරන්න.සහය වන්න.එවිට ඔබ ඔබේ කටයුතුවලදී ද සාර්ථක ලෙස තම ඉලක්ක සපුරාලනු ඇත.

19) ඔබ හා සමාන ගමනක සාර්ථක ලෙස ගමන් කරමින් සිටින පුද්ගලයින් සමඟ පමණක් ඔබේ ඉලක්ක බෙදා ගන්න.ඇතැම්විට ඔබට ඔවුන්ගේ අදහස් හා යෝජනා ද බෙහෙවින් ප්‍රයෝජනවත් වියහැකිය.

20) සාර්ථකත්වය යනු ඉලක්කම් සහිත ක්‍රීඩාවක් හා සමානය.එය ඔබ කොපමණ වාර ගණනක් උත්සාහ කිරීමට කැමතිද යන්න මත ජයග්‍රහණය තීරණය කරයි.

21) ඔබට සතුටක් ගෙන දෙන යමක් වේ නම් එය වෙනත් කෙනෙකුට ද අනිවාර්යයෙන්ම අර්ථවත් විය යුතුය යනුවෙන් නියමයක් නැත.එනම් සතුට යනු සාපේක්ෂ දෙයකි.ඔබට සතුටක් ගෙනෙන යමක් තවකෙකුට කිසිදු අර්ථයකින් තොර දෙයක් වුවද වියහැකිය.

22) ඔබට ඇති ඉලක්ක තුළ විඳීමටද යමක් තිබිය යුතුය.

23) කොහෙත්ම ඔබ උපදෙස් ලබා ගැනීමට නොයන අයෙකු විසින් කරනු ලබන හුදු විවේචන බාරනොගන්න.ඒවා තුළ ඇත්තේ හිස් බවම පමණක් යන්න කාලයත් සමඟ ඔබට වැටහෙනු ඇත.

24) ඔබ දකින ඉලක්ක හැබෑවෙන අයුරු නිරන්තරයෙන්ම දෘශ්‍යමාන ( Visualize ) කරන්න.එය ඔබට ඔබේ අරමුණු කරා යාමට ධනාත්මක උත්තේජනයන් සපයයි.

25) ඔබ අද දවස සාර්ථක ලෙස ප්‍රයෝජනවත් ලෙස ගතකළා නම් ඔබට ක්‍රමයෙන් සතිය, මාසය, වසර ජයග්‍රහණය කරමින් අවසානයේ ඔබේ ජීවිතය ද සාර්ථක ලෙස ජයගත හැකිය.

26) හෙට කරන දේ පිළිබඳව අද සටහනක් තබාගන්න.එය ඔබට හෙට දවස සාර්ථක කරගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වියහැකිය.

27) යකඩය රත් වූ විගස එය තලා මුවහත් ආයුද තැනිය යුතුය.එනම් අවස්ථාව පැමිණි විගස මදක් හෝ ප්‍රමාද නොවී එයින් ලැබිය හැකි උපරිම ප්‍රයෝජන ලබාගත යුතුය.

28) ඔබ කවුද සහ ඔබ කරන්නේ කුමක්දැයි මිනිසුන් නොදනිති.නමුත් අවසානයේ ඔබ ලබන ජයග්‍රහණයන් ඔබ පිළිබඳව කතා කිරීමට මාතෘකා නිර්මාණය කරයි.

29) යමක් ආරම්භ කිරීමට යාමේදී ඔබට නොයෙකුත් ගැටලු තිබිය හැකිය.නමුත් ඒ සියලු ගැටලු සඳහා පිළිතුරු අවශ්‍ය නොවේ.ඊට පරිපූර්ණ පිළිතුරු සොයමින් සිටියහොත් ඔබට කිසිවක් ආරම්භ කිරීමට කාලයක් හෝ අවකාශයක් නොලැබෙනු ඇත.

30) ජීවිත කාලය පුරාවටම දිගුකාලීනව ඉගෙනගන්න.එනම් සාර්ථකව ජීවිතය ගෙනයාමට අවැසි කුසලතා මොනවාද යන්න මැනවින් ඉගෙනගන්න.

31) ඔබ කළ යුතු දේ කුමක්ද යන්න දන්නේ නම් එය එලෙසම ක්‍රියාත්මක කරන්න.නමුත් ඔබ කුමක් කළ යුතු දැයි නොදන්නේ නම් එය කළ යුතු ආකාරය පිළිබඳව නොපමාව ඉගෙන ගන්න.

32) වරින්වර ඔබ තබන කුඩා පියවරවල් අසාර්ථකව ගිය විට එයින් ලද අත්දැකීම් පන්නරයක් කරගනිමින් ඊළඟ මොහොත තුළ ඉතාමත් සාර්ථක ලෙස ඔබට ඕනෑම විශාල ඉලක්කයක් සාක්ෂාත් කරගත හැකිය.

33) නිරන්තරයෙන්ම ඔබ ඔබේ ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කරන්න.එවිට ඔබට ඔබේ අඩුපාඩු ,දුර්වලතා ,මඟහැරීම් වඩාත් පැහැදිලිව පෙනෙනු ඇත.

34) ඔබට අවශ්‍ය අරමුණු සහ ඉලක්ක ඔබ විසින්ම තෝරා ගත යුතුය.ඒවා තවත් අයෙකුගේ තේරීමක් නොවී පැහැදිලිවම ඔබේම තේරීම් වියයුතුය.

35) සෑම දිනකම ඔබ ඔබෙන්ම මෙසේ අසන්න.එනම් ” මගේ ඉලක්කයට මාව වඩාත් සමීප කරවන මේ මොහොතේ මට කළ හැකි කුඩා දෙය වුව කුමක්ද ? “.ඊට ඔබ තුළින්ම ලැබෙන ධනාත්මක ප්‍රතිචාරය අනුව එසැනින්ම ක්‍රියාත්මකවන්න.

36) ඉලක්කයක් සපුරා ගැනීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද යන්න පළමුව නිර්වචනය කරගන්න.

37) ඔබේ අරමුණු ඔබ විසින් සාක්ෂාත් කර ගත් විට ඔබ එය පිළිබඳව දැන ගන්නේ කෙසේදැයි නිර්වචනය කරගන්න.සරලවම ඔබ ඉලක්කයක් සපුරාලීම පිළිබඳවත් එකී ඉලක්කය සපුරාගෙන ඇති බව ඔබ විසින්ම දැනුවත් වන ආකාරයත් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගන්න.

38) ඔබට ඔබේ අරමුණු සාක්ෂාත් කරගත හැකි බව දැඩිව විශ්වාස කරන්න.

39) ඔබේ ඉලක්ක වෙත අවධානය යොමු කරන්න.එය සෑමවිටම පාහේ වියයුතු දෙයකි.ඔබට ඒ පිළිබඳව ඇති අවධානය ගිලිහී ගිය විට මෙතෙක් ඔබ දුටු ඉලක්ක සහ අරමුණු ද ඔබෙන් සෑහෙන දුරකට ගමන් කරයි.

40) කාලයට සෑමවිටම වටිනාකමක් ඇත.එනිසාම එවන් වටිනා කාලය මිලදී ගැනීමට සහ කාලය විකිණීමේ කලාව ඉගෙන ගන්න.එනම් ඔබ කාලයට නිසි වටිනාකමක් දෙමින් එයින් උපරිම ප්‍රයෝජන ලැබිය යුතු බවයි.

41) ඔබ යමක් පිළිබඳව විශ්වාස නොකරන බව ඔබ විශ්වාස කරන්නේ නැහැ, ඔබ එසේ කරන විට, ඔබට ඔබව රැගෙන නැවත යාමට හැකි වනු ඇත.

42) ඔබ ස්ථීර ලෙස කරන ලද සාමාන්‍ය කාර්‍යන් ඔබ විසින් වරකට වරක් පමණක් කරන ලද අසාමාන්‍ය කාර්යය අභිබවා යයි.

43) ඔබ සතුව ඇති මූල්‍ය හැකියාව සම්පූර්ණ වශයෙන්ම පිටතට පෙන්වීමට උත්සාහ නොකරන්න.

44) යමක් ක්‍රියාත්මක කිරීමේදී එයින් සැබෑ ප්‍රගතියක් ඇති වන්නේ ඔබ අභිප්‍රේරණය වෙමින් තවමත් එම කාර්යයේ නිරතව සිටින විටය.

45) තවමත් ඔබ ඉලක්ක සපුරා නොමැත.ඔබට මෙම ක්‍රීඩාව තුළ ඔබ බලාපොරොත්තු වන ජයක් ලැබෙන තුරුම අත්නොහරින්න.

46) ඔබේ ජීවිතය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් කැමරා කණ්ඩායමක් විසින් රූගත කරන බව මවාපාන්න.එසේ නම් ඔබ ඊට උපරිම සාධාරණයක් ඉටුකළ යුතුයි !

47) වියදමකට පෙර ඊට අදාළ පිරිවැය සොයා ඔබ එය ගෙවීමට කැමති දැයි බලන්න.

48) සෑම දෙයක්ම සාකච්ඡා කළ හැකිය.ඔබ තුළ ඇති සාකච්ඡා කළ නොහැකි දේ මොනවාදැයි යන්න දැනගන්න.

49) සෑම ප්‍රතික්ෂේප වීමක් හා සෑම බාධාවක්ම ජයග්‍රහණයට අභියෝගයක් වියහැකිය.නමුත් එලෙස ප්‍රතික්ෂේප වීම හා බාධාවන්ට සාර්ථකව මුහුණදීම ජයග්‍රහණයේම වෙන්කළ නොහැකි කොටසකි.

50) ” ඔබ දිනුවොත් ” …සැබැවින්ම ඔබ දකින අරමුණු ,ඉලක්ක සාක්ෂාත් කරගනිමින් ඔබ ජයග්‍රහණය කළහොත් යන ධනාත්මක සිතිවිල්ල නිතර මනසේ තබාගන්න.

මෙම කෙටි රීති ජීවිතයට ආදේශ කරගනිමින් ඔබ ඔබේ ඉලක්ක සහ අරමුණු යථාර්ථයක් කරගැනීම උදෙසා පියවර තබන්න.

උපුටාගැනීම buzzfeed .lk වෙබ් අඩවිය. කතෲ අවිනිශ්චිතයි.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla