Select Page

අලුත් අවුරුද්දේ ඔෆිස් අඳින්න ෂර්ට් එකක්, කලිසමක් නැද්ද? (මිතුරන් සමඟ පෝස්ට් එක ශෙයාර් කරගන්න)

අලුතෙන් ගන්න සල්ලි නැද්ද?

ඔෆිස් දාන්න සපත්තු දෙකක් නැද්ද?

ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ගමනක් යන්න ලස්සන ෂර්ට් එකක් නැද්ද?

ඩෙක් ෂූෂ් දෙකක් නැද්ද?

ලස්සන ෂෝටක් ඇඳගෙන ගමනක්‍ යන්න ආසද?

පන්ති අඳින්න ඇඳුමක් නැද්ද?

එහෙනම් දැම්මම මට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.

බොහොමයක් මාව පෞද්ගලිකව අඳුරන අයනම් දන්නවා මගේ විනෝදාංශය වර්ණ ගලපලා ඇඳුම් අඳින එක කියලා. සාමාන්‍යයෙන් අද ඇඳුමක් ඇන්දොත් ආයේ ඒක අවුරුද්දකට පස්සේ අඳින්න තරම් ඇඳුම් තියේ මට. විවිධ වූ වර්ණ ගලපලා ඇඳුම් ඇඳලා ඡායාරූප ගන්න එම මගේ එක් විනෝදාංශයක්. මට ජීවිතේ වියදම් කියලා තියෙන්නේ ඉන්ටර්නෙට් බිල් වලට අමතරව මූලිකව ඇඳුම් තමයි. මම ව්‍යාපෘති වලදි දවසකට ඇඳුම් 50 වඩා මාරු කරනවා. උපරිම ෂර්ට් 76 මාරු කල දිනයකුත් තියේ. (වාර්තාවක් තියන්න ඕන ඉදිරියේදි 😁) මාත් එක්ක ට්‍රැවල් කරපු අය ඒක දන්නවා ඇතිනේ. ගොඩක් වෙලාවට එක ඇඳුමක් අඳින්නේ දවසකට විනාඩි 15ක් විතර. මගේ ඇඳුම් ගොඩක් පරණ වෙන්නේ අල්මාරියේ දාගෙන ඉඳලා මිසක් ඇඳලා නෙමේ. සාමාන්‍යයෙන් මගේ ඇඳුම් ඕනනම් 10 පාරක් වගේ ඇඳලා ඇති. 2016 විතර ගත්ත ඇඳුම් තියේ දෙවරක් පමණ ඇන්ද. ගොඩක් මිළ අධික ඇඳුම් තියෙන්නේ. ශර්ට් එහෙම සාමාන්‍යයෙන් රු.4,000ක් පමණ වටින ඒවාත් තියේ. සපත්තු රු.5,000 – රු.9,000 පමණ වටිනවා. කලිසම් රු.2,500 – රු.4,500 අතර.

ඉතිං මේ දවස් වල ගොඩක් අයට සල්ලි අගහිඟකම් තියේ. මමත් බිස්නස් HUB පේජ් එකේ වැඩ නිසා එක දිගට ඉන්නේ ගෙදර මාස කිහිපයක් යනකම්. ඒ නිසා මට වැඩිය ඇඳුම් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ හින්දා මම හිතුවා ගොඩක් ආර්ථික අපහසුතා තියෙන පේජ් එකේ ඉන්න Followers කිහිපදෙනෙක්ට ඇඳුම් ටිකක් දෙන්න. මේ වෙලාවේ මට 120 දෙනෙක්ට වගේ උදව් කරන්න පුලුවන්. මම මේ පෝස්ට් එකම මගේ පෞද්ගලික ප්‍රොෆයිල් එකෙත් පළකරන නිසා ඒකේ ඉන්න යාලුවොත් ගොඩක් ඉල්ලුම් කරන්න පුලුවන්.

භාවිතාකරන ලද හොඳ තත්වයේ තියෙන…

👔 වර්ණ 100කින් පමණ ඔෆිස් ෂර්ට් (Size 14.5/15)
👕 වර්ණ කිහිපයකින් Casual Shirt / Tshirt 5 (Size 14.5 / Small)
🩳 වර්ණ කිහිපයකින් ෂොර්ට්ස් 4 (Size 30)
👖 ඔෆිස් කලිසම් 10 – කලු, නිල් දුඹුරු, සුදු, අළු (Size 30, 31, 32)
👟 ඔෆිස් සපත්තු 2 සහ ඩෙක් ෂූෂ් 2 (Size 40,41)

⏰ බෙදා දීමෙන් පසුව මේ මොහොතේ ඉතිරිව ඇති ඇඳුම් : (දෙසැම්බර් 28 පෙ.ව. 9.00 වන විට)

පහත ඒවා පමණක් ඉල්ලුම් කරන්න…

▪️ සුදු කලිසම් 28 – 1 (ලිනන්)
▪️ සුදු කලිසම් 29/30 අතර – 2
▪️ සුදු කලිසම් 30 – 1

▪️ කලු සහ අලු මිශ්‍ර කැමා කලිසමක් – 32

▪️ කලු ඔෆිස් කලිසම් 31 – 1
▪️ දුඹුරු ඔෆිස් කලිසම් 31 – 1
▪️ නිල් ඔෆිස් කලිසම් 31 – 1

▪️ ඔෆිස් ෂර්ට් රෝස 14.5 – 1
▪️ ඔෆිස් ෂර්ට් මෙරූන් 14.5 – 1
▪️ ඔෆිස් ෂර්ට් කහ 14.5 – 1
▪️ ඔෆිස් ෂර්ට් දුඹුරු 14.5 (S) – 1
▪️ ඔෆිස් ෂර්ට් කහට හුරු දුඹුරු 14.5 (S) – 1

▪️ කැෂුවල් අත්දිග ෂර්ට් කලු සහ සුදු (Bird Design) 14.5 – 1

▪️ෂෝර්ට් නිල් 30 – 1
▪️ ෂෝර්ට් කහ 30 – 1

▪️ කැෂුවල් අත්කොට ෂර්ට් S – 1

▪️ සපත්තු දුඹුරු 40 – 1
❌ රතු Boots 41 – 1 (ඡායාරූපයේ ඇත)
❌ කලු සහ සුදු ඩෙක්ෂූෂ් 40 – 1

එක්කෙනෙක් එක දෙයක් පමණක් ගන්නවනම් මට 120 දෙනෙක්ට පමණ උදව් කරන්න පුලුවන්.

❌ ඒ වගේම මතක තියාගන්න මට ඇඳුම් කඩයක් නෑ. ඔයාලට ඕන ඕන සයිස් වලින් තෝරගන්න. මගේ ඉහත සඳහන් කල සයිස් පමණයි තියෙන්නේ. ඒ නිසා කරුණාකර ඉහත පැහැදිලි විස්තරය කියවා එහි ඇති සයිස් පමණක් ඉල්ලන්න.

හැබැයි පුංචි ඉල්ලීමක් තියේ. 120 දෙනෙක්ට කුරියර් කරන්න කුරියර් වියදම් මට දරන්න අමාරුයි. තැපෑලෙන් එවන්නත් ටිකක් කරදරයි මේවා අරන් පෝස්ට් ඔෆිස් යන්න. ඒ නිසා මේවා හෙට හෝ අනිද්දට මට කුරියර් කරන්න පුලුවන්. මොකද එයාලා ගෙදරටම ඇවිත් ගෙනියනවා.

ඒ නිසා හැමෝම තම තමන්ගේ වියදම දැරුවොත් ඒක ලේසියි. උපරිම රු.480ක් වගේ යාවි කියලා හිතනවා.

අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්…

▪️ ඔයාට අවශ්‍ය ඇඳුම (ෂර්ට් / කලිසම් වැනි)
▪️ ඔයාගේ සයිස් එක (මම සඳහන් කල ඒවගෙන් එකක්)
▪️ නම
▪️ ලිපිනය
▪️ දුරකතන අංක දෙකක්

තනි මැසේජ් එකකින් 0701401010 වට්ස් ඇප් අංකයට එවන්න.

❌ පේජ් එකට මැසේජ් එවන්න එපා. මතක තියාගන්න 2023 දෙසැම්බර් 28 පෙ.ව. 10න් පසුවත් ඉල්ලීම් කරන්න එපා. මොකද ඒ වෙනකොට මේ සියල්ල කුරියර් කරලා යවලා අවසන්…

පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. අවශ්‍යතාවය මොකක්ද කියන්න. බලලා කියන්නම්. ඔයාලට ඒවායේ ෆොටෝ එව එවා මේක හොඳද, මේක දෙන්නද වගේ චැට් කර කර වෙලාව වෙන් කරන්නනම් අමාරුවෙයි මගේ පේජ් එකේ වැඩත් එක්ක.

අනිවාර්යයෙන් ඉල්ලන දේ එක්ක සයිස් එක කියන්න. මොකද මට Hi, කොහොමද, මොනවද ඕන, සයිස් කීයද, ලිපිනය මොකක්ද කියලා මැසේජ් දදා දවස ගත කරන්න අමාරුයි. සයිස් සහ වර්ගය සමඟ නම, ලිපිනය දුරකතන අංක දාන්න සරළයි…

මටත් දෙනවද, මාත් ආසයි කිය කියා මැසේජ් දාන්න එපා. මට කාලය වටිනවා…

පුලුවන් විදිහට එවන්නම් හැකි හැමෝටම…

ඡායාරූප වල තියෙන්නේ කොටසක් පමණයි. ඔක්කොම ඒවගේ ෆොටෝ හොයාගන්න නැතිවුණා.

මේ වෙලාවේ මගේ යාලුවෝ/Followers වෙනුවෙන් මට කරන්න පුලුවන් හොඳම දේ මේක කියලා හිතුන නිසයි කරන්නේ.

ප්‍රමාද නොවී 0701401010 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න…. මැසේජ් දාන පිලිවෙලට ලබාදෙන්නම්. හැමෝටම හැමදේම ගන්න බැරිවෙයි. එක දෙයක් හරි තමන්ට වැඩියෙන්ම අවශ්‍ය දෙයක් ඉක්මනින්ම ඉල්ලුම් කරන්න. ඉතිරි වෙලා තිබ්බොත් දෙන්න පුලුවන්…

❌ “සොරි අවසන්” කියලා ඔබට මැසේජ් එකක් ලැබුනොත් ඒ කියන්නේ ඔබ ඉල්ලුම් කල දේ තව දුරටත් නෑ කියන එක.
✅ ඔබ මැසේජ් එවන අංකයට මම කෝල් එකක් අරන් විස්තර අහනවා ඉල්ලන දේ දෙන්න පුලුවන් නම්.

ලැජ්ජා නොවී මම ඔයාගේ අයියා හෝ මල්ලි කියලා හිතලා මැසේජ් එකක් දාන්න…

❌ කමෙන්ට් වලින් ඉල්ලන්න එපා. මැසේජ් එකක් දාන්න. යාලුවෝ 5000න් සහ Followers 43,000න් උපරිම 120 දෙනෙක්ට පමණයි දෙන්න පුලුවන් වෙන්නේ…

කාගේ හෝ මුවඟට සිනහවක්, හදවට සිසිලක්, හිතට සැහැල්ලුවක් ඇති කරන්න දරන පුංචි උත්සාහයක්…

Business HUB Sri Lanka