දේශකයෙක් දේශනය අතර තුර ඩොලර් 100ක නෝට්ටුවක් අතට ගෙන මෙයට කැමති කවුදැයි සිසුන්ගෙන් විමසුවා…. සියලු දෙනාගේ අත් ඉහළට එසවුණා.
දේශකයා ඉන්පසු මෙසේ පැවසුවා,
“මම මේ ඩොලර් 100 ඔබගෙන් කෙනෙකුට දෙන්නම්, නමුත් ඊට කලින් අපි පොඩි දෙයක් කරමු.”
දේශකයා ඩොලර් සියයේ නෝට්ටුව බිම දමා එය ඔහුගේ සපත්තුවෙන් පාගා ඇඹරීමට පටන් ගත්තා. ඉන්පසු ඔහු එය අතට ගත්තා. දැන් එය ගුලි වෙලා, ඇඹරිලා, අපිරිසිදු වෙලා.
“දැන්, තවමත් එය අවශ්‍ය කාටද❓”
දේශකයා නැවතත් සිසුන්ගෙන් විමසුවා.
පෙර පරිදිම සියලු දෙනාගේ අත් ඉහලට එසවුණා. දේශකයා සුලු නිහැඩියාවකින් නැවතත් හඩ අවදි කලා.
“ඔබ සැවොම ඉතා වටිනා පාඩමක් ඉගෙන ගත්තා. මා මෙම ඩොලර් නෝට්ටුව අපිරිසිදු කලා, මගේ සපත්තුවේ මඩ එහි තැවරිලා, ගුලි වෙලා ඇඹරිලා ගිහින් එය. ඔබට තවමත් එය අවශ්‍ය වූයේ ඒ සියලු දේ අවසානයේදීත් එහි වටිනාකම අඩු නොවීම නිසා නේද… මෙම නෝට්ටුව තවමත් ඩොලර් 1️⃣0️⃣0️⃣ක් වටිනවා.
අපගේ ජීවිතයේදීත් ඕනෑ තරම් අප බිඳ වැටී ඇති, මඩ තැවරී ඇති, අතහැර දමා ඇති. අප ගන්නා තීරණ සහ අප කල කී දෑ අනුව අපිරිසිදු තත්වයට පත්වෙලා ඇති. සමහර විට අප විසින් වගකිව යුතු නැති හේතූන් නිසා පවා එහෙම වෙලා ඇති.
ඔබ කිසි වැදගැම්මකට නැති කෙනෙක් කියලා ඔබටම හිතිලා ඇති. නමුත් කුමක් සිදු වුනත් එම සිදු වන දෙය අනුව ඔබේ වටිනාකම අඩු වෙන්නෙ නැහැ. ඔබට කිසි විටෙකත් ඔබේ වටිනාකම් අහිමි නොවනු ඇති.
පිරිසිදු හෝ අපිරිසිදු බව අනුව නොවෙයි ඔබට ආදරය කරන අය ඔබ හට වටිනාකමක් දෙන්නේ ..ඔබේ ජීවිතයේ වටිනාකම පැමිණෙන්නේ ඔබට සිදුවන දෙය අනුව හෝ ඔබ දන්නා අය තුළින් නොවෙයි…
“අප කවුරුන්ද❓” යන්න මතයි අපේ ජීවිතයේ වටිනාකම තීරණය වන්නේ.
අප කරන කියන දෑ අනුව, අප මුහුණ දෙන අත්දැකීම් අනුව අපේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒත් වටිනාකම විනාශ වෙන්නේ නැහැ. ස්වයං අවතක්සේරුව තමයි මේ ලෝකේ කෙනෙක් ලබන දරුණුම අපහාසය.
මම කොහොමද සතුටින් ජීවත් වෙන්නෙ?…..
මගේ සතුට කොහේද තියෙන්නේ ….?
මාව සතුටින් තියන්න පුළුවන් කාටද?
අවුරුදු ගාණක් තිස්සේ උත්‍තරයක් හොයපු ප්‍රශ්නයක් නෙමෙයි මේක ප්‍රහේලිකාවක්……….
හති දාගෙන, නිදි මරාගෙන, කුසට නිසි අහරක් නැතිව, තමන්වත් අමතක කරලා දාලා අපි හැමෝම හැල්මේ දුව දුවා හොයන දේ.. “සතුට”
” කොහොමද අපි සතුටින් ඉන්නේ ” හරි අපූරුවට පැහැදිලි කරන සරල කතාවක්….
එක්තරා දේශනයකදී එහි දේශකයා එම දේශනයට සහභාගි වී සිටි එක් යුවලක් තෝරා ගෙන, එම බිරිඳගෙන් මෙහෙම අහනවා.
“ඔබේ ස්වාමියා ඔබව සතුටින් තබනවාද?”
ඒ මොහොතේ ඇයගේ ස්වාමියා බොහොම ආඩම්බරයෙන් බිරිදගේ පිළිතුර ලැබෙන තුරු ඇය දෙස බලා සිටියා. තම බිරිඳගේ පිළිතුර නිසැකවම “ඔව්” යන්න බව ඔහු තදින්ම විශ්වාස කළා.
ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට ඇය කිසි දිනක කිසිදු ආකාරයක පැමිණිල්ලක් සිය ස්වාමියාට යොමු කර තිබුණේ නැහැ. එහෙත් මේ මොහොතේ,,,
ඇයගේ පිළිතුර.. “නැහැ..”
කිසිවෙකු එවන් පිළිතුරක් අපේක්ෂා කලේ නැහැ. සභාවේ සිටි සියලු දෙනා ඇයගේ ස්වාමි පුරුෂයා දෙස උපහාසාත්මක සිනහවක් පෑවා. ඔහුගේ මුහුණ හරිම නොසන්සුන්. කිසිදා තම ආදරණීය බිරිදගේ මුවඟින් අපේක්ෂා නොකළ පිලිතුරක්…
බිරිද තව දුරටත් ඇයගේ හඩ අවදි කලා.
“මගේ ස්වාමි පුරුෂයා මා සතුටින් තැබිය යුතු යැයි මා කිසිදා අපේක්ෂා කලේ නැහැ.”
“මා පැවසුවේ ඇත්ත. මගේ ස්වාමිපුරුෂයා කවදාවත් මාව සතුටින් තිව්වේ නැහැ.
එ වගේම මම බලාපොරොත්තු වුණේ නැහැ කවදාවත්ම ඔහු මා සතුටින් තැබිය යුතුය කියලා.
ඇත්තටම ඔබට පැවසීමට ඇති වැදගත්ම කාරණාව තමයි, මම ජීවත් වෙන්නේ ගොඩක් සතුටින්…”ඇය මෙලෙස පවසද්දී හැමෝගේම අවධානය තවත් වැඩි වුණා.
ඇය බොහෝම ඉවසිල්ලේ සභාවේ සියලුම දෙනාගේම ප්‍රහේලිකාව විසදමින් ඉදිරියට ගියා.
“මම කවදාවත් මගේ සතුට තවකෙකු මත රඳා පවතිනවට කැමති වුණේ නැහැ. මා සතුටින් තැබිය හැකි එකම පුද්ගලයා මා පමණක්ම බව කුඩා කල සිට මම විශ්වාස කලා. කුඩා කල පටන් ජීවිතයේ සෑම මොහොතක දීම, මුහුණ දුන් සෑම සිදුවීමකදීම මා තෝරා ගත්තේ සතුටින් ජීවත් වීමටයි. එහෙත් ඒ සෑම මොහොතකම මගේ සතුට වෙනත් කෙනෙක් මත රඳා පැවතුනා නම් ඇත්තටම මට වෙන්නේ විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්න විතරයි…..
සභාවම ඉතා නිහඩව ඇයව අසා සිටිනවා. ඇය දිගින් දිගටම සිය හඬ අවදි කළා.
“ජීවිතයේ සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා. මා වටා සිටින පුද්ගලයින්, ධනය, බලය, රැකියාව මෙන්ම මගේ කායික මානසික සුවය ආදී සියලූම දේවල් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මට අවශ්‍ය වුණේ සිදුවෙන ඕනෑම දෙයකදී මා සතුටින් සිටීමටයි.
මට බොහෝ දේ අයත් වුණත්, ස්වල්ප දෙයක් අයත් වුණත් මා සතුටින් සිටියා. මා දුප්පත් වුනත්, ධනවත් වුනත් මම සතුටින් සිටියා.
මම විවාහකයි… නමුත් මා තනිකඩව සිටි කාලයේදීත් සතුටින් සිටියා. ඒ නිසා මට සතුට සොයා ගැනීම සදහා විවාහය අවශ්‍ය වුණේ නැහැ. සැබැවින්ම මම මා නිසා සතුටින්…
මෙහි යථාර්ථය, මා සතුටින් සිටින්නේ මගේ ජීවිතය පහසුවෙන් ගත කළ හැකි නිසාවෙන් නොවෙයි.
මා සතුටින් ජීවත් වෙන්නේ, පුද්ගලයකු ලෙස සතුටින් සිටීමේ තීරණය මා විසින් ගෙන ඇති නිසා. සරලව කියනවා නම් මගේ සතුටට වගකිව යුතු වන්නේ මා පමණමයි.
ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා මගේ ජීවිතය ඉතා සරලව සහ සැහැල්ලුවෙන් ගත කරන්න, ජීවත් වෙන්න. කිසිදා කිසිවෙකුට ඔබේ සතුට පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
ඔබට කුමන දේ තිබුණත්/ නොතිබුණත්… ඔබට කවරෙකු හෝ ආදරේ කලත්/ නොකලත්.. ඔබ කුමන රැකියාව කළත්…
ඔබට සෑම මොහොතකම සතුටින් සිටිය හැකියි…
ඇය සිය කතාව අවසන් කරන විට කිසිවෙකු අත්පොළසන් දෙන හඩක් ඇසුණා.. අත්පොලසන් දීම ආරම්භ කලේ වෙන කිසිවෙකු නෙවෙයි,, ඇයගේ සැමියා….
ඒ සමඟම මුලු සභාවම අත්පොලසන් හඩින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැහැ….
සෑම විටම ඔබ ඔබටම විශේෂ පුද්ගලයෙක් කර ගන්න …..එය කිසි විටෙකත් අමතක නොකරන්න….හැකි සෑම මොහොතකම සතුටින් සිටින්න.
ඡායාරූපය : ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය, විශිෂ්ටතම වෙබ් අඩවිය සහ විශිෂ්ටතම ජංගම දුරකතන යෙදුම යන සම්මාන 3 ලබාගත් අවස්ථාව…
සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla