Select Page

ජීවිතයට සාර්ථක වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට විවිධ වූ ගැටලු ඇති.වෙනසක් යනු හුදෙක් මතුපිටින් පමණක් වියයුතු දෙයක් නොවේ.එය ඔබේ ඇතුළාන්තයෙන්ම පැමිණිය යුතු දෙයක්.එනම් වෙනස්වීමක් ඔබ අපේක්ෂා කරනවා නම් ඒ වෙනුවෙන් ඔබ මානසිකව වෙනස්වීම ඉතාමත් වැදගත්.එහිදී ඔබට ප්‍රශ්න රැසක් ඇති. එනම් ,

මානසිකත්වය වෙනස් කරන්නේ කෙසේද? මම කැමති දේ වීමට නම් මගේ මානසිකත්වය වෙනස් කරන්නේ කෙසේද? සෑම සාර්ථක පුද්ගලයෙකුටම පොදු වන්නේ කුමන ආකාරයේ මානසිකත්වයක්ද? වර්ධන මානසිකත්වය යනු කුමක්ද? මානසිකත්වය වර්ධනය කර ගන්නේ කෙසේද? මුදල් මානසිකත්වය යනු කුමක්ද? සාර්ථක මානසිකත්වය යනු කුමක්ද? සාර්ථකත්වය සඳහා මනසක් ඇති කර ගන්නේ කෙසේද? මනෝභාවය වෙනස් කිරීමෙන් ජීවිතය වෙනස් කරන්නේ කෙසේද? තිබිය යුතු හොඳම මානසිකත්වය කුමක්ද? සාර්ථකත්වය සඳහා වඩාත්ම බලගතු මානසිකත්වය කුමක්ද? ජීවිතය වෙනස් කළ හැකි මානසික වෙනසක් යනු කුමක්ද? මානසිකත්වය නැවත සකස් කරන්නේ කෙසේද? යනාදි වශයෙන් ඔබට ගැටලු රැසක් පැනනැඟිය හැක.මේ ඊට විසඳුම් සහිත වූ මනසින් වෙනස් වන ආකාරයයි.

01) ” මට මේක කරන්න තියෙනවා ” සිට “මට මේක කරන්න වෙනවා” ලෙස හිතමු

– From “I have to do this” to “I get to do this” –

යමක් කිරීමට තියෙනවා යැයි සිතමින් උදාසීන සිතිවිලි සහිතව සිටීම වෙනුවට ,මට මේක කරන්න වෙනවා යන ධනාත්මක සිතිවිලි සහිතව සිටීම ඔබව සැබැවින්ම වෙනස් කරයි.එය ඇත්ත වශයෙන්ම ජීවිතය කොතරම් පහසු කරනවාද යන්න ඔබට ක්‍රියාවෙන්ම වැටහෙන අතර, ඔබ තවදුරටත් යම් යම් දේ ගැන පැමිණිලි කිරීමට හේතු සෙවීමෙන් වැළකෙයි.

ඔබේ ජීවිතය දුෂ්කර යැයි ඔබට හැඟේ නම්, ඔබ කම්මැලිකම නිසා කල් දමා ඇති නමුත් ඔබ කළ යුතු දේවල් ගැන මදක් කල්පනා කරන්න.ඔබට එසේ කල්දැමූ දෑ කළ හැකි අතර ඔබ ඒවා කළහොත් ජීවිතය යහපත් අතට හැරෙනු ඇත. ඔබ මෙම දෘෂ්ටිකෝණයෙන් එය කිරීමට පටන් ගත් පසු, එය ඔබ සිතූ තරම් අපහසු දෙයක් නොවන බව ඔබටම පෙනී යනු ඇත.

02) ” ජීවිතය දුෂ්කරයි” සිට “ජීවිතය පහසු සහ උද්යෝගිමත් විය හැක” ලෙසින් ගමු

– From “Life is hard” to “Life can be easy and exciting” –

ජීවිතය දුෂ්කර බවත්, ඔබට යමක් කිරීමට අවශ්‍ය නම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවත් යන සිතිවිල්ල අපගේ මනස තුළ ඇතිවන්නේ කුඩා කාලයේදීම ය.ඒ දෙමාපියන් සහ ගුරුවරුන් ඔබට ඇති කළ අදහස් අනුවයි.වෙහෙස මහන්සි වී වැඩ කරන තරමට ප්‍රතිඵල ලැබෙන බව පැහැදිලියි.එකී විනය ජීවිතය තුළ ඇතිකර ගැනීම ඉතාමත් වැදගත්.

නමුත් එයින් ද අපි තේරුම් ගතයුතු දෙයක් නම් , වෙහෙස මහන්සි වී වැඩ කිරීම සාර්ථක වීමට අත්‍යාවශ්‍ය නම් ලෝකයේ ධනවත්ම පුද්ගලයින් තෙල් කැණීම් කම්කරුවන් හා සමාන වනු ඇත.වැදගත් වන්නේ ඔබ ජීවත්වීම සඳහා කුමක් කළත් ඔබට එය කිරීමට වඩාත් බුද්ධිමත් හා පහසු ක්‍රමයක් තිබෙන බව තේරුම් ගැනීමයි.එය දැනටමත් හඳුනාගෙන ඇති පුද්ගලයන් ලොව සාර්ථකම පුද්ගලයන් බවට පත්ව ඇති අතර අපි කළ යුත්තේ ඔවුන් පිළිබඳව සොයා ගැනීමයි.කියවීමයි.හැදෑරීමයි.අනුගමනය කිරීමයි.ඔවුන් එය කළේ කෙසේදැයි සොයා බැලීමයි.

යමක් ආරම්භයේ දී අපහසු වියහැකිය.නමුත් කාලය ඉක්මවූ පසුවත් එය තවමත් දුෂ්කර නම්, ඔබ එය සිදුකරන ක්‍රමයේ යම් වරදක් තිබිය හැකිය.වැදගත් වන්නේ ඒ පිළිබඳව දැනුවත්ව ක්‍රියාත්මක වීමයි.මෙය ඔබගේ ජීවිතයේ සෑම දෙයකටම අදාළ වේ. ඔබ දේවල් කරන ආකාරය වෙනස් කිරීමට පටන් ගත් මොහොතේම, ජීවිතය වෙන කවරදාටත් වඩා පහසු සහ උද්යෝගිමත් එකක් බවට නිරායාසයෙන්ම පත්වේ.

03) “මම කවදාවත්..” සිට “මම කොහොමද..”

– From “I will never..” to “How can I..” –

මෙය මිනිසුන් තම ජීවිතයට මඟ පෙන්වන ප්‍රකාශන සහ විශ්වාසයන්ගෙන් සෘණාත්මකම එකකි.එනම් ‘ මම කවදාවත් පොහොසත් වෙන්නේ නැහැ ,මට එය කිසිසේත් දරාගන්න බෑ, මට ඒ කොටස කවදාවත් ලැබෙන්නේ නැහැ ‘ යනාදී වශයෙන් වූ සිතිවිලි සහිතව සිටීමයි. ජීවිතයේ ඇති විශාලතම අසමමිතික බව මෙලෙස සිතීමයි.එසේ නොසිතා ‘ මට මේ දේවල් කරන්න පුලුවන් කොහොමද ‘ ලෙස සිතීම ඔබ ඔබේ ජීවිතය වෙනස්කරගන්නා පළමු පියවරයි.

අවිනිශ්චිත ලෙස සිතීමේ ගැටලුව වන්නේ එය ඔබට චලනය වීම සඳහා කිසිදු ඉඩක් ඉතිරි නොකිරීමයි. යමක් සිදු නොවන බව ඔබ දැනටමත් තහවුරු කර ඇත්නම්, උත්සාහ කිරීමට පවා උනන්දුවක් ඔබ තුළ නැත.ඔබ “මම මෙය සිදු කරන්නේ කෙසේද” යන ආකල්පයට මාරු වූ මොහොතේ සිට එය යථාර්ථයක් බවට පත් කළ හැකි සැලැස්මක් හඳුනා ගැනීමට දේවල් හදිසියේම ඔබට විවෘත වේ.සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ ආශාවන් පමණි.නමුත් සාර්ථක මිනිසුන්ට සැලසුම් ඇත.එසේ නම් ඔබත් සැලසුම් කිරීම ආරම්භ කරන්න.

04) ” මට සියල්ල දැන ගැනීමට අවශ්‍යයි” සිට “මට පටන් ගැනීමට අවශ්‍යයි” දක්වා

– From “I need to know everything” to “I just need to start” –

බොහෝ මිනිසුන් කිසි විටෙකත් කිසිවක් නොකරන්නේ “එය සුදුසු කාලය නොවේ” යනුවෙන් සිතීමෙනි.”මම කවදාවත් ඒක කරන්න ගියේ නැහැ.අවස්ථාවක් උදාවන තුරු බලා සිටියා” මෙයත් ඔබට හුරුපුරුදු සිතිවිල්ලක් වියහැකිය.සත්‍යය නම් ඔබ කර ඇත්තේ යම් බාහිර බලයක් එනතුරු බලා සිටීමයි.වියයුත්තේ සියල්ලම සිදුවන තෙක් බලාසිටීම නොව කොතනකින් හෝ ආරම්භයක් ගැනීමයි.

ජනගහනයෙන් 3% ක් පමණක් තම අරමුණු සඳහා ක්‍රියා කරයි.අනෙක් සියල්ලෝම මධ්‍යස්ථභාවය තෝරාගනී. ජයග්‍රහණය කරන අය සහ අනෙක් සියල්ලන් අතර ඇති ලොකුම වෙනස නම් පළමුවැන්නා පළමු ස්ථානයේ ක්‍රීඩා කිරීමටම තෝරා ගැනීමයි.

05) “මට යමක් අවශ්‍යයි” සිට “මට යමක් අවශ්‍ය වන්නේ මන්දැයි සොයා බැලීම” දක්වා

– From “Wanting something” to “Figuring out WHY you want something” –

ඔබ කරන සෑම දෙයකම හරය තුළ ගැඹුරු හේතුවක් තිබේ.එය සොයා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගන්න.ඔබට ෆෙරාරියක් අවශ්‍ය යැයි සිතමු.ඉතින් ඔබ ඔබෙන්ම “මට ෆෙරාරි අවශ්‍ය ඇයි?” යන්න අසා බලන්න.පිළිතුර ලෙස “මට සාර්ථක බවක් දැනීමට අවශ්‍ය නිසා” යනුවෙන් සිතෙනු ඇත.දෙවැන්න ” ඇයි මට සාර්ථක බවක් දැනීමට අවශ්‍ය ” ඊට පිළිතුර ” මොකද මම කොච්චර හොඳින් ඉන්නවාද කියලා මිනිස්සු දකින්න ඕන නිසා ” වියහැකිය.තෙවනුව ” මා කෙතරම් හොඳින් කටයුතු කරනවාද යන්න මිනිසුන් දැන ගැනීමට මට අවශ්‍ය වන්නේ ඇයි? ” අවසාන පිළිතුර ” මන්ද , මට මා ගැන හොඳ හැඟීමක් ඇති කර ගැනීමට අන් අයගේ අනුමැතිය සොයන බැවින් ” යනුවෙන් පිළිතුරු ලැබිය හැකිය.

මෙලෙස ඔබට දේවල් අවශ්‍ය වන්නේ ඇයිද යන්න ප්‍රශ්න කිරීමට ඔබ වැඩි කාලයක් ගත කරන තරමට, ඔබ ඔබ ගැන සහ ඔබව පොලඹවන්නේ කුමක් දැයි දැන ගැනීමට ඔබට ඇති හැකියාව වැඩි වේ.ඔබට ඕනෑම දෙයක් අවශ්‍ය වන්නේ මන්දැයි දැන ගැනීම ජීවන උපාය මාර්ග අනුව ඔබේ ජීවිතය වෙනස් කරන්නකි.එය ඔබගේ ඉලක්ක කරා යන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන අතර, එය ඔබගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හැකි උපරිම ආකාරයෙන් වෙනස් කරයි.එය පුද්ගල මට්ටමින් අරුමපුදුම දේ සිදු කරයි.

මෙම අභ්‍යාසය ඔබම කර අවසානය වන විට ඔබ සිටින්නේ කොතැනදැයි බලන්න.ඔබ බුද්ධිමත් නම් ඔබට මෙය පෙරළා ඔබේ ව්‍යාපාර සඳහා ද ඔබේ පෞද්ගලික ජීවිතය සඳහා ද භාවිතා කළ හැක.

06) ” සියල්ල ස්ථාවරයි” සිට “සියල්ල සාකච්ඡා කළ හැකි හෝ නම්‍යශීලී” දක්වා

– From “Everything is fixed” to “Everything is negotiable or flexible” –

ජීවිතය යනු ඔබ යමක් කරන ආකාරයයි. ඉරණම කලින් ලියා ඇතැයි සිතන මිනිසුන්ගේ ගැටලුව වන්නේ එය ජීවත්වීමේ සියලු ආශාවන් නැති කිරීමයි.එය යහපත් දෙයක් නොවේ.ඔබ කෙතරම් බලවත්ද යන්න සහ ඔබේ අභිමතය පරිදි යථාර්ථය වෙනස් කළ හැකි ආකාරය දැන ගැනීමට ඔබට අයිතියක් ඇත.

යථාර්ථය නම් ” සියල්ල සාකච්ඡා කළ හැකිය” මෙය මානසික ආකෘතියක් ලෙස ගෙන සාර්ථක ජීවිතයකට සාර්ථක මාර්ගයක් ලෙස සාකච්ඡා කිරීම තොරාගන්න.මුදල් පිළිබඳව සාකච්ඡා කරන්න, ජීවිතය සාකච්ඡා කරන්න, ආදරය සාකච්ඡා කරන්න, සෑම දෙයක්ම සාකච්ඡා කරන්න.ඔබට අවශ්‍ය දේවල් සටන් කරන්න, ලෝකය ඉදිරියේ නොසැලී සිටින්න.

ජීවිතය තුළ එක් දොරක් වැසුණු විට ,ඔබ වෙනුවෙන් තවත් දොරක් විවෘත කිරීමට හේතුවක් දෙන්න.එලෙස ජීවිතය සාකච්ඡා කිරීම ඔබව සැබැවින්ම වෙනස් කරයි.

07) ” තවත් බාධාවක්” සිට “මට අවශ්‍ය දැයි බැලීමට තවත් අභියෝගයක්” දක්වා

– From “Another Obstacle” to “Another challenge to see if I want it” –

කිසියම් බාධාවක් අපිට ඉදිරියට යාමට ඉඩ නොදෙන සෑම අවස්ථාවකම අපි සිතන්නේ මෙයයි, “අපි ඉවරයි , අපට ජයගත නොහැකියි , දුෂ්කරතා වැඩිය ” යනුවෙනි.නමුත් යමක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අනෙක් සියල්ලන්මත් මේ හා සමාන ක්‍රියාවලීන් හරහා කටයුතු කරන බව පසුව අපට වැටහෙනු ඇති.

මෙය ඔබට අවශ්‍යද නැතිනම් ඔබ නිකම් මවාපෑමක් දැයි බැලීම අභියෝගයකි.බාධක යනු අවසානයේ ත්‍යාගය ලැබිය යුත්තේ කාටද සහ නොලැබිය යුත්තේ කාටද යන්න සොයා බැලීමේ මාර්ගයකි.ඔබ දැනටමත් එහි ක්‍රියාත්මක වෙමින් සිටින අතර ඔබට බාධකයක් ඇති නම් ඔබ තීරණයක් ගත යුතුය.එනම් ” ඔබට එය අවශ්‍යද, නැතහොත්

එයින් ඉවත් වීමට ඔබ සූදානම්ද? ” යන්නයි. මක්නිසාද යත් ඔබට එය අවශ්‍ය නම්,ඔබට එය විසඳීමට ක්‍රමයක් සොයාගත හැකිය. එසේ නොවේ නම්, දේවල් සාර්ථක නොවූයේ මන්දැයි නිදහසට කරුණක් ලෙස ඔබ බාධකය භාවිතා කරනු ඇත.

ජීවිතයේ අභියෝගවලට ලක්වීම නොවැළැක්විය හැකිය.පරාජය වීම වෛකල්පිතය.මෙම කතාව අවසන් වන්නේ කෙසේදැයි ඔබම තීරණය කරන්න.මන්ද එය ඔබගේ කතාව වන නිසා, බුද්ධිමත්ව තෝරාගැනීම් සිදුකරන්න.

08) ” එය ඔව් හෝ නැත” සිට “සෑම විටම නිර්මාණාත්මක විකල්පයක් ඇත” දක්වා

– From “It’s either YES or NO” to “There’s always a creative option” –

ජීවිතය ද්විමය විය යුත්තේ ඇයි? සියල්ලම තනිකරම කළු සුදු නොවන බව සහතිකයි.එසේනම් සෑම දෙයක්ම මෙතරම් දෙබිඩි විය යුත්තේ ඇයි? සෑම දෙයක් තුළම නිර්මාණාත්මක විසඳුමක් පවතියි.ඔව් හෝ නැත යන සෘජු ස්ථාවරයන්ගේ නොසිට ඊට අදාළ නිර්මාණාත්මක විකල්ප කෙරෙහි යොමුවීම ධනාත්මක වෙනසක් ජීවිතයට ගෙන එයි.

ඉතින් ,ඔබට අවශ්‍ය ජීවිතය වෙනස් කරගැනීමට නම් පළමුව ඔබ කළ යුතු වන්නේ ඔබ තුළ ඇති සිතිවිලි වෙනස්කර බැලීම නොවේ ද ?

Business HUB පේජ් එකෙන් අපි දිනපතා අපි ඔබගේ සිතුවිලි වෙනස් කරන්න කටයුතු කරනවා. සාර්ථක වෙන්න අවශ්‍යයිනම් ඒ වෙනස කර බලන්න…

උපුටාගැනීම buzzfeed .lk වෙබ් අඩවිය. කතෲ අවිනිශ්චිතයි.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla