දිනක් කොලු ගැටයෙක් පාර අයිනෙ තියෙන දුරකතන කුටියකට ඇමතුමක් ගන්න ගියා. දුරකතනයට උස මදි හින්දා ළඟ තියෙන කඩේකින් හිස් පෙට්ටියක් අරගෙන ඒක උඩට නැඟලා ඇමතුම අර ගත්තා.කඩේ මුදලාලිත් විමසිලිමත් වුණා දුරකතනයටවත් උස නැති පොඩි කොල්ලා කාටද කතා කරන්න යන්නෙ කියලා.
“මැඩම් මට රස්සාවක් දෙන්න පුලුවන්ද. ඔබතුමියගෙ වත්තෙ තණකොළ කපන්න වගේ දෙයක්” කොලුවා ඇමතුම අරගෙන කිව්වා.
“දැනටමත් ඒ වැඩේ කරන්න කෙනෙක් ඉන්නවනේ”
එහා පස සිටි කාන්තාව පිළිතුරු දුන්නා.
“මට එයාගෙ පඩියෙන් බාගයක් ගෙවන්න මැඩම්. මම කරලා දෙන්නම්”
“දැනටමත් මං ගාව වැඩ කරන ළමයා හොඳටම වැඩ කරනවනෙ.ඒ ළමයගෙ වැඩ ගැන මට සතුටුයි.”
“මැඩම් මම අඩිපාරත් සුද්ධ කරලා ලස්සනට අතු ගාන්නම්. මැඩම්ට ලස්සන වත්තක් බලා ගන්න පුලුවන් වෙයි”
“බොහොම ස්තුතියි. ඒත් ඔයාට දෙන්න රස්සාවක් නැහැ. දැන් ඉන්න ළමයා හොඳටම ඒ වැඩ කරනවා”
කාන්තාව එසේ පවසා දුරකතන ඇමතුම විසන්ධි කළා.
මුහුණෙ හිනාවත් එක්කම කොලු ගැටයා දුරකතනය ආපසු නියමිත තැන තැබුවා.
කතාව අහගෙන හිටිය මුදලාලි ඔහුට කිට්ටු කළා.
“පුතා ඔයා කතා කළ විදියට ඔයාගෙ ධනාත්මක බවට මම හරි කැමතියි. ඒනිසා මම කැමතියි ඔයාට රස්සාවක් දෙන්න”
“බොහොම ස්තුතියි. මට රස්සාවක් දැනටමත් තියෙනවා.”
“එතකොට දැන් කෙනෙක්ට කතා කරලා රස්සාවක් ඉල්ලුවා නේද”
“නෑ. මම කතා කරේ දැන් වැඩ කරන තැන මැඩම්ට. මට ඕනෙ වුණේ මගේ වැඩ කොහොමද කියලා දැනගන්න විතරයි”
ඔබත් ඔබ ගැන ස්වයං ඇගයීමක් කර බලන්න…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solution International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla