Select Page
එක් තරුණයෙක් ඉතාමත්ම ප්‍රසිද්ධ සමාගමක වැදගත් තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කලේය.

එක් තරුණයෙක් ඉතාමත්ම ප්‍රසිද්ධ සමාගමක වැදගත් තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කලේය.

එක් තරුණයෙක් ඉතාමත්ම ප්‍රසිද්ධ සමාගමක වැදගත් තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කලේය. ඔහු මූලික සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ අතර අවසාන සම්මුඛ පරීක්ෂණය සඳහා අධ්‍යක්ෂවරයා ගෙන් කැදවීමක් ලැබින. අධ්‍යක්ෂවරයා ඔහුගේ ජීව දත්ත පත්‍රය දැක, එය විශිෂ්ට බැව් පවසා ඔහුගෙන් ඇසුවේ’

“ඔබට අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී තිබේද?” තරුණයා පිළිතුරු දුන්නේ “නැහැ” කියාය.
‘ඔයාගේ ඉගෙනුම වෙනුවෙන් වියදම් කළේ තාත්තාද? ” ඔව්.’ ඔහු පිළිතුරු දුනි.
‘ඔයාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ? ‘ ‘මගේ තාත්තා කම්මල්කරුවෙක්.

අධ්‍යක්ෂවරයා තරුණයාට ඔහුගේ අත පෙන්වන ලෙස පවසනලදි.
තරුණයා ඔහුගේ මෘදු හා පරිපූර්ණ අත් යුගලය අධ්‍යක්ෂවරයාට පෙන්වීය.
‘ඔබ කවදා හෝ ඔබේ දෙමාපියන්ට ඔවුන්ගේ රැකියාවට උදව් කර තිබේද? ‘
‘කවදාවත් නෑ , මගේ දෙමාපියන් කිසිවිටෙකත් කැමති වුණේ නැහැ ඒවා කරනවට , ඔවුන්ට ඕනෑ උනේ මම වැඩිපුර පොත්පත් කියවන්නට ඉගෙන ගන්නට විතරක් කාලය ගතකරනවා දකින්නට . අනික තාත්තාට මට වඩා හොඳට ඒ වැඩේ කරන්න පුළුවන්.

අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය.
‘මට ඔබෙන් කරන්න ඉල්ලීමක් තියෙනවා: ඔබ අද ගෙදර ගිහින් , ඔබේ පියාගේ අත සෝදන්න, හෙට උදේ ආයෙත් මාව බලන්න එන්න.’

තරුණයාට හැඟුණේ රැකියාව ලැබීමට ඇති අවස්ථාව ඉතා ඉහළ බවයි.

ආපසු තම නිවසට පැමිණි ඔහු තම පියාගෙන් ඇසුවේ ඔහුට අත සෝදන්නට ඉඩ දෙනවාද ? කියාය.

ඔහුගේ පියා අමුත්තක්, සතුටක්, මුසු මිශ්‍ර හැඟීමක් ඇතිව තම දෑත් පුතාට පෙන්වීය. තරුණයා ටිකෙන් ටික තම පියාගේ අත් සෝදන්නට ගත්තේය. තම පියාගේ දෑත් රැලි වැටී ඇති බවත්, ඒවායේ මෙතරම් කැළැල් ඇති බවත් ඔහු දුටු පළමු අවස්ථාව එයයි. සමහර තැලීම් කොතරම් වේදනාකාරීද යත් ඔහු ඒවා ස්පර්ශ කරන විට ඔහුගේ සම වෙව්ලන්නට විය.

තම අධ්‍යයන කටයුතු සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් දිනපතා වැඩ කරන්නේ මෙම අත් යුගලය නේදැයි තරුණයා හඳුනා ගත් පළමු අවස්ථාව මෙය විය. අත්වල තැළීම් ඔහුගේ අධ්‍යාපනය, පාසල් කටයුතු සහ අනාගතය වෙනුවෙන් පියා ගෙවූ මිලයි.

තම පියාගේ දෑත් පිරිසිදු කිරීමෙන් පසු තරුණයා නිශ්ශබ්දව සිට ඔහුගේ වැඩ බිම පිළිවෙලට සැකසීමට හා පිරිසිදු කිරීමට පටන් ගත්තේය. එදා රෑ තාත්තයි පුතයි බොහෝ වේලාවක් හුගක් දේ කතා කළා.

පසුදා උදෑසන තරුණයා අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට ගියේය.තරුණයා දුටු
අධ්‍යක්ෂකවරයා තරුණයාගෙන් විමසූවේ ඔබ පැවරුම කලාද ? යන්නයි එවිට ඔහුගේ දෙනෙතේ කඳුළුපිරුනි.

‘ඔබට කියන්න පුළුවන්ද ඔබ ඊයේ ඔබේ නිවසේදී ඔබ කළ දේ සහ ඔබ ඉගෙන ගත් දේ?’
තරුණයා පිළිතුරු දුන්නේ: ‘මම මගේ පියාගේ අත් සෝදා, අවසන ඔහුගේ වැඩබිමත් පිරිසිදු කලා.’

‘මගේ දෙමව්පියෝ නැත්නම් අද මට මේ වගේ වෙන්න බැහැ ඔවුන්ගේ කැප කිරීම මොකක්ද කියලා මම දැන් දන්නවා. මගේ පියාට උදව් කිරීමෙන් මට දැන් තේරෙනවා මගේම දෙයක් කිරීම කොතරම් දුෂ්කරද සහ අපහසුද කියලා. මගේ පවුලට උපකාර කිරීමේ වැදගත්කම සහ වටිනාකම මම වටහා ගත්තා .

අධ්‍යක්ෂවරයා පැවසුවේ, “මගේ සේවකයිගෙන් මම සොයන්නේ මෙයයි. මට අවශ්‍ය වන්නේ අන් අයගේ උපකාරය අගය කළ හැකි කෙනෙකු, දේවල් ඉටු කිරීමේදී අන් අය විඳින දුෂ්කරතා හදුනාගත හැකි පුද්ගලයෙකු සහ සියල්ල මුදල් නොවන බව වටහා ගන්නා පුද්ගලයෙකු බඳවා ගැනීමටයි .

‘ඔබට රැකියාව ලැබෙනු ඇති”

තමාට අවශ්‍ය සෑම දෙයක්ම ලගටම කරලා දෙමින්, ආරක්‍ෂා කරන දරුවා “හැම දේකටම මට අයිතියක් ඇත” යන මානසිකත්වය වර්ධනය කර ගන්නා අතර දෙමාපියන්, පවුලේ අය සහ මිතුරන්ගේ කැපවීම නොසලකා හරිමින් සෑම විටම තමාට හෝ තමාගේ මතයටම මුල් තැන දෙයි. අප මෙවැනි ආරක්‍ෂක දෙමව්පියෝ නම් ඇත්තටම අපි ආදරය කරනවාද නැත්නම් අපේ දරුවන් විනාශ කරන්න උදව් කරනවාද?

ඔබට ඔබේ දරුවා වෙනුවෙන් නිවසක වෙනම කාමරයක්, ඔබට හැකි හොඳම ආහාර වේලක් , අමාරුවෙන් හරි පරිගණකයක්, ටැබ්ලටයක්, ජංගම දුරකථනයක් සපයා දෙන්න පුළුවන් , වගේම ඔබ ගෙබිම සෝදන විට හෝ බිත්තියක තීන්ත ආලේප කරන විට දරුවන් ඒ කාර්යයන් ද අත්විඳිය යුතුය.

ආහාර ගැනීමෙන් පසු, සහෝදර සහෝදරියන් සමඟ පිඟන් සෝදන්න, රෙදි සෝදන්න හෝ ඔබ සමඟ උයන්න, වල් පැලෑටි උගුලන්න හෝ තණකොළ කපන්න ඔවුන්වද එකතුකරගන්න. ඔබට තනිවම මෙය කල නොහැකි නිසා ඔබ ඔවුන්ව සහයට ගන්නවා නොව. ඔබ මෙය කරන්නේ ඔවුන්ට ආදරය කරන නිසා සහ ඔවුන් ජීවිතය පිළිබඳ යම් යම් දේ තේරුම් ගැනීමට අවශ්‍ය නිසාය.

රැකියාවක් නිවැරදිව කිරීමට ගතයුතු උත්සාහය දරුවන් ඉගෙන ගත යුතුය. සාර්ථක වීමට මිනිසුන් ජය ගත යුතු ජීවිතයේ දුෂ්කරතා ඔවුන් අත්විඳිය යුතු අතර සාර්ථක වීමට නොහැකි වන්නේ කුමන තත්වයන් නිසාදැයි ඔවුන් ඉගෙන ගත යුතුය.බිදවැටීම් වල අත්දැකීම් ඔවුන් ගතයුතුය.

දරුවන් අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සහ සෙල්ලම් කිරීමට ඉගෙන ගත යුතු අතර ඔවුන් සැමවිටම ජයග්‍රහණය නොකරන නමුත් ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීමට සෑම විටම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුබව අත්දැකිය යුතුවෙයි. එහිදී ඔවුන් , තම උපරිමය කර ඇත්නම්, ඔවුන් දරන සියලු උත්සාහයන් ගැන ඔවුන්ටම ආඩම්බර විය හැකිය.

ජීවිතය ඉදිරියට රැගෙන යාමට අත්දැකීම් ලැබීම සහ එකිනෙකාට සේවය කිරීම වැනි ගුණාංග වර්ධනය කරගත යුතු අතර මෙම ගුණාංග ඉගැන්වීම සදහා නිවසින් ගතහැකි ආරම්භය හුගක් ඉහළ තැනක් ගනු ඇත.

අපි මහන්සි වෙලා Business HUB පේජ් එකේ ලියන පෝස්ට්/ලිපි සල්ලි, තෑගි, දීමනා ලැබෙනවට නෙමේ එහි අන්තර්ගතය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න… අපගේ කැපවීම මහන්සිය වෙනුවෙන් අගය කරන්න උත්සාහ කරන්න. පුංචිම පුංචි ලයික් එකක්, කමෙන්ට් එකක් ඔබගේ ජීවිතය වෙනස් කරන්නේ නැහැ. නමුත් අපේ ජීවිතය වෙනස් කරාවි.

දිනකට පැය 18ක් තම ආයතනයේ සාමාජිකයින් වෙනුවෙන් වෙහෙසෙන නායකයකු ඔබට කවදවත් නොලැබෙනු ඇත.

සමහර අවස්ථා වලදී කුසට අහරක් නැතිව, දෑතට විවේකයක් නැතිව, දෑසට වේදනා දෙමින් නිදි මරමින් වෙහෙසෙන්නේ ඔබට රුපියලක් හෝ හම්බකර දෙන්නටය. ඔබව වැටෙන්නට නොදී නැගිටින්නට සහයක් වෙන්නට…

මේ අවස්ථාවේ වුවද මා අසනීපෙන් සිටියදී එය නොතකා, විවේක ගැනීමකින් තොරව ඔබ වෙනුවෙන් ලිපි පළකරන්නේ එකදු දවසක් හෝ නාස්ති නොකර ඔබව දියුණුව කරා යෑමට මග පෙන්වීමක් අවශ්‍ය නිසාය. ඔබේ ලයික්, කමෙන්ට් වලින් අපට ලාභයක් නොමැත. නමුත් අවබෝධයෙන් කියවීම තුළින් ඔබේ ජීවිතය අනිවාර්යයෙන් වෙනස් වේවි.

එම කැපවීම අගය කරන්න උත්සාහ කරන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. කතෲ අවිනිශ්චිතයි. උපුටාගැනීම් වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

එක් තරුණයෙක් ඉතාමත්ම ප්‍රසිද්ධ සමාගමක වැදගත් තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කලේය.

එක් තරුණයෙක් ඉතාමත්ම ප්‍රසිද්ධ සමාගමක වැදගත් තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් කලේය

මෘදුකාංග ලෝකයේ සුල්තාන් විදියට සලකන බිල් ගේ කථාව

මෘදුකාංග ලෝකයේ සුල්තාන් විදියට සලකන බිල් ගේ කථාව

මෘදුකාංග ලෝකයේ සුල්තාන් විදියට සලකන බිල් ගේ කථාව ඇරඹෙන්නේ 1955 ඔක්තෝබර් මසයේ 28 වෙනි සිකුරාදා දවසේ දී සිදුවෙන ඔහුගේ උපතත් සමඟ. ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රදේශයේ සියැටල් නගරයේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපත ලබන බිල් හැදෙන්නේ වැඩෙන්නේ තවත් සහෝදරියන් දෙදෙනෙක් සමග. මවත් පියාත් දෙදෙනාම උපාධිධාරීන් වුණ නිසා, බිල් ගේ පවුල තුළ අධ්‍යාපන කටයුතුවලට සහයෝගය දෙන සමාකාමී වාතාවරණයක් තිබුණා. ඇත්තටම බිල් ගේ පියා වන විලියම් ගේට්ස් දක්ෂ නීතිඥයෙක්. මව ක්‍රියාශීලී ගුරුවරියක්. බිල් ගේ දෙමාපියන් නිතරම තම දරුවන් තුන්දෙනා විශිෂ්ටත්වය වෙතට ගෙනියන්න උනන්දු කළා. විශේෂයෙන්ම බිල් ගේ අම්මා ක්‍රීඩාවට ළැදී කාන්තාවක් නිසා දරුවන් ද ක්‍රියාශීලීව වැඩ කටයුතු වෙතට යොමු කරන්න පෙලඹුණා.

නිවසේ දී හුදකලාව ප්‍රිය කළ දරුවෙක් වුණ නිසාම බිල් ගේට්ස් තම මවට දැක්වූයේ දැඩි ආදරයක් කාලයක් ගුරුවරියක් විදියට රැකියාවේ නියැළුණ ඔහුගේ මව ඉන් ඉවත් වී සමාජ සේවා කටයුතු වලට සහ ගේ දොර වැඩ කටයුතු වලට වැඩි කාලයක් වෙන් කරන්න තීරණය කළා. මේ ක්‍රියාශීලි බුද්ධිමත් මවගේ උණුසුම බිල් ගේ ළමා කාලයේ සංවර්ධනයට සෘජු බලපෑමක් කළා. සමාජශීලී නොවූ දරුවෙක් වුණ බිල්, පුංචි කාලයේ දී වැඩි වෙලාවක් ගත කළේ පොත් පත් කියවන්න. ඔහු සමහර වෙලාවට පැය ගණන් එක දිගට පොත් කියවන්න පටන් ගත්තා. කෙළි සෙල්ලම සමඟ මුසුවූ දඟකාරකම ඔහුගේ ළමා අවධිය තුළ දකින්නට ලැබුණේ ඉතා කලාතුරකින්. බිල් ගේ දෙමාපියන් ඔහුගේ මෙම සමාජශීලී නොවුණ ගති ලක්ෂණ ගැන ටිකක් බය වුණා. නමුත් බිල්ට වයස අවුරුදු 13 ලබන විටම ඔහුව නව පාසලකට ඇතුළත් කරන්න දෙමාපියන් කල්පනා කරනවා. එසේ කරන්නේ ඔහු සමාජශීලී කරන්න.

අලුත් ඉස්කෝලේ දී ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව සහ නාට්‍ය කියන විෂයයන් ඉගෙන ගන්න බිල් ගේට්ස් දැඩි කැමැත්තක් දක්වනවා. මේ දේවල් ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් ඔහු හුදකලාවෙන් මිදී සමාජය සමඟ මුසු වෙන්න ප්‍රියතාවක් දක්වනවා. ලේක්සයිඩ් පාසලේ දී ඔහු පරිගණක විද්‍යාගාරය තුළ බොහෝ වෙලාවක් රැඳී සිටිමින් පරිගණකයට පෙම් කිරීම අරඹනවා. ඇත්තටම ඔහු පරිගණක තිරයෙන් එහා තියෙන පරිපථ, වයර් ආදී දෘඪාංගවල ක්‍රියාකාරිත්වය ගැන දැනගන්න දැඩි කුතුහලයක් ඒ පුංචි වයසේ දීම දක්වනවා.

වරක් ජනමාධ්‍යවේදියෙක් බිල්ගෙන් අහනවා ඔබ එතෙක් මෙතෙක් ගත්ත හොඳම ව්‍යාපාරික තීරණය මොකද්ද කියලා. බිල් ඒකට තප්පරයක් වත් හිතන්නේ නැතිව දෙන පිළිතුර වන්නේ හරි පුද්ගලයන් සමග නිවැරදි වෙලාවේදි එකතු වෙලා වැඩ කරන්න හැකි වීම කියලා. එහි දී ඔහු වැඩි දුරටත් කිව්වේ පාසල් සමයේ දීම පෝල් ඇලන් සමඟ එකතු වීම හොඳම තීරණ ලැයිස්තුවේ ඉහළින්ම තියෙන බවත්, පසුකාලීනව තවත් ඔහුගේ දක්ෂ මිතුරෙක් වන ස්ටිව් බැල්මර් ආයතනයට බඳවා ගන්න තීරණය කිරීම තවත් වැදගත් තීරණයක් බව ඔහු කියනවා. අද වගේම එදත් ඉක්මනින්ම මහමොළකාරයන් හඳුනා ගන්න පුළුවන් තීක්ෂණ නුවණක් බිල්ට තිබුණා.

කොහොම හරි බිල් ගේ ජීවිතය වෙනස් කරන යහළුවා පෝල් ඇලන් ඔහුට මුණ ගැසෙන්නේ ලේක්සයිඩ් පාසලේ දී බිල්ට වඩා වසර දෙකක් වැඩිමහලු පෝල් බිල් එක්ක එකතු වෙන්නේ දෙදෙනාම පරිගණක අධ්‍යාපනයට දැඩිව ප්‍රිය කරන නිසා. චරිත ලක්ෂණ පැත්තෙන් සැසැඳීමක් කළොත් මේ දෙන්නා පෑහෙන්නේ නැහැ. පෝල් ඇලන් හැඩි දැඩි ශරීරයක් හිමි ලැජ්ජාශීලී මෙන්ම පසුගාමී පුද්ගලයෙක් වුණා. නමුත් බිල් ප්‍රමාණයෙන් කුඩා ශරීරයක් තිබුණත් අභියෝග භාර අරගෙන ඉදිරියටම යා යුතුයි කියන මානසිකත්වයේ හිටියා. එහෙත්, දෙන්නම බුද්ධිමත් චින්තනයක් හිමි ළමයි දෙන්නෙක් වුණා.

අට නමය ශ්‍රේණි වලට පැමිණෙත්ම බිල් ගේට්ස් පරිගණක ක්‍රීඩා සහ කුඩා ප්‍රමාණයේ පරිගණක වැඩසටහන් සාර්ථකව නිර්මාණය කරනවා. සමහර වෙලාවට පරිගණක සම්බන්ධ මත ගැටුම් පෝල් ඇලන් සමඟ ඇති වුණත් එක්තරා ලක්ෂයක දී ඔවුන් දෙදෙනාම එකඟ වෙලා යළිත් වැඩට බැසීම සාමාන්‍ය දෙයක් වෙනවා. 1970 මේ ජෝඩුව අපූරු දෙයක් කරනවා. එතකොට බිල්ට වයස අවුරුදු 15 යි. ඒ සියැටල් නගරයේ රථවාහන මෙහෙයුම් පද්ධතිය මෙහෙයවන්න අලුත් පරිගණක වැඩ සටහනක් නිර්මාණය කරනවා. එයින් ඩොලර් 20,000 මුදලක් උපයන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. මුදල් අඩුවෙන් අතපත ගාපු ගැටයෝ දෙන්නෙක්ගේ ඇස් උඩ යවන්න තරම් ප්‍රමාණවත් වන මුදලක් හිමිකර දුන්න ඒ ගනුදෙනුව බිල් ගේ මනස ව්‍යාපාරික පැත්තට යොමු කරන්න සෑහෙන්න බලපානවා. ව්‍යාපාරත් අධ්‍යාපනයත් සමඟ දෝලනය වන බිල් ගේ චංචල හිත හඳුනා ගන්න දෙමාපියන් ඔහුට නීතිඥයෙක් වෙන්න කියලා තරයේම අවවාද කරන්නේ මේ කාලෙදී තමයි. මේ කාලේදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වුණ පෝල් ඇලන් පාසල් අධ්‍යාපනය සාර්ථකව නිමාකර අවසාන විභාගයට ලකුණු 1600 න් 1600 ක් රැගෙන වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනවා. බිල් පාසලේ තනිවුණත් ඔවුන් ඔවුන්ගේ මිත්‍රත්වය නැති කර ගන්නේ නැහැ. කෙසේ වෙතත් පෝල් ඇලන් වොෂින්ටන් රාජ්‍ය සරසවියේ ගත කරන්නේ හරියටම වසර දෙකයි. ඔහු සරසවි ගමනට තිත තබන්නේ පරිගණක වැඩ සටහන් නිර්මාණ කරුවෙක් විදියට හෝනිවේල් සමාගමේ වෘත්තීය ජීවිතය අරඹමින්. කාලය ගෙවී ගිහින් 1973 වසරේ දී බිල් ද පාසල් අධ්‍යාපනය සාර්ථකව නිම කරන්නේ අවසාන පරීක්ෂණයෙන් ලකුණු 1600 න් 1590ක් අත්කරගනිමින්, තම දෙමාපියන්ට විශාල ගෞරවයක් උරුම කර දෙමින්.

පාසලෙන් ඉවත් වෙන බිල් ඇතුළු වෙන්නේ නීතිය හැදෑරීම සඳහා හාවර්ඩ් සරසවියට මේ ඔස්සේ බිල්ට යළිත් ඇලන් සමඟ ඇති කරගත් මිතුරුදම ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. හාවර්ඩ් සරසවියට නීති ශිෂ්‍යයෙකු විදියට ඇතුළු වුණත්, ඔහු පළමු වසරේ සිටම කැමැත්ත දක්වන්නේ නීතිය පිළිබඳ අධ්‍යයනයට වඩා පරිගණක පිළිබඳ අධ්‍යයනයට. එම නිසා ඉගෙනීමෙහි අතිදක්ෂයෙක් වුණත් සමහර නීති විෂයයන් ඔහු අසමත් වුණා. වසර දෙකක් යද්දි ඔහුටම තේරෙනවා ඔහු වැටිලා ඉන්නේ වැරදී බාස්කට් එකට කියලා. වැඩිමහලු මිතුරා පෝල් ඇලන් වගේම බිල්ද, තම දෙමාපියන්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් සරසවි අධ්‍යාපනයට දෙවෙනි වසරේ දී තිත තබනවා. ඉන් පසුව ඔහු පැය 24 ම පරිගණක වැඩසටහන් සංවර්ධනය වෙනුවෙන් යොමු කරනවා. බිල් සරසවි අධ්‍යපනය අතරමඟදී නැවැත්වීමේ තීරණය පසුකාලීනව පුද්ගල පරිගණකයේ සිදුවුණ ශීඝ්‍ර දියුණුවට සෘජුව බලපෑවා. මන්ද ඔහු නීතීඥයෙක් වුණා නම් මම කොහොමද මයික්‍රොෂොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් මේ සටහන පහසුවෙන් ලියන්නේ. ඔබ බිල් ගේට්ස් කියන නීතිඥයාට ඇලුම් නොකරයි. එහෙනම් මෙහෙම කතා ඔහු ගැන ලියවෙන්නෙත් නැතිවෙයි. විභාග සමත්වීම සහ තමන්ගේම අරමුණක් හඹා යෑම ගැන කථාබහක දී බිල් මෙහෙම දෙයක් කියනවා. “​ මම විභාග අසමත් වුණා. මගේ යහළුවා විභාග සියල්ලම සමත් වුණා. ඔහු මගේ සමාගමේ සේවකයෙක් මම එහි අයිතිකරුවා

පෝල් සහ බිල්ට පරිගණක ඔස්සේ යමක් තවදුරටත් හිතන්න බලපාන යමක් 1974 පොපියුලර් ඉලෙක්ට්‍රොනික් සඟරාවේ පළවෙනවා. ඒ Altair 8800 පරිගණකය පිළිබඳ ලිපියක්. තරුණයන් දෙදෙනාම මෙම ප්‍රාථමික මට්ටමේ පරිගණකයට ආශා කරන්නේ ඒ ඔස්සේ තව තවත් හිතන ගමන් මෙම පරිගණකය පුද්ගල පරිගණකය දක්වා ගෙනියන්න ඔවුන් කල්පනා කරනවා. ඒ අනුව ඔවුන් එම පරිගණකය නිපද වූ MITS සමාගමේ කළමනාකාරිත්වය මුණ ගැසෙන්නේ එකතු වෙලා යමක් කරන්න හිතාගෙන. MITS ඒ වන විට ඒක කුඩා සමාගමක් නිසා තරුණයන් දෙදෙනාට කථා බහට ඉඩ විවෘත වෙනවා. ඔවුන් ගිවිසුමට එළඹෙන්නේ පරිගණකය සඳහා BASIC පරිගණක වැඩ සටහන ලියන බව පවසමින් ඔවුන් එහෙම කියලා ගිවිසුමට එළඹුණත්, ඒ වන විටත් ඔවුන් BASIC වැඩසටහන ඒ පරිගණකයට ගැළපෙන විදියට ලියලා තිබුණේ නැහැ. ඔවුන්ට ඕන වුණේ ඔවුන් එහෙම යෝජනාවක් කළොත් MITS සමාගම ඊට කැමැත්තක් දක්වනවාද කියන දේ දැනගන්න. කොහොමහරි වැඩේ හරි ගියා. ඔවුන් වැඩ සටහන ලිව්වේ හාවර්ඩ් සරසවියේ පරිගණක විද්‍යාගාරයේ ඉඳන්. ඒ වගේම වැඩ සටහන ඉතා විශිෂ්ටව වැඩ කළා. ඒත් සමග 1975 වසරේ දී බිල් සහ පෝල් ඉතිහාසගත මයික්‍රොසොෆ්ට් සමාගම පිහිටුවනවා. ඔවුන් සන්නම සකසන්නේ මයික්‍රෝ කම්පියුටර් (Micro Computer) සහ සොෆ්ට්වෙයාර් (Software ) කියන පද දෙකේ ගැළපීමක් විදියට. ඔවුන්ගේ BASIC මෘදුකාංගය පරිගණක භාවිත කරන්නන් අතර සෑහෙන ජනප්‍රියත්වයක් ලබනවා. කෙසේ වෙතත් MITS සමාගම සමග ඇති කරගත් මතභේදයක් නිසා ඔවුන් MITS සමාගමේ ගිවිසුම නවතා තවත් ගමනකට මුල පුරනවා. ජයග්‍රහණ මතභේද ගැටුම් සහ අසීරුතා ඔස්සේ කාලය ගෙවී ගිහින් 1978 වසරේ දී මයික්‍රෝසොෆ්ට් සමාගම ඩොලර් මිලියන 2.5 ක අදායමක් ලබනවා. එතකොට බිල්ට වයස අවුරුදු 23 යි. සමාගමේ මුළු සේවක සංඛ්‍යාව 25 යි. එහෙත්, 2012 වන විට සේවක සංඛ්‍යාව 90,000 යි කියන කාරණයත් මතකයේ තියා ගන්න. බිල් ඒ කාලය ගැන කියන්නේ මෙහෙම දෙයක්. ‘​ ඔබ සාර්ථකත්වයේ සතුට විඳිද්දී අසාර්ථකත්වයෙන් ඉගෙන ගත් පාඩම් අමතක කරන්න එපා .

මේ කාලය වන විට Apple, Intel සහ IBM කියන සමාගම් තරගයට ඇමෙරිකානු පරිගණක වෙළෙඳ පොළ ඉක්මනින්ම ආක්‍රමණය කරන කාලයක් වුණා. එවැනි දැවැන්තයෙක් සමඟ එකතු වෙලා වැඩ කරන්න ලැබුණොත් සමාගමට ඉතා ඉක්මනින් දිගු ගමනක් යන්න පුළුවන් කියලා බිල් විශ්වාස කරනවා. ඒ අනුව 1980 නත්තලට ඔන්න මෙන්න තියෙන ශීතල නොවැම්බර් මාසයේ දවසක බිල් තම මවත් සමග IBM සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මුණ ගැසෙන්න යනවා. මෙහිදී අපූරු සිදු වීමක් බිල්ට සිද්ධ වෙනවා. ඔහු IBM ප්‍රධාන විධායක නිලධාරියා මුණ ගැසෙන්න කාර්යාලය ඉදිරිපිට සිටිත් දී එහි තවත් සේවකයෙක් ඔහුට කෝපි එකක් හදාගෙන එන්න කියලා අණ කරන්නේ බිල් කාර්යාල සහයකයෙක් කියලා වැරදියට වටහගෙන. බිල්ට වයසට ප්‍රමාණවත් තරම් පෙනුමක් තිබුණේ නැති නිසා මෙහෙම අපහසුතා කිහිපයකටම මුහුණ දීලා තියෙන බව තමයි ආරංචි. පෙනුමෙන් පොඩි වුණත් වයස අවුරුදු 25 ක් වුණ බිල්ට IBM ප්‍රධානියාගේ හිත දිනා ගන්න පුළුවන් වෙනවා. ඔයින් මෙයින් කොයින් කොහොම හරි IBM සමාගම නිපදවන්න නියමිත නවතම පරිගණකයට අදාළ වැඩසටහන ලිවීමේ අවස්ථාව බිල්ට හිමිවෙනවා. එහෙත්, එම අවස්ථාවේ දීත් ඉස්සරහට පැනලා බිල් වැඩේ භාරගත්තත් ඔහුගේ වැඩසටහන IBM පරිගණකයට නොගැළපෙන බව පසුව වැටහෙනවා. බිල් අතට ආව අවස්ථා ලිස්සලා යන්න දෙන්න පොඩ්ඩක්වත් හිතන්නේ නැති නිසා තවත් වැඩ සටහන් කරුවෙක් ගෙන් ඊට සරිලන වැඩ සටහනක් මිලට ගන්නවා. නමුත් ඔහු එම වැඩ සටහන්කරුවාට IBM සමාගම සමඟ ඇති සම්බන්ධය කියන්නේ නැහැ. මේක පසුව දැනගන්න එම සමාගම බිල්ට එරෙහිව නඩු පැවරුවත් බිල එයින් නිදහස් වෙනවා.

එම ගනුදෙනුවෙන් IBM සමාගමෙන් ඩොලර් 50,000 ක මුදලක් සමාගම ලබා ගන්නවා. මේ අතර 1978 සිට 1981 දක්වා කාලය තුළ සමාගම වැඩි දියුණුවක් ලබනවා. IBM සමාගම සමඟ ඇති කරගත් එකමුතුව සමාගමට වැඩි වාසි ගෙනාවත්, IBM සමාගම එම වැඩසටහන සැකසීමට යොදාගත් කේත හෙවත් කොඩ් බිල්ගෙන් ඉල්ලා සිටීම මත ගැටලු පැන නැගෙන්නේ මේ කාලයේ දී. වැඩ සටහන නිර්මාණය කිරීමේ කේත IBM සමාගමට ලබා දීම බිල් තරයේ ප්‍රතික් ක්ෂේප කරනවා. සමාගමේ දිශානතිය තවත් වෙනස් කරමින් IBM සමාගමෙන් වෙන්ව 1985 දී ඔවුන් සමාගමේ ඉරණම සම්පුර්ණයෙන් වෙනස් කරන Microsoft Windows මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනවා. කෙසේ වෙතත් මේ කාලයේ දී පෝල් ඇලන් අවාසනාවත්ව පිළිකාවක ගොදුරක් බවට පත්වෙලා තාවකාලිකව සමාගමෙන් සමුගන්නවා. පෝල් යළිත් සුව වෙලා කරළියට එන්නේ මයික්‍රොෂොෆ්ට් සමාගමෙන් වෙන්වෙලා තනිව ගමනක් යනවා කියන තීරණයත් අරගෙන

වර්තමානය වන විට මයික්‍රොෂොෆ්ට් සමාගම සහ ඇපල් සමාගම ප්‍රසිද්ධියේම බැණගන්න දැවැන්ත තරගකරුවන් දෙන්නෙක් වුණත් අසූව දශකයේ දී ඇත්තටම ඔවුන් එකට වැඩ කළ ගජ මිතුරු සමාගම් දෙකක්. ඇපල් මැකින්ටොස් පරිගණකයට අවශ්‍ය වැඩ සටහන් නිර්මාණය කරන්න බිල්ට ලැබෙන ආරාධනාවත් සමග තමයි මේ ශීතල යුද්ධයට මූලික හේතුව පටන්ගන්නේ. ඒ අනුව ඇපල් සමගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් සමඟ බිල් ගේට්ස් එකට වැඩ කරන්න පටන් ගන්නවා. නමුත් පසු කාලීනව බිල්ට දැවැන්ත චෝදනාවක් එල්ල වෙන්නේ බිල් මැකින්ටොස් පරිගණකයට අදාළ මෙහෙයුම් පද්ධතියේ සංකල්ප මත පදනම්ව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළා කියලා. බැලූ බැල්මටම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ මැකින්න්ටොෂ් පද්ධතිය සමාන නිසා බිල්ට තව තවත් චෝදනාව බරපතළව එල්ල වුණා. කෙසේ වෙතත් ඇපල් බලධාරීන් මැකින්ටොෂ් නිපදවීමේ තාක්ෂණයට බිල්ට සම්පුර්ණයෙන් ඇතුළු වෙන්න අවස්ථාව ලබා දීම නිසා බිල් ඒ අවස්ථාවන් යම්කිසි ප්‍රයෝජනයක් ලබා ගත්ත බව තහවුරු වුණා. එම සිදුවීම ඇපල් මයික්‍රොසොෆ්ට් වෛරයට බලපෑව ප්‍රධාන සිදුවීම වුණා. තම ව්‍යාපාරික සතුරා වන ස්ටිව් ජොබ්ස් මිය යන්න ටික කාලයකට පෙර, දෙන්නාගේ ශීතල යුද්ධයට තිත තබමින් ලිපියක් ලියන්න තරම් බිල් කාරුණික වෙනවා. “​ අපි දෙන්නා තරගකරුවන් නෙවෙයි. දෙදෙනාගේ තරගකාරිත්වයෙන් ලෝකයට විශිෂ්ට නිෂ්පාදන බිහිවුණ නිසා දෙන්නාගේම පැත්තෙන් සමාව ගැනීම් අවශ්‍ය නැහැ කියලා ඔහු එම ලිපිය තුළ දී පවසනවා. එසේම ඔහු ලිපිය පුරාම ස්ටිව් ජොබ්ස්ගේ විශිෂ්ටත්වය සහ ඔහු ගොඩනැගූ ඇපල් සමාගමේ විශිෂ්ටත්වය හදවතින්ම අගය කරනවා. තම ප්‍රධානම තරගකරුවාගෙන් ලැබුණු මෙම ලිපිය ස්ටිව් ජොබ මහා සැනසුමක් ගෙනත් දුන්න නිසාදෝ මිය යන මොහොතේත් ඔහුගේ ඇඳ අසල ඒ ලිපිය තිබුණ බව වාර්තා වෙනවා.

ජයග්‍රහණ සහ බාධක මැද්දේ 1986 වර්ෂයේ දී, මයික්‍රොෂොෆ්ට් සමාගම කොටස් වෙළෙඳ පොළ ලියාපදිංචි සමාගමක් බවට පත් කරනවා. සමාගමේ කොටස් හිතුවටත් වඩා හොඳ මිලකට කොටස් වෙළෙඳ පොළ තුළ අලෙවි වෙනවා. එම නව පියවරත් සමඟ සමාගමට මුදල් වේගයෙන් ගලා එන්න පටන් ගන්නේ වයස 31 ක් වෙන්නත් පෙරම බිල් ප්‍රකෝටිපතියෙක් බවට පත් කරලා, මේ කාලෙදි තමයි ඔහු ක්ෂේත්‍රයේ දක්ෂයන්ගේ මොළ එකතු කරන්න පටන් ගන්නේ. එම වැඩ පිළිවෙළ බිල් සමඟ අතිදක්ෂ පරිගණක වැඩ සටහන් නිර්මාණ කරුවන් රැසක් එකතු වෙනවා. බිල්ට දක්ෂ සේවකයන් හඳුනාගන්න තිබුණේ පුදුමාකාර හැකියාවක්. ඔහු රැ කියාවට පුද්ගලයන් තෝරාගත්තේ අමුතුම මිනුම් ඔස්සේ. ඒ ගැන ඔහු අපූරු කතාවක් කියනවා. “​ මම ගොඩක් වෙලාවට ගොඩක් අමාරු වැඩ කරන්න තෝරා ගන්නේ ගොඩක් කම්මැලි පුද්ගලයන්. මොකද ඔවුන් වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන් ක්‍රමය හොයාගන්නවා. ඒ වගේ අපූරු තේරීම් තමයි බිල්ට තිබුණේ.

1989 වසරේ දී මයික්‍රො ෂොෆ්ට් සමාගමේ විධායක නිලධාරිණියක් විදියට ක්‍රියා කළ මැලින්ඩා සමඟ ආලවන්ත ඇසුරකට බිල් යොමුවෙන්නේ ජීවිතය තුළ ආදරණීය වෙනසක් සිදුකිරීමේ අරමුණින් බිල්ගේ සිහිනය තුළ ඉඩක් ගන්න සමත්වුණ වයස 28 වුණ මැලින්ඩා, බුද්ධිමත් ක්‍රියාශීලී යුවතියක් නිසා බිල් ගේ සිතුවිලි සහ ගති ලක්ෂණ සමග බොහෝ දුරට පෑහුණා. දිගුකාලීන ප්‍රේම සම්බන්ධයකින් පසුව ඔවුන් 1994 දී විවාහ දිවියට එළඹෙනවා. 1994 ජනවාරි මාසයේ දී සිදුවුණ විවාහයත් සමඟ ඔහුගේ මුවගට නැගුණ සතුට ජූනි මාසයේ දී මැකී ගියේ ආදරණීය මවගේ වියෝවත් සමඟ. සාර්ථකත්වය වෙත බිල්ව යොමු කළ ඔහුගේ අම්මා මිය ගියේ පියයුරු පිළිකාවක් නිසා. මේ නිසා 1994 සහ 1995 වර්ෂයන් බිල්ගේ සිත කම්පාවෙන් සහ ශෝකයෙන් පුරවපු අඳුරු සමයක් වුණා. බිල් ගේ විවාහ ජීවිතය ඉතා ආදර්ශවත් එකක් වුණා. ඒක අදටත් එසේමයි. ඔහු ධනයෙන් සහ බලයෙන් ඉදිරියටම ගියත් බිරිඳ සහ දරුවන් වෙනුවෙන් විය යුතු යුතුකම් එලෙසම ඉටු කළා. ඇත්තටම ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම සාර්ථක සැමියෙක් සහ පියෙක්.

ඒ කාලය සමාගමේ වසන්ත සමය වුණා. සමාගමේ භාණ්ඩ සංවර්ධනය කිරීමේ උපක්‍රමය සහ තරගකාරිත්වයට නොබියව මුහුණ දීමේ උපක්‍රම තව තවත් එහි දියුණුව වැඩි කරන්න මූලිකව බලපෑවා. ඒ වගේම පරිගණක මෘදුකාංග වෙළෙඳ පොළේ තිබෙන අවස්ථා ඉක්මනින්ම ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් බිල්ට තිබුණා. ඒ තුළින් ඔහු අනාගත පාරිභෝගික අවශ්‍යතා ගැන අනාවැකි කලින්ම කියන්න සමත් වුණා. මේ සියලු කාරණා ඔස්සේ. 20 වන සියවසේ ව්‍යාපාර සදහා අවශ්‍යම අලෙවි කළමනා කරණයේ අගය තේරුම් අරගෙන සන්නමේ අගය වැඩි කරන සාර්ථක අලෙවි කරණ උපක්‍රම වෙතත් ඔහු යොමුවුණා.

ඇමෙරිකානු ජනමාධ්‍යය සාමාන්‍යයෙන් බිල් ගේට්ස් නම් කරන්නේ එක් ජීවිතයක් තුළ දී ලෝකය දෙපාරක් වෙනස් කම් මිනිසා විදියට, මයි ක්‍රොෂොෆ්ට් සමාගම ඔස්සේ පුද්ගල පරිගණක ක්ෂේත්‍රයේ කළ විප්ලවීය වෙනස පළමු වන වෙනස විදියට නම් කරන අතර, ඔහුගේ දෙවෙනි වෙනස් කිරීම විදියට සලකන්නේ බිල් සහ මැලින්ඩා ගේට්ස් පදනම ( Bill & Melinda Gates Foundation) හරහා සිදුකරන සමාජ සේවා කටයුතු. ලෝක සෞඛ්‍යය නඟා සිටු වීමට සහ අධ්‍යාපනය නඟා සිටුවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරමින් මේ වන විටත් ඔහු දැවැන්ත ලෙස කාලයක් සහ ශක්තියක් වෙන් කරන්නේ ඔහුගේ මෙම දෙවෙනි වෙනස් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් බිලියන ගණනින් මුදල් යොදවන මෙම දැවැන්තයා සමඟ තවත් කෝටිපතියන් විශාල ප්‍රමාණයක් එකතු වුණේ ධනවාදයට නව අරුතක් එක් කරමින්.

ටයිම්ස් සඟරාව විසිවෙනි සියවසට වඩාත්ම බලපෑමක් කළ පුද්ගලයන් 100 දෙනා අතරට බිල් ගේට්ස් නම් කරන කොට, දෙවෙනි එළිබෙත් රැජින ඔහුට නයිට් පදවියක් පිරිනමන්න අමතක කරන්නේ නැහැ. අතිශය කාර්ය බහුල පුද්ගලයෙක් වුණත්, ඔහු තාමත් පිස්සුවෙන් වගේ පොත් පත් කියවන හොඳ කියවන්නෙක්. ඒ වගේම ඉඩක් ලද වෙලාවට ගොල්ෆ් ක්‍රීඩාවේ නියැළෙන්නත් අමතක කරන්නේ නැහැ. බිල් ගේ ආගමික මතයක් සමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගොඩක් වෙනස්. ඔහු භෞතිකවාදියෙක්. ඔහු දෙවියන්ගේ පැවැත්මක් ඇතැයි ද නැතැයි ද විශ්වාස කරන්නේ නැහැ. ඔහු වැඩි දුරටත් පවසන්නේ ලෝක ස්වභාවය විද්‍යාත්මකව තේරුම් ගන්න ඔහු වඩාත් ප්‍රිය කරන බව තමයි.

2014 වසරේදී මෙම විශිෂ්ට ව්‍යාපාරිකයා තම සමාගමේ සියලු තනතුරු වලින් ඉවත්ව එම තනතුරු තරුණ නායකයන් වෙත පිරිනමනවා. සියලු දෙනාටම එය පුදුමයට කාරණක් වුණත් බිල්ට නම් එය ජීවිතයේ තවත් සරල සිදු වීමක් පමණයි. මන්ද යත් බිල් ගේට්ස් ජිවිතය දකින්නේ සැහැල්ලු සෙල්ලමක් විදියට මිසක් දරුණු සටනක් වශයෙන් නෙවෙයි.

බිල් ගේට්ස් ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ට ව්‍යාපාරිකයෙක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවන් වරක් ඔහු දුප්පත්කම ගැන කිව්ව අදහසකින් මෙම සටහන අවසන් කරන්න මම හිතුවා දුප්පත් වෙලා ඉපදීම ඔබේ වරදක් නෙවෙයි. නමුත් දුප්පතෙක් විදියට මිය යෑම ඔබේ වරදක්. “​

දියුණු වෙන්න නිවැරැදි මග Business HUB එකෙන් අපි දිනපතා පෙන්වා දෙනවා. ඒ හරි මග යන එක ඔබේ වැඩක්…

උපුටාගැනීම Harsha Airawansha Linkedin එකෙනි. අයිතිය කතෲ සතුය.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla

ඔයා ගොඩක් දුකෙන් නේද ඉන්නේ?

ඔයා ගොඩක් දුකෙන් නේද ඉන්නේ?

ඔයා ගොඩක් දුකෙන් නේද ඉන්නේ?”

“ඔව්..මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.”

“ඔව්. මට පේනවා ඒක නම්. මොකක්ද ගැටලුව?”

“මගේ ජොබ් එක නැති වුනා. මගේ ජොබ් එක නැති උනාට පස්සේ මං ආදරය කළ කෙනාත් මාව මගහරින්න ගත්තා.දැන් මං ගොඩක් දුකෙන් ඉන්නේ.”

“ඔයා මානසිකව වැටෙන්න එපා. අපි ආපසු නැගිටින්න උත්සාහ කරමු
ඔයාට එහෙම කියන්න ලේසියි. ඒත් මට නැවත නැගිටින්නේ කොහොමද කියලා හිතන්න අමාරුයි. මං ජිවිතේ දැක්ක හීන එක දවසින් නැති වුනා. ඔයාට මාව තේරෙන්නේ නෑ යාලුවා.”

“ඔයා එහෙම හිතන්න එපා. අපි කාටත් මේ වගේ ප්‍රශ්න එනවා. ඔයාට මේ කතාව ඇහුවම තේරෙයි. ඔයාට ආපු ප්‍රශ්න මොනවාද කියලා.”

“මොන කතාවක් ගැනද මේ කියන්න යන්නේ?”

“පොඩ්ඩක් ඉන්නකො. මං ඔයාට කියන්න යන්නේ ඔයාට වගේම නැතිවීම්, ප්‍රතික්ෂේප වීම් හමුවේ වැටුනත් අයේ නැගිටලා ජිවිතේ දිනපු කෙනෙක් ගැන. හොදට අහන් ඉන්නකො. මට විශ්වාසයි මේ කතාව අවසානයේ ඔයා ආයිත් අතීතය තුළ දුක් නොවී අරමුණක් ඇතුව ජිවිතේට මුහුණ දෙන්න අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා කියලා.”

“එහෙනම් කියන්නකෝ. ඒ කතාව මං අහගෙන ඉන්නම්.”

ප්‍රතික්ෂේප වීම පියගැට පෙළක් ලෙස භාවිතා කර ජීවිතය ගොඩනඟා ගත් ලොව දිනූ පුද්ගලයෙකුගේ ජීවිත කතාව තමයි අද අපි කතා කරන්නේ. නම කිවූ සැණින් ඔබට ඔහු අමතක වෙන්නට පුළුවන්. නමුත් Alibaba කියන වෙළඳ නාමය නම් ඔබට අමතක නෑ. ඔව්, ඒ Alibaba සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා ගැනයි අපි අද කතා කරන්නේ.

ජැක් මා කියන්නේ අභියෝග තුළින් තම ජීවිතයේ බිංදුවෙන් පටන්ගෙන අද වන විට ලෝකයේ සිටින බලවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක්. ඔහු ලෝකයේ බලවත් පුද්ගලයන් විසිඑක්දෙනා අතරට එකතු වෙන චීනයේ මහා ධනපතියාය.

1964දී චීනයේ ෂැංහායි ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපන් ජැක් මා, කුඩා කළ සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ආශාවක් පැවති පුද්ගල‍ය‍ෙකි. නමුත් මොහු සාමාන්‍ය ළමුන් ඉගෙන ගන්නා ආකාරයට වෙනස් ආකාරයකින් තම අධ්‍යාපනය ලැබූවෙකි. ඒ කොහොමද කියලා දන්නවද?

උදෑසනම අවදි වූ ජැක් මා තම නිවස අසල පිහිටි ෂැංහායි හෝටලය පරිශ්‍රයට යයි. එහි එන සංචාරකයන්ට මගපෙන්වන්නෙකු ලෙස සේවාව සපයමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මොහු කටයුතු කළේය. මගපෙන්වීම වෙනුවෙන් ඔහු කිසිදු ගාස්තුවක් අය කළේ නැත. මේ ආකාරයට අවුරුදු 9ක් ඔහු කටයුතු කළේය. නමුත් ඉගෙනීම කෙරෙහි ඔහු දක්ෂයෙකු නොවීය. ප්‍රාථමික, ද්විතීයික විභාග අසමත් වූවත් ඔහුට අවසානයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් ප්‍රවේශ විභාගය සඳහා කිහිප වරක් පෙනී සිටියද, ඒවායෙන්ද අසමත් වූ මොහු අවසානයේදී රැකියාවක් කිරීමට අවධානය යොමු කරයි.

රැකියා 30කට පමණක් ඉල්ලුම් කළත් ඒවාද ප්‍රතික්ෂේප විය. සුප්‍රකට KFC ආයතනයෙන් චීනයේ පැවති රැකියා සම්මුඛ පරීක්ෂණයකදී එයට පැමිණි විසි හතර දෙනාගෙන්, විසි තුන්දෙනෙකුටම රැකියා අවස්ථා ලැබුණු අතර එයින් ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා ජැක් මා විය. වරක් චීන පොලිසියට අයදුම් කළ මොහු එයින්ද ප්‍රතික්ෂේප විය. Harvard විශ්වවිද්‍යාලයට 10 වරක් ඉල්ලුම් කළත් එයින්ද ප්‍රතික්ෂේප විය. ජැක් මා, ඉල්ලුම් කරන සියල්ලෙන්ම ප්‍රතික්ෂේප වූ පසුව ඔහුගේ ප්‍රදේශයේ ගුරු විද්‍යාලයකින් උපාධිය සම්පූර්ණ කර, එහිම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය ආරම්භ කරයි. ඒ $10 මාසික වැටුපකටය.

1994දී ඇමරිකානු සංචාරයකට එක් වූ ඔහුට එහිදී පළමු වරට පරිගණකයක් සමග වැඩ කිරීමට අවස්ථාව හිමි විය. එහිදී ඔහුගේ පළමු සෙවුම වූයේ බියර් යන වචනයයි. ඒ සඳහා අන්තර්ජාලය විසින් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දී තිබුණි. ඊළඟට ඔහු සොයන්නට වූයේ චීනය නම් වචනයයි. නමුත් එහිදී ඔහුට කිසිදු තොරතුරක් අන්තර්ජාලය මගින් දිස් නොවීය.

මෙය ව්‍යාපාර අදහසක් කරගෙන නැවත මව් රටට පැමිණි ජැක් මා, තම මිතුරන්ට එම අදහස දැන්වූ විට මිතුරන්ගෙන් උසුළු විසුළු වලට ලක්වීමට සිදුවිය. කිසිම දවසක එය යාතාර්ථයක් නොවන බව මිතුරන්ගේ අදහස විය. ඉන්පසුව තම අරමුණට යාමට මගක් ලෙස බැංකුවකින් $3000ක මුදලක් ලබා ගැනීමට මාස තුනක් පමණ උත්සාහ ගත්තද එයද අසාර්ථක විය. පසුව ආයෝජකයින් රැසක් සමඟ සාකච්ඡා කළද එයින්ද ප්‍රතිඵලයක් ලැබුණේ නැත. කිසිම කමකට නැති මෝඩ අදහසක් ලෙස ඔවුන්ගේ මතය විය. නමුත් ජැක් මා තමන්ව තදින් විශ්වාස කරගෙන සිටි පුද්ගලයෙකි. 1999 ආයෝජකයන් 18 දෙනෙකුගෙන් එක්ව $50000ක් යොදා Alibaba ව්‍යාපාරය ආරම්භ කළේය.

නමුත් මුල් අවුරුදු 3 කිසිම ආදායමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. 2004දී අන්තර්ජාතික ගෙවුම් වෙබ් අඩවියක් වන Alipayද, 2005දී Yahoo සමඟ සහයෝගීතා ගිවිසුමක් මගින් මුළු චීනයේම Yahoo පරිපාලන බලය Alibaba සතු විය. චීන දේශීය පාරිභෝගිකයන් හා අන්තර්ජාතික ව්‍යාපාර කටයුතු සඳහා TMALL නම් චීන භාෂිත වෙබ්අඩවිය නිර්මාණය කළේය. චීන අපනයනකරුවන්ට අපනයනය සඳහා Aliexpress නම් වාණිජ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් තම රට තුළට ආදායම ගෙන ඒමට කටයුතු කළේය.

2013දී ඔහු තම නායකත්වය, තාරුණ්‍ය වෙනුවෙන් පවරා ප්‍රධාන විධායක නිලධාරී ධූරයෙන් ඉවත් වී කටයුතු කළේය. 2019දී ඔහුගේ පනස් පස්වන උපන් දිනය දා Alibaba සමූහයේ සියලූම කටයුතු වලින් ඉවත් වූ ඔහු, සාමාජිකත්වය පමණක් දරමින් දැනට කටයුතු කරයි.

එදා ප්‍රතික්ෂේප වීම් අතර තමන්ගේ අභියෝග, ඉලක්ක ඔහු අතහැරියා නම් අද චීනයට මෙපමණ විශාල දියුණුවක් කරා යාමට නම් සිදු වන්නේ නැත. එදා ඔහු තමන්ගේ දෛවයට හෝ කරුමයට සාප කරමින් සිටියා නම් අද ඔහු ගැන ලෝකයක් කතා කරන්නේ නැහැ. එහෙනම් ඔහුත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ෂැංහායි වලට සීමා වෙලා ඉන්න තිබුණා.

මේ කතාව අදයි මම ඇහුවේ. අපි Alibaba සමූහය ගැන දැනන් හිටියට, ඒ පිටුපස සිටි මේ යුග පුරුෂයා ගැන දැනන් හිටියේ නෑ. ස්තූතියි මිත්‍රයා ඔයාගේ දැනුවත් කිරීම වෙනුවෙන්.”

“මට ස්තූතිය නම් වැඩක් නෑ. ඔයාට දැන් පේනවා නේද ඔයාට තියෙන ප්‍රශ්න මොනවාද, ජැක් මාට ආපු ප්‍රශ්න එක්ක බැලුවම කියලා?”

“ඔව් මිත්‍රයා. මං නිකම් දුක් වේවී හිටිය කාලේ අපරාදේ කියලා දැන් මට තේරෙනවා. මං ආයිත් නැගිටිනවා අනිවාර්යයෙන්ම.”

“ඒක හොදයි. අද සමාජයේ ගොඩක් අය කරන්නේ කතාව හොදයි, නියමයි කියලා රසවිඳින එක විතරයි. එයින් පාඩමක් ජීවිතයට ආදේශ කර ගන්නේ කිහිපදෙනායි.”

“ඔව්. ඔයාගේ කතාව හරි. මේ වෙලාවේ ඔයා මට දීපූ අභිප්‍රේරණයට ගොඩක් පිං.”

උපුටා ගැනීම elearning .lk වෙබ් අඩවිය. අයිතිය කතෲ සතුය.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla

ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්

ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්

දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි පැවසුවා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”

හැබැයි දෙවැනි දවසේ ඔහුට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් තාත්තා ලබා දීලා තිබුණා.

“ දෙවැනි දවසේත් තාත්තා අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් රැගෙන ආවා. නමුත් එවර මම හිතුවා මම ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා. මම වහාම බිත්තරයක් මතුපිට නැති බදුන තෝරා ගත්තා. ඒත් ඒකේ පතුලේ බිත්තර දෙකක් තියා එකක්වත් තිබුනේ නෑ. බලාපොරොත්තු කඩ වූ මගේ මුහුණ දිහා බලමින් මගේ තාත්තා මෙසේ කිව්වා. මගේ දරුවෝ මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එකවාගේ වේවියැයි අනුමානයෙන් වැඩ කරන්නට එපා. ජීවිතය විවිධ අවස්ථාවල දී අපව රවට්ටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගත යුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්නට බෑ. ” හැමවිටම එකම ආකාරයෙන් වැඩ නොකල යුතුයි.

තාත්තා තුන්වැනි දවසේ අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබූ වේලේ වඩාත් කල්පනාකාරීව තීරණයක් ගැනීමට මට සිදුවුණා.

“තාත්තා ඔයා අපේ පවුලේ ප්‍රධානියා. අපි හැමටම වඩා උඩින් ඉන්නේ ඔයා. ඔයා ඉස්සර වෙන්න. මුල්ම නූඩ්ල්ස් බදුන ඔයා ගන්න. මම ඉතුරු වෙන එක ගන්නම්. තාත්තා බිත්තරයක් උඩින් තිබූ බදුන අතට ගත් වේලේ මගේ හිත කිව්වා මගේ බදුනේ පතුලේ බිත්තරයක් තියෙන්න බෑ කියලා. නමුත් නූඩ්ල්ස් බදුනේ අඩක් හිස් වද්දි මට පෙනුනා බිත්තර එකක් වෙනුවට දෙකක් ඒකේ තියෙනවා කියලා. මම හරිම ආසාවෙන් ඒක අනුභව කලා. තාත්තා ඒ වෙලාවේ තමයි මට වැදගත්ම පාඩම කියලා දුන්නේ. ඔහු මෙහෙම කිව්වා.”

“පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයක දී උනත්, අනික් මිනිස්සු ගැනත් හිතලා වැඩ කලොත්, අන්න එතැන දි සොබා දහම ඔබට හොදම දේ දෙන්න පටන් ගන්නවා…”

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Images generated with AI : DALL•E 3. Face Swapped using original images of Danesh Edirisooriya & B.H Edirisooriya

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla

Muniba Mazari එහෙමත් නැතිනම් පකිස්තානයේ යකඩ ගැහැනිය

Muniba Mazari එහෙමත් නැතිනම් පකිස්තානයේ යකඩ ගැහැනිය

Muniba Mazari එහෙමත් නැතිනම් පකිස්තානයේ යකඩ ගැහැනිය ගැන තමා අද කතා කරන්න හිතුවේ..

කතාව පටන් ගම්මු ඇයගේම අදහසකින්
“Don’t be sad for your disabilities, Success accept disables too”

දුක් වෙන්න එපා ඔබගේ දුර්වලාතා නොහැකියාවන් ගැන, සාර්ථකත්වය ඔබගේ දුර්වලතාවයන් හා නොහැකියාවන් පිලිගනු ඇත..

ඇය ඉපදෙන්නේ 1987 මාර්තු 03 වෙනිදා Rahim Yar Khan කියන ප්‍රදේශයේ.. ඇය ඉගෙන ගන්නේ හමුදාවට අයත් වුණ පාසලක පසුව ඇය ඇතුලත් වෙනවා ඇයගේ ප්‍රදේශයේම පාසලකට වැඩිදුර අධ්‍යාපනය සඳහා..

කොහොම උනත් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නට පෙර ඒ කියන්නේ අවුරුදු 18දී ඇය විවාහ වෙනවා Khurram Shahzad නම් වූ පකිස්තානයේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු සමඟින්.. ඇය පසුව කලා විශයෙන් උපාදියක් පවා ලබා ගන්නවා..

මේ වෙනකන් ඇය සාමන්‍ය කාන්තාවක්.. ඇගේ ජීවිතය කනපිට පෙරලෙන්නේ ඇයගේ වයස අවුරුදු 20ක් වෙනකොට ඒ කියන්නේ 2007 වර්ශයේදී..

ඇයගේ ස්වාමිපුර්ෂයා සමඟ Rahim Yar Khan කියන ඇයගේ උපන් ගම වෙත පැමිණෙන විට, ස්වාමිපුර්ෂයාට නින්ද යාම නිසා වාහනය අනතුරකට භාජනය වෙනවා.. ඒ අනතුරෙන් ඇයට බරපතල ලෙස හානි වෙනවා.. ඇයගේ කකුල් දෙකම ක්‍රියා විරහිත වෙනවා.. නමුත් ඒ ප්‍රදේශයේ ගිලන්රථයක් වත් නොමැතිව, ඇයව කෙසේ හෝ රෝහල් ගත කරනවා..

ඇයට සිදුවුණු බරපතල හානි නිසා ඇයට වසර 2ක් රෝහලේ ඇඳක් මතට වෙලා ගත කරන්නට වෙනවා.. මේ කාළය තුල ඇයගේ ජීවිතයේ විශාල වෙනස් කම් ගොඩක් සිද්ධ වෙනවා.. වෛද්‍යවරු පවසනවා ඇයට කිසිදිනක කකුල් දෙකෙන් හිට ගන්නට වෙන්නේ නෑ කියලා.. මුළු ජීවිත කාලයම රෝද පුටුවක ගත කරන්න වෙන බව..

මේ කතාවත් සමඟම ඇයගේ ස්වාමිපුර්ෂයා ඇයව හැර යනවා.. මේකට හේතුව වෙන්නේ කලින් කිව්වා වගේ ඇය ආබාදිතයෙකු බවට පත් වීම.. ස්වාමිපුර්ෂයා පමණක් නොව ඇයගේ පියත් ඇයව හැරයා යනවා..

මේ විදියට ඇය වසර දෙකක කාළයක් රෝහලේ ඇඳක් මතට වී ජීවිතය ගත කරනවා.. ඇය කියන විදියට මේ වසර දෙකක කාළය තමා ඇය ගත කරපු දුෂ්කරම කාලය.. මේ කාලය කොච්චර දුෂ්කරද එහෙමත් නැති නම් ජීවිතය එපා වෙලාද කියන්ව නම්, ඇය කියනවා ඇයගේ කොන්ඩය පනාවේ පැටලුණු විට පැටලුම ලිහා ගන්නවට වඩා කොන්ඩය කපා දම්මට පුරුදු වෙලා හිටියාලු..

ඇය දැන් දික්කසාද වුණ කෙනෙක්, ඒ සමාජයේ දික්කසාද වුණ කෙනෙක්ට සලකන විදිය හරිම වේදනාකාරී බව ඇය පවසනවා.. ඒ වගේම පියා අතහැර දැමූ දැරියක්.. මේ වගේ දේවල් ගැන ඇය මේ රෝහල් ඇදේ සිට කල්පනා කරනවා.. කොහොමද මම දැන් සමාජයට මූන දෙන්නේ කියලා.. දික්කසාද වුණු කෙනෙක්ට සමාජය සලකන්නේ හරිම පහත් විදියට, මේ වගේ දේවල් ඇයගේ මතකයට එනවා..

නමුත් මේ සියලුම වේදනාකාරී හැඟීම් යටපත් කරගෙන ඇයගේ නිර්භීතකම ඇයගේ පාලනය බාර ගන්නවා.. දික්කසාද වුණු කාන්තාවක්, පියා හැරගිය කාන්තාවක් කියන හැඟීම් වෙනුවට ඇය දරු කමට හදා ගත් දරුවාව තනිවම පෝෂනය කරන්නට ඇය පටන් ගන්නවා.. ඇයගේ මේ ශක්තියට තවත් හොද ශක්තියක් ඇයගේ මවත් ලබා දුන් බව ඇයගේ කතාවක ඇය පවසනවා..

ඇයගේ හැකියාව, ඇයගේ ආත්ම ශක්තිය රෝද පුටුවකට ඇද දමන්නට ඇය ඉඩ දෙන්නේ නෑ.. ඇයගේ කලා කටයුතු තුලින් ඇය ඇයගේ හැඟීම් සමාජයට දාන්නට ඇය පටන් ගන්නවා.. ඇයගේ මේ නිර්භීතකමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ අලුත් ම සංකල්පය ඇය සමාජයට හඳුන්වා දෙනවා..

ඒ තමා, ඇය ‘Muniba’s Canvas’ නමින් අලුත්ම සංකල්පයක් සමාජයට හඳුන්වා දෙනවා.. මේ කටයුත්ත “ඔබේ බිත්තිවලට වර්ණ අඳින්න ඉඩ දෙන්න” කියන පාඨය මගින් පවත්වාගෙන යනවා.. ඇයගේ ප්‍රදේශයේ තිබෙන සංස්කෘතික දේවල් වල සංකල්ප උපයෝගී කරගෙන ඇයගේ මේ කලා කෘති ඇය එළිදක්වනවා..

ඇයගේ වේදනාකාරී අදහස්, මිනිසුන්ගේ ස්තුම්පැතුම්, මිනිසුන්ගේ සිතුවිලි මේ කලා කෘති වලින් එළියට එන නිසා මිනිස්සු මේවා මහත් ලෙස බාර ගනු ලැබුවා..

ඒ වගේම පාකිස්තානයේ පළමු රෝද පුටුවෙන් නිරූපිකාවක් ලෙස නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ඇය සිය මුද්‍රාව පවා තබණු ලැබුවා.. එතනින් නොනැවතුනු මේ දිරිය කාන්තාව පකිස්තානයේ කාන්තාවන් සවිබල ගැන්වීමට පටන් ගනු ලැබුවා.. ඒ සියල්ල අවසානයේ ඇය අද..

ස්ත්‍රීන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පාකිස්තානයේ පළමු කාන්තා සුහද තානාපතිනිය ලෙස කටයුතු කරනවා.. ඇය බොහෝ සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරී කොටසක් ලෙසට පත්වෙලා..

එපමණක් නොව ඇය සෑම විටම ළමා හිංසනය, ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම පිළිබඳව දැනුවත් කරන්නට වුනා. ඇය සැමවිටම දරුවන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන අතර ළමා අපයෝජනයට එරෙහිව මිනිසුන්ට මග පෙන්වන්නට කටයුතු කලා..

අවසානයේ දී ස්වාමියා හැර ගිය, තම පියා හැර ගිය, රෝදපුටුවකට සිරවී සිටින මේ දිරිය කාන්තාව, BBC විසින් ප්‍රකාශ කරන කාන්තාවන් 100 ලයිස්තුවට 2015දී ඇතුලත් වෙනවා..

මේ දිරිය කාන්තාවගේ කතාවෙන් ඔබට ලබා ගන්න දෙයක් තිබෙනවා නම් ඒ දේ ජීවිතය එක්කර ගන්න කියන ඉල්ලීමත් එක්ක මේ කතාව අපි නතර කරමු..

“Words have the power to heal. So choose wisely” – Muniba Mazari

වචන වලට තියෙනවා සුවකිරීමේ බලයක්, එමනිසා වචන භාවිතා කරන්න අනෙකාව සුවපත් කිරීම උදෙසා.. මේ වචන තවත් කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන් ඒ නිසා හැමෝම මේක බෙදා ගම්මූ..

Business HUB විසින් අපි පෙබරවාරි මාසයේ අලුතෙන්ම වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ ආබාධිත අය වෙනුවෙන් දිරියෙන් නැගී සිටින්න සහය ලබාදෙන්න. අපි 2016 දී එය SamajaSathkara.lk පදනම හරහා ආරම්භ කලා. එය තවත් ශක්තිමත්ව Business HUB තුලින් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

Ideamotivation ෆේස්බුක් පිටුවෙන් උපුටාගත් ලිපියකි. කතෲ අවිනිශ්චිතයි.