Select Page

උදාසීන බව කිසි දා ඔබව නිසි තැනට ගෙන නොයනු ඇති…

අතීතයේ එක්තරා දවසක රජෙකු ඔහුගේ අතවැසියන් ලවා ජනතාව යන එන මාර්ගයේ ගල් පර්වතයක් තැබීමට කටයුතු කළේය. ඉන් පසු ඔහු පඳුරු අතර සැඟව සිටිමින් කිසියම් කෙනෙකු එය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවාදැයි බලා සිටියේය.

රජු හොඳින් දන්නා හඳුනන ඉතා ධනවත් වෙළෙන්දන් සහ රාජ සභිකයන් එය වටේට හෝ පසු කර යන්නට වුණා.

වැඩි දෙනෙකු කළේ පාර නිසියාකාරව පැහැදිලිව නඩත්තු නොකිරීම පිළිබඳ රජුට බැන වැදීමයි. කිසිම කෙනෙකු ගල ඉවත් කර මාර්ගයේ අවහිරතාව ඉවත් කිරීමටය කටයුතු කළේ නැහැ.

එක් දිනක් එලවලු මල්ලක් කර තබා ගෙන යන ගොවියකු මේ මාර්ගයේ පැමිණෙමින් සිටියා. ඔහු මේ ගල දකිනවාත් සමගම රැගෙන ආ එළවළු පසෙකලා මාර්ගයෙන් ඉවතට එය තල්ලු කිරීමට පටන් ගත්තා. ඉතා දැඩි වෙහෙසකින් සහ පරිශ්‍රමයකින් අනතුරුව ඔහු මාර්ගයෙන් ගල ඉවත් කිරීමට කටයුතු කළා.

ගොවියා පසෙක තැබූ ඔහුගේ එළවළු මල්ල ගැනීමට නැවත ගල තිබූ ස්ථානය පසු කර යන විට දුටුවේ රන් කාසි පිරි පැසක් සහ ඒ මත තබා තිබූ රජු ගේ ලියවිල්ලකුයි.

“මේ රන් කාසි පිරි මල්ල ගල මෙතැනින් ඉවත් කරන පුද්ගලයාට අයිති වනු ඇති” එහි සඳහන්ව තිබුණා.

අන්න ඒ වගේ තමයි මේ පේජ් එකෙන් FREE PASS එක හිමිවන්නේ මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරන අයට පමණයි. කම්මැලි කමෙන්, සල්ලි පහළවෙනකම්, විශ්ව මාතාව හැමදේම ලඟට ගෙනත් දෙනකම් යැද යැදා බලාගෙන ඉන්න අයට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.

Original Story Source : thoughtcatalog Web by January Nelson
Translated by Dinithi Ranathunge (Verified Translator – Freelancing.lk)

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solution International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla