by admin | Feb 6, 2024 | Business HUB සිතුවිල්ල
මුහුද කියන්නේ ඉතා විශාල වතුර ප්‍රමාණයක් තියෙන තැනක් හරියට අපිත් එක්ක ඉන්න පිටස්තර පරිසරය වගේ.. ඉතා විශාල නානාප්‍රකාර දේවල් තියෙන තැනක්.. මුහුදේ තියෙන ජලය මොන මොන ආකාරයේ උවත්, කොච්චර ගැඹුරු උනත් නැවකට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. නැව තෝරා ගත්ත නිවරැදි පාරක ගමන් කරනවා..
නැවකට එහෙම ගමන් කරන්න පුලුවන් වෙන්නේ ඒ පිටතින් පිහිටි ජලය ඇතුලට නොගන්නා තාක් විතරයි.. නැවෙහි තියෙන පොඩි සිදුරකින් ජලය ඇතුලට පැමිණියහොත් මොන ලොකු නැවක් උනත් මුහුදට බිලි වෙනවා අනිවාර්යයෙන්ම.. එහෙම උනේ එලියේ තිබ්බ ජලයට ඇතුලට එන්න ඉඩ දුන්නු නිසයි..
මුහුදේ තියෙන ජලය මම ඉස්සෙල්ලා උපමා කලා පිටස්තර පරිසරයට.. ඒ වගේ තමා නැව කියන්නේ අපි නම්, අපි පිටස්තර තිබෙන්නාවූ සෘනාත්මක දේ අපේ තුලට නොගන්නාතාක් අපිට අපි තෝරා ගත් පාරේ කිසිදු ප්‍රශ්නයකින් තොරව ගමන් කරන්නට පුලුවන් වේවි..
ඔයාටත් හොද ගමනක් ජීවිතයේ යාමට අවශ්‍ය නම්, ඔයාගේ තිබෙන පුංචි පුංචි සිදුරු වලින් කිසිම සෘනාත්මක දේවල් වලට ඔයාගේ ඇතුලට එන්නට දෙන්න එපා.. මොකද ඒ දේවල් වලට පුලුවන් ඔයාව සමාජය කියන විශාල ජලය තුල ගිල්වලා දමන්නට..
ඔයා හිතලා බලන්න දැනට ඔයාගේ ඇතුලට ජලය ටික ටික එනවාද කියන එක ගැන.. ඔයත් ටික ටික ගිලෙමින්ද ඉන්නේ කියන එක ගැන.. එහෙම නම් ඒ සිදුරු වසා දමන්නට කාලය හරි.. ඔයාව සමාජය නැමති ජලය තුල ගිල්වන්නට කලින්..
ඔබ Business HUB පේජ් එකට එකතුවෙලා ඉන්නේ ව්‍යවසායකයෙක් ලෙස දියුණු වෙන්න, ආදායමක් සොයාගන්න. ඔබ පේජ් එකේ ලිපි සියල්ලම දිනපතා අවබෝධයෙන් කියවනවානම් ඔබේ ජීවිතයේ ඇති සිදුරු එකින් එක වැසෙන්නට එය රුකුලක් වේවි.
ඔබේ ජීවිතයේ ඔබ නොදන්න පුංචි සිදුරු ගැන පොඩි අදහසක් දෙන්නද?
මූලික දේ ඉංග්‍රීසි දැනුම. අද කාලේ ඉංග්‍රීසි නොදැන ජීවත් වීම අපහසුයි. Social Media භාවිතා කරනවානම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි පුරුදු වෙන්න. මේ පේජ් එකේ සමහර අය Sir (සර්) කියලා කියන්නේ Sar කියන අකුරු භාවිතා කරලා. Thank You කියන්නේ Tencyu කියලා. ඉංග්‍රීසි දන්නේ නැතිනම් ඉගෙන ගන්න. නැතිනම් අපේ තියෙන Ask Dinithi Miss – දිනිති මිස්ගෙන් අහන්න සේවාව හරහා මාසෙට රු.300ක් වගේ ගෙවලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන්.
ඊලඟ දේ හැමෝම ඔන්ලයින් ජොබ් හොයනවා. හැබැයි ෆේස්බුක් පෝස්ට් එකක See more ඔබලා විස්තර ටික කියවන්න දන්නේ නෑ. “Details Please” කියලා කමෙන්ට් කරනවා. Price දාපු පෝස්ට් එකකට “Price Please” කියලා කමෙන්ට් කරනවා. උපදෙස් තියෙන පෝස්ට් එකකට “මේක කරන්නේ කොහොමද ?” කියලා කමෙන්ට් කරනවා. අන්න ඒ වගේ අඩුපාඩු හදාගන්න පුරුදු වෙන්න. නැතිනම් ඔබටත් වෙන්නේ මේ සමාජයේ ගිලිලා මැරෙන්න…
එහෙනම් සිදුරු වසාගෙන ඔයාගේ ගමන සමාජය නැමති ජලය කපාගෙම ඉදිරියට යන්නට ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්තනා කරනවා..
අදහසේ සමහර කොටස් උපුටාගැනීම Idea Motivation ෆේස්බුක් පිටුව.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 5, 2024 | Business HUB සිතුවිල්ල
ලෝකයේ සාර්ථක වූ මිනිසුන් සියළු දෙනා තුලම තිබූ රහස් මුලධර්ම අට
අසාර්ථක මිනිසුන්ගේ ජීවිත වල කැපී පෙනෙන ලක්ෂණ තුනක් තිබේ. එවා නම් කම්මැලිකම, තමාගේ හැකියාවන් පිළිබඳ සැක කිරීම සහ නිශ්චිත ඉලක්කයක් නොමැතිකමයි. ඇත්තෙන්ම බොහෝ අසාර්ථක ජීවිත වලට හේතුව සෘණාත්මක සිතුවිලි හරහා තමාගේ සිතුවිලි වල තිබෙන අසීමිත ශක්තිය යටපත් කරගැනීමයි.
එසේ නම් ලෝකයේ සාර්ථකත්වයට පත් වූ මිනිසුන් අනුගමනය කලේ කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් ද? ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත් වූ මිනිසුන්ගේ ජීවිත අධ්‍යනය කිරීමේ දී පැහැදිලිව හඳුනාගත හැකි, ඔවුන් සියළු දෙනා තුලම අනිවාර්යයෙන් දකින්නට තිබුණු කරුණු අටක් හඳුනාගැනීමට හැකිවනවා. පහත දැක්වෙන්නේ එම කරුණු අටයි. ඔබටත් සාර්ථකත්වයට පත් වීමට දැඩි ආශාවක් තිබේ නම්, මේ කරුණු අට කියවා දැන්ම ඒ අනුව ක්‍රියාත්මක වීම අරඹන්න. ඔබ සාර්ථකත්වයට පත්වීම නිශ්චිතවම සිදු වනු ඇත.
1️⃣ ඔබටම අවේනික නිශ්චිත ඉලක්කයක් සාදා ගන්න
ඔබට සාර්ථක වීමට අවැසි නම්, නිශ්චිත ඉලක්කයක් තබා ගැනීම අතිශය වැදගත් කරුණකි. එය ‘‘මට අවශ්‍ය සතුටින් ජීවත් වීමට‘‘ හෝ “මට අවශ්‍ය හොඳ සල්ලි කාරයෙක් වීමට“ නැත්නම් ‘‘ මට අවශ්‍ය හොඳ මිනිසෙක් වීමට‘‘ වැනි ඉලක්කයකට වඩා වැඩියමක් විය යුතුය. ඔබ සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය මොනවා දැයි දැන සිටිය යුතුය. නිශ්චිත ඉලක්කයක් ඇතිනම් ඔබ පැවසිය යුත්තේ මෙවැනි දෙයක් ‘‘ මට අවශ්‍යයි තවත් අවුරුදු තුනකින් හොන්ඩා සිවික් වර්ගයේ මොටර් රථයක හමිකරුවකු වෙන්න‘‘ වැනි යමකි. එහි නිශ්චිත කාලයක් සහ ඔබ ලඟා කරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක ඉතා පැහැදිලිව දැක්වෙනවා.
ඔබේ ඉලක්කය වෙනුවෙන් ඔබ කළ යුතු දෑ ඉන්පසුව කෙටි ලැයිස්තුවකට ගන්න. එම ඉලක්කයට ඔබ යා යුත්තේ කුමන කාල සීමාවක් ඇතුළතදී ද යන්නත් අනිවාර්යයෙන් එයට අතුල් කරන්න. සෑම උදෑසනකම ඔබ අවදි විය යුත්තේ එය සිහිපත් කරමිනි. එවිට ස්වල්ප දිනකින් එය ඔබේ මනසට කා වැදෙයි. ඔබේ මානසික ශක්තිය ඔබේ ඉලක්කය සඳහා නාභිගත වෙයි.
2️⃣ නිතර ඉලක්ක පිළිබඳ සිතන්න.
විශාල වශයෙන් ඔබේ ඉලක්කය පිළිබඳ සිතිවිලි සිතේ රෝපණය වන තෙක් ඔබට එය අවංකවම අවශ්‍ය කර තිබෙතැයි කිසිවෙකුට පැවසිය නොහැක. ඇත්තෙන්ම සත්‍ය තත්වය ද එයයි. කෙසේ නමුත් දවල් සිහින සහ උත්කර්ෂවත් සිතුවිලි පමණක් ඒ සඳහා නොසෑහෙයි. ඉලක්ක පිළිබඳ නොයිවසිලිමත්, දැවෙන සිතුවිලි ඔබට තිබිය යුතුය. තම ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තීය සාර්ථකත්වයට පත් පුද්ගලයන්ගේ අතීත වෘත්තීය, ජීවිතය සොයා බලන්න. ඔවුන් උමතුවෙන් මෙන් තම සාර්ථකත්වය සඳහා වෙහෙස වූ අයුරු එවිට ඔබට දැනගත හැකිවනු ඇත.
3️⃣ අස්වැන්න ලැබෙන්නේ වපුරන දේ අනුවය
දැන් ඉතින් ඔබ ඉලක්කය වපුරා ගැනීම සඳහා වෙහෙස වී වැඩ කටයුතු කල යුතුමය. එසේ නොමැතිව සිහින සැබෑ කරගත නොහැක. තල වපුරන්නා තල ද, මුං වපුරන්නා මුං ද නෙලා ගන්නිතැයි ප්‍රසිද්ධ කියමනක් පවතින්නේ මේ නිසාවෙනි. මුං වපුරන්නෙකු තල අස්වැන්න බලාපොරොත්තු වන්නේ නම්, එම සිතුවිල්ලෙන් කල්ගෙවීම පවා ඔහු ඔහුටම කර ගන්නා අති විශාල වරදකි. විශාල කාලය කා දැමීමකි.
4️⃣ අයාලේ දුවන සිතට නිවැරදි සංඥාවක් ලබාදෙන්න
සිත අයාලේ දුවන කළ එය ශක්තිය නිස්ති කරවන ඩයිනමෝවක් වැනිය. එහෙත් අයාලේ නොදුවන සිත හොඳින් ක්‍රියාකරන පරිගණකයක් ද වෙයි. බිය, අප්‍රසාදය, දුක සහ වැරදි සිතිවිලි මගින්, එම පරිගණකයේ වැඩ සටහන් අවුල් සහගත කර දමයි. සැලසුම්, ඉලක්ක සහ අලුත් අද්දැකීම් එයට ප්‍රතිවිරුද්ධ දෙයම සිදු කරයි. ඒවා ඉලක්කය පිළිබඳ නිවැරදි සංඥා වේ.
5️⃣ අසමත්වන්නට බිය නොවන්න
සාර්ථකත්වයේ හිනි පෙත්තටම නැගි බොහෝ සාර්ථක මිනිසුන් තම ජීවිතයේ වැඩිපුරම මුහුණ දී ඇත්තේ අසමත්වීම් වලටය. උදාහරණයක් ලෙස තොමස් අල්වා එඩිසන් විදුලි බබුළු නිපදවීමට සිදුකල පරීක්ෂණ 10000 වාරයක් අසාර්ථක වූ බව කියන ඉතා ප්‍රකට කතාව ගත හැකිය.
සාර්ථකත්වයේ දිගුගමනකට මුලපුරා ඇති පුද්ගලයෝ පවා ඇතැම් විට අතරමගදී වරක් දෙකක් අසමත් වූ සැණෙන් බිඳ වැටෙති. එය ඉතාමත් හානිදායකය. එමෙන්ම එය බරපතල වරදකි. එයින් සිදුවන්නේ ඔබේ යටි සිත අධෛර්යමත් වීම පමණි. එහි ප්‍රතිඵලය ඔබේ ඉලක්කයෙන් ඔබ බොහෝ ඈතට ගමන් කිරීමයි.
අසමත් වීම ගැන තවත් කථාවක්
එක්තරා මිනිසෙක් තම ව්‍යාපාර කටයුතු වලින් තිස් එක් වැනි වියේදී අසමත් විය. යළිත් තිස්හතර වැනි වියේ දී ද එයම සිදුවිය. හතළිස් එක්වන වියට එළඹෙන විට ඔහු අසාර්ථකත්වය පිළිබඳ සිතුවිලි නිසා උපන් ස්නායු දුර්වලකමකින්ද පීඩා විඳින්නට විය. ඔහු ඔහුගේ පක්ෂය වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තත් හතළිස් තුන් හැවිරිදි වියේදී එයද අසාර්ථක විය. සෙනෙට් සභාවට ගිය පනස් පස් වැනි වියේදි ඔහු අන්ත පරාජයක් ලබා එයින් ඉවත් විය. එහෙත් වෙරයොදා පනස් අට හැවිරිදි වියේ දි යළිත් ඔහු සෙනෙට් සභාවට අතුළත් විය. ඔහු අතිශය බංකොලොත් වූවෙකු ලෙස හැඳින් වූ ඔහුගේම සමකාලීනයෝ ද සිටියහ. එහෙත් 1890 දී ඇමරිකාවේ ජනාධිපති වූ කල පරාජය වීම තුළින් ඔහු ලබා තිබූ පන්නරය කෙතරම් දැයි කාහටත් පැහැදිලි විය. ඒබ්‍රහම් ලින්කන් නම් වූ ඔහු එම අසමත් වීම් වලින් පන්නරය නොලබන්නට ඇමරිකා එක්සත් ජනපදයෙන් බිහි වූ කීර්තිමත් නායකයා ඔවුන්ට අහිමිවන්නට ද ඉඩ තිබුණා.
6️⃣ සිතිවිලි වලට ඇති බලය පිළිබඳව විශ්වාස කරන්න
මිනිසෙකුගේ සිතෙන් උපදින සිතිවිලි වලට ඉතා විශාල බලයක් ඇතිබව පිළිගැනීමට බොහෝ අය මැලි වෙති. එහෙත් සත්‍ය එයමය. ධනාත්මක සිතුවිලි සාර්ථකත්වයටත් සෘණාත්මක සිතුවිලි අසාර්ථකත්වයටත් හේතුවන මූලික සාධකය බව දැන් ලෝකයේ බොහෝ මිනිසුන් අවබෝධ කරගෙන ඇති ප්‍රභල මූල ධර්මයකි. ඔබට යමක් කල හැකි යැයි ඔබ දැඩිව විශ්වාස කරන්නේ නම් ඇත්තෙන්ම ඔබට එය කල හැකිය.
7️⃣ කිසිවිටෙක ඔබ ඔබට එරෙහි නොවන්න.
‘‘මම වෙළෙන්දෙක් උපයන මුදල මට ජීවත් වීමටවත් සෑහෙන්නේ නැහැ. මම මානසිකව බිඳ වැටිලා.. මේ රැකියාව වැදගත් එකක් නෙවෙයි.‘‘
‘‘මට උදව් කරන්න ඔබට පුළුවන්ද?‘‘
එයට ඇති සෘජු පිළිතුර ‘බැහැ‘ යන්නයි. ඔබ ඔබේ වෘත්තීය කුමක් හෝ වේවා සෘණාත්මක සිතිවිලි සිතේ දරාගෙන එහි නිරතවන තාක්කල් ඔබට වෘත්තීය සාර්ථකත්වයක් ළඟා කරගත නොහැක.
ඔබේ ඉලක්කයට ගැලපෙන අයුරින් මානිසක මට්ටම සකස් කර නොගන්නේ නම් ඔබට කිසදා සාර්ථක වීමට නොහැකිය.
8️⃣ කෙටි ක්‍රම වලින් ඉලක්කය කරා ළඟා වීම නවත්තන්න
‘‘ මට මුදල් නැහැ“ හෝ ‘‘මට තව ටිකක් ඉගෙන ගෙන තිබුණා නම් මා හිතන තැනට යන්න පුළුවන්“ ‘‘ මට ලොතරැයි දිනුමක් ඇදුනා නම්‘‘ වැනි දේවල් කම්මැලියන්ගේ අදහස් ලෙසට හඳින්වීමෙහි වරදක් නැත. ‘‘මම අවස්ථා පිළිබඳ විශ්වාස කරන්නේ නෑ“ දාර්ශනික බර්නාඩ් ෂෝ වරෙක පැවසීය. ‘‘ ලෝකයේ බොහෝ මිනිසුන් අවස්ථාවාදීයි. එහි වරදක් නැහැ. නමුත් සුදුසු අවස්ථාවන් නිර්මාණය කර ගැනීම ඔවුන් සතු කර්යයක් “ ඒ හැර කෙටි ක්‍රම හෝ කෙටි මාර්ග හඹාගොස් ඉලක්ක ඉටුකර ගැනීමට යාමෙන් සිදුවන්නේ ඔබ තවත් අසාර්ථක මිනිසෙකු බවට පත්වීම පමණි.
“සාර්ථකත්වය කරා යන කෙටි මඟක් නොමැත“ මෙය හොඳින් මතක තබාගන්න. ඔබ සොයාගෙන අවස්ථාව එන තුරු නොසිට අවස්ථාවන් නිර්මාණය කර ගැනීම සාර්ථකත්වය ලඟා කරගැනීමට ඇති වේගවත්ම මාර්ගයයි.
සාර්ථක වෙන්නනම් Business HUB Sri Lanka පේජ් එක බලන්න. සාර්ථකත්වයට අවශ්‍ය සියලුම දේවල් / මගපෙන්වීම අපේ පේජ් එකෙන් ලබාගන්න පුලුවන්. අද දවල් 12ට කලින් ඔබට පුලුවන් නම් මේ පේජ් එකේ සියලුම පෝස්ට් කියවන්න අනිවාර්යයෙන් ඔබට සාර්ථක වෙන්න පුලුවන්…
උපුටාගැනීම SriLife Photos වෙබ් අඩවිය.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 4, 2024 | Business HUB සිතුවිල්ල
මම මුලින්ම ජනප්‍රිය වුණේ අනික් නළුවන් ප්‍රතික්ෂේප කළ චරිතවලින්
සුපිරි බොලිවුඩ් නළු ෂාරැක් ඛාන් කළමණාකාර සැසියක් අමතමින් කියයි…
සමස්ත ඉන්දීය කළමණාකරණ සංවිධානය විසින් 40 වැනි වරටත් සංවිධානය කළ ජාතික කළමණාකාර වසර කිහිපයකට පෙර දිල්ලියේදි පවත්වන ලදි. අවදානම තුළින් ධෛර්යය ළඟා කර ගැනීම තේමා කරමින් මෙවර පැවැති මෙම සම්මේලනයේ ප්‍රධාන දේශකයා වූයේ සුපිරි නළු ෂාරැක් ඛාන්ය.මේ ඔහු එහිදී “අවදානමේදී නිර්භිතව ඉදිරියට යාම* පාදක කර ගනිමින් කළ දේශනයේහි මූලික හරයයි.
මම දන්නේ නැහැ මේ කතාව කොහොම ආරම්භ කරන්නද කියලා.ඒත් සමස්ත ආර්ථිකයම කඩා වැටුණූ මොහොතක බොලිවුඩ් නළුවකුට මෙවැනි දේශනයකට ආරාධනා කිරීම ගැන මම ඔබ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඒත් මම මුලින්ම මේ යෝජනාව ගැන ඇහුවම නම් ටිකක් බය වුණා.
ෂිව් (ඩී ෂිවකුමාර් – සමස්ත ඉන්දු කළමණාකරණ සංවිධානයේ සභාපති) මගේ ළඟම යාළුවෙක් තමයි .ඒ වුණත් මට ඔහු කතා කරන්න කිව්වේ ටිකක් බරපතල මාතෘකාවක්.ඉතින් මහා පරිමාණයේ සමාගම්, මහා පරිමාණයේ සමාගම් කළමණාකරැවන් රුස්ව සිටින මෙවැනි මොහොතක ඒක සාධාරණ බියක්. හැබැයි ෂිව් කිව්වේ නම් ජනතාව ධෛර්යමත් කරන සුළු කතාවක් කරන්න කියලයි. හැබැයි මෙතැනදි මං ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න යන්නේ නැහැ.අනික මට මොකක්ද තියෙන අයිතිය ඒ ගැන කතා කරන්න ? හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ මේ ලැබුණූ අවස්ථාව නොලද යුතු දෙයක් කියලා. අනික ඔබ හැමෝම ලෝකයේ බිහිවූ සාර්ථක මිනිසුන් නිසයි මෙතැන ඉඳගෙන ඉන්නේ.මමත් සාර්ථක පුද්ගලයකු නිසයි අද මෙහෙම කතා කරන්නේ.
ඒත් මම සාර්ථකත්වය ගැන දේශන දෙන්න තරම් සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. මිනිස්සුන් කොහොම ධෛර්යමත් කරන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒකෙන් මම අදහස් කළේ, ඒවා කරන විධිමත් ක්‍රම තිබෙනවා වුණත් මම ඒවා දන්නේ නැහැ කියන එකයි. ඒ නිසා ඒවා තුළින් සාර්ථකත්වය ගැන මට උපදෙස් දෙන්න නම් මට තේරෙන්නේ නැහැ. අනික ජීවිතය ගැන හැමදේම දැනගෙන උපදෙස් පුළුවන් කාටද ? එහෙම අය මේ ලෝකේ නැහැ.ඒ නිසා තමන්ගේ අත්දැකීම්වලින් තමයි මොනවා හරි යමක් කියන්න පුළුවන් වෙන්නේ.මමත් දැන් සූදානම් වෙන්නේ ඒ වගේ දේකටම තමයි. හැබැයි මම මේ ගැන දන්න දේ බොහොම සරලව කියන්නම්.ඒත් අන්තිමට ඔබට මෙයින් ගත යුතු යමක් නැත්නම් මකලා දැම්මයි කියලා මගේ කිසිම අමනාපයක් නැහැ.
සාර්ථකත්වයට ගිය මිනිස්සු කවදාවත් ඉලක්ක තියාගෙන වැඩ කළේ නැහැ. උදාහරණයක් විදිහට අපි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන වොරන් බෆට් ගනිමු. ඔහුගෙන් ඔබ සාර්ථක වීමේ රහස ගැන දවසකට පස් වතාවක් ඇහුවොත් ඔහු ඔබට උත්තර පහක් දෙයි.ඒවා තමයි “ඔබේ ලාභය නැවත ආයෝජනය කරන්න*,“ ණය ගැනීම අඩු කරන්න* ආදී පිළිතුරැ හයක්.අනික ඔහු කපටියෙක් නෙමෙයි. වංචාකාරයෙක් නෙමෙයි.ඒ නිසා සාර්ථකත්වය රඳා පවතින්නේ තමන් ලබන අත්දැකීම්වලින් නොවන බව ඔහුගෙන්ම තේරෙනවා.ඒත් අත්දැකීම් තමන්ගේ සාර්ථකත්වයට බලපාන්නේ නැහැම කියලා මම කියන්නේ නැහැ. ඒ මගේ ජීවිතේ මම ළමා කාලයේදී කළ හැමදෙයක්ම, ලැබූ හැම අත්දැකීමක්ම අද මගේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙන නිසයි. ඒ බව මම ලිපියකින් පවා කියලා තියෙනවා.
ඒ නිසා මම සාර්ථක වුණේ කොහොමද කියන එක ගැන කතා කරලා වෙලාව නාස්ති කරන්න මම කැමැති නැහැ.අනික මම මුල ඉඳලම “බැහැ* කියන වචනයට හුඟක් බයවෙලායි හිටියේ.ඒ නිසා හැමවෙලාවෙම උපරිමය කරන්නයි උත්සාහ කළේ.මේ නිසා මම “පුළුවන්* කියන සංකල්පය ඔස්සේ හුඟක් දේවල් ලබාගත්තා. කවදාවත්ම “නැහැ*, ‘“බැහැ* කියන්න උත්සාහ කළේ නැහැ.අනික මම මධ්‍යම – පහළ පාන්තිකයකු නිසා ජිවිතය එක තැනකින් කඩා වැටුණොත් එතැනින් බඹ ගාණක් මම පහළට ඇදන් වැටෙනවා කියලා හොඳින්ම දැනගෙන හිටියා. මම දැක්කා අසාර්ථක මිනිස්සු.අපේ සමාජ පන්තියේ සිටි ඔවුන් අසාර්ථක වුණේ කොහොමද කියලත් දැක්කා.
ඒ වගේම මට ලස්සන තාත්තා කෙනෙක් හිටියා.ඔහු තමයි මට මුළු ලෝකේම. ඒත් ඔහුව මට පොඩි කාලේම අහිමි වුණා.ඒක තමයි ලොකුම අහිමි වීම.මේ අහිමි වීමත් එක්ක අම්මා පවා ලොකු අපහසුතාවයකට පත් වුණා. ඒකයි ඇයට වුණත් මම සාර්ථක නළුවෙක් වෙනකොට ළඟ ඉන්න බැරි වුණේ.
ඒ අනුව මම මාවම උදාහරණයකට අරන් කතා කරනවා නම් මගේ ජිවිතයේ තීරණාත්මක සන්ධිස්ථානවලදී මම ජය ගන්නා සමත් වුණා.විශේෂයෙන්ම අපි ටිකක් දුප්පත් මිනිස්සු හන්දා ජිවිතය කොහොමහරි ජය ගත යුතුයි කියලා අපිට දැනුණා. ඒත් මම කියන්නේ නැහැ දුප්පත් මිනිස්සු විතරයි ජීවිතය ජයගන්නේ කියලා.ඒත් මිනිස්සු දුප්පත් වුණාම පීඩනයට පත්වෙනවා. විශාදයට පත්වෙනවා. පිස්සුවෙන් වගෙයි එතකොට වැඩ කරන්නේ.අනික දුප්පත් වුණාම ලැබෙන නින්දා,ගැරහිලි අමතක කරන්නම බැහැ.ඒ වගේම දුප්පත්කමින් මිදෙන්න හදනකොට එල්ල කරන පීඩනය සුළු පටු නැහැ.ඒ ගැන අපේ අම්මටයි, තාත්තාටයි නම් හොඳ අත්දැකීම් තියෙනවා.
ඒ නිසා මම වුණත් අසාර්ථකත්වයට උත්තර දුන්නු විධි දෙකක් තිබුණා. හැබැයි මේවා අහනකොට ඔබට හිතෙන්න පුළුවන් මේවා හරිම ආධුනික මෝඩ වැඩ කියලා.ඒත් මම භාවිතා කරන පළමු ක්‍රමයට තමයි ඔබ කළමණාකරණයේදි උපයෝගීතාවාදය කියන්නේ.එහෙම නැත්නම් අසාර්ථක වූ දේ සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගැනීම. මම විශ්වාස කරන්නේත් ඒකයි.ඒක වානිජකරණයේදි, කළමණාකරණයේදී එහෙම නැත්නම් වෙළඳාමේදී වැදගත් වෙන්නේ මේ නිසයි.
අනික තමයි දෛවය වෙනස් කිරීම.දෛවයට සරදම් කිරීම. එහෙම නැතුව දෙවියනි, ඇයි මට මෙහෙම කරන්නේ ? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා කිය කියලා හිටියට උත්තර ලැබෙන්නේ නැහැ.
ඒ නිසා මගේ ජීවිතයේදි සාර්ථකත්වයට පෙළඹවීමක් ලබාදුන්නේ අසාර්ථකත්වයයි.දිරිගැන්වුයේත් අසාර්ථකත්වයමයි. අසාර්ථකත්වය අපේ ජීවිතයේ සිටින හොඳම ගුරැවරයා විදිහට මං දකින්නේත් ඒ නිසාමයි. ඔබ යමකදි අසාර්ථක නොවුණොත් කවදාවත් ඒ ගැන යමක් ගන්නේ නැහැ.
ඒ වගේම ඔබ කවදාවත්ම අසාර්ථක වුණේ නැත්නම් කවදාවත්ම දියුණූ වෙන්නේත් නැහැ. ඊට හොඳම උදාහරණයක් විදිහට ඉන්දියාවේ සිටි බැංකු සභාපතිවරයෙක්ගේ අපූරැ කතාවක් මට කියන්න පුළුවන්.දවසක් ඔහුගෙන් තමන්නේ සාර්ථකත්වය ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කෙරැවා.
“ඔබේ සාර්ථක වීමේ රහස මොකක්ද* මාධ්‍යවේදියා ඇහුවා.
“මම හැමවෙලේම හරි තීරණ ගත්තා* ඔහු එතකොට එහෙම කිව්වා.
“ඒත් ඔබ කොහොමද දන්නේ ඒවා නිවැරදිද කියලා ?*
“පළපුරැද්දෙන්* කියලා එතකොට ඔහු කිව්වා.
“ ඔබ කොහොමද හරි තීරණ ගන්න තරම් අත්දැකීම් ලබාගත්තේ ? *
“වැරුදි තීරණ* කියලා එතකොට ඔහු පිළිතුරැ දුන්නා. ඒක තමයි ඔහුගේ සාර්ථකත්වයේ රහස.
සමහර බොරැ දේවල් කරන්න ගියාමත් මේ අසාර්ථකත්වය අපිව නතර කරනවා.ඒක මගේ ජිවිතයට නම් හොඳ දෙයක්.ඒකෙන් මගේ වෙලාව ඉතුරැ වුණා . එතැනදී මම අනික අයට වඩා මම ගැනයි ප්‍රශ්න කළේ.ඒ අනුව මම යන්නේ ඕනේ කොහොමද, යා යුත්තේ කොතැනටද ආදී හැම ප්‍රශ්නයකටම උත්තර මට ලැබුණා.හැබැයි එතැනදි මම සමහර දේවල් කරන එක නැවැත්වූ අවස්ථාත් තිබුණා.සමහරක් වෙලාවට කොච්චර බාධා පැමිණියත් දිගටම මගේ දේවල් කරපු අවස්ථාත් තිබුණා.එතැනදි මම බාධා, වැරුදිවීම් බලාපොරොත්තු වෙලා තමයි වැඩ කරන්නේ.ඒකට හොඳම උදාහරණයක් තමයි මගේ අයි.පී.එල්. කණ්ඩායම (කොල්කටා නයිට් රයිඩර්ස්).
ෂිව් දන්නවා ඒ ගැන හොඳට.ඔහු වගේ යාළුවෝ තමයි මට මෙතැනදි උපදෙස් දුන්නේ.ඒත් මම මෙතැනදී අලුත් අත්දැකීම් ලබන්න, අලුත් අත්හදා බැලීම් කරන්න උත්සාහ කළා. හැමදෙයක්ම කරලා බලන්න උත්සාහ කළේ මේ නිසයි.ඉතින් මම අන්තිමට මගේ කණ්ඩායමට කුසලානය ගෙනත් දුන්නේ නැද්ද ?
අසාර්ථකත්වය ගැන කියද්දී තව දෙයක් අමතක නොකළ යුතුයි.මේ වගේ අසාර්ථක වෙන අවස්ථාවලදී තමයි ඔබට ඔබේ ඇත්තම යාළුවෝ කව්ද කියලා හොඳින්ම වටහාගන්න පුළුවන් වෙන්නේ.ඔබේ යාළුවන්ගේ සැබෑ ශක්තිමත් බව පරීක්ෂා කිරීමට ඒක හොඳ අවස්ථාවක්.ඒ ගැන නම් මටත් හොඳ අත්දැකීම් තියෙනවා.විශේෂයෙන් “රා වන්* චිත්‍රපටයෙන් පස්සේ මගේ රසිකයන් හුඟක් මගෙන් ඈත් වුණා. මගේ යාළුවෝ හුඟක් ඈත් වුණා. එතකොට “චෙන්නායි එක්ස්ප්‍රෙස් * චිත්‍රපටයෙන් පස්සේ මට හම්බවුණේ අලුත් යාළුවෝ කණ්ඩායමක්.අලුත් රසිකයන් පිරිසක් . අලුත් පසුතලයක වෙනස්ම ආකාරයේ ශිල්පීන් තමයි මට හම්බවුණේ. ඒ ගැන ඔබ දන්නවා ඇති. ඒ නිසා ඒක මට සතුටුදායක දෙයක්.
ඒ නිසා යාළුවෝ බොහෝ වෙලාවට තීරණාත්මක අවස්ථාවලදී වෙනස් වෙනවා. මම දක්ෂ නළුවෙක් වෙනකොට තමන්ගේ දේ මා විසින්ම කරගන්නයි උත්සාහ කළේ. අනුන්ව වැඩිය විශ්වාස කළේ නැහැ.ඒක මාන්නක්කාර හැඟීමක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් එවැනි ආකල්පයක් තමන්ගේ හිතේ වර්ධනය කර ගත්තට වැඩි වරදක් නැහැ. එතකොට තමයි තමන්ගේ ඉදිරිය සාර්ථකවෙන්නේ. සමහර වෙලාවට වාසනාව පවා ඔබේ ගමනට උදව්වෙන්‍නේ එතකොටයි.සමහර තීරණාත්මක අවස්ථාවලදී වාසනාව මටත් බලපෑවේ ඒ නිසා විය යුතුයි.කොහොම නමුත් අසාර්ථකත්වය මාව හැමවෙලේම ශක්තිමත් කළා. විශේෂයෙන්ම කලබල වෙන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න පුරැදුකළේ ඒකයි.අනුන්ව පරික්ෂා කරනවට වඩා තමන්ගේ හැසිරීමට මොකද වුණේ කියලා පරීක්ෂා කරන එක වඩා හොඳයි කියලා මම හිතන්නේත් මේ නිසයි.ඒ වගේම මේක තමන්ගේ හැකියාව පිළිබඳ තවදුරටත් විශ්වාසය තැබීමට උදව්වෙනවා. අවදානමකින් බේරීමේ හැකියාව වර්ධනය කරන්නත් උදව් වෙනවා.
හැබැයි මම හැමවෙලාවකම අසාර්ථකත්වයෙන් තුළින් සාර්ථකත්වයට යන එක ගැන කතා කරන එකට වැරුදි අර්ථ කථනයක් දෙන්න එපා.මම කිව්වේ යමක් කරනකොට අසාර්ථක වෙන්න පුළුවන් කියලායි. එහෙම නැතුව ඕනැකමින් අසාර්ථක වෙන්න කියලා නෙමෙයි.අනික මට සාර්ථකත්වය ගැන කතාකරන්න බැරිකමට අසාර්ථකත්වය වර්ණනා කරනවා නෙමෙයි.
ඒත් ජිවිතයේදි හැමවෙලේම සාර්ථකත්වයම ළඟා කරන්න බැහැ.අපිට ලැයිස්තුගත කරගෙන අපේ ජීවිතේ සැලසුම් කරන ආකාරයෙන්ම ගෙවන්න බැහැ.අනික ලබාගත් දේවල් සර්ව සම්පූර්ණ කරගන්නත් ටිකක් අමාරැයි. මෙතැනදි මම සුදුසුකම් ගැන නෙමෙයි ප්‍රශ්න කරන්නේ. ඔබේ රුකියාවත් නෙමෙයි ප්‍රශ්න කරන්නේ.ඒත් අපිට ගත කරන්න ලැබෙන්නේ හුඟක් අමාරැ, තෝරාබේරාගන්න බැරි හරිම සංකීරණ ජීවිතයක්.ඒක වෙලාවකට ප්‍රහේලිකාවක් වගෙයි. මනුෂ්‍යත්වය,ඔබේ අසාර්ථකවීම්වලට ගෞරව කිරීම ආදිය තුළින් ඉදිරියට යන්න පුළුවන් කියලා මම කියන්නේ ඒ නිසයි.ඒක තමයි ඔබට උපකාරීවෙන්නේ.ඔබේ ජීවිතය ගලවාගන්න පුළුවන් වෙන්නේ මේ තුළින්.
මේ නිසා ප්‍රායෝගික ජිවිතයේදී ඔබට ලැබෙන හොඳම තෑග්ග අසාර්ථක උත්සාහයන්. ඒක බාහිර සාධකයක් විදිහට අපිට බැහැර කරන්න බැහැ.මේවාට කොහොම ඔබ මුහුණ දෙනවාද යන්න තුළින් තමයි ඔබේ අනාගතය කොයිවගේද කියලා තීරණය වෙන්නේ.
තමන් අත්දැකීම් ලබාගනිමින් , සැහැල්ලුවෙන්, පසු නොබැස හදාරමින් ජීවිතය ගොඩනගා යුතු බව මම කියන්නේ ඒ හින්දයි.හැමදේම අගය කරන්න.ඔබ කරන දෙයින් ඔබට ලැබෙන ප්‍රතිඵලය පිළිගන්න.ඒකයි කළ යුත්තේ. ඒකයි ඔබට ලැබෙන හොඳම ඉගෙනීම.එහෙම නැතුව මේවායින් අධෛර්යමත් වෙලා හුදෙකලා වීම නෙමෙයි කළ යුත්තේ.
මෙතැනදි තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ.විශේෂයෙන්ම මා ඉදිරියේ සිටින කළමණාකරැවන්ට.
ඉගෙනගන්න ආදරය ගැන. ඒක මුළු ජිවිතේටම ඕනි දෙයක්.ඒ ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්න.ඔබ උද්දීපනයෙන් ආවේශ වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. හිතේ තියෙන්නේ ව්‍යාපෘති, හීන, ව්‍යාපාර,ලාභ,වටිනාකම,තමන්ගේ ශක්තිමත් බව වෙන්න පුළුවන්. ඒත් හැමවෙලාවකම හොඳ සංවේදී මිනිසුන් වෙන්න උත්සාහ කරන්න.
අනික සාර්ථකත්වය කියන්නේ ජීවිතේ අවසානය නෙමෙයි. අසාර්ථකත්වය කියන්නේ මරණය තරම් බයංකාර දෙයකුත් නෙමෙයි.ඒත් හිතට ධෛර්ය අරන් අවදානමක් ඇතුව (ගත හැකි අවදානමක් නම් පමණක් ගෙන) හෝ සාර්ථකත්වයට ළඟා වීමයි කළ යුත්තේ.නැතුව බයවෙන එක නෙමෙයි. එහෙම නැත්නම් ඔබට ඒ අවස්ථාව අහිමිවෙනවා.
මම විශ්වාස කරන්නේත් අවදානමක් අරන් නිර්භිතව සාර්ථකත්වයට ළඟා වීම තමයි හොඳම දෙය කියලයි.මගේ යාළුවෝ පවා මගේ සාර්ථකත්වය මනින්න උත්සාහ කළ පාර්ශ්වයන්.
ඉතින් මේක තමයි මම දන්න සාර්ථකත්වයට යා හැකි එකම සිද්ධාන්තය. කළමණාකරණයේදිත් මම දන්න තරමින් අති දැවැන්ත විදිහට ජීවිතෙන් පරාජය වුණූ මිනිස්සු තමයි නැවත සාර්ථකත්වයට ගිහින් තියෙන්නේ.ඒක තමයි මම දන්න තරම.ඒ නිසා අවසානයේදි මට කියන්න තියෙන්නෙ මේ උග්‍ර ආර්ථික අවපාතයට විසඳුම තියෙන්නේත් අපේ දේශීය වෙළඳපොලේ කියලයි. ඒක අංශක 360ක් කරකවා බැලුවොත්, නිවැරදිව ඒක පරීක්ෂා කර බැලුවොත් ඒ විසඳුම ඉතා ඉක්මනින් ළඟා කර ගන්න පුළුවන් කියලයි.
ඒක ක්‍රියාදාම චිත්‍රපටයක භාෂාවෙන් කියනවා නම් “ ඉස්සෙල්ලාම වැඩේ සාර්ථක වෙන්නේ නැත්නම් ආයෙත් මුල ඉඳලා කරල බලන්න.ඉක්මනින් වෙඩිතියලා බලන්න.මුලින් එක පාරක් වෙඩි තියලා බලන්න.ඒත් තව පතුරමකුත් සූදානමින් තියාගන්න*. එහෙමයි ඩොන් කිව්වේ.
කොහොම වුණත් මගේ දෙමාපියෝ මිය ගියාට පස්සේ මම අසාර්ථකත්වයයි, දුප්පත්කම තරාදියේ දෙපැත්තේ සම සමව තියන්න උත්සාහ කළා. ඒ නිසා මම මේ දුප්පත් ජීවිතයේ වැඩි දවසක් ඉන්නේ නැහැයි කියලා හිතා ගත්තා. ඒ අනුව මගේ මුල් කාලීන රංගන දුප්පත් වුණත් අසාර්ථකත්ක වුණත් එදා ඒවා මම එක මට්ටමෙන් සැළකූ හින්දා පසුකාලීනව ඒවා මගේ සාර්ථකත්වයට හේතු වුණා. හැබැයි මම ඒකෙන් කියන්නේ නැහැ අසාර්ථකත්වය කියන්නේ හරිම විනෝදජනක දෙයක් කියලා.ඒත් අසාර්ථකත්වය ඔස්සේ අපිට ලැබෙන අත්දැකීම්වලින් අපේ ජීවිතය මැනගන්න පුළුවන්.අපි කොතැනටද යා යුත්තේ කියලා යම් තීරණයකට එළඹෙන්න පුළුවන්. මේ නිසා සාර්ථක වූ මිනිසුන්ගේ පසුබිමේ අසාර්ථක වූ අවස්ථා රුසක් අපිට දකින්න පුළුවන්.
ඒත් මම මෙතැනදි මගේ මුල් කාලීන චිත්‍රපට ගැනත් තව දෙයක් කිව යුතුයි. ඒවායෙන් බොහොමයක් ඒ කාලේ සිටි අනික් නළුවන් ප්‍රතික්ෂේප කළ චරිත.එහෙම නැත්නම් වෙන කවුරැවත් නැතිකමට මාව දාලා කළ චිත්‍රපට.“දීවානා* තමයි මගේ පළමු ජනප්‍රියම චිත්‍රපටය.ඒත් ඒ චිත්‍රපටය සඳහා මුලින් තෝරගෙන තිබුණේ ආමන් කෝලිව.ඒත් ඔහු ඒ චරිතය ප්‍රතික්ෂේප කළා.
ඒ වගේම “බාසිගර්* චිත්‍රපටයේ චරිතය කරනන් හිටියේ සල්මන් ඛාන්. ඔහුත් මේ චරිතය ප්‍රතික්ෂේප කළා.“ඩර්* චිත්‍රපටයේ චරිතයත් එහෙමමයි. ඒක අමීර් ඛාන් විරැද්ධත්වය පළ කළ චරිතයක්.
ඒත් මම ඒ හැම චරිතයක්ම හොඳින් කළා. ඒවා ජනප්‍රිය වුණේ ඒ නිසයි.සමහර විට ඒකට කාලයත් බලපාන්න ඇති.ඒ නිසයි සමහරැ ජනප්‍රියවෙන්න නම් කාලයත් සුබ වෙන්න ඕනි කියන්නේ. මමත් ඒකට එකඟයි.
මම මේ ගැන ගරැ දිලිප් කුමාර්ගෙනුත් දවසක් ඇහුවා.ඒ දවසක් දා අපි දෙන්නා එකට දේව්දාස් නරඹන අවස්ථාවේදි.මම එතැනදි එතුමාට කිව්වා, “දේව්දාස්* අලුත් චිත්‍රපටයට මම දුන්නේ මගේ අර්ථ කථනයක් කියලයි.මොකද දිලිප් කුමාර් කියන්නේ අතිවිශිෂ්ට නළුවෙක්. මම ආචාර කරන නළුවෙක්.මේ නිසා චිත්‍රපටය උදාහරණයට ගත්තොත් නළුවන් විදිහට අපේ සාර්ථකත්වය ගැනයි මුලින් සිතිය යුත්තේ. අධ්‍යක්ෂවරයාගේ අදහස මොකක් වුණත් ඒකම නෙමෙයි අපේ සාර්ථකත්වය වෙන්නේ.
මේ හින්දා මගේ අදහස නම් තමන්ට උවමනා විදිහේ පාරවල්වලින් සාර්ථකත්වයට යන්න බැහැ කියන එකයි.මොකද සාර්ථකත්වයේ අවසානය මොකක් වුණත් ඒකට යන පාර මොනවගේද කියලා අපිට කලින් නිශ්චය කරගන්න බැහැ. අපිට කැමැති පාරවල යන්නත් බැහැ.ඒක තමයි මම මගේ දරැවන්ට කියලා තියෙන්නේත්. විශේෂයෙන්ම මම මගේ දරැවන්ට කියන්නේ ජිවිතේදි අසාර්ථක වෙන්න පුළුවන් කියලා ඒ වගේ අවස්ථා මග හරින්න එපා කියලයි. ඒවායින් පැනලා යන්න එපා කියලයි. මොකද ඒකම තමයි ඔබේ සාර්ථකත්වයට හේතුවෙන්නේ. අනික ඒකෙන් සාර්ථකත්වයට හොඳ පන්නරයක් ලැබෙනවා.
මාලන් විදානපතිරණ විසින් අද පුවත්පතට ලියූ ලිපියක්.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 3, 2024 | Business HUB සිතුවිල්ල
සාර්ථකත්වය කියන්නේ මේ ලෝකයේ සෑම කෙනෙක්ම අපේක්ෂා කරන දෙයක්. නමුත් ප්‍රායෝගික ලෝකය තුල එහෙම අපේක්ෂා කරන හැම කෙනෙක්ම සාර්ථකත්වය කරා ගමන් කරනවා දකින්නට ලැබෙන්නෙත් නෑ. ඒ වගේම බොහෝ දෙනෙක්ගේ ජීවිත තුල සාර්ථක වෙන්න උත්සාහ කලත් සාර්ථක වෙන්න අපහසු වෙන තත්වයකුත් තිබෙනවා! මේ කොහොම වුනත් අද ලිපියෙන් අපි ඔබට කියලා දෙන්න යන්නේ නිශ්චිත වශයෙන්ම ඔබ කැමති ඕනෑම ආකාරයක ඉලක්කයක් වෙත ප්‍රායෝගිකව ලගා වෙන්න ඔබ කරන්න ඕනේ දේවල් කිහිපයක් ගැන.
මේ ලෝකයේ කවුරු හරි කෙනෙක්ට මේ පියවර කිහිපය සම්පූර්ණ කරන්න පුලුවන්නම් ඔහුට හෝ ඇයට ඊලග පැය 24 තුල තමන්ගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇතිකර ගන්න එක, නියත වශයෙන්ම කරන්න පුලුවන්. ඒ නිසා, ඔබටත් ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා ගමන් කරන බව දැනෙන්නේ නැත්නම්, ඔබේ ජීවිතයේ වැඩි බරක් තියෙන්නේ සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයට නම් අනිවාර්යයෙන්ම මේ ලිපිය අවසන වන තෙක් කියවන්න. මොකද නියත වශයෙන්ම මේ හරහා ඔබටත් පුලුවන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න කරන්න ඕනේ මොනවද කියන දේ ඉගෙන ගන්න.
ජීවිතේ වෙනස් කරගන්න තමන් අනුගමනය කරන්න ඕනේ පියවර ටික මෙන්න මේ විදිහයි
1. මනසේ තියෙන ඍණාත්මක බවට පහර දෙන්න, මනස හිස් කරලා සුද්ද කරගන්න.
මේ පියවර හරිම වැදගත්, ලෝකයේ බොහෝ දෙනෙක්ට වෙනස් වෙන එක හරිම අමාරු දෙයක් ලෙස පෙනෙන්නේ මෙන්න මේ පියවර ගැන තියෙන නොදැනුවත් කම නිසා. හොදට හිතන්න, යම් කිසි භාජනයකට ඔබට පිරිසිදු වතුර පුරවන්න ඕනේනම් ඔබ මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ඔබ මුලින්ම කරන්නේ, ඒ භාජනයේ යම්කිසි අපිරිසිදු යමක් තියෙනවානම් ඉවත් කරලා , හොදින් පිරිසිදු කරගන්න එක. ඊට පස්සේ තමයි ඔබ එයට පිරිසිදු ජලය දමන්නේ.
ඔබට සැබෑවටම ඔබේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේනම් ඔබේ මනස තුලත් මුලින්ම එවැනි දෙයක් සිදුවෙන්න ඕනේ. මොකද ඔබේ සාර්ථකත්වයට 80%ක්ම ප්‍රබලවම බලපාන්නේ ඔබේ මනස. ඔබේ මනස ඍණාත්මක නම් එතැනදී ඔබට සාර්ථක වෙන එක අමාරුයි.. ඒ නිසා ඔබට සිද්ද වෙනවා මුලින්ම මනස ධනාත්මක කරගන්න. නමුත් ප්‍රශ්ණය වෙන්නේ ඒ දේ ප්‍රායෝගිකව, හරියට. ප්‍රමාණවත් මට්ටමකින් කරගන්නේ කොහොමද කියන එක.
බොහෝ දෙනෙක් මේ දේ වෙනුවෙන් කරන්නේ යම් යම් ධනාත්මක චින්තන පොත් කියවන එක, දේෂණ වලට සහබාගී වෙන එක වගේ දේවල් අනුගමනය කරන එක. නමුත් ඔබ ප්‍රායෝගිකව හිතලා බලන්න ඒ දේවල් හරහා සැබෑවටම ඔබේ මනස කොතරම් ධනාත්මක වීමක් සිදුවෙනවාද කියන දේ ගැන.
බොහෝ වෙලාවට වෙන්නේ ඔබට පොත කියවනකන්, යම් දේෂණයකට සවන් දෙනකන් ඔබේ මනස ධනාත්මක වී පවතිනවා, නමුත් එතැනින් එහාට දවසක් දෙකක් යනකොට ඔබ නැවතත් සුපුරුදු තැනට පත් වෙනවා. මේ දේ ධනාත්මක චින්තනය හුරු වුන 90%ක් දෙනා අත් විදින පොදු තත්වයක්. ඒකට තියෙන හේතුව තමයි ඔවුන් මනස ධනාත්මක කරගැණීම සිදු කරන්නේ මෙන්න මේ පළමු පියවර ගැන අවදානයකින් තොරව වීම.
අප අද වන විට ජීවත් වෙන්නේ ඍණාත්මක ලෝකයක, ඒ නිසා ඔබ කොතරම් හරි දේ පිලිබද දැනගෙන හිටියත් ඍණාත්මක දේ වෙනුවෙන් වන මානසික පෙලබවීම වැඩියි. උදාහරණයක් ලෙස, ඔබ වෛදයවරයෙක් වුනත්, ඔබට ශරීරයට ඉතාම අහිතකර, කෘතිමව සකසපු කෝලා බීම බෝතලයක් බොන්න ආසාවක් ඇතිවෙනවා! මොකද ඒ තරමටම ඍණාත්මක මානසික පෙලබවීම් අද වන විට සමාජය තුල ඉතාම වැඩියි. රූපවාහිනිය, අන්තර්ජාලය, ගුවන්විදුලිය, පුවත් පත් වගේ විවිද දේ හරහා සිදුවන නිරන්තර ඍණාත්මක පෙලබවීමකට අපි හැම කෙනෙම 24 පුරාවටම නිරාවරණය වෙනවා. මේ නිසා ඔබ දවසකට, සතියකට, මාසයකට මිනිත්තු කීපයක් ධනාත්මක දේ වෙනුවෙන් වැය කිරීම එවැනි ඍණාත්මක පෙලබවීමකට මුහුණ දෙන්න කිසි සේත්ම ප්‍රමාණවත් නෑ.
ඒ වගේම ඔබේ මනස තුල දැනටමත් ක්‍රියාත්මක වන ඍණාත්මක සිතුවිලි රටාවනුත් තියෙනවා. ඒ දේවල් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව විශාල කාලයක් පුරාවට ඔබේ මනසට ඇතුල් වුන දේවල්. ඒ නිසා පුංචි ධනාත්මක දෙයකින් ඒ තත්වයන් වෙනස් කරන එක ප්‍රායෝගිකව ටිකක් අමාරු දෙයක්. මේ නිසා මොන දේ කරන්නත් ප්‍රතමව ඔබ ඉතාම තදින් ඔබේ මනසේ තියෙන ඍණාත්මක බවට පහර දෙන්න ඕනේ. ඒ වගේම ඔලුව හොදට සුද්ද කරගෙන, ආයෙත් ඍණාත්මක දේවල් ඇතුලු නොවෙන තත්වයට මනස සකස් කරගන්න ඕනේ. ඉන් පසුවයි ඔබ ඔබේ සාර්ථකත්වයට උපකාරී වන ධනාත්මක දේවල් ඔබේ මනසට ඇතුලත් කරන්න ඕනේ.
ඒක හරියටම උදාහරණයකින් කියනවානම් මෙන්න මේ වගේ දෙයක්. ඔබ හිතන්න ඔබේ මනස කියන්නෙ ලුනු පිරුනු භාජනයක් කියලා. ඔබ හිතන්න ඔබට ඒ භාජනය පිරිසිදු වතුරෙන් පුරවන්න ඕනේ කියලා. එතැනදී ඔබ භාජනයේ තියෙන ලුනු තියෙද්දි වතුර දැම්මොත් මොකද වෙන්නේ? නියත වශයෙන්ම ඒ වතුර ටිකත් ලුනු රස වෙනවා. ඒක හරියට ඍණාත්මක දේ තියෙද්දි ධනාත්මක වෙන්න හදනවා වගේ දෙයක්.
දැන් හිතනන් ඔබ ලුනු ටික ඉවත් කරලා ඒකට වතුර දැම්මා කියලා, ඒත් ඒ භාජනයේ ගෑවිලා තියෙන ලුනු නිසා වතුර පොඩ්ඩක් හරි ලුනු රස වෙනවා. ඒ නිසා ඔබ ලුනු දාලා තිබුන භාජනයකට වතුර දානවානම් , හොදට ලුනු ඉවත් කරලා , හොදට සෝදලා, පිරිසිදු කරලා තමයි වතුර දාන්න ඕනේ. ඒ වගේම තමයි ඔබේ මනසත්, මනස තුලත් ඇතැම් විට ඔබට නොතේරෙන තරම් කුඩා වුනත් , දැඩි ඍණාත්මක ප්‍රතිඵල ඇතිකරන බොහෝමයක් දේවල් තියෙනවා. ඒ නිසා ඔබ මනස ධනාත්මක කරගන්නවානම් , ඒ දේවල් වලට තදින් පහර දීලා, ඔලුව හොදට සුද්ද කරගෙන මේ වැඩේ පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් ජීවිතේ සාර්ථක කරගන්නවා කියන එක ඇත්තටම් වෙන්නේ නැති දෙයක්.
2. ඔබට අවශ්‍ය සාර්ථකත්වය පිලිබද දත්ත නිවරැදිව, පැහැදිලිව මනසට ලබා දෙන්න
ජීවිතේ වෙනස් කරගන්න ඔබ කරන්න ඕනේ දෙවැනි පියවර තමයි මේක. අපි හිතමු කොහොම හරි ඔබ තුල තියෙන ඍණාත්මක දේවල් ඉවත් කරලා මනස පිරිසිදු කරගත්තා කියලා. ඊට පස්සේ ඔබ මේ පියවර මග හැරලා ධනාත්මක දේවල් වලින් මනස පුරවන්න හැදුවොත් එතැනදිත් ඔබට අසාර්ථක වෙන්න තියෙන අවස්ථාවක් නිර්මාණය වෙනවා. පුදුමයි නේද? කලින් අහලා නෑ නේද මේ ගැන. නමුත් මේක තමයි ඇත්ත. මෙන්න මේ පියවර මග හරින නිසා තමයි බොහෝ දෙනෙක්ට දැඩිව උත්සාහ කලත් සාර්ථක වෙන්න බැරි වෙන්නේ!
හැම වෙලාවෙම තමන් තමන්ගේ මනස ධනාත්මක කරගන්න වැඩේ කරන්න ඕනේ, යම් අරමුණකට සාපේක්ෂව, එහෙම නැතුව කරන්න ගියොත් ඔබේ ධනාත්මක බවම , ඔබේ සාර්ථකත්වයට භාදාවක් වෙනවා.
උදාහරණයක් ලෙස හිතන්න, ඇදුමෙන් මිනිස්සු මනින්න බෑ කියන අදහස ගැන. මේක බැලූ බැල්මට ධනාත්මක අදහසක්, ඇදුම වෙනුවට , මිනිසුන්ගේ ඇතුලාන්තයට එබිලා බලන්න හුරු කරවන අදහසක්, නමුත් ඔබ හිතන්න මේ අදහස ඇදුම් නිර්මාණශීලියෙක්ගේ මනසට ඇතුල් වුනොත් වෙන දේ ගැන.
එහෙම වුනොත් ඔහුට මිනිසෙක්ගේ ප්‍රතිරූපය පෙන්වන ආකාරයේ ඇදුම් විලාසිතා පිලිබද අදහස් ඔහුගේ මනසට එන එක නතර වෙනවා. මොකද ඔහුගේ මනස ක්‍රියාත්මක වෙන්නේ ඇදුම කියන දේ හරහා මිනිසුන් මනින්න බෑ, ඇදුම තුලින් මිනිසුන්ගේ ඇතුලාන්තය පෙන්වන එක සුදුසු නෑ කියන අදහස මත.
ඒ වගේම ඔබ හිතන්න මේ අදහස විකුණුම් නිලදාරියෙක්ගේ මනස තුල ඇතිවුනා කියලා, එහෙම වුනොත් ඒ මොහොතේ පටන් ඔහු තමන්ගේ ඇදුම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති තැනට පත් වෙනවා. එය ඔහුගේ රැකියාවට, ඔහුගේ සාර්ථකත්වයට ඍජුවම බලපානවා.
මේ නිසා ඇදුමෙන් මිනිස්සු මනින්න බෑ කියන අදහස පොදුවේ ධනාත්මක අදහසක් ලෙස පෙනුනත්, හැම වෙලාවකම ඒ දේ ධනාත්මකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ නිසා ඔබේ අරමුණු මත තමයි ඔබේ ධනාත්මක අදහස් තෝරා ගන්න ඕනේ. ඒ නිසා මුලින්ම තමන් තමන්ගේ ජීවිතේ අරමුණු මොනවද? තමන්ට මොන වගේ සාර්ථකත්වයක්ද ලගා කරගන්න අවශ්‍ය කියන දේ ගැන ඉතාම පැහැදිලි අදහසක් ඔබ ඇතිකරගන්නම ඕනේ.
හොදට මතක තියා ගන්න පැහැදිලි අදහසක් කියන්නේ දල අදහසක් නෙමේ, බොහෝ දෙනෙක් මේ දේත් හරියට තේරුම් ගන්නේ නෑ, ” මට මෝටර් රථයක් ඕනේ ” කියන එකයි ” මට BMW, 520D මාදිලියේ කලු පැහැති මෝටර් රථයක් ඕනේ” කියන එකයි දෙකක්. ඒ නිසා අදහසක් කියන එක ඉතාම පැහැදිලි වෙන්න ඔනේ. එහෙම නැත්නම් ඔබේ මනස නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ නෑ.
3. අරමුණු මත ධනාත්මක වෙන්න
ධනාත්මක වීම කියන්නේ හිතන තරම්ම සරල විශයක් නෙමේ, ධනාත්මක වීම ගැන ඉගෙන ගන්න කොට පොදුවේ ඕනෑම අරමුණකට ලගා වීම වෙනුවෙන් ඇතිකරගත යුතු ධනාත්මක සිතුවිලි සහ අරමුණු අනුව ඇතිකර ගත යුතු ධනාත්මක සිතුවිලි කියලා කොටස් 2ක් තියෙනවා. ඒ වගේම ඔබේ ජීවිතේ වෙනස් වීම ධනාත්මක සිතුවිලි ඇති වූ පමණින්ම සිදුවෙන්නේ නෑ. ධනාත්මක සිතුවිලි හරහා ජීවිතය වෙනස් වෙන තත්වයට පත් වෙන්න නම් ඒ සිතුවිලි ආකල්ප බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ආකල්පමය තත්වයන් දක්වා වර්ධනය වීමට හැකි ආකාරයෙන් සිතුවිලි රටාවන් ඇතිකර ගැනීම වගේ දේවල් ඔබ හරියට ඉගෙන ගන්න ඕනේ.
මේ නිසා ධනාත්මක වීම කියන්නේ හිතුමතේ කරන්න පුලුවන් දෙයක්වත්, එහෙම කරන්න උත්සාහ කල යුතු දෙයක්වත් නෙමේ. මොකද එහෙම කලොත් වෙන්නේ කලින් විස්ථර කලා වගේ ඔබේ ධනාත්මක බව, ඔබේ සාර්ථකත්වය වෙනුවට, ඔබේ අසාර්ථකත්වයට මග පෙන්වන තත්වයක් ඇති වීම.
4. සැලසුම්සහගත වෙන්න.
ප්‍රායෝගික සාර්ථකත්වය කියන්නේ හැම වෙලාවෙම සැලැස්මක් මත ගොඩනැගෙන දෙයක්. සැලැස්මක් නැති අරමුණක් කියන්නේ හැම වෙලාවෙදිම සිහිනයක් පමණයි. මේ නිසා ඔබට ඇත්තටම සාර්ථක වෙන්න ඕනේනම් ඔබ ඔබේ අරමුණ වෙත ලගා වෙන්න , හොද ප්‍රායෝගික මට්ටමේ සැලැස්මක් හදා ගන්න ඕනේ.
ප්‍රායෝගික සැලැස්මක් කියන දේත් ඔබ හරියට තේරුම් ගන්න ඕනේ. මොකද සමහරු සැලසුම් හදනවා , නමුත් ප්‍රායෝගික බව ඉතාම අඩුයි. ඒ නිසා සැබෑවටම සාර්ථක වෙන්න ඕනේනම් ඔබ ප්‍රායෝගික සැලසුමකට අනුගත වෙන එක අනිවාර්‍යයයි.
ප්‍රායෝගික සැලැස්මක් කියන්නේ මෙන්න මේ ලක්ෂණ තියෙන එකකට
– සැලැස්ම දිහා බැලුවම ඔබට ඔබේ අනාගතය පිලිබද හොද ආත්ම විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. තමන්ට නියත වශයෙන්ම සාර්ථක වෙන්න පුලුවන් කියන හැගීම ඇති වෙන්න ඕනේ.
– ඒ වගේම සැලැස්ම දිහා බැලුවම ඔබට එය ක්‍රියාත්මක කරගෙන යාම වෙනුවෙන් අභිප්‍රේරණයක් ඇති වෙන්න ඕනේ.
– ප්‍රායෝගික සැලැස්මක් කියන්නේ ඕනෑම වෙලවක update කරන්න පුලුවන් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඕනෑම මොහොතක සාර්ථකත්වය මනින්න පුලුවන් විදිහට සකස් වෙලා තියෙන්න ඕනේ.
මෙන්න මේ ලක්ෂණ නැත්නම් ඒ සැලැස්මේ ප්‍රායෝගික බව ඉතාම අඩුයි. බොහෝ වෙලාවට එය සැලැස්මකට විතරක් සීමා වෙන්න පුලුවන්. ඒ නිසා සැලැස්මක් හදනකොට හිතුමනාපෙට කරන්න බෑ. හරි ක්‍රමයට , ප්‍රායෝගික ආකාරයෙන් සකස් කරන්න ඕනේ.
5. කාල කළමණාකරනයට හුරු වෙන්න
ඔබේ මනස කොතරම් ධනාත්මක වුවත්, ඔබ සතුව කොතරම් විශිෂ්ඨ වුවත් ඒ සියල්ල ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඔබට දිනකට ලැබෙන පැය 24ක කාලය ඇතුලතදී, ඒ නිසා සැලැසුම් ක්‍රියාත්මක කිරීමේදී කාල කලමණාකරණය කියන විශය තරම් වැදගත් වන විශයක් තවත් නැති තරම්.
මොකද කොතරම් සාර්ථකව ඔබ ඔබේ කාලය කලමණාකරනය කරගෙන හරියට වැඩේ කරනවාද කියන එක මත ගොඩක් දේවල් තීරණය වෙනවා. සාර්ථක වෙන්න ඕනේනම් ඔබ කල යුතු දේ , කල යුතු වෙලාවට සිදු කිරීම අනිවාර්යයයි. එසේ නොවන්නට ඔබට ලැබෙන්න තියෙන ප්‍රතිඵල නියමාකාරයෙන් නොලැබෙන්න ඉතා ඉහල ඉඩකඩක් නිරායාසයෙන්ම තියෙනවා.
කාල කලමණකරණය කියන්නෙත් බොහෝ දෙනෙක් හිතන විදිහට සරල මාතෘකාවක් නෙමේ. එය බොහෝ විට හුදෙක් කාල සටහනකට අනුව වැඩ කිරීමක් පමණක් නොවේ. එය තුල නිවරැදිව මනස පිහිටුවා ගැනීම, නිවරැදිව මානසික මට්ටම් පවත්වාගෙන යාම වගේ බොහෝමයක් දේවල් තියෙනවා. ඒ නිසා සරල කාල සටහනක් අනුව වැඩ කිරීම කාල කලමණාකරනය ලෙස සලකමින් ක්‍රියාත්මක වීම වෙනුවට මේ පිලිබදවත් නිවරැදිව හැදෑරීම හා ඒ අනුව නිවරැදි ක්‍රම ශිල්ප අනුව කාලය කලමණාකරනය කරමින් ඔබේ ජීවිතය මෙහෙයවීම ඔබ විසින් කල යුතු වෙනවා!
6. සාර්ථකත්වයට ගැලපෙන පරිදි මානසික ශක්තීන් දියුනු කිරීම
අපේ මනස කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. එහි තියෙන ශක්තීන් හා හැකියාවන් ප්‍රමාණය අසීමිතයි. නමුත් වර්ථමානයේදී බොහෝ දෙනෙක් තුල මේ මානසික ශක්තීන් පිලිබද තියෙන අවදානය අඩු වෙලා තිබෙනවා. මේ නිසා තමන්ගේ සාර්ථකත්වය ලේසියෙන් දෙගුණ තෙගුණ කරගන්න පුලුවන් දෙයක් බොහෝ දෙනෙක් පාවිච්ච් නොකර අත් හරිනවා.
බොහෝ දෙනෙක් තුල මේ සම්බන්දයෙන් තියෙන අවදානය අඩු වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි, බොහෝ දෙනෙක් මේ මානසික ශක්තීන් දියුනු කිරීම වෙනුවෙන් නිවරැදි ක්‍රම භාවිතා නොකිරීම, මේ නිසා යම් උනන්දුවක් තියෙන අය පවා , එහෙන් මෙහෙන් ඉගෙන ගන්න දේවල් අත් හදා බලලා , ප්‍රතිඵල නෑ කියලා අත් හැර දානවා. මේ නිසා කාලයක් යනකොට මානසික ශක්තීන් අවදි කරන්න ගිහින් සාර්ථක වුන පිරිසට වඩා අසාර්ථක වුන පිරිස වැඩි වෙනවා. සමාජය තුල පොදු මතයක් ගොඩනැගෙනවා, මේක හරියන්නේ නැති දෙයක් විදිහට.
නමුත් සැබෑම ප්‍රශ්ණය වෙන්නේ මේ දේ හරියන්නේ නැති එක නෙමේ , එහෙන් මෙහෙන් ඉගෙන ගත්ත දේවල් අත් හදා බලලා වැඩ වරද්ද ගත්ත එක. ඒ නිසා මානසික ශක්තීන් දියුනු කිරීම කියන දේත් හරියට දන්න කෙනෙක්ගේ උපදෙස් අනුව කරන එක ඉතාම වැඩගත්. හරියට කලොත් ඔබ කැමති ඕනෑම දෙයක් ඔබ වෙතට ඉතාම වේගයෙන් ආකර්ෂණය කිරීම දක්වාම මේ දේ දියුනු කිරීම කරන්න පුලුවන්. එහෙම කියන එකේ අදහස මානසික ශක්තීන් දියුනු කිරීමේ උපරිමය එය කියන එක නෙමේ. නමුත් සාමාන්‍ය මිනිසෙක්ට ඒ මට්ටමට මානසික ශක්තීන් දියුනු කරන්න පුලුවන්නම් , තමන්ගේ සාර්ථකත්වය ඉතාම වේගයෙන් , වගේම ඉතාම පහසුවෙන් ලගා කරගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා!
මෙන්න මේ පියවර 6 , මේ ලෝකයේ කවුරු හරි කෙනෙක්ට සම්පූර්ණ කරන්න පුලුවන්නම් , අඩුම තරමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන තැනට පත් වෙන්න පුලුවන්නම් , ඒ මොහොතේ පටන් ඒ පුද්ගලයාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්න එක නතර කරන්න කාටවත් බෑ. නිශ්චිත වශයෙන්ම එය සිදුවෙන්න පටන් ගන්නවා.
උපුටාගැනීම : ධනාත්මක සිතුවිලි – Positive Thinking ෆේස්බුක් පේජ්
තව පුංචි කාරණාවක්, අපි මේ දවසේ සිතුවිල්ල Business HUB පේජ් එකේ පළකරන්නේ හේතුවක් ඇතිව. සෑම දිනකම ඔබගේ මනස ශක්තිමත් කර ඔබගේ දියුණුවට මගපෙන්වන්නයි අපි උත්සාහ කරන්නේ. අපි බිස්නස් HUB ආරම්භ කරලා දැනට මාස 3ක්. සිතුවිලි 90ක් පේජ් එකේ තියේ. මේ සිතුවිලි 90 කියවලා අවබෝධයෙන් කමෙන්ට් කල 3 දෙනෙක්ට අපි රු.ලක්ෂය බැගින් ත්‍යාගයක් දෙනවා ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මන්ද අපි දිනපතා ඔබෙන් ඉල්ලන එකම දේ මේ පේජ් එකේ ලිපි දිනපතා කියවා කමෙන්ට් කරන්න කියන එක පමණයි. ඒ පිළිබඳව පෝස්ට් එකක් අද දවසේ පළකරන්නම්. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියනවනේ… අපේ පේජ් එක කියව්වහමනම් එහෙම වෙනවා… එහෙනම් සුභ දවසක්… පැය 24කින් ඔබ මේ ලිපියේ ආකාරයට වෙනස් වෙලා ඔබේ වෙනස ගැන අපට කියන්න…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 2, 2024 | Business HUB සිතුවිල්ල
දවසක් පුංචි ළමයෙක් එයාගෙ තාත්තාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා…
” තාත්තේ කොහොමද අලියෙක්ව කන්නේ..?
How to eat an Elephant..?
තාත්තා ඊට දුන්න උත්තරේ මොකක් වෙන්න ඇති කියලද ඔබ හිතන්නෙ…?
“one bite at a time..”
වරකට එක කෑල්ල බැගින් ටික ටික..
ඔබට එකපාරටම හිතෙන්න පුළුවන්, පුංචි දරුවෙකුට අලියෙක්ව මරාගෙන කන විදිය තාත්තා කෙනෙක් කියලා දෙන එක හොඳද කියලා. නැහැ මේක එහෙම කතාවක් නෙවෙයි…
අපි එක තත්පරයකට අපේ ජීවිතේ අලියෙකුට සමාන කරමු. එහෙම සමාන කළොත් අත කකුල, හොඬවැල, නැට්ට, ඇස් දෙක, වගේ ඒ අලියගෙ කොටස් තමයි අපේ ජීවිතේ අරමුණු…
මහා විශාල අලියෙක්ව එක කටකට ගන්න බැහැ වගේ තමයි, ජීවිතේ හැම අරමුණක්ම, ඉලක්කයක්ම දොඩම් ගොඩ බදා ගත්තා වගේ අල්ලන්න බැහැ. එහෙම වුණොත් අපිට එක දෙයක් වත් කරන්න ලැබෙන්නේ නෑ…
අපි හැමෝටම ඕනේ ඉක්මනින් සල්ලි හොයන්න, ඉක්මනින් දියුණු වෙන්න, ඉක්මනින්ම අපේ අරමුණ ඉෂ්ට කරගන්න..
ඒ හදිස්සියේ කිසිම වැරැද්දක් නැහැ, හැබැයි අර පරණ කියමනක් තියෙනවානේ “ඉක්මන් කොටයි” කියලා…
තමන්ගේ ජීවිතේ පියවරෙන් පියවරට ඉදිරියට යන එක තමයි Goal (අරමුණක්) එකක් achieve කරන්න හිතන පුද්ගලයෙක් කරන්න ඕන දේ වෙන්නේ..
එක අරමුණක් ඉටු වුණාම තව එකකට මහන්සි වෙනවා.. ඊට පස්සේ ඊලඟ එක.. ඒකෙන් පස්සෙ ඊලඟ එක.. එතනින් තවත් එකක්.. තවත්.. තව එකක්.. තවත් එකක්.. තව තවත්….
ඔබට ශක්තිමත් බිත්තියක් අවශ්‍ය නම් ඒ බිත්තියට ගල් ඕන වෙනවා. හැබැයි ඒ ගල් සේරම හිතෙන හිතෙන විදියට පෙළ ගස්සන්න ගියොත් ඔබට කවදාවත් ශක්තිමත් ලස්සන බිත්තියක් හදන්න හම්බ වෙන්නෙ නැහැ.
ඉතින් අන්න ඒ නිසා එක පාරට ලොකුම goal එකට යන්නේ නැතුව පුංචි පුංචි ඉලක්ක වලට යන්න. එහෙම පුංචි පුංචි ඉලක්කවලට යන එකේ වාසියක් තියෙනවා
අංක එක 👉
ඔබ කාලා ඉවර කරන්න හදන්නේ මහා විශාල අලියෙක්ව.
අංක දෙක 👉
ඔබ දන්නවා ඒ අලියාව කන්න ඕනේ පොඩ්ඩ පොඩ්ඩ කියලා.. කොටසින් කොටස කියලා..
ඉතින් අද දවස ඔබේ ඉලක්කයට Focus කරන්න හොඳම දවසක්. ලොකු ලොකු හීන ටික ටික හැබෑ කරගන්නේ අන්න එහෙමයි. මෙච්චර කාලයකට ඔබට කන්න අලියෙක් හිටියේ නැත්නම් අදම අලියෙක් හොයාගන්න..
හැබැයි.. මතකනේ…?
” One Bite At A Time..”
Business HUB සමඟින් එකතුවෙලා ඉන්න ඔබටත් අපි පියවරෙන් පියවර දියුණු වෙන්න මග පෙන්වනවා. ඒ හරි මග ගිහින් ඔබේ සිහින වලට යන එක ඔබ සතු කාර්යයක්.
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲ සතුය. කතෲ අවිනිශ්චිතයි.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Feb 1, 2024 | Business HUB සිතුවිල්ල
ජීවිතය කියන්නේ අපි අමුතුවෙන් ලියාගෙන මේ ලෝකෙට එන දෙයක් නෙවෙයි. නමුත් ඒ තුල සියල්ල සැලසුමකට අනුව වගේ සිද්ධ වෙනවා. ජීවිතයේ අපූරුව නම්, මේ සැලසුම ඕනෑම අවස්ථාවක අපගේ අවශ්‍යතාව පරිදි වෙනස් කරගන්නට ජීවිතය අපට ඉඩ ලබා දී තිබීමයි. මේ බව නොදකින ඇතැම් වංශාධිපතිවරුන්ගේ දරුවන් මහමඟ සියල්ල අහිමි වූ දුප්පතුන් මෙන් මියයනවා අප දැක ඇත්තේත්, ජීවිතයේ සැලසුම ඕනෑම අවස්ථාවක වෙනස් කරගත හැකි බව දකිනා දිළිදු පැල්පත්වල ඉපදුන දරුවන් ධන කුවේරයින් බවට පත් වෙනවා අප දැක ඇත්තේත් ඒ නිසාමයි. අද අප ඔබට කියන්නට යන්නේ එවන් දරුවෙක් පිළිබදව. තමන්ගේ ජීවිතය වෙනස් කරගැනීමෙන් නොසැහී තමා වටා සිටින මිනිසුන්ගේ ජීවිත වෙනස් කල හරි අපූරු මිනිසෙක් පිළිබදව.
අපගේ ජීවිතයේ අපට ලැබී ඇති ප්‍රබලම ශක්තිය කුමක්දැයි කිසිවෙක් ඇසුවහොත් අපට ලැබෙන්නේ එකිනෙකට වෙනස් උත්තර. අයෙක් කියාවි ඒක ආත්ම ශක්තිය කියලා. තවෙකෙක්ට අනුව ඒක දැනුම. කැපවීම කියලා කියන්නෙත් හොද උත්තරයක්. ඒ වගේම තවකෙක්ට අනුව මිනිසාගේ ප්‍රබලම ශක්තිය උනන්දුව වෙන්නටත් පුළුවන්. නමුත් මානසික අභිප්‍රේරකවරයෙක් මෙන්ම පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙක් ලෙස මගේ අත්දැකීම නම් මිනිසා සතු ප්‍රබලම ශක්තිය සිහින දැකීමට ඇති හැකියාව. අනාගතය දැකීමට ඇති හැකියාව. මානව ඉතිහාසයේ මිනිසා තබපු සෑම ඉදිරි පියවරකම පටන් ගැන්ම සිතිවිල්ලක්. වාෂ්ප එංජිම සිතිවිල්ලක්. ගුවන් යානය සිතිවිල්ලක්. නෞකා, වාහන මේ සියල්ලම කාගේ හෝ කිසියම් දවසක සිතේ ඇදුනු සිතිවිලිවලින් පටන් ගත්ත නිර්මාණ.
අද අපේ කතානායකයා බවට පත්වෙන කුඩා දරුවාත් එහෙම සිහින දැකපු දරුවෙක්. ජපානයේ හමාමාට්සු හි ෆුජි ගිනිකන්ද ආසන්නයේ ගම්මානයක සාමාන්‍ය පවුලක සාමාජිකයෙක් ලෙස 1906 දී උපත ලබපු මේ දරුවා පාසල් අධ්‍යාපනයට එතරම් කැමැත්තක් දැක් වූ අයෙක් නෙවෙයි. තරමක අණ්ඩපාලයෙක් විදියට පාසල් ගුරුවරුන් විසින් හදුන්වපු මේ දරුවා අධ්‍යාපනය කෙරෙහි තමාගේ උනන්දුව හීන වූ නිසාම ඇතැම්විට විෂයන්වලට ලබා ගත්තේ අඩු ලකුණු සංඛ්‍යාවක්. ඔහු වැඩිපුර කාලය ගතකලේ සිය පියාට අයත් බයිසිකල් වැඩපලේ. යන්ත්‍ර අතර පාපැදිය කියන්නේ ඉතාමත් මූලික තත්ත්වයේ යන්ත්‍රයක් වූවත්, ඔහුට ඒ ගැන පවා තිබුණේ දැඩි උනන්දුවක්. මේ නිසාම පාසලේ වාර විභාගයන්වල දී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව අතිශයින්ම දුර්වල වුණා. ඇතැම් අවස්ථාවල තමාගේ ප්‍රගති වාර්තාව නිවෙසට පෙන්වීමට තරම් ධෛර්යක්වත් මේ පුංචි දරුවට තිබුණේ නෑ.
ඒත් පාසලෙන් නීතියක් පණවා තිබුණා ප්‍රගති වාර්තාව දුටු බවට දෙමාපියන්ගේ සහතිකය එහි දමා නැවත එය පාසලට භාර දිය යුතු බවට. මේ දරුවා කරපු පලවෙනි සොයාගැනීම තමයි පාපැදියක තිරිංගවලට යොදන රබර් කොටසක ආධාරයෙන් තමන්ගේ දෙමාපියන්ට අයිති යැයි පාසලට හැගෙන විදියට රබර් මුද්‍රාවක් කැපීම. ඔහු තමන්ගේ අඩු ලකුණු සහිත වාර්තාවේ තබාගෙන ගියේ මේ රබර් මුද්‍රාව. හැබැයි ඔහුට මේක කරන්න පුළුවන් වුණේ හරිම ටික කාලයයි. තමන් විතරක් ගලවාගන්න යාමෙන් වැලකිලා ඔහුට අවශ්‍ය වුණා තවත් දරුවන්ට මේ විදියට මුද්‍රා කපලා දෙන්න. අන්න එතැනදි පාසල ඔහුගේ මේ හොරය අල්ලා ගත්තා.
කුඩා සොචිරෝ තුල අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොමැති බව වටහා ගන්නා දෙමාපියන් ඔහුට කැමති දේ කරන්න ඉඩදුන්නා. තාත්තාගේ බයිසිකල් වැඩපලේ වැඩපල ඉගෙන ගන්න අතරතුරේ ඔහු විවිධ යන්ත්‍ර පිළිබද සැලසුම් ඇන්දා. ඇතැම්විට කෙනෙක්ට ඒවා විකාරයක් විදියට පෙනුනත්, ඔහු මේ සියල්ල අනාගතයේ දී සැබෑවක් වෙන ආකාරය දැක්කා. මේ අතරතුරේ දවසක සොචිරෝගේ ගම්මානයට පලමු වතාවට මෝටර් රථයක් ආවා. මේ කියන්නේ 1920 ට ආසන්න කාලයක් ගැන. මේ වාහනේ බලන්න සොචිරෝ වගේම ගමේ කොලු කුරුට්ටන් පෙල ගැහුණා. නමුත් නිසැකවම කියන්න පුළුවන් එක දෙයක්. ඒ තමයි මේ වාහනේ දිහා බලාගෙන එවැන්නක් තමන් විසින් නිර්මාණය කරනවා යැයි ඒ මොහොතේ සිතුවේ ඒ අතර සිටි දරුවන්ගෙන් සොචිරෝ පමණයි. ඔහුට ඇත්තටම ඕනෑ කලා ඒ වගේ වාහනයක් හදන්න.
“මම ඒ වාහනයේ ඉන්ධන දැවෙද්දි එන සුවඳට වශී වුණා. මාව ඉදිරියට ඇදුනේ ඒ ඉන්ධන සුවඳත් එක්කයි. ”
පස්සේ කාලයක සොචිරෝ කියන්නට පෙළඹුනා.
මේ ඉන්ධන සුවද හොයාගෙන සොචිරෝ වයස අවුරුදු 15 වෙත්ම පාසල් අධ්‍යාපනයට සමු දීලා ටෝකියෝවට එනවා. ඒ ගරාජයක අත්උදව්කාරයෙක් විදියට. ඒත් පලවෙනි දවසේ ඉදන්ම ඇණ මුරිච්චි ගලවලා වැඩ පුරුදු වෙන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. පලමුව ඔහුට පැවරෙන රාජකාරිය තමයි ගරාජය ඇමදීම. වැඩකරන කාර්මිකයින්ට තේ ඇතුලු අඩුම කුඩුම සැපයීම. කෑම හදන්න දායක වෙන එක. ඒත් තමන්ට දිනෙක කාර්මිකයෙක් වෙන්න තියෙන ආශාව නිසාම, ඔහු මේ දේවල් කරන්න මැලි වෙන්නේ නෑ. කාලයක් ගතවෙනකොට, ගරාජ හිමියාගේ සිත දිනාගන්නට සමත් වෙනකොට සොචිරෝට අවස්ථාව ලැබෙනවා ටිකෙන් ටික, යතුරු කෑලි, ආයුධ අතට අරගෙන වැඩ කරන්න. අර දැවෙන ඉන්ධන සුවද වඩාත් ලංවෙලා විඳින්න. ඒ ඔස්සේ තමන්ගේ හීනවලට තෙල් ගහගෙන දුවන්න. සොචිරෝ ආයෙත් ගමට එන්නේ අවුරුදු හයක් ඒ ගරාජයේ බැල මෙහෙවර කරලා තමන්ගේම ව්‍යාපාරයක් අරඹන්න තරම් මුදලක් උපයගෙන. ඒ වගේම ඒකට ලොකු දැනුමක් උපයගෙන.
අවුරුදු 22 වෙද්දි සොචිරෝට පුළුවන් වෙනවා තමන්ගේම ගරාජයක් පටන් ගන්න. තමන්ට අවුරුදු 31 ක් වෙද්දි සාමාන්‍ය අලුත්වැඩියා කටයුතු වලින් ඉදිරියට ඇවිල්ලා මෝටර් රථ එංජින් සදහා පිස්ටන් වළලු නිර්මාණය කිරීමේ ව්‍යාපාරයකට සොචිරෝ අතගහනවා. ඇත්තටම කිව්වොත් කෙටි කාලයක් ඇතුලත ටොයෝටා සමාගමට පිස්ටන් වළලු සපයන්නන් අතර පෙරමුණට එන්න සොචිරෝගේ ආයතනය සමත් වෙනවා.
නමුත් මේ ව්‍යාපාරයට කණකොකා හඬන්නේ 1944 දී දෙවැනි ලෝක යුද සමයේ දී ඔහුගේ එක් නිශ්පාදන ආයතන පරිශ්‍රයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමත් එක්ක. දෙවැනි නිෂ්පාදන පරිශ්‍රයත් සැලකිය යුතු ලෙස විනාශයට පත්වෙන්නේ 1945 වසරේ ඇතිවුණ භුමි කම්පාවකින්. තමන්ගේ දෛවය මෙන්ම ස්වභාව දහමත් ව්‍යාපාරයට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරද්දි වැටෙන එක සොචිරෝගේ පුරුද්දක් වුණේම නැහැ. ඔහුට ඕනෑ කලේ මේ විනාශයත් තමන්ගේ වාසියට යොදා ගන්න. අබලන් වූ නිෂ්පාදන පරිශ්‍රයන් ටික ටොයෝටා සමාගමටම පවරා දෙන ඔහු එලියට බහින්නේ ඒ වෙනුවෙන් ලැබෙන මුදල් නව සමාගමක් වෙනුවෙන් ආයෝජනය කිරීමේ සිත් ඇතිව. 1946 වසරේ දී සොචිරෝ විසින් හොන්ඩා කාර්මික පර්යේෂණ ආයතනය බිහි කරන්නේ අර මුදල් යොදාගෙන. ඔහුගේ අතේ ව්‍යාපාරය පටන් ගද්දි තිබුණේ යෙන් පන් ලක්ෂයකට ආසන්න මුදලක් විතරයි.
ඔහු සිය පලමු යතුරු පැදිය නිර්මාණය කරන්නේ 1948 වසරේ දී. ඒක යතුරු පැදියකට වඩා පාපැදියක හැඩය ගත්තා කිව්වොත් නිවැරදියි. පාපැදියකට මෝටර් එංජිමක් සවිකලා වගේ තිබුණු මේ නිර්මාණය ඔහු විකුණනවා 1951 වසර දක්වා. එහෙත් එකම දේ හැමදාම විකුනන්න බැරි බව ඔහු නොදන්නවා නොවෙයි. මේ නිසාම, ඔහු අලුත් අලුත් විදියේ යතුරු පැදි හැඩයන් අත්හදා බලන්නට පෙළඹෙනවා. ඒ වගේම ඒ නිර්මාණ ලෝකය විසින් ආදරයෙන් වැළද ගන්නවා. ජපානයේ මෝටර් එංජින් කර්මාන්තයට අලුත්ම ගැම්මක් දෙමින් 98 cc කාණ්ඩයේ යතුරු පැදියක් 1951 වසරේ දි එලිදක්වන්න සොචිරෝ හොන්ඩාට හැකිවෙනවා. අලුත් විදියට හිතන එක අලුත්ම යමක් එලියට දාන්න සිහින දැකීම නිසාම සොචිරෝගේ නිෂ්පාදන එන්න එන්නම ජනප්‍රිය වෙනවා. 1959 වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේත් සිය සන්නාමය ප්‍රචලිත කිරීම අරඹන සොචිරෝ හොන්ඩා, හොන්ඩා නාමය ලෝකයේ රටවල් 140 ක් දක්වා ව්‍යාප්ත කිරීමට සමත් වෙනවා. පස්සේ කාලයක මෝටර් රථ නිෂ්පාදනයටත් අත තියන සොචිරෝ හොන්ඩා, මෝටර් වාහන කර්මාන්ත ක්ෂේත්‍රය තුල තමන්ගේ නාමය පැලකරන්නේ ආයෙත් ගලවලා දාන්න බැරි දැවැන්ත ගහක් විදියට.
හොන්ඩා ව්‍යාපාරයට අයත් නිෂ්පාදනාගාර අද ලෝකයේ බොහෝ රටවල තිබෙනවා. අති නවීන වාහන දිනෙන් දින ලෝකයට හදුන්වාදෙන හොන්ඩා ව්‍යාපාරයේ සේවකයින් ගනන ලක්ෂ 2 ක් ඉක්මවනවා. 2016 අවුරුද්දේ විතරක් හොන්ඩා ව්‍යාපාරයේ ලාභය දැක්වුණේ යෙන් බිලියන 345 ක් විදියට. ඒ වගේම ඔවුන්ගේ වත්කම් ප්‍රමාණය දැක්වුණේ යෙන් ට්‍රිලියන 18 ක් විදියට. සොචිරෝ හොන්ඩා කියන්නේම හීන මත විශ්වාසය තබපු හීනවල ශක්තිය ගැන අසාමාන්‍ය විදියට හිතපු කෙනෙක්. 1906 දී පෙලපත් නාමයක් පමණක් වෙන හොන්ඩා නාමය ඔබ අද පාරට බැස්සාම නිතර ඇස ගැටෙන ලෝකයේ ප්‍රබල සන්නාමයක් බවට පත් කරන්නේම මේ දැක්ම කියන එක තමයි බොහෝ දෙනාගේ පිලිගැනීම වෙන්නේ.
අද ලෝකයේ බොහෝ මිනිසුන්ගේ ප්‍රශ්නය වෙන්නේ ජීවිතයේ දැනෙන ජයග්‍රහණ ලබා ගන්න තමන් තුල හැකියාව නොමැති එක නෙවෙයි. මිනිසුන්ගේ ප්‍රශ්නය වෙන්නේ තමන්ට කුමක් කල හැකි ද යන්න පිළිබදව ඔවුන් තුල තක්සේරුවක් නොමැතිකමයි. ඒ සිහිනය දකින්නට හැකිනම්, ඒ තක්සේරුව හදා ගන්න පුළුවන් නම්, ජයග්‍රහණ දිනා ගැනීම අසීරුවක් නොවෙයි. ඒ බව සොචිරෝ හොන්ඩා තමන්ගේ ජීවිත කතාවෙන් අපූරුවට පෙන්වා දී තිබෙනවා. වයස 84 ක් ආයු වැළදු සොචිරෝ හොන්ඩා 1991 වසරේ දී අභවප්‍රාප්ත වුණා. ඒ වසරේ දීත් ඔහු විසින් ලෝකයට නිතරම කියූ එක දෙයක් තිබුණා. ඒ තමයි “එක් වරක් සාර්ථක වීම සදහා දහස් වරක් අසමත් වීමට බිය නොවන්න” කියන කාරණය. අසමත් වීමට බිය නැති මිනිසුන් අසමත් භාවය ඔස්සේ යමින් සමත්වීමේ ක්‍රමය හොයා ගන්නවා. පලමුව හීනය දකින්න. දෙවැනුව වැඩ කරන්න. වරද්දා ගැනීම්වලින් ඉගෙන ගමින් සාර්ථක වෙන්න. සොචිරෝ හොන්ඩා ලොව පැතිරී ගිය දැවැන්ත ව්‍යාපාරයක් ඔස්සේ අපට ලබා දෙන පණිවිඩය එයයි.
සැ. යු : භාතිය අර්ථනායක විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලදි. අයිතිය කතෲ සතුය.
Business HUB සමඟින් එකතුව ඉන්න ඔබත් අසාර්ථත්වයට බිය නොවන්න… මොකද වැටෙන විට නැගිටින්න අත දෙන්න අපි ඉන්නවා…
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla