by admin | Dec 16, 2023 | Business HUB සිතුවිල්ල
ඔන්න ජපානේ සබන් හදන කර්මාන්ත ශාලාවක් තිබුනා. දිනක් ඔවුන්ගේ පාරිභෝගිකයෙක් ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ, ඔහුට හිස් සබන් පෙට්ටියක් ලැබුණු බව සදහන් කරමින්. මෙයින් කලබලයට පත් වෙච්ච සමාගම මේ ගැන හොයන්න පටන් ගත්තා. එවිට ඔවුනට එය සත්‍යයක් බව තේරුම් ගියා.
මේ සදහා පිළියමක් යොදන්න ආයතනයේ ඉංජිනේරුවන් පිරිසකට භාර දුන්නා. ඔවුන් දැඩි ලෙස මහන්සි වෙලා ලොකු වියදමක් දරලා සියලු සබන් පෙට්ටි ස්කෑන් කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කලා. ඒ සදහා අධික වියදමක් යොදලා x-ray උපකර්ණ, ස්කෑන් යන්ත්‍ර උපකරණ, අධිතාක්ෂණ ටීවී තිරයක් එහෙම යොදාගෙන සේවකයන් දෙදෙනෙක්ට ඒවා නිරීක්ෂණය කල හැකි වන පරිදි සකස් කලා. ඒත් මේක හදන්න පුලුවන් උනේ කර්මාන්ත ශාලාවෙ එක අංශයකට විතරයි, අධික වියදමක් යන නිසා.
මේ දෙස බලාගෙන හිටිය එක්තරා සුලු සේවකයෙක්, තරමක වේගයෙන් කැරකෙන විදුලි පංකාවක්, සබන් පෙට්ටි ගමන් කරන පටිය අසල තිබ්බා. එවිට සබන් නොමැති හිස් පෙට්ටි සුළගට ගසාගෙන ගියා. ඉතාමත් සරල ලෙස ප්‍රශ්නය විසදුනා.
ඕනෑම ප්‍රශ්ණයකට සරලම විසදුම ගැන මුලින්ම හිත යොදන්න. ප්‍රශ්නය දිහා වෙනස් විදිහකට බැලුවොත් ප්‍රශ්නය හරි හැටි තේරුම් ගැනීමට ලෙහෙසියි, පහසුයි.
වෙනස් විදිහකට හිතන පුද්ගලයා ලෝකෙම වෙනස් කරනවා.
සැමවිටම අලුත් / වෙනස් විදිහකට සිතන්න පුරුදු වෙමු….!
මං පුංචි කාලේ ඉඳන් හිතුවේ වෙනස් විදිහකට. අන්න ඒ නිසා අද මේ ලෝකයට වෙනස්ම දේවල් ගොඩක් නිර්මාණය කරන්න මට පුලුවන් වුණා…
Business HUB එක්කත් ඔයාලට වෙනස් විදිහකට හිතන්න පුළුවන්…
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 15, 2023 | Business HUB සිතුවිල්ල
පහුගිය දවස්වල හරියට වැස්ස. දැනුත් අඩුවක් කියලත් නෑ. ඒ වැස්ස අස්සේ ඇහුන කතා ගොඩක් තියෙනවා. සමහරු වැස්ස එනකල් බලාගෙන ඉඳලා. වැස්ස ආපුවහම සතුටු වෙනවා. විශේෂයෙන්ම ගොවිතැන් කරන අපේ ගොවි මහත්වරු. හැබැයි ඔය අතරෙම තවත් සමහරු වැස්සට දෙස් දෙවොල් තිය තියා සාප කරනවා,
අපි හැමෝම දන්නවා කාලයක් එක දිගට පෑව්වොත් තව කාලයක් එකදිගට හරි, කඩින් කඩ හරි වැසි ලැබෙන බව. මේක තමයි, මේ ලෝකෙ තියෙන පරම සත්‍යය. කිසිම දෙයක්, කිසිම කාලෙක එකදිගට පවතින්නේ නෑ. හැබැයි සමහරු මේක දන්නවා වුනාට, නොදන්නවා වගේ වැඩකරලා අන්තිමට වටේ පිටේ ඉන්න හැමෝටම බැන-බැන, සාප කර-කර තමුන්ගේ වටිනා ජීවිත කාලය කිසිම දෙයක් නොකර නිකං නිරපරාදේ ගෙවලා දානවා.
එතකොට මොකක්ද? මේ අව්ව තියෙද්දී පිදුරු වේලන කතාව…අහලා තියෙනවා ද එහෙම කථාවක්…..
අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා, ඒ වෙලාවට කරන්න ඕන වැඩේ ඒ වෙලාවට කරන්නේ නැතුව කල් දම දමා ඉන්න. අන්තිමට ඒ වැඩේ ප්‍රතිඵල දකින්න ඕන වෙලාවට තමා අපිට මතක් වෙන්නේ අපරාදේ… කලින් ඒ වැඩේ කලා නම් කියලා… අන්න ඒ වැඩ කල් දැමීමේ පුරුද්ද, එහෙම නැත්තන් ඉංග්‍රීසියෙන් කියනවා නම් “Procrastination”. අපි දැනගන්න ඕනේ, අව්ව තියෙද්දි පිදුරු වේලාගන්නේ නැතුව අව්ව කාලෙදී පිදුරු ගොඩ ගහලා තියාගෙන ඉඳලා වැහිකාලේ ආපුවහම පිදුරු වේලාගන්න බැරි වුණා කියලා, දුක් වෙන එකේ කිසිම තේරුමක් නෑ. ගොඩක් මිනිස්සුන්ට සාර්ථකත්වය කරා ළගා වෙන්න බැරි එක හේතුවක් තමයි මේ “වැඩ කල් දැමීමේ පුරුද්ද…”.
වැඩ කල් දමන්නේ ඇයි?
එකම වැඩේ කරලා ඉවර කරන්න ඕන තරම් කාලයක් තියෙද්දිත් කරන්නේ නැතුව කල් දානවානම් ඒක අපේම වැරැද්දක්. සැමවිටම අපිට ඒ වෙලාවේ කරන්න තියෙන වැඩේට වඩා වැඩි වැදගත්කමක් තියෙනවා වගේ පෙනෙන වෙනත් වැඩක් තියෙනවාමයි. ඒක නිසා අපි අනිවාර්යෙන්ම කරන්නේ අර මුලින් කියපු වැඩේ කල් දාන එක. ඒක ඇත්තටම ප්‍රමුඛතාවය (Priority) සම්බන්ධ ගැටලුවක්… මේ විදිහට අපිට අතහැරෙන, එහෙම නැත්නම් missed වෙන වැඩ ඕන තරම් තියෙනවා නේද? අපි හිතාගෙන ඉන්නේ මේ වැඩේට එච්චර වෙලා යන එකක් නෑ… ඒක නිසා අන්තිම මොහොතේ වුනත් කරලා ඉවර කරන්න පුළුවන් කියලා නේද? ඒත් වැඩේ පටන් ගත්තමයි තේරෙන්නේ ඒක අපි හිතන තරම් ලේසියෙන් ඉවර කරන්න බෑ කියලා…
2015 දී කරපු සමීක්ෂණයකින් ඔප්පු වුනේ සාමාන්‍ය මනුස්සයෙක් වසරකට දින 55ක් වැඩ කල් දැමීමේ පුරුද්ද නිසා අපතේ යවන බව. මුලු දවසටම තියෙන්නේ මිනිත්තු (විනාඩි) 1440යි. මේ වැඩ කල් දැමීමේ පුරුද්ද නිසා දවසකට මිනිත්තු 218 ඔවුන් විසින් අපගේ හරිනු ලබනවා. දවසට මිනිත්තු 218ක් දවස් 55ක් වෙන්නේ මෙන්න මෙහෙමයි.
මිනිත්තු 218
———————— X දින 365 = දින 55
මිනිත්තු 1440
දවස් 365ක් තියෙන අවුරුද්දකින්, දවස් 55ක් අපතේ යවනවා කියලා කියන්නේ කොච්චර කාලයක්ද? ඒක අවුරුද්දෙන් 15% ක් තරම් විශාල කාලයක්.
මෙන්න මේ අපතේ හරින කාලේ ඉතුරු කරගන්න තියන එකම ක්‍රමය තමයි වැඩ කල් දැමීමෙන් වෙන්න පුළුවන් ප්‍රතිඵල ගැන දැනුවත් වෙන එක. එතකොටයි අපිට ඒ අපතේ හරින කාලය ඉතුරු කරගන්න හිතෙන්නේ…
වැඩ කල් දමන්නන් ප්‍රධාන වර්ග 5කට වෙන් කරන්න පුළුවන්. ඔයා අයිති වෙන්නේ මොන කාණ්ඩයටද?
1. පරිපූර්ණවාදියා. (The Perfectionist)
2. සිහින දකින්නා. (The Dreamer)
3. මඟ හරින්නා. (The Avoider)
4. අර්බුද සාදන්නා. (The Crisis-maker)
5. කාර්යයබහුල කල්දමන්නා (The Busy Procrastinator)
පළමු කණ්ඩායම තමයි පරිපූර්ණවාදියෝ – The Perfectionists
නොසලකා හරින්න පුළුවන් තරම් ඉතාමත්ම සුළු තොරතුරක් කෙරෙහි අවධානය යොමු කරන්නේ මෙන්න මේ අය. ඉතාමත්ම කුඩා කොටස් වලට අවධානය යොමු කරන නිසා යමක් ආරම්භ කිරීමට පරිපූර්ණවාදියා හරි බයයි. පටන් ගන්න එක දවසෙන් දවස කල් දාන එක තමයි මේ ගොල්ලන්ගේ ප්‍රධාන ලක්ෂණය. ඒක නිසා කිසිම දවසක මේ ගොල්ලන්ට කිසිම වැඩක් පටන් ගන්ඩ වත් වෙන්නේ නෑ…
☑️ පරිපූර්ණවාදයෙන් ගොඩ ඒමට පුංචි උපදෙස් ටිකක්…
නොසලකා හරින්න පුළුවන් තරම් පුංචි දේ ගැන නොසලකා හරින්න. ඔබට කරන්න තියෙන වැඩේ ගැන පමණක් අවධානය යොමු කරන්න. ඔබට කරන්න තියෙන කාර්යයේ අවසානය ගැන පැහැදිලි චිත්‍රයක් මවන එකත් හොඳ උපක්‍රමයක්. සම්පූර්ණ වැඩේ කුඩා කුඩා කොටස් වලට කඩා ගන්න පුළුවන්, ඒ කුඩා කොටස් වලට නිම කිරීමේ කාලයක් (Deadline) එක්කම. අන්න එතකොට, ඒ වෙලාවේ කරන වැඩේට විතරක් අවධානය යොමු කරන නිසා ඔබේ කාර්යය අවසන් කරන්නට ඒකම ඔබට පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන්. ඉලක්කය කරා ළඟා වෙන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියාගන්න. එහෙත් අවසාන ඉලක්කය සපුරා ගන්න ඔබට උදව් නොකරන නොසලකා හැරිය හැකි ඉතා කුඩා දේවල් නොසලකා හරින්න.
දෙවෙනි පිරිස තමයි සිහින දකින්නන් – The Dreamers
මේ අයගේ තියෙන විශේෂත්වය තමයි, දෙයක් පටන් ගන්න කලින් උවමනාවටත් වඩා (Too much of planning) සැලසුම් සකස් කරන එක. මේ ගොල්ලන්ගෙ තියෙන්නෙ තියෙන්නේ පුදුමාකාර නිර්මාණශීලී සැලසුම්. ඒත් කිසිම අවස්ථාවක ඒ නිර්මාණශීලී සැලසුම් පටන් ගන්නේ නැත්නම් ක්‍රියාත්මක කරන්නේ නැති නිසා මේ ගොල්ලන්ටත් කිසිම වැඩක් පටන් ගන්ඩවත්, ඉවර කරන්නවත් ලැබෙන්නේ නෑ.
☑️ සිහින දැකීමෙන් නොනැවතී ඒ සිහින සැබෑ කරගන්න උපදෙස් ටිකක්…
සෑම දවසකටම නිශ්චිත හා අත්පත් කරගන්න පුළුවන් කුඩා ඉලක්ක තබා ගන්න. ඒ දවසට අදාල සැලසුම ක්‍රියාත්මක කරලා ඒ දවස අවසානයේ ඒ දවසට අදාල ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. දවසගානේ කුඩා කොටස් වලට වැඩේ බෙදාගන්න නිසා දවසකට ඉවර කරන්න තියෙන්නෙ බොහොම පුංචි කොටසක් විතරයි. ඒ වගේම දවස ගානෙ තමුන්ගේ ප්‍රගතිය මැන බලන්නත් පුළුවන්. අන්න එතකොට ඔයාටම කිසිම වැදගත්කමක් නැති, කාලය කා දමන කාර්යයන් පහසුවෙන් තෝරා මඟහරින්න පුළුවන්. ධනාත්මක එහෙම නැත්නම් හොඳ ප්‍රතිඵල ගෙනත් දෙන දේවල් වලට විතරක් අවධානය යොමු කරන නිසා ඔයාගේ ඵලදායීතාවයත් එන්න එන්නම වැඩි වෙනවා.
මඟ හරින්නන් (The Avoiders) තුන්වන වර්ගයයි.
තමුන්ට කළමනාකරණය කරන්න බැහැයි කියල හිතන අභියෝගාත්මක කාර්‍යයන් භාර ගැනීමට මගහරින්නන් ගොඩක් බයයි. තමුන් කරන කාර්යයෙහි වැරදි අන් අය දකිනකොට මොවුන් ඒ බව උලුප්පා දමමින් කිරීමට ඇති කාර්යය මඟහරිනවා.
☑️ ඔබ මඟහරින්නෙක් (The Avoiders) නම්, එය ජයගැනීමට උපදෙස් කිහිපයක්…
පළමුව ඔබට සිදුවීමට ඇති නරකම දේ පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබට වඩාත්ම අභියෝගාත්මක යැයි හැඟෙන දේ සඳහා ඔබේ උදෑසන වැදගත්ම කාලය ගත කරන්න. මේක අනිවාර්යෙන්ම ඔබට ඔබේ ජීවිතේ ජයග්‍රහණය පිළිබඳව හැඟීමක් ලබා දෙනවා විතරක් නෙමෙයි ඵලදායි දිනයක් වෙනුවෙන් වැඩකරන වේගය වැඩි කිරීමටත් උපකාරී වෙනවා. කරන්න තියෙන වැඩේ කුඩා කුඩා කොටස්වලට බෙදා ගන්නත් පුළුවන්. අමාරුම දේවල් වලට තියෙන බය නැති කරන්න අමාරුම දෙයින් පටන් ගන්නත් පුළුවන්. මට මේ වැඩේ ඉවර කරන්න කොච්චර කාලයක් ගත වෙයිද? මං මොන වගේ උත්සාහයක් ගන්න ඕනෙද? තමුන්ගෙන්ම අහන්න. දැන් ඔබට කරන්නට තියන විශාල ම කාර්යය සම්පූර්ණයෙන්ම හිතින් අමතක කරල දාල කුඩා කුඩා කොටස් ඉවර කරනකොට අනිවාර්යෙන්ම ඔබ ජයග්‍රහනය කරා ළඟා වෙනවා.
ඊළඟට එන්නේ අර්බුද සාදන්නන් (The Crisis-makers).
අර්බුද සාදන්නන්ගේ විශේෂම ලක්ෂණය තමයි, සිතාමතාම අවසන් මොහොත දක්වා වැඩ කල් දැමීම. දවස ගානෙ ඉවර කරන්න තියෙන කුඩා කොටස් හිතාමතාම මඟහරින නිසා, අවසාන මොහොතේ ඔවුන් ඔවුන්ගේ අර්බුදය ඔවුන් විසින්ම සාදා ගන්නවා. අන්තිමට වෙන්නේ පඹගාලක පැටලුණු මනුස්සයට වෙච්චි දේ. කොහෙන් පටන් ගන්නද? කොහෙන් ඉවර කරන්නද? හිතාගන්නවත් බැරි හින්දා අන්තිමට තමන් කරන වැඩේ පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම අතහැරලා දාන එක.
☑️ ඔබ අර්බුද සාදාගන්නෙක්ද? එහෙමනම් ගොඩඑන්න මේ උපක්‍රම ටික පාවිච්චි කරන්න.
අර්බුද සාදාගන්නෙකුට ගොඩ ඒමට ඇති එකම උපක්‍රමය තමයි, අවසාන මොහොත දක්වා තම කාර්යය මඟහරින්නෙ නැතුව තමුන්ට පුළුවන් කියලා හිතෙන ඕනෙම කුඩා කොටසකින් පටන් ගන්න එක. අන්න ඒ කොටස මුලින්ම ඉවර කරන එක. එක දිගට වැඩක් කරගෙන යන්න ඔබට අදහසක් නැත්නම්, ඒ තත්ත්වය මඟ හරින්න ඔබට පොමොරෝඩෝ උපක්‍රමය (Pomorodo Technique) පාවිච්චි කරන්න පුළුවන්. ඔබට වැඩේ කරන්න යන කාලය විනාඩි 30ක් කොටස් වලට බෙදා ගන්න පුළුවන්. එක දිගට විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක පුංචි විවේකයක් ගන්න පුළුවන්. මේ වගේ අවස්ථා හතරක් එක දිගට කරලා පැය බාගයක විවේකයක් ගන්න පුළුවන්. නොදැනිම වැඩෙත් කරනවා, විවේකයකුත් ලැබෙන නිසා එක දිගට වැඩ කරන ගතියක් කොහොමටවත් දැනෙන්නෙ නෑ. අන්න එහෙමයි ඔබ වැඩ කරන්න ඕනේ.
දැන් ඔන්න අවසාන කාණ්ඩය, ඒගොල්ලෝ තමයි කාර්යබහුල කල්දමන්නන් (The Busy Procrastinators).
මේගොල්ලෝ කිසිදු පිළිවෙළක්, කිසිදු කාලරාමුවක් අනුව වැඩ නොකරන නිසා වැඩ ලැබෙන විට තැනින්, තැනින් තමුන්ට කරන්ඩ තියෙන දේවල් කරන්න පටන් ගන්න අය. ඒක නිසා කරන්ඩ තියෙන හැම වැඩක්ම බාගෙට බාගයක් කරල තියන අය. හැබැයි විශේෂත්වය තමයි කිසිම වැඩක් අවසානය දක්වා ඉවර කරලා නෑ. ඒක නිසා බාගෙට කරපු වැඩ ගොඩ ගැහිලා. කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා කිසිදු අදහසක් මේගොල්ලන්ට නැති නිසා බොහොම මානසික පීඩාකාරී තත්වයක තමයි ඉන්නේ.
☑️ ඔබ කාර්යබහුල කල්දමන්නෙක් නම් මේ ටික කරල බලන්න…
ඔබේ ප්‍රමුඛතාවයන් අනිවාර්යෙන්ම අනුපිළිවෙළින් තබා ගන්න ඕනේ. ඔබේ අදාල කාර්යයේ අරමුණ හා ලඟාකර ගන්න ඕන ප්‍රතිඵලය හඳුනාගන්න එකත් වැදගත්. වැදගත් වෙන්නේ කාලයත් එක්කලා අනුපිළිවෙලට තියෙන වැඩ ටික නිමා කරන එක. ඔබේ කාර්ය බහුලත්වය නිසා සමහර විටක මගහැරී යන්නේ වැදගත්ම කාර්යයක් වෙන්න පුළුවන්. ඒක නිසා හදිසි (Urgent) සහ වැදගත් (Important) අවස්ථා වෙන වෙනම හඳුනා ගන්න ඕනේ. ඒ කොටස් දෙකෙන්ම ඉහළට එන, ඒ කියන්නේ හදිසි සහ වැදගත් අවශ්‍යතාවයන් මුලින්ම සපුරාලන්න පුළුවන්.
“කල්දැමීම” දැන්ම පරාජය කරන්න…
අව්ව තියෙද්දි පිදුරු වෙලාගන්න…
අව්වේ නැති වුණාට පස්සේ වැස්සට බැනලා වැඩක් වෙන්නේ නෑ…
අන්න ඒක හොඳට මතක තියාගන්න…
කල් දැමීමේ ක්‍රමයේ බොහෝ ලක්ෂණ තම තමුන්ගේ මානසිකත්වයට සම්බන්ධ බව ඔබට මේ තුළින් පේනවා නේද? වැඩක් පටන් ගන්න මිනිස්සුන්ගේ තියෙන අනියත බය නිසා තමයි වැඩ ප්‍රමාද වෙන්නේ. රැකියාව පිළිබඳ අපේ ආකල්පය වෙනස් කිරීමට නම් අපි කල් දැමීම අනිවාර්යයෙන්ම නවත්වාගන්න ඕනේ.
ඔබේ මානසිකත්වය වෙනස් කිරීම බොහෝ කුඩා වැඩක් සේ පෙනුනත් වැදගත් වෙන්නේ ඔබ හිතන-පතන විදිහ ඔබ විසින්ම ටිකෙන් ටික වෙනස් කරන්න පටන් ගන්න එක. හැම වැඩකරන දවසකටම කුඩා හෝ ඉලක්ක සැකසීම, තමාගේ අනියත බිය පරාජය කිරීම, මින් පෙර සිටි හොඳම තමා සමඟ තරඟ කිරීම සහ තමාගේ පුද්ගලික වාර්තා බිඳ දැමීම, එක් එක් කාර්යයේ ප්‍රතිඵල ඇගයීම දක්වා පුරුදු වුනොත් ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් !
මෙම විශේෂිත පුරුද්දට එළඹෙන කොට ඔබට හෙට කියලා කියන දවස ටිකෙන් ටික නැතිවෙලා අද කියන දවස, මේ මොහොත ඉතා වැදගත් ලෙස පේන්න පටන් ගන්නවා. ඔයාට දැන් තරඟයක් තියෙන්නේ අනුන් එක්ක නෙමෙයි, මීට කලින් හිටපු හොඳම තමුන් එක්ක. එහෙනම් පටන්ගමු !
මොකද හිතන්නේ තවත් පරක්කු නොවී Business HUB එකේ සියලුම පෝස්ට් කියවලා කමෙන්ට් කරමුද?
කල් දමන්න එපා. මේ දැන්ම කියවන්න පටන්ගන්න. මගහැරුණ එකක් හරි තියේනම් කියවලා කමෙන්ට් කරන්න. කෙටි කමෙන්ට් යොදපුවා තියේනම් නැවත කියවලා අවබෝධයෙන් දිග කමෙන්ට් එකක් දාන්න. කල් දාන්නනම් එපා. මොකද ඔබ ජයග්‍රහණය මායිමේ ඉන්නේ. උත්සාහ කලොත් ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්…
සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය. සමහර වචන වල තේරුම සහ නිරවද්‍යතාවය පිළිබඳව වැඩි දැනුමක් නොමැත. අදහසේ තිබෙන විශිෂ්ට බව නිසා පළකරන ලදි.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 14, 2023 | Business HUB සිතුවිල්ල
විද්‍යාඥයින් කියන විදිහට …….
වැඩිහිටි නිරෝගී පිරිමියෙක් සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.
~ඉතින්,
තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .
~නමුත් ….
ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300-500 ක් විතරමයි
~ඉතිරි ශුක්‍රාණු …..
වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300-500 අතර ප්‍රමාණයක් ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.
~ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?
1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ … නමුත් ඔයා ජය ගත්තා .
2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නෑ, මොළයක් තිබුනෙත් නෑ …. පවුලක් , යාළුවෝ …. කිසිම දෙයක් නෑ … එත් ඔයා ජයග්‍රහණය කලා .
3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ …. කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .
4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තයට ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .
~ඔයා ජයග්‍රණය කරන අතරතුර …..
🔺මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ … ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .
🔺ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .
🔺ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.
🔺බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ
🔺බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .
~එත් ඔයා අද ……
යමක් සිදු වූ විට ඔබ කලබල වෙනවා ..
ඔබ කලකිරීමට පත් වෙනවා ….. ඇයි ඒ ?
ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?
ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?
දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .
ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගෙන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී …… අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී ……..උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගත්තා .
මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?
ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?
ඇයි ඔයා කලකිරෙන්නේ?
ඔයාට සමහර දේවල් අහිමි වන්නවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි
මොහොතක් සිතන්න….
~ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. ~
ඉතිං ඔබත් අදම සිතන්න Business HUB කියන්නේ මවකගේ ගර්භාෂයේ වගේ. ඔබට තනිව වැඩෙන්න අවශ්‍ය හැමදේම Business HUB වලින් දෙනවා. ඔබට අවශ්‍ය පෝෂණය පිටින් ලබාදෙනවා. ඉතිං ශක්තිමත්, නීරෝගීව වැඩෙන එක ඔබට භාරයි.
මට අද සිට ඔබට වෙන් කරන්න තියෙන කාලය සීමිතයි. නමුත් ඔබට තනිව ගමනක් යන්න බැරිකමක් නෑ…
මොළයක් නැති ශුක්‍රාණුවට පුලුවන් වුනානම් දිනන්න ඇයි ඔයාලට බැරි???
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 13, 2023 | Business HUB සිතුවිල්ල
නයිජීරියාවේ ඡායාරූප ශිල්පියෙක් හිටියා බෙලෝ (Bello) කියලා. ඔහු ලාගොස් වල දි එක් අපූරු විදිහකට ඡායාරූපයක් ගන්නවා…
මොහුගේ අරමුණ තමයි ප්‍රසිද්ධ රැප් ගායක මිනි ටෙම්ප්ව ඡායාරූපයට ගන්න එක. Bello ඒ දේ හරි විදිහට කරනවා. නමුත් ඒ ඡායාරූපයට අහම්බෙන් වීදිය දිගේ පාන් විකුණන ගැහැණු ළමයෙක් හසු වෙනවා……..
ඒක හරිම අහම්බයක්…
මිනි ටෙම්ප් ගේ ඡායාරූපය ඊට පසු සතියේ ප්‍රධාන පුවත්පතක පල වෙනවා… ඡායාරූපය දකින හැමෝම බෙලෝ ගෙන් හරි අපූරු ප්‍රශ්නයක් අහනවා….
“ඔබ හරිම දක්ෂයෙක්. පිටුපස්සේ ඉන්න පාන් විකුණන ගැහැණු ළමයෙක් ඔතනට ගැලපෙනවා කියලා කොහොමද හිතුවේ?”
බෙලෝ කියනවා “ඒක හරිම අහම්බයක් ” කියලා.
අවසානයේ …..
ඇමෙරිකාවේ ප්‍රධාන මොඩ්ලින් ආයතනයක් මෙන්න මේ නයිජීරියානු කළු කෙල්ල සොයාගෙන යනවා. ඇය අද ඩොලර් මිලියන ගාණක වටිනාකමක් තියන නිරූපිකාවක්. පාන් විකුණපු Olajumoke Orisaguna කියන ගැහැණු ළමයෙකුගේ මුළු ජීවිතයම හරි අපූරු අහම්බයක් නිසා වෙනස් වෙනවා…..
මතකද අපි අර පුංචි කාලේ අහපු රත්තරන් පොරවේ කතාව. ගස් කපන මනුස්සයෙක් යනවා ගසක් කපන්න කැලේට. ගහ කප කප ඉන්න කොට පොරව වැටෙන්නේ ගඟට. ගඟ දිහා බලාගෙන කඳුළු පෙර පෙර අඬන මනුස්සයා දකින රුක් දෙවියෝ ගහෙන් මතුවෙලා ගේන්නේ රත්තරන් පොරවක්…….
ඕක දිග කතාවක්. ඔතන තියන දේත් ජීවිත අහම්බයක්….
“හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න?” කියලා අපෙන් අහන අමරසිරි පීරිස් මහත්තයා එක පාරක් කියනවා තමන්ගේ ජීවිතය වෙනස් වුන විදිහ ගැන. අමරසිරි පීරිස් කියන්නේ බටනලා වාදනය කරන ශිල්පියෙක්. දවසක් ගීතය ගායනා කරන්න හිටපු ගායකයා එන්නේ නෑ.
සංගීත කණ්ඩායමේ වාද්‍ය ශිල්පීන් ගැන හොඳටම දන්න ප්‍රේමසිරි කේමදාස මහත්තයා කියනවා දැන් කරන්න දෙයක් නෑ. අමරසිරි ඔයාවත් මේ සිංදුව කියන්න කියලා….එදා සිට ඔහුගේ ජීවිතය වෙනස් උන අපූරුව….
ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩි විශ්ව විද්‍යාලයේ DNA පිළිබඳ මහාචාර්‍යවරයෙක් වන ඇලන් කූපර් අපූරු සොයා ගැනීමක් කරනවා. ඒ නියන්ඩකාල් මානවයා ගේ යුගයේ සිට මේ ලෝකයේ ප්‍රතිජීවක භාවිතා කරපු බව. ඒ කියන්නේ මීට අවුරුදු 40,000කට විතර කලින්. අපේ ඉතිහාසය තුල වුනත් එළාර – දුටුගැමුණු යුද්ධයේදී දුටුගැමුණු රජතුමා ප්‍රතිජීවක භාවිතා කරපු බවට සාක්ෂි දරන්නේ අපේ ඉතිහාසය…..
ඔය කොහොම වුනත් ප්‍රතිජීවක පිළිබඳ මුල්ම විද්‍යාත්මක පරීක්ෂණය කළයි කියන්නේ 1920 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමන්. ඒ තමයි පෙන්සිලින්.
ලෝකයේ පෙනිසිලින් සොයා ගැනීමත් හරිම අහම්බයක්. දවසක් ෆ්ලෙමින්ට තමන්ගේ පරීක්ෂණ දීසියක් වසා ගන්න අමතක වෙනවා. ඊට පහු වෙනිදා පරීක්ෂණාගාරයට ආපු ෆ්ලෙමින් දකිනවා අර දීසිය මත වැඩුණු දිලීරයක් විසින් බැක්ටීරියා විනාශ කරලා තියන බව. අවසානයේ එම දිලීරය පිළිබඳ දිගින් දිගටම සිදු වෙච්ච පරීක්ෂණයේ ප්‍රතිඵලය තමයි පෙන්සිලින්.
අහම්බයක් ලෙස ජීවිතයට එන අහම්බය මුළු ජීවිතයම වෙනස් කරන බවට හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ රානු මොන්ඩාල්.
ඉන්දියාවේ දුම්රියක් තුල සිංදු කිය කිය හිඟා කාපු රානු මොන්ඩාල් කියන ගැහැණිය ගේ වීඩියෝවක් තරුණයෙක් විසින් අන්තර් ජාලයට මුදා හරිනවා. වියපත් ගැහැණිය සතු මේ තරුණියන් අභිබවා යන හැකියාව ගැන ඉන්දියාවේ මිනිස්සු පුදුම වෙනවා. මේ අහම්බය තව දුරටත් අහම්බයක්ම කරමින් ඉන්දියාවේ ජනප්‍රියතම සංගීතය වන හිමේෂ් රෙෂ්මියා රාහු මොන්ඩාල් ගේ වීඩියෝව දකිනවා. ඔහු ඇය සොයාගෙන දුම්රිය පොළට එනවා.
අද රාහු මොන්ඩාල් කියන්නේ ඉන්දියාවේ සුපිරිම තරුවක්. අහම්බයන් ජීවිතයට හොඳ වගේ නරකටත් බලපාන බව අප අමතක නොකළ යුතුයි…….
බලන් ගියාම ජීවිතයම කියන්නේ,
අහම්බයෙන් හමුවන අහම්බයක්……..
ඉතිං Business HUB කියන්නේ ඔබට හරිම අහම්බයෙන් මුණ ගැසුණ අමුත්තෙක් වෙන්න පුළුවන් …. හැබැයි ඔබේ ජීවිතය අනිවාර්යයෙන් වෙනස් කරාවි…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 12, 2023 | Business HUB සිතුවිල්ල
එක්තරා කාන්තාවක් තමන්ගේ ස්වාමිපුරුෂයා රැකියාවට ගොස් නැවත නිවසට එන්න ආසන්නයේ ඔහු එන පෙර මගට යාමට තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් හිටගෙන ඉන්නවා දැක්කා….
නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුනන්නේ නෑ….එහෙත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා අනුකම්පා කරලා ඔවුන්ව ඇමතුවා….
“මම ඔයාලව නම් අදුනන්නේ නෑ. නමුත් මෙහෙම හිටගෙන ඉදලා ඔයාලට බඩගිනි ඇතිනේ ……… ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න.”
කියලා කෑමට ආරාධනා කරනවා………
එතකොට මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා “තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ?” කියලා.
ගෑනු කෙනා කියනවා…… “එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ” කියලා.
“එහෙමනම් අපට ඇතුලට එන්න බෑ ” කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා.
කොහොමින් කොහොම හරි මේ ගෙදර මනුස්සයාත් වැඩඇරිලා ගෙදරට එනවා ඔය අතරේ …….
ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා…..
නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑ කියලා.
” ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? ” ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.
“මෙයාගේ නම ‘ධනය’. අනිත් එක්කෙනාගේ නම ‘සාර්ථකත්වය’. මගේ නම ‘ආදරය’.”අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා.
ඊට පස්සේ “ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න” කියලා කිව්වා.
ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.
” අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි ” කියලා ස්වාමි පුරුෂයා කිව්වා.
“නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ.” කියලා ගෑනු කෙනා කියනවා.
කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා.
එයත් මේ කතාව මැද්දට පැනලා “ඇයි අපි ‘ආදරයට’ මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ.
එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි ” කියලා කියනවා….
ඊට පස්සේ ඒ අදහස හොදයි කියලා ආදරයට මුළින්ම ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා………..
ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා…….
ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා ………
එතකොට එක අමුත්තෙක් කතා කරලා කියනවා
“ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා තමයි අනිත් දෙන්නත් එන්නේ……
අපිට ආදරය තනි කරන්න බෑ. ” කියලා.
ඉතිං ……..
ජීවිතයක් සාර්ථක වෙන්න ආදරය කියන සාධකය අත්‍යවශයයි…..
ආදරය තියෙන තැන සාර්ථකත්වය නියතයි….
එතැනට ධනයත් නිතැතින්ම ගලාගෙන එනවා…..
ඒ නිසා තමන්ගේ ජිවිතයේ ආදරයට තැනක් දෙන්න. මේ පුංචි කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයත් ඒකමයි….
අන්න ඒ නිසා තමයි Business HUB අපි අවංකවම ආයතනයට ආදරය කරන පිරිසට පමණක් සාමාජිකත්වය ලබා ගන්න කියන්නේ……ඔබ අපේ ආයතනය ට ආදරය කරනවා නම් අනිවාර්යයෙන් ම අපි සාර්ථකත්වය කරා යනවා…ධනය කියන දේත් නිතැතින්ම අපි පසුපස හඹාගෙන එනවා…….
නොමිළයේ ලබාදෙන අපේ සියලුම ප්‍රතිලාභ ආයතනයට ආදරේ කරන ලයික් කමෙන්ට් කරන අයට පමණක් අපි ලබාදෙන්නේ ඒ නිසයි…
පේජ් එකේ දැනට ලිපි 310ක් පමණ තියෙනවා. ඒ සියල්ල කියවා කමෙන්ට් කරන්න. මීට කලින් කමෙන්ට් කරන්න බැරි වෙන්න ඇති. අද දවස සම්පුර්ණයෙන්ම වෙන් කර කමෙන්ට් කරන්න. ඔබේ ජීවිතය අනිවාර්යයෙන් වෙනස් වේවි…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 11, 2023 | Business HUB සිතුවිල්ල
එක්තරා නිවසක මරණයක් ….. මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර ගණනක් අංශබාගයෙන් පීඩා විදීමෙන් අනතුරුවයි. ඒ කාල සීමාවේ ඔහුගේ කැත කුණු අතගාමින්, දරුවන් ගැනත් සොයා බලමින් වතුපිටි ආදායම ගැනත් කල්පනා කරමින් බිරිඳ නොවිදිනා දුක් වින්දා. ඉන්න තැනම මළ පිට කරන එක, මුත‍්‍රා පිට කරන එක අන්තිමට මේ ගෙදර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. නිවසට කෙනෙක්ට එන්න කියන්න බැරි කරමට දුර්ගන්ධයක් හමනකොට සියලූ වැඩ නවත්වලා බිරිඳට නිවස පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ගඳ මැකිලා යයි කියලා හිතෙන කල් අත් ගෙවෙන තුරු ඇය බිම මැද්දා. රෙදි හේදුවා, අව්වේ වැනුවා. අවසානයේ දි එක් රාත‍්‍රියක ඔහු මිය ගියා.
එදා මරණයේ අවසාන දවස. බිරිඳ සිය සැමියා වෙනුවෙන් මරණයට ආ අයට ස්තුති කථාව කරන්න සුදානම් වුණා. ඇය බොහොම ගෞරවයෙන් සියලූ දෙනාටම ස්තුතිවන්ත වුණා. අවසානයේදී ඇය සැමියා වෙනුවෙන් කථා කරන්න පටන්ගත්තා.
“‘මට මුණගැසෙනකොට ඔහු බොහොම කඩවසම් තරුණයෙක්. ඉතින් මම ඔහුට එක පයින් කැමති වුණා. දෙවරක් හිතන්නේ නැතුවම. අපි විවාහ වුණා. ආලිංගනයේ යෙදුනා. දරුවන් හැදුවා. නමුත් ඔහු එක්ක විවාහ වුණු දා ඉදලා කවදාවත් මම හොඳින් නිදාගත්තේ නැහැ. මොකද ඔහු මහා හයියෙන් ගොරවනවා. ඒක මහ පුදුම ගෙරවීමක්. ඒ හැම ගෙරවීමකදිම මම කේන්තියෙන් ඔහුව අවදි කරනවා. ඔහු ආයෙම නින්දට වැටෙනවා. ආයෙත් ගොරවනවා. මේ වදය මම අවුරුදු 35 ක්ම වින්දා. දැන් මට අවුරුදු 55 ක්. අවුරුදු 20 ඉදලා අවුරුදු 55 ක්ම හරියටම නින්දක් නැතිව මම දුක් වින්දා. ඒක මහ පුදුම වදයක්. කිසිම ගැහැණියෙක් ඒ වදය ඉවසන්නේ නැහැ.
අවසානෙදි ඔහු රෝගි වුණා. පුරුදු විදියට හැම රෑකම ඔහු ගෙරෙව්වා. ඒ ගෙරවීම මට අරගෙන ආවේ පුදුම සැනසීමක්. ‘‘ඔහු තාමත් ජීවත් වෙනවා’’ කියලා මම දැනගත්තේ ගෙරවීමෙන්. ගෙරවීම පොඩ්ඩක් හරි නැවතුනා නම් මම ගැස්සිලා නින්දෙන් ඇහැරුනා. ඔහුගේ ගෙරවීම ඇහෙන මානෙක මිස වෙන තැනක මට නින්ද ගියේ නැහැ. ගෙරවීම නැවතුන ගමන් මම ඇහැරලා ඔහුව හොලවලා අවදි කලා. නහයට අත තියලා හුස්ම ගන්නවද කියලා බැලූවා.
දැන් ඔහු මිය ගිහිල්ලා. අදින් පස්සේ ඔහු කවදාවත් ගොරවන්නේ නැහැ කියලා දැනෙනකොට ඇතිවෙන වේදනාව මට දරාගන්න බැහැ. ආයේ කවද්ද මම ඒ සද්දේ අහන්නේ කියලා හිතෙනකොට මට මහ වේදනාවක් දැනෙනවා. හරියට හැමදේම හොරු අරගෙන ගිහිල්ලා වගේ……
ඉතින් මම ඔබට කියනවා අපි ආදරය කරන මිනිස්සුන්ගේ සමහර පුංචි පුංචි දුර්වලකම් එක කාලෙක දී අපිට මහ කරදරයක් වුණත් ඒ දුර්වලකම් මොන තරම් සුන්දර ද කියලා හිතෙන්නේ ඒ මිනිස්සු අපිට අහිමි වුණාමයි. සමහර විට අපිට තරහා යන ඒ සුන්දර දුර්වලකම් දවසක අපිට අපූරු මතකයක් වේවි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඔවුන්ගේ පුංචි දුර්වලකම් වලට සමාව දෙන්න. ඒවාට ඉඩ දෙන්න. ඒ දුර්වලකම් සුන්දරව විදින්න. ඔබට මහ පුදුම සැහැල්ලූවක් අවසානෙදි දැනේවී…” කියා ඇය ඇගේ කතාව අවසාන කළා.
ඔබේ සැමියා පිඟාන සෝදන්නේ නැති වෙද්දි, තේ බිව්ව කෝප්පේ තිබ්බ තැනම තියලා යද්දි ඔබට එන කේන්තිය සාධාරණයි. ඒත් කවදාහරි දවසක ඒ කරදරකාරයා ඔබව දාලා යන්නම යන දවසට, හරියට මුලින් මම කිව්ව කතාවේ වගේ ඔබට ඒ දුර්වලකම් හරිම සුන්දර මතකයක් වේවි. හදිසියට කතා කළාට කවදාවත් හෙලෝ කියන්නේ නැති ඔබේ පෙම්වතාගේ අපූරු දුරකථනයට ‘‘කෝල් කළාම කතා කරන්න බැරිද’’ කියලා කේන්තියෙන් අහනවා වෙනුවට ‘‘ෆ්‍රී වුණාම ගන්නවද’’ කියලා අහන්න තරම් ඔබේ මනස දියුණු වුණොත් ඒ බැඳීම් මඟහැරුනත් ඔබට අපුරු මතකයන් ඉතිරි වේවි. ඔහුටත් ඔබ වැනි ඉවසිලිමත් කාන්තාවක් මඟහැරුනු එක ගැන යම් වේදනාවක් දවසක දැනේවි.
ඒවා දුර්වලකම් නෙවෙයි. අවස්ථාවන් පමණයි. අපි ප‍්‍රාර්ථනා කරන සර්ව සාධාරණ ලෝකය අපිට නොලැබුණත් ලැබෙන ලෝකය ඇතුලේ අපිට සතුට හොයාගන්න පුළුවන් නම් සාර්ථක වෙන එක මහ ලොකු රාජකාරියක් නෙවෙයි. හැමදාම කෑ ගහලා රණ්ඩු වෙලා ඔබේ සතුටත් පවුලේ සතුටත් නැති කරගෙන ජීවිතය නීරස කරගන්නවාට වඩා ඒ පුංචි දුර්වලකම් සතුටින් විදීම ඔබේ ජීවිතය සුන්දර කරාවි. හැමදාම කුස්සියට වෙලා තරහට වගේ එකම දේවල් උයනවාට වඩා විවිධ විවිධ කෑම හදමින් සැමියා සතුටින් තියමින් හොඳ බිරිඳක් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි.
පුංචි දෙයක්, මේ පේජ් එකේ තියෙන පෝස්ට් සියල්ලම, එකක් නෑර අද පුළුවන් තරම් ඉක්මනින්ම කියවලා අවබෝධයෙන් දීර්ඝ කමෙන්ට් එකක් දාන්න. ඇයි කියලා අහන්න එපා කියවලා කමෙන්ට් කරන්න. කෙටි කමෙන්ට් නෙමේ. දීර්ඝ කමෙන්ට්. අපි හැමදාම ඉල්ලන්නේ ඒ දේ පමණයි. දැන්ම වැඩේ පටන් ගන්න. අනිවාර්යයෙන් ඔබේ ජීවිතය වෙනස් වේවි…
කම්මැලි වෙන්න එපා. පැය කිහිපයක් ගියත් ඔබට විශාල දැනුමක් ලැබේවි… තව….
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla