Select Page

සාර්ථකත්වය කියන වචනයේ තේරුම් විවිධ පුද්ගලයන් , විවිධ ආකාරයට නිර්වචනය කරනවා. සමහරුන් සාර්ථකත්වය ලෙස හදුන්වන්නේ මුදල් අතින් ලබන දියුණුව. ඒ කියන්නේ මිලියන පතියෙක් , බිලියන පතියෙක් වීම වගේ දෙයකට. එත් සමහරුන් සාර්ථකත්වය ලෙස හදුන්වන්නේ ජයග්‍රහණ , කුසලාන , සම්මාන , ජනතා ප්‍රසාදය වගේ දේවල් වලට. උදාහරණ විදියට නළු නිලියන් , ක්‍රීඩකයන් , ප්‍රබල සමාජ චරිත වගේ පුද්ගලයන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහරුන්ට සාර්ථකත්වය කියන්නේ නිරෝගිව ජිවත් වීම , මනස සතුටින් තබා ගැනීම වගේ දේවල් වෙන්නත් පුළුවන්. මේ ආකාරයෙන් විවිධ අර්ථකතන ඔස්සේ සාර්ථකත්වය ලගා කර ගැනීමට අපි හැමෝම උත්සහ දරනවා. අන්න ඒ අයට අද විශ්ම ලෝකයෙන් අරන් ආවා වැදගත් ලිපියක්. ඒ තමයි ලොව අති සාර්ථක මිනිසුන් පමණක් අනුගමනය කරන පුරුදු 10ක් පිලිබදව විස්තර.

අංක 01 – පැහැදිලි අරමුණක් තියෙනවා.
ඔබේ අවසාන අරමුණ ස්ථාපිත කර නොමැතිව , සාර්ථකත වීමට උත්සාහ කිරීම හරියට කපිතාන් කෙනෙකු නොමැති නැවක ගමන් කිරීමක් වගේ. සාර්ථකත්වය ලගා කර ගැනීමට උත්සහ කරන සෑම කෙනෙක්ම මුලින්ම සිදු කල යුතු කාර්ය මෙයයි. ඔබේ අවසාන අරමුණ හෙවත් දිනුම් කණුව , එහෙමත් නැත්තම් ඔබ කවදාහරි ලගා වෙන උපරිම තත්වය මොන ආකාරයේ එකක් ද කියන එක ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ, ඒ අවසාන අරමුණ කරා ලගා වීමට , අද සිටම ආරම්භ කල යුතු වැඩ හෙවත් කෙටි කාලින අරමුණු පිහිටුවා ගෙන , සාර්ථකත්වයේ ගමන ආරම්භ කරන්න

අංක 02 – අනුන්ට වරද පටවන්නේ නෑ
සාර්ථක මිනිසුන් කවදාවත් තමුන්ගේ ජිවිතේ වෙන දේවල් වලට අනුන්ට වරද පටවන්නේ නෑ. අපේ ජිවිත වල ඇද වැටීම් වලට , පරාජයන් වලට වග කිව යුතු වන්නේ අපිමයි. වෙන කව්රුත් නොවෙයි. අරයා නිසයි මට මෙහෙම උනේ. එයා මට කලින් එක දීලා තිබුණා නම් මට මෙහෙම වෙන්නේ නෑ. වගේ දේවල් කිය කිය නිතරම තමා දෙසට අනුකම්පාව ගන්න හදන මිනිසුන් කවදාවත් සාර්තක වෙන්නේ නෑ. ඔවුන් හැමදාම අනුන්ට චෝදනා කර කර ඉදිවී. අව්වට වැස්සට කාලගුණේට බැන බැන ඉදිවී. එම නිසා ඔබට සාර්තක වෙන්න ඕනේ නම් , මුලින්ම ඔබේ ජිවිතයේ සිදු වන සියලුම දේවල් වල වගකීම , ඔබ සතු කර ගන්න පුරුදු වෙන්න. ඔබට වෙනස් වෙන්න පුලුවන් නම් , ශක්තිමත් වෙන්න පුළුවන් නම් ජයග්‍රහණ ඔබව සොයා ගෙන ඒවි. සියලු දේ පාලනය කරන්නේ ඔබේ මනසයි. ඒ හා ක්‍රියා කරන ඔබේ ශරීරයයි. බාහිර මිනිසුන් හෝ තත්වයන් නොවේ.

අංක 03 – ස්වයං විනයක් පවත්වා ගන්න
සෑම සාර්ථක මිනිසෙකු සතුවම හොද ස්වයං විනයක් පවතිනවා. ඔවුන් කිසිම අවස්ථාවක තම අනාගත අරමුණු වලින් පරිබාහිර වූ , වැඩකට නැති දේවල් සිදු කිරීමට තම කාලය නාස්ති කරන්නේ නෑ. හිතන්න, ඔබ මල් වවන්න ආස කෙනෙක් කියලා. ඔබේ අවසාන අරමුණ මෙරට විශාලතම මල් අලෙවි කරුවා වීමට නම් ඔබේ වටිනා කාලය, සෑම විටම ඒ හා සම්බන්ධ දැනුම වැඩි දියුණු කිරීම සදහා යොදවන්න ඕනේ. මේ සදහා කව්රුවත් ඔබට අනුබල දීමට අවශ්‍ය නෑ. ඔබ ස්වයං ශික්ෂණයකින් යුක්තව ඔබේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට සෑම විටම මහන්සි විය යුතුයි. උදාහරණයක් ලෙස ඔබ ෆේස්බුක් , යුටියුබ් වැනි සමාජ ජාල වල කල් ගත කිරීමේදී , ඒවායේද වැඩිපුර සොයන්නේ මල් වගාව ආශ්‍රිත දැනුම වැඩි දියුණු කරන දේවල් වගේ. මෙහි කෙටිම තේරුම නම් තම අනාගත අරමුණ වෙනුවෙන් තමා තුල හොද ස්වයං පාලනයක් පවත්වා ගැනීමයි

අංක 04 – අලුත් දේවල් ඉගෙන ගන්නවා සාර්ථකත්වයට ආශා කරන පුද්ගලයන් සෑම විටම අලුත් දෙවල් ඉගෙන ගන්නවා. තම අවසාන ඉලක්කයට අදාළ දේවල් පිළිබද සොයා බැලීම , පොත් කියවීම , ප්‍රවීණයන්ට සවන් දීම වගේ විවිධ ක්‍රම ඔස්සේ ඔවුන්ගේ දැනුම වැඩි කර ගන්නවා. ඔබගේ දැනුම වැඩිවන තරමට , ඔබේ අරමුණ වෙත ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ලැබේවි.

අංක 05 – කියවීමට බොහෝ ආශා කරනවා
ලොව පුරා සිටින සාර්ථක මිනිසුන් බොහොමයක් කියවීමට ඉතා ඇලුම් කරනවා. නමුත් වත්මන් පරපුරේ බොහෝ දෙනෙකු ස්මාර්ට් ජංගම දුරකථන වසංගතයෙන් හෙම්බත් වී සිටින අතර ඔවුන්ට කියවීමට තරම් මනස සන්සුන් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියලා කියමනක් පවා තිබෙනවා ඔබ අසා ඇති

අංක 06 – කාලයෙන් උපරීම ප්‍රයෝජනය ගන්නවා
සාර්තක මිනිසුන් ඉතාම කාර්යක්ෂම ලෙස තම කාලය කලමනාකරනය කර ගන්නවා. තත්පරයක් වටිනාකම ඔවුන් හොදින්ම දන්නවා. වැඩ සම්පුර්ණ කර ගැනීමට නොහැකිව දිනය අවසානයේ කවදාවත් ඔවුන් හඩා වැටෙන්නේ නෑ. දිනය තුල සිදු කල යුතු වැඩ සියල්ල ඔවුන් නියමිත කාලය තුලදී නිම කරනවා. ඒ වගේම සාර්තක මිනිසුන් අද දිනය තුල කල යුතු වැඩ , සැලසුම් කර තබන්නේ , දින සති මාස ගණනකට කලින් ඉදලයි. ඒ නිසා තම අරමුණ වෙනුවෙන් කල යුතු වැදගත් වැඩ , ඔවුන්ට කිසිම වේලාවක මග හැරෙන්නෙත් නෑ

අංක 07 – අවධානම් ගන්නවා
ලොතරැයි දිනුමක් ලබන්න නම් ඔබට ටිකට් පතක් මිලදී ගැනීමටම සිදු වෙනවා. ඒ වගේම තමයි ඔබට විශාල ලෙස මුදල් උපයන්න අවශ්‍ නම් , ලොකු අවධානමක් ගැනීමටම සිදු වෙනවා. ලෝකයේ විසිරි සිටින බොහෝ සාර්තක මිනිසුන්ගේ ප්‍රධාන රහස වන්නේ මේ බය නැතුව අවධානම් ගැනීමේ හැකියාවයි. ඔබේ අනාගත ඉලක්ක වෙත ගමන් කිරීමට නම් , යම්කිසි අවධානමක් ගන්නම වෙනවා. එසේ නොමැති වුවහොත් ඔබට සිදු වන්නේ හැමදාම වගේ ඔබ ආශා නොකරන. ඒ නීරස ජිවිතයම මැරෙන තුරා ගත කරන්න.

අංක 08 – කවදාවත් අත අරින්න එපා
අසාර්තක වීම් කියන්නේ කාටත් පොදු දෙයක්. පලමු උත්සාහයෙන් සාර්තක වූ මිනිසෙකු මෙලොව නැති තරම්. පරාජයන් හමුවේ , නොසැලී ඉදිරියටම යන්න පුළුවන් නම් අවසන් අරමුණ වෙත යාම ඉතාම ලේසි වෙනවා. මොන දේ උනත් සටන අත අරින්නේ නැතුව , වැරදුණු තැන් නිවැරදි කරගෙන, ශක්තිමත්ව අරමුණ වෙත ගමන් කිරිමයි වැදගත් වෙන්නේ. ලෝකයේ බොහෝ සාර්ථක මිනිසුන්ගේ ජිවිත කතා වලට සවන් දුන්නොත් , මේ කවදාවත් අත ඇරියේ නැති පුරුද්ද (Never Give-up ) ගැන හොදින්ම ඉගෙන ගන්න පුලුවන් වේවි.

අංක 09 – සෑම විටම අලුත් පාරක් හොයා ගන්නවා
අරමුණු වෙත යාමේදී අභියෝග , බාධක පැමිණෙනවා. මේ බාධක නිසා සමහර වෙලාවට අපේ අරමුණු වෙත ගමන් කිරීම අසීරු වෙන්නට පුළුවන්. නමුත් සාර්ථක මිනිසුන් කවදාවත් බාධක හමුවේ සැලෙන්නේ නෑ. එක පාරක් වැහෙන කොට , ඔවුන් අරමුණ වෙත යා හැකි අලුත් පාරවල් 10 සොයා ගන්නවා. බාහිර පරිසරයේ වෙනස් වීම් අපිට පාලනය කරන්න බෑ. ඒ නිසා බාහිර පරිසර තත්ව වෙනස් වීම් වලට අනුගත වෙලා, සැම විටම අපේ ඉලක්ක වෙත ගමන් කල හැකි නව මං විවර කර ගැනීමයි අප කල යුතු වන්නේ.

අංක 10 – ඔබ ආදරය කරන දේ කරන්න ( Do What You Love )
මෙය ඉතාමත් වැදගත්. ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් , ඔබේ ජිවිතයේ කිරීමට ආශා කරන දෙයක් සිදු කල යුතුයි. ඔබ ආශා නොකරන දෙයක් සිදු කිරීමට ඔබේ ජිවිතයම කැප කිරීමේ කිසිදු පලයක් නැ. එය ඔබේ ජිවිතයට, ඔබ විසින්ම ශාප කර ගැනීමක් වගේ දෙයක්. ඒ නිසා ඔබ කුමන හෝ දෙයකට දස්කම් දක්වනවා නම් , අද සිටම ඒ හැකියාව තව තවත් දියුණු කරගෙන , එමගින් මුල්‍යමය ලාභ ඉපයිය හැකි ක්‍රමයක් සැලසුම් කරන්න. අනුන්ගේ අරමුණු වෙනුවෙන් ඔබේ ජීවිතය කුලියට විකිණීමෙන් වලකින්න. ඔබේ පාලකයා ඔබම වන්න. සාර්ථක ජීවිතයක සැබෑ අරුත විදින්නට හැකි වන්නේ එවිටයි.

පෞද්ගලිකව Business HUB අධ්‍යක්ෂ වන මාගේ ජීවිතයේ සාර්ථකත්වය මේ කරුණු 10 මත පදනම් වෙලා තියෙනවා. ඔබත් අදම උත්සාහ කරන්න…

උපුටා ගැනීම Elakiri වෙබ් අඩවිය, Original කතෲ Wishmalokaya .com

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla