Select Page
ලෝකේ දියුණු වෙච්ච සාර්ථක වෙච්ච කවුරුත් නැහැ මහා ලොකුවට පටන් අරගෙන දැවැන්ත ලෙස පටන් අරගෙන තමන්ගේ ගමන ගියපු

ලෝකේ දියුණු වෙච්ච සාර්ථක වෙච්ච කවුරුත් නැහැ මහා ලොකුවට පටන් අරගෙන දැවැන්ත ලෙස පටන් අරගෙන තමන්ගේ ගමන ගියපු

ලෝකේ දියුණු වෙච්ච සාර්ථක වෙච්ච කවුරුත් නැහැ මහා ලොකුවට පටන් අරගෙන දැවැන්ත ලෙස පටන් අරගෙන තමන්ගේ ගමන ගියපු..සාර්ථක මිනිස්සු හැමෝම පටන් ගත්තේ බිංදුවෙන්..බොහොම පොඩි තැනකින් ..එහෙම පටන් ගත්ත මිනිස්සු තමයි අති දැවැන්ත චරිත අති දැවැන්ත සන්නාම වෙලා ලෝකයට පෙන්නුවේ තමන් දින්නා කියලා..මොන තරම් ප්‍රාග්ධනය මොන තරම් අවස්ථා මොන තරම් කුසලතාවයන් දැනුම උගත්කම තිබුණත් අපි කාටත් පොඩිම තැනකින් ජීවිතය පටන් ගන්නම සිද්ද වෙනවා..පොඩ තැනක ඉදගෙන පටන් ගන්න වෙනවා ඒ තැන ඉදගෙන ඉගෙන ගන්න වෙනවා..

ජීවිතේ අපි මොන තරම් දැනුම කුසලතා අත්පත් කර ගත්තත් ..මොන තරම් ධනයක් බලයක් සහිතව උපත ලැබුවත් පුද්ගලයකු ලෙස සාර්ථක වෙන්න ජීවිතේ ඉහලට යන්න ඒ දේවල් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ..අපි දැකලා තියෙනවා ධනවත් බලවත් පරම්පරාවේන් පොහොසත් අම්මා තාත්තා පොහොසත් බොහෝ දරුවන් එම ධනය බලය වසර කිහිපයකින් නැත්තටම නැති කරලා දාන..සමහර දරුවෝ හොදට ඉගෙන ගත්ත අය ..ව්‍යාපාර කරන විදිය මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අලෙවිකරණය පිළිබඳ විදේශ රටවල හොදම විශ්ව විද්‍යාලවල උපාධි ලබපු අය..නමුත් අසාර්ථක වෙලා නැත්තටම නැති වෙලා ගියපු අය …….

ධනාත්මක සිතක් පොහොසත් මානසිකත්වයක් නොමැති කිසිම කෙනෙක්ට ඉහලට යන්න බැහැ..එහෙම යන අයගේ පැවැත්ම අවිනිශ්චිතයි..

අපේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ හොදම තැනින් හොදම විදියට පටන් ගන්න..එහෙම පටන් ගන්න පුලුවන් නම් හොදයි…නමුත් හැමෝටම එක වගේ එහෙම අවස්ථාවන් උදා වෙන්නේ නැහැ..සමහරු ඉන්නවා ඉතා කෙටි කාලයකින් පටන් අරන් ඉහලටම යන….. තව සමහරු ඉන්නවා පටන් අරන් දීර්ඝ කාලයකට පස්සේ සාර්ථකත්වය කරා යන…ඒ කෙනාගේ ලැබීම සහ අවස්ථාවන් ප්‍රශස්ත ලෙස යොදා ගැනීමේ හැකියාව මත.

මුලින්ම අරඹන්නයි අවශ්‍ය ..අර කතාවක් තියෙන්නේ පීනන්න පුරුදු වෙන්න වතුරටම බහින්න ඕන කියලා..අපේ ජීවිතේ ඇරඹීම් ඒ වගේ තමයි..හොදද නරකද තමන්ට ගැලපෙනවද නැද්ද කියලා නිශ්චය කරන්න තක්සේරු කරන අරඹන්නම සිද්ද වෙනවා කොතනින් හරි..ඒක තමයි සාර්ථකත්වයේ පළමු පියවර..සාර්ථකත්වය සදහා තබන පළමු පියවර ආරම්භය …

ඇරඹීමට බිය වන තාක්කල් ඔබට ඔබේ හීන හීනම විතරක් වෙයි..ඇරඹීම මත ලබන අද්දැකීම් වලින් තමයි අපි ඉගෙන ගන්න ඕන .ඒකයි අපේ දැනුම වෙන්නේ ..අපේ හැකියාවන් කුසලතාවයන් ඔප් නැංවෙන්නේ..දියුණු වෙන්නේ එතකොට තමයි අපේ දැනුමට කුසලතාවයට නියම වටිනාකම ලැබෙන්නේ ……

අපි දන්නවා අපිට කාගෙවත් කොපියක් වෙන්න බැහැ..කාගෙවත් ශෛලයක් අපිට අනුගමනය කරන්න බැහැ .අපි අපි වෙන්න ඕන මම මම වෙන්න ඕන මම ම තමයි මගේ අනන්‍යතාවය ගොඩ නගන්න ඕන මම ම තමයි මගේ ප්‍රතිරූපය ගොඩ නගන්න ඕන..මට මගේ වෙච්ච මටම ආවේණික ශෛලියක් ඇති කර ගන්න ඕන..ඒක වෙන පිටස්තර කිසිම කෙනෙක්ට අපි තුළ මම තුළ ඇති කරන්න ගොඩ නගන්න බැහැ..අපි තේරුම් ගන්න ඕන මම මම ම වෙන තාක්කල් අපේ පැවැත්ම අවිනිශ්චිත බව..

ධනාත්මක චින්තකයෝ කියන කතාවක් තමයි ඔබට සිහිනයක් නැතිනම් ඔබට සිද්ද වෙනවා සිහිනයක් ඇති කෙනෙක්ට සේවය කරන්න කියලා..ඉතින් ඔබ තෝරා ගන්න ඕන ඔබ සිහින දකින්නෙක් නම් ඔබට සිහිනයක් තිබේ නම් ඔබට එම සිහිනය මහ පොලවේ යථාර්ථයක් කරන්න අවශ්‍ය නම් ඔබම අරඹන්න ඕන කියන එක ..අරඹන්න ඕන කොතනින්ද කියන එක ඔබම තීරණය කරන්න ඕන..ඔබ ඔබේ ධාරිතාවයෙන් පටන් ගන්න ඕන..ඒක හරිම වැදගත් ..

ජීවිතේ දිනපු ඉහලට ගියපු සාර්ථක වෙච්ච කිසිම කෙනෙක් තමන්ට හැමදේම හැම විදියටම ලැබිලා තමන්ගේ ගමන ගියපු අය නෙවෙයි..ඔබත් හිතනවනම් ඔබට හැමදේම හැම විදියට හොදම විදියට ලැබුණට පස්සේ පටන් ගන්නවා කියලා.. කවදාවත් එහෙම හොදම අවස්ථාවන් ලැබෙන්නේ නැහැ..ඔබේ සිහිනය සිහිනයක් විදියටම දකින්න කියලා එය සැබෑ කරගන්න බැරි එකක් ..

අපිට ජීවිතේ විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා විවිධ කතා කියන තමන් ජීවිතේ ලබපු විවිධ අද්දැකීම් ගැන කියන..අහන්න ඉගෙන ගන්න අවබෝධ කරගන්න ..හැබැයි ඒ කතාවල විදියට ඒ කතාව සිද්ද උන හැම⁣දේම අපිටත් එහෙම්ම වෙයි කියලා හෝ නොවෙයි කියලා හිතන්න යන්න එපා..නමුත් පාඩම් ඉගෙන ගන්න..මොකද හැමෝගෙම කතා වෙනස්.. අද්දැකීම් වෙනස් ඒ ඒ පුද්ගලයා අනුව ඒ එ් පුද්ගලයා මුහුණ දීපු අද්දැකීම් වට පිටාවන් කාලයන් අනුව ..ඉතින් අපි ඒවා අපේ ආරම්භයට හෝ අපේ ගමණට ගෙඩි පිටින්ම ගලපන්න යන්න අවශ්‍ය නැහැ..තමන්ටත් ඒ තත්ත්වය ඇති වෙන්න හෝ ඇති නොවෙන්න පුලුවන් කියන අදහස ඇති කර ගත්තම එය ප්‍රමාණවත් ..මොන තත්ත්වය යටතේ හෝ තමන්ගේ සිහිනයට යන ගමන යනවාමයි කියලා හිතන්න තමන් විශ්වාස කරන්න ..තමන්ට තමන් විශ්වාසයි නම් ..එච්චරයි ..

අපිට කතා කියන මිනිස්සු අපිට උපදෙස් දෙන මිනිස්සු ..කියන්නේ උපදෙස් දෙන්නේ ඒ අයගේ දැනුමට සාපේක්ෂව අවබෝධයට සාපේක්ෂව ..ඉතින් ඔබ ඒ හැමෝගෙන්ම වෙනස්.. ඔබේ හැකියාවන් ඔබේ කුසලතාවයන් ඔබේ ධාරිතාවය වෙනස්..ඔබ හැම විටම අනෙකාට නොමැති අනන්‍යතාවයක් සහිත අයෙක්..ඒක තේරුම් ගන්න ..මිනිස්සු කියන කතා ගැන හිතන්න යන්න එපා..මිනිස්සු හැමවෙලාවකම කියන්නේ තමන් කැමැති කතාව තමන් කැමැති කොටස ඒ කතාවේ..හරිම රසවත්ව කියන්න පුලුවන් දේවල් විතරයි මිනිස්සු කියන්නේ ..ඉතින් ඔබ ඒ ගැන හිතන්න යන්න අවශ්‍ය නැහැ..

ජීවිතේ අපිව දැනුමෙන් හැකියාවෙන් ධෛර්යෙන් ආත්ම විශ්වාස⁣යෙන් පොහොසත් කරන්නේ අපේම අපිම ලබන අද්දැකීම් අපිම ලබන අවබෝධයන් පමණයි ..අනිත් සියල්ල මනකල්පිතයන් විශ්වාස කරන්න එපා ..රැවටෙන්න එපා ඒ සුරංගනා කතාවලට ..අධෛර්යමත් වෙන්න එපා ඔබ වෙතට විසි කරන ගල් මුල් වලට සහ අන් අයගේ වචනවලට…. මිනිස්සු කියන්නේ කරන්නේ ඒ අයට අවශ්‍ය දේ විතරයි..ඔබට අවශ්‍ය දේ නෙවෙයි..මේ ලෝකේ ඔබට අවශ්‍ය හැමදේම කරන්නේ සහ කරන්න ඉන්න එකම එක පුද්ගලයා ඔබම පමණයි ..එය දැඩිව සිහියේ තබා ගන්න ..

ඉතින් ඇයි ඔබ..ඔබට හිනාවෙන්න ඔබට අපහාස කරන්න ඔබව අපහසුතාවට පත් කරන්න බලන් ඉන්න දැනටත් එසේ කරමින් ඉන්න එසේ කරපු අයගේ කතාවලට බයේ තැතිගැන්විලා ඉන්නේ . ආරම්භය තමයි ඒ හැමදේමටම එකම විසදුම ගෙන එන්නේ ..ආරම්භයෙන් තොරව කිසිම සාර්ථකත්වයක් අත්පත් කරගන්න බැහැ..එහෙම සාර්ථක ⁣වෙච්ච අයත් නැහැ මෙලොව..සිටි බවක් මා අසාවත් නැත…

ඔබ සාර්ථකවය සදහා තබන පළමු පියවර ආරම්භය යි……

ඒ ආරම්භය Business HUB එක්ක පටන් ගන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උණා

විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උණා

විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උණා.

මොවුන් සියලුදෙනාම වෘත්තීයමය වශයෙන් ඉතා ඉහල මට්ටම්වල රැකියාවල නිරත වූවන්.

මොවුන්ගේ පැමිණීමෙන් වයසක මහාචාර්යවරයා ඉතාමත් සතුටට පත්වුණා .

ඔවුන් ආගිය තොරතුරු කතාකලා.

ක්‍රමානුකූලව ඔවුන් කතාකල මාතෘකාව රැකියාව සහ ජීවිතය, ඒ ආශ්‍රිතව ඇතිවන මානසික පීඩනය දෙසට යොමුවුණා.

රැකියාව සහ ජීවිතය පිලිබඳව ඔවුන් මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් සාකච්චා කළා.

මේ අවස්තාවේදී කෝපි පානය කිරීමට සියලු දෙනාටම ආරාධනය කල මහාචාර්යවරයා මුලුතැන්ගෙයට ගොස් විශාල කෝපි ප්ලාස්කුවක් රැගෙන ආවා.

එමෙන්ම විවිධ වර්ගවල කෝප්ප එකතුවක් සහිත ට්‍රේ එකක් ද කෝපි ප්ලාස්කුව අසලින් ගෙනැවිත් තැබුවා.

එහි පෝල්සිලේන්, ප්ලාස්ටික්, වීදුරු සහ ක්‍රිස්ටල් ආදී විවිධ වර්ගවල කෝප්ප අසුරා තිබුණා.

සමහරක් කෝප්ප ඉතාමත් මිල අධික ඒවා වූ අතර අනිත්වා බාල මට්ටමේ කෝප්ප උණා.

තම තමන් වෙනුවෙන් කෝපි පිලියෙල කරගන්නා ලෙස මහාචාර්යවරයා සියලුමදෙනාට ආරාධනය කළා.

සියලුම දෙනා තම තමන්ගේ කෝපි කෝප්ප පිලියෙල කරගැනීමෙන් අනතුරුව මහාචාර්යවරයා මෙසේ පැවසූවා.

“ඔබට නිරීක්ෂණය කරන්න පුලුවනිද මෙතන තිබුනු සියලුම මිල අධික දැකුම්කලු කෝප්ප ඔබ කෝපි පානය සදහා පාවිච්චිකරලා තියෙනවා කියලා. ඒ වගේම මිලෙන් අඩු බාල කෝප්ප සියල්ලම මේසය මත ඉතිරිවෙලා”

සියලුමදෙනා සිනහවකින් යුතුව එය අනුමතකලා.

මහාචාර්යවරයා තවදුර‍ටත් කතාකලා.

“ඔබ සියලුමදෙනාටම අවශ්‍ය කරන්නේ හොදම දේ, ඒ වගේම මිලෙන් අධිකම දේ,
අන්න ඒ නිසයි ඔබ හොදම කෝප්ප තෝරගත්තේ,”

ඔහු මෙසේ ද පැවසූවා.

“අන්න ඒ නිසයි ඔබ රැකියාවේදී සහ ජීවිතයේදී බොහෝ මානසික පීඩනයන්ට ලක්වෙන්නේ”

“හොදින් තේරුම්ගන්න,
කෝප්පයේ මිල, හැඩය හෝ ප්‍රමාණය කවදාවත් කෝපිවල රසයට බලපෑමක් ඇතිකරන්නේ නෑ.
ඒ වගේම කෝප්පය කොච්චර මිල අධික උනත් අපි බොන දෙය සගවලයි තියාගන්නේ .”

සිසුන් මහාචාර්යවරයා දෙස බලාසිටියා.

“ඇත්තටම ඔබට අවශ්‍ය උනේ කෝපි පානය කරන්න. ඒත් නොදැනුවත්වම ඔබ තෝරගත්තේ මිල අධිකම කෝප්ප.”

ඔවුන් එවිට එකිනෙකාගේ කෝප්ප දෙස බලමින් සිටියා.

“දැන් සිතන්න”

මහාචාර්යවරයා සන්සුන්ව කතාකලා

“ජීවිතය කියන්නේ කෝපි කියලා ,”

“ඒ වගේම රැකියාව, මුදල්, තානාන්තර සහ සමාජය කියන්නේ කෝප්ප වලට කියලා ”

“මේ හැමදෙයක්ම ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙන ආධාරක පමණයි.

අපි අතේ තියෙන කෝප්පයේ වර්ගය කෝපි වල රසය හෝ ගුණාත්මකභාවය වෙනස්කරන්නේ නෑ වගේමයි ඉහත මා සදහන් කල දේවල්වලට අපේ ජීවිතය තීරණය කරන්නත් බෑ.”

“බොහෝ අවස්තාවලදී අපි කෝප්පය පිලිබඳව අවධානය යොමුකරන්න ගිහින් කෝපි රසවිඳින්න අමතක කරනවා.”

“ඒ වගේමයි ජීවිතයත්.”

“කෝපි රසවිදින්න, කෝප්පය නෙවෙයි,”

“ඒ වගේම ජීවිතයත්, ජීවිතය රසවිදින්න,
රැකියාව, නිලතල, මුදල් හෝ සමාජය නෙවෙයි”

ලෝකයේ සතුටින්ම ජීවත්වෙන මිනිස්සුන්ට හැමදේකම හොදම දේ නැහැ.

නමුත් ඔවුන් සතු හැමදෙයක්ම හොදම දේ බවට පරිවර්තනය කරගන්නවා

සරලව ජීවත්වෙන්න.

නිර්ලෝභීව ආදරය, කරුණාව දක්වන්න.

හොදින් සොයා බලන්න.

කරුණාවෙන් කතාකරන්න.

ඔබගේ ලෝකය මෙන්ම අපගේ ලෝකයත් ලස්සනවේවි එවිට…

Business HUB කියන්නේ ඔබට අවශ්‍ය හැමදේකටම පාර පෙන්වන තැනක්. හොඳ ගුරුවරයෙක්… ඔබට අවශ්‍ය සියල්ලම මුදුන් පමුණුවාගන්න හොඳම තැන තමයි මේ. ආදායම් සොයන්න නැතත් යමක් ඉගෙන ගන්න හරි දවසට පුංචි වෙලාවක් වෙන් කරන්න.

Business HUB වල ආයෝජන ක්‍රම නැති නිසා බොහොමයක් අය Business HUB සමඟ සම්බන්ධ වෙන්නේ නෑ. Business HUB වල ලෙවල් වලට ගෙවීම් නැති නිසාත්, නිදාගෙන ඉන්නකොට මුදල් ලැබෙන ක්‍රම නැති නිසාත් ඒක වෙනවා. එක ආදායම් ක්‍රමයකට සීමාවෙලා නැති නිසාත් බොහොමයක් අය අපට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒත් Business HUB කියන දියමන්ති ආකරය ඉවසීමෙන් හාරන කෙනාට වැඩිකල් යන්නට පෙර වාසනාව උදාවේවි…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

එක්තරා තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කළා

එක්තරා තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කළා

එක්තරා තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කළා. කාලයක් යද්දි ඔහුගේ ව්‍යාපාරය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වුණා. නමුත් හදිසියේ ඇති වූ ගින්නක් නිසා ඒ දැවැන්ත ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. නමුත් එම ව්‍යාපාරයේ අයිතිකරු වන පෙර කී තරුණයා සිනහා මුසු මුහුණින් යුතුව යමක් සැලැසුම් කරමින් සිටියා. කෙනෙක් ඔහුගෙන් ඇහුවා “ඔබේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඔබට තිබුණු සම්පත් සියල්ලම ඔබට අහිමි වෙලා. ඔබ කොහොමද මෙහෙම සතුටින් ඉන්නේ ? කියලා . එවිට ව්‍යාපාරිකයා මෙහෙම උත්තරයක් දුන්නා .

“ඔව්. මට තිබුණු භෞතික දේපළ මට නැති වුණා. නමුත් එක දෙයක් ඉතිරි වුණා. ඒ තමයි අවුරුදු ගණනාවක් තිස්සේ මං ලබපු දැණුම සහ අත්දැකීම්. මට මේ ව්‍යාපාරය ගොඩනගන්න වසර දහයක් ගත වුණා. නමුත් මගේ ඊළඟ ව්‍යාපාරය ගොඩනගන්න මට ගතවෙන්නේ මාස දහයක් විතරයි. මම ඒක සැලසුම් කරලා ඉවරයි. ඉතින් මම දුක් වෙන්නෙ මොකටද? මට ලැබෙන අළුත් ව්‍යාපාරය ගැන හිතලයි මම සතුටින් හිනාවෙලා ඉන්නේ ”

ඉතිං බිංදුවටම වැටුනු තැන තමයි ජීවිතේ ආරම්භයේ මූලිකම අඩිතාලම….

අතේ සතේ නැතුව දන්න කියන හැමෝගෙන්ම සතේ සතේ ඉල්ලගෙන අන්තිමට ඔක්කොම නැතිවුනාම හැමෝම කියනවා වගේ වැලේ වැල් නැතුව යනවා..
අන්න එතනදි තමයි හිතෙන්නේ …මොකක්හරි කමක් නෑ රස්සාවක් තිබුණා නම් ජීවිතේට පුංචිහරි එළියක් තිබුණා නම් කියලා….

උත්සාහ ගන්නවා කට්ට කාගෙන ජීවිතේ පටන් ගන්න..ඔතනදි සෑහෙන ප්‍රශ්න එනවා. ..කකුලෙන් අදින්න මදි නොකියන්න පිරිසක් ඉන්නවා..

වෙන ඕනම දෙයක් ඉවසගෙන තමන්ගෙ පාඩුවේ තමන්ගේ ගමන යන්න වෙර දරන එක තමයි කරන්න ඕන හොඳම දේ..අමාරුම දේ අපිත් එක්ක එක මග ගමනේ යන මිනිස්සු අඳුනා ගැනීම..කිසිම කෙනෙක් ඕනවට වඩා විශ්වාස නොකර තමන්ව විතරක් ඕනවාටත් වඩා විශ්වාස කලොත් තමයි හැමදේම පහසු…..

ඉලක්කයක් තියාගෙන, හීන තියාගෙන ඒ හැමදේකම ජීවත්වෙලා විඳවන්න තියෙන හා විඳවන හැමදේම ජීවිතේට විඳීමක් කරගෙන කවුරු නැතත් තමන්ට තමන් ඉන්නවා කියලා හිතාගෙන ජීවිතේ දිනන්න….

මතක තියාගන්න..

අපි හැමදේම දැනගෙන ඉපදෙන්නේ නෑ.. ඒවගේම වැරදෙන හැම තැනකදිම අපි ජීවිතේට පාඩමක් ඉගෙන ගන්නවා…ඉතින් මේ ජීවිතේ තීරණය ඔයාගෙ අතේ..ජීවිතේ ජයගන්න..අවස්ථා මඟ නොහැර දිනන්න..

වසර 5ක් පමණ සැලසුම් කිරීමෙන් පසු මා 2018දී CharityShop මූලික අදියර Earn Money ලෙස ආරම්භ කලා. නමුත් වෙළඳපොලේ තරඟකාරී ආයතන සියල්ල එකතුවෙලා අපගේ ව්‍යාපාර සැලැස්ම දැක්ක ගමන් එය රිපෝර්ට් කරමින් මාගේ ෆේස්බුක් පේජ්, ගෲප් සහ ප්‍රොෆයිල් සියල්ල බ්ලොක් කලා. ඉන්පසු මා මාගේ සමාජසත්කාර කටයුතු වලට කාර්ය බහුල වුණා. 2020 දෙසැම්බර් මම නැවතත් එහි දෙවන අදියර CharityShop නමින් ආරම්භ කලා. දැනට අවුරුදු 3ක්. මේ වන විට ලංකාවේ විශ්වාසවන්තම eMoney සහ Freelancing ආයතනය අප බවට පත්වෙලා. ගෲප් එකේ සාමාජිකයින්ගේ කමෙන්ට් සහ ආදායම් වලින් ඔබට එය තහවුරු වෙනවා ඇති. 2018 සිටි සියලුම eMoney ආයතන මේ වන විට වංචාකාර ආයතන වෙලා කෝටි ගණන් වංචා කරලා මිනිස්සු අමාරුවේ දාලා වහලා දාලා. දැන් තියෙන ඒවටත් ඒ දේ වෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැ. නමුත් අපි දවසින් දවස් ඉදිරියට යනවා. ඒ 2018 මම දැනගත්තා මගේ අඩුපාඩු මොනවද කියලා. ඒ හැම දෙයකින්ම සහ අනෙක් ආයතන වල අයහපත් ලක්ෂණ අයින් කරලා යහපත් ලක්ෂණ අරගෙන ලෝකයේ තිබෙන සෑම eMoney ආයතනයකම අදහස් එක තැනකට ගෙනාවා. නැතිවුණා කියලා දුක් වුනේ නෑ. වඩාත් ශක්තිමත්ව නැවත ආරම්භ කලා. 2020 ඉඳන් අපි අනෙක් ආයතන සියල්ලගෙම එක එක සේවාවන් එක එක විදිහට දීලා බැලුවා. ඒවගෙන් ඉගෙන ගත්තා. ඒවගේ අඩුපාඩු සොයාගත්තා.

එකම දේ, මම දවසින් දවස හැමෝගෙන්ම ඉගෙන ගත්තා. මෙහි 90%ක් සාමාජික අදහස් මත තමයි අදහස් ගොඩනැගෙන්නේ. නොදන්න දේවල් මං දන්න අයගෙන් අහලා ඉගෙන ගන්නවා.

නමුත් 2022 අප්‍රේල් අපේ ආයතනය තවත් අපිට සම්බන්ධ ආයතනයක ස්කෑම් එකකට අසුවෙලා ලක්ෂ 83ක පාඩුවක් ලැබුවා. වැටෙන්න ඕන අන්තයටම වැටුනා. හැමදේම නැතිවුනා. හැබැයි මගේ දැනුම නැතිවුනේ නෑ. ඒ දැනුම භාවිතා කර දියුණු වෙන්නේ කොහොමද කියලා අවුරුදු 1 1/2ක් ප්ලෑන් කලා. අනෙක් ආයතන මෙහෙම ප්‍රශ්නයක් වුනහම පැනලා යනකොට දැනට තිබ්බ ආයතන වලින් ඉතිරිවෙලා තියෙන එකම ආයතනය අපේ ආයතනය පමණයි. මෙච්චර කාලෙකට ආරම්භ කල කිසිම eMoney / ඔන්ලයින් ආදායම් උපයන ආයතන දැන් එකක්වත් නෑ.

2023 නොවැම්බර් ආරම්භ කල Business HUB කියන්නේ 2006 ආරම්භ කල මගේ තාක්ෂණික ආයතනයේ විශිෂ්ටතම Version එක. අඩුපාඩු කියන්න ඇත්තෙම නෑ.

CharityShop කියන සංකල්පයේ අවසන් දිනය තමයි ඊයේ. ඒ කියන්නේ 2023 දෙසැම්බර් 31. තවදුරටත් CharityShop කියන Fail වුන සංකල්පය නෑ. Business HUB කියන එක 2024 අවුරුද්දේ අනිවාර්යයෙන් Brand එකක් කරලා තමයි මම නවතින්නේ.

ඔබටත් දිනන්න පුලුවන්. හැබැයි අතහරින්න එපා. වැටෙන්න වැටෙන්න නැගිටින්න. නැගිටින්න ඕන ක්‍රමය තමයි අපි මේ පේජ් එකේ උගන්වන්නේ. ඉගෙන ගන්න එක හැබැයි ඔබට අයිති වැඩක්…

“මතක තියා ගන්න අපි හැමදේම දැනගෙන ඉපදෙන්නේ නෑ..නොදන්න දේ ඉගෙන ගෙන ජීවිතේ ජය ගමු”

ඔබ නොදන්න මම දන්න දේවල් තමයි මේ පේජ් එකේ උගන්වන්නේ. ඉතිං දිනපතා පෝස්ට් කියවලා ඉගෙන ගන්න.

එහෙනම් 2024 අවුරුද්ද අපි හැමෝම එකතු වෙලා ජයග්‍රහණය කරමු…

මේ කතාව අපි මීට කලින් පළකලා. හැබැයි අද දවසට ගැලපෙන්න වෙනස් කරලා තියෙන්නේ.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

කේප් ටවුන් හි නූගත් ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් මහතා

කේප් ටවුන් හි නූගත් ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් මහතා

කේප් ටවුන් හි නූගත් ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් මහතා…

කේප් ටවුන් වෛද්‍ය විශ්ව විද්‍යාලය වෛද්‍ය ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. ලෝකයේ පළමු බයිපාස් මෙහෙයුම මෙම විශ්ව විද්‍යාලයේදී සිදු විය.

තම ජීවිතයේ කිසි දිනෙක පාසලට නොගිය නමුත් එකදු ඉංග්‍රීසි වචනයක් කියවිමට හෝ ලිවීමට නොහැකි වූ ඔහුට ගෞරව උපාධිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමන ලදි.

2003 දී එක් උදෑසනක, ලෝක ප්‍රකට ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඩේවිඩ් ඩෙන්ට් විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙසේ ප්‍රකාශ කළේය: “අද අපි ලෝකයේ වඩාත්ම ශල්‍ය වෛද්‍යවරුන් බිහි කළ මිනිසාට වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ප්‍රදානය කරමු.” අසාමාන්‍ය ගුරුවරයෙක්, පුදුමාකාර ශල්‍ය වෛද්‍යවරයෙක්, වෛද්‍ය විද්‍යාව හැදෑරූ සහ මිනිස් මනස පුදුමයට පත් කළ අයෙක්…….

මෙම නිවේදනයත් සමඟ මහාචාර්යවරයා “හැමිල්ටන්” යන නම ප්‍රකාශකල අතර මුළු ශ්‍රවණාගාරයම සිටගෙන ඔහුට ආචාර කළේය. එය මෙම විශ්වවිද්‍යාල ඉතිහාසයේ විශාලතම පිළිගැනීමයි.

හැමිල්ටන් උපත ලැබුවේ කේප් ටවුන් හි දුර බැහැර ගම්මානයක් වන සනිටානිහි ය. ඔහුගේ දෙමව්පියන් ගොපල්ලන් වූ අතර, ඔහු එළු සමක් ඇඳ සිටි අතර, ඔහු දවස පුරාම පාවහන් නොමැතිව කඳුකරයේ ඇවිද ගියේය….. කුඩා කාලයේදී ඔහුගේ පියා අසනීප විය, එබැවින් ඔහු බැටළුවන් හා එළුවන් අතහැර කේප් ටවුන් වෙත ගියේය. ඒ දිනවල කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පැවතුනි.
ඔහු කම්කරුවෙකු ලෙස විශ්ව විද්‍යාලයට බැඳුණි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු ලබා ගත හැකි තරම් මුදල් ඔහු ගෙදර යවන අතර ඔහු එළිමහනේ නිදාගත්තේ ග්‍රෑම් හපමින්ය. ඔහු කම්කරුවෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේය.

විශ්ව විද්‍යාල ඉදිකිරීම් කටයුතු අවසන් විය……..

පසුව ඔහුට විශ්ව විද්‍යාලයේ ටෙනිස් පිටියේ තණකොළ කැපීමේ කාර්යය ලැබුණි.. ඔහු සෑම දිනකම ටෙනිස් පිටියට පැමිණ තණකොළ කපන්නට පටන් ගනී. ඔහු අවුරුදු තුනක් තිස්සේ මේ කටයුත්ත කළා. එවිට ඔහුගේ ජීවිතයේ අමුතු හැරීම් ලක්ශ්‍ය ක් ඇති විය. ඔහු වෛද්‍ය විද්‍යාවේ වෙනත් කිසිවෙකු නොසිටි තැනකට පැමිණියේය.

එය මෘදු උණුසුම් උදෑසනක් විය. ජිරාෆ් පිළිබඳ පර්යේෂණ කරන මහාචාර්ය රොබට් ජොයිස්ට අවශ්‍ය වූයේ:

“ජිරාෆ් කෙනෙක් වතුර බොන්න බෙල්ල නැමූ විට, එය අල්ලා නොගන්නේ ඇයි?”
ද යන්න නීරීක්ෂණය කිරීමයි…
ඔවුන් මෙහෙයුම් මේසය මත ජිරාෆ් කෙනෙකු තබා සිහිසුන්ව ඔහුට තට්ටු කළ නමුත් සැත්කම ආරම්භ වූ වහාම ජිරාෆ් හිස ගසා දැමුවේය. එබැවින් සැත්කම අතරතුර ජිරාෆ්ගේ බෙල්ල තදින් තබා ගැනීමට ඔවුන්ට ශක්තිමත් මිනිසෙකු අවශ්‍ය විය.

මහාචාර්යවරයා ශාලාවෙන් පිටතට පැමිණියේය. හැමිල්ටන් ඉදිරියෙන් තණකොළ කපමින් සිටිනූ මහාචාර්යවරයා දුටුවේය. ඔහු ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න තරුණයෙක්. ඔව්හු ඔහුට ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගන්නා ලෙස අණ කළහ. හැමිල්ටන් ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගත්තේය. මෙහෙයුම පැය අටක් පැවතුනි. මෙම කාලය තුළ වෛද්‍යවරයා දිගින් දිගටම තේ සහ කෝපි බී විවේක ගත්තේයම්… කෙසේ වෙතත් හැමිල්ටන් ඔහු ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන සිටියේය…. සැත්කම අවසන් වූ පසු ඔහු නිහඩව පිටතට ගොස් තණකොළ කපන්නට පටන් ගත්තේය……

ඊළඟ දවසේ මහාචාර්යවරයා ඔහුට නැවත කතා කළ විට ඔහු පැමිණ ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන සිටියේය. පසුව එය ඔහුගේ පුරුද්දක් බවට පත්විය. ඔහු මාස ​​ගණනාවක් වැඩ දෙකක් කළේය. ඔහු මෙම රාජකාරිය සඳහා අමතර මුදලක් ඉල්ලා නොසිටි අතර විශ්ව විද්‍යාල පාලක අංශය ට පැමිණිලි කළේ ද නැත…..

මහාචාර්ය රොබට් ජොයිස් ඔහුගේ නොපසුබට උත්සාහය සහ අවංකභාවය ගැන පුදුමයට පත් වූ අතර හැමිල්ටන් ටෙනිස් පිටියේ සිට “විද්‍යාගාර සහායක” දක්වා උසස් කරනු ලැබීය. ඔහු දැන් විශ්ව විද්‍යාලයට පැමිණ ශල්‍යාගාරයට ගොස් ශල්‍ය වෛද්‍යවරුන්ට උදව් කළේය. මෙම ක්‍රියාවලිය වසර ගණනාවක් තිස්සේ පැවතුනි…….

1958 දී ඔහුගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් උදා විය. මේ වසරේ වෛද්‍ය බර්නාඩ් විශ්ව විද්‍යාලයට පැමිණ හෘද බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කළේය. හැමිල්ටන් ඔහුගේ සහායකයා බවට පත් වූ අතර, මෙම මෙහෙයුම් අතරතුර ඔහු සහායක සිට අතිරේක ශල්‍ය වෛද්‍යවරයෙකු දක්වා උසස් විය….

දැන් වෛද්‍යවරුන් ක්‍රියාත්මක වන අතර සැත්කමෙන් පසු ඔහුට මැහුම් දැමීමේ කාර්යය පැවරී ඇත. ඔහු විශිෂ්ටව මැහුම් වැඩ කළා. ඔහුගේ ඇඟිලි පිරිසිදු හා වේගවත් විය. ඔහු එක් දිනක් තුළ පනස් දෙනෙකු සදහා මැහුම් දැමුවේය. ශල්‍යාගාරයේ වැඩ කරමින් සිටියදී ඔහු ශල්‍ය වෛද්‍යවරුන්ට වඩා මිනිස් සිරුර තේරුම් ගැනීමට පටන් ගත්තේය. එබැවින් කනිෂ්ඨ වෛද්‍යවරුන්ට ඉගැන්වීමේ වගකීම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ඔහුට ලබා දුන්හ.

ඔහු දැන් කනිෂ්ඨ වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම ශිල්ප ක්‍රම ඉගැන්වීමට පටන් ගත්තේය. ඔහු ක්‍රමයෙන් විශ්ව විද්‍යාලයේ වැදගත්ම පුද්ගලයා බවට පත්විය. වෛද්‍ය විද්‍යාවේ නියමයන් ඔහුට නුහුරු විය. නමුත් ඔහු ලෝකයේ හොඳම ශල්‍ය වෛද්‍යවරයා විය…….

ඔහුගේ ජීවිතයේ තුන්වන හැරවුම් ලක්ෂ්‍යය වූයේ 1970 දීය. අක්මාව පිළිබඳ පර්යේෂණ මේ වසරේ ආරම්භ විය.
ඒ එම ශල්‍යකර්මයේදී අක්මා ධමනි හඳුනා ගැනීමයි. අක්මාව බද්ධ කිරීම පහසු කළ ඔහුගේ ප්‍රකාශ වෛද්‍ය විද්‍යාව විශ්මයජනක කිරිමටත් මවිතයටත් පත් කළේය.

අද පුද්ගලයෙකුට ලෝකයේ යම් කොනක අක්මා සැත්කමක් කර රෝගියා දෑස් විවර කර ආලෝකය දකින විට එම මෙහෙයුම සාර්ථකත්වයේ ගෞරවය සෘජුවම “හැමිල්ටන්” වෙත යොමු වෙයි….

හැමිල්ටන් මෙම තනතුර ලබාගත්තේ අවංකව හා නොපසුබට උත්සාහයෙන්. ඔහු අවුරුදු 50ක් කේප් ටවුන් විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධ වී සිටියේය.

ඔහු හිමිදිරි පාන්දර තුනට නිවසින් පිටත් වී විශ්ව විද්‍යාලයට සැතපුම් 14 ක් පයින් ගමන් කර හරියටම උදෑසන හයට ශාලාවට ඇතුළු විය. මිනිසුන් ඔහුගේ කාලය සමඟ වේලාව දැනගැනීමට පුරුදුව සිටියහ……

වෛද්‍ය විද්‍යාවේ කිසිවෙකුට මෙතෙක් නොලැබුණු ගෞරවයක් ඔහුට හිමි විය. ඔහු වෛද්‍ය ඉතිහාසයේ පළමු නූගත් ගුරුවරයා විය. ඔහුගේ ජීවිත කාලය තුළ ශල්‍ය වෛද්‍යවරුන් 30,000 ක් පුහුණු කළ පළමු නූගත් ශල්‍ය වෛද්‍යවරයා විය.

2005 දී මියගිය ඔහු විශ්ව විද්‍යාලයේ තැන්පත් කරන ලදී. එම උපාධිය ලබා ගැනීමෙන් පසු ශල්‍ය වෛද්‍යවරුන්ට ඔහුගේ සොහොනට ගොස් පින්තූරයක් ගෙන ප්‍රායෝගික ජීවිතයට පිවිසීම අනිවාර්ය විය.

ඔබ සිතන ආකාරයට ඔහුට මෙම තනතුර ලැබුණේ කෙසේද කියා???

ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගැනීමට ඔහු ශල්‍යාගාරයට කැඳවූ දිනයේ ප්‍රතික්ෂේප කළේ නම්, ඔහු එදින පවසුවේ නම් “මම බිම් නඩත්තු සේවකයෙක්, මගේ කාර්යය ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගැනීම නොවේ ” යන්න, ඔහු කිසිදා මෙවන් සාර්ථකත්වයක් ළඟ කර නොගනිනු ඇත.

එසේ ඔහු අමතර පැය අටක කාලයක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඔහුට සාර්ථකත්වයට දොර විවර වූ අතර ඔහු ලෝකයක් වටිනා ශල්‍ය වෛද්‍යවරයකු බවට පත්විය.

අපගෙන් බොහෝ දෙනෙක් අපේ ජීවිත කාලය පුරාම රැකියාවක් සොයමින් සිටියෙමු. අප රැකියාවක් සොයා ගත යුතුය. ලෝකයේ සෑම රැකියාවකටම එක් නිර්ණායකයක් ඇති අතර රැකියාව ලබා ගත හැක්කේ නිර්ණායක සපුරාලන අයට පමණි. ඔබට වැඩ කිරීමට අවශ්‍ය නම්, ඔබට ලෝකයේ ඕනෑම වැඩක් මිනිත්තු කිහිපයකින් ආරම්භ කළ හැකි අතර ලෝකයේ කිසිදු බලයකට ඔබව නැවැත්විය නොහැක.

හැමිල්ටන් රහස සොයාගෙන ඇත. ඔහුට රැකියාවට වඩා වැඩ කිරීමට වැදගත් විය. එම නිසා ඔහු වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය වෙනස් කළේය.

සිතන්න ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකුගේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළේ නම් ඔහුට ශල්‍ය වෛද්‍යවරයකු විය හැකිද? කවදාවත් බැහැ.., නමුත් ඔහු උදැල්ල බිම තබා ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන ශල්‍ය වෛද්‍යවරයෙක් බවට පත් විය.

රැකියා විරහිත පුද්ගලයින් අසමත් වන්නේ ඔවුන් රැකියාවක් සොයන නිසා මිස රැකියාවක් සඳහා සුදුසු නොවන නිසා නොවේ.

ඔබ “හැමිල්ටන්” මෙන් වැඩ කිරීමට පටන් ගත් දින සිට ඔබට නොබෙල් ත්‍යාගය හිමිවන අතර ශ්‍රේෂ්ඨ හා සාර්ථක මනුෂ්‍යයකු බවට පත්වනු ඇත….

උත්සාහ කරන්න…..
වැඩ කරන්න ……
වෙහෙස වන්න …..
ජීවිතය දිනන්න…..

දියුණු වෙන්න ඕනනම් Business HUB පේජ් එකේ ලිපි කියවන්න…

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

සෑම විටම ඔබ ඔබටම විශේෂ පුද්ගලයෙක් කර ගන්න

සෑම විටම ඔබ ඔබටම විශේෂ පුද්ගලයෙක් කර ගන්න

දේශකයෙක් දේශනය අතර තුර ඩොලර් 100ක නෝට්ටුවක් අතට ගෙන මෙයට කැමති කවුදැයි සිසුන්ගෙන් විමසුවා…. සියලු දෙනාගේ අත් ඉහළට එසවුණා.

දේශකයා ඉන්පසු මෙසේ පැවසුවා,
“මම මේ ඩොලර් 100 ඔබගෙන් කෙනෙකුට දෙන්නම්, නමුත් ඊට කලින් අපි පොඩි දෙයක් කරමු.”

දේශකයා ඩොලර් සියයේ නෝට්ටුව බිම දමා එය ඔහුගේ සපත්තුවෙන් පාගා ඇඹරීමට පටන් ගත්තා. ඉන්පසු ඔහු එය අතට ගත්තා. දැන් එය ගුලි වෙලා, ඇඹරිලා, අපිරිසිදු වෙලා.

“දැන්, තවමත් එය අවශ්‍ය කාටද❓”
දේශකයා නැවතත් සිසුන්ගෙන් විමසුවා.

පෙර පරිදිම සියලු දෙනාගේ අත් ඉහලට එසවුණා. දේශකයා සුලු නිහැඩියාවකින් නැවතත් හඩ අවදි කලා.

“ඔබ සැවොම ඉතා වටිනා පාඩමක් ඉගෙන ගත්තා. මා මෙම ඩොලර් නෝට්ටුව අපිරිසිදු කලා, මගේ සපත්තුවේ මඩ එහි තැවරිලා, ගුලි වෙලා ඇඹරිලා ගිහින් එය. ඔබට තවමත් එය අවශ්‍ය වූයේ ඒ සියලු දේ අවසානයේදීත් එහි වටිනාකම අඩු නොවීම නිසා නේද… මෙම නෝට්ටුව තවමත් ඩොලර් 1️⃣0️⃣0️⃣ක් වටිනවා.

අපගේ ජීවිතයේදීත් ඕනෑ තරම් අප බිඳ වැටී ඇති, මඩ තැවරී ඇති, අතහැර දමා ඇති. අප ගන්නා තීරණ සහ අප කල කී දෑ අනුව අපිරිසිදු තත්වයට පත්වෙලා ඇති. සමහර විට අප විසින් වගකිව යුතු නැති හේතූන් නිසා පවා එහෙම වෙලා ඇති.

ඔබ කිසි වැදගැම්මකට නැති කෙනෙක් කියලා ඔබටම හිතිලා ඇති. නමුත් කුමක් සිදු වුනත් එම සිදු වන දෙය අනුව ඔබේ වටිනාකම අඩු වෙන්නෙ නැහැ. ඔබට කිසි විටෙකත් ඔබේ වටිනාකම් අහිමි නොවනු ඇති.

පිරිසිදු හෝ අපිරිසිදු බව අනුව නොවෙයි ඔබට ආදරය කරන අය ඔබ හට වටිනාකමක් දෙන්නේ ..ඔබේ ජීවිතයේ වටිනාකම පැමිණෙන්නේ ඔබට සිදුවන දෙය අනුව හෝ ඔබ දන්නා අය තුළින් නොවෙයි…

“අප කවුරුන්ද❓” යන්න මතයි අපේ ජීවිතයේ වටිනාකම තීරණය වන්නේ.

අප කරන කියන දෑ අනුව, අප මුහුණ දෙන අත්දැකීම් අනුව අපේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒත් වටිනාකම විනාශ වෙන්නේ නැහැ. ස්වයං අවතක්සේරුව තමයි මේ ලෝකේ කෙනෙක් ලබන දරුණුම අපහාසය.

මම කොහොමද සතුටින් ජීවත් වෙන්නෙ?…..

මගේ සතුට කොහේද තියෙන්නේ ….?
මාව සතුටින් තියන්න පුළුවන් කාටද?

අවුරුදු ගාණක් තිස්සේ උත්‍තරයක් හොයපු ප්‍රශ්නයක් නෙමෙයි මේක ප්‍රහේලිකාවක්……….

හති දාගෙන, නිදි මරාගෙන, කුසට නිසි අහරක් නැතිව, තමන්වත් අමතක කරලා දාලා අපි හැමෝම හැල්මේ දුව දුවා හොයන දේ.. “සතුට”

” කොහොමද අපි සතුටින් ඉන්නේ ” හරි අපූරුවට පැහැදිලි කරන සරල කතාවක්….

එක්තරා දේශනයකදී එහි දේශකයා එම දේශනයට සහභාගි වී සිටි එක් යුවලක් තෝරා ගෙන, එම බිරිඳගෙන් මෙහෙම අහනවා.

“ඔබේ ස්වාමියා ඔබව සතුටින් තබනවාද?”

ඒ මොහොතේ ඇයගේ ස්වාමියා බොහොම ආඩම්බරයෙන් බිරිදගේ පිළිතුර ලැබෙන තුරු ඇය දෙස බලා සිටියා. තම බිරිඳගේ පිළිතුර නිසැකවම “ඔව්” යන්න බව ඔහු තදින්ම විශ්වාස කළා.

ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට ඇය කිසි දිනක කිසිදු ආකාරයක පැමිණිල්ලක් සිය ස්වාමියාට යොමු කර තිබුණේ නැහැ. එහෙත් මේ මොහොතේ,,,

ඇයගේ පිළිතුර.. “නැහැ..”

කිසිවෙකු එවන් පිළිතුරක් අපේක්ෂා කලේ නැහැ. සභාවේ සිටි සියලු දෙනා ඇයගේ ස්වාමි පුරුෂයා දෙස උපහාසාත්මක සිනහවක් පෑවා. ඔහුගේ මුහුණ හරිම නොසන්සුන්. කිසිදා තම ආදරණීය බිරිදගේ මුවඟින් අපේක්ෂා නොකළ පිලිතුරක්…

බිරිද තව දුරටත් ඇයගේ හඩ අවදි කලා.
“මගේ ස්වාමි පුරුෂයා මා සතුටින් තැබිය යුතු යැයි මා කිසිදා අපේක්ෂා කලේ නැහැ.”

“මා පැවසුවේ ඇත්ත. මගේ ස්වාමිපුරුෂයා කවදාවත් මාව සතුටින් තිව්වේ නැහැ.
එ වගේම මම බලාපොරොත්තු වුණේ නැහැ කවදාවත්ම ඔහු මා සතුටින් තැබිය යුතුය කියලා.

ඇත්තටම ඔබට පැවසීමට ඇති වැදගත්ම කාරණාව තමයි, මම ජීවත් වෙන්නේ ගොඩක් සතුටින්…”ඇය මෙලෙස පවසද්දී හැමෝගේම අවධානය තවත් වැඩි වුණා.

ඇය බොහෝම ඉවසිල්ලේ සභාවේ සියලුම දෙනාගේම ප්‍රහේලිකාව විසදමින් ඉදිරියට ගියා.

“මම කවදාවත් මගේ සතුට තවකෙකු මත රඳා පවතිනවට කැමති වුණේ නැහැ. මා සතුටින් තැබිය හැකි එකම පුද්ගලයා මා පමණක්ම බව කුඩා කල සිට මම විශ්වාස කලා. කුඩා කල පටන් ජීවිතයේ සෑම මොහොතක දීම, මුහුණ දුන් සෑම සිදුවීමකදීම මා තෝරා ගත්තේ සතුටින් ජීවත් වීමටයි. එහෙත් ඒ සෑම මොහොතකම මගේ සතුට වෙනත් කෙනෙක් මත රඳා පැවතුනා නම් ඇත්තටම මට වෙන්නේ විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්න විතරයි…..

සභාවම ඉතා නිහඩව ඇයව අසා සිටිනවා. ඇය දිගින් දිගටම සිය හඬ අවදි කළා.

“ජීවිතයේ සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා. මා වටා සිටින පුද්ගලයින්, ධනය, බලය, රැකියාව මෙන්ම මගේ කායික මානසික සුවය ආදී සියලූම දේවල් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මට අවශ්‍ය වුණේ සිදුවෙන ඕනෑම දෙයකදී මා සතුටින් සිටීමටයි.

මට බොහෝ දේ අයත් වුණත්, ස්වල්ප දෙයක් අයත් වුණත් මා සතුටින් සිටියා. මා දුප්පත් වුනත්, ධනවත් වුනත් මම සතුටින් සිටියා.

මම විවාහකයි… නමුත් මා තනිකඩව සිටි කාලයේදීත් සතුටින් සිටියා. ඒ නිසා මට සතුට සොයා ගැනීම සදහා විවාහය අවශ්‍ය වුණේ නැහැ. සැබැවින්ම මම මා නිසා සතුටින්…

මෙහි යථාර්ථය, මා සතුටින් සිටින්නේ මගේ ජීවිතය පහසුවෙන් ගත කළ හැකි නිසාවෙන් නොවෙයි.
මා සතුටින් ජීවත් වෙන්නේ, පුද්ගලයකු ලෙස සතුටින් සිටීමේ තීරණය මා විසින් ගෙන ඇති නිසා. සරලව කියනවා නම් මගේ සතුටට වගකිව යුතු වන්නේ මා පමණමයි.

ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා මගේ ජීවිතය ඉතා සරලව සහ සැහැල්ලුවෙන් ගත කරන්න, ජීවත් වෙන්න. කිසිදා කිසිවෙකුට ඔබේ සතුට පාලනය කරන්න ඉඩ දෙන්න එපා.

ඔබට කුමන දේ තිබුණත්/ නොතිබුණත්… ඔබට කවරෙකු හෝ ආදරේ කලත්/ නොකලත්.. ඔබ කුමන රැකියාව කළත්…
ඔබට සෑම මොහොතකම සතුටින් සිටිය හැකියි…

ඇය සිය කතාව අවසන් කරන විට කිසිවෙකු අත්පොළසන් දෙන හඩක් ඇසුණා.. අත්පොලසන් දීම ආරම්භ කලේ වෙන කිසිවෙකු නෙවෙයි,, ඇයගේ සැමියා….
ඒ සමඟම මුලු සභාවම අත්පොලසන් හඩින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැහැ….

සෑම විටම ඔබ ඔබටම විශේෂ පුද්ගලයෙක් කර ගන්න …..එය කිසි විටෙකත් අමතක නොකරන්න….හැකි සෑම මොහොතකම සතුටින් සිටින්න.

ඡායාරූපය : ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය, විශිෂ්ටතම වෙබ් අඩවිය සහ විශිෂ්ටතම ජංගම දුරකතන යෙදුම යන සම්මාන 3 ලබාගත් අවස්ථාව…

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

මිනිසා කියන්නේ ගොඩක් දියුණු මනසකට උරුමකම් කියන පුදුමාකාර සත්ව කොට්ඨාශයක්

මිනිසා කියන්නේ ගොඩක් දියුණු මනසකට උරුමකම් කියන පුදුමාකාර සත්ව කොට්ඨාශයක්

මිනිසා කියන්නේ ගොඩක් දියුණු මනසකට උරුමකම් කියන පුදුමාකාර සත්ව කොට්ඨාශයක්…

අපි හැමෝටම තියෙනවා ලස්සන ජීවිතයක් …ඒ ජීවිතය මිනිසත්භාවය ලබන සියලු දෙනාට විශ්වයෙන් ලැබෙන තිලිනයක් කියලයි මං හිතන්නේ …නමුත් වර්තමාන සමාජයේ බහුතර පිරිසකගෙන් ජීවිතය කොහොමද කියලා ඇහුවොත් 95% ක උත්තරය නම්,

කතා කරල වැඩක් නැහැ ,

ජීවිතේ නම් දුක විතරමයි බං,

හරියන එකාට තමා හැමදාම හරියන්නේ .. අපට ඉතින් වරදින එකම තමයි වෙන්නේ…

මට නම් දැන් ජීවත් වෙන එකත් එපා වෙලා…

ඔන්න ඔය වගේ කතා තමයි බහුතරයකගේ උත්තරය වෙන්නේ…….

පොඩ්ඩක් හිතන්න ඔබ මේ මොහොතෙත් හිතනවා ඇති අනිත් අයට වගේ මටත් සල්ලි තිබ්බනම් කියලා,අරයට වගේ ලස්සන වාහනයක් මටත් තිබ්බනම් කියලා,අහවල් යාලුවා වගේ මටත් ලස්සන වෙන්න තිබ්බනම් කියලා,
මිනිසුන් පුරුදුවෙලා ඉන්නේ හැම දෙයක් ම සංසන්දනය කරලා ජීවත් වෙන්න ..අන්න එතන තමා අපි මුලින්ම වෙනස් කරගන්න ඕන තැන …

මේ ලෝකයේ පවතින්නේ මිනිසුන් අතර පවතින විවිධත්වය නිසා …හැම කෙනෙක් ම මිනිසා කියන කුලකයට අයිති උනාට එකිනෙකාගේ රූප ස්වභාවය එකිනෙකාට වෙනස් ,එකිනෙකාගේ හැකියාවන් වෙනස් ,එකිනෙකාගේ දක්ශතා වෙනස්,අදහස් වෙනස්,කෙටියෙන් ම කීවොත් මේ ලෝකයේ එක වගේ අය ඉන්නේ එක්කෙනයි….ඔයා වගේ වෙන අය මේ ලෝකයේ නැහැ ….ජීව විද්‍යාත්මක ව ජාන තාක්ෂණය මගින් ම ඒක ඔප්පු කරලා තියෙනවා …ඒ නිසා කවදාවත් ඔයා තව කෙනෙක් එක්ක ඔයාව සංසන්දනය කරලා තමන්ව අවතක්සේරුවට ලක් කරන්න එපා….මොකද මේ ලෝකයේ ඔයාට ඔයා තරම් වෙන කිසිම කෙනෙක් ආදරය කරන්නේ ගෞරවය කරන්නේ නැහැ …ඒ නිසා මුලින්ම ඔයා ඔයාට ආදරය කරන්න ……ගෞරව කරන්න ……..

ඊට පස්සෙ අපි වෙනස් කරගන්න ඕන අපේ සිතිවිලි ධනාත්මක විදියට….
නිකමට එක සතියක් එක මාසයක් මේ විදියට හිතලා බලන්න …එතකොට ඔයාලට තේරුම් යයි මනසෙන් උපදින සිතිවිලි වලට කොයි තරම් ලොකු විශ්ව ශක්තියක් තියෙනවා ද කියලා …..

අපි කාටත් ජීවිතයේ ප්‍රශ්න තියෙනවා ,වේදනාකාරි මතකයන් තියෙනවා ,හිත් රිදවීම් වෙලා තියෙනවා …ඒක ඔයාට මට විතරක් නෙමෙයි මේ මුලු විශ්වයටම පොදුයි …ඒනිසා ප්‍රශ්නයක් උනාම මටම තමා මේ හැමදේම කියලා දුක් වෙවී ඉන්න එපා…ඔයා දුක්බර දේවල් වේදනාකාරි දේවල් හිතන වාරයක් ගානේ ඔයාගේ සිතිවිලි වල තියෙන්නේ negative දේවල් ..ඔයාගේ මනස හිතන්නේ ඔයා කැමති ඒ දේවල් වලට කියලා …එහෙම උනාම ඒ මනස පුරුදු වෙනවා විශ්වයෙන් දුක ආකර්ෂණය කරලා ඒක ඔයාට දෙන්න …මොකද මනස කරන්නේ අපි ආකර්ෂණය කරන දේවල් අපට ලංකරලා දෙන එක….ඒ නිසා හැම මොහොතක ම ධනාත්මක ව හිතන්න…කාවවත් එක්ක සංසන්දනය කර කර දුක් වෙන්න එපා….ඔයා සතුටු වෙන්න ඔයා අද ඉන්න තැන කොතන උනත් ….මනස පුරුදු කරන්න ඔයාට නොලැබුණු දේ පිලිබදව නොහිතා ලැබුණු දේට ස්තූති වන්ත වෙන්න……ඒ වගේම අද ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕන දේවල් ඔයාගේ සිතට ආකර්ෂණය කරගන්න සිතිවිලි වලින් …..ධනාත්මක සිතිවිලි පමනක්ම ඉතිරි කරන්න මනස තුල….එවිට ඔබට ඔබේ අරමුණට ලගාවෙන්නට අවශ්‍ය විශ්ව ශක්තිය ඔබේ මනසින් උපදින සිතිවිලි වලින් ම අනිවාර්යයෙන්ම ලබා දේවි………

සෑමවිටම ධනාත්මක ව සිතන්න …
ඔබ ඔබම වන්න….
අවසානය දක්වාම සතුටින් ජීවත් වන්න………

හොදින් මතක තියාගන්න ….ඔබේ මනස ධනාත්මක සිතිවිලි වලින් පුරවා ගත්තොත්,

කළ නොහැක්කක් නොමැත……

Nothing is impossible…

ඔබ Business HUB පේජ් එක ෆලෝ කරලා දිනපතා පෝස්ට් කියවන අයෙක් නම් Impossible කියලා දෙයක් නෑ. මොකද මොන්ටිසෝරි ළමයගේ ඉඳන් අපි දැනුමෙන් සන්නද්ධ කරනවා…. සම්බන්ධ වෙලා නැතිනම් අදම සම්බන්ධ වෙන්න…

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla