Select Page
දියුණු වෙන්න ඕනනම් ඔබට ඒ සඳහා අවශ්‍යවන්නේ උත්සහය සහ කැපවීමයි.

දියුණු වෙන්න ඕනනම් ඔබට ඒ සඳහා අවශ්‍යවන්නේ උත්සහය සහ කැපවීමයි.

දියුණු වෙන්න ඕනනම් ඔබට ඒ සඳහා අවශ්‍යවන්නේ උත්සහය සහ කැපවීමයි.

හැමදේම පහල වෙනකම් බලාගෙන ඉන්න එපා. තියෙන සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙන්න උත්සාහ කරන්න. අපි උදව් කරන්නම්…

ඔබ සැමවිටම ඉන්නේ සෘනාත්මක මානසිකත්වයක නම් ඔබට කවදාවත් දිනන්න බෑ. දියුණුවෙන්න ඕනනම් වෙනස් විදිහට හිතන්න…

වෙනස් විදිහට වැඩ කරන්න ඕන නම් දිනපතා අපේ පේජ් එක බලන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

දින 7යි | Followers ලක්ෂයයි

දින 7යි | Followers ලක්ෂයයි

දින 7යි | Followers ලක්ෂයයි….

කෙටි කාලයක් තුළ දියුණු වෙන්න වෙර දරන ලක්ෂයක පිරිසක් අපත් සමඟ එකතු වීම සැබවින්ම ආඩම්බරයක්…

අපි මේ ගැන පසුව කතා කරමු…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas

අපගේ පේජ් එකෙහි Follow / Like බොත්තම එබීමෙන් “ඇලඩින්ගේ පහනේ භූතයා” පහළ වෙන්නේ නැත

අපගේ පේජ් එකෙහි Follow / Like බොත්තම එබීමෙන් “ඇලඩින්ගේ පහනේ භූතයා” පහළ වෙන්නේ නැත

අපගේ පේජ් එකෙහි Follow / Like බොත්තම එබීමෙන් “ඇලඩින්ගේ පහනේ භූතයා” පහළ වෙන්නේ නැත…

ඔබට යම් කිසි ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කීරීමට අවශ්‍යයිනම් ප්‍රථමයෙන් මේ පේජ් එකේ පෝස්ට් කියවා ඔබට ගැලපෙන ව්‍යාපාරයක් තෝරාගෙන එයට අදාල පෝස්ට් එක කියවන්න. සෑම පෝස්ට් එකකම සරළ සිංහලෙන් “උපදෙස් / විස්තර / Details” A4 Sheet 4-5ක් පමණ ලියා ඇත. අපට මෙම එක පෝස්ට් එකක් ලිවීමට පැය කිහිපයක් ගතවෙනවා. ඒවාට අවශ්‍ය තොරතුරු සෙවීමට දින කිහිපයක් ගත වෙනවා.

ඔබ දකින දකින පෝස්ට් එකට “විස්තර දෙන්න, Details Please” ලෙස කමෙන්ට් කිරීමෙන් හෝ පේජ් එකට හෝ සෑම පෝස්ට් එකකම ඇති වට්ස් ඇප් බොත්තම ඔබා Details Please කියා මැසේජ් එවීමෙන් වළකින්න.

Details තමයි මේ පේජ් එකේ තියෙන්නේ. මේ පේජ් එක ආරම්භ කිරීමේ අරමුණ නොමිළයේ විස්තර / තොරතුරු ලබාදීම. ඔබට දියුණු වෙන්න අවශ්‍යයිනම් මුලින්ම ඒවා කියවන්න. මේ පේජ් එකේ තියෙන තොරතුරු / පෝස්ට් මෝහනය කර ඔබගේ හිතට දැමීමට ක්‍රමයක් අපි සතුව නැත.

දියුණු වෙන්න අවශ්‍යයිනම් මුලින්ම ඉගෙනගන්න. ඉන්පසුව ආදායම් උපයන්න.

First LEARN & then EARN !

භාගෙට කියවලා ව්‍යාපාර ආරම්භ කරලා අතේ තියෙන මුදල් නැති කරගන්න එපා…

කාර්ය බහුල ඔබට, පෝස්ට් කියවන්න, ඉගෙන ගන්න අකමැති, වෙලාව නැති ඔබට තමයි අපි TechLabs PASS කියලා එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. මුදල් ගෙවා එම PASS එක මිළදී ගත් පසුව ඔබට අවශ්‍ය දේවල් අපි හැමදේම කරලා දෙනවා. 1 Year PASS එක මිළදී ගැනීමෙන් වසරක් පුරාවට Priority Support එක ලබාගන්න පුළුවන්.

දැනුමින් පෝෂිත මේ පේජ් එකේ කිසිදු පෝස්ට් එකක් නොකියවා පිරමීඩ මානසිකත්වයෙන් නිදාගෙන සල්ලි හොයන්න එන අයටනම් අපි කිසි උදව්වක් කරන්න සූදානම් නෑ. දියුණු වෙන්න උත්සාහ කරන අයට පමණක් අතදෙන වැඩසටහනක් තමයි මේ Business HUB කියන්නේ….

බුද්ධිමත් වෙන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #motivation

“නිකං ඉඳල / නිදාගෙන සල්ලි හොයන්න කැමතිද?”

“නිකං ඉඳල / නිදාගෙන සල්ලි හොයන්න කැමතිද?”

“නිකං ඉඳල / නිදාගෙන සල්ලි හොයන්න කැමතිද?”

“ගෙදර ඉඳල මාසෙකට ලක්ෂ හැටක්?”

මීට වසර කිහිපයකට කලින් කෙනෙක් මට කතා කළා. ඔහු මට යෝජනාවක් කළා. ඔහුගේ ව්‍යාපාරයට එකතු වෙන්න කියලා. ඔහු ඉතාම නිර්මාණශීලීයි. ඔහු යමක් හඳුන්වා දෙන විදිය, කරුණු ඉදිරිපත් කරන විදිය හිතේ දැවැන්ත සිහින මාලිගා ගොඩනඟන්න සමත්. කිසිඳු මහන්සියකින් තොරව මාසෙකට හැට ලක්ෂයක් හොයන විදිය ඔහු මා ඉදිරියේ මවා පෑවා. නමුත් මම ඔහුගෙන් ගැලවී ගියා. මොකද ඊට කලකට පෙර සිටම මම පිරමීඩ් ව්‍යාපාර ගැන අසා තිබුණු නිසා.

මට ඕන උනේ වංචා නැති විනිවිද භාවයක් සමග Facebook නිකන් කාලය ගතකරන අහිංසක මිනිස්සුන්ට සදාචාරාත්මකව Facebook භාවිතා කරලා තමන්ගේ හැකියාවෙන් අමතර ආදායමක් හොයන්න ක්‍රමවේදයක් ගොඩනගන්න..

බොහෝ දෙනා සල්ලි හොයන්න කැමතියි. නමුත් කැපකිරීම් කරන්න අකැමැතියි. නිකන් ගෙදර ඉද්දි සල්ලි ලැබෙන ක්‍රම ගැන තමයි ඇතැම් අය ගොඩක් උනන්දු.

නිකන් ඉඳිමින් සල්ලි හොයන්න ඔබට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා කාලයක් තිස්සේ ගොඩනැගූ යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. එය නීත්‍යානුකූල ක්‍රමයක් විය යුතුයි.මුලින්ම ටිකක් කැපවීම , ඉවසීම , ඇතුව අපි ක්‍රමවේද ගොඩනගා ගන්න ඕන..එවිට අපිට පුළුවන් නිකන් ඉදන් උනත් සල්ලි හොයන්න…

යම් තරුණියක් සිටිනවා. ඇයගේ විවාහය ප්‍රමාදයි. ඇයට අවශ්‍යයි සහකරුවෙක් සොයාගන්න. ඇය මුදල් ඉතිරි කරන්න පටන් ගන්නවා. තමන්ගෙ ආභරණ ටික හදාගන්න පටන් ගන්නවා. තමන්ගෙ කායික හා මානසික නීරෝගීතාවය ගැන සිතනවා. ලස්සන ගැන උනන්දු වෙනවා. උයන්න, පිහන්න ඉගෙනගන්න වෙනදාට වඩා උනන්දු වෙනවා. ඇය හරිම සක්‍රීයයි. විශ්වයට පවා දැනෙනවා ඇයට විවාහයක් අත්‍යවශ්‍යයි කියලා. ඉතින් ඉතාම කෙටි කාලයකදී ඇයට සුදුසු සහකරුවෙක් ලැබෙනවා. නමුත් බොහෝ තරුණ තරුණියන් සිතාගෙන ඉන්නවා නිදාගෙන ඉද්දි තමන්ගේ සහකාරිය, සහකරුවා ගෙදරට ඒවි කියලා. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක ඔබේ ජීවිතයේ හොඳම හරිය ගෙවී ගියාට පස්සෙ වෙන්න පුළුවන්.

ඔයාට සාර්ථක වෙන්න ඕන නම් අරමුණ උදෙසා කැපවෙන්න. ඒක ඔයාගෙ සිහින ගමනට ඉන්ධනයක්. නමුත් ඔයාට ඒ දේ අවශ්‍යමයි කියලා විශ්වයටම දැනෙන්න සක්‍රීය වෙන්න ඕන. නැතිනම් වෙන්නෙ facebook එකේ දකින “ඉක්මනින් පොහොසත් වෙන්න” කියලා මවා පෙන්වන උගුල් වල ග්‍රහණයට හසු වේවි. අවසානයේදී ඔයා “eMoney කියන්නේ බොරුවක් ” කියලා දොස් කියමින් සිටීවි.

නිදාගෙන ඉදලා සතයක් වත් හොයන්න බෑ….

ඔයා කෑම පාර්සල් ටිකක් හදලා පාරේ තියාගෙන විකුණන්න. ඒකට ඔයාගේ හිතේ කිසිම ලැජ්ජාවක් ඇතිකරගන්න ඕන නෑ. මොකද ඔයාගේ සිහිනය අනාගතයේදී හොඳම ප්‍රමිතියේ හෝටලයක් පටන් ගන්න එක. ඉතින් ඔයා සක්‍රීයයි. ඒ සක්‍රීයතාවය විශ්වයටම දැනෙනවා. ඉතින් ඔයාට ඒ සිහිනය දිනන්න අවශ්‍ය හැම දේම ක්‍රමක්‍රමයෙන් ලඟා වෙනවා. ඔබ එසේ සාර්ථක වෙද්දී තවත් කෙනෙක් ඉක්මනින් පොහොසත් වෙන්න ගිහිල්ලා කපටි පුද්ගලයින්ගේ උගුල්වලට හසු වෙලා ජීවිත කාලයම විඳවනවා.

අනුන් ඔයාගේ හිතේ මවන දේ නොවෙයි ඔයා කැමති දේ ගැන ඔයාම සිහින මවන්න. ක්‍රියාත්මක වෙන්න. ඔයාගේ හැකියාවන් භාවිතා කරන්න. කරුණු සොයන්න.

ඔයාගේ දක්ශතාවය හදුන ගන්න…

ඔබේ හැකියාවෙන් මුදල් උපයන්න ඉගෙනගන්න… දිනපතා මේ පේජ් එකේ පෝස්ට් කියවන්න.

ඉතින් ප්‍රමාද වෙන්න එපා දැන්ම ක්‍රියාත්මක වෙන්න… ඉගෙන ගන්න…

ඡායාරූපය : ඡායාරූපයේ පෙනෙන ආකාරයට නිකන් ඉඳලා / නිදාගෙන සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ගෙදර මනුස්සයා එක්ක නෙමේ, පිට කෙනෙක් එක්ක. එතනත් ඉතිං කරන්න දේවල් තියෙනවානේ. ලෝකයේ පැරණිම රස්සාවක් කියනවනේ. නැත්නම් හිඟා කන්න පුළුවන්. ඔය දෙක තමා පහසුම…

නුවණින් සිතා බලන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 02

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 02

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 02

එසේනම් අනිවාර්යයෙන් මේ පෝස්ට් එක කියවන්න…

Part 01 තවමත් කියෙව්වේ නැතිනම් මේ ලින්ක් එකෙන් කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122095816730100804&id=61553024124622&mibextid=Nif5oz

සැබෑ අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න ඔබ ඔබගේ හැකියාවන් (Skills) සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ඕන.

ඔන්ලයින් ජොබ් (රැකියා) කියන වචනයනම් භාවිතා කරන්න මම කැමති නෑ. මොකද මේවා රැකියා නෙමේ. නමුත් ඔන්ලයින් ආදායම් ක්‍රම කිහිපයක් පහතින් සඳහන් කරලා තියේ.

නොමිළයේ ලියාපදිංචි වී ඔන්ලයින් මුදල් ඉපයීම් කරන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් :

1. Fiverr
2. Upwork
3. Toptal
4. Simply Hired
5. PeoplePerHour
6. Aquent
7. Crowded
8. The Creative Group
9. 99Designs
10. Nexxt
11. Writer Access
12. TaskRabbit
13. Skyword
14. Designhill
15. Freelancer
16. Guru
17. Hireable
18. FlexJobs
19. LinkedIn
20. Behance
21. Dribbble
22. We Work Remotely
23. Wellfound
24. DesignCrowd
25. Authentic Jobs
26. Flexjobs
27. Servicescape
28. Truelancer
29. Solidgigs
30. Clickworker

මේ තියෙන්නේ නියමාකාරයෙන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න ඕනනම් උත්සාහ කරලා බලන්න ඕන වෙබ් අඩවි. මේ හැම එකකටම වගේ පරිගණකයක්, ඉංග්‍රීසි දැනුම ඕන. ෆෝන් එකෙන් කරන්න තරමක් අපහසු විය හැක.

ඉංග්‍රීසි දැනුම තියේනම් Google එකේ ඉහත වෙබ් අඩවි සර්ච් කර ලියාපදිංචි වී මුදල් උපයන්න. ඉදිරියේදී අපි මේ වෙබ් අඩවි පිළිබඳව උගන්වනවා.

🚗 ඔබ දන්නවාද, මාගේ රියදුරු රු.1,000ක වැටුපට මාගේ වාහනය පදවන අතර (සමාජ සේවාවක් ලෙස) බොහෝ දිනවල දවස අවසානයේ Fiverr හරහා ඔහුගේ හැකියාවෙන් 25$ – 100$ත් අතර මුදලක් උපයන බව. ඉතිං ඔබටත් හැකියාවන් තියේනම් හෝ ඉංග්‍රීසි දැනුම තියේනම් ඉහත වෙබ් අඩවි වලින් මුදල් උපයන්න උත්සාහ කරන්න.

නැතිනම් DropShipping ඉගෙන ගන්න. eBay, Etsy, Shopify වගේ ඉගෙන ගන්න. සමහර International DropShipping වෙබ් අඩවි දැනට ලංකාවේ භාවිතා කරන්න බැරි තත්වයක් ඇවිත් තියේ. Account Suspend වෙන අවස්ථා වැඩී. Local DropShipping උත්සාහ කරන්න පුළුවන්. ඉදිරියේදී ඒ පිළිබඳව අප ආයතනයෙන් උගන්වනවා.

Crypto Currency Trading ඉගෙන ගන්න. Youtube එකෙන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලා කරන ආයතනත් ඇති. සොයලා බලන්න.

ඔය දේවල් හරහා අනිවාර්යයෙන්ම ඔන්ලයින් මුදල් උපයන්න පුළුවන්.

ඔන්ලයින් සල්ලි හොයන්න සමහර වෙලාවට Paypal ඕන. Skrill Account හදාගන්න ඕන. Crypto Currency Wallet හදාගන්න ඕන. Binance ඕන, Payoneer ඕන. English National ID හෝ Passport ඕන වෙන වෙලාවල් තියේ KYC Verification කරන්න. පැරණි ID වලින් කරන්න බැරි අවස්ථා තියේ.

දැනට ලෝකයේ බොහෝ දෙනෙක් මුදල් උපයන ක්‍රම කිහිපයක් පිළිබඳව ෆේස්බුක් එකෙහි පළවුන ලිපියක් පහතින් තියේ. නිදහසේ අවබෝධයෙන් කියවන්න. එහි සමහර කොටස් වෙනස් කර ඇති බව සහ නව තොරතුරු ඇතුළත් කර ඇති බව කරුණාවෙන් සළකන්න.

🌐 ලෝකයේ වැඩි පිරිසක් ඔන්ලයින් මුදල් උපයන ක්‍රම :

🧑‍💻 Blogging : මේක දැක්ක ගමන් මොන කම්මැලි වැඩක් ද කියලා සමහරුන්ට හිතෙන්න ඇති. හැබැයි අද ලෝකේ මිලියන 200කට වැඩිය වෙබ් අඩවි තියෙනවා. ඒවාගෙන් බාගෙකට වඩා යම් ආකාරයකට හෝ මේ blogging කියන දේ කරනවා. Blogger කෙනෙක් කරන්නේ යම් දෙයක් පිළිබඳ ඔහුගේ දැනුම හා ඔහු සොයා ගන්නා දේ එකතු කරලා වටින ලිපියක් website එකක පළ කිරීමයි. මේකේ හැමෝම නොදන්න දෙයක් හොයා ගන්න එක පාරක් හරි google එකේ search කරලා ඇති. එතකොට එන්නේ ඒ සම්බන්ධව කවුරු හරි පළ කරපු blog ලිපියකට තමා. එතකොට කොහොමද මේවා දැම්මා කියලා සල්ලි ලැබෙන්නේ කියලා බලනවා ඇති ඔයාලා. ප්‍රධාන ක්‍රම 2කින් blog මගින් සල්ලි හොයන්න පුලුවන්. තව ඒවාත් නැතුව නෙවෙයි.

1️⃣ Google adsense : ඔබ කියවපු ගොඩක් blog වල ads display වෙනවා දැකලා ඇති. මේවා දාන අය google එකට pay කරලා තමා දාන්නේ. එතකොට ඒ ads වලට ඇති දේ වලට සම්බන්ධ ක්ෂේත්‍රයක blog වල ඒවා google එකෙන්ම දානවා. එතකොට ඔබේ blog එකට එන visitorsලා මේ ads click කරාම ඔබටත් යම් මුදලක් එකතු වෙන්වා ඔබේ ad account එකට. මේක බොහොම පොඩි ගානක් උනාට ඔබගේ blog එකේ දාන content ඉතා ඉහල තත්ත්වයේ තියෙනවා නම් හා ඉංග්‍රීසි භාෂාවෙන් නම් තියෙන්නේ මිලියන ගනනක් උනත් මේවා බලනවා. එතකොට ඔබට විශාල ad revenue එකක් එකතු වෙනවා. හැබැයි මේක ටිකෙන් ටික වෙන ක්‍රියාවලියක්. අද කරලා හෙට දියුණු වෙන්න බෑ. කාලයක් එක දිගට ගුණාත්මක blogs දාන්න වෙනවා.
ඔබට සතියකට 2ක් 3ක් වගේ දාන්න පුලුවන් නම් ප්‍රමාණවත්.

WordPress හරහා පහසුවෙන් වෙබ් අඩවියක් සාදාගෙන ඔබ කැමති ක්ෂේත්‍රයක blogs එහි පළ කරන්න පුලුවන්. දැන්නම් AI තාක්ෂණය හරහා ඔබට Article ලියාගන්න පුළුවන්.

🌐 ඔබට අප ආයතනය හරහා මේ සඳහා WordPress වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්. Domain සහ Hosting අපෙන් මිළදී ගන්න පුළුවන්. නොඑසේනම් Youtube බලලා ඉගෙන ගන්නත් පුළුවන්. TechLabs Business HUB Lifetime PASS එක අරගෙන තියෙන කෙනෙක්නම් අපගේ LMS (Learning Management System) එක හරහා ඔබට WordPress වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

2️⃣ Affiliate Marketing : මෙය ඔබට ad revenue එකෙන් සල්ලි හොයනවාට වඩා ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් ඔබගේ blog එක හරහා. මෙය ගැන වෙනම යට දාල තියෙනවා.

🔴 Youtube : Blogging මගින් ඔබ ලියලා කරන දේම වීඩියෝ මගින් කරන්න පුලුවන් youtube හරහා ඔබට. ඔබ කැමති ක්ෂේත්‍රයක තෝරාගෙන youtube channel එකක් පටන් ගන්න. හැමෝම කරනවා වගේ gossip channel හරි විහිලු සපයන channel විතරක් කරන්න යන්න එපා. ඒවා නරකයි කියනවා නෙවෙයි. නමුත් වෙනස් දෙයක් කරොත් මිනිස්සු බලනවා. ඒවාට ඕන තරම් උදාහරණ ඔබ youtube එකෙන් දැකලා ඇති. මෙහිදීත් ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ
Blogging වල මෙන්

1. Ad revenue
2. Affiliate Marketing

👉 මීට අමතරව youtube හරහා ඔබගේ blogsite එකට නැත්තම් ecommerce website එකට වගේ ඕනම වෙබ් අඩවියකට direct links දාලා web traffic වැඩි කරගන්න පුලුවන්. එමගින් එම වෙබ් අඩවි හරහා කෙරෙන sales වැඩි කර ගන්න පුලුවන්. ඒ සඳහා ඔබ ඊට කැමැත්තක් ඇති පිරිස සඳහා අවශ්‍ය Contents පළ කරන්න ඕනා. නිකම්ම අදාල නැති contents එකක වෙනත් ක්ෂේත්‍රයක links දාලා spam කරන්න යන්න එපා.

🌐 ඔබට අප ආයතනය හරහා Youtube Channel අවශ්‍යයිනම් නිර්මාණය කරගන්න පුළුවන්. අලුතෙන් චැනල් එකක් නිර්මාණය කරගෙන Subscribes, Views, Watch Time හැමදේම ලබාගන්න පුළුවන්. ඔබේ තිබෙන චැනල් එකටත් ලබාගන්න පුළුවන්.
TechLabs Business HUB Lifetime PASS එක අරගෙන තියෙන කෙනෙක්නම් අපගේ LMS (Learning Management System) එක හරහා ඔබට චැනල් එකක් නිර්මාණය කරගන්නා ආකාරය, Youtube Video නිර්මාණය කරගන්නා ආකාරය, Voice Over කරන ආකාරය, Video Editing, Thumbnail නිර්මාණය කරගන්න ආකාරය සහ Promotion කරන ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

✴️ Affiliate Marketing : කලින් සඳහන් කරපු ක්‍රම දෙකම හරහා වක්‍ර ලෙස ආදායම් ලබා ගන්න පුලුවන් එකක් තමා මේ affiliate marketing කියන්නේ. මේකේදී වෙන්නේ ඔබ භාවිතා කරන හෝ ඔබ කැමති යම් භාණ්ඩ හෝ සේවා තව කෙනෙක්ට promote කරලා ඔබ හරහා කෙරෙන විකිණීමක් සඳහා යම් commission මුදලක් ලබා ගැනීමයි. ඔබ directly මොකුත් විකුණන්නේ නෑ ඒ සඳහා customers යොමු කිරීමයි කරන්නේ. නමුත් ලංකාවේ මෙය තාමත් ඉතා අවම ලෙසින් භාවිතා කරන ක්‍රමයක් හා පිරිමීඩකරුවන් තමන් affiliate marketing කරන බව පවසා මිනිසුන් මුලා කරන නිසා ගොඩක් අය කරන්න බය වෙලා ඉන්න දෙයක්..

නමුත් මෙහි කිසිම පිරමීඩ ලක්ෂණයක් අඩංගු නෑ. ඔබ කිසිම අවස්ථාවක භාණ්ඩ හා සේවා සඳහා affiliate කරා කියලා එම කිසිම භාණ්ඩ හෝ සේවාවක් කලින් මිල දී ගන්න අත්‍යාවශ්‍ය නෑ. ඔබට එය වැඩක් නැත්තම් එය ප්‍රයෝජනවත් අයට ඒ පිලිබඳ දැනුවත් කරන්න. ලෝකේ බොහෝ සේවා හා භාණ්ඩ අලෙවිය සඳහා එම සේවා වල වෙබ් අඩවි හරහා ඔබට Apply for affiliate program ලෙස ඇති කොටස මගින් apply කරන්න පුලුවන්. ඉන් පසු එම අලෙවි කරන භාණ්ඩ හෝ සේවා සඳහා ඔබටම ආවේණික වූ Referral link එකක් ලබා ගත හැකිය. මෙම link එක click කරලා කවුරු හරි කෙනෙක් එම වෙබ් අඩවියට පිවිස එම සේවාවක් හෝ භාණ්ඩයක් මිල දී ගන්න විට ඔබට මේ ආකාරයට commission එකක් ලැබේ.

👉 සැ.යු. මෙහි ජාලගත අලෙවියක් නැත. ඇත්තේ සැබෑ ගැනුම්කරුවන් පමණි. එම ගැනුම්කරුවාට නැවත කෙනෙක්ට විකිණීමක් කරන්නත් බෑ එයාට එහෙම අවශ්‍ය නම් මුල සිට ඔබ කළා මෙන් affiliate program එකට apply කළ යුතු වෙනවා. එනම් ඔබ හා ඔහු අතර සම්බන්ධයක් නැත. කොටින්ම කිව්වොත් මෙහි භාණ්ඩ හා සේවා මිළ දී ගන්නේ සැබෑ ගැනුම්කරුවන් පමණි.මා මෙය පිලිබඳ වෙනම කිව්වේ පිරමීඩ කරුවන් මෙම ක්‍රමයට වැරදි අර්ථකථන ලබා දෙන නිසයි.

✅ ඔබට මේ සඳහා භාවිතා කරන්න පුලුවන් ලෝකේ ප්‍රධාන affiliate site ටිකක් කියන්නම්.
Eg: Clickbank, Digistore24, Amazon FBA, Fiverr Affiliate, JVZoo, Udemy

✅ මීට අමතරව ඕනෑම digital product සේවා සපයන වෙබ් අඩවි වල ඔබට affiliate කෙනෙක් වෙන්න පුලුවන්. ඉහත සඳහන් ඒවාගෙන් physical products කරන්නේ Amzon වල පමණි. ඉන් ඔබට ලබා ගත හැක්කේ 4%-10% වගේ පරාසයක commission එකක් පමණි. නමුත් ලෝකයේ ලොකුම ecommerce website එක මෙය බැවින් මෙහි ඉතා විශාල අලෙවියක් සිදුවේ. එම නිසා ඔබට ඒ හරහා සැලකිය යුතු මුදලක් ලබා ගන්න පුලුවන්. අනිකුත් සියලු site කරන්නේ digital products promote කිරීමයි. ලෝකයේ ලොකුම Digital products affiliate website එක තමා Clickbank කියන්නේ. නමුත් එයට ඇතුල් වීමට ලංකාවේ අයට අවස්ථාව නෑ..නමුත් ඔබට VPN හරහා එයත් කරන්න පුලුවන්. නමුත් අනිත් සඳහන් sites වල products ඔබට promote කරන්න පුලුවන්. Digital products මගින් ඔබට 90% දක්වා commissions ලැබිය හැකි products තියෙනවා.

👉 ඔබට මේ සේවා promote කිරීමට ගන්න affiliate links ඔබගේ blog එකේ හෝ youtube Channel එකේ පළ කරන්න පුලුවන් ඊට අදාල contents සමග. උදාහරණයක් ලෙස ඔබට Amazon එකේ තියෙන Digital cameras වල Affiliates links දාල Best Digital cameras of 2023 කියලා blog එකක් හරි video එකක් හරි කරන්න පුලුවන්. එතකොට මේවා ගැන හොයන කෙනෙක් ඔබගේ එම contents දැකපුවාම අනිවාර්යයෙන්ම බලනවා. ඔබ ඉතා හොදට ඒවා ගැන පැහැදිලි කරලා contents දාලා තියෙනවා නම් ඔබ recommend කරන products එයාලා links click කරලා ගිහින් බලනවා. එවිට ඒ හරහා කරන මිල දී ගැනීම් වලින් ඔබට Commissions ලැබෙනවා.

මේ ආකාරයට ඔබට ඕනෑම භාණ්ඩයක් සේවාවක් ගැන blog posts and youtube videos දාන්න පුලුවන්. නමුත් මතක තියා ගන්න කිසිම වෙලාවක අනුන්ගේ post අස්සේ ගිහින් ඔබගේ affiliate links දාන්න යන්න එපා. Facebook එකෙන් ඔබව block කරයි spam කරා කියලා. මේ නිසා ඔබගේ website එක හා youtube channel එක මේ සඳහා භාවිතා කරන්න. ඒවාගෙ දාන contents facebook එකේ දාන්න.

✅ Affiliate Marketing කියන්නේ ලොකු area එකක් තියෙන වෙනම ඉගෙන ගන්න ඕන subject එකක්. ඉහතින් තියෙන්නේ හැඳින්වීමක් පමණයි. ඔබට වැඩි විස්තර Youtube එකෙන් ඉගෙන ගන්න පුළුවන්.

🌐 අපේ ආයතනයේ මූලික ආදායම් ඉපයීම් ක්‍රමය තමයි Affiliate Marketing කියන්නේ. එක් ව්‍යාපාරයකින් රු.50 සිට ලක්ෂ 2 දක්වා උපයන්න හැකියාව තියේ. අප ආයතනයේ තාක්ෂණික සේවාවන් 200ට වඩා තියේ. ඒ හැම එකකදීම Affiliate Marketing හරහා මුදල් උපයන්න පුළුවන්. ඒ පිළිබඳව ඉදිරියේදී ඔබට කියාදෙන්නම්. ඔබට නොමිළයේ අපගේ Affiliate Marketing වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මුදල් ගෙවා ඔබට වෙනමම Affiliate Page/Web එකක් නිර්මාණය කරගෙන සම්බන්ධ වෙන්නත් පුළුවන්.

🙋 Freelancing : මෙය ගැන නම් දන්නවා මම හිතන්නේ ගොඩක් අය. ලංකාවේ සාර්ථකව Freelancing මගින් හම්බ කරන පිරිසක් ඉන්නවා හැබැයි මේකත් නිකන් ඉදලා සල්ලි හොයන ක්‍රමයක් නෙවෙයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනා. ඔබට ඇති යම් දක්ෂතාවක් මගින් තව කෙනෙකුට අවශ්‍ය සේවා සපයා ඒ සඳහා අය කිරීමක් කිරීමයි මෙහිදී වෙන්නේ. බටහිර රටවල ගොඩක් අය එයාලගේ විවිධ අවශ්‍යතා සඳහා අප වැනි ආසියානු රට වල freelancersලගේ සහය බලාපොරොත්තු වෙනවා. එවැනි රට වල කෙනෙක්ගෙන් එම වැඩේම කර ගන්නවාට වඩ අඩු මුදලකින් ඔවුන්ට එම වැඩේම ලංකාවේ කෙනෙක්ගෙන් කර ගන්න පුලුවන් නිසයි ඔවුන් freelancersලා හොයාගෙන එන්නේ. නමුත් ඔවුන්ගේ හැටියට අඩු මුදලක් උනාට ලංකාවේ client කෙනෙක්ටම එම වැඩේම කරලා ගන්නවා වගේ කීප ගුණයක් ඔබට අය අර ගන්න පුලුවන්.

Eg: ඔබ photoshop මගින් හදන Facebook post එකකට ලංකාවේ දී ඔබට 300/= – 600/= වගේ මුදලක් පමණක් ලැබුනට පිටරට කෙනෙක්ට කරන මේ වගේ වැඩකින් ඔබට 3000/= වඩා මුදලක් ගන්න පුලුවන්.

👉 මෙවැනි Freelancing websites ගොඩක් තියෙනවා. මේ ආකාරයට ඔබ මුදල් හොයන්න කැමති නම් Fiverr, Upwork, Freelancer වගේ වෙබ් අඩවි වල Freelancer කෙනෙක් විදියට අදම register වෙන්න. මහන්සි වෙලා වැඩ කරන්න හොද සේවා ලබා දෙන්න කිසිම කෙනෙක්ට බොරු කරන්න එපා. ටික කාලයක් යනකොට ඔබට හොද නමක් හැදෙයි ගැනුම්කරුවන් ඔබව හොයාගෙන එයි එතකොට. මේ පෝස්ට් එකේ මුලම Freelancing වෙබ් අඩවි 30ක් සඳහන් කරලා තියේ. උත්සාහ කරලා බලන්න. අපි ඉදිරියේදී වෙන වෙනම කෙටියෙන් ඒ පිළිබඳව උගන්වනවා.

🧑‍🎓 ඔබට අප ආයතනයේද Freelancer කෙනෙක් ලෙස සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී ඒ පිළිබඳව විස්තර ලබාදෙන්නම්.

🧑‍🏫 Online Tutoring : ඔබට යම් කිසි ආකාරයක අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම් හා ඉගැන්වීමේ හැකියාවක් තියෙනවා නම් එම දැනුම තව කෙනෙකුව ලබා දීමෙන් ආදායමක් ලබන්න පුලුවන්. කොරෝනා Pandemic situation එක නිසා තමා අපේ අය online education පැත්තට යොමු උනේ. නමුත් බටහිර රටවල ගුරුවරුන් හා සිසුන් කාලයක් සිට සාර්ථකව භාවිතා කරන දෙයක්. ඔබට ගෙදර ඉදලම phone එක හා internet හරහා ඔබගේ දැනුම අවශ්‍ය අය සමග බෙදා ගන්න පුලුවන්. English හොදට පුලුවන් අයට ලංකාවෙන් පිට සිසුන් උනත් හොයා ගන්න පුලුවන්. මේ සඳහා ඔබට ඕන තරම් eLearning Marketplaces හොයා ගන්න පුලුවන්.

Eg: Udemy, Skillshare, Cousera, Treehouse, Edexer (ශ්‍රීලංකාවේ සේවාවක්)

🤵 ඔබට අප ආයතනය හරහාද ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්. ඒ පිළිබඳව ඉදිරියේදී විස්තර ලබාදෙන්නම්.

🌍 CPA Marketing : මෙයත් Affiliate marketing වගේම එකක්. නමුත් එක් ප්‍රධාන වෙනසක් තියෙනවා. එනම් affiliate marketing මගින් commissions ලැබෙන්නෙ ඔබ යම් සේවාවක් හෝ භාණ්ඩය විකුණුවොත් පමණයි. නමුත් මෙහිදී ඔබට ගෙවන්නේ ඔබ අරන් දෙන Leads සඳහායි. එනම් ඔබ කිසිවක් අලෙවි කරන්න ඕන නෑ. මෙවැනි sites වලින් දෙන සේවාවකට ඒ සඳහා උනන්දු customer කෙනෙක් යොමු කිරීමයි ඔබ කරන්නේ. එනම් එම සේවා සපයන වෙබ් අඩවියේ කෙනෙක් ලියාපදිංචි කරවීම වැනි කාර්‍යන් කරන්වාට තමා මෙහිදී ඔබට ගෙවන්නේ. CPA sites වල ඔබට අවශ්‍ය කාර්යයන් තෝරා ගන්න පුලුවන්. ඉන් එකක් තමා මම කලින් කිව්වා වගේ email subscribers හොයා දෙන එක. ඔබගේ link එකක් හරහා ගිහින් එලෙස email එක ලබා දෙන ඕනෑම කෙනෙක් හරහා මෙහිදී ඔබට මුදල් එකතු වෙනවා.

👉මේ වගේ විවිධ කාර්යයන් සහ ඒවාට ලබා දෙන මුදල් කොපමණ ද යන්න ඔබට මෙම CPA sites මගින් බලලා තෝරාගෙන ඔබට අවශ්‍ය ආකාරයක සේවාවක් promote කරලා මුදල් හොයන්න පුලුවන්.

Eg: CPAboss, Adsensemedia, Adworkmedia

✅CPA marketing ගැන ද ඔබට youtube හරහා වැඩි දුර විස්තර ඉගෙන ගන්න පුලුවන්. මෙහිදී ඔබට භාණ්ඩ හෝ සේවා විකිණීමක් කරන්න නැති නිසා ඉක්මනින් මුදල් හොයන්න පුලුවන්. නමුත් affiliate marketing වල තරම් ඉහල commissions නොලැබේ.

👽 ඔබට අප ආයතනයෙන්ද CPA Marketing හරහා ආදායම් උපයන්න පුළුවන්. ඉදිරියේදී ඒ පිළිබඳව විස්තර ලබාදෙන්නම්.

🟣 Instagram influencer: ඔව් ඔබට ඔබගේ instagram app එකෙනුත් මුදල් හොයන්න පුලුවන්. Youtube and blogging වල දී මෙන් මෙහිදීත් ඔබට යම් ක්ෂේත්‍රයක් තෝරාගෙන ඊට අදාල photos and posts share කරන්න පුලුවන් එම instagram account එක හරහා. එවිට ඔබට ඊට කැමති Followers පිරිසක් කාලයත් සමග ගොඩ නැගේවී. ඔබට instagram bio එකේ පුලුවන් බාහිර website එකක link එක දාන්න. මේ සඳහා ඉහත කතා කරපු ඔබගේ ඕනෑම affiliate site එකක links දාන්න පුලුවන්. එම product එකට අදාල contents දාන instagram account එකක bio එකේ එවැනි link එකක් දැම්මාම ඒ සඳහා කැමති ඕනම කෙනෙක් ඒක click කරයි ඔබගේ products බලයි. එවිට ඒවා මිලට ගන්න විට ඔබට affiliate commission ඉහත කතා කරා වගේ ලැබෙයි.

👉 මේකත් එක දවසින් වෙන්නේ නෑ. ඔබට 10000ට එහා followers පිරිසක් හදා ගන්න වෙනවා. ඔබ හරි # tag භාවිතා කරොත් සහ හොද contents පළ කරනවා නම් අපහසු නෑ. එලෙස follower base එකක් ඔබට හැදුනට පස්සෙ තව වැඩක් කරන්න පුලුවන්. ඔබගේ bio එකේ වෙනත් අයගේ links දාන්න පුලුවන් නැතිනම් stories දාන්න පුලුවන් යම් මුදලක් ඒ සඳහා අය කරගෙන. Followers 10000 ඉක්මවූ pages සඳහා එවැනි ඉල්ලීම ඕන තරම් එනවා. ඔබට කෙනෙක්ගේ links ඔබගේ bio එකේ පැය 24ක් දාලා තියනවාට ඔබගේ follower base එකේ ප්‍රමාණය අනුව මුදල් අය කළ හැකි ය.

✔️ Eg: 100k follower base එකක් තියෙන Fitness සම්බන්ධ posts දාන page එකකට fitness supplements විකුණන website එකක link එක දාන්න පුලුවන්. ඒ ගැන ඉදලා හිටලා post දාන්න පුලුවන්. එවිට ඒ සම්බන්ධව උනන්දු වන පිරිසක් එම page එකේ ඉන්න නිසා ඔබගේ link එකට අනිවාර්යයෙන් යනවා. එම නිසායි ඔබට මුදල් දී හෝ එවැනි page වල bio එකේ තමන්ගේ links දා ගන්න කැමති පිරිසක් සිටින්නේ.

❗ Pinterest හරහා ආදායම් ඉපයීම

🏞️ Stock Photo අලෙවිය හරහා ආදායම් ඉපයීම

🤖 AI Tools හරහා ආදායම් ඉපයීම

වැනි ක්‍රම 100 ගණනක් තියෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳව උගන්වන්නම්. අනිවාර්යයෙන්ම මේ පෝස්ට් එකේ Part 03 කියවන්න මේ පේජ් එක Follow කරලා තියාගන්න.

සැ.යු : Madujith Dhilnathගේ ලිපියක් ඇසුරින් සමහර තොරතුරු උපුටාගන්නා ලදි. එම උපුටාගත් කොටස් වල කතෲ අයිතිය ඔහු සතුය.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 01

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 01

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 01

එසේනම් අනිවාර්යයෙන් මේ පෝස්ට් එක කියවන්න…

👨‍💼 මුලින්ම අපි කතා කරමු ඔබේ අධ්‍යාපන සුදුසුකම් ගැන.

🙋 “අධ්‍යාපන සුදුසුකම්, ඒ මොකටද?”

👨‍💼 ඇයි දැන් ඔන්ලයින් ජොබ් එකක් හොයනවා නේද, ඒකට….

🙋 “මට අධ්‍යාපන සුදුසුකම් නැහැ.”

👨‍💼 හරි එහෙනම් අපි බලමු ඔබේ හැකියාවන් / Skills මොනවද කියලා.

🙋 “හැකියාවන් / Skills මොනවත් මට නෑ. මට ඕන ඔන්ලයින් ජොබ් එකක්. දැන් කරන ජොබ් එකෙන් ලැබෙන ආදායම මට මදි”

👨‍💼 ඉංග්‍රීසි පුලුවන්ද ?

🙋 “ඉංග්‍රීසි නම් බැහැ මට.”

👨‍💼 දැන් ඔබ කියන්නේ ඔබට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නෑ, හැකියාවක් (Skill එකක්) නෑ, ඉංග්‍රීසිත් බෑ කියලද? එතකොට යම් කිසි ආයතනයකින් ඇයි ඔබට ජොබ් එකක් (රැකියාවක්) දෙන්නේ?

ඔබේ පවුලේ කෙනෙක්ගේ කම්පැනි එකක් නම් ඔබට රැකියාවක් දේවි. නැතිව වෙන කම්පැනි වලින් ඔබට ජොබ් ලැබෙන්නේ නෑ.

🙋 “එහෙනම් ඔය ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සු ඔන්ලයින් ජොබ් කරන්නේ, ඒ මොනවද?”

👨‍💼 මොනවද දැන් ඔය කියන ඔන්ලයින් ජොබ්?

🙋 “ඇයි දැන් ඔය ෆේස්බුක් එකේ තියෙන්නේ…”

▪️ දවසට රු.3,000ක් හොයන්න පුළුවන් සුපිරි සයිට් එකක්. දාපු ගාන දවසින් හොයන්න පුළුවන්. දවසට ලක්ෂ ගාණක් වුනත් හොයන්න පුළුවන්. රු.5,000 ඉඳන් පැකේජ් තියේ.

▪️ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න. රු.2,500 සිට රු.ලක්ෂ 20 දක්වා පැකේජ් තියෙනවා. දවසට ඇඩ් 3ක් බලන්න විතරයි තියෙන්නේ.

▪️ දවසට පොඩි වැඩ 5ක් කරන්න තියෙන්නේ. දින 7කින් මුදල් ගන්න පුළුවන්. අවම Withdrawal එක රු.5,000. වැඩියෙන් Task ඕනනම් පැකේජ් එකක් ගන්න පුළුවන්.

▪️ දිනකට ඩොලර් 10 සිට 1000 දක්වා උපයන්න. සෙනසුරාදා සහ ඉරිදට පොපිට් නෑ. හැමදාම හවස 6ට සුයිච් එකක් ඔන් ඕප් කරන්න තියෙන්නේ. නිදාගෙන හිටියත් සල්ලි.

“ඔය තියෙන්නේ ඕන තරම්. මේවට කිසිම දැනුමක් ඕන නෑ. අපිට සල්ලි එනවා ලක්ෂ ගණන්.”

👨‍💼 දැන් ඔය කියන ජොබ් වලට ඔයාට නිකන් සම්බන්ධ වෙන්න පුළුවන්ද ? කිසිම මුදලක් ආයෝජනය නොකර ඔයාට ලක්ෂ ගාණක් ලැබුණද?

🙋 “එහෙම ලැබුණේ නෑ. අපි ගන්න පැකේජ් එක අනුව තමයි අපිට මුදල් ලැබෙන්නේ”

👨‍💼 පැකේජ් ??? ජොබ් එකකට සම්බන්ධ වෙන්න ලෝකේ මොන රටේද පැකේජ් ගන්න ඕන, මුදලක් ගෙවන්න ඕන???

🙋 “එතකොට කොහොමද ඔන්ලයින් ජොබ් එකක් කරන්නේ? මම මෙච්චර කාලයක් ඔන්ලයින් ජොබ් කියලා හිතාගෙන හිටියේ වැරදි දේවල්ද?”

👨‍💼 ඔව්, මොකද ගොඩක් වංචාකාරී ආයතන, පිරමීඩ ආයතන ඔබගේ මොළය කොලොප්පන් කරලා, Brain Wash කරලා තියෙන්නේ. ඉතිං ඔබ හිතන්නේ ඔබ කරන්නේ ඔන්ලයින් ජොබ් කියලා.

ඔන්ලයින් රැකියාවක් සොයාගන්න ක්‍රම 2ක් තියේ….

1️⃣ මුදල් ගෙවා : ඔබ රැකියාව කරන්න බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් ලබාගන්න එයට ගැලපෙන පාඨමාලාවක් හදාරන්න. එවිට වෘත්තීය සුදුසුකම් මත ඔබට යම් ආයතනයක රැකියවකට අයදුම් කරන්න පුළුවන්. වෘත්තීය සුදුසුකම් ලැබෙන විට ඔබගේ හැකියාවන්ද වර්ධනය වේවි. මාස කිහිපයකින් පාඨමාලාව අවසන් කරන්න පුළුවන් වේවි.

වෘත්තීය සුදුසුකම් ලබාගන්න අවශ්‍යයිනම් TVEC (තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක් තෝරගන්න.

Cousera / Udemy වැනි වෙබ් අඩවි හරහාද ඔබට මුදල් ගෙවා ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා.

සිංහලෙන් ඉගෙන ගන්න ඕනනම් ලංකාවේ ආයතනයකින් ඉගෙන ගන්න.

2️⃣ නොමිළයේ : තනිවම ඔබගේ හැකියාවන් / Skills වර්ධනය කරගන්න. ඒ සඳහා ඔබට Google / Youtube / Facebook වැනි නොමිළයේ ඉගෙන ගත හැකි මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. තනියෙන් ඉගෙන ගන්න නිසා ඔබට පාඨමාලාවට වඩා කාලයක් ගත වේවි. නමුත් මාගේ පෞද්ගලිකව අත්දැකීම් අනුවනම් පාඨමාලාවට වඩා තනිව ඉගෙන ගැනීමේදී (Self Study) වැඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. නමුත් වෘත්තීය සුදුසුකම්, සහතික එයින් හිමිවෙන්නේ නෑ.

ඔය විදිහට ඔබට පුළුවන් වෘත්තීය සුදුසුකම් සහ හැකියාවන් (Skills) වර්ධනය කරගෙන ඔන්ලයින් ජොබ් එකක් සොයාගන්න.

හැබැයි මොන දේටත් ඉංග්‍රීසිනම් අනිවාර්යයෙන් ඕන. ඉංග්‍රීසි බැරිනම් ඔන්ලයින් ජොබ් කරන අදහස අතහැර ගන්න…

තව පෝස්ට් එකකින් ඔබට ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් ඔන්ලයින් ආදායම් උපයන ක්‍රම ගැන කියලා දෙන්නම්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලියූ ලිපි ෆේස්බුක් එකේ ඕන තරම් තියේ. අපි එවැනි හොඳ ලිපි කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නම්…

Fivver, UpWork, Sproutgigs වැනි Freelancing Platform…
eBay, Etsy, Shopify වැනි eCommerce/DropShipping Platform…
Crypto Currency Trading වගේ දේවල් ඉගෙන ගන්න… ඉදිරියේදී ඒ පිළිබඳව කියලා දෙන්නම්…

අනිවාර්යයෙන් මේ පෝස්ට් එකේ Part 02 කියවන්න මේ පේජ් එක Follow කරලා තියාගන්න.

ප.ලි : මෙම ලිපියේ Part 02 මෙම ලින්ක් එක හරහා කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122095915106100804&id=61553024124622&mibextid=Nif5oz

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas