Select Page
ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න

ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න

මේ ලිපිය අපි ලියන්නේ කවදා හරි සාර්ථක වෙන්න ඕනේ, ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ වගේ සරල අදහසකින් ඉන්න අයට නෙමේ. මේ ලිපිය අපි ලියන්නේ, සාර්ථක වෙන්න දැඩි උවමනාවක් තියෙන, ඒ වෙනුවෙන් වෙහෙසන, කොහොම හරි , මොනවා හරි කරලා සාර්ථක වෙන්න ඕනේමයි කියලා හිතන, ඒත් කොච්චර උත්සාහ කලත්, මහන්සි වුනත් තාම මොකක් හරි හේතුවක් නිසා තමන් බලාපොරොත්තු වෙන තැනට , බලාපොරොත්තු වුන ආකාරයෙන් යන්න බැරි වුන අය වෙනුවෙන්.

ඔබත් එහෙම කෙනෙක්නම්, ඔබට දක්ෂතාවය තිබුනට, ඒ වෙනුවෙන් මහන්සි වුනාට , විවිද දේවල් උත්සාහ කලාට, සාර්ථකත්වය ගැන, පොත් පත් කියවමින්, දේෂණ , පුහුණු වැඩසටහන් වලට සහබාගී වෙමින් ඉදිරියට යන්න උත්සාහ කලාට තවමත් තමන්ට අවශ්‍ය ජීවිතය ලගා කරගන්න බැරි වුනානම්. මේ ලිපියේ අකුරක් නෑර හොද අවදානයකින් යුතුව, අනිත් වැඩ මිනිත්තු කීපයකට නවත්තලා කියවන්න. මොකද මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ 99% සාර්ථකත්වය ගැන ඔබට උගන්වන පොත්පත් වල සදහන් නොවුන, සාර්ථකත්වය ගැන උගන්වන දේශකවරුන්ගෙන් 99%ක් ඔබට නොකියන, සාර්ථකත්වයේ ප්‍රබලම , වටිනාම පාඩම ගැන.

මේ පාඩම කොතරම් වටිනවාද යන්න මම ඔබට කියන්න යන්නේ නෑ, මම ඔබට කියන්නේ ඔබ මේ පාඩම දන්නේ නැත්නම් ඔබ කොතරම් උත්සහවන්ත වුනත්, කොතරම් ධෛර්යයවන්ත වුනත්, කොතරම් කැපවීමකින් සාර්ථක වෙන්න උත්සාහ කලත්, ඔබට එකම තැන කැරකි කැරකි ඉන්න සිදුවෙනවා මිස ඔබ හිතන සාර්ථක ජීවිතයට ලගා වෙන්නනම් ලැබෙන්නේ නෑ කියන දේ විතරයි. එයින් ඔබට මේ කරුණ කොතරම් වැදගත් වනු ඇත්ද යන්න වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

ලෝකයේ බොහෝ දෙනෙක් සාර්ථකත්වය යන්න දකින්නේ, දක්ෂතාවයට, උනන්දුවට, කැපවීමට හා උත්සාහය වගේ සාදක වලට සාපේක්ෂව. මේ නිසා බොහෝ දෙනෙක් හිතන්නේ කෙනෙක් තුල සාර්ථක වීම වෙනුවෙන් උනන්දුවක් තිබෙනවානම්, කැපවීමක්, උත්සාහයක් තියෙනවාම්, ඒ වගේම දක්ෂතාවයක් තිබෙනවානම් ඔහුට හෝ ඇයට සාර්ථක වෙන්න පුලුවන් කියලා. නමුත් මම ඔබට කියන්නේ ඒ දේ ඇත්ත නෙමේ කියලා. අන්න ඒ නිසයි මම ඔබට කීවේ 99% දෙනා ඔබට මේ දේ කියන්නේ නෑ කියලා.

ඇත්තටම ඔබට සාර්ථක වෙන්න මේ මුකුත් ඕනේ නෑ. අන්න ඒ නිසා තමයි, ඔබ මෙන්න මේ දේවල් මත තමයි තමන්ට සාර්ථක වෙන්න පුලුවන් වෙන්නේ කියලා හිතන තාක් කල් ඔබට සැබෑ ජීවිතයේදී සාර්ථක වෙන්න බැරි වෙනවා කියලා මම සදහන් කලේ!

එහෙනම් ඇත්තටම සාර්ථක වෙන්න මොනවද ඕනේ? ඒ දේ කියන්න කලින් මෙන්න මේ දේ වටහා ගන්න, මම නිශ්චිතවම දන්නවා , ඔබ කාලයක් තිස්සේ උනන්දුවක් තිබෙනවානම්, කැපවීමක්, උත්සාහයක් තියෙනවාම්, දක්ෂතාවයක් තිබෙනවානම් මිනිසෙක්ට සාර්ථක වෙන්න පුලුවන් කියන දේ විශ්වාස කල කෙනෙක් බව. ඒ වගේම මම ඒ දේවල් සාර්ථක වෙන්න ඕනේ නෑ කියලා එක පාරටම කියූ පමණින් ඔබට විශ්වාස කරන්න බැරි බව.. අන්න ඒ නිසා පහත තියෙන සාදක ගැන පොඩ්ඩක් ඔබේ අවදානය යොමු කරන්න.

ඔබ Google සෙවුම් ජාලයට ගිහින් onement vi by barnett newman ලෙස Search කරන්න. එවිට ඔබට ලැබේවි නිල් පැහැති පසුබිමක සුදු පැහැති ඉරක් පමනක් ඇදි සිතුවමක්. එය සරලවම මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඇදිය හැකිාකාරයේ දෙයක් බව ඔබට එය දෙස බැලූ බැල්මටම පෙනේවි. නමුත් ඔබ දන්නවාද එය 2013 වසරේදී ඇ.ඩො. මිලියන 44කට අලෙවි වූ බව. ඒ කියන්නේ රුපියල් වලින් නම් ලක්ෂ 78600කටත් අධික මුදලක්.

දැන් ඔබ නිකමට හිතලා බලන්න මීට වඩා අලංකාර, සාමාන්‍ය පුද්ගලයෙක්ට සිතුවම් කරන්න තියා සිතන්නවත් බැරි තරම් සියුම්ව ඇදපු සිතුවම් කොයි තරම් ප්‍රමාණයක් මේ ලංකාව ඇතුලේ විතරක් රු 30000 -40000ක්වගේ සුලු මුදලකටවත් විකුන ගන්න බැරුව තියෙනවාද? ඇයි ඉතා සරල චිත්‍රයක් මිලියන ගනනකට විකිනෙද්දී ඊට වඩා දහස් වාරයක් අලංකාර චිත්‍ර විකිනෙන්නේ නැත්තේ?

ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න,

ලංකාවේ ඔබට වට්ටක්කා ගෙඩියක් අවශ්‍ය වුනාම, ඔබ එය වගා කරන්නේ නැත්නම් නොමිලේ ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. එසේ ලැබෙනවානම් ලැබෙන්න තියෙන්නේ ඉතාම සුලු ඉඩකඩක් පමණයි. නමුත් ඔබ මේ ලංකාවේ කොහේ ගියත්, ඕනෑම තැනකින් ඔබට වතුර ටිකක් බොන්න නොමිලේ ඉල්ලගෙන බොන්න පුලුවන්. එහෙම ලංකාවේ බොහෝ වෙලාවට වට්ටක්කා ගෙඩියක් මිලට ගන්න මුදලට බොහෝ සමාන මිලකට වතුර බෝතල් අලෙවි වෙනවා. ඒ වගේම වතුර අලෙවියෙන් අති විශාල ආදායම් එම නිශ්පාදකයින් ලබා ගන්නවා. නමුත් ඊට වඩා වෙහෙස මහන්සි වෙන, වට්ටක්කා ගොවියාට කවදාවත් එවැනි ආදායම් ලබන්න ලැබෙන්නේ නෑ.

ඇයි මෙහෙම වෙන්නේ? නොමිලේ ගන්න පුලුවන් දේ අලෙවි කරලා මිලියන ගනන් උපයන්නත් එහෙම ගන්න බැරි දේ විකුනලා එතරම් ආදායම් ලබන්න බැරි වෙන්නත් හේතුව කුමක්ද?

ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න,

ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ද, වැඩිම අලෙවි වාර්ථා පිහිටුවන ගායක ගායිකාවන්, මේ ලෝකයේ ලස්සනම ගීත ගායනා කල , දක්ෂම අය නෙමෙයි, නමුත් ඔවුන්ට වඩා දක්ෂ මිනිසුන් සිටියදී ඔවුන් ඒ දක්ෂ මිනිසුන් පසුකර ගිහින් විශාල සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඔබේ මනස අවදි කරමින් සිතන්න පටන් ගන්න,

ඔබට හිතෙන්නේ නැද්ද මේ ක්‍රමය තුල ඔබට අහු වුන නැති මොකක් හරි දෙයක් තියෙනවා කියලා?

ඇත්තටම එහෙම දෙයක් තියෙනවා, අන්න ඒ දේ තමයි ඔබේ සාර්ථකත්වයේත් අසාර්ථකත්වයේත් වෙනස ඇති කරන්නේ. අන්න ඒ දේ තමයි ඔබ කොතරම් මහන්සි වුනත්, කොතරම් කැපවීමෙන් වැඩ කලත් හිතන තරම් සාර්ථක නොවෙන්නට හේතුව වෙන්නේ.

සාර්ථකත්වය වෙත ගමන් කිරීම කියන්නේ වෙනමම විශයක්, එය මහන්සිය, උනන්දුව, කැපවීම වගේ දේවල් මත ගොඩනැගෙන්නක් නෙමේ. මේ දේවල් සාර්ථකත්වයට උදව්වක් වන බව සැබෑව, නමුත් ඒ මත සාර්ථකත්වය ගොඩනැගීම සිදුවෙනවා කියන්නේ සත්‍යයක් නෙමේ. ඔබ සාර්ථක වෙනවාද නැද්ද කියන දේ ඇත්තටම් තීරණය වෙන්නේ, ඔබ කොතරම් දුරට සාර්ථක වීම කියන විශය තුල දක්ෂයෙක්ද යන්න මත පමණයි.

බිල් ගේට්ස් කියන්නේ පරිගනක තාක්ෂණය ගැන දක්ෂයෙක් නෙමේ. ඔහුට වඩා දක්ෂ මිනිසුන් ඔහු යටතේ වැඩ කරනවා, ඔහු කරන්නේ තමන් සතු නොවන ඒ දැනුම භාවිතා කරලා තමන්ව සාර්ථකත්වය කරා මෙහෙයවීම.

ඇන්ඩෘ කානිගී කියන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් ජීවත් වූ විශාල ධනවතුන්ගෙන් මෙන්ම සාර්ථකම මිනිසුන්ගෙන් එක් අයෙක්, ඔහුව ලෝකයේ මිනිසුන් හැදින්වූවේ වානේ රජු කියලා, මොකද ඔහු වානේ කර්මාන්තයෙන් කෝටි ගනනින් මුදල් ඉපයූවා. නමුත් ඔහු වානේ පිලිබද තමන් ලග වැඩකරන කම්කරුවෙක් තරම්වත් දැනගෙන හිටියේ නෑ. නමුත් ඔහු තමන් සතු නොවන දැනුම පවා සාර්ථකත්වය බවට පරිවර්ථනය කලා.

Barnett Newman ගේ චිත්‍රය සම්බන්දයෙනුත් තියෙන රහස එයම තමයි, එය සරල චිත්‍රයක් වුනාට, එය ඕනෑම කෙනෙක්ට අදින්න පුලුවන් වුනාට, එහි අලෙවිකරුවන් ඒ සරල නිර්මාණය ඩොලර් මිලියන ගනනක සාර්ථකත්වයක් කරා මෙහෙයවන්න දැනගෙන හිටියා.

අනිත් චිත්‍ර ඒ වගේ මිලකට අලෙවි වන්නේ එම චිත්‍ර නිර්මාණය කරන ශිල්පීන් චිත්‍ර ඇදීමට දක්ෂ වුනාට, මහන්සි වෙන්න දක්ෂ වුනාට, තම හැකියාව සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගන්න ඔවුන් දන්නේ නෑ. එච්චරයි වෙනස.

ඔබේ ජීවිතය තුලත් තියෙන ගැටලුව මෙයම තමයි, ඔබ ඇතැම් විට අති දක්ෂයෙක් වෙන්න පුලුවන්, ඔබේ ආයතනයේ සිටින හොදම සේවකයා වෙන්න පුලුවන්, සුවිශේෂී හැකියාවන්ගෙන් පිරුන කෙනෙක් වෙන්න පුලුවන්, ඉතා ඉහල කැපවීමකින්, මහන්සියකින් වැඩකරන්න හැකි, එසේ සිදුකරන කෙනෙක් වෙන්න පුලුවන්, නමුත් මේ සියල්ල තිබුනත් ඔබ සාර්ථක වීම කියන විශය තුල දක්ෂයෙක් නෙමේනම් , ඔබ සතුව මොන දේ තිබුනත් එය තුලින් ඔබ බලාපොරොත්තු වන සාර්ථක ජීවිතය ගොඩනගා ගැනීම ඔබට කල හැකි වන්නේ නෑ.

වරක් ලෝකයේ අංක එක මට්ටමේ මූල්‍ය උපදේෂකවරයෙක් වන රොබට් ටී කියොසාකි, තමන්ගේන් උපදෙස් ලබා ගැනීමට පිරිස හමුවේ මෙවැනි ප්‍රශ්ණයක් අසනු ලැබුවා.

” මෙතන ඉන්න කී දෙනෙක්ට මැක්ඩොනල්ඩ් එකට වඩා හොදට බර්ගර් හදන්න පුලුවන්ද? ”

පැමිනි සිටි සියලු දෙනාම වගේ අත ඔසවලා තමන්ට එය කල හැකි බවට පිලිතුරු ලබා දුන්නා.

එය දෙස බලා සිටි රොබට් මීලගට ඔවුන්ගෙන් ඇසුවා,

” එහෙනම් ඇයි , මැක්ඩොනල්ඩ් එක ඔයාලට වඩා වැඩියෙන් මුදල් උපයන්නේ? ”

පිලිතුර සරලයි හැමෝම මැක්ඩොනල්ඩ් එකට වඩා බර්ගර් හදන්න දැනගෙන හිටියට, ඒ හැකියාව තුලින් සාර්ථක වෙන්න ඔවුන් දන්නේ නෑ.

99% දෙනා සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නවා කියලා කරන්නේ මනස අභිප්‍රේරණය කරගැනීම, තව තවත් උත්සාහවන්ත වෙන්න, කැපවෙන්න, මහන්සි වෙන්න මනස සකස් කරගන්න එක. තමන්ගේ සිතේ ඇතිවන සාර්ථකත්වය පිලිබද බලාපොරොත්තුව ප්‍රායෝගික ජීවිතය තුල සැබෑවක් කරගන්න අවශ්‍ය ක්‍රියා පිලිවෙල ගැන, එහෙමත් නැත්නම් සාර්ථකත්වය කියන විශය ගැන ඉගෙන ගන්නේ ඉතා සීමිත පිරිසක් පමණයි. මෙන්න මේ නිසයි බොහෝ දෙනෙක් සාර්ථක වෙන්න උත්සාහකරනවා පෙනුනට, වෙහෙසෙනවා පෙනුනට , ප්‍රතිඵල ලගා කරගන්නවා නොපෙනෙන්නේ!
ඔබටත් හීන දැක දැක , මහන්සි වෙවී හැම දාම එකම තැන ඉන්නවා වෙනුවට, සාර්ථකත්වය කවදා හෝ ලගා කරගන්න අපේක්ෂා කරන බලාපොරොත්තුවක් පමණක් කරගෙන ජීවත් වෙනවා වෙනුවට සැබෑවටම අත්විදිය හැකි ප්‍රායෝගික සාර්ථකත්වයක් ලගා කරගන්න අවශ්‍යනම් ඔබ කල යුතු එකම දේ වෙන්නේ ” සාර්ථකත වීම ” කියන විශය නිවරැදිව ඉගෙන ගන්න පටන් ගැනීම පමණයි.

එය ඉගෙන ගන්න පටන් ගත්තාම ඔබට වැටහේවී, සාර්ථකත්වය වෙත සැබෑවටම ගමන් කිරීමට ඇත්තේ ඔබ සිතනවාට වඩා බොහෝ සෙයින් වෙනස් මාර්ගයක් බව. ඒ වගේම එය ඔබ දන්නවානම් මෙච්චර වතුර තියෙන , නොමිලේ වතුර බොන්න පුලුවන් රටේ වතුර විකුනලා මිලියන ගනන් උපයන්න පුලුවන් වගේ, ඕන තැනක ඕනෑම දෙයක් හරහා සාර්ථක වෙන්න පුලුවන් හැකියාවක් ඔබ තුල නිර්මාණය වන්නට නිසකවම පටන් ගනීවි.

උපුටාගැනීමකි. කතෲ අවිනිශ්චිතයි. අයිතිය කතෘ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි

හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි

සුරංගනාවියෝ දෙන්නෙක් ගමනක් යන ගමන් රාත්‍රියේ නවතින්න පෝසත් ගෙයක් තෝරගත්තා. ගේ පෝසත් වුනත් ඒ පවුල නම් ගොඩාක් නපුරුයි. අනික මේ අය එහි නැවතුනාටවත් වැඩි කැමැත්තක් නෑ. නවතින අමුත්තන්ගේ කාමරය වෙනුවට දුන්නේ පුංචි ඉඩ කඩක්. බිම පොලවේ තමා නිදාගන්නත් වුනේ. එහෙම බිම නිදාගන්න හදනකොටම අහම්බයෙන් එතන හිටපු වයසින් වැඩි සුරංගනාවිය බිත්තියේ තියෙන සිදුරක් දැකලා ඒක ඉක්මනටම ලස්සනට හැදුවා.

ඒක දැකපු අනිත් වයසින් බාල සුරංගනාවිය ඇහුවා…

”ඇයි ඔයා ඒක හැදුවේ?”

”හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි” වයසින් වැඩි සුරංගනාවිය කිව්වා.

ඊළග දවසේ රෑ මේ දෙන්නා දුප්පත් නිවසක රාත්‍රිය ගත කරන්න සුදානම් වුනා. එහේ හිටියේ දුප්පත් හරිම හිත හොද ගොවියෙකුයි එයාගේ නෝනයි. තිබුන කෑම ටිකත් හතරදෙනා එක්කම බෙදා ගත්ත මේ අය අමුත්තෝ දෙන්නට එයාලගේ එකම ඇදත් නිදාගන්න හදලා දුන්නා. අයියෝ ! උදේම ගොවියයි එයාගේ නෝනයි හරිම දුකෙන් අඩනවා. නැගිට්ට ගමන්ම මේ දෙන්නා දැක්කේ මේ සිද්ධිය. මොකද මේ?

හොයලා බලද්දි මේ අය ජීවත් වෙන්න මුදල හොයාගන්න කිරි දොවන එලදෙන මැරිලා.

”ඇයි ඔයා මේකට මුකුත් නොකරන්නේ? මුලින්ම අපි නැවතුන තැන හැමදේම තිබුන කෙනාට නම් ඔයා උදව් කලා. අපිට හොඳින් සලකපු දුප්පත් මේ අහිංසකයාගේ එලදෙන නැති වෙනකන් ඔයා බලන් හිටියා.” වයසින් අඩු සුරංගනාවි ටිකක් තරහෙන් කියන්න වුනා.

”හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි, දන්නවද? මම ඒ අපි මුලින්ම නැවතුන ගෙදර බිත්තිය සිදුරෙන් ඇතුලෙ තිබුනා රත්තරන් ගොඩාක්. තමන්ගෙ ලග තියෙන දේ අනිත් අයත් එක්ක බෙදාගන්න බැරි අයට මොකටද තවත් නිධානයක්. බිත්තියේ තිබුන සිදුර මම වහලා දැම්මා.” එතකොට මේ දුප්පත්‍ යුවලගේ එළදෙනෙ ගැන නේද, හ්ම්ම්… ඊයේ රෑ මරණයේ සුරංගනාවිය ආවා. එයා ආවේ ගොවියගේ බිරිඳ අරගෙන යන්න. ඒත් මම ඇය වෙනුවට එලදෙනව ඇයට දුන්නා. එච්චරයි.

අපේ ජීවිත වලත් අපේ ඇස් බොරු වෙන දේවල් ඕන තරම් සිදු වෙනවා. ඒ නිසා දෙයක් ගැන ඉක්මනින් තීරණයකට එන්න කලියෙන් ටිකක් සොයල බලන්න අපේ යාලුවොත් හිතට ගන්න. ”හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි” එහේම නේද??

උපුටාගැනීම Positive Thinking Page. අයිතිය කතෘ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

සාර්ථකත්වය

සාර්ථකත්වය

සමාජයේ ඉන්න මිනිස්සු හැමෝම වගේ සාර්තකත්වයට යන්න ආසා කරනවා නමුත් එයින් ඉතා පොඩි පිරිසක් විතරක් සාර්තකත්වයට යන මාර්ගය තෝරා ගන්නවා.. නමුත් එතනිනුත් ඉතා කුඩා පිරිසක් තමා ඉවසීමෙන් තමන්ගේ ඉලක්ක වලට යන්නේ.. මොකද සාර්තකත්‍යට යන්න තියෙන්නේ ඉතාම සෙමින් යන ගමනක්…

අනෙක් දේ තමා ගොඩක් මිනිස්සු කැමති නෑ බිංදුවෙන් පටන් ගන්න.. නමුත් මොන තරම් විශාල දෙයක් වුණත් පටන් ගන්නේ බිංදුවෙන්.. අලුත් බැංකු ගිණුමක් පටන් ගන්නේ බිංදුවෙන්.. අලුත් සාමාජ ජාලා පිටුවක් පටන් ගන්නේ බිංදුවෙන්..අද සාර්තක වෙච්ච හැම දෙයක්ම පටන් ගන්නේ බිංදුවෙන්…

ගොඩක් මිනිස්සු තමන්ගේ ඉලක්ක වලට යන ගමනෙන් ඉවත් වෙන්නේ මේ වගේ හේතු නිසා.. ඔවුන් සාර්තකත්වය ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.. පොඩි උදාහරණයකට ගත්තොත් විභාගයකට පාඩම් කරන ළමයෙක්, එතන තියෙන්නේ ඉතා සෙමින් ඉවසීමෙන් යා යුතු ගමනක්.. එක දවසක් පාඩම් කලා කියලා ඒ කරුණු මතක හිටින එකක් නෑ.. දිගින් දිගටම කරද්දී තමා විශය කරුණු මතකයේ හිටින්න පටන් ගන්නෙත් එතනින් පස්සේ ඔබේ ඉලක්ක වලට යන ගමන් ටිකෙන් ටික වේගවත් වෙනවා…

මේ දවස් වල ගොඩක් තරුණ පිරිස සමාජ ජාල වලට එනවා, නමුත් ඒ එන පිරිසෙන් ඉලක්ක වලට යන්නෙ ඉතා අඩු පිරිසක්.. මොකද මුල් කාලයේ තියෙන්නේ ඉතාම පහල වේගයක්.. මිනිස්සු ගොඩක් ඒ අලුත් සමාජ ජාල පිටුත් එක්ක එකතු වෙන්නේ නෑ.. ඒ නිසා වැඩේ අත ඇරලා දානවා…

නමුත් මතක තියා ගන්න අපිට අමාරු බිංදුවේ(0) ඉදලා එකට(1) යන එකයි.. එකේ(1) ඉදලා දහයට(10) යන එක ලෙසියි.. මුල් ටික තමා අමාරුම.. ඒ ටික තමා ඉවසීමෙන් අල්ලන් ඉන්න ඕනේ.. පස්සේ ඔයාගේ ඉලක්කයට යන ගමන වේගවත් වේවි..

නමුත් මේකේ කිසි වර්ධනයක් නෑ කියලා වැඩේ අත ඇරලා දැම්මොත් කිසි දෙයක් ලැබෙන්නේ නෑ.. ඉතුරු වෙන්නේ අසාර්තකත්වය විතරයි.. .

ඒ නිසා මතක තියා ගන්න.. සාර්ථකත්වය කියන්නේ සෙමින් යායුතු ගමනක්, ඉවසීමෙන් යා යායුතු ගමනක්.. උත්සාහය අත ඇරලා දැම්මා කියලා ඔබේ ගමන වේගවත් වෙන්නේ නෑ.. ඔබ හෙමින් හෙමින් ගිය ගමනත් නැති වෙන එකයි වෙන්නේ…

0 ඉඳන් පටන් ගන්න කැමතිනම්, දියුණු වෙන්න කැමතිනම් අදම බිස්නස් හබ් පේජ් එකේ ලිපි කියවන්න ආරම්භ කරන්න…

උපුටාගැනීම Idea Motivation Page. අයිතිය කතෘ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

නායකත්වය කියන්නේ ඇත්තට ම අණ දීම් නෙවෙයි. ක්‍රියාවෙන් පෙන්වීමයි

නායකත්වය කියන්නේ ඇත්තට ම අණ දීම් නෙවෙයි. ක්‍රියාවෙන් පෙන්වීමයි

ඉන්දියාවේ දිළිඳු පවුලක මවකට ඕනෑ වුණා තමන්ගේ යොවුන් දරුවාගේ නරක පුරුද්දක් අත්හැරවන්න. මේ දරුවාගේ නරක පුරුද්ද වුණේ අන් කිසිවක් නොවෙයි. ගෙදරට ගේන සීනි ටික හොරෙන් කන එක. මේක වලක්වන්න නොයෙකුත් දේ ඈ කලත්, කුඩා කාලයේ සිට පැවත ආ පුරුද්ද අත්හැරගන්න ඔහුට හැකිවුණේ නෑ. සීනි බෝතලේ හංගලා බැලුවා. දරුවාට අවවාද කරලා බැලුවා. ගහලා බැලුවා. මේ කිසිම ක්‍රමේකට මේක නවත්ත ගන්න ඈට බැරි වුණා. අවසානයේ දී ඇය මේ සම්බන්ධයෙන් දැනමුතුකම් ගන්න මහත්මා ගාන්ධි තුමා වෙත යන්න තීරණය කලා. දරුවවත් ලෑස්ති කරගෙන ඇය කිලෝමීටර් ගාණක් පයින් ආවා. අනික ගිණි ගහන රස්නයක් තියෙන දවසක. පැය ගණනාවක විඩාවත් තමන්ගේ මුහුණේ තියාගෙන ඇය ගාන්ධිතුමාට ප්‍රශ්නය තේරුම් කළා.

” අද නම් මට මෙයාට මුකුත් ම කියන්න බෑ. නමුත් සමහරවිට තවත් සති දෙකකින් ඔබ ආවොත්, මට පුළුවන් වේවි ඔහුට ඒ සම්බන්ධයෙන් කිසියම් අවවාදයක් දෙන්න.”

නැවත වතාවක් එන එක යම්තාක් දුරකට දුෂ්කරතාවක්. ඒ නිසා, කියන දෙයක් අද ම කියන්න යැයි ඇය ගාන්ධිතුමාට ඇවිටිලි කලා.

” මම වරක් කිව්වනේ. අද නම් මට මුකුත් ම මේ ගැන කියන්න බෑ. සති දෙකකින් එන්න. ඔය නරක පුරුද්ද අත් ඇරවගන්න අවශ්‍ය මඟ පෙන්වීම මම කරන්නම්.” ගාන්ධිතුමා ඇගේ බලාපොරොත්තු සුන් කලා.

සති දෙකක් ගත වුණා. පුතණ්ඩියාගේ නරක පුරුද්ද එසේමයි. ඒ නිසා ම, ඇය නැවතත් දුෂ්කර ගමනක යෙදෙමින් ඔහුත් සමඟ ගාන්ධිතුමන් බැහැ දකින්නට ආවා. එදා නම්, යොවුන් දරුවාව තමන් ගාවට ගත්තු ගාන්ධිතුමා හරි අපූරුවට දරුවට පැහැදිලි කලා. අධික ලෙස සීනි කෑමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වගේ ම, දුප්පත් දෙමව්පියන්ට එහෙම ඉහළ සීනි පරිභෝජනයක් කරන්නට වාතාවරණයක් නොමැති බවත් ගාන්ධිතුමා ඔහුට පෙන්වා දුන්නා. දරුවා ගාන්ධිතුමාට පොරොන්දුවක් දුන්නා. ” ගාන්ධිතුමනි. මම නැවත එහෙම සීනි කන්නේ නැහැ.”

දැන් අර මවට හරි ම සතුටුයි. ඒත් ඇයට ප්‍රශ්නයක් තිබුණා. ඇය එය කෙලින් ම ගාන්ධිතුමන්ගෙන් ඇහුවා.
” ඔබට අද මේ කරන ටික ම එදාත් කරන්න තිබුණා. ඇයි ඔබ එදා මේ උපදෙස් ටික නොදුන්නේ. මේකෙන් අපි එක ගමනක් එන්න ඕනේ වැඩේට දෙවරක් ඇවිත් රස්තියාදු වුණා වගේ ඔබට හිතෙන්නේ නැති ද?” ගාන්ධිතුමා සැලකිල්ලෙන් කාන්තාව දෙස බැලුවා.

” නෑ. මම එහෙම හිතන්නේ නෑ. ඇරත් එදා මට මේ උපදෙස දෙන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ.” කාන්තාව යළිත් විමතියෙන් දෑස් ලොකු කලා. ” ඒ මොකද ඒ?” ගාන්ධිතුමා බැරෑරුම් ස්වරූපයක් මවා ගනිමින් නළල රැලිගන්වා උත්තරයක් දුන්නා.
” හේතුව එදා වෙනකොට මටත් සීනි කෑම අත්ඇරගන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ. පහුගිය සති දෙකේ ම මම කලේ ඒ අධික සීනි කෑමෙන් මිදෙන්න පියවර ගත්ත එක. මම කරන්නේ නැති දෙයක් කරන්න කියලා මට දරුවෙක් ට කියා දෙන්න බෑ.”

මේ කතාව නායකත්වය සම්බන්ධ පුහුණු වැඩමුළුවල දී මම නිතර කියන කථාවක්. මමත් මෙය උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්. නමුත් මේ කතාව ඇතුලේ ලොකු පණිවුඩයක් තිබෙනවා. නායකයා යනු අණ දෙන්නෙක් නොවේ. ඔහු ආදර්ශමත් වන්නාය කියන කාරණාව. අපි හැමෝම ජීවිතයේ යම් මොහොතක නායකත්වය දරනවා. ඔබගේ කාර්යාලයේ ඔබ විධායක ශ්‍රේණියේ රැකියාවක් නොකරනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබට නායකත්වය දරන්නට මොහොතක් එනවා. ඒ තමයි ඔබගේ පවුල තුල. ඔබ දෙමාපියෙක් නම්, ඔබ නායකත්වය දෙන්නේ දරුවාට. නායකයින් ලෙස සෑම පුද්ගයෙකු ම පුරුදු පුහුණු කල යුතුව තිබෙන්නේ අනාගත පරපුර, නායකත්වයේ ලක්ෂණ ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන් නිසා. ඇතැම් අවස්ථාවල දී ඇතැම් දෙමාපියන් මා හමුවෙන්නට පැමිණෙනවා. ඒ දරුවන්ගේ නොයෙකුත් අඩුපාඩු නිරාකරණය කරගන්නට සහය ඉල්ලා සිටිමින්. වරක් පියෙකු පැමිණ තමන්ගේ දරුවාගේ ආවේගශීලී භාවය සම්බන්ධයෙන් යමක් කරන්නැයි ඉල්ලා සිටියා. ගැඹුරට ඔහු හා කථා කරන විට දැනගන්නට ලැබුණ දේ තමයි ඒ පියාත් ක්ෂණික ආවේගයට පත් වෙන පුද්ගලයෙකු බව. දරුවා මුල සිට දැක ඇත්තේ යම් යම් බලාපොරොත්තු කඩවීම්වල දී, තමන්ට ඕනෑ පිරිදි සියල්ල සිදු නොවන විට දී ආවේගයට පත්වෙන පියෙක්. දරුවා ආවේගශීලී වීම අහන්නටත් දෙයක් ද? තවත් මවකට තමන්ගේ දරුවන් කියැවීමට පෙළඹවීමේ දැඩි උවමනාවක් තිබුණා. නමුත්, දරුවන්ට එසේ කරන්නැයි කියන අම්මා තාත්තා විවේකයක් ලබන සෑම මොහොතකදී ම කරන්නේ රූපවාහිනිය බැලීම හෝ ජංගම දුරකතනය සමග කල් ගතකිරීම බව දරුවාගේ පාර්ශවයෙන් කියැවුණා. අද සමාජයේ බොහෝ නායකයින්ගේ ගැටළුව නම්, නායකත්වයේ ආදර්ශය ලබා දෙන්නට ඔවුන් අසමත් වීමයි.

ඔබ දිහා බලමින් ඔබගේ පසුපසින් පැමිණෙන්නා කවරෙකු වූවත්, ඔබගෙන් ඔහු හෝ ඇය ආදර්ශ බලාපොරොත්තු වනවා. පිළිවෙලට ඇදපන් යයි කෙනෙකුට කියන්න නම්, තමන් පිළිවෙලට අදින්නට අවශ්‍යයි. වෙලාවට වැඩට එන්නැයි සේවකයින් තුල පෙළඹවීමක් සිදු කල හැක්කේ වෙලාවට සේවයට වාර්තා කරන නායකයෙකුට පමණයි. නමුත් සමාජය තුල සිටින බොහෝ නායකයින්ගේ ප්‍රශ්නය වන්නේ, ඔවුන්ගේ අණ තුල ඔවුන් හෝ ජීවත් නොවිමයි. අනෙක් අය ඔවුන් අනුගමනය කිරීම ගැන ඉතින් කවර කතාවක් ද?

මම සඳළංකාව ජාතික පාසලේ ශිෂ්‍ය නායකයෙකුව සිටිය දී මට එවැනි පාඩමක් මගේ විදුහල්පතිවරයා හරි අපූරුවට ඉගැන්වූවා. අපිට එක් එක් දිනවල දී එක් එක් රාජකාරී පැවරී තිබෙනවා. එක් දිනක් මම ප්‍රධාන ගේට්ටුවේ රාජකාරී සඳහා වාර්තා කල යුතුව තිබුණා. මගේ නිවසේ සිට පාසලට තිබුණේ මීටර් 500 ක පමණ දුරක්. උදෑසන 6.30 වනවිට ගේට්ටුවේ රාජකාරි ආරම්භ කල යුතුයි. නමුත් එක් දිනක් මම ප්‍රමාද වුණා. පාසලේ ප්‍රධාන ගේට්ටුව පසුකරමින් මම පොත් බෑගය තියන්න පන්ති කාමරයට දුවනකොට වෙලාව උදාසන 6.33 යි. නැවත ගේට්ටුවට වාර්තා කරනවිට වේලාව 6.35 වුණා. මගේ විදුහල්පතිවරයා වූයේ M.G.S.රූපස් මහතා. ඔහු පාසලට එන්නේ කිලෝමීටර් 20-30 ක් පමණ ඈතක සිටයි. ඔහු මට බැන්නේ නැහැ. නමුත් ප්‍රශ්න කිහිපයක් ඇසුවා.
” භාතිය. ඉස්කෝලෙට ගෙදර ඉදන් දුර කොච්චරක් තියෙනවා ද?”
” සර්. මීටර් 500 යි.” ඉන් අනතුරුව ඔහු මට කී දෙයින් මගේ කලිසම කඩා වැටෙනවා වගේ මට දැනුනා.

“කිලෝමිටර් 30 ගාණක් ඈත ඉදන් ඇවිල්ලත් අද උදෙත් මම 6.30 වෙනකොට ගේට්ටුව ගාව හිටගත්තා භාතිය.” විදුහල්පතිතුමා හිනා වෙලා කිව්වා. මට මහත් ලැජ්ජාවක් ඇති වුණා. ඔහු මගේ විදුහල්පතිවරයා. මම ශිෂ්‍ය නායකයෙකු විතරයි. එදා ඉදන් මම අප්‍රමාදී වන්නේ කෙසේදැයි ඉගෙන ගත්තා. අවුරුදු 10 ක් ආයතනගත සේවයේ හිටියා. එම කාලසීමාවේ දීත්, වැඩමුුළු සැසිවාර හෝ දේශනවලට සහභාගී වන මේ වෘත්තීය ජීවිතය ඇතුලේත්, මට වෙලාවට වැඩ කරන්නට බැරි වෙනවා නම් එය මා තුල දැඩි අපහසුවක් ඇති කරනවා. මට මගේ විදුහල්පතිවරයා මතක් වෙනවා. අඩුම තරමේ දේශන හෝ සැසිවාර අතර ලබාදෙන විවේකයේ දී පවා දේශන ශාලාවෙන් අවසානයට ඉවත්ව යන්නේ මා වූවත්, අන් සැමට කලින් නැවත දේශන ශාලාවට පැමිණෙන්න මම උත්සාහ කරනවා. ඇයි? මට දෙන බෙහෙත මගේ විදුහල්පතිවරයා හදවතේ ගැඹුරට ම දෙන්න සමත් වුණ නිසා. සමහර විට ඔහු මට ඒ සම්බන්ධයෙන් දඬුවමක් දුන්නා නම්, එය මේ තරම් බලවත් පාඩමක් නොවෙන්නට ඉඩ තිබුණා.

නායකත්වය කියන්නේ ඇත්තට ම අණ දීම් නෙවෙයි. ක්‍රියාවෙන් පෙන්වීමයි. Leadership is not a title. its a collection of good behaviors. ( නායකත්වය යනු තනතුරක් නොවෙයි. එය ඉතාමත් හොද ගුණාංග සමුදායක එකතුවක්) යැයි මා නිතර ම කියනවා. ඔබ ඔබගේ කාර්යාලයේ ලොක්කා නොවෙන්නට පුළුවන්. ඔබගේ යහළුවන් අතර වැඩ්ඩා නොවෙන්නට පුළුවන්. නමුත් ඔබ දිහා බලාගෙන යමෙක් පිළිවෙලට යමක් කරන්නට ඉගෙන ගන්නවා නම්, ඒකේ තේරුම ඔබ ඔහුට නායකත්වය දුන්නා යන්නයි.

ඒ නිසාවෙන්, ඔබට ජීවිතයේ යම් මොහොතක, ඔබගේ රැකියාව තුල දී බැරිවුණත්, ඔබගේ සහෝදර සහෝදරියන්ට, දරුවන්ට, පවුලට හෝ නායකත්වය දෙන්නට සිදු වෙනවා. අන්න ඒ වෙලාවට ඔබට හැකිනම්, අණ නිකුත් කරනවා වෙනුවට ආදර්ශමත් වෙන්න, ඒකේ තේරුම ඔබ සැබෑ නායකයෙක් ලෙස වැඩකලා කියන එකයි.

සැ. යු : භාතිය අර්ථනායක විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලදි. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

වතුර බෝතලයෙන් ජීවිතය ජයගත් ආසියාවේ ලොකුම පොහොසතා

වතුර බෝතලයෙන් ජීවිතය ජයගත් ආසියාවේ ලොකුම පොහොසතා

වතුර බෝතලයෙන් ජීවිතය ජයගත් ආසියාවේ ලොකුම පොහොසතා

2020 අවසාන වන විට ආසියාවේ අංක එකේ පොහොසතා ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරික පුවත් උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ චීනයේ ව්‍යවසායක චරිතයකි. Zhong Shanshan යනු ඔහුගේ නාමයයි. චීන බසට අනුව ඔහුගේ නාමය ශබ්ද වන්නේ චොං ෂෙන්ෂෙන් යනුවෙනි. අපට හුරු උච්චාරණයට අනුව අපි ඔහු ෂොං ෂන්ෂාන් ලෙස හඳුන්වමු.

අද අපි දිග හරින්නේ වතුර බෝතලයෙන් ලෝකය ඇල්ලූ මේ මිනිසා සහ ඔහුගේ “නොංගුෆු ස්ප්‍රීං” කාබනික වතුර නිෂ්පාදන සමාගම ගැනය.

කවුද මේ ෂොං ෂන්ෂාන් ?

වැඩට මුල් තැන දීම ෂොංගේ ප්‍රධාන කාර්යය වූ බැවින් ඔහු ගැන පුද්ගලික පුවත් පළ වී ඇත්තේ ඉතා කලාතුරකිනි. ඒ හැරත් පුද්ගලික ජීවිතය ගැන ඒ තරමටම කතා කිරීමට අකමැති චරිතයක් බව පෙනී යයි. කෙසේ වුවද ෂොං යනු කෘෂිකර්මාන්තය, බිම් මල් හෙවත් හතු වගාව, සෞඛ්‍ය අංශ සඳහා වූ නිෂ්පාදන මෙන්ම පානීය ජලය මෙන්ම බීම වර්ග බෝතල් කර අලෙවි කරන ව්‍යෘපාරයන්හි හිමිකරුවකු ලෙස චීනයේ අංක එකේ ධනවතා බවට මේ වන විට පත්ව සිටින ව්‍යවසායක චරිතය වේ. ජාත්‍යන්තර ව්‍යාපාරික පුවත් පෙන්වා දී ඇති පරිදි පසුගිය වසර අවසාන වන විට ඔහුගේ ශුද්ධ ආදායම්වල වටිනාකම ඩොලර් බිලියන 78 කට ආසන්නය. අප පෘථිවියේ වෙසෙන ධනවත් පුද්ගලයන් අතර ඔහු සඳහන් වන්නේ 11 වැනි ධනවතා ලෙසය. 2020 එකතකට ලෝකයට කියා දුන්නේ ස්වභාධර්මයට අවනතව කටයුතු කරන්න යැයි, යන පණිවුඩය නම්? ෂොංගේ ව්‍යාපාර ස්වභාව ධර්මයට පිටින් ගිය ඒවා නොවන වග පෙනී යයි. මේ නිසාම දෝ ඔහු හට ආසියාවේ අංක එක කේන්ද්‍රගත වීමට හැකිව ඇති බව සඳහන් කළ හැකිය. ධනයෙන් බලවත් වන විට බොහෝ ව්‍යවසායකයන් දේශපාලනය තම ජීවිතයට සමීප කරගෙන කටයුතු කරන නමුත්, මෙම ෂොෂන්ෂාන් යනු කිසිඳු දේශපාලනයකට සම්බන්ධ නැති ව්‍යාපාරික චරිතයක් ලෙස ප්‍රකටය. මේනිසාම මේ වසර එලඹෙන තෙක් ඔහු ගැන ලෝකයේ වැඩි කතා බහක් ඇති නොවූයේ ද එම හේතුව නිසාමය. ලෝක ව්‍යාපාරික චරිත බවට පත් වන විට එම චරිත අධිපතිවාදී න්‍යායන් උදෙසා අනෙකුත් ධනපතින් හා ඒ පවුල් සමග එක් වී කටයුතු කරන්නේ සබඳතා තවත් තර කර ගැනීමට උදෙසාය. එහෙත් මේ වතුර මිනිසා ධනවත් සහ ප්‍රභූ පවුල් සමග සබඳතා පවත්වන්නේ නැතැයි ද සඳහන් වේ. චීනයේ දී එලෙසින් දේශීයව හුදෙකලා වී ගමනක් යන බැවින්, ඔහුට හුදෙකලා වූ වෘකයා හෙවත් Lone Wolf යන නාමය පට බැඳී ඇත.

වයස අවුරුදු 12 දී පාසල හැර ගිහින්.

අද ලෝකයේ සිටින මහා ධනවතුන් 500 දෙනා අතරින් 11 වැනි ස්ථානයට පැමිණ සිටින ෂොං සතු සෞඛ්‍ය අංශයේ නිෂ්පාදන නිපදවන අංශය මගින් පවතින කෝවිඩ් වසංගතය නිසා ඊට ​ගොදුරු වන මිනිසුන්ගේ භාවිතයට පිණිස නාසයට ඉසීමේ එන්නතක් (Nasal Spay Vaccine) පවා හඳුන්වා දී තිබේ. මෙහෙව් වූ ඔහු වයස 12 දී පමණ පාසල හැර ගිය කෙනෙක් යැයි කිව්වොත්, ඔබ පුදුම වේවි. නමුත් එය සත්‍යයකි. හිතා ගන්නට පුළුවන් ද එවැනි කෙනෙකු අද මේ තත්ත්වයේ සිටීම ගැන?

එදා පාසල හැර ගියද ෂොං යනු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව තමා ගැන විශ්වාසය තබා කටයුතු කළ අයෙකි. අද ඔහු පැමිණ ඇති නායකත්වයේ ලක්ෂණය හේතු වූ ප්‍රධාන සාධකය වන්නේ ඔහු සතු වූ දැක්මය.
මට තිබුණේ දැක්මක් මිසක අනෙකුත් සියලු දේ වෙතින් ලැබූ ශක්තියක් නොවෙයි.

මහා වතුර මිනිසා විටෙක එලෙසින් කියයි. ලෝක ධනපතියන් වූ ව්‍යවසායික චරිත ආ ගමන දෙස බැලීමේ දී ෂොං ගේ විශේෂත්වය වන්නේ අනෙක් අයට වඩා කෙටි කාලයක දී ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්තට යාමය. 2021 නව වසර උදා වන තෙක් ලෝකයේ ඔහු ගැන එතරම් දැන නොසිටියේ පෙර කී ලෙස මාධ්‍ය හමුවේ ඔහු පෙනී නොසිටීම නිසාය. කෙසේ වෙතත් සඳහන් කළ පරිදි චීන මාධ්‍යයට ඔහු නම් කළේ හුදෙකලා වූ වෘකයා, ලෙස පමණක්ම නොවේ. වතුර බෝතල රජු යන අන්වර්ථ නාමයෙන් ද ඔහු හඳුන්වයි.

ෂොං ෂන්ෂාන් මුලින්ම සේවය කළේ ඉදිකිරීම් අංශයේ සේවකයකු ලෙසයි

1954 දී වතුර රාජ උපන්නේ චීනයේ ෂෙජියැන්හි හැංෂෝ (හැංචෝ) නගරයේදීය. එදා වයස අවුරුදු 12 දී ඔහු පාසල් හැර යාමට සිදු වී ඇත්තේ එවකට චීනයේ පැවැති සංස්කෘතික විප්ලවයේ අර්බුද හමුවේය. විප්ලවයේ අර්බුද හමුවේ ජීවිතයට පන්නරය ලබා ගත් ෂොං ස්වකීය ජීවන විප්ලවය ජය ගැනීමට අරමුණු කර ගන්නට ඇත. එදා පැවැති සංස්කෘතික විප්ලවයේ අර්බුද හමුවේ ඔහුගේ මව පියා මෙන්ම, එම පළාතේ අනෙකුත් සාමාන්‍ය ජනතාව බොහෝ හිංසනයන්ට මුහුණ දුන් බව සඳහන් වේ. කුඩා දරුවකු වූ ෂො පාසල් ජීවිතයෙන් සමුගත්තේ ද එවැනි හේතු නිසාවෙනි. එසේ නොමැතිව ඉගෙනීමට බැරිව පාසල් කට්ටි පැන, ඉබාගාතේ ගිය කෙනෙකු නම් නොවීය. කෙසේ වෙතත් පාසල හැර ගිය නිසා, කුඩා කළ සිටම විවිධ රස්සා කිරීමට ඔහු හට සිදු විණි. පුංචිම පුංචි එදිනෙදා කුලියක් ගන්නා වැඩක පවා යෙදීමට ඔහුට සිදුවූ අතර වාර්තාවල සඳහන් වන පරිදි ඉදිකිරීම් සිදු කළ ආයතනයක අත්උදව්කරුවකු ලෙස ටික කලක් කටයුතු කර තිබේ. එයින් සිමෙන්ති සමග පදම් වී කොන්ක්‍රීට් මෙන් ශක්තිමත් වූ ඔහු ඊළඟට අමුතු රස්සාවකට අත ගැසීය. පුවත්පත් වාර්තාකරුවකු ලෙස කටයුතු කිරීම ඒ රස්සාවය. එය සාම්ප්‍රදායික රැකියාවක් නොවුන එම පුවත්පත් කලාවේ දී වෘත්තියට සමුදී ඊළඟට විවිධ පාන වර්ග බෙදා හරින සමාගමක භාණ්ඩ විකුණන කොල්ලෙකු ලෙස කටයුතු කළේය. ඒ ගමන නතර වුණේ බීම සමාගමේ ඒජන්ට් (බෙදාහැරීමේ ශාඛාවක්) ලෙස ඔහුගේ අණසක ඇතිව කළ රාජකාරියට අවතීර්ණ වීමෙන්ය. අනුන් යටතේ කළ අවසන් රාජකාරිය එය වූ අතර ඉනික්බිතිව ‘ෂොං’ හෙවත් වතුර මිනිසා 1996 දී නොංගුංෆු ස්ප්‍රිං (Nongfu Spring) නමින් ස්වකීය ව්‍යවසායකත්වයේ ගමනට අවතීර්ණ වූව

නොංෆු (Nongfu) සමාගම ස්ථාපිත කර ඇත්තේ 1996 සැප්තැම්බර් මස 26 වැනිදා ෂෙජියෑන්හි හැංෂෝ නගරයේදීය. එලෙසින් පටන් ගත් පානීය ජල බෝතල් කිරීමේ ව්‍යාපාරයේ දී ප්‍රථම නිෂ්පාදනය බෙදා හැරීමට කටයුතු කළේ 1997 දී යැයි සඳහන් වේ. නොංෆු නාමය යටතේ බෝතල් කළ වතුර පිරවීමට ජලය ලබාගෙන ඇත්තේ කුඩා දූපත් දහසකින් පමණ සමන්විත විශාල වැවක් වන ෂෙජියෑන්හි Qiandao (චියන්ද්‍රව්) විලෙනි. ෂෙජියෑන් දිස්ත්‍රික්කයට මෙම විල යනු මහාර්ඝ සම්පතකි. සුපිරිසිදු විලෙහි ජලය රන් වතුරක් බවට පත්කරගෙන ෂොං 2001 දක්වා සාර්ථක ගමනක් ආයේය. එකී ගමනෙහි වසන්ත සමයට එලඹියේ 2001 වසරේ දී සමාගම කොටස් නිකුතුව සමග ඒකාබද්ධ සමාගමක් බවට පරිවර්තනය වීමත් සමගය. ඉන්පසු නොංෆු සමාගම නිෂ්පාදනය කළේ පානීය ජල බෝතල පමණක් නොවේ. විවිධ බීම වර්ග (පලතුරු බීම ආදී) නිෂ්පාදනය කිරීම ඇරඹිණි. a little bit sweet යන්න සමාගමේ නිෂ්පාදනයන් වෙනුවෙන් යොදාගත් තේමා පාඨය වීය.

ටිකයි හොඳයි, රසයි ටිකයි යනුවෙන් එය පරිවර්තනය කරගත හැකිය. Nongfu (නොංෆු) සමාගම දිනෙන් දින කෙතරම් ප්‍රචලිත වීද යත්, 2000 දශකය වන විට චීනයේ පානීය ජලය බෝතල් කර බෙදාහරින දැවැන්තම නිෂ්පාදකයා බවට පත්විය. ඊළඟ වසර දෙක තුන ඇතුළත දී පානීය තේ සහ යුෂ වර්ග බෝතල් කර නිෂ්පාදනය කරන චීනයේ ප්‍රධාන සමාගම් ත්‍රිත්වය අතරින් එකක් බවට පත්විණි.

2012 දී ලෝක විනාශයක් වේ යැයි වැදගැම්මක් නැති කෙනා නිසා ලෝකය කැළැඹී තිබුණු මොහොතක දී නොංෆු චීනයේ ජනප්‍රියතම පානීය ජල බෝතල නිෂ්පාදනය ලෙස නීල්සන් වාර්තා උපුටා දැක්වීය. කෙසේ වෙතත් ගමනක් යාමේ දී බාධා නැත්තේ කොතැන ද? ෂොං ගේ සමාගම හා බීජිං ටයිම්ස් පුවත්පත අතර ආරවුලක් ඇතිවිණි
ජාතික ජල ප්‍රමිතීන්ට අනුව කටයුතු නොකරන බවට පුවත්පත නොංෆු වෙත එල්ල කළ චෝදනා හමුවේ බෝතල් කළ ජලය නිෂ්පාදනය කරන චීනයේ ලොකුම සමාගම වූ ෂොංගේ මෙම සමාගම බීජිං ටයිම්ස් පුවත්පත මට්ටු කළේ ඇමරිකානු ඩොලර් මිලියන 10කට හෙවත් යුවාන් මිලියන 60 ක අපහාසය සඳහා වූ වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීමෙන්ය. එක් අධිකරණයකට සීමා නොවී, දෙවැනි මහජන අධිකරණයේ ද නඩුවක් ගොනු කළේ, තම සමාගමේ නිෂ්පාදනවල සුපිරිසිදු බව සහ අනර්ඝ බව ඔප්පු කරවීම වෙනුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධව තවත් කරුණු සොයා බලා එහි සත්‍ය කුමක් ද කියා හරිහැටි දැනගත යුතුය. මක්නිසාද යත්, බීජිං ටයිම්ස් යනු ආවාට ගියාට පුවත් පළ කරන පුවත්පතක් නොවන බැවිනි.
‘ෂොං’ ගේ ගමන මෙවැනි දේ නිසා නතර කිරීමට නොහැකි වූවා සේම මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ද ඔහු අකමැති විය. කාලය එසේ ගෙවී ගිය ද ‘ෂොං’ ජාත්‍යන්තරව තම ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව සමාගම සහ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට මෙන්ම ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ගෝලීයකරණය කිරීමට නව උපාය මාර්ග සහ ව්‍යවසායක ක්‍රමවේදයක් හඳුන්වා දීම සිදුකළේ 2016 වසරේදීය. තවත් සමාගමක කොටසක් ලෙස ක්‍රියාකරමින් ඖෂධ නිෂ්පාදන අංශය වෙත සමාගම විවර වූයේ බීජිං වන්කායි (Beijing Wantai) ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය නිෂ්පාදන නිපදවන සමාගම ස්ථාපිත කරවීමෙන්ය. ජෛව තාක්ෂණය සමග ඖෂධ නිපදවන මෙහෙයුම් සිදු කෙරෙන එම අංශය හෙවත් සෞඛ්‍ය අංශ වෙත විවර වූ ෂොංගේ සමාගම නම් කර ඇත්තේ බීජිංහි Wantai Biological Pharmacy නමිනි.

අපි ජලය නිපදවන්නේ නැත, සොබා දහමේ කොටස්කරුවෝ වෙමු.

උසස් තත්ත්වයේ පානීය ජලය නිපදවීම අපගේ අරමුණයි.

එලෙසින් පරමාදර්ශය කරගෙන ගමනක් යන නොංෆු සමාගම, ගොවීන් සමග එක්වී කෘෂිකර්මාන්ත කටයුතුවලට යොමුවී ඇත. විශේෂයෙන්ම ඇපල්, කැරට්, දොඩම් වැනි කෘෂි වගාවන් කරන්නේ සමාගමේ නිෂ්පාදන සඳහා එළවළු පලතුරු අවශ්‍ය බැවිනි. අද ඔවුනගේ විකුණුම් සන්නාම සංකල්පය බවට පත්ව ඇත්තේ ස්වභාවික හා සෞඛ්‍ය සම්පන්න යන තේමාවය. එක් අතකින් කෘෂිකර්මාන්තය නගා සිටුවීමට උර දෙමින් ගමනක් යෙදෙන නොංෆු සමාගම, සමාජ සුබසාධන කටයුතු සඳහා ද ක්‍රියාකාරීව කටයුතු කරන චීනයේ ප්‍රමුඛ ආයතනයකි. භූමිකම්පා නියඟ ගංවතුර ගැලීම් ආදී ආපදා අවස්ථාවන්හි දී දුෂ්කරතාවයන්ට මුහුණ දුන් ජනතාව වෙත සමාජ සුබසාධනයන් රැසක් සිදුකර තිබීම පැසසිය යුතු කරුණකි. තම සමාගම්හි සේවය කරන පිරිස නිසා මෙතරම් සාර්ථකත්වයක් ළඟා කරගත වූ හැකි බව ෂොං නිහතමානීව සඳහන් කරන දෙයකි.

මුල් අභිප්‍රාය, නොපසුබට උත්සාහය සහ අනාගතය කෙරෙහි අවධානය යොමු කරමින්, අපේ නිෂ්පාදන චීන වෙළෙඳපොළේ සුපිරි නාමයක් බවට පත්කරවීමට අපට හැකිවී තිබේ. එසේ පවසන ෂොං ෂන්ෂාන් නමැති දිරිය මිනිසා ගැන එලඹෙන දශකයේ දී සමස්ත ලෝකය දැනගනු ඇත. අද ලෝකය ඔහු ගැන කතා වන්නේ කෝවිඩ් වසංගතයට ගොදුරු වූ රෝගීන් වෙනුවෙන්, නාසයට ඉසීම සඳහා වූ එන්නත නිෂ්පාදනය කර ඇති නිසාය. එය පැසසිය යුතු සහ අගය කළ යුතු දෙයකි. ෂොං ෂන්ෂාන් (Shong Shanshan) එදා ජීවිතය පටන් ගත් හැටි සහ ඉනික්බිතිව ජීවිතයට මුහුණ දුන් හැටි සහ අද ඔහු ජීවිතය ගෙවන හැටි බැලූවිට පෙනී යන්නේ එය හාස්කමක් හෝ වාසනාවක් මත පදනම් වූවකට වඩා ධෛර්ය සම්පන්නව මුහුණ දුන් ජීවිතයක සරු අස්වැන්න නෙළා ගැනීමක් ලෙසය.

උපුටාගැනීම Lankadeepa .lk වෙබ් අඩවිය. 2021 දී පළකල ලිපියකි. අයිතිය කතෲ මණ්ඩලය සතුය.

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ස්මාට් විදියට වැඩ කරන්න SMART ඉලක්ක සහ ඒවාට ප්ලෑන් එකක්

ස්මාට් විදියට වැඩ කරන්න SMART ඉලක්ක සහ ඒවාට ප්ලෑන් එකක්

ස්මාට් විදියට වැඩ කරන්න SMART ඉලක්ක සහ ඒවාට ප්ලෑන් එකක්

අපි කලිනුත් කතා කරලා තියෙන දෙයක් තමයි, හාඩ් වර්කින්ග් විතරක් තිබ්බට මදි, හාඩ් වර්කින් වලට වඩා ස්මාට් වර්කින්ග් තමයි ඕනෑ කියන එක. එහෙම ස්මාට් වර්කින්ග් වලට ස්මාට් ටූල්ස් පාවිච්චි කරන්න ඕන. අවශ්‍ය නම් ඩිජිටල් ටූල්ස් එහෙමත් ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒ වගේම, ස්මාට් වර්කින්ග් වලට ස්මාට් ඉලක්ක තියෙන්න ඕන. මේ කියන්නේ SMART ඉලක්ක ප්ලෑන් එකක්. ඇත්තටම මේ SMART කියලා කියන්නේ, අපිට තියෙන අරමුණු කාර්යක්ෂමව සහ සාර්ථකව ඉෂ්ට කරගන්න හඳුන්වලා දීලා තියෙන ටූල් එකක්. සෑහෙන්න සාර්ථක ටූල් එකක්. මේ ටූල් එකේ නම වෙන SMART කියන වචනේ හැදිලා තියෙන්නේ specific, measurable, achievable, relevant සහ time-bound කියන වචන වලින්. සිංහලෙන් කිව්වොත්, නියත, මනින්න පුලුවන්, ඉෂ්ට කරගන්න පුලුවන් ප්‍රායෝගිකත්වයක් තියෙන, අදාළත්වයක් තියෙන, සහ නිශ්චිත කාලයක් ඇතුළත කරගන්න පුලුවන් වැඩ ඉලක්ක. මේ වචන ටික කියවනකොටම SMART ඉලක්ක කරා යන්නෙ කොහොමද කියන එක ගැන දළ අදහසක් එනවනේ. ඒක ක්‍රියාත්මක කරන එක ඊටත් වඩා ඉන්ටරෙස්ටින්ග්!

01. තමන්ට වැදගත් ඉලක්ක

අපිට වැදගත් ඉලක්කයක් තියෙන කොට තමයි, ඒක සාර්ථක කරගන්න අපිට හොඳ මෝටිවේෂන් එකක්, දිරිගැන්වීමක් තියෙන්නේ. ඒ ඉලක්කය සාර්ථක කරගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය අපිට වැදගත් වෙන තරමට, අපි ඒ ඉලක්කය සාර්ථක කරගන්න වැඩියෙන් වෙහෙසෙනවා කිව්වොත් හරි. අන්න ඒ නිසා, මුලින්ම තමන්ගේ වෘත්තිය ජීවිතයට හෝ අධ්‍යාපනික ජීවිතයට සහ පුද්ගලික ජීවිතයට අතිශයින්ම වැදගත් වෙන ඉලක්ක විතරක් හඳුනාගන්න. ඇත්තටම ඉලක්ක වැඩි ප්‍රමාණයක් තියෙනවට වඩා වැදගත්ම ඉලක්ක කිහිපයක් තිබීම තමයි හොඳ.

02. නිශ්චිත ඉලක්ක

අපේ ඉලක්ක නිශ්චිත වෙන තරමට, ඒ ඉලක්ක සාර්ථක කරගන්න පහසුයි. උදාහරණයක් කිව්වොත්, හොඳ පුරවැසියෙක් වෙනවා වගේ ඉලක්ක වල කිසිම නිශ්චිත භාවයක් නැහැ. හැබැයි ඊට වඩා, මම උපාධිය ප්‍රථම පංතියේ සාමාර්ථයක් එක්ක අවුරුදු හතරක් ඇතුළත ලබාගන්නවා කිව්වහම ඒක නිශ්චිත ඉලක්කයක්. ඇත්තටම අපි ඉලක්ක හදාගන්නකොට කරන්න අවශ්‍ය වෙන්නේ, මුලින්ම යම් කිසි නිශ්චිත විස්තීර්ණ ඉලක්කයක් හදාගන්න එක. උඩ කියපු උපාධි ඉලක්කය එහෙම එකක්. හැබැයි දැන් ඒ විස්තීර්ණ ඉලක්කය පුංචි පුංචි, තවත් වඩාත් නිශ්චිත ඉලක්ක වලට කඩාගන්න ඕන. අගෝස්තු වෙනකොට අහවල් එසයිමන්ට් එක මෙන්න මේ ලකුණු ප්‍රමාණය වත් එන විදියට නිම කරනවා, ඔක්තෝබර් මාසේ සම්පූර්ණයෙන්ම වසරාවසාන විභාගයේ පාඩම් ටික කවර් කරලා ඉවර කරනවා වගේ ඉලක්ක මෙන්න මේ වගේ නිශ්චිත ඉලක්ක වලට උදාහරණ. දැන් එහෙම නිශ්චිත ඉලක්ක ටික හදාගත්තහම, දන්නෙම නැතුව ප්ලෑන් එකකුත් හැදිලා ඉවරයි.

03. මැනිය හැකි ඉලක්ක

අපි උඩිනුත් කිව්වා වගේ, හොඳ පුරවැසියෙක් වෙනවා වගේ ඉලක්කයක්, එහෙම නැතිනම් මගේ අධ්‍යාපන වැඩ මේ අවුරුද්ද වෙනකොට සාර්ථක කරගන්නවා, එහෙම නැතිනම් ඊලඟ අවුරුදු පහ ඇතුළත ධනවතෙක් වෙනවා වගේ ඉලක්ක ඇත්තටම මනින්න බැහැ. එතකොට එහෙම ඉලක්ක සාර්ථක කරගන්නේ කොහොමද, සාර්ථක වුණාද නැද්ද කියලවත් හොයාගන්නත් බැහැ. හැබැයි ඊට වඩා අපිට පුලුවන් නම් අපේ ඉලක්ක වලට හරි දිනයක්, ඉලක්කයට සාර්ථකව ගියහම ලැබෙන්න ඕන මිනිය හැකි දෙයක්, සහ ඉලක්කය නිශ්චිතව මැන ගන්න පුලුවන් වෙනත් තොරතුරු අඩංගු කරගන්න, ආන්න එතකොට අපි දන්නවා කොහොමද ඉලක්කයට යන්න ඕන කියන එක. උදාහරණ විදියට, මම ඊලඟ අවුරුදු පහ ඇතුළත චංචල නිශ්චල දේපළ වලින් ඩොලර් 50,000 ක වටිනාකමක් අත්පත් කරගන්නවා කියන එක මනින්න පුලුවන් ඉලක්කයක්. ඇත්තටම එහෙම ඉලක්කයක් ගණනය කරනකොට උද්ධමනය ගැන පවා හිතන්න ඕන.

04. සාර්ථකව අත්පත් කරගන්න පුලුවන් තරම් ප්‍රායෝගික ඉලක්ක

අපිට ඉලක්ක හදාගන්නකොට නම් ආයෙ හඳට යනවා කියලා ඉලක්ක කරගන්නත් පුලුවනිනේ. හැබැයි ඇත්තටම එහෙම හඳට යන එක කරනවා නම්, ඒකට සමහර වෙලාවට අපේ ජීවිත කාලයෙන් බාගයක්ම වගේ කැප කරන්න වෙන්න පුලුවන්. එහෙම නැතුව උසස් ඩිප්ලෝමාවක් ගන්නවා වගේ හඳට යන්න බෑ. ආන්න එතකොට අපිට තේරෙනවා, ඒ ඉලක්කය ප්‍රායෝගිකව අත්පත් කරගන්න අමාරුයි කියලා. හැබැයි අනෙක් අතට, මම ඉදිරි අවුරුදු දහය ඉවර වෙනකොට ඔරිගාමි ඉගෙන ගන්නවා වගේ සරල, ඊසි ඉලක්ක නැතුව, තමන්ට අභියෝගයක් වෙන ඉලක්ක තමයි තියාගන්න ඕන. හොඳම දේ තමයි, අභියෝගාත්මක, ඒ වගේම අපි තෝරාගන්නා නිශ්චිත කාලය ඇතුළත සාක්ෂාත් කරගන්න පුලුවන් කියලා ෂුවර් ප්‍රායෝගිකත්වයක් තියෙන ඉලක්ක තෝරාගැනීම.

05. අදාළ ඉලක්ක

අපි ඉලක්ක තෝරාගන්නකොට ගොඩක් වෙලාවට අපේ බකට් ලිස්ට් එක සහ ලයිෆ් ගෝල්ස්/ප්‍රොෆෙෂනල් ගෝල්ස් පටලවා ගන්නවා. වෙන විදියකට කිව්වොත්, අපේ ඉලක්ක කියන්නේ අපි කවදාහරි කරන්න සිහින දකින දේවල් එහෙම නෙවෙයි. අපේ ඉලක්ක අපේ ජීවිතයට නිශ්චිතවම අදාළ වෙන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත්, වයස අවුරුදු තිහක බැංකු නිලධාරියෙක් මම කවදාහරි වෛද්‍යවරයෙක් වෙනවා කියලා ඉලක්කයක් තියාගත්තට වැඩක් නැහැනේ. එතකොට, කවදාවත් රුසියානු භාෂාව කතා කරන රටකට නොයන, රුසියානු භාෂාව ජීවිතයට අදාළම නොවෙන මනුස්සයෙක් තමන් රුසියානු භාෂාව ඉගෙන ගන්නවා කියලා ඉලක්කයක් හදාගත්තට වැඩකුත් නෑ. ආන්න ඒ නිසා, තමන්ගේ තෝරාගත්තු වෘත්තියට, තමන් ඉන්න ක්ෂේත්‍රයන්ට, තමන් යන පාරට සහ තමන්ගේ පුද්ගලික ජීවිතයට අදාළ වෙන ඉලක්ක තෝරාගන්නා තරමට, ඒ ඉලක්ක සාර්ථක කරගන්න පුලුවන්.

06. සීරියස් ඩෙඩ්ලයින්ස්

මෙන්න වැදගත් කාරණයක්. අපේ ඉලක්ක වලට ඩෙඩ්ලයින්ස් හදාගන්න එක. මෙතනදී අපිට අවබෝධ කරගන්න වෙනවා මොනවද ප්‍රමුඛතා ඉලක්ක, මොනවද යම් කාලයක් ඇතුළත සම්පූර්ණ වෙන්න ඕන ඉලක්ක කියන එක. ආන්න එතකොට අපිට පුලුවන් මේ ඉලක්ක වලට යතාර්ථවාදීව අවසන් කළ හැකි දින දාගන්න. උදාහරණයක් විදියට, මේ වචන දහදාහක රිපෝට් එක දවස් දෙකෙන් ඉවර කරනවා කියලා ඉලක්කයක් හදාගන්න එක ප්‍රායෝගික නැහැ. ඒක ඊට වඩා ප්‍රායෝගිකව ඉවර කරගන්න පුලුවන් ඩෙඩ්ලයින් එකක් නියම කරගන්න ඕන. අන්න එහෙම ඩෙඩ්ලයින් ප්‍රැක්ටිකල් වෙනකොට, ඒ ඉලක්ක වලට යන්න හැකියාව වැඩියි. ඒ වගේම, ඩෙඩ්ලයින්ස් සීරියස් ගන්න ඕන. ඒ කියන්නේ මේ කාලය ඇතුළත ඉවර කරනවා නම් මේ කාලය ඇතුළත ඉවර කරනවා කියලා ෂුවර් එකක් තියෙන්න ඕන සහ කොහොමහරි ඒ කාලය ඇතුළත ඉවර කරගන්නම ඕන. ඉලාස්ටික් වෙන්න බෑ.

07. ඔබේ පාලනයේ තිබෙන ඉලක්ක

දැන් සමහර ඉලක්ක තියෙනවා අපේ පාලනයෙන් තොරයි. සමහර වෙලාවට යම් ඉලක්කයකට අදාළ වෙන සමහර කාරණා අපේ පාලනයෙන් තොර වෙන්න පුලුවන්. හොඳම උදාහරණයක් තමයි ලංකාවේ අධ්‍යාපනය. අපි මෙන්න මේ කාලේ ඇතුළත මේ උපාධිය ඉවර කරනවා කියලා හිතුවට, එක්සෑම් තියන්න පරක්කු වෙන්න පුලුවන්. කොරෝනා ඇවිත් රට වහන්න පුලුවන්. මේ වගේ නොයෙකුත් දේවල් වෙන්න පුලුවන්. අන්න එතකොට, අපිට කරන්න පුලුවන් එක දෙයක් තමයි, අපේ පාලනයෙන් තොර සාධකත් අදාළ වෙන ඉලක්කයකට, වෙන්න පුලුවන් පරක්කු වීම් වලටත් කාලයක් තියලා ඩෙඩ්ලයින් දාගන්න එක. ඒ වගේම, හැකිතාක් අපේ ඉලක්ක අපේ පාලනය ඇතුළේ තියෙන කරුණු සාධක වලින් හදාගන්න එක.

08. ධනාත්මක ඉලක්ක

දැන් ලෝකේ කොහේ ගත්තත් පොසිටිව් තින්කර්ස්ලා ඕනෑ තරම් ඉන්නවනේ. ඒවා එහෙම තමයි. ඇත්තටම අපේ මේ ඉලක්ක වලත් පොසිටිව් ටෝන් එකක්, ධනාත්මක හැඟීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි ඉලක්කය නිශ්චය කරගන්නකොට, ඒක ධනාත්මක අදහසකින් ගන්න ඕන. ඒ වගේම, ඒ ඉලක්කයට ගියහම ලැබෙන ප්‍රතිඵලයත් ධනාත්මකව ගන්න ඕන. ආන්න එතකොට තමයි අපිට ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න හොඳ මෝටිවේෂන් එකක්, දිරියක් ලැබෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, මේ සතියේ මම වැඩ කල්දාන පුරුද්දෙන් වළකිනවා කියන එක හොඳ ධනාත්මක ඉලක්කයක් නෙවෙයි. හැබැයි මේ සතිය ඇතුළත අහවල් වැඩේ සම්පූර්ණයෙන්ම අවසන් කරනවා කියලා හිතාගන්න එක ධනාත්මක ඉලක්කයක්.

09. ඇක්ෂන් ප්ලෑන් එකක්

හරි, අපේ SMART ඉලක්ක ටික මේ විදියට හදාගෙන, අවශ්‍ය ඩෙඩ්ලයින් එහෙමත් සඳහන් කරගත්තහම අපිට මොකක්ද ලැබිලා තියෙන්නේ? සරල රෝඩ්මැප් එකක්. හැබැයි මේ ටික අපි සම්පූර්ණ ඇක්ෂන් ප්ලෑන් එකක් කරගන්න ඕන. ඒක අමාරු වැඩක් නෙවෙයි. හිතලා බලන්න ප්‍රමුඛතාවයන් කොහොමද සකස් වෙන්න ඕන, ප්‍රායෝගිකව එතකොට යම් කාලයක් තුළ මොන මොන වැඩද සාක්ෂාත් කරගන්න පුලුවන්, එතකොට මොන ඉලක්කයට ගිහින් ද ඊලඟ ඉලක්කයට යන්න ඕන වගේ කාරණා. ඒ අනුව, ඉලක්කය, ඉලක්කයේ ප්‍රතිඵලය, ඉලක්කයට අවශ්‍ය ටූල්ස්, ඉලක්කයට අවශ්‍ය අතුරු සහායන් සහ ඉලක්කය සම්පූර්ණ කරගන්න තියෙන ඩෙඩ්ලයින්ස් වගේ හැම කාරණයක්ම ඇතුළත් සම්පූර්ණ ඇක්ෂන් ප්ලෑන් එකක් හදමු. එහෙම ප්ලෑන් එකක් තියෙනකොට ඒ ඉලක්ක සම්පූර්ණ කරගන්න එක වඩාත් ලේසියි.

දැන් ඔය විදියට වැඩ කරලා අපේ වෘත්තිය ඉලක්ක, අධ්‍යාපන ඉලක්ක සාර්ථක කරගන්න එක වගේම, පෞද්ගලික ජීවිතය ගාණට පවත්වා ගෙන යන එකත් කරන්න පුලුවන්. ඇත්තටම SMART විදියට ස්මාට් ඉලක්ක තියාගෙන වැඩ කරනවා වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි, ස්මාට් විදියට ප්‍රොෆෙෂනල් වැඩ කටයුතු සහ පුද්ගලික ජීවිතය බැලන්ස් කරගන්න එක. ආන්න එතකොට වෘත්තිය ජීවිතය වගේම පුද්ගලික ජීවිතයත් රස විඳින්න පුලුවන්. ජීවිතේ එතකොට ආතල්!

උපුටාගැනීම Lifie .lk වෙබ් අඩවිය.

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla