Select Page
ෆේස්බුක් එකේ ඔබ දකින පිස්සු හැදෙන රැකියා කරන්න බලාපොරොත්තු වෙනවද?

ෆේස්බුක් එකේ ඔබ දකින පිස්සු හැදෙන රැකියා කරන්න බලාපොරොත්තු වෙනවද?

ෆේස්බුක් එකේ ඔබ දකින පිස්සු හැදෙන රැකියා කරන්න බලාපොරොත්තු වෙනවද?

▪️ පරිප්පු පැකට් කිරීම
▪️ පෑන් වලට බට දැමීම
▪️ ඇඳුම් වල ටැග් ගැසීම
▪️ තේ කොළ පැකට් කිරීම
▪️ බෝතල් වලට ගම් දැමීම
▪️ බයිට් පැකට් කිරීම
▪️ තේ කොළ පැකට් කිරීම
▪️ පොත් වලට ස්ටේප්ලර් කටු ගැසීම
▪️ ලුණු පැකට් කිරීම
▪️ සෝයා මීට් පැකට් කිරීම
▪️ කුළුබඩු පැකට් කිරීම
▪️ කොණ්ඩ කටු පැකට් කිරීම
▪️ පහන්තිර අඹරලා පැකට් වලට දැමීම
▪️ හඳුන්කූරූ පැකට් කිරීම
▪️ ඇසුරුම් සකස් කිරීම සහ ලිපිකවර ඇලවීම

මේ වගේ දේවල් ගැන පෝස්ට් ඕන තරම් ඔබ ෆේස්බුක් එකේ දැකලා ඇති.

ඇත්තෙන්ම මේ වගේ දේවල් වලින් මුදල් හොයන්න පුළුවන්ද ?

ඔබත් දන්න, ඔබ දැක ඇති මේ වගේ තව රැකියා තියේනම් කමෙන්ට් කරන්න. අපි ඒ පිළිබඳවත් ඉදිරියේදී විස්තර අරගෙන එන්නම්…

අමාරුවේ නොවැටී හරියට දෙයක් කරන්න ඉගෙන ගන්න…

විස්තර ලබාදෙන තුරු ඉවසීමෙන් රැඳී සිටින්න…

❌ කරුණාකර WhatsApp / Messenger හරහා Details Please / විස්තර දෙන්න ලෙස පණිවිඩ එවීමෙන් වළකින්න. විස්තර අවශ්‍යයිනම් පේජ් එකේ ලිපි කියවන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas

අනිවාර්යයෙන් මේ පේජ් එකේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවන්න

අනිවාර්යයෙන් මේ පේජ් එකේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවන්න

✍️ අනිවාර්යයෙන් මේ පේජ් එකේ සිටින සියලුම දෙනා මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවන්න…

අප මේ පේජ් එකේ පළකරන පුවත් වල ඡායාරූපයෙන් පිට ඔබ See more ලෙස දකිනවාද? එය ටච් කරන්න. ඔබට සෑම අවස්ථාවකම ඔබ දකින රූපයේ තොරතුරු වලට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් (A4 Sheet 3-4ක්) එහි සඳහන් වෙනවා.

ඡායාරූපයක අප සඳහන් කරන්නේ සීමිත
තොරතුරු ප්‍රමාණයක් පමණි. එම නිසා එය පමණක් කියවා Details Please ලෙස කමෙන්ට් කිරීමෙන් වළකින්න. නොඑසේනම් ඡායාරූපය පමණක් බලා WhatsApp හෝ Mesaage බොත්තම ඔබා විස්තර ඇසීමෙන් වළකින්න.

මන්ද දිනකට අපිට මැසේජ් 500ට වඩා එනවා. ඒ 500ට පිළිතුරු දෙන්න ගියොත් අපේ ආයතනයට සේවා සපයන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ඒත් එක්කම ඔයාලට ආදායම් උපයන ක්‍රම පිළිබඳව ලිපි ලියන්න කාලයක් ලැබෙන්නෙත් නෑ.

පේජ් එකේ සෑම පෝස්ට් එකකම සියලුම විස්තර සඳහන්. ඔබ පැමිණෙන්නේ මුදල් සොයන්න නම් අඩුම තරමින් ඔබ සම්බන්ධ වූ ආයතනය මොන වගේද, ලබාදෙන සේවාවන මොනවාද කියලා දැනගන්න පෝස්ට් කියවන්න. එය මෝහනය කර ඔබගේ මොළයට දැමීමට අපට හැකියාවක් නැත.

ෆේස්බුක් ගැන කිසිම දැනීමක් නැති අයෙක්ද? සිංහල අකුරෙන් තිබෙන උපදෙස් තේරෙන්නේ නැතිද?

එසේනම් ඔබට මේ පේජ් එක හරහා මුදල් ඉපයිය නොහැක. මේ හරහා මුදල් ඉපයීමට අන්තර්ජාලය, ෆේස්බුක් ගැන සාමාන්‍ය දැනීම හෝ අවශ්‍යය. ෆේස්බුක් සම්බන්ධ සාමාන්‍ය දැනීමවත් ඔබ නොදන්නේනම් කරුණාකර අපගේ Online Course එකට සම්බන්ධ වී ඉගෙනගෙන ඉන්පසුව මුදල් ඉපයීමට සම්බන්ධ වෙන්න…

සිංහල අකුරෙන් තිබෙන උපදෙස් නොතේරේනම් Google Translate හරහා ඉංග්‍රීසියට පරිවර්තනය කර කියවන්න.

පේජ් එකේ පෝස්ට් පළකරන්නේ අප ආයතනය විසින් පමණි. මෙහි සියලුම පෝස්ට් ඔබට වැදගත්. එකක් හෝ මිස් කරගන්න එපා. දිනපතා කියවන්න. දැනුම ලබන්න…

අරක කරන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද, මේක මොකක්ද කියලා මොන්ටිසෝරි බබෙක් වගේ කමෙන්ට් කිරීමෙන් වළකින්න. පරිණත පුද්ගලයෙක් වෙන්න. සිංහල වචනයක් කියවලා තේරුම් ගන්න බැරිව කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නෙ? සෑම පෝස්ට් එකකම ඒ පෝස්ට් එකට අදාල සියලුම විස්තර සඳහන් කර තිබෙනවා. වෙනත් තැනකද විස්තර තිබේනම් එහි ලින්ක් එකද ඒ පෝස්ට් එකේ තිබෙනවා

මුදල් හොයන්න කලින් මුලින් ඉගෙන ගන්න…

මන්ද මේ පේජ් එකේ උගන්වන්නේ මුදල් සොයන්න විතරක් නෙමේ. ෆේස්බුක් හරි විදිහට භාවිතා කරන්නේ කොහොමද, ජීවිතය හරි ගස්සගන්නේ කොහොමද? මාසෙට කෝටි ගණන්, මිලියන ගණන් හොයන වැඩසටහන් පස්සේ නොයා අමාරුවේ වැටෙන්නේ නැතුව හරි විදිහට මුදල් සොයන්නේ කොහොමද කියලා වගේ ගොඩක් දේවල් සඳහන්..

අදම පෝස්ට් සියල්ල කියවා අවබෝධයක් ලබන්න. අහන්න ඕනනම් සඳහන් කරලා නැති දෙයක් විතරක් අහන්න… ඒවට පිළිතුරු දෙන්න කාලය වෙන් කරන්න අපි සූදානම්…

පැය 24 පුරා Priority Support එක ඕනනම් 1 Year TechLabs PASS එකක් ගන්න… කම්මැලි අයට විස්තර දැනගන්න තියෙන ලේසිම ක්‍රමය TechLabs PASS එක වේ.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

රු.50,000 දක්වා ණය මුදලක් | උත්සහයෙන්, කැපවීමෙන් දියුණු වෙන්න වෙර දරන ඔබට ස්වයංරැකියාවක් හෝ ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය මුදලක් ලබාගැනීමට මග පෙන්වීම

රු.50,000 දක්වා ණය මුදලක් | උත්සහයෙන්, කැපවීමෙන් දියුණු වෙන්න වෙර දරන ඔබට ස්වයංරැකියාවක් හෝ ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය මුදලක් ලබාගැනීමට මග පෙන්වීම

💰 රු.50,000 දක්වා ණය මුදලක් | උත්සහයෙන්, කැපවීමෙන් දියුණු වෙන්න වෙර දරන ඔබට ස්වයංරැකියාවක් හෝ ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය මුදලක් ලබාගැනීමට මග පෙන්වීම…

❌ කරුණාකර මේ පිළිබඳව විමසා WhatsApp හෝ Messenger මැසේජ් එවීමෙන් වළකින්න. ඔබ ණය මුදල ලබාගැනීමට සුදුසුනම් අපි ඒ පිළිබඳව මේ පේජ් එකෙන් දැනුම් දෙනවා.

🏆️ Top Fan (@top fans) Badge එක ලැබුණ අය පමණයි මෙයට සුදුසුකම් ලබන්නේ.

✅ සැ. යු : සුදුසුකම් සපුරන්නේ නැතිව හෝ මේ පෝස්ට් එක අවබෝධයෙන් නොකියවා “රු.50,000 ණය මුදල” යන වචනය පමණක් බලා WhatsApp බොත්තම ඔබා Details Please හෝ මේ ගැන විස්තර දෙන්න කියන කිසිම අයෙක් මේ සඳහා සුදුසුකම් නොලබයි. අපට අවශ්‍ය ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම ලබාදීමට බැවින් එයට අවශ්‍ය කැපවීම නැති අයට ණය මුදල ලබාගැනීමට මගපෙන්වීම සිදුකරනු නොලැබේ.

අද කාලේ ණය නිසා මිනිස්සු ගොඩක් අමාරුවේ වැටිලා තියෙනවා. කඩා වැටුණු ආර්ථිකයත් සමඟින් මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ගොඩ යන්න නම් රැකියාවෙන් ලැබෙන ආදායම මදි. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කලානම් තරමක් දුරට මේ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ යන්න පුළුවන්.

හැබැයි ණයක් අරන් ආපසු මිනිස්සු අමාරුවේ වැටෙනවට අපි කැමති නෑ. අපි මේ වන විට 5,000ට වැඩි පිරිසකට ණය මුදල් ලබාගන්න මග පෙන්වලා තියේ. ඒත් ඒ ණය ලබාගත් 60%ට වැඩි දෙනෙක් ණය මුදල ලබාගත් සැනින් කලේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට එකවර එය වියදම් කල එක. 30%ක් කලේ වෙනත් ආයතන වල පිරමීඩාකාර ආයෝජන, ඇඩ් ක්ලික් පැකේජ්, Crypto Investment වගේ දේවලට එය වියදම් කල එක. 10%ක් පමණ සුළු පිරිසක් තමයි ව්‍යාපාරයක් ආරම්භ කලේ. නමුත් එයිනුත් සාර්ථක වුනේ 2%ට අඩු පිරිසක්. මොකද කිසි කෙනෙක්ට හරි සැලැස්මක් තිබුණේ නැහැ.

ඒ නිසා අපි මෙවර තීරණය කලා ණය මුදලක් ගන්න ‍යම් අයෙක්ට අපි මග පෙන්වනවනම් මුලින්ම ඒ ණය නැවත ගෙවන්න නියමිත සැලැස්මක් තියෙන්න ඕන. ආපසු ගෙවීමට සාර්ථක සැලැස්මක් නැති අයට අපි ණය ලබාගන්න මග පෙන්වන්නේ නෑ.

ඒ නිසා පහත පියවර අනුගමනය කරන්න.

1️⃣ ඔබ ඇත්තෙන්ම දියුණු වෙන්න කැමති අයෙක්නම් මේ පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවන්න. මන්ද මේ පේජ් එකේ තිබෙන සියලුම පෝස්ට් ඔබගේ දියුණුවට වැදගත් වෙන ලිපි.

2️⃣ ඊලඟට අපි දැනගන්න ඕන ඔබ මේ ලිපි අවබෝධයෙන් කියෙව්වද කියලා. සියලුම ලිපි අනිවාර්යයෙන් කියවලා ඒ ලිපියට අදාලව “විස්තරාත්මක කමෙන්ට් එකක්” යොදන්න. පසුගිය දින වල අපි දැක්ක දෙයක් තමයි අපේ බොහොමයක් අය යම් දෙයක් දෙනවා කීවොත් “බොරු කරනවා”. පසුගිය දිනක අපි තරඟයක් තිබ්බා අවබෝධයෙන් සියලුම පෝස්ට් කියවා අවසන් අයට රු.500ක තෑගි මුදලක් දෙන එක. කිසිම කමෙන්ට් එකක් හෝ ලයික් එකක්වත් නොදාපු අය විනාඩි 5ක් ඇතුළත පේජ් එකේ සියලුම පෝස්ට් වලට බොරුවට කමෙන්ට් කලා “සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කර අවසන්” කියල. නමුත් අපේ තරඟයේ අරමුණ වුනේ ඔබට දැනුම දෙන එක, ස්වයංරැකියා සහ ව්‍යාපාර පිළිබඳව අවබෝධය දෙන එක. නමුත් 99%ක් කලේ රු.500ට බොරුවට කමෙන්ට් කල එක. ඒ නිසා ඒ වගේ වංචා කරන අයට, ණය ලබාගැනීමේ අරමුණින් බොරුවට කමෙන්ට් කරන අයට මෙයට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

අනිවාර්යයෙන් මේ ණය මුදල ලබාගන්න අප මග පෙන්වන්නේ පහත කාරණා දෙකෙන් එකක් සම්පුර්ණ කල අයට පමණයි.

1️⃣ දැනට 1 Year හෝ Lifetime TechLabs PASS එක ලබාගෙන අපේ තාක්ෂණික සේවා ලබාගන්න අයට. (ක්ෂණිකව මගපෙන්වනු ලැබේ. පණිවිඩයක් එවන්න)

2️⃣ FREE Pass එක හරහා දියුණු වෙන්න වෙර දරන අයෙක්නම් පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් (90+) වලට එම පෝස්ට් එක අවබෝධයෙන් කියවා පෝස්ට් එකට අදාලව වාක්‍ය 2කට නොඅඩු කමෙන්ට් එකක් දැමිය යුතුය. පෝස්ට් තියෙන්නේ 90ක් නම් 85කට කමෙන්ට් කර මෙම අවස්ථාව ලබාගත නොහැක. මන්ද මෙහි සෑම ලිපියක්ම වැදගත්. ස්ටිකර් කමෙන්ට්, Emoji සහ කෙටි කමෙන්ට් ප්‍රතික්ෂේප කරනු ඇත. මන්ද අපි ඔබ නිසි අවබෝධය ලැබුවාද කියා සොයා බලන්නේ ඔබගේ කමෙන්ට් එකෙන්ය. සියලුම පෝස්ට් වලට කමෙන්ට් කර Top Fan Badge එක ලැබුණ පසුව ඔබ ණය මුදල ලබාගැනීමට සුදුසුකම් ලැබුවේනම් අපි ඒ පිළිබඳව සතිපතා මේ පේජ් එකේ පෝස්ට් එකක් පළකරනවා.

❌ නමුත් ඕනෑම අයෙක්ට ස්ටිකර් කමෙන්ට් කලත් Top Fan Badge ලැබෙන නිසා අපි සියලුම කමෙන්ට් එකින් එක කියවා එවායේ ගුණාත්මක භවය අනුව තමයි ඔබව තෝරාගෙන ඔබගේ නම් ලැයිස්තුව පළකරන්නේ. ඒ නිසා බොරු කිරීමෙන් වළකින්න.

ඒ නම් ලැයිස්තුවේ ඉන්න අයට පමණක් පුළුවන් අපිට පහත වට්ස් ඇප් බොත්තම ඔබා හෝ 0701101010 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවා ණය මුදල ලබාගන්න ගෲප් එකට සම්බන්ධ වෙන්න ඉල්ලීමක් කරන්න. ඉන්පසුව අපි ඔබෙන් ව්‍යාපාර සැලැස්ම ඉල්ලනවා.

පෞද්ගලිකව ණය ලබාදෙන ආයතන වලට සම්බන්ධ නොකර මහබැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන කිහිපයක් හරහා ඔබට ණය ලබාගැනීමට මග පෙන්වනු ලැබේ.

ෆේස්බුක් එකේ සැරිසරන විට අපි දුටු දෙයක් තමයි ෆේස්බුක් එකේ ණය දෙන ඇප් වලින් ණය අරගෙන නොගෙවා ඉන්න, වංචා කරන්න ගොඩක් අය උත්සාහ කරනවා. සැලසුම්සහගතව කම්පැනි වලින් මුදල් ලබාගන්න ආකාරය පිළිබඳව ගෲප් වල දහස් ගණනක් අය සාකච්ඡා කරනවා. අන්න ඒ නිසා, ඒ වගේ වංචා කාරයින් ඉන්න නිසා අපි ඒ වගේ අයට මේ සේවාව ලබාගන්න නොහැකිවෙන්න කටයුතු සලසා තියේ. ණය ලබාගන්නවානම් මුලින්ම ඔබ ඉගෙන ගන්න ඕන. ඒක තමයි අපේ එකම නීතිය.

ඔබ තුල්හිරිය අප ආයතනයට පැමිණෙනවානම් ඇපකරුවන් නොමැතිව පැය 4-10 අතර කාලයක් ඇතුළත ණය මුදල ඔබගේ ගිණුමටම ලබාගැනීමට සහය විය හැක.

🟢 ණය මුදල ලබාදීමේ අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුය. එ පිළිබඳව වගකීමක් අප දරන්නේ නැත. අප ඔබට මගපෙන්වනවා පමණයි.

එසේ ණය ලබාගැනීමට කිසිදු ගෙවීමක් කිරීමට අවශ්‍ය නැත. අපි බලාපොරොත්තු වෙන එකම දේ ව්‍යාපාර සම්බන්ධ ඔබගේ දැනුම, අවබෝධය වර්ධනය වීම සහ නැවත ගෙවීමේ සැලැස්ම ඉදිරිපත් කිරීම පමණයි.

එම නිසා ප්‍රථමයෙන්ම….

1️⃣ සියලුම ලිපි (පෝස්ට්) කියවා අවබෝධයෙන් කමෙන්ට් කර අවසන් කරන්න. දිනෙන් දින ලිපි ප්‍රමාණය වැඩිවෙන නිසා ප්‍රමාද නොවී අදම ආරම්භ කරන්න. සාමාන්‍යයෙන් දැනට තිබෙන ලිපි සියල්ල කියවා කමෙන්ට් කිරීමට පැය 3-4ක් ප්‍රමාණවත්. දින කිහිපයකින් ඔබට එය අවසන් කරන්න පුළුවන්. පැරණි පෝස්ට් වලට කමෙන්ට් කරන ගමන් දිනපතා පළකරන පෝස්ට් වලට එදිනෙදා කමෙන්ට් කරන්න. ඔබ කලින් පෝස්ට් වලට කෙටි කමෙන්ට් යොදා ඇත්නම් ඒවා නැවත අද සිට කියවා අවබෝධයෙන් නව දීර්ඝ කමෙන්ට් එකක් ඇතුළත් කරන්න.

2️⃣ ඉන්පසුව අපි ඔබව සුදුසුකම් ලාභියෙක් ලෙස මේ පේජ් එකේ පෝස්ට් එකක් පළකල පසුව ඔබගේ ව්‍යාපාර සැලැස්ම අපට ඉදිරිපත් කරන්න.

✅ ව්‍යාපාර සැලැස්මට ඕන කරන සියලුම දැනුම මේ පේජ් එකේ පසුගිය ලිපි වල තිබෙනවා. ඉදිරි සතියේ පළකරන ලිපිවල නව තොරතුරු ඇතුළත් කරනවා. සියල්ල අවබෝධයෙන් කියවා පහත සැලැස්ම නිර්මාණය කරගන්න.

▪️ ඔබ මේ පේජ් එකෙන් ආරම්භ කරන්න කැමති ස්වයංරැකියාව / ව්‍යාපාරය කුමක්ද?
▪️ එයට යන මූලික ප්‍රාග්ධනය කොපමණද?
▪️ ඔබ ආරම්භ කරන්න යන ව්‍යාපාරයේ / ස්වයංරැකියාවේ වෙළඳපොල තත්වය, ඉල්ලුම සහ තරඟකාරීත්වය කෙසේද?
▪️ ඔබ ආරම්භ කරන ව්‍යාපාරය / ස්වයංරැකියාවට අවශ්‍ය අමුද්‍රව්‍ය / උපකරණ / තාක්ෂණික සේවා මොනවාද? ඒවා සඳහා යන වියදම් මොනවාද?
▪️ අලෙවිය සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ කෙසේද?
▪️ ප්‍රවර්ධන කටයුතු සිදුකරන්නේ කෙසේද?
▪️ පළමු මාස 6 තුළ ඔබ කොපමණ ආදායමක් / ලාභයක් ලබන්න බලාපොරොත්තු වෙනවාද?
▪️ ලබාගන්නා ණය මුදල ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?

මේ සියල්ල අපගේ 0701101010 Hotline එකට එවා ණය මුදල ලබාගන්න ගෲප් එකට සම්බන්ධ වෙන්න. පැය 4 – දින 14 ඇතුළත ඔබගේ ණය මුදල ලබාගෙන ස්වයංරැකියාව / ව්‍යාපාරය ආරම්භ කරගෙන දියුණු වෙන්න…

අපි හැමදාටම ඔබට මග පෙන්වන්නම්…
ඕනෑම අවස්ථාවක අපි හරහා ඔබට අවශ්‍ය ව්‍යාපාරික සේවා ලබාගත හැක…

✅ සැ. යු : සුදුසුකම් සපුරන්නේ නැතිව හෝ මේ පෝස්ට් එක අවබෝධයෙන් නොකියවා “රු.50,000 ණය මුදල” යන වචනය පමණක් බලා WhatsApp බොත්තම ඔබා Details Please හෝ මේ ගැන විස්තර දෙන්න කියන කිසිම අයෙක් මේ සඳහා සුදුසුකම් නොලබයි. අපට අවශ්‍ය ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම ලබාදීමට බැවින් එයට අවශ්‍ය කැපවීම නැති අයට ණය මුදල ලබාගැනීමට මගපෙන්වීම සිදුකරනු නොලැබේ.

❌ කරුණාකර මේ පිළිබඳව විමසා WhatsApp හෝ Messenger මැසේජ් එවීමෙන් වළකින්න. ඔබ ණය මුදල ලබාගැනීමට සුදුසුනම් අපි ඒ සඳහා සුදුසුකම් ලැබූ සාමාජිකයින්ගේ ලැයිස්තුව සතිපතා පහත පෝස්ට් එකේ යාවත්කාලීන කරනවා.

සාමාජික ලැයිස්තුව : https://m.facebook.com/story.php?story_fbid=122104000718100804&id=61553024124622&mibextid=Nif5oz

ඉහත ලින්ක් එක බලන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #businessloan #instantloan #personalloan #loan

හීන් නූලෙන් මිනිස්සුන්ව අමාරුවේ දාන, කෝටි ගණන් සල්ලි අරන් මාරුවෙන “කොමිස්” දෙන රීලෝඩ් ඇප් වලින් ප්‍රවේශම් වන්න | අවබෝධයෙන් කියවන්න

හීන් නූලෙන් මිනිස්සුන්ව අමාරුවේ දාන, කෝටි ගණන් සල්ලි අරන් මාරුවෙන “කොමිස්” දෙන රීලෝඩ් ඇප් වලින් ප්‍රවේශම් වන්න | අවබෝධයෙන් කියවන්න

හීන් නූලෙන් මිනිස්සුන්ව අමාරුවේ දාන, කෝටි ගණන් සල්ලි අරන් මාරුවෙන “කොමිස්” දෙන රීලෝඩ් ඇප් වලින් ප්‍රවේශම් වන්න | අවබෝධයෙන් කියවන්න

සැ. යු : කිසිදු ආයතනයකට, ව්‍යාපාරයකට මඩ ගැසීමට, අකුල් හෙලීමට නොව, දැනුවත් කිරීම වෙනුවෙන් අත්දැකීම් මත ලියන ලිපියකි…

රීලෝඩ් ඇප්, ඔන්ලයින් බිල්පත් ගෙවීම් ඇප් භාවිතය අපේ ආයතනයෙන් ආරම්භ කලේ 2007දී අනෙක් තෙවන පාර්ශවීය කිසිම ආයතනයක් එම ව්‍යාපාර ආරම්භ කරන්න කලින්. හැබැයි මහ බැංකුවේ අනුමත ඇප්/සේවා තමයි අපි භාවිතා කලේ.

2021දී කොමිස් දෙන රීලෝඩ් ඇප් කරළියට ආවා. අපිත් ඒ වගේ ආයතන 4කින් සේවාව ගත්තා. බොහොමයක් ඒවා ඉන්දියන් ඇප්. ශ්‍රී ලංකාවේ නිර්මාණය කල ඒවාද තිබුණා. ඒවායේ කරන්නේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන ආයතන වලින් API අරගෙන ඇප් එකක් නිර්මාණය කරන එක. හැබැයි අපේ ආයතනයේ සාමාජිකයින්නම් අපේ දැනුවත් කිරීම් මත මහ බැංකුවේ අනුමත ඇප්ද භාවිතා කලා.

සමහර ආයතන මෙම රීලෝඩ් ඇප් භාවිතා කරලා පිරමීඩ ව්‍යාපාර ආරම්භ කලා. අපේ ආයතනය කවදත් ලෙවල් වලට ගෙවීමට වැඩි කැමැත්තක් නැති නිසා අපි එසේ පිරමීඩාකාර ඇප් භාවිතා කලේ නෑ. සාමාන්‍ය පරිදි ගෙවන මුදල ටොප් අප් කරගෙන රීලෝඩ් දාන්න, බිල්පත් ගෙවන්න පුළුවන් ඇප් පමණක් අපි භාවිතා කලා.

නමුත් අවසානයේදී එක් ඇප් එකක් අපගේ ආයතනයේ සහ සාමාජිකයින්ගේ රු.ලක්ෂ 83ක මුදලක්ද අරගෙන අපේ ඇප් එකේ අපේ මුදල් භාවිතා කිරීමට නොහැකිවන ලෙස බ්ලොක් කරනු ලැබුවා. අන්තිමේදී ආයතනයේ හිමිකරුද පළාගියා. අද වෙන තෙක් ඒ මුදල් ලැබුණේ නැහැ. නීතීය ක්‍රියාත්මක කරන ආයතන වලින්ද පිළිතුරක් නැහැ. වසර 17ක මාගේ ව්‍යාපාර ජිවිතයේ මා පෞද්ගලිකව සහ මාගේ ආයතනය සහ සේවකයින් අසුවූ එකම ස්කෑම් එක මෙයයි.

මේ වගේ රීලෝඩ් ආයතන, Private Limited එකක් ලෙස සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන නිසා බය වෙන්න දෙයක් නෑ කියලා තමයි ප්‍රවර්ධන කරන්නේ. හැබැයි ඉතිං අප ආයතනයෙන් ව්‍යාපාර ලියාපදිංචි කරන සේවාවද ලබාදෙන නිසා අපි දන්නවා රු.30,000+, සමාගමට අවශ්‍ය නම, අධ්‍යක්ෂ වරයාගේ හැඳුනුම්පත තියේනම් දින 14කින් පමණ කිසිම කරදරයක් නැතිව ලියාපදිංචි සහතිකයක් අරන් දෙන්න පුළුවන් කියලා. ලියාපදිංචි සහතිකය තිබූ පමණින් ආයතනයක් Genuine වෙන්නේ නෑ. මොකද අපේ ආයතනය හරහාම රීලෝඩ් ව්‍යාපාරයක් ලියාපදිංචි කලා. අද වෙන විට අදාල අධ්‍යක්ෂවරයා සොයාගන්න නැහැ. සම්බන්ධ කරගන්න විදිහකුත් නෑ.

අප මෙතෙක් සම්බන්ධ වුන රීලෝඩ් ආයතන 4න් 3ක්ම දැනට ක්‍රියාකාරී තත්වයේ නැහැ. කෝටි ගණනක, මිනිස්සු දහස් ගණනක මුදල් අරන් වංචා කොට පැන ගිහින් අවසන්.

මෙම කිසිම ඇප් එකක් ආරක්ෂිත නෑ. ඕනම ඇප් එකක හිමිකරුවෙක්ට, Whitelable, Distributor ඇප් වලට ලොග් වී Topup කල මුදල් ආපසු ගන්න පුළුවන්. අපේ සාමාජිකයින්ගේ මුදල්ද ඒ ආකාරයට අප ඇප් ලබාගත් සමහර ආයතන හිමිකරුවන් විසින් අරගෙන තිබුණා. සමහර පුද්ගලයින් වංචා කිරීමේ අරමුණින්ම මේ ඇප් වල Distributor ඇප් අරගෙන, සාමාජිකයින්ට නොමිළයේ ඇප් බෙදාදී, ඔවුන් කිහිපවරක් මුදල් Topup කලපසුව වැඩි මුදලක් ඇති අවස්ථාවල එම ඇප් වලට ලොග් වී eZCash, mCash හරහා එම මුදල් වංචාකාරී ලෙස භාවිතා කර සහ Withdraw කර තිබුණා. ඒ පිළිබඳව අපි ලිපි කිහිපයක් 2021 සහ 2022 වසරේ පළකලා. ඒ වගේම ඒ වගේ වංචාකරුවන් පිළිබඳව මා විසින් ලංකාවේ සියලුම රීලෝඩ් ආයතන වලට දැනුම් දීමද සිදුකලා.

කෙසේ වෙතත් මේ ඇප්වල දිනකට කෝටි ගණනක් මුදල් සංසරණය වෙනවා. අප ආයතනය විසින් භාවිතා කල ඇප් එකේ මාස 4ක් තුළ කෝටි එක හමාරක ගෙවීම් සිදුකර තිබුණා. කිසිදු නීතිමය පසුබිමක් මේවගේ නැහැ. ඕනෑම දැනුම තියෙන මෘදුකාංග ඉංජිනේරුවරයෙක්ට Dialog, Mobitel වැනි ආයතන වලින් API අරගෙන මෙම ඇප් නිර්මාණය කරන්න පුළුවන්. බොහොමයක් ඇප් නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ. ඒ ප්‍රධාන ආයතන මොනවද කියලා දන්නේ ලංකාවේ කිහිපදෙනෙක් විතරයි. ඔවුන් ඒ අයගෙන් ඇප් එකෙහි Master Admin පැනල් එකක් Whitelable කරලා අලුත් නමකින් ලබාගන්නවා. ඉන්පසුව එහිද Whitelable, Master Distributor, Distributor, Retailer ලෙස එක එක මට්ටම් වලින් එක එක නම් වලින් ඇප් නිකුත් කරනවා. ප්‍රධාන ආයතනයට එක් තත්පරයකින් ඒ ඔක්කොම මුදල් නැති කරන්න පුළුවන්.

වෙබ් අඩවි සහ මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් ලෙස අපි දන්නවා ඒ ඇප් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.

දවසින් දවස විවිධ රීලෝඩ් ඇප් ආයතන ඇප් වල තාක්ෂණික දෝෂ යැයි පවසමින් ඇප් එකට සාමාජිකයින්ට ප්‍රවේශ වීම වළක්වනවා. එය නිරාකරණය කර ඒ මුදල් ලබාදෙන තුරු වෙනත් ඇප් එකක ගිණුමක් නිර්මාණය කරගෙන, එයට අලුතෙන් මුදල් ගෙවා Topup කරගෙන එය භාවිතා කරන ලෙස ඊලඟට පණිවිඩයක් එවනවා. නමුත් හැමෝගෙම සල්ලි අනෙක් ඇප් එකේ හිර වෙලා නිසා අලුත් ඇප් එකට කිසි කෙනෙක් මුදල් Topup නොකරන නිසා ආයතනය පවත්වාගෙන යන්න විදිහක් නෑ, ඒ නිසා මාස කිහිපයකින් පරණ ඇප් එකේ මුදල් ලබාදෙන්නම් එතෙක් විශ්වාසයෙන් රැඳී සිටින්න, නැවත අපි රීලෝඩ් ව්‍යාපාරය කරන්නේ නැහැ කියලා පණිවිඩයක් එවනවා…

මේක තමයි බොහොමයක් ඇප් වලට සිදුවෙන දේ…. 2022 අප්‍රේල් වල අපේ ආයතනය එලෙස ලක්ෂ 83ක වංචාවකට අසුවුනා. ඉන්පසුව අපේ ආයතනය සම්පුර්ණයෙන්ම රීලෝඩ් ව්‍යාපාරය නවත්වනු ලැබුවා. අවශ්‍ය අයට අලුත් වෙන කම්පැනි එකක් තෝරාගන්නා ලෙස අප පැවසුවා. නමුත් අපි හැමෝටම අවවාද කලා දෛනික ගෙවීම් සඳහා අවශ්‍ය මුදල පමණක් Topup කර භාවිතා කරන ලෙසට. මන්ද හදිසියේ හෝ එම ආයතනද කලින් ආයතන වගේ වංචා කලොත් අමාරුවේ වැටෙන නිසා.

ගොඩක් ආයතන විසින් Whitelable ඇප් නිර්මාණය කරගෙන ආයතනයේ සැබෑ හිමිකරුවන් කවුද කියලා හෙලි කරන්නේ නැතිව තමයි මේ ව්‍යාපාරය කරගෙන ගියේ. මොකද බිස්නස් එක ඔවුන්ගෙන් ගිලිහිලා ගිහින් මව් ආයතනයෙන් ඇප් එක ගනී කියලා හිතන නිසා. නමුත් අපේ ආයතනය විසින් මෙම ඇප් එක ලබාදුන්නේ ලාභ ඉපයීමේ අරමුණින් නෙමේ. ඒ නිසා අපිට ඇප් එක අපෙන් ගත්තත්, මව් ආයතනයෙන් ගත්තත් ප්‍රශ්නයක් නොවේ. නමුත් මව් ආයතනයට වඩා කොමිස් මුදලක් අපි දුන්නා. හැබැයි අපි ඇප් එක ලබාගත් මව් ආයතනය මොකක්ද, කැමති අයට අවශ්‍යයිනම් ඒ ආයතනයෙන්ම ඇප් එක ගන්න, ඇප් එකේ මුදල් වල වගකීම තියෙන්නේ ඒ මව් ආයතනයට, අපි කරන්නේ ඇප් එක නොමිළයේ බෙදාහැරීම, පුහුණුව සහ Topup ලබාදීම පමණයි, ඇප් එකේ තාක්ෂණික සහ මූල්‍යමය ගැටලුවකදී අදාල වගකීම් තිබෙන්නේ මව් ආයතනයට පමණක් බව සිහියේ තබාගෙන අපෙන් ඇප් එක ගන්න කියලා අපි දැනුවත් කරලා තමයි අපේ සාමාජිකයින්ට ඇප් එක ලබාදුන්නේ. කෙසේ වුවත් වගකීම ඒ මව් ආයතනයට තිබ්බත් මව් ආයතනයේ හිමිකරුවන් දැන් නීතීයේ රැහැනින් පළා ගොසින්….

එම නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න…
ඔබ භාවිතා කරන තෙවන පාර්ශවීය ‍රීලෝඩ් ඇප් එක හෝ ගෙවීම් ඇප් එක මහ බැංකුවේ අනුමත එකක් නොවේනම් කවදා හෝ ඔබට මුදල් නැතිවීමට ඉඩ කඩ වැඩිය.

ගමක අයෙක්නම් දිනකට රු.20-30ක ලාභයකටද, නගරබද අයෙක්නම් දිනකට රු.500-1000ක ලාභයකට රුපියල් ලක්ෂ ගණනක් නැතිවිය හැක. ඇප් භාවිතා කිරීමට අවශ්‍යයිනම් දෛනික අවශ්‍යතාවය පමණක් Topup කර භාවිතා කරන්න. නොඑසේනම් මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක ඇප් එකක් භාවිතා කර ගෙවීම් කරන්න. කොමිස් එකක් ඕනමනම් පාරිභෝගිකයාට කියන්න අමතර සුළු ගාස්තුවක් යනවා කියලා. මොකද ඔබේ අන්තර්ජාල පහසුකම්, ඔබේ ෆෝන් එක භාවිතා කරලා ඔබේ මුදලින්නේ ගෙවන්නේ…

පහතින් තියෙන්නේ එසේ භාවිතා කල හැකි මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වෙන සේවා. 2021 වසරේද අපි පහත පෝස්ට් එක පළකලා. නැවතත් අලුත් ඇප් ලැයිස්තුවක් සමඟින් එය යාවත්කාලීන කොට තිබෙනවා….

ඔබට මුදල් ආරක්ෂා කරගැනීමට අවශ්‍යයිනම් පහත ඇප් භාවිතා කරන්න. අවධානමක් අරගෙන ආදායමක් උපයන්න ඕනනම් තෙවන පාර්ශවීය (3rd party Reload Apps) ඇප් භාවිතා කරන්න.

https://m.facebook.com/story.php?story_fbid=122102806988100804&id=61553024124622&mibextid=Nif5oz

සැ. යු : කිසිදු ආයතනයකට, ව්‍යාපාරයකට මඩ ගැසීමට, අකුල් හෙලීමට නොව, දැනුවත් කිරීම වෙනුවෙන් අත්දැකීම් මත ලියන ලිපියකි…

කිසිදු ආයතනයක් මේ පෝස්ට් එක නිසා අප සමඟ අමනාප නොවන්න. ඔබගේ ආයතනය Genuine ආයතනයක්නම් අනෙක් ආයතන මෙන් මහ බැංකුවේ නියාමනය යටතේ මෙය සිදු කරන්න උත්සාහ කරන්න. එවිට හැමෝම විශ්වාසයෙන් සම්බන්ධ වේවි. ආයතනය ලංකාවේ නෙමේ ඉන්දියාවේ, ඒ නිසා ලංකාවේ ලියාපදිංචි කරන්න බැහැ කියනවනම් යම්කිසි මුදලක් වෙන් කරලා ලංකාවේ APIs භාවිතා කර ලංකාවේ ආයතනයක් ආරම්භ කරන්න. නොඑසේනම් ඔබ නිකන්ම නිකන් බෙදාහරින්නෙක් පමණයි. ඔබට මිනිසුන්ගේ කෝටි ගණනක මුදලට වගකීමක් ලබාදීමේ ක්‍රමයක් නැත. ව්‍යාපාර ලියාපදිංචිය එයට ඉත්තෙක් කර නොගන්න…

බුද්ධිමත් වෙන්න…
වඩාත් යහපත් සේවාවක් ලබාදෙන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #bpnl #paymentgateways #onlinepayment #ipg #mobileapps #labkaqr #රීලෝඩ්ඇප් #reloadapp

සියලුම ගණුදෙනු සඳහා මහ බැංකුවේ අනුමත ගෙවීම් ක්‍රමවේද (Payment Services) පමණක් භාවිතා කරන්න

සියලුම ගණුදෙනු සඳහා මහ බැංකුවේ අනුමත ගෙවීම් ක්‍රමවේද (Payment Services) පමණක් භාවිතා කරන්න

සියලුම ගණුදෙනු සඳහා මහ බැංකුවේ අනුමත ගෙවීම් ක්‍රමවේද (Payment Services) පමණක් භාවිතා කරන්න

පහත සේවා භාවිතා කිරීමට පෙර සේවා ගාස්තු, ලියාපදිංචි ගාස්තු, වාර්ෂික ගාස්තු, මුදල් හුවමාරු ගාස්තු වැනි තොරතුරු පිළිබඳව සොයා බලා භාවිතා කිරීමට බුද්ධිමත් වෙන්න.

🔵 බැංකු විසින් නිර්මාණය කල ඇප් :

▪️ DFCC Pay – DFCC Bank :
https://play.google.com/store/apps/details?id=com.dfcc.dfccpay

▪️ FLASH Digital Banking – Commercial Bank of Ceylon : https://play.google.com/store/apps/details?id=com.kashmi.bank

▪️ ComBank Q Plus Payment App – Commercial Bank : https://play.google.com/store/apps/details?id=com.euronetindia.combankqpluscustomer

▪️ ComBank Digital – Commercial Bank : https://play.google.com/store/apps/details?id=combank.com.combankdigital

▪️ FriMi – Nations Trust Bank : https://play.google.com/store/apps/details?id=com.nationstrust.frimi

▪️ NDB Neos – National Development Bank : https://play.google.com/store/apps/details?id=com.ndb.mobilebanking

▪️ Peoples Pay – Peoples Bank : https://play.google.com/store/apps/details?id=com.pb.peoplespayrc

▪️ Peoples Wave – Peoples Bank : https://play.google.com/store/apps/details?id=com.peoplesbank.retailbanking

▪️ BOC SmartPay – Bank Of Ceylon : https://play.google.com/store/apps/details?id=com.bankofceylon.smartpay

▪️ SOLO by HNB – HNB Bank : https://play.google.com/store/apps/details?id=com.hnb.digital.payApp

▪️ HNB Digital Banking – HNB Bank : https://play.google.com/store/apps/details?id=com.hnb.DigitalApp

▪️ UPay – SDB Bank : https://play.google.com/store/apps/details?id=com.paymentservices.upay

▪️ Sampath WePay : https://play.google.com/store/apps/details?id=lk.sampath.iwallet

▪️ Cargills Bank : https://play.google.com/store/apps/details?id=com.fg.wallet

▪️ NSB Pay – National Savings Bank : https://play.google.com/store/apps/details?id=lk.nsbpay.user

🟠 පෞද්ගලික ආයතන විසින් නිර්මාණය කල ඇප් :

▪️LB CIM – LB Finance : https://play.google.com/store/apps/details?id=com.cashinmobile.lb.customer

▪️ iPay Sri Lanka : https://play.google.com/store/apps/details?id=com.ipay.mobile

▪️ Onepay – Spemai (pvt) Ltd : https://play.google.com/store/apps/details?id=lk.onepay.android

▪️ Marxs – Crossboarder Payments (pvt) Ltd : https://play.google.com/store/apps/details?id=com.ceyentra.marx

▪️ Pay Master – Pay Master Solutions (Pvt) Ltd : https://play.google.com/store/apps/details?id=com.paymasterapp.mobile

▪️ OrelPay – Orel Corporation : https://play.google.com/store/apps/details?id=com.paymedia.orelpay.

▪️ Centrix – Sri Lanka – Central Finance Company PLC : https://play.google.com/store/apps/details?id=lk.centrix.user

▪️ Genie – Dialog Finace : https://play.google.com/store/apps/details?id=lk.tc.finpal

▪️ Direct Pay – Direct Pay Sri Lanka : https://play.google.com/store/apps/details?id=com.directpay.userapp

▪️ HelaPay – Bhasha Lanka (Private) Limited : https://www.helapay.lk/

▪️ Helakuru : https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru

▪️ PayGo Sri Lanka – MegaPay – https://play.google.com/store/apps/details?id=com.megapaysl.paygo

🔴 සන්නිවේදන ආයතන විසින් නිර්මාණය කල ඇප් :

▪️mCash – Mobitel : https://play.google.com/store/apps/details?id=family.mobitel.mcash

▪️ eZCash – Dialog Axiata :
https://play.google.com/store/apps/details?id=lk.dialog.ewallet

🟢 Payment Gateway සේවා :

▪️ PayHere – PayHere (Private) Limited : https://payhere.lk

▪️ One Pay – Spemai (Pvt) Ltd : https://www.onepay.lk/business.html

▪️ WebXPay : https://webxpay.co/

▪️ Marx – Crossboarder Payments (pvt) Ltd : https://marx.lk/payment-gateway/

▪️ Direct Pay : https://www.directpay.lk/ipg

▪️ Genie Business : https://www.genie.lk/genie-business/

▪️ වෙනත් බැංකු වල Payment Gateway

🟣 BNPL (Buy Now Pay Later) සේවා :

▪️ Koko – Dinnovation (Pvt) Limited : https://paykoko.com/

▪️ Payzy : https://payzy.lk/

▪️ MintPay : https://mintpay.lk/

සෑම පෞද්ගලික හෝ ව්‍යාපාරික ගණුදෙනුවක් සඳහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත Payment App එකක් භාවිතා කරන්න බුද්ධිමත් වන්න…

වීඩියෝ එක බලන්න : https://fb.watch/o73uOOLKvD/?mibextid=Nif5oz

තෙවන පාර්ශවීය ඇප් හරහා ගණුදෙනු කිරීමෙන් ඔබගේ මුදල් නැතිවීමේ අවධානමක් ඇත. ඉහත සේවා පිළිබඳව ඔබද තොරතුරු සොයා බලා භාවිතා කිරීමට බුද්ධිමත් වන්න.

👉 ඔබ දන්නා අපට මගහැරුණ තවත් ගෙවීම් ක්‍රමවේද, ඇප් පිළිබඳව අපට දැනුම් දෙන්න.

Source : තොරතුරු අන්තර්ජාලය ඇසුරිණි.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #bpnl #paymentgateways #onlinepayment #ipg #mobileapps #labkaqr

නිධානයක් මත සිට ආධාර ඉල්ලමින් සිඟමන් යදින්න එපා

නිධානයක් මත සිට ආධාර ඉල්ලමින් සිඟමන් යදින්න එපා

නිධානයක් මත සිට ආධාර ඉල්ලමින් සිඟමන් යදින්න එපා…

අපි මේ පේජ් එකෙන් ඔබට “දැනුම” කියන ආධාරය ලබාදෙනවා. එය භාවිතා කර දියුණු වෙන එක ඔබ සතු දෙයක්…

මේ පේජ් එකේ මේ පෝස්ට් එකෙන් පහළට පෝස්ට් 80ක් තියෙනවා. ඒ පෝස්ට් 80 ඔබට අවබෝධයෙන් කියවන්න පුළුවන් නම්, දිනපතා පළකරන පෝස්ට් 10+ කියවන්න පුළුවන් නම් ඔබට අනිවාර්යයෙන් දියුණු වෙන්න පුළුවන්.

අපි කිසිම අවස්ථාවක කිසිම අයෙකුට මුදලින් හෝ ද්‍රව්‍යමය ආධාර දෙන්නේ නැහැ. ආධාර බලාපොරොත්තු වෙන්න එපා. ආධාර ඉල්ලමින් ඇමතුම් ලබාදී අපව අපහසුතාවයට පත් කරන්න එපා, මැසේජ් එවන්නත් එපා.

දිනකට අපට ඇමතුම් 50ට වඩා එනවා ආධාර ඉල්ලමින්. පේජ් එකේ පෝස්ට් බැලුවද කියලා අපි අහපුවහම දෙන පිළිතුර “ඒවනම් බැලුවේ නෑ, මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා දැක්කා, ඒකයි කෝල් කලේ, උදව්වක් ඉල්ලගන්න” කියලා කියනවා.

ඔන්න ඕකයි අපේ මිනිස්සුගේ තත්වේ…

දියුණු වෙන්න උවමනාවක් නෑ. කාගෙන් හරි ඉල්ලගෙන, සිඟමන් යදිමින් ජීවත් වෙන්නයි බොහොමයක් අයට ඕන. එහෙමත් නැතිනම් කිසි දෙයක් නොකර මුදල් පහළවෙනකම් බලාගෙන ඉන්න එකයි ගොඩක් අය කරන්නේ…

ඔබට ස්මාර්ට් ෆෝන් එකක් තියේ, ඒ නිසයි ඔබ අපි ගැන දැනගත්තේ. සිංහල කියවන්න පුළුවන්. එතනින් එහාට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබට දියුණු වෙන්න ක්‍රම 2ක් තියේ…

1️⃣ මේ පෝස්ට් අවබෝධයෙන් කියවා අපි උගන්වා ඇති ආදායම් ක්‍රම තනිව උත්සාහ කිරීම.

2️⃣ TechLabs PASS එකක් මිළදීගෙන අපගේ Priority Support එක ලබාගෙන අපගේ සහයෙන් සියලුම තාක්ෂණික සහයන් ලබාගෙන ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කර දියුණු වීම.

දැන් ඉඳන්වත් දියුණු වෙන්න උත්සාහ කරන්න… අපි උදව් කරන්නම්…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas