Select Page

මිනිස්සු මුළින්ම දකින්නේ සිහිනයක් …

උදාහරණයකට හිතමු ඔබට වාහනයක් ගන්න ඕන ….
ඔබ වාහන ගැන සොයාබලනවා….
පාරේ යන වාහන දිහා පෙරදාට වඩා ඔබේ තියෙන්නේ අවධානයක් ….
ඔබට පෙරදා මාර්ගයේ නොතිබූ තරම් වාහන පේන්න ගන්නවා.. දකිනවා …..

එක එක වර්ගයේ ….
එක එක හැඩතල ….
නේක වර්ණ ….
විවිධ මිළ ගනං වල …

ඔබ එයින් එකකට හෝ එයින් කිහිපයක් ගැන විශේෂ අවධානය යොමු කරනවා …
ආස කරනවා ….

ඊලගට ඔබ ඔබට සුදුසුයැයි කියලා හිතන වාහනයක් ඔබ සිතෙන් තමාගේ කරගෙන …

වාහනයේ වර්ගය … මිළ වර්ණය …. ඇතුලේ ස්වාභාවය හැමදේම ඔබ දැන් දැනගෙන
සිතෙන් තමාගේ කරගෙන
සිතෙන් ඔබ වාහනය මාර්ගයේ පදවලාත් ඉවරයි ….

දැන් ඔබ වාහනය ගන්නයි සූදානම

දැන් ඔබට ඔබේ සිත කියනවා
‘ ඈ බං … උඹ දැන් ඕක අරගෙන කොහොමද ලීසින් ගෙවන්නේ ..
කරන්න පුළුවන් දෙයක්ද …
වැරදිලාවත් බිස්නස් කඩාගෙන වැටුනොත් ජොබ් එකෙන් එලියට දැම්මොත් …
අනික පෙට්‍රල් වියදමම කීයක් යයිද ?

👉 දැන් ඔබ 25% Negative

එක්කෝ ඔබ ඔබේ සිහිනය අතාරිනවා ….
එහෙම නැත්තං ඒ සිතුවිලි වලට වඩා ඔබේ සිහිනය ආකර්ෂණිය නිසා ඒ සිහිනය ඔස්සේම දිගටම යනවා

( දැන් ඔබ ඔබේ ලගම හිතවතෙකුට පවුලේ කෙනෙකුට වාහනයක් ගන්න සූදානම් බව කියනවා ..
වාහනය ගැන වර්ණනා කරනවා…

පවුලේ අය : දැන් ආයෙමත් ඇනගන්නද හදන්නේ ..
කලින් ඇනගත්තා මදිද ?…..
ඇගිල්ලේ තරමට ඉදිමියන්… අහස අල්ලන්න හදන්නේ නැතුව …..

යාළුවෙක් : පිස්සුද බං ඒකක් ගන්න ඉංදියන් ලඩයක් නේ … අනික උඹ බලපංකො මාසෙකට යන පෙට්‍රල් වියදම …
මගේ යාළුවෙකුත් ඕක අරගෙන ඇනගත්තා .. අන්න ඌ ගේත් උගස් කරලා

පෙම්වතිය : පිස්සුද අනා දැන්ම වාහන ගන්න …
අනික අපට ඉන්න තවම ගෙයක් තියෙනවාද ?
ඔන්න මට නම් කියන්න එපා වෙඩින් එකට සල්ලි නෑ කියලා
මම වෙඩින් සාරියත් බලලා තියෙන්නේ ….

ඔෆිස් එකේ යාළුවෙක් : පිස්සුද බං … අන්න ලොක්කත් ගත්ත වාහනෙන් ඇනගෙන .. එහෙව් එකේ ඉතිං අපි ගත්තොත් මොන කතාද මචං ….

බාර් එකේ පාට්නර් : මචං … අඩියක් ගාලා සොමියේ ඉදිං මචාං … දැන් බලපං උඹට බීලා ඩ්‍රයිවින් කරන්න පුලුවන්ද
අනික මචාං … උඹට ලයිෂන් තිබ්බට ඩ්‍රයිවින් පුළුවන්ද ?

👉 දැන් ඔබ 75% Negative

ඔබ සිතෙන් දැකපු සිහිනයට දැන් ඔබට යන්න තියෙන්නේ 25% Energy එකක් විතරයි

බොහෝ විට ඉතුරු 25% Energy එකත් Negative පැත්තටම දීලා ඔබ සිහිනය වලදානවා ……

එහෙම නැත්නම් ඔබ ඔබේ සිතත් එක්ක පොර බැදලා බැදලා ….

– නෑ මම ගන්නවා ගන්නවා මයි කියලා හිතලා අරමුණට ලං වෙනවා ……

නමුත් … තියරිය දන්න අය ඒ Negative Energy එකට සිතුවිලි පාලනය කරන්න ඉඩ නොදී ඔබ කාර්ය බහුල වෙනවා

* HNB ලීසින්ද , BOC ද හොද ?
කෝල් කරල රේට් අහන්න ඕන ….

* වාහනේ ගෙනාවම පාක් කරගන්නේ කොහෙද
දැන්ම ටකරං ටිකක් හරි ගෙනත් දාන්න ඔන

* හෙලෝ … මේ අහවල් වාහන සේල් එකෙන්ද අහවල් වාහනේ කීයද දැන් යන්නේ …

ඔබ කාර්ය බහුලවීමත් එක්කම ඔබ ඒ හීනය පෝෂණය කරන්න ගත්තාත් එක්කම 25% ඉතුරු උන Energy එක ආයෙම 1% න් 2% වැඩෙන්න ගන්නවා

දැන් ඔබ ඔබේ සිත කියූ දෙයත්
ඔබේ හිතවතුන් කියූ දේවලුත් තබ සතේකට ගනං නොගෙන වාහනය ගන්නයි සූදානම

දැන් ඔබ ගන්නවා මයි !

දැන් ඔබ ගන්න සූදානම් වෙනවා

” සොරි මචං … උඹේ ඇපේට මට අත්සන් කරන්න බැරි වෙයි ..
ක්‍රිබ් එකට අහුවෙලා මං
අනික ඉඩමේ ඔප්පුව තියන්නත් බෑ
නෝනා නමටනේ තියෙන්නේ ”

” හෙලෝ මිස්ටර් … දැන් නම් ලීසින් එක කලින් රේට් එකට නම් දෙන්න වෙන්නේ නැහැ… වැඩිවෙලා ”

” සොරි සර් … සර් බලපු වාහනේ නම් නෑ … ඊලග ශිප්මන්ට් එකේ තමයි ගන්න වෙන්නේ

– මොන මගුළක්ද මේ
ඔක්කොම කරගත්තාට පස්සේ රටේ නැති ප්‍රශ්න

බොහෝ දෙනෙක් එතනින් ආපස්සට හැරෙනවා

නමුත් තියරිය දන්න කෙනා
‘ මෙච්චර කල් මේ හැම දේම කෙරුනා වගේම ඕකත් විසදෙයි ”

සත පහකට ගනං නොගෙන වාහනේ ගන්නත් කලින්ම පොල් කොටයක් උඩ බියර් ටිං එකක් හිස් කරන ගමන් හීනය හැබෑ වීම ගැන සතුටු වෙනවා .. උද්දාමයට පත් වෙනවා ”

එහෙම කරලා හීනය හැබෑ උනාට පස්සේ
ඔබ මිතුරන්ට කියන දෙයක් තියෙනවා ”

‘ මේ වාහනය ගේන්න මම මාර විදිහට නැහුනේ මචං
අත ගහපු දවසේ ඉදලාම අම්මෝ ආපු ප්‍රශ්න ගොඩ
කොහොම හරි මම ගත්තා මචං ”

මම ‘ වාහනයක් ‘ උදාහරණයකට ‘ අරන් මේ දේ කිව්වාට මේක මොන හීනයටත් පොදු දෙයක් දෙයක් ……

ඔබේත් , මගේත් , අපි කාගේවත් හෙට දවස ඒ තරම් අඳුරු නෑ………

තමන්ගෙ සිහිනය පොතක ලියාගත්තොත් මොන බාධක ආවත්, මොන අඩුපාඩු තිබුණත් නොසිතූ අයුරකින් හෝ අවස්ථාව උදා වෙනවා. ඒ සිහිනය පණගැන්වීමේ ශක්තිය තමන් සතුයි. ඒ ශක්තිය තේරුම් ගත් කෙනාටයි ඒ අවස්ථා උදා වෙන්නේ…

සිහින වලට පණ ගන්වන්න ඕනනම් ඒකට හරිම තැන Business HUB. මොකද අපි ඔබව අනෙක් ආයතන වගේ සිහින වල අතරමං කරන්නේ නෑ. සිහින වලට යන්න හරි පාර පෙන්වන එකයි අපි කරන්නේ… මේ පේජ් එකේ දිනපතා පෝස්ට් කියවන කෙනෙක් 1%ක්වත් Negative වෙන්නේ නම් නෑ…

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabBusiness HUB Sri Lanka International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla