by admin | Nov 9, 2023 | Business HUB සිතුවිල්ල
එක්තරා කාන්තාවක් ඇය සෑම දිනකම තමා කෑම සඳහා පුච්චා ගන්නා පාන් ගෙඩියට අමතරව තවත් අමතර පාන් ගෙඩියක් පුච්චා එය නිවසේ ජනෙල් පඩිය මත තබන්නට පුරුදුව සිටියේ ඒ අසලින් පාරේ යන බඩගිනි අයෙකුට එය ආහාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙනි.
ඒ අසලින් ගමන් ගත් විරූපි වකුටු ගැසුණු මිනිසෙකුද පුරුද්දක් සේම ඇය මෙසේ තබන පාන් ගෙඩිය රැගෙන යන්නට පුරුදු වූවා. නමුත් ඔහු කිසිදිනෙක ඇයට ස්තූති කරන්නට සිතුවේ හෝ නෑ. ඔහු කල එකම දේ නම් එසේ පාන් ගෙඩිය රැගෙන පිටව යන අතරතුර මෙසේ පැවසීම පමණයි. ”උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා”
මෙසේ සෑමදාම ඇය සාදා තබන පාන් ගෙඩිය රැගෙන යන මේ විරූපි මිනිසා ඇයට කිසිදිනෙක ස්තූති නොකිරීම ගැන ඇයට දිනෙන් දින ඇති වුනේ කෝපයක්. දිනක් ඇය ඒ තරහා අවසන් කරන්න සිතුවා, ඇය දෙවනුව පුච්චන පාන් ගෙඩියට වස එකතු කොට ජනෙල් පඩිය මත තැබුවා. ඒත් මොහොතක් යෑමට මත්තෙන් ඇය මේ කරන්නට යන පාපය ගැන ඇයට සිහියට නැඟුනා. වහාම ඒ පාන් ගෙඩිය ඉවත්කොට ඇය තම කෑම සඳහා පුච්චාගත් පාන් ගෙඩිය ජනෙල් පියන මත තැබුවා. වෙනදා මෙන්ම විරූපි මිනිසා පැමිණ එය රැගෙන යන්නට වුනා. ඒ වගේම තම පුරුදු වදන් වැළ පැවසීමටද ඔහු අමතක කළේ නෑ. ”උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා”
ඇය මෙසේ පාන් ගෙඩියක් පුළුස්සා තබන සෑම දිනෙකම ඊට සති ගණනකට පෙර නිවසින් බැහැරව ගොස් අතුරුදන් වූ තම එකම පුතා ආරක්‍ෂා කර දෙනමෙන් දෙවියන් යදින්නටද පුරුදුව සිටියා. එදිනම ඇය තමාහට නැවත පාන් ගෙඩියක් පුළුස්සා ගැනීමට සැරසෙද්දීම ඇයගේ නිවසේ දොරට යමෙකු තට්ටු කරන්නට වුනා. දොර හැර බැලූ ඇයට තම දෙනෙත් අදහා ගත නොහැකි වුනා, තම එකම පුතු ඉතාමත් දුර්වල තත්ත්වයෙන් දොර අසල සිටිනු දුටු ඇය වහාම ඔහු වත්තන් කරගෙන ඇඳ වෙත රැගෙන ගියා. එවිට ඔහු සෙමින් තමාට වූ අකරතැබ්බය විස්තර කරන්නට වුනා.
”මම එදා කැලය මැදින් යමින් සිටියදී කැලයේ වූ වළක් තුලට මම ඇද වැටුනා. දවස් 2ක් විතර මම සිහි නැතිව ඉන්නට ඇති. මගේ කකුලේ වූ තුවාලය නිසාම මට ඒ වළෙන් ගොඩ එන්නට නොහැකි වුනා. දින කිහිපයක් මම බේරා ගන්නා ලෙස කෑ ගසමින්, කෑමක් නැතුව සිටිද්දී ඒ අසලින් ගිය විරූපි වකුටු මනුස්සයෙක් මට පාන් කැබැල්ලක් වළ තුළට දමා යන්නට වුනා. ඔහු මේ විධියට මේ දින ගණන පුරාවටම මාහට තම පාන් ගෙඩියෙන් කොටසක් දුන්නා. අදත් ඔහු මට තමාගේ පාන් ගෙඩියෙන් කොටසක් වෙනදා මෙන්ම දුන්නා, ඒක කාලා මම අමාරුවෙන් එල්ලී වළෙන් ගොඩට ආවා.
ඒ මනුස්සයා නැති වෙන්න අද මම මැරිලා අම්මේ.”
ඇයට මේ කතාව ඇසෙද්දී තම ගත වාරු නැතිව ගියා. ඇස් වල කඳුලු පුරවා ගත් ඇය අද තමා කරන්නට ගිය දෙයින් තම පුතුගේ ජීවිතයද අහිමි වන්නට තිබූ බව සිතන්නට වුනා. ඒ සමඟම ඇයට අර විරූපි මිනිසාගේ වදන් මතකයට නැඟුනා. ”උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා” ඉතිං යාලුවනේ ඔයාලත් පුළුවන් තරම් අන් අයට උපකාර කරන්න. අන් අයට හොඳම කරන්න. එයින් පෙරළා කිසිවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නට එපා…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
“ඔබ කරන නරක ඔබ ගාවම ඉතිරිවේවි, ඒත් ඔබ කරන හොඳ ආයෙත් ඔබව සොයාගෙන එනවා”
💙 මෙහෙම කීවේ ඇයි කියලා ලඟදීම ඔබට දැනගන්න පුළුවන්…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 8, 2023 | Business HUB සිතුවිල්ල
එක්තරා විශාල කොම්පැනියක සේවකයන් දිවා ආහාරයෙන් පසුව නැවත එන විට ඉදිරිපස දොරේ කිසියම් දැන්වීමක් තිබුණා .
“කණගාටුවෙන් දැනුම් දීමයි…! ඔබගේ වර්ධනයට බාධා කළ පුද්ගලයා ඊයේ මිය ගියේය. ඔහුගේ අවසන් කටයුතු සඳහා ප්‍රධාන ශාලාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු “.
තමන්ගෙන් සහෝදර සේවයකයින් මියගිය බව ඇසූ සේවකයින් මුලින්ම දුකට පත් වුණා වුණත් ඔහු හෝ ඇය තමන්ගේ වර්ධනයට බාධා කළේ යැයි පැවසූ නිසා තවදුරටත් ඔහු නැති බව දැන ගැනීමෙන් ඔවුන් යම් සැනසීමට පත් වුණා. නමුත් ඒ කවුරුන් ද කියා දැනගන්න ඔවුන් ප්‍රධාන ශාලාව වෙත ගියා.
ඔවුන් යන විට ප්‍රධාන ශාලාවේ මැද මිනී පෙට්ටියක් තිබුණා . ඉතින් එකිනෙකා ඒ වෙත ගොස් අවසන් ගෞරව දක්වන්න ඇතුලට එබුණා. ඔවුන් දුටු දර්ශනය ඔවුන් භීතියටත් තැති ගැනීමටත් පත් වුණා. මිනී පෙට්ටිය තුළ ඔවුන්ට ඔවුන්ගේ රූපය පෙන ලෙස කණ්ණාඩියක් සවිකොට තිබුණා . එතනම යම් පත්‍රිකාවක පහත සඳහන් දේ සටහන්ව තිබුණා .
” ඔබේ වර්ධනයට බාධා කළ හැකි එකම කෙනා ඔබම පමණයි . ඔබේ ජීවිතය වෙනස් කළ හැක්කේ ඔබට පමණයි. එමෙන්ම ඔබට උදව් කළ හැක්කේ ද ඔබට පමණයි. ඔබේ ආයතන ප්‍රධානියා වෙනස් වූ විට ඔබේ මිතුරන් ඔබේ පවුලේ උදවිය ඔබේ ආයතනය වෙනස් වූ පමණින් ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත . එය වෙනස් වන්නේ ඔබ වෙනස් වූ විට පමණි. ඔබට ඔබ කෙරෙහි විශ්වාසය ඇති වූ දින ඔබ සියලු බාධාවන් අභිබවා ඉදිරියට යනු ඇත .”
අදම Business HUB Sri Lanka සමඟින් එකතුව ඔබගේ සිතුම් පැතුම්, ආකල්ප වෙනස් කරගෙන මුදල් ඉපයීම ආරම්භ කරන්න… ඔබ ගැන විශ්වාස කරන්න… ඔබ දියුණු වෙනු ඇත…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 7, 2023 | Business HUB සිතුවිල්ල
එක්තරා කාර්යාලයක ඉතාමත් ගුණ යහපත්, නිහඩ සේවකයෙක් හිටියා. ඔහුගේ හිත හොද වැඩිකම නිසාම අනිත් අය කියන ඕන දෙයක් කරනවා. අනිත් අයට උදව් කරනවා. අනිත් අය වෙනුවෙන් අතිශයින් කැප වෙනවා. මේ නිසාම මොහුගේ කාර්යාලයේ වැඩ අතපසු වෙනවා. ඒ නිසා හැමදාම ඔහු ප්‍රධානියාගෙන් දොස් අහනවා. මේ ප්‍රධානියාගෙන් දොස් අහන එක මෙයාට ප්‍රශ්නයක් නෙමේ. නමුත් එයාට දරාගන්න බැරි දෙයක් තියෙනවා. ඒ කාර්‍යාලයේ අනිත් අය මේ පුද්ගලයා දොස් අහන හැම වෙලේම ඔහුට හිනාවෙනවා. උපහාසයෙන් කතා කරනවා .
“උඹ මහ මැට්ටෙක් බන් ”
“අයියෝ උඹ අදත් බැනුම් ඇහුවනේ බන් කොච්චර කිව්වත් උඹ හැදෙන එකෙක් නෙමේ”
මේ වගේ කතා අතර…
” උඹ ඕව ගනන් ගන්න එපා බන් ” කියන එක්කෙනෙකුත් හිටියා ….ඒ එයාට දොස් කියන ප්‍රධානියාමයි. ඒ නිසා ප්‍රධානියාගේ දෝෂාරෝපණය ඔහුට වේදනාවක් නොවුනේ
“තරහා ගියාම බැන්නට බොස් ඕවා හිතේ තියාගෙන පැසව පැසව පළිගන්න කෙනෙක් නෙමෙයි ” කියන එක ඔහු දැනගෙන හිටියා
ඉතින් දවසක් ඔහු ප්‍රධානියාව හමුවෙන්න ගියා…
“සර් මන් රස්සාවෙන් අස් වෙනවා ”
“ඇයි මොකද ප්‍රශ්නේ .”
“මට මෙතන හරියන්නේ නෑ සර්. ඔබතුමා දොස් කිව්වත් ඒක ඒ වෙලාවට විතරයි කියලා මන් දන්නවා. ඒත් මේ ඔෆිස් එකේ ගොඩාක් අය මට හිනාවෙනවා. උපහාසෙන් කතා කරනවා. මට මේක දරාගන්න බෑ ” සේවකයා කිව්වේ කදුළු ඇස් දෙකේ පුරවගෙන…
” ඔයා ගොඩක් හොද කෙනෙක්නේ. මන් දැකලා තියෙනවා ඔයා අනිත් අයට උදව් කරනවා. ඒ ගොල්ලන්ට සමහර දේවල් ගේන්න ඔයා කඩේට යනවා එහෙමත් දැකලා තියෙනවා… සමහර විට ඒ නිසාම ඔයාට වැඩ අතපසු වෙන්න ඇති. මම මෙහෙම දෙයක් කරන්නම්. ඔයාට ප්‍රමෝෂන් එකක් දෙන්නම් ”
සේවකයා සතුටින් ඉපිල ගියා…
“අනේ පිං සිද්ධ වෙයි සර් එතකොට එයාලා මගේ යටතේ ඉන්න නිසා මීට පස්සේ මට මොකුත් කියන එකක් නෑ ” ඔහු කිවුවේ සතුටින්.
“හරි ඔයා ඒ වෙනුවෙන් එක දෙයක් ඕන ”
“කියන්න සර් ඕන දෙයක් මම කරන්නම් ” මේ වෙලාවේ ඇත්තටම ඔහුට කරන්න බැරි දෙයක් නැති තරමට හිතේ සතුට වැඩි වෙලා.
“ඔයාට මන් වතුර පුරවපු වීදුරුවක් දෙනවා .මේක අරන් මේ ඔෆිස් එක වටේම යන්න ඕන. හැබැයි එක වතුර බිංදුවක්වත් හැලෙන්න බෑ. ඔයා ඒකට කොච්චර කාලේ ගත්තත් මට ප්‍රශ්නයක් නෑ ” කී ආයතන ප්‍රධානියා වතුර පිරවූ වීදුරුව වතුර මට්ටම ලකුණු කර සේවකයට දුන්නා. ඔහුත් ඉතා කැමැත්තෙන් එය භාර ගත්තා. පැය කීපයකට පසු සේවකයා ආයතන ප්‍රධානියා ලගට ආවා. වතුර විදුර ලකුණු කර මට්ටමටම වතුර තිබුණා. බිදුවක්වත් හැලිලා නෑ. ප්‍රධානියාටත් සතුටුයි.
“මට හරි සතුටුයි .ඔයා මෙහෙම වතුර වීදුරුවක් අරන් ඔෆිස් එක වටේ යද්දි දකින අය ඔයාට හිනාවෙන්න ඇති නේද ? ” මොනවද ඒ ගොල්ලෝ කියන්නේ ? ”
” සර් මගෙ සම්පූර්ණ අවදානෙ තිබුනේ මේ වතුර විදුරුවෙන් බිදක්වත් හලන්නේ නැතුව මෙතනට ගේන්න. ඒ නිසා අවට මිනිස්සු කියපු දේවල් මට ඇහුනේ නෑ.
ඔවුන් මට හිනාවෙනවද කියල බලන්න මට වෙලාවක් තිබුනෙ නෑ ”
දැන් තේරෙනවා නේද ඔබ මොකක්ද කරන්න ඕන කියලා. කතාවේ අදහස තේරුනානම් කමෙන්ට් එකක් දාන්න…
එහෙනම් ගමන හරියට යන්න Business HUB පේජ් එක දිනපතා බලන්න, දැනුම ලබාගන්න…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 6, 2023 | Business HUB සිතුවිල්ල
ඔබ ගමනක් යද්දී පාරේ ඉන්න බල්ලෙක් ඔබට බුරාගෙන පැන්නොත්, ඇත්තටම ඔබ මොකද කරන්නේ…?
ඇත්තටම කරන්න හිතෙන දේවල් දෙකක් තියෙනවා නේද?
පළවෙනි දේ තමයි, දුවන්න හිතෙන එක. දිව්වොත් බල්ලා පස්සෙන් එළවනවා විතරක් නෙමෙයි, බොහෝ වෙලාවට හපාකනවා. ඇයි ඒ? බල්ලා දැනගන්නවා ඔබ බයයි කියලා…
ඊළඟට අපිට කරන්න හිතෙන දේ තමයි ගලක් අරගෙන ගහලා බල්ලාව එලවන එක. ගලක් ගහන්න ගියොත් දේවල් දෙකක් කරන්න වෙනවා. ගලක් අහුලා ගන්න නතර වෙන්න වෙනවා. ඒ වගේම ගහන ගලට බයේ බල්ලා දිව්වොත් හොඳයි. බැරි වෙලාක්වත් බල්ලා දුවන්නේ නැතුව කඩාගෙන පැන්නොත් මොකද කරන්නේ?
සර් වින්ස්ටන් චර්චිල් වරෙක මෙන්න මෙහෙම කියනවා.
“බුරන බල්ලන්ට ගල් ගැසීමට ඔබ නතර වුවහොත්, කෙදිනක හෝ ඔබ ඔබේ ගමනාන්තයට ලඟා නොවනු ඇත.”
මොකක්ද මේ කියන්නේ ??…….
දිගුකාලීන සැලසුමක් හදාගෙන, යම්කිසි ගමනක් යන්න පටන් ගත්තා කියලා හිතන්න. ඔබේ දිගුකාලීන අරමුණට ලඟාවෙන්න නම් යම්කිසි කාලයක් ඒ වෙනුවෙන් ඔබට වැඩකරන්න වෙනවා. එහෙම වැඩකරගෙන යද්දී ඔබ වටේ ඉන්න පිරිස ඔබට විවිධ දේවල් කියන එක සාමාන්‍ය දෙයක්. මේ කියන දේවල් වලින් අපි ධෛර්යයමත් වෙනවා. ඒ වගේම සමහරු කියන දේවල් වලින් අපි අධෛර්යමත් වෙනවා. තේරෙන බාසාවෙන් කිව්වොත් කඩා වැටෙනවා. මෙහෙම වුණ වාර අනන්තයි, අප්‍රමාණයි නේද?
බොහෝ වෙලාවට, මේ වගේ අවස්ථාවකදී සිදුවන්නේ අපි අධෛර්යමත් වෙන එක. ඒත් එක්කම අපිට කරන්න යන දේ එපා වෙනවා. සැලසුම අත හැරලා දාන්න හිතෙනවා. අන්න එහෙම වුනොත් අපි පාරෙන් එළියට විසි වෙනවා. එහෙම විසිවුනොත් ආපහු Track එකට දාගන්න හරි අමාරුයි. ඒක නිසා අපි එක දෙයක් හොඳින්ම දැනගන්න ඕනේ. අපි මේ ලෝකේ හැමෝම සතුටු කරන්න ගියොත්, අපිට අපේ ගමන යන්න හම්බවෙන්නේ නෑ. ඒකට හේතුව එකම ප්‍රශ්නයක් දිහා විවිධ අය බලන්නේ විවිධ විදියට… විවිධ පැති වලින්. සමහරුන් කරන්න පුලුවන් කියලා හිතාගෙන වැඩට බැස්සත්, සමහරු වැඩකට බහින්නේම කරන්න බෑ… මේක හරියන්නේ නෑ කියන මානසිකත්වයෙන්. මේ වගේ දිගුකාලීන ගමනක් යද්දී, වඩා වැදගත් වෙන්නේ, ඒ ගමන යන කෙනාගේ මානසිකත්වය මිසක්, වටේ ඉන්න අය කියන දේවල් නෙමෙයි…
මේ කතාව සමහර විට විවිධ විදිහට ඔබ අහලා ඇති…
ඔන්න එකෝමත් එක කාලෙක කුඩා ගෙම්බන් කණ්ඩායමක් එකතු වෙලා නගරයේ තියෙන උසම කුළුණේ මුදුනට ළඟා වීමට තරඟයක් සංවිධානය කලා.
තරඟය සඳහා දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම, සෑම තැනකම ප්‍රවෘත්ති පැතිර ගිය අතර විශාල පිරිසක් තරඟය නැරඹීමට කුළුණ වටා රැස්ව සිටියා. මෙම කුඩා ගෙම්බන්ගෙන් කිසිවෙකු එම කුළුණේ මුදුනට යනු ඇතැයි බලා සිටි පිරිස විශ්වාස කළේ නෑ. ඒ වුනාට ඔවුන් කුතුහලයෙන් බලාගෙන සිටියා.
තරඟය ආරම්භ වුනා. ගෙම්බන් ඉක්මනින් කුළුණට නැගීමට පටන් ගත් අතර බලා සිටි පිරිස ඔල්වරසන් දුන්නා.
මොහොතකට පසු, වටේ බලාගෙන හිටපු අයගෙන් කෙනෙකු කෑ ගැසුවේ,
“ඒ ගොල්ලෝ කොහොම ඔය කුළුණට නගින්නද? ඔය කුළුණ උස වැඩියි !”
තවත් ප්‍රේක්ෂකයෙක් පැවසුවේ,
“ඔව්, ඔවුන් කිසි විටෙකත් ඉහළට යන එකක් නෑ. ඒ මාර්ගය ඉතා අපහසු එකක් !”
තරගය දිගටම කරගෙන යද්දී සමහර කුඩා ගෙම්බන් කඩා වැටෙන්නට පටන් ගත්තා. එකින් එකා… වෙහෙසට පත්වුණත්… තරඟය දිගටම කරගෙන ගියා. තවමත් සටනේ ඉතිරිව සිටින කීපදෙනා, උද්‍යෝගයෙන් දිගින් දිගටම ඉහළට නගින්න උත්සාහ කලා.
උද්යෝගයෙන් හා කනස්සල්ලෙන් බලාගෙන හිටපු පිරිස දිගින් දිගටම කෑ ගසමින්,
“ඒක ඉතා අපහසු වැඩක්. කාටවත් ඕක කරන්න හම්බවෙන්නේ නම් නෑ !” කිව්වා.
අවසාන අදියරේදී ඉතිරිව සිටි ගෙම්බන් අතරින් බොහෝ දෙනා තරඟය අතහැර දැමුවා. තරඟයේ ඉතිරිව ඇත්තේ එක් කුඩා ගෙම්බෙකු පමණක් වන තෙක් ඔවුන් සියල්ලෝම එකින් එක තරඟය අතහැර දැමුවා.
“කවුරු උත්සාහය අතහැරියත් මම මේක අත්හරින්නේ නෑ !
” විශාල උත්සාහයකින් පසු ඉහළට පැමිණි එකම කුඩා ගෙම්බා ජයග්‍රාහකයා වුණා
ඔබට දැන් හිතුනා වගේම, හැමෝටම
අවශ්‍ය වුනේ මේ කුඩා ගෙම්බා අනෙක් සෑම තරඟකරුවෙකුම තරඟය අතහැර දමන විට, දිගටම තරඟයේ රැඳී සිටිමින් එය ජය ගැනීමට සමත් වුනේ කොහොමද කියලා දැනගන්නයි. සෑම කෙනෙකුම දැන ගැනීමට අවශ්‍ය වූයේ මෙම කුඩා ගෙම්බාට මෙම ඉලක්කය කරා ළඟා වීමට ශක්තිය ලැබුණේ කෙසේද යන්නයි. ඉතින්, ඔවුන් ප්‍රශ්න ඇහුවා.
දැන් මේ ගෙම්බා කියනවා. තරඟය පටන් ගන්නකොට මට හොඳ සැලසුමක් තිබුණා. හැමෝම තරඟය අතහැරලා දාද්දී මම දිගින් දිගටම තරඟය අල්ලාගෙන හිටියා.
ඉතින්…
වටේ හිටපු අය අත් ඔසවලා… කෑ ගහලා… මාව දිරිමත් කලා. ඒක මට දිනන්න ගොඩක් උපකාරී වුනා.
එතකොට වටේ හිටපු අය මොනවා කියලද, ඔබව දිරිමත් කලේ…?
මම හිතුවේ ඒ ගොල්ලෝ අත් ඔසවලා කෑගහන්නේ මාව දිරිමත් කරන්න කියලයි. අවාසනාවට මගේ කන් දෙකම ඇහෙන්නේ නෑ. මම උපතින්ම බිහිරියි.
ජයග්‍රාහකයා උපතින්ම බිහිරි බව හැමෝම තේරුම් ගත්තා. දැන් ඔබට තේරෙනවා නේද?
බැරිවෙලාවත් වටේ හිටපු අය කියපු දේවල් ඇහුණා,නම් මොනවා වෙයිද? මේ ගෙම්බා උපතින්ම බිහිරිවුනේ අවාසනාවටද? වාසනාවටද?
එහෙමනම්, “සාර්ථක මිනිහෙක් වෙන්න බිහිරි මැඩියෙක් වෙන්න.”
එහෙමනම් ඔබට ගමනක් යද්දී හමුවන මෙම බුරාවැටෙන බල්ලන්ගෙන් සංකේතාත්මකව දක්වන්නේ කවුරුන්ද?
අර ඉස්සරවෙලා කියපු ගෙඹි කතාවේ හිටපු, වටේ බලාගෙන ඉඳලා කරන්න බෑ කියලා හිතන, ඒ වගේම කරන්න බෑ කියලා කියන කට්ටියටම තමයි. මඟ දෙපස බුරාවැටෙන බල්ලන්ට බුරාගන්න දීලා ඔබ ඔබේ පාඩුවේ ඔබේ ගමන යන්න. ගල් ගහන්න නතර වෙන්න එපා !
ගමනක් යද්දී බාධාවන් ඇතිවෙන එක ස්වභාවිකයි. ඒ වගේම ගමන ලස්සන වෙන්නේ බාධාවන් ඇතිවෙන තරමටයි. කවදාහරි දවසක මතක් කරලා සතුටුවෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මතකයන් මතකයන්ම නොවී සුන්දර මතක සටහන් වෙන්නේ එතකොටයි.
ඔබේ සිහින හා අරමුණු ඉටු කර ගත නොහැකි බව මිනිසුන් ඔබට පැවසන විට බිහිරි වන්න. ඔබගේ සිහින හා අරමුණු සම්බන්ධයෙන් අනෙක් අයගේ අදහස් මොනවාද? යන්න ජයග්‍රාහකයින් කිසි විටෙකත් අවධානය යොමු කරන්නේ නෑ. ඔබගේ ඉලක්කය කෙරෙහි අවධානය යොමු කර විශ්වාසයෙන් යුතුව ගමන් කරන්න. ඔබේ ගමනාන්තයට ළඟා වීමට ඔබට උදව් නොකරන පුද්ගලයින්ගේ අදහස් සැමවිටම ඍණාත්මක එකක් වනු ඇත. ඔවුන් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන්න. ඔබගේ ගමනාන්තය පිළිබඳ ස්ථිර එමෙන්ම දැඩි විශ්වාසයක් ඇතිකරගන්න. දැන් එම විශ්වාසයෙන් ගමන යන්න. ඔබ දිනුම් කණුවට ලඟාවනු නොඅනුමානයි.
එහෙනම් ගමන හරියට යන්න Business HUB පේජ් එක දිනපතා බලන්න, දැනුම ලබාගන්න…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 5, 2023 | Business HUB සිතුවිල්ල
එක්තරා කාර්යාලයක ආයතන ප්‍රධානියෙක්ට උවමනා වුණා තමන් වටා සිටින සේවකයන්ගේ අවංක භාවය පරීක්ෂා කරන්න වගේම තමන්ගෙන් පසුව මේ ආයතනය භාර දෙන්න පුළුවන් විශ්වාසවන්ත සේවකයෙක් තෝරාගන්න..
ඔහු එක් දෙයක් කල්පනා කරා. තමා ලග සිටින දක්ෂ තමාට අවංකයැයි මෙතෙක් සිතා සිටි තමා සමීපව ඇසුරු කරන සේවකයන් පස් දෙනෙක් කැදවා ඔහු මෙහෙම කිව්වා ..
“මගෙන් පස්සේ මේ ආයතනය ඔබ පස් දෙනාගෙන් කෙනෙකුට භාර දෙන්න මම තීරණය කළා ”
ඔවුන් සතුටින් එකිනෙකාගේ මුහුණු බලාගත්තේ ඒ තමා වේදැයි යන හැගීමෙන්…
” මම ඔබලාට එක අභියෝගයක් භාර දෙනවා මේක හරියට කරන්න ඕන ”
ඔවුන් පස් දෙනාම එකග වුණා එම අභියෝගය බාර ගන්න .එම නිසා ආයතන ප්‍රධානියා තමන්ගේ සේවකයන් පස් දෙනාට එකම ජාතියේ බීජ පහක් දෙනවා…
“මේ තියෙන බීජ පැළ කරලා මට ගෙනත් දෙන්න ඕන .පැළය ඉතාම සරුවට වැඩුණු කෙනාට මම මේ ආයතනය භාර දෙනවා .මම ඔබට අවුරුද්දක් කල් දෙනවා ”
ඔවුන් ඉතා කැමැත්තෙන් එය භාර ගෙන තමන්ගේ පවුලේ අයත් එක්ක සුදුසු බදුනක් තෝරගෙන මෙම බීජය පැළ කරනවා .සතිය දෙක තුන මාසෙ ගෙවුනත් මොවුන්ගේ බීජ පැළ වුනේ නෑ .අනිත් හතර දෙනාම එකිනෙකාට හොරෙන් ඒ ජාතියේම වෙනත් බීජ පැළ කරනවා .එක් අයෙක් පමණක් වෙනත් බීජයක් පැළ නොකර තමන්ට ස්වාමියා දුන් බීජයම පැළ වනතුරු බලාගෙන ඉන්නවා .පරීක්ෂණ දිනය පැමිණියා..තමන්ගේ බදුන රැගෙන එන ලෙස ප්‍රධානියා මොවුන් ට දැනුම් දුන්නා .බීජය පැළ නොවුණු කෙනා බොහෝ දුක් වුණා.නමුත් ඔහුගෙ බිරිද ඔහුට මෙහෙම කිවුවා..
“මේ බීජය පැළ වුණේ නැතුවට කමක් නෑ ඔයා මේක අරන් යන්න .බොස්ට ඇත්තම කියන්න .ඔය ආයතනය ඔයාට නැති වුනත් ඔයාගේ රැකියාව නැති වෙන්නේ නෑ .අපි එන දේකට මුහුණ දෙමු ” කවුරු නැතත් තමුන්ගේ බිරිද මේ අවස්ථාවේ තමන් සමග සිටින නිසා ඔහු පැළ නොවු බදුනත් රැගෙන ආයතනයට පැමිණියා .අනිත් හතර දෙනාගෙම පැළ ඉතා සරුවට වැඩිලා තිබුණා.ආයතන ප්‍රධානියා සේවකයෝ පස් දෙනා ගෙන්නුවා…
“ඔබේ පැළ දැන් පෙන්වන්න ” අනෙක් හතර දෙනා බොහොම සතුටින් තමන්ගේ පැළය පෙන්නුවා .ප්‍රධානියා බොහොම සැලකිල්ලෙන් පැළ දෙස බලා
“මේ මම දුන්න ඇටයම නේද ” ඇසුවා
“ඔව් ” යැයි හතර දෙනාම හිස වැනුවා…
හිස් බදුනක් ඇති සේවකයගෙන් ප්‍රධානියා ඇහුවා ..
“ඇයි ඔබට මොකද වුණේ ”
“මට දුන්න බීජය පැළ වුනේ නෑ ” ඔහු ඇත්තම කිව්වා..
“ඔව් ඇත්ත පුතා ඒක පැළවෙන්න විදිහක් නෑ .මොකද මම ඔයාලා පස් දෙනාටම දුන්නේ බොල් ඇට පහක් .එක්කෙනෙක් ඇර අනිත් ඔක්කොමලා බොරු කරලා තියෙන්නේ.මම තෝරාගත්තා මට කවුද අවංක කියලා ”
ඉතිං …..
ඇත්ත තිත්ත උවත් එය ඔබව සාර්ථකත්වය කරා ඔසවා තබයි…..
එබැවින් ඔබේ ජීවිතයෙන් බොරුව අතු ගා දමා සෑම විටම සත්‍ය කරපින්නාගෙන සාර්ථකත්වය කරා පිය නගන්න….
Business HUB වලට ගොඩක් දෙනා අඩුවෙන් එකතු වෙන්නේ අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසා. බොරු හීන පෙන්වන්නේ නැති නිසා. නමුත් ඇත්ත තේරුම් ගන්නකොට ඔබ ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්…
ඊයේ අපි තිබ්බ තරඟයට ගොඩක් අය බොරු කලා. නමුත් ඇත්තටම තරඟයේ උපදෙස් අනුව කටයුතු කල පුද්ගලයා ජයග්‍රහණය කලා. අනික් අය තමන් උපදෙස් පිළිපැද්දා කියලා බොරු කරලා දිනන්න උත්සාහ කලා. එසේ කල අයගේ ප්‍රතිලාභ පවා අවසානයේ අපට ඉවත්කරන්න සිදුවුණා…
සැමවිටම අවංක වෙන්න… එය ඔබ ජයග්‍රහණය කරා රැගෙන යාවි…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Nov 4, 2023 | Business HUB සිතුවිල්ල
එක් උදෑසනක, හිරු උදාවට පෙර, ධීවරයෙක් මාළු ඇල්ලිමට ගඟකට ගියේය. ඉවුරේ ඔහුට යමක් තිබෙනු දැනුණ. එය කුඩා ගල් මල්ලක් බව ඔහුට පෙනී ගියේය. ඔහු මල්ල අතට ගෙන ඔහුගේ දැල පසෙකට දමා, ඉර උදාව එන තෙක් බලා සිටියේය.
ඔහුගේ දවසේ වැඩ ආරම්භ කිරීම සඳහා ඔහු හිරු උදාවන තෙක් බලා සිටියේය. කම්මැලි ඔහු බෑගයෙන් ගලක් ගෙන වතුරට විසි කළේය. වෙන කරන්නට දෙයක් නැති නිසා ඔහු එකින් එක ගල් වතුරට විසි කලේය.
සෙමෙන් හිරු උදාවිය. ඒ වන විට ඔහු එක් ගලක් හැර අනෙක් සියලුම ගල් විසි කර තිබිණ. අන්තිම ගල ඔහුගේ අතේ තිබිණ.
හිරු උදාවත් සමඟ ඔහු අතේ තබාගෙන සිටි දේ දුටු විට ඔහුගේ හදවත කම්පා විය. එය මැණික් වර්ගයක් විය! අන්ධකාරයේ දී, ඔහු මැණික් මල්ලක් වතුරට වීසි කර තිබිණ.
ඔහු නොදැනුවත්වම ඔහුට අහිමි වූයේ කුමක්ද! පසුතැවිලි වූ ඔහු තමාටම ශාප කළේය. ඔහු හඬා වැලපුණි. තම ජීවිතය සාරවත් කිරීමට තරම් ධනය ඔහුට හමුවි නොදැනුවත්වම අන්ධකාරයේ දී ඔහුට එය අහිමි වි ඇත.
එහෙත් එක්තරා ආකාරයකින් ඔහු වාසනාවන්ත විය. තවමත් එක් මැණික් ගලක් ඉතිරි විය. ඔහු එය විසි කිරීමට පෙර ආලෝකය උදාවිය…
සමස්ථයක් ලෙස ගත් කල, බොහෝ මිනිසුන් එතරම් වාසනාවන්ත නැත. ජීවිතය යනු අති විශාල නිධානයකි. මිනිසා එය ඉවතලෑම හැර වෙන කිසිවක් නොකරයි. ජීවිතයේ වැදගත්කම අප වටහාගන්නා කාලය වන විට, අපි එයින් දුරස් වී ඇත්තෙමු.
කෙනෙකුගේ ජීවිතය ගත වනවාත් සමග ඔවුන් ඉවතට විසි කරන දේවල් ගල් නොව මැණික් බව ඔබ ඔවුන්ට අවධානය යොමු කළහොත් ඔබට එය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වේවි…
ඔබටත්……
කන්න ආස කෑම ජාති ලගින් යද්දි
පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා
ඒ දිහා බල බල කෙල ගිල ගිල
යන කාලයක් තියෙන්න ඇති
තාම තියෙනවා ඇති……
Three wheel එකක යන්න තරම්
කකුල් රිදෙද්දි මහ වැස්සෙදිත්
රෑ තිස්සෙදිත් එහෙම නොයා
ඒ 100,200 හෙට බස් එකේ යන්න
ඉතුරැ කරපු කාලයක් තියෙන්න ඇති
තාම තියෙනවත් ඇති……
සතෙන් සතේ පොතේ ඉතුරැ වෙද්දි
ඒ සතේට කෝටි ගානක හීන ඔයා
දකින්න ඇති… තාමත් දකිනවා ඇති…..
Wedding එකක් ආවම අලුත් ඇදුමක් ඇදලා ලස්සනට යන්න
හිත බල කරද්දි යාළුවෙක්ගෙන්
ඉල්ලන් ඇදන් ගිය වෙලාවල්
හරි කලින් ඇදපු පරණ
එකක් ඔහේ ඇදන් ගියපු
වෙලාවල් හරි අනන්තවත්
ඔයාට තියෙන්නැති
තාමත් තියෙනවා ඇති…..
ලස්සනම සපත්තු,
branded ඇදුම් දකිද්දි ඔයා
ඒ දිහාවත් නොබලා අම්මට බෙහෙත්,
ගෙදරට බඩු,නංගිලට පොත්
අරන් ගිය කෙනෙක් වෙන්න ඇති….
තාමත් කරනවා ඇති……
ජීවිතේ ඔයාගෙ හීන
පපුව ඇතුලෙම අගුළු දාලා
ඔයා අනිත් අය වෙනුවෙන්
හීන දකින කෙනෙක් වෙන්නැති…..
සමහරැ 20, 21 න් luxury life
ගෙවද්දි අවුරැදු 25 ත් පැනලා
තාම ඔයාට ඔයාගෙ හීන
වලට යන්න බැරිවෙන්න ඇති….
දන්නවද ජීවිතේ හරියන්න ඕන
කෝටිපති පුතාලට නෙවෙයි..
උන්ට BMW එකක් ගේන්න
හිතුනොත් උන් හෙට ඒක ගේනවා…
ඉතින් ජීවිතේ ගොඩයන්න නම්
රැ. 100 ගානේ හරි එකතු කරලා
ජීවිතේ දිනන්න
හීන දකින එක අත අරින්න එපා…
ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙන්න
මහ ලොකු කාලයක් යන්නේ නෑ……..
මදක් සිතන්න…
Business HUB කියන්නේ මැණික් ආකරයක්….
මෙහි ඇති මැණික් එකින් එක ඔබ සතු කරගෙන ඔපමට්ටම් කර වටිනාකමක් එක් කර ඔබට පුළුවන් ඔබේ ජීවිතේම දිනන්න…ඔබේ හීන හැබෑ කර ගන්න…
මම ඔබට මෙය නිධානයක් බව හදුන්වා දී අවසන්…
නමුත් මට හැකියාවක් නෑ ඔබට මේ නිධානය ගොඩදාලා බෙදලා ඔබට දෙන්න. ඔබම තමයි මේ නිධානයේ ඔබගේ කොටස ගොඩට අරගෙන අයිති කර ගන්න ඕන. ඒ සදහා මම ඔබට මග පෙන්වන්නම්. මට කළ හැක්කේ එපමණයි…
ඔබ මුලින් අන්ධකාරය නිසා සියලුම මැණික්/වස්තුව නැති කරගන්න ඇති. නමුත් දැන් ඔබට Business HUB Page එක ඉතිරිවෙලා තියෙනවා. ඔබයි තීරණය කල යුත්තේ එයින් කොහොමද දියුණු වෙන්නේ කියන එක…
ඉවසීමෙන් ඉගෙන ගන්න… ආදායම් උපයන්න…
අධ්‍යාපනය හැම දේකටම වඩා වැදගත්…
පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවන්න…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla