by admin | Dec 28, 2023 | Business HUB සිතුවිල්ල
මී කුණකින් දියුණු වෙන්න පුළුවන්…
මහන්සි වෙලා දියුණු වෙන්න කැමතිද ?
සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ලක්ෂපතියෙක් වෙන්න කැමතිද?
ඔබේ ජීවිතයෙන් මිනිත්තු 2ක් වෙන් කරලා මේ කතාව කියවන්න. ඔබේ ජීවිතය උඩුයටිකුරු කරාවි… ආගම් බේදයකින් තොරව මේ කතාව කියවන්න.
0️⃣ ඉස්සර ඈත අතීතයේ කසී රට බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් වාසය කළා. ඔය කාලේ බෝධිසත්වයෝ බරණැස ම සිටු පවුලක උපන්නා. වියපත් වෙද්දි ඔහුටත් සිටු තනතුරු ලැබුනා. ‘චූලසෙට්ඨි’ කියන නමින් ප්‍රසිද්ධ වුනා. ඒ කාලේ මොහු ඉතා නුවණැති කෙනෙක්. දවසක් චූලසෙට්ඨි තුමා රාජකාරිය සඳහා රාජමාළිගයට යමින් සිටියා. පාර අයිනේ තිබුන මී කුණක් දැක්කා. දැකලා මෙහෙම කිව්වා.
7️⃣ “මේං…. බලාපල්ල…. මී කුණක් තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට අලුතෙන් රස්සාවක් පටන් ගන්ට මේකත් ඇති…. හොඳින් මොළේ ඇතිව වැඩ කළොත් මේකෙන් ම දියුණුවට පාර කපා ගන්ට පුළුවනි” කියල පිටත් වෙලා ගියා.
ඒ කතාව අහගෙන සිටිය පිරිස අතරේ ඉතා දුගී දුප්පත් කොලුවෙක් හිටියා. ඔහු මෙහෙම හිතුවා. “මේ චූලසෙට්ඨිතුමා මහා නුවණැත්තෙක් හැටියටයි රට්ටු පිළිගන්නේ. මේ කතාව බොරුවක් වෙන්ට බැහැ…. මං කෝකටත් මේ මී කුණ අරගන්ට ඕනා.” මෙහෙම සිතලා අර කොලුවා මී කුණ අරගෙන පාරේ යද්දී එක් නිවසක බළල් පැටියෙක් කෑ ගසනවා. මොහු එතැනට ගිහින් අර බළලාට මී කුණ දෙන්න කියල ඒ නිවැසියන්ට කිව්වා. ඔවුන් සතුටු වෙලා ඒ වෙනුවෙන් ඉතා සුළු මුදලක් දුන්නා. මොහු ඒ මුදලින් උක්පැණි මුලකුයි පොඩි හැලියකුයි ගත්තා. වනයට ගිහින් මල් නෙලාගෙන එන මාලාකාරයන්ට උක් පැණි ටික ටික දුන්නා. හැලියෙන් පැනුත් දුන්නා. එයින් ඔවුන් ගේ වෙහෙස සංසිඳුනා. ඔවුන් සතුටට පත්වුනා. ඒ සතුට නිසා ඒ හැමෝම මල් මිට ගානේ දුන්නා. ඔහු එදාම ඒ මල් මිටි විකුණා ගත්තා. පසුවදාත් උක් පැණියි දිය හැළියකුයි අරගෙන මල් වත්තට ම ගියා. එදා සතුටු වූ මල් වෙළෙන්දා බාගෙට නෙළාගත් මල් අත්ත ගානේ මොහුට දුන්නා.
0️⃣ ටික දවසයි ගියේ. දැන් මොහු ගේ අතේ කහවණු අටක් තියෙනවා. පසුවදා සුළඟක් ඇවිත් රජ උයනේ ගස් වලින් වියළි දර අතු ගොඩාක් බිම කඩා වැටුනා. ඔහු උයන්පල්ලාට ගිහින් මෙහෙම කිව්වා.
1️⃣ “පින්වත…. මේවා ඔක්කොම මට දෙනවා නම් මං අස්පස් කරලා උයන පිරිසිදු කරලා දෙන්නම්” ඔහු ගෙන් ඊට අවසර ලැබුනා. එතකොට මොහු පොඩි දරුවන් සෙල්ලම් කරන තැනට ගියා.
4️⃣ “ළමයිනේ…. ඔයාල උක්පැණි බීලා… සීතල පැන් වළඳින්ට ආසයි ද….?”
“අනේ ඔව්… අපි හරී ආසයි.”
“එහෙනම් මාත් එක්ක එන්න. ඉස්සෙල්ලාම මේ වැටිච්ච දරකෝටු ඔක්කොම එකතු කරගන්ට මට උදව් කරන්න…. ඊට පස්සේ මං ඔයාලට උක්පැණියි, සීතල වතුරයි දෙන්නම්.”
5️⃣ ටික වෙලාවයි ගියේ. අර දර අතු සියල්ල උයන් දොරටුව අසල ගොඩ ගසා ගත්තා. එදා රජමැදුරේ කුඹල්කරුවාට රජපවුලට වළං හදන්ට දර මදි වෙලා සොය සොයා යනවා. උයන් දොරටුව අසල ඇති මේ දර දැකලා මේ තරුණයාගෙන් ඒ දර සියල්ල කහවණු දහසයකට මිලට ගත්තා. ඔහු එයින් උක් පැණි සමග වතුර දෙන්ට පහසුවට තවත් ලොකු භාජන පහක් මිලට ගත්තා. නගරයේ දොරටුව අසලින් එක් පැන් තලියක් තබා ගත්තා. තණමිටි ගෙන යන පන්සියයක් වෙළෙන්දන්ට උක් පැණිය වතුරයි දුන්නා. ඔවුන් හැමෝම මේ තරුණයා ගේ මිත්‍රයන් වුනා.
“මිත්‍රයා… ඔබේ උක් පැණියි වතුරයි නිසා අපේ වෙහෙස නිවුනා. අපෙන් මොනාද කෙරෙන්න ඕනා….!”
6️⃣ “අනේ මිතුරනි…. දැනට නම් මට අවශ්‍ය විශේෂ දෙයක් නෑ. මට ඕනකමක් වුනොත් කියන්නම්. එතකොට මට උදව් කරන්න.” ඒ විදිහට මේ තරුණයා බිම් මාර්ගයේ වැඩ කරන අයයි, ජලමාර්ගයේ වැඩ කරන අයයි සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තා.
දවසක් බිම් මාර්ගයේ වැඩ කරන මොහුගේ යහළුවෙක් මොහුට හොඳ තොරතුරක් කිව්වා. අස් වෙළෙන්දෙක් අශ්වයන් පන්සියයක් අරගෙන එනවා කියලා. එතකොට මේ තරුණයා අර තණකොළ වෙළෙන්දන් ළඟට ගියා. “මිතුරනේ… මට අද ඔබෙන් උදව්වක් ඕනා. අද මට ඔබෙන් එක් තණ මිටිය බැගින් අවශ්‍යයි…… ඒ වගේ ම මගේ තණමිටි විකිණෙනකල් ඔයාල තණ විකුණන්න එපා හොඳේ….”
7️⃣ ඔවුන් දැඩි හිතවත්කම නිසා එයට කැමති වුනා. මොහුට තණ මිටිය බැගින් දුන්නා. අස් වෙළෙන්දා නගරය පුරා තණකොළ හොයනවා. එක තැනක විතරයි තියෙන්නේ. වෙන කොහේවත් නෑ. මොහුට කහවණු දහසක් ගෙවලා ඒ තණමිටි ගත්තා. ඊට දින කීපයකට පස්සේ ජලමාර්ගයේ වැඩ කරන කෙනෙක් මේ තරුණයාට තවත් තොරතුරක් කිව්වා. වරායට මහා නැවක් ආවා කියලා. එතකොට මොහු කහවණු අටක් දීලා ඉතා අලංකාර රථයක් කුලියට ගත්තා. මහත් යස පිරිවර එක්ක වරායට ගියා. ඒ නැවියෙකුට ලස්සන මුද්දක් තෑගි දුන්නා. අලංකාර රෙදි වලින් ආවරණය වූ විශේෂ තැනක මොහු මහා වෙළෙන්දෙකුගේ ලීලාවෙන් වාඩි වෙලා හිටියා. බරණැස වෙළෙන්දන් බඩු ගැනීමේ අදහසින් එතැනට ආවා. එතකොට මොහු රඳවා සිටි මිනිසුන් ඒ වෙළෙන්ඳන් ළඟට ගොහින් මෙහෙම කිව්වා.
8️⃣ “මහත්තුරුනේ…. ඔබට අද බඩු ලැබෙන එකක් නෑ. මහා වෙළෙන්දෙක් ඇවිත් වේලාසනින් බඩු වලට අත්තිකාරම් ගෙවලා තියෙන්නේ” කියලා ඒ වෙළෙන්දන්ව තුන්වැනි දොරටුවෙන් කැඳවාගෙන මේ තරුණයා ළඟට ගෙන ගියා.
ඒ සියයක් පමණ වෙළෙන්දෝ එක් එක්කෙනා මොහුට කහවණු දාහ බැගින් දුන්නා. මොහු සමග මොහුගේ පිරිවර වශයෙන් නැවට ගියා. ආයෙමත් එක් එක්කෙනාට දහස බැගින් දීලා ඒ ඒ බඩු අරගෙන දුන්නා. මේ අතරමැදි වෙළඳාමෙන් මොහුට කහවණු දෙදහසක ආදායමක් ලැබුනා. මොහු ඒ මුදලින් භාගයක්, කහවණු දහසක් රැගෙන චූලසෙට්ඨිතුමා බැහැදකින්න ගියා. චූලසෙට්ඨිතුමා මෙහෙම ඇහැව්වා.
“ඇයි දරුවෝ…. මෙතරම් විශාල මුදලක් මට ගෙනාවේ…. මං ඔයාව කවුද කියලා හඳුනන්නේ නෑ නේ.”
“සිටුතුමනි, මීට හාරමාසයකට පෙර මං නිකං දිළිඳු කොලුවෙක්. එදා ඔබතුමා මහපාරේ තිබුන මී කුණක් දැකලා කිව්වා, හොඳට උපාය නුවණ ඇති කෙනෙකුට දියුණු වෙනවා නම් මේ මී කුණත් ඇති කියලා. මං ඒක අහගෙන හිටියා. මං ඔබතුමා ගේ වචනය විශ්වාස කළා. ඒ මී කුණ තමයි මගේ මේ දියුණුවේ පළමු පියවර.”
9️⃣ චූලසෙට්ඨිතුමා මේ තරුණයා ගැන ගොඩාක් සතුටු වුනා. ‘මේ වගේ දරුවෙක් වෙන කෙනෙකු සතු විය යුතු නෑ’ කියල හිතලා තමන් ගේ දියණියක් සමඟ කසාද බන්දලා දුන්නා. ඒ මහා සිටුපවුලේ සියලු වස්තුවත් මොහු සතු වුනා.”
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළා.
“මහණෙනි, නුවණ තියෙන කෙනෙකුට හොඳ උපායශීලී බවකින් වැඩ කරන්ට පුළුවන් නම් ඉතා සුළු උපදේශයකින්, සුළු භාණ්ඩයකින් දියුණු වෙන්ට පුළුවනි. මහත් ධනයක්, යස පිරිවරක් උපදවා ගන්ට පුළුවනි. පුංචි ගිනි පුපුරකට වියළි ගොම, තණරොඩු ආදිය දමා කටින් පිඹිමින් එය මහා ගින්නක් බවට පත්කරන්නට පුළුවනි. ඒ වගේ තමයි උත්සාහයයි නුවණයි තියෙනවා නම් දියුණු වෙන්ට පුළුවනි.
ඉස්සර කාලෙ ඒ මී කුණ පෙන්නල මං කළ අවවාදය සිතට ගත්තු ඒ තරුණයා මහා ධනවතෙක් වුනා.
ගොඩාක් අය බාහිර අයගේ දියුණුව බල බලා හූල්ලමින් ඉන්නවා. පොඩි වෙළඳාමක්වත් කරන්න ලැජ්ජයි. මහා ඉහළින් පටන් ගන්ට සිතාගෙන ඉන්නවා. සිහින මාළිගා සිතින් හද හදා ඉන්නවා. අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. නැකැත් නිමිති බල බල, දිසා බල බල ඉන්නවා. උත්සාහය නුවණ තියෙන කෙනා ඉතා සුළුවෙන් පටන් ගෙන දියුණු වෙලා යනවා.
ඉතිං අපි හිතුවා ඒ වගේ බුද්ධිමත් කෙනෙක්ට උදව් කරන්න. නුවණත්තෙක් ඉන්නවනම් මේ කතාව අවසානය වෙන තෙක් ඉවසීමෙන් කියවයි. කාළකණ්නියෙක් ඉන්නවානම් මී කුණකින් මගේ සිහිනයට යන්නේ කොහොමද, අපෝ මේක අර පරණ කතාවනේ. මේ විකාර බලන්න කාලය නාස්ති කරගන්නේ මොකටද කියලා අත ඇරලා දාවි. ඒ වගේ මනුස්සයෝ කොහොමත් අපට වැඩක් නෑ. සැබෑවටම දියුණු වෙන්න ඕන, පිරමීඩ පස්සේ යන්නේ නැති, පෝස්ට් එකේ ඡායාරූපය බලලා අන්තර්ගතය නොකියවා තීරණ ගන්න මිනිස්සු අපිට වැඩක් නැහැ.
අද කාලේ ‘චූලසෙට්ඨි’ සිටු තුමා වගේ අය නෑ. අද කාලේ ඉන්න රටම බේරගන්න කොරෝනා කාලෙත් හොඳටම ගෙවන ඇඩ් ක්ලික් පැකේජ් විකුණලා කෝටිපතියෝ වෙන්න, රු.1000න් ඇප් එකක් අරන් මාස 8න් කෝටි 1 1/2ක් අරන් දෙන්න උගන්වන අය තමයි. එහෙමත් නැතිනම් සෙනසුරාදා, ඉරිදට නැතිව අනෙක් දවස් වලට පොපිට් දෙන අය ඉන්නේ.
ඒ කාලේ ‘චූලසෙට්ඨි’ සිටු තුමා මී කුණ පෙන්නුව වගේ, මම අද ඔබට දෙනවා ආදායම් මාර්ගයක්. කෝටි ගණන් උපයන ක්‍රමනම් මම දන්නේ නැහැ. දන්නවනම් මම හොයනවනේ. ඔබට දෙන ආදායම් මාර්ගය තමයි අපේ TechLabs Business HUB PASS එක. තෝරාගත් බුද්ධිමතෙක්ට 1 Year PASS එකක් නොමිළයේද, තෝරාගත් බුද්ධිමතුන් 15 දෙනෙක්ට 1 Year PASS එක සඳහා 50%ක වට්ටමක්ද, තෝරාගත් 25 දෙනෙක්ට Lifetime PASS එක සඳහා 50%ක වට්ටමක්ද අපි දෙසැම්බර් 28 රාත්‍රී 12 වෙනකම් ලබාදෙනවා. ඒත් එක්කම සුදුසුකම් මත රු.50,000ක දක්වා ස්වයංරැකියාවක් හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලෝන් 1ක් ලබාගන්න මග පෙන්වනවා. තෝරාගත් 4 දෙනෙක්ට එක්දින නේවාසික පාඨමාලාවට නොමිළයේ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ කතාව කියවන 55 දෙනෙක්ට අනිවාර්යයෙන් දියුණු වෙන්න පාර හැදෙනවා අපි බලමු පේජ් එකේ ඉන්න කී දෙනෙක් ඇත්තටම දියුණු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයද කියල…
හැබැයි දියුණු වෙන්න උනන්දුව තියෙන බුද්ධිමත් අයට පමණයි. ඔබ මුලින්ම කරන්න ඕන මේ පෝස්ට් එකේ ඉහත තියෙනවා අංක දහයක්. එය පිළිවෙලින් ලියූ කල දුරකතන අංකයකි. හිත හිතා ඉන්නේ නැතිව ඒ දුරකතන අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් යවන්න “මම දියුණු වෙන්න කැමති කෙනෙක්” කියලා. කමෙන්ට් කරන්න එපා. ඔබට අපි ආදායම් උපයන ක්‍රම විශාල ප්‍රමාණයක් ලබාදෙනවා. ඔබ දියුණු වෙන්න ඒ හරහා. උපාය ශීලී වෙන්න. සමහරවිට ඔබ ගැන පැහැදුනහොත් ඔබට තවත් දියුණුවෙන්න බොහෝ දේ ලැබේවි. අනිවාර්යයෙන්ම මේ කෝල් එක ඔබේ ජීවිතය වෙනස් කරාවි…
අපි බලමු කවුද මේ කතාව අවසානය වෙනකම් කියවන්නේ කියලා. මෙය එක්තරා සම්මුඛ පරීක්ෂණයක්. අපගේ TechLabs PASS එක නොමැති අයෙක් දියුණු වෙන අභිප්‍රායෙන් මෙය කියවුවහොත්, බුද්ධිමත්ව කටයුතු කලහොත්, උපදෙස් පිළිපැද්දොත් එය ඔවුන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් කරාවි. මේ පෝස්ට් එක දැනට TechLabs PASS එක අරන් තියෙන අයට අදාල නැහැ. අලුත්ම අය වෙනුවෙනුයි මේ කතාව පළකලේ.
සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 27, 2023 | Business HUB සිතුවිල්ල
දිනක් කොලු ගැටයෙක් පාර අයිනෙ තියෙන දුරකතන කුටියකට ඇමතුමක් ගන්න ගියා. දුරකතනයට උස මදි හින්දා ළඟ තියෙන කඩේකින් හිස් පෙට්ටියක් අරගෙන ඒක උඩට නැඟලා ඇමතුම අර ගත්තා.කඩේ මුදලාලිත් විමසිලිමත් වුණා දුරකතනයටවත් උස නැති පොඩි කොල්ලා කාටද කතා කරන්න යන්නෙ කියලා.
“මැඩම් මට රස්සාවක් දෙන්න පුලුවන්ද. ඔබතුමියගෙ වත්තෙ තණකොළ කපන්න වගේ දෙයක්” කොලුවා ඇමතුම අරගෙන කිව්වා.
“දැනටමත් ඒ වැඩේ කරන්න කෙනෙක් ඉන්නවනේ”
එහා පස සිටි කාන්තාව පිළිතුරු දුන්නා.
“මට එයාගෙ පඩියෙන් බාගයක් ගෙවන්න මැඩම්. මම කරලා දෙන්නම්”
“දැනටමත් මං ගාව වැඩ කරන ළමයා හොඳටම වැඩ කරනවනෙ.ඒ ළමයගෙ වැඩ ගැන මට සතුටුයි.”
“මැඩම් මම අඩිපාරත් සුද්ධ කරලා ලස්සනට අතු ගාන්නම්. මැඩම්ට ලස්සන වත්තක් බලා ගන්න පුලුවන් වෙයි”
“බොහොම ස්තුතියි. ඒත් ඔයාට දෙන්න රස්සාවක් නැහැ. දැන් ඉන්න ළමයා හොඳටම ඒ වැඩ කරනවා”
කාන්තාව එසේ පවසා දුරකතන ඇමතුම විසන්ධි කළා.
මුහුණෙ හිනාවත් එක්කම කොලු ගැටයා දුරකතනය ආපසු නියමිත තැන තැබුවා.
කතාව අහගෙන හිටිය මුදලාලි ඔහුට කිට්ටු කළා.
“පුතා ඔයා කතා කළ විදියට ඔයාගෙ ධනාත්මක බවට මම හරි කැමතියි. ඒනිසා මම කැමතියි ඔයාට රස්සාවක් දෙන්න”
“බොහොම ස්තුතියි. මට රස්සාවක් දැනටමත් තියෙනවා.”
“එතකොට දැන් කෙනෙක්ට කතා කරලා රස්සාවක් ඉල්ලුවා නේද”
“නෑ. මම කතා කරේ දැන් වැඩ කරන තැන මැඩම්ට. මට ඕනෙ වුණේ මගේ වැඩ කොහොමද කියලා දැනගන්න විතරයි”
ඔබත් ඔබ ගැන ස්වයං ඇගයීමක් කර බලන්න…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solution International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 26, 2023 | Business HUB සිතුවිල්ල
උදාසීන බව කිසි දා ඔබව නිසි තැනට ගෙන නොයනු ඇති…
අතීතයේ එක්තරා දවසක රජෙකු ඔහුගේ අතවැසියන් ලවා ජනතාව යන එන මාර්ගයේ ගල් පර්වතයක් තැබීමට කටයුතු කළේය. ඉන් පසු ඔහු පඳුරු අතර සැඟව සිටිමින් කිසියම් කෙනෙකු එය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවාදැයි බලා සිටියේය.
රජු හොඳින් දන්නා හඳුනන ඉතා ධනවත් වෙළෙන්දන් සහ රාජ සභිකයන් එය වටේට හෝ පසු කර යන්නට වුණා.
වැඩි දෙනෙකු කළේ පාර නිසියාකාරව පැහැදිලිව නඩත්තු නොකිරීම පිළිබඳ රජුට බැන වැදීමයි. කිසිම කෙනෙකු ගල ඉවත් කර මාර්ගයේ අවහිරතාව ඉවත් කිරීමටය කටයුතු කළේ නැහැ.
එක් දිනක් එලවලු මල්ලක් කර තබා ගෙන යන ගොවියකු මේ මාර්ගයේ පැමිණෙමින් සිටියා. ඔහු මේ ගල දකිනවාත් සමගම රැගෙන ආ එළවළු පසෙකලා මාර්ගයෙන් ඉවතට එය තල්ලු කිරීමට පටන් ගත්තා. ඉතා දැඩි වෙහෙසකින් සහ පරිශ්‍රමයකින් අනතුරුව ඔහු මාර්ගයෙන් ගල ඉවත් කිරීමට කටයුතු කළා.
ගොවියා පසෙක තැබූ ඔහුගේ එළවළු මල්ල ගැනීමට නැවත ගල තිබූ ස්ථානය පසු කර යන විට දුටුවේ රන් කාසි පිරි පැසක් සහ ඒ මත තබා තිබූ රජු ගේ ලියවිල්ලකුයි.
“මේ රන් කාසි පිරි මල්ල ගල මෙතැනින් ඉවත් කරන පුද්ගලයාට අයිති වනු ඇති” එහි සඳහන්ව තිබුණා.
අන්න ඒ වගේ තමයි මේ පේජ් එකෙන් FREE PASS එක හිමිවන්නේ මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරන අයට පමණයි. කම්මැලි කමෙන්, සල්ලි පහළවෙනකම්, විශ්ව මාතාව හැමදේම ලඟට ගෙනත් දෙනකම් යැද යැදා බලාගෙන ඉන්න අයට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.
Original Story Source : thoughtcatalog Web by January Nelson
Translated by Dinithi Ranathunge (Verified Translator – Freelancing.lk)
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solution International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 25, 2023 | Business HUB සිතුවිල්ල
“ඔබ වතුර බාල්දියක් ගෙන පර්වතයක් මතට එය විසි කරන්න. එයින් පර්වතයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇත. නමුත් පර්වතයේ එක් තැනකට දිය බිඳක් දිගින් දිගටම වැටෙන්න සලස්වන්න, එය පර්වතයේ සියුම් සිදුරක් නිර්මාණය කරනු ඇත.”
මේ කතාව ඔබ මීට පෙරත් අසා ඇතුවාට සැකයක් නෑ. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? සමහරු දෙයක් පටන් ගන්නේ රටටම දැනෙන්න. හැබැයි මාසයක්, දෙකක් යනකොට ඒ දේ තිබුන තැන වත් හොයාගන්න නැතිවෙලා යනවා….. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ වරක් දෙවරක් නම් නෙමෙයි. ඕන තරම් අපි මේ අත්දැකීමට මූණ දීලා තියෙනවා. එහෙමනම් මේ කාරණා වලින් අපිට තේරෙන දේ තමයි අමාරු පටන් ගන්න නෙමෙයි, අමාරු අල්ලගෙන ඉන්න. දිනන්න ඕන නම් අල්ලාගෙන ඉන්න ඕනේ….
දිනන්න ඕනේ නම් අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තමයි, තමුන් කරන දේ දිගටම කරගෙන යන එක, තේරෙන භාෂාවෙන් කිව්වොත් අල්ලාගෙන ඉන්න එක. ඒ තත්ත්වයට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම තමුන් කරන දේ වගකීම සියයට සියයක්ම බාර ගන්න ඕනේ. මොකද, කියමනක් තියෙනවා; “සාර්ථකත්වයට විදුලි සෝපානයක් නොමැත. ඔබ පඩිපෙළ භාවිතා කළ යුතුය.” කියලා.
මේ පඩිපෙළ හැදිලා තියෙන්නේ සාර්ථකත්වයට ඔබ ගමන් කරන දින, සති, මාස, අවුරුදු ගණන් වලින්. මේ කාරණාව කියන්න මම උදාහරණයට ගන්නේ ලෝක ප්‍රකට ආර්ජන්ටීනියානු සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී …….මෙසී හරි අපූරු කතාවක් කියනවා.
“මම හැමෝටම කලින් උදෑසන වැඩ පටන් ගන්නවා. ඒ වගේම අනිත් හැමෝටම පස්සේ මං මගේ වැඩේ ඉවර කරනවා. මේ වගේ දින, සති, මාස, අවුරුදු එකින් එක ගෙවිලා අවුරුදු 17කුත් හරියටම දින 114කට පස්සේ, එක් රාත්‍රියකදී මං ගැන මුළු ලෝකයක් කතා කරන්න පටන් ගත්තා.”
බලන්න මේ කියමන ඇතුලේ තියෙන සැබෑ අරුත මොකක්ද? කියලා…
සාර්ථකත්වය = අඛණ්ඩ කැපවීම
2019දී මේ වයස අවුරුදු 32ක් වන ක්‍රීඩකයාගේ වත්කම ඇස්තමේන්තු ගත කොට තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට වඩා වැඩියි කියලා… දැන් පේනවා නේද? සාර්ථකත්වයේ ප්‍රතිඵලය.
සාර්ථකත්වයේ හිනි පෙත්තටම නැගපු ලයනල් මෙසී වගේම, තමන්ගේ සාර්ථකත්වය තමුන්ගේ අඛණ්ඩ කැපවීම මත ලඟාකරගත් තවත් කෙනෙක් තමයි උසේන් බෝල්ට්….. ජැමෙයිකාවෙන් බිහිවෙච්ච සුපිරි මලල ක්‍රීඩක උසේන් බෝල්ට්. ඔහු ඔහුගේ අඛණ්ඩ කැපවීම ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.
“මම අවුරුදු හතරක් එක දිගට පුහුණුවී මීටර් සීයක් තප්පර 9 නිමා කරනවා. නමුත් සමහර මිනිසුන් තමුන් කරන දේ ප්‍රතිඵල ලැබීමට මාස දෙකක් ගතවූ තැන ඒක අත්හැර දමනවා. සමහරවිට අසාර්ථකත්වය ළඟා කර ගන්නේ තමා විසින්මයි.”
සමහරුන්ට ඕනේ ක්ෂණික ප්‍රතිඵල. ක්ෂණික ප්‍රතිඵල නොලැබුණු ගමන් අතහැරලා දානවා. ඒකයි උසේන් බෝල්ට් කියන්නේ අසාර්ථකත්වය ළඟා කර ගන්නේ තමා විසින්මයි කියලා.
උසේන් බෝල්ට්,ගේ චරිතය අධ්‍යයනයෙන් ඔහුගේ අඛණ්ඩ කැපවීම මෙන්ම කාලය ආයෝජනය කිරීම ගැන ගතහැකි උදාහරණ බොහෝමයි.
ඔහු පසුගිය ඔලිම්පික් උළෙල 3 දී දිනා ගෙන ඇති මුළු රන් පදක්කම් ගණන 9ක්. ඒ වෙනුවෙන් ඔහු ධාවන පථයේ ගතකොට ඇති කාලය තප්පර 115ක්. එය විනාඩි දෙකකටත් වඩා අඩුයි. ඔලිම්පික් පදක්කම් නවයක් වෙනුවෙන් ඔහුගේ මුළු ඉපැයුම ඇමරිකානු ඩොලර් මිලියන 119ක්. ඒ කියන්නේ ඔහු ධාවන පථය තුළ ගත කොට ඇති තත්පරයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන එකකටත් වඩා වැඩියි නේද? හැබැයි ඔහු කියනවා, මේ වෙනුවෙන් ඔහුගේ පුහුණුවීමේ කාලය අවුරුදු 20ක ටත් වඩා වැඩියි කියලා.
පේනවා නේද? “අඛණ්ඩ” කැපවීමේ ප්‍රතිඵල. වටේ බලාගෙන ඉන්න මිනිස්සුන්ට , ඒ කියන්නේ නරඹන්නන්ට පෙනෙන්නේ ප්‍රතිඵල විතරයි. හැබැයි, ඒ වෙනුවෙන් ඔහු කරපු අඛණ්ඩ කැපවීම කාටවත් පේන්නේ නෑ. නමුත් ඒ අඛණ්ඩ කැපවීම දවසක ඔහුව එක් රැයකින් ලෝකය පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් කරනවා.
එහෙමනම් දැන් තේරුම් ගන්න විශිෂ්ටයන් නිර්මාණය කරපු වචනය තමයි “අඛණ්ඩතාවය”; තේරෙන භාෂාවෙන් කිව්වොත් අල්ලාගෙන ඉන්න එක.
ඇත්තටම මෙහෙම අල්ලාගෙන ඉන්නේ කොහොමද ?
මහත්මා ගාන්ධි කියන්නේ මෙන්න මේ විදිහට…
“ඔබේ සිතුවිලි දෙස පරෙස්සමින් බලන්න, මන්ද ඒවා ඔබේ වචන බවට පත්වේ. ඔබේ වචන ගැන සැළකිලිමත් වන්න. මක්නිසාද ඒවා ඔබේ ක්‍රියාවන් බවට පත්වනු ඇත. ඔබේ ක්‍රියාවන් සලකා බලා විනිශ්චය කරන්න. මක්නිසාද …ඒවා ඔබේ පුරුදු බවට පත්වනු ඇත. ඔබේ පුරුදු, වටිනාකම් තේරුම් ගෙන වැලඳ ගන්න. මන්ද ඒවා ඔබේ ඉරණම බවට පත්වේ……
මනුස්සයෙක් කියන්නේ පුරුදු රාශියක එකතුවක්. පුරුදු තමයි අපේ ඉරණම තීරණය කරන එකම දේ. අපේ ඉරණම වෙනස් කරන්න ඕනේ නම්, අපිට කරන්න තියෙන්නේ අපේ දෛනික ජීවිතයේ පුරුදු වෙනස් කරගන්න එක.
නිදර්ශනයක් විදියට ගත්තොත් හුඟක් දෙනා කිසිම අවබෝධයක් නැතුව අවදි වුණු ගමන් දිනපතා එකම දේ කරනවා. ඇඳෙන් බැහැලා නාන කාමරේට ගිහින් දත් මදිනවා. ඒක නිසා දවස් 21ක් පුරා ඔයා ඔයාගේ ඉලක්ක එක්කම හිටියම, දිනපතා ඒ හැම දවසකම එකම වෙලාවකදී ඒ අලුත් වැඩේ කලහම, ඒක ඔයාගේ දෛනික වැඩපිළිවෙළට එකතු වෙනවා. ඔයාගේ අලුත් පුරුද්ද භාවනා කිරීම වෙන්න පුළුවන්, නැත්නම් කලින් අවදිවීම වෙන්න පුළුවන්, එහෙම නම් දිනපතා පැයක කාලයක් කියවීම වෙන්න පුළුවන්… ඒ හැම එකක්ම හරියට ඔයාගේ දත් මැදීම වගේ පහසුවෙන් කෙරෙන්න පටන් ගන්නවා. දවසකට පැයක් කියන්නේ ලොකු කාලයක්ද? නෑ… කොහෙත්ම නෑ… දවසකට පැයක් කියන්නේ දවසකින් 4%ක් වගේ බොහොම පුංචි කාලයක්…
“පහසුව යනු කිසිදු අවස්ථාවක තෝරා ගැනීමක් නොවේ. විවේක ගැනීම මඳකට කල් තබන්න. අතරමඟ අතහැර දැමීමට නොසිතන්න. ස්වභාවයෙන්ම ඔබට හැකියාවන් ඇත. කුසලතා වර්ධනය කරගත හැක්කේ පැයෙන් පැය ක්‍රියාත්මක වීම තුළින් පමණි.”
මේ විදිහට පුරුදු වෙනස් කරගන්න පටන්ගන්නේ කොහොමද? මේ ටික කරලා බලන්න …..
මෙම ක්‍රම 10 ඔබ ප්‍රගුණ කිරීමට සහ ජය ගැනීමට උත්සාහ කරන ඕනෑම එක්ෂේත්‍රයක අඛණ්ඩව හා ස්ථාවරව සිටීමට ඔබට උපකාරීවනු නොඅනුමානයි.
අත්දුටුවයි ! ප්‍රත්‍යක්ෂයි ! සහතිකයි !
1. ඔබට එය කිරීමට අවශ්‍ය නම් එයට අනිවාර්යයෙන්ම කැප වන්න.
2. වරකට එක් ප්‍රධාන දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න.
3. සංකීර්ණ නොවන්න. එය සරල හා කල්පවතින ලෙස සකස් කරන්න.
4. අවශ්‍ය විට නිර්මාණශීලීත්වයට වඩා කාර්යක්ෂමතාව තෝරන්න.
5. අනාගතයේදී ඇතිවිය හැකි ගැටළු තොරතුරු විශ්ලේෂණයෙන් හඳුනා ගන්න.
6. යථාර්ථවාදී ඉලක්ක සහ අපේක්ෂාවන් සකසන්න.
7. වේගයෙන් ගමන් කිරීමට මතක තබා ගන්න. විනෝද වීමට සහ විවේකීව සිටීමට යම් කාලයක් ගත කරන්න.
8. කාර්ය සාධනයට වඩා ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න.
9. නැහැයි කීමට ඉගෙන නොගන්න….
10. යමක් අතහැර නොදැමීම ගැන ඔබට සමාව දී නැවත ඒ කාර්යය මුල සිට අරඹන්න.
හැමෝම යන පාර හරි ජනප්‍රියයි. හැබැයි ඒ හැමෝටම තියෙන්නේ අනුන් එක්ක තරඟයක්. මේ අනවරත තරඟය ඉවර වෙන්නේ කවදාටද?
ඒක ඉවරවෙන්නේ අපේ මරණයත් එක්ක. හැබැයි, අනුන් එක්ක තරඟ කරන කෙනෙකුට තමුන්ගේ මරණය තෙක් කිසිම නිදහසකුත් නෑ… සැනසීමකුත් නෑ…
හැබැයි, තමුන් තරඟ කරන්න ඕනේ ඊයේ හිටපු හොඳම තමුන් එක්ක මිසක් අනුන් එක්ක නෙමෙයි. ඊයේ හිටපු හොඳම තමුන් එක්ක තරඟ කරන කෙනෙක් හැම විටම සංවර්ධනය වෙනවා. පුද්ගල සංවර්ධනය කියන්නේ ඒකට…
ඒක නිසා හැමෝම යන ජනප්‍රිය පාරේ නොගියට කමක් නෑ. තමුන්ගේ පාරට හැරෙන්න. ඒකේ කිසිම තදබදයක් නෑ. සැබෑ ජයග්‍රාහකයෙක් වෙන්නේ අන්න එතකොට…..
අනුන් එක්ක නෙමෙයි, තමුන් එක්ක තරඟ කරන්න. ජනප්‍රිය දේ නෙමෙයි, හරි දේ තෝරාගැනීම ඔබ සතු යුතුකමක්… වගකීමක්…
තවද ,
බොහෝ මිනිසුන් අපට වැරදි කර….
අපි ඔවුනට වැරදි කළා සේ රගපාති….
කණගාටු නොවන්න …
ප්‍රවේශම් වන්න !!
මිනිස් ස්වභාවය එයයි….
මිනිසුන් දෙන ප්‍රසංසා ඔළුවට ගන්න එපා….
මිනිසුන් දෙන විවේචන පපුවට ගන්නත් එපා….
නොසැලී ඔබ ඔබේ ජයග්‍රහණය උදෙසා පිය නගන්න…..
උදාහරණ වලට වෙන කිසිම කෙනෙක් ඕන නැහැ, Business HUB සහ මම ගන්න…. දීර්ඝව විස්තර ඕනනම් දවසේ සිතුවිලිවල මගේ ජීවිත කතාව කියවන්න…
අපි දින කිහිපයකට කලින් හැමෝටම නොමිළයේ කරන්න ඔන්ලයින් ජොබ් එකක් දුන්නා. ඉන්බොක්ස් මැසේජ් දාලා පේජ් ෆලෝවර්ස් ගන්න පාරිභෝගිකයෝ සොයන්න. දිනකට මැසේජ් 100ක් දාන්න ඕන. ගොඩක් අය දිනක් දෙකක් මැසේජ් දාලා ප්‍රතිඵල නෑ කියලා අත හැර දැම්මා. නමුත් සමහර අය පසුබට නොවී දිගින් දිගටම උපදෙස් අනුව වැඩ කලා. සාර්ථක ප්‍රථිඵල ලැබෙනකම්ම වැඩ කලා. ප්‍රථිඵල සාර්ථක වූ ගමන් තවත් උනන්දුවෙන් වැඩ කලා. හැමෝම කලේ ඔහේ නිකන්ම ඉන්බොක්ස් ඉන්න අයට මැසේජ් දාපු එක. එක් අයෙක් පමණක් ප්‍රසිද්ධ පුද්ගලයෝ බලලා එයාලව ටාර්ගට් කරලා ප්‍රොමෝෂන් එක කලා. ඉතිං වැඩේ සාර්ථක වුණා. හොඳ ආදායමක් ගත්තා. අන්න ඒ වගේ තමන් ජයග්‍රහණය කරනකම්ම වැඩ කරන්න… අතහරින්න එපා…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabBusiness HUB Sri Lanka International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 24, 2023 | Business HUB සිතුවිල්ල
මිනිස්සු මුළින්ම දකින්නේ සිහිනයක් …
උදාහරණයකට හිතමු ඔබට වාහනයක් ගන්න ඕන ….
ඔබ වාහන ගැන සොයාබලනවා….
පාරේ යන වාහන දිහා පෙරදාට වඩා ඔබේ තියෙන්නේ අවධානයක් ….
ඔබට පෙරදා මාර්ගයේ නොතිබූ තරම් වාහන පේන්න ගන්නවා.. දකිනවා …..
එක එක වර්ගයේ ….
එක එක හැඩතල ….
නේක වර්ණ ….
විවිධ මිළ ගනං වල …
ඔබ එයින් එකකට හෝ එයින් කිහිපයක් ගැන විශේෂ අවධානය යොමු කරනවා …
ආස කරනවා ….
ඊලගට ඔබ ඔබට සුදුසුයැයි කියලා හිතන වාහනයක් ඔබ සිතෙන් තමාගේ කරගෙන …
වාහනයේ වර්ගය … මිළ වර්ණය …. ඇතුලේ ස්වාභාවය හැමදේම ඔබ දැන් දැනගෙන
සිතෙන් තමාගේ කරගෙන
සිතෙන් ඔබ වාහනය මාර්ගයේ පදවලාත් ඉවරයි ….
දැන් ඔබ වාහනය ගන්නයි සූදානම
දැන් ඔබට ඔබේ සිත කියනවා
‘ ඈ බං … උඹ දැන් ඕක අරගෙන කොහොමද ලීසින් ගෙවන්නේ ..
කරන්න පුළුවන් දෙයක්ද …
වැරදිලාවත් බිස්නස් කඩාගෙන වැටුනොත් ජොබ් එකෙන් එලියට දැම්මොත් …
අනික පෙට්‍රල් වියදමම කීයක් යයිද ?
👉 දැන් ඔබ 25% Negative
එක්කෝ ඔබ ඔබේ සිහිනය අතාරිනවා ….
එහෙම නැත්තං ඒ සිතුවිලි වලට වඩා ඔබේ සිහිනය ආකර්ෂණිය නිසා ඒ සිහිනය ඔස්සේම දිගටම යනවා
( දැන් ඔබ ඔබේ ලගම හිතවතෙකුට පවුලේ කෙනෙකුට වාහනයක් ගන්න සූදානම් බව කියනවා ..
වාහනය ගැන වර්ණනා කරනවා…
පවුලේ අය : දැන් ආයෙමත් ඇනගන්නද හදන්නේ ..
කලින් ඇනගත්තා මදිද ?…..
ඇගිල්ලේ තරමට ඉදිමියන්… අහස අල්ලන්න හදන්නේ නැතුව …..
යාළුවෙක් : පිස්සුද බං ඒකක් ගන්න ඉංදියන් ලඩයක් නේ … අනික උඹ බලපංකො මාසෙකට යන පෙට්‍රල් වියදම …
මගේ යාළුවෙකුත් ඕක අරගෙන ඇනගත්තා .. අන්න ඌ ගේත් උගස් කරලා
පෙම්වතිය : පිස්සුද අනා දැන්ම වාහන ගන්න …
අනික අපට ඉන්න තවම ගෙයක් තියෙනවාද ?
ඔන්න මට නම් කියන්න එපා වෙඩින් එකට සල්ලි නෑ කියලා
මම වෙඩින් සාරියත් බලලා තියෙන්නේ ….
ඔෆිස් එකේ යාළුවෙක් : පිස්සුද බං … අන්න ලොක්කත් ගත්ත වාහනෙන් ඇනගෙන .. එහෙව් එකේ ඉතිං අපි ගත්තොත් මොන කතාද මචං ….
බාර් එකේ පාට්නර් : මචං … අඩියක් ගාලා සොමියේ ඉදිං මචාං … දැන් බලපං උඹට බීලා ඩ්‍රයිවින් කරන්න පුලුවන්ද
අනික මචාං … උඹට ලයිෂන් තිබ්බට ඩ්‍රයිවින් පුළුවන්ද ?
👉 දැන් ඔබ 75% Negative
ඔබ සිතෙන් දැකපු සිහිනයට දැන් ඔබට යන්න තියෙන්නේ 25% Energy එකක් විතරයි
බොහෝ විට ඉතුරු 25% Energy එකත් Negative පැත්තටම දීලා ඔබ සිහිනය වලදානවා ……
එහෙම නැත්නම් ඔබ ඔබේ සිතත් එක්ක පොර බැදලා බැදලා ….
– නෑ මම ගන්නවා ගන්නවා මයි කියලා හිතලා අරමුණට ලං වෙනවා ……
නමුත් … තියරිය දන්න අය ඒ Negative Energy එකට සිතුවිලි පාලනය කරන්න ඉඩ නොදී ඔබ කාර්ය බහුල වෙනවා
* HNB ලීසින්ද , BOC ද හොද ?
කෝල් කරල රේට් අහන්න ඕන ….
* වාහනේ ගෙනාවම පාක් කරගන්නේ කොහෙද
දැන්ම ටකරං ටිකක් හරි ගෙනත් දාන්න ඔන
* හෙලෝ … මේ අහවල් වාහන සේල් එකෙන්ද අහවල් වාහනේ කීයද දැන් යන්නේ …
ඔබ කාර්ය බහුලවීමත් එක්කම ඔබ ඒ හීනය පෝෂණය කරන්න ගත්තාත් එක්කම 25% ඉතුරු උන Energy එක ආයෙම 1% න් 2% වැඩෙන්න ගන්නවා
දැන් ඔබ ඔබේ සිත කියූ දෙයත්
ඔබේ හිතවතුන් කියූ දේවලුත් තබ සතේකට ගනං නොගෙන වාහනය ගන්නයි සූදානම
දැන් ඔබ ගන්නවා මයි !
දැන් ඔබ ගන්න සූදානම් වෙනවා
” සොරි මචං … උඹේ ඇපේට මට අත්සන් කරන්න බැරි වෙයි ..
ක්‍රිබ් එකට අහුවෙලා මං
අනික ඉඩමේ ඔප්පුව තියන්නත් බෑ
නෝනා නමටනේ තියෙන්නේ ”
” හෙලෝ මිස්ටර් … දැන් නම් ලීසින් එක කලින් රේට් එකට නම් දෙන්න වෙන්නේ නැහැ… වැඩිවෙලා ”
” සොරි සර් … සර් බලපු වාහනේ නම් නෑ … ඊලග ශිප්මන්ට් එකේ තමයි ගන්න වෙන්නේ
– මොන මගුළක්ද මේ
ඔක්කොම කරගත්තාට පස්සේ රටේ නැති ප්‍රශ්න
බොහෝ දෙනෙක් එතනින් ආපස්සට හැරෙනවා
නමුත් තියරිය දන්න කෙනා
‘ මෙච්චර කල් මේ හැම දේම කෙරුනා වගේම ඕකත් විසදෙයි ”
සත පහකට ගනං නොගෙන වාහනේ ගන්නත් කලින්ම පොල් කොටයක් උඩ බියර් ටිං එකක් හිස් කරන ගමන් හීනය හැබෑ වීම ගැන සතුටු වෙනවා .. උද්දාමයට පත් වෙනවා ”
එහෙම කරලා හීනය හැබෑ උනාට පස්සේ
ඔබ මිතුරන්ට කියන දෙයක් තියෙනවා ”
‘ මේ වාහනය ගේන්න මම මාර විදිහට නැහුනේ මචං
අත ගහපු දවසේ ඉදලාම අම්මෝ ආපු ප්‍රශ්න ගොඩ
කොහොම හරි මම ගත්තා මචං ”
මම ‘ වාහනයක් ‘ උදාහරණයකට ‘ අරන් මේ දේ කිව්වාට මේක මොන හීනයටත් පොදු දෙයක් දෙයක් ……
ඔබේත් , මගේත් , අපි කාගේවත් හෙට දවස ඒ තරම් අඳුරු නෑ………
තමන්ගෙ සිහිනය පොතක ලියාගත්තොත් මොන බාධක ආවත්, මොන අඩුපාඩු තිබුණත් නොසිතූ අයුරකින් හෝ අවස්ථාව උදා වෙනවා. ඒ සිහිනය පණගැන්වීමේ ශක්තිය තමන් සතුයි. ඒ ශක්තිය තේරුම් ගත් කෙනාටයි ඒ අවස්ථා උදා වෙන්නේ…
සිහින වලට පණ ගන්වන්න ඕනනම් ඒකට හරිම තැන Business HUB. මොකද අපි ඔබව අනෙක් ආයතන වගේ සිහින වල අතරමං කරන්නේ නෑ. සිහින වලට යන්න හරි පාර පෙන්වන එකයි අපි කරන්නේ… මේ පේජ් එකේ දිනපතා පෝස්ට් කියවන කෙනෙක් 1%ක්වත් Negative වෙන්නේ නම් නෑ…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabBusiness HUB Sri Lanka International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 23, 2023 | Business HUB සිතුවිල්ල
හිරු ගිලෙමින් තියෙන එක සුන්දර සැන්දැවක මගේ යාලුවෙක් වෙරළේ පියමනිමින් හිටියා. මෙසේ ඇවිදිමින් සිටින අතරේ වෙරළේ තවත් මිනිසෙක් සිටිනු ඔහු දුටුවා. ඔහු පොළවට නැඹුරු වෙමින් යමක් අහුලා දියබට විසිකරන බව තව තවත් ලංවෙත්ම ඔහුට පැහැදිලිව පෙනුණා…
ඒ මිනිසා දිගින් දිගටම මේ ක්‍රියාවේ නිරත වෙමින් සිටියා..ඔහු ඇහිදිමින් සිටියේ ස්ටාර් ෆිශ් නමින් හදුන්වන පසැඟිල්ලන් විශේෂයක්ය…
රැල්ලත් සමග වෙරළට ගසාගෙන පැමිණි එම පසැඟිල්ලන් එම මිනිසා විසින් වරකට එක බැගින් අහුලා මුහුදට විසිකරන බව හොදින්ම ඔහුට පෙනුණා…
මගේ යාලුවට මෙය ගැටලුවක් උනා…
ඔහු එම මිනිසාගෙන් මෙසේ ඇහුවා…” සුභ උදැසනක්!. ඔබ මේ කරන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.”
“මම මේ පසගිල්ලන් මුහුදට විසිකරනවා පෙන්නේ නැද්ද? රැල්ලත් එක්ක උන් වෙරළට ගසාගෙන ඇවිල්ලා. ඉතින් ආපසු මුහුදට නොදැම්මොත් උන් ඔක්සිජන් නැතුව මැරෙයි ”
මට තේරෙනවා ඒ උනාට මේ වෙරළෙම පසැගිල්ලෝ දස දහස් ගනන් ඉන්නවා… ඒ විතරක්ද මේ වගේ තව වෙරළවල් වල පසැගිල්ලෝ දස දහස් ගනනකට අයිති වෙන්නෙ මේ ඉරණම තමයි……ඔයාට බෑ උන් ඔක්කොම මුහුදට විසික් කරන්න… මේ එක පසැගිල්ලෙක් විසික් කරන එක කිසි තේරුමක් නැති වැඩක්…..කාලය කා දැමීමක්…….
මේකෙන් කිසිම විදියක වෙනසක් වෙන්නේ නෑ…
එම මිනිසා කට කොනොන් සිනා සී නැවත පහත් වී පසැගිල්ලෙක් අහුලා මුහුදට විසික් කර, ඔහු වගකට නැතිව මෙහෙම කිව්ව..
“ඒත් ඒක ඒ පසැඟිල්ලට වෙනසක් වෙනවනෙ. එක් පසැඟිල්ලෙක්ට හෝ ජිවිතය ලැබෙනවානේ”
හැම විටකම අපිට හැකි අයුරින් අන් අයට උදව් කරමු…
ඔබට වාසියක් නැතිවෙන්න පුලුවන්. ඒත් අපේ පේජ් එකට මිතුරන් කිහිපදෙනෙක්ට හෝ Invite කර කාගේ හෝ ජීවිතයක වෙනසක් ඇති කරන්න සහය වෙන්න…
ඔබට ගත වෙන්නේ විනාඩියක් පමණයි !
කරන විදිහ දැනගන්න මේ පෝස්ට් එක බලන්න : https://m.facebook.com/story.php?story_fbid=122120533166100804&id=61553024124622&mibextid=Nif5oz
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabBusiness HUB Sri Lanka International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla