by admin | Nov 29, 2023 | Business HUB Scam Alerts
කෝටි ගාණට විකිණෙන VOC කාසි – Scam Alert
අහිංසකයා :- “..මචං රැජිණ ඉන්න VOC කාසියක් හොයාගනින්..කෝටි ගාණකට දෙතැහැකි..”
දෙයක් දන්න කෙනා :- “..එහෙම කාසි නෑ බං..රැජින බ්‍රිතාන්‍ය කාලෙ හිටියෙ..VOC ගැහුවෙ රැජින ඉපදෙන්නත් කලින් බං..”
අහිංසකයා :- “..මේ වීඩියෝ තියෙන්නෙ එහෙනම් මොනාද බං..?”
දෙයක් දන්න කෙනා :- “…ඕව හොර ජාවාරම් මචං..ඔහොම කාසි ආවෙ නෑ..ඕව මේ ඊයෙ පෙරේදා හදපුව..කාසි දෙකක් අලෝල වෙන්න පුලුවන්..නැත්නම් රැජිණ ඉන්න සතය කාසියයි VOC එකයි ග්‍රයින්ඩර් එකෙන් දෙපැත්ත ගාලා පාස්සල තමයි ඕව හදන්නෙ..”
අහිංසකයා :- “..බයර් කෙනෙක් ඉන්නව කිව්ව එක්කෙන්ක් මට..සුද්දෙක්ලු බයර්…එයා ගන්නව ඇවිල්ලම..බොරුවක් නම් එයා එන්නෙ නෑනෙ..”
දෙයක් දන්න කෙනා :- “..බයර් උඹටද කිව්වෙ ඌ ගන්නව කියල ඕවා..”
අහිංසකයා :- “.නෑ බං…එක්කෙනෙක් කිව්වෙ…”
දෙයක් දන්න කෙනා :- “..බයර්ව දැකල තියෙනවද ඔයාගෙ ඔය කියන යාලුවා..?”
අහිංසකයා :- “..අහල බලන්න ඕනෙ..ආහ් නෑ එයාගෙත් යාලුවෙක්ලු බයර්ව දන්නෙ..”
දෙයක් දන්න කෙනා :- “..ඒකනෙ බං…කවුරුත් බයර් ව දන්නෙ නෑ..බයර්ව දැකලත් නෑ…දැන් උඹට ඔහොම හොර කාසියක් හම්බුනයි කියහංකො…ඒක දෙන්න බයර්ව හොයාගන්න වෙන්නෙ නෑ ඔය කියන විදිහට..ඔයාගෙ යාලුව කියයි බයර් රට ගිහින් කියල..”
අහිංසකයා :- “..කෝටි ගාණක් දෙනව කියන්නෙ බොරුද එතකොට…?”
දෙයක් දන්න කෙනා :- “..ඔහොම කාසි විකුනපු එකෙක් ගැන අහලවත් තියෙනවද උඹ…?..නැත්නම් කෝටිය ඇහැට දැක්ක එකෙක් …? ”
අහිංසකයා :- “..නෑ බං…යාලුව කිව්වෙ ඉන්නව කියල එහෙම…”
දෙයක් දන්න කෙනා :- “.ඒකනෙ බං..උඹල දන්නෙත් නැති දැකලත් නැති බයර් කෙනෙක් ගැන විස්වාසෙ තියල කවුරුත් අහල නැති කෞතුකාගාරෙවත් නැති කාසියක් පස්සෙ පිස්සො වගේ දුවනව…ඊට පස්සෙ කාගෙ හරි හොරෙක්ගෙ හොර කාසියකට අහුවෙලා ඒක විකුණගන්න තැන තැන දඟලන්න ගිහින් පොලිස්සියට අහු වෙලා ජාවාරම්කාරයො කියල හිරේ විලංගුවෙ වැටෙන්න වැඩ සලස්ස ගන්නව….”
අහිංසකයා:- “..එහෙනම් ඇයි මෙහෙම කතා ඇහෙන්නෙ…ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ..?”
දෙයක් දන්න කෙනා :- “..කවුරු හරි හොරෙක් ඔහොම කාසියක් හදල කටකතාවක් යවනව සමාජෙට මෙහෙම රැජින ඉන්න VOC එකක් තියෙනවනම් කෝටියක් දෙනව කියල..ඊලගට මිනිස්සු ඕක හොයන්න ගන්නව.ඒ අස්සෙ අර හොරා ඒ හදපු කාසිය අරම හොයන එකෙක්ව අල්ලගෙන විකුණගන්නව විසිතිස්දහකට…ඌ ඒක අරගන්නව දැක්ක ගමන් කෝටිගාණක් හොයන්න හිතාගෙන.ඌ ඕක ගන්න බයර්ල හොය හොය රට වටේ ඇවිදිනව..කාසිය හොයන මිනිස්සු බ්‍රෝකර්ල වෙනව නිකන්ම…කටින් කට යන කටකතාවලට සමාජෙම අහුවෙනව…කාසිය හදපු හොරා නිකන්ම බොරුවක් ගොතල ගාණක් හොයාගෙන ඉවරයි ඒ වෙද්දි…ඕකට කියන්නෙ ව්‍යාපාර අවස්ථා කෘත්‍රිමව ගොඩනගල කරන buisness කියල…වංචාවක් ඕක…කූඨ ජාවාරමක්..”
එච්චර සරලව තේරුම් කලත් පිලිගන්න ආස නැති මිනිස්සු ඉන්නවා.
There is no such coin that including Queens portrait and Dutch East India Trading Company insignia (VOC) symbol in Ceylon and world history.
If there is some coin thats a “FAKE”. Inform the police if somebody try to sell like those.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඊලඟට මේකෙන් සල්ලි හොයන්නේ Youtube Channel කරන අය. වීඩියෝ එකක් හදලා දානවා. හැමෝම බලනවා. කාසියේ ගැනුම්කරුවෝ ගැන විස්තර දැනගන්න වීඩියෝ එක බලන්නම වෙනවා. ඒත් ඒකේ විස්තර නැහැ. Subscribe සහ Watch Time නිකන්ම ලැබෙනවා. හොරු ගොඩක් හතර වටින්ම බිහිවෙනවා…
ප්‍රවේශමෙන්…
ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් මගේ හොඳම යාලුවා මෙලහකට බිලියන පතියෙක්. 6 වසර ඉඳන් එයාගේ විනෝදාංශය VOC කාසි එකතු කරන එක…
වඳින්නම් මේකටත් Details Please කියලා කමෙන්ට් කරන්න එපා කාලකණ්නියෙක් වගේ… උඩ කතාව කියවලා අවබෝධ කරගෙන නොරැවටී ඉන්න. අතේ තියෙන සල්ලි ටික රැකගන්න…
බුද්ධිමත් වෙන්නනම් අධ්‍යාපනය වැදගත්…
ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…
සැ.යු : උපුටා ගැනීම් කරුණු ඇතුළත් වේ. ඒවායේ අයිතිය කතෲන් සතුවේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams #vocscam #coinscam
by admin | Nov 25, 2023 | Business HUB Scam Alerts
Youtube Channel එකක් නිර්මාණය කරගෙන ලක්ෂ ගණන් උපයන්නේ කොහොමද ? | Scam Alert
මේ පෝස්ට් එකේ අපි Youtube හරහා ආදායම් උපයන ක්‍රමය කියලා දෙනවට ගොඩක් පාඨමාලා කරන ආයතන සහ චැනල් නම් කැමතිවෙන එකක් නැ. ඒත් ඒ හැමෝම සල්ලි හොයන ආකාරය ඔබත් ඉගෙන ගන්න ඕන නිසා අපි හිතුවා ඔබට එය නොමිළයේ කියලා දෙන්න.
1️⃣ මුලින්ම Youtube Channel එකක් නිර්මාණය කරගන්න.
2️⃣ ඉන්පසුව ඔබේ ෆෝන් එකෙන් පොඩි වීඩියෝ එකක් හදන්න. මේ සඳහා පහත ඇප් භාවිතා කරන්න.
ඡායාරූපය සංස්කරණය : Inshot
වීඩියෝ සංස්කරණය : Viva Video / Capcut / Inshot
ස්ක්‍රීන් වීඩියෝ රෙකෝඩින් : XRecorder
3️⃣ වීඩියෝ හදන්න Trending මාතෘකා.
▪️ පරිප්පු පැකට් කරලා ලක්ෂ ගණන් උපයමු
▪️ පෑන් වලට බට දමා මාසිකව රු.90,000ක් හොයන්නේ කොහොමද ?
▪️ ඇඳුම් වල ටැග් ගසා මුදල් සොයන්න ඔබත් කැමතිද?
▪️ තේ කොළ පැකට් කරලා මාසෙට රු.50,000ක් උපයන්නේ මෙහෙමයි.
▪️ බෝතල් වලට ගම් දාලා සල්ලි හොයන්න කැමතිද?
▪️ බයිට් පැකට් කරලා සල්ලි හොයමුද?
▪️ පොත් වලට ස්ටේප්ලර් කටු ගසා මාසෙට මෙච්චරක් හොයන්න පුළුවන් කියලා ඔබ දැනන් හිටියද?
▪️ ලුණු පැකට් කරලා ජීවිතය ජයගන්න කැමතිද?
▪️ ගෙදර ඉඳන් බබත් බලාගන්න ගමන් සෝයා මීට් පැකට් කරලා සල්ලි හොයමු
▪️ කොණ්ඩ කටු පැකට් කරලා සල්ලි හොයමු
▪️ පහන්තිර අඹරලා පැකට් වලට දමලා ලක්ෂපතියෙක් වෙන්න
▪️ හඳුන්කූරූ පැකට් කරලා මාසේ ආදායම හොයාගන්නේ මෙහෙමයි
▪️ ඇසුරුම් සකස් කරලා සහ ලිපිකවර අලවලා මාසෙට රු.50,000ක් උපයන්න.
▪️වදමල් වේලලා රටයවලා සල්ලි හොයමුද?
▪️ රම්පේ ග්‍රෑම් 20ක් $10ට අලෙවි කරන රහස්
▪️ වේළපු කොස්කොල eBay එකේ අලෙවි කරන්නේ මෙහෙමයි
▪️ මේ ස්වයංරැකියාව කලොත් ආයේ ජොබ් ඕන නෑ
▪️ වදමල් වගාවෙන් ලක්ෂ ගණන් උපයන හැටි
▪️ කොට්ටම්බා කොල විකුණා ලක්ෂයක්
▪️ කොට්ටම්බා කොල වලින් සල්ලි මවන හැටි
▪️ මාසෙන් ලක්ෂපතියෙක්, ඕනෑතරම් අපි මිළදී ගන්නවා. කොට්ටම්බා කොල වේලන්න
▪️ කොස් කොල වලින් සල්ලි හොයන්න ඉක්මනට මේ වීඩියෝ එක බලන්න
▪️ කොල 100ක් රු.2800යි. කොස් කොල විකුණන්න
▪️ දෙල් කොල පිටරට යවන හැටි. දෙල් කොල 10ක් රු.3500
ඔය වගේ බොරු ස්වයංරැකියා පිළිබඳව වීඩියෝ එකක් හදන්න, නොඑසේනම් ඔය වගේ කැලෑ කොල, මල් eBay එකේ විකුණන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න. මීට කලින් විකුණන්න දාපු අයගේ ස්ක්‍රීන්ශොට් ටිකක් ගන්න. ඒ සඳහා eBay එකට ගිහින් අදාල මල්/කොල වලට ඉංග්‍රීසියෙන් කියන නම ටයිප් කරලා සර්ච් කරන්න. සාක්ෂි විදිහට ඒ ස්ක්‍රීන්ශොට් දාන්න.
4️⃣ වොයිස් කරනකොට මුලින්ම ඕවගේ වැදගත්කම සහ අනම් මනම් බයිලා ටිකක් කියන්න. වීඩියෝ එක දික් කරගන්න. එතකොට වොච් ටයිම් වැඩියෙන් එකතු කරගන්න පුළුවන් නේ.
5️⃣ වීඩියෝ එක පටන් ගන්නකොටම දාන්න “මේවා කාටද අලෙවි කරන්නේ?
▪️ දේශිය ගැනුම්කරුවන්
▪️ විදේශීය ගැනුම්කරුවන්
වීඩියෝ එක අවසානය තෙක් නරඹන්න කියලා දාන්න. අනිවාර්යයෙන් Watch Time හැදෙනවා. නිකන්ම Monetize Enable වෙයි.
6️⃣ කිලෝ එකක් විකුණන පුළුවන් ගාණ ඊලඟට දාන්න. රු.20,000 – 30,000ක් දාන්න. 100g ට මෙච්චරයි කියලා ලොකු හීනයක් පෙන්වන්න.
7️⃣ මිළ තහවුරු කරන්න කවුරු හරි eBay දාපු ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාන්න. එතකොට මිනිස්සු විශ්වාස කරනවා. ඩොලර් වලින් තියෙන ඒවා රුපියල් වලින් කැල් එකෙන් හදාලා පෙන්වන්න. ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න.
8️⃣ “අපනයනය සඳහා සකස්කරගන්න ආකාරය” කියලා ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝ ටිකක් හොයලා දාන්න. කෑලි කපලා පොලිතින් වලට දාලා පැක් කරන ආකාරය. වීඩියෝ හොයාගන්න සයිට් ගොඩක් තියේ. පසුව උගන්වන්නම්.
9️⃣ මේ ටික වොයිස් වලින් කියන්න.
ඊලඟට වැදගත්ම දේ තමයි ගැනුම්කරුවන් පිළිබඳව විස්තරය.
▪️Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.
▪️ වැඩිදුර විස්තර අවශ්‍යයි කියලා වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මොකද අපි විස්තර දෙන්නේ මේක අවශ්‍යතාවය, උනන්දුව, කැපවීම තියෙන අයට පමණයි කියලා කියන්න (මෙච්චර වෙලා මිනිස්සු වීඩියෝ එක බැලුවේ ආසාවටනේ… 🤣)
▪️ ගැනුම්කරුවන් සිටින වෙබ් අඩවි ගැන ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්. මගේ චැනල් එකේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබට අප වීඩියෝ එකක් පළකල සැනින් බලාගන්න පුළුවන්.
▪️ කමෙන්ට් කරන අයට අපි Whatsapp විස්තර එවන්නම් කියලා දාන්න.
🔟️ වැඩියෙන් කට්ටියට විශ්වාසය ඇති කරන්න ඕනනම් වැඩිය භාවිතා නොකරන දුරකතන අංකයක් දාන්න. කොස් කොල, රම්පේ, දෙල් කොල, වදමල් ඇති තරමක් අපි ගන්නවා කියලා වීඩියෝ එකේ දාන්න පුළුවන්. කෝල් කලහම කියන්න “මෙච්චර දවසක් අපි ගත්තා, කොරෝනා නිසා දැන් ගන්නේ නෑ. Whatsapp Message එකක් දාලා තියන්න, අපි දැනුම් දෙන්නම්” කියලා කියන්න.
අපේ මිනිස්සු ලේසියෙන් රැවටෙනවනේ…
කඩේකට ගියත් එහෙමනේ “ස්ටොක් තිබිලා දැන් අන්තිම එක අරන් ගියේ, ලබන සතියේ බඩු එනවා” කියනවා. ජීවිතේට ඒ බඩුව ඒ කඩේට ගෙනත් නෑ.
1️⃣1️⃣ දැන් ඔය වීඩියෝ ලින්ක් එක ගෲප් 50ක විතර දාන්න. පිස්සෝ වගේ මිනිස්සු ඩීටේල්ස් අහනවා. එයාලට කියන්න වීඩියෝ එක බලන්න කියලා.
ඔන්න ඔය විදිහට මිනිස්සුන්ගේ හීන එක්ක සෙල්ලම් කරන්න. ස්මාර්ට් ෆෝන් එකක්, ඩේටා පොඩ්ඩක් සහ ඇප් 3ක් පමණයි ඕන.
සතියෙන් Subscribe 1,000, Watch Time පැය 4000 හදාගන්න පුළුවන්.
දැන් තේරෙනවා නේද මිනිස්සු රවට්ටලා, හීන පෙන්වලා සල්ලි හොයන්නේ කොහොමද කියලා…
ඔබත් කා ල ක ණ් නි යෙ ක් නම් ඔහොම එකක් කරන්න. අනුන්ගේ හීන, කාලය සහ මුදල් විනාශ කරලා කීයක් හරි හොයාගන්න….
ආයෙත් වංචා ක්‍රමේකින් මුදල් හොයන හැටි ඉක්මනින්ම කියලා දෙන්නම්. 🤣
◾◾◾◾◾◾◾◾◾◾
අපි ඉදිරියේදී ඔබට කියලා දෙන්නම් වංචා නොකර මිනිස්සුන්ට නිවැරැදි තොරතුරු දීලා ඒ හරහා චැනල් එකකින් ආදායම් ලබන්නේ කොහොමද කියලා. හීන එක්ක සෙල්ලම් කරන්න එපා.
මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කවදාවත් ආයේ Scam එකකටනම් අහුවෙන එකක් නෑ. ඒත් අවාසනාවකට මිනිස්සු මේක කියවන්නේ නෑ. මේ පෝස්ට් එක Skip කරලා ගිහින් ඒකට යටින් News Feed එකේ පෙන්වන රු.ලක්ෂයක් ආයෝජනය කර මාසෙන් ලක්ෂ 10ක් හොයන්න කියන පෝස්ට් එකක් කියවාවි. ඒක තමයි ලංකාවේ හැටි.
මේ පෝස්ට් එකේ අපි Youtube හරහා ආදායම් උපයන ක්‍රමය කියලා දුන්නට ගොඩක් පාඨමාලා කරන ආයතන සහ චැනල් නම් කැමතිවෙන එකක් නැ. හැබැයි දැන් අපිට මඩගහන්න පටන් ගනීවි. ඒත් ඒ හැමෝම ඔබව රවටා මුදල් උපයන ආකාරය ගැන ඔබ දැනගන්න ඕන කියලා හිතුවා. නමුත් මේ ආකාරයට නිවැරැදි තොරතුරු දීලා නිවැරැදිව මුදල් උපයන චැනලුත් ඕනෑ තරම් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒවා තෝරා බේරා බලන්න බුද්ධිමත් වෙන්න…
බුද්ධිමත් වෙන්නනම් අධ්‍යාපනය වැදගත්…
ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams
by admin | Nov 12, 2023 | Business HUB Scam Alerts
විශ්වාසයන්ට ගැරහීමට නොව ඔබගේ බුද්ධිය අවදි කිරීමටයි…
මේ කතාව ලියන්නේ ඊයේ දිනයේ දුටු ෆේස්බුක් පෝස්ට් කිහිපයක් මූලික කරගෙන…
මේ පේජ් එකේ දැනට පෝස්ට් 191ක් තියේ. ඒ හැම එකක්ම ඔබේ දියුණුව වෙනුවෙන් ලියූ ලිපි. සාමාන්‍යයෙන් අපි A4 Sheet ලෙස ගත්තොත් A4 Sheet 1,000කට ආසන්න ප්‍රමාණයක් තියේ. ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසේ සිට ව්‍යාපාරයක් ලියාපදිංචි කර එය දියුණු කිරීම දක්වාද, රුපියලක්වත් වියදම් නොකර ආදායම් උපයන්න ක්‍රම විශාල සංඛ්‍යාවක්ද, සියල්ල එකතුව ගත්තොත් ව්‍යාපාර, ආදායම් ක්‍රම, ස්වයංරැකියා, රැකියා 600කට ආසන්න ප්‍රමාණයක තොරතුරු මේ පේජ් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.
මේ පේජ් එකේ ඉන්න 50 දෙනෙක්ට වැඩි පිරිසකගේ පෝස්ට් ඊයේ දවසේ මගේ News Feed එකේ පෙන්නුවා. ඒ හැම එකකම තිබ්බේ 5000 නෝට්ටු, විශ්වයේ ඡායාරූප, සල්ලි මුට්ටි. ඒ හැමෝම ඒ පෝස්ට් තමන්ගේ වෝල් එකේ පළකර “විශ්ව මාතාවට ස්තූති වේවා!, Thank You Universe, මට මුදල් පහල වේවා, මම දියුණු වේවා, මගේ සියලුම ප්‍රශ්න විසඳේවා, මම පොහොසත් වේවා” කියලා පෝස්ට් දාලා, කමෙන්ට් කරලා…
එහෙම දේවල් තියෙනවා ඇති.
සත්‍යතාවයකුත් ඇති…
හැබැයි ලංකාවේ ඇතුලේ කරන්න පුළුවන් ව්‍යාපාර 600කට වඩා තොරතුරු මේ පේජ් එකේ ලබාදීලා තියේ. මේ පේජ් එකෙන් පිටත ෆේස්බුක් එකේ සහ අන්තර්ජාලයේ තියෙන ක්‍රම 90%ක් විතර (ස්කෑම් නොවන) පේජ් එකේ උගන්වලා තියේ.
දියුණු වෙන ආකාරය, සාර්ථක වෙන ආකාරය, ආදායම් උපයන ආකාරය පියවරෙන් පියවර මේ පේජ් එකේ උගන්වලා තියේ. එහෙම තියෙන පේජ් එකේ එකම එක පෝස්ට් එකක්වත් නොකියවන, කමෙන්ට් නොකරන, ශෙයාර් නොකරන, අවබෝධ කරගෙන කටයුතු නොකරන අය ඊයේ දවසේ 5000 නෝට්ටු ෆේස්බුක් එකට ශෙයාර් කරගෙන මම දියුණු වේවා, මට ආදායම් ලැබේවා කියල පෝස්ට් දානවා. කමෙන්ට් දානවා…
මොනතරම් විහිළුවක්ද…..???
ආකර්ශන නීතීයේ / Law of Attraction වල යම් හෝ සත්‍යතාවයක් තිබේනම් මේ වගේ පිස්සෝ නිසා ඒවා විහිළුවලට ලක් වෙනවා…
තමන්ගේ දියුණුවට තමන් කිසිම පියවරක් නොගෙන විශ්ව මාතාවගෙන් උදව් ඉල්ලනවා…
මතකද අපි වරක් පළකල කොටියෙක් එන දවසේ සිතුවිල්ල… පහත සිතුවිල්ල කියවන්න…
“ඔබේ අසාර්ථකත්වයේ වගකීම කිසිවෙකුට පවරන්න එපා. ඔබ උත්සහවන්ත වෙන්න. මෙය තවත් ඒත්තු ගැන්වෙන පුන්චි කතාවක් මම ඔබට කියන්නම්. මෙය ප්‍රබන්ධයක් පමණයි…
දෙවියන් ගැන අප්‍රමාණ භක්තියක් විශ්වාසයක් තිබූ එක් තරුණයෙක් හිටියා. මෙයා දවසක් කැලේ මැදින් ගමනක් යද්දි ඈතින් කොටියෙක් තමන් ඉදිරියට එන බව මොහු දකිනවා .මොහු එතනම වැද වැටී දෙවියන්ට කියනවා…
“අනේ දෙවියනේ මට දැන් ඔබේ පිහිට තමයි. මාව බේරා ගන්න ” කියලා.
දෙවියෝ කියනවා…
“මම බලන්නම් හැබැයි උඹත් දුවපං” කියලා …….
තමන් ක්‍රියාත්මක වෙන්න ඕන අවස්ථාවක තමන් ක්‍රියාත්මක නොවුනොත් දෙවියන් වහන්සේ ට වුවද සිදුවීමට යන දෙය නවතාලිය නොහැක……”
ඒ නිසා බුද්ධිමත්ව මේ කියන දේ විමසා බලන්න.
දියුණු වෙන්න, සාර්ථක වෙන්න ඕනනම් මුලින්ම දියුණු වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න… ප්‍රාර්ථනා කලා කියලා, දෙවියෝ ලඟට ගියා කියලා, පඬුරු ගැට ගැහුවා කියලා, ශාන්තිකර්ම කලා කියල, අර Method මේ Method කලා කියලා ඔබට දියුණු වෙන්න බෑ. ඒවා විශ්වාස කරන්න. ප්‍රශ්නයක් නෑ. ඒවා කරන්න, මොකද හිතේ සැනසීම ඒවගෙන් ලැබෙන්න පුළුවන් නිසා. හැබැයි අනවශ්‍ය ලෙස මිත්‍යා මත වල එල්ලීගෙන ඒවට බාර දීලා ඉන්න එපා. ඔබත් ඒ වෙනුවෙන් පියවර ගන්න…
කතරගම දෙවියෝ ලඟට පළතුරු වට්ටියක් අරගෙන ගිහින් විභාගේ පාස් වෙන්න භාරයක් වුනාට ඔබ හෝ දරුවන් විභාග පාස් වෙන්නේ නෑ. එහෙනම් මොකටද පාසල් හෝ අමතර පන්ති තියෙන්නේ. දේවාල විතරක් තිබ්බනම් ඇතිනේ රටේ. එහෙම පාස් වෙනවනම් ලංකාවේ පළවෙනියා වෙන්න ඕන දේවාලේ කපු මහත්තයගේ දරුවොනේ.
විශ්ව මාතාවට ස්තූති කරන්න කලින් මෙච්චර කාලයක් දහදුක් විඳලා තමන්ව හදා වඩාගත්ත අම්මා, තාත්තට ස්තූති කරන්න. ඒ අයට සලකන්න. අද ඔබ යම් තැනක ඉන්නවනම් ඒ විශ්ව මාතාවක් නෙමේ, තමන්ගේ අම්මා නිසා. මුලින්ම රස්සාවක් කරලා.
විශ්ව ආකර්ශන නීතිය කියන්නේ විශ්වයට ස්‍තූතී කරාම සල්ලි, යාන වාහන, දේපල, සිතූ පැතූ දේ හිමිවෙනවා කියන එකට නෙමෙයි, තමන් යම්කිසි දේකට උනන්දු වෙනවනම් කැප වෙනවනම් විශ්වය ඊට සාපේක්ශව තමන්ට ප්‍රතිචාර දක්වනවා කියන එකයි.
මේක හරියට රබර් බෝලයක් බිත්තියකට ආපස්සට ගැහුවොත් වැදිලා ආපස්සට එනවා වගේ දෙයක්…
ඕනම සංකල්පයක ලංකාවට එන්නේ කොටසයි. මේ විශ්ව මාතාවත් ඒ වගේ සංකල්පයකින් කොටසක් හැලිලා ආපූ දෙයක්… හරි අවබෝධයක් නැතිව හැමදේම පහලවෙනකම් බලාගෙන ඉන්න මිනිස්සු කොට්ඨාසයක් මේ නිසා බිහිවෙලා…
ඇද උඩට වෙලා කිසි වැඩක් නොකර කාලකණ්නි කමට විශ්වයට ස්තූති කර කර ඉන්නේ නැතුව, ෆේස්බුක් පෝස්ට් දදා විහිළුවක් වෙන්නේ නැතිව වැඩ කරන්න පටන්ගන්න… ඉගෙන ගන්න…
විශ්ව මාතාවත් දැන් පිරමීඩ Scam එකක් වීගෙන එන්නේ. ඒකෙනුත් මිනිස්සු සල්ලි හම්බ කරන්න පටන් අරන් මෝඩ මිනිස්සු සෙට් එකක් අල්ලගෙන….
කළු වළාවක් ඇතුළේ රිදී ඉරක් ඇති බව විශ්වාස කරන්න…..තමා වෙනුවෙන් තමන් ම වෙහෙසෙන්න….
සාර්ථක ජීවන ගමනක් යාමට නම් පියවරෙන් පියවර තමන් ගැන විශ්වාසයෙන් ඉදිරියට පිය මගන්න…
ඔබ ප්‍රමාද නැත…
අද ඉඳන් අපි දියුණු වෙන්න උත්සාහ කරමු…
ඒ වෙනුවෙන් සුළු වෙලාවක් හෝ වෙන් කර මේ පේජ් එක අවබෝධයෙන් බලන්න…
🙋♂️ උදේ ඉඳන් විශ්ව මාතාවට ස්තූති කර කර ගෙවල් වලට වෙලා ඉන්න සෙට් එක අනිවාර්යයෙන් දැන් මේ පෝස්ට් එක අල්ලගෙන අනික් පැත්තට අපේ ආයතනයට මඩ ගහන්න පටන් ගනීවි… යමෙක් එසේ කරයිද ඒ ඔවුන්ගේ මෝඩ කමයි…
ප.ලි : මෙම සිතුවිල්ලද කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122109592034100804&id=61553024124622&mibextid=Nif5oz
Hotline : +94 117 133 829 / +94 701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #lawofattraction #විශ්වමාතාව
by admin | Nov 11, 2023 | Business HUB Scam Alerts
ඔන්න හැමෝගෙම ඉල්ලීම මත නිකන් ඉඳලා සල්ලි හොයන්න ක්‍රමයක් නිර්මාණය කලා…
පේජ් එකේ පෝස්ට් කියවලා, අවබෝධයෙන් කමෙන්ට් කරනවාට ගෙවීම – ඩොලර් 10
රුපියලක්වත් ආයෝජනය කරන්න නැහැ. සාමාන්‍ය දැනීම සහ සිංහල කියවීමේ හැකියාව පමණයි අවශ්‍ය. සෑම තත්පර 315360000 වරක් ඔබේ ගිණුමට ඩොලර් 10 බැගින් ලැබෙනවා.
පේජ් එකේ විස්තර අවබෝධයෙන්, සිහිබුද්දියෙන් කියවා කටයුතු කරන්න.
මෙහෙම නිකන් ඉඳලා සල්ලි හොයන්න කැමතිනම් YES ලෙස කමෙන්ට් කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas
by admin | Nov 9, 2023 | Business HUB Scam Alerts
දේව දූතයෙක් වෙලා මුදල් උපයන ආකාරය – Scam Alert
TRANCE (2020) – දෙවියන්ව අල්ලේ නටවපු මිනිස්සු
ඔයා දෙවියන්ව විශ්වාස කරනවද?”
– නැහැ
“හැබැයි මේ ලෝකේ හතරෙන් තුනක්ම දෙවියන්ව විශ්වාස කරනවා.
ඒ දේව විශ්වාසය තමයි අපේ අලුත්ම ව්‍යාපාරය!
BMW, Benz, Porsche, Private Jets… තමුන්ට හැම සැපක්ම ලැබේවි.
ඉන්දියාව පුරා මන්දිර – ලෝකේ පුරා බැංකුවල කළු සල්ලි – ජීවිත කාලෙම කෝටිපතියෙක් වගේ ඉන්න පුලුවන්. මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවභක්තිය තමුන්ගේ පැත්තට හරවගන්න, එච්චරයි”
“තමුන්ට තියන්නේ වේදිකාවට එන ලෙඩ්ඩුන්ගේ ඇඟට අත තියන්න විතරයි.
අන්ධයන්ට ඇස් පේන්න ගනී…
නොණ්ඩියෝ ඇවිදියි…
බීරොන්ට කන් ඇහෙන්න ගනී…
අපි හැමදෙයක්ම ප්ලෑන් කරලා තියන්නේ.”
“ඒත් සර් අපි කරන්නේ වංචාවක් කියලා මිනිස්සුන්ට තේරුණොත්?
ප්‍රශ්නයක් වුණොත්?”
“මේ ආණ්ඩුවේ බාගෙකට වඩා නටන්නේ අපේ ඔඩොක්කුවේ. කිසිම ප්‍රශ්නයක් නැහැ.
තමුන් හැම අතින්ම ආරක්ෂිතයි!”
නමුත්, වංචාවේ උපරිම මොහොතේදී මුලු ඉන්දියාවක් ඉස්සරහා මේ හැමදෙයක්ම එක තත්පරයකින් කණපිට පෙරලුණොත්?
මේ පෝස්ට් එකේ අවසානයට තියෙන Trance ෆිල්ම් එක බලන්න අමතක කරන්න එපා.
ඉහතින් කතාකලේ ඉන්දියාවේ ෆිල්ම් එකක් ගැන. අපි දැන් කතා කරමු ලංකාවේ තත්වය ගැන. මේ පේජ් එකේ සියලුම ආගම් වල සාමාජිකයින් ඉන්නවා. මෙහි කිසිම ආගමකට මඩ ගැසීමක් නැහැ. ඔබ ඉන්න මිත්‍යා මත පිළිබඳව පැහැදිලි කරන්නයි අපි උත්සාහ කරන්නේ.
හැබැයි ඉතිං මේ ක්‍රමය භාවිතා කරලා මුදල් උපයන්නත් පුළුවන්. හරියට අපි ඔබට වරක් ඇඩ් ක්ලික් සයිට් එකක් හදන්න කියලා දුන්නා වගේ. තීරණය ඔබේ අතේ….
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
මං ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැක්කා. හරියට මේ ෆිල්ම් එකේ වගේ… එයා දහස් ගණනක් මිනිස්සු ඉන්න වැඩසටහනකදි කෑගහලා කියනවා….
1️⃣ දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ ෆෝන් චාර්ජ් වෙන්න, චාර්ජ් වෙන්න….
මට දැන් තේරෙනව මෙතන මේ ලඟම ෆෝන් එකක් චාර්ජ් වුණා. කාගෙද චාර්ජ් වුනේ අත උස්සන්න….
✋ මගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ දැන් ෆුල් චාර්ජ් වෙලා
✋ මගේ ෆෝන් එක දැන් හාෆ් චාර්ජ්
✋ රතු කට්ට තිබ්බෙ දැන් ෆුල් චාර්ජ්
✋ දෙවියන් වහන්සේ විශ්මිතයි, මගේ ෆෝන් එක චාර්ජ් වෙලා
කට්ටිය අත උස්සලා ඔහොම කියනවා…
2️⃣ දැන් බලන්න ඔයාලගේ ෆෝන් එකට රීලෝඩ් එකක් ඇවිල්ලද කියලා. දෙවියන් වහන්සේගේ දේවදූතයෝ මෙතන වැඩම ඉන්නවා. බලන්න බලන්න….
✋ සල්ලි නැතිව තිබුනේ. රු.100ක් ඇවිත් මට.
✋ ඩේටා වැටිලා මගේ ෆෝන් එකට…
කට්ටිය අත උස්සලා ඔහොම කියනවා…
දැන් ඔයාලා හිතෙනවද දෙවියෝ කොමියුනිකේෂන් එකක් දාගෙන ඉන්න කෙනෙක් කියලා ඔහොම වෙන්න??
මේක කරන්න ක්‍රම කිහිපයක් තියේ. මම තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඔයාලට තේරෙයි ඒ දෙයියට වැඩිය “අපි’ තමයි හොඳටම කලේ” කියලා….
1️⃣ ෆෝන් චාර්ජ් කිරීම
මේ වගේ දේකදි අනිවාර්යයෙන්ම නලුවෝ ඉන්නවා. රඟපාන්න මුදල් ගෙවා යොදවපු අය ඉන්නවා. ඒ අදාල ආයතන වල අයම වෙන්න පුළුවන්. ඒ අය යොදාගෙන ෆෝන් චාර්ජ් වීම පෙන්වන්න පුළුවන්. බොහොමයක් අය ගාව දැන් Power Bank තියේ. පවර් බෑන්ක් එක බෑග් එකේ දාගෙන කේබල් එක ගහලා බෑග් එකේ තිබ්බ ෆෝන් එක ෆුල් චාර්ජ් වුනා කියලා පෙන්වන්න පුළුවන්. එහෙමත් නැතිනම් පවර් බෑන්ක් එක වයර්ලස් චාර්ජර් (Wireless Charger) එකකට සම්බන්ධ කරලා ඒක නොපෙනෙන්න බෑග් එකේ තියාගෙන ඒක උඩ ෆෝන් එක තියාගෙන ක්ෂණිකව චාර්ජ් වුනා කියලා අරන් පෙන්වන්න පුළුවන්. මොකද මම දැක්කා සමහර අය බෑග් එකෙන් අරන් පෙන්වනවා වීඩියෝ එකේ. කවුරුත් වයර් එක දකින්නේ නෑ. අනික ඔතන 1000ක් හිටියනම් 1000ම චාර්ජ් වුනේ නෑ. අදාල දේව දූතයා ගිහින් කියනවා මේ හරියේ චාර්ජ් වුනා කියලා මට දැනුනා කියලා. දෙවියන් වහන්සේට ඔච්චර හාස්කම් පුළුවන් නම් හැමෝගෙම චාර්ජ් කරන්න තිබ්බා. ඔතන දෙවියෝ නෑ. හාස්කම් නෙමේ හාස්‍යය තියෙන්නේ.
දෙවියන්ට ෆෝන් චාර්ජ් කරන්න බෑ. හැමෝගෙම චාර්ජ් වුනානම් තමයි එතන හාස්කමක් වෙන්නේ. ඒක කිසිම විදිහකින් කිසි කෙනෙක්ට කරන්න බෑ.
2️⃣ රීලෝඩ් සහ ඩේටා දැමීම
හැබැයි මෙතනදිනම් මේ දේව දූතයා හරියට කලා කියන්න බෑ. UPay හෝ FriMi වගේ ඕනම ඇප් එකකින් ඔතන ඉන්න නලුවන් කිහිපදෙනෙක්ට රීලෝඩ්/ඩේටා දාන්න පුළුවන්. මම ඔතන හිටියනම් ඔයිට වඩා හොඳට කරනවා. ඔබත් දේවදූතයෙක්නම් මේ උපදෙස් හොඳට පිළිපදින්න. හොඳට මුදල් හොයන්න පුළුවන් හාස්කම් පෙන්වලා.
▪️ පැමිණ සිටින සියලුම දෙනාට එකවර රීලෝඩ් එකක් දමා හාස්කම් පෙන්වීම – මේ සඳහා අප ආයතනය සතුව තිබෙනවා Bulk Payment Disbursement System එකක්. එක වර 1000 වුනත් රීලෝඩ් එකක් හෝ eZCash වගේ යවන්න පුළුවන්. රු.5,000කට අප ආයතනයෙන් මේ සේවාව ලබාගන්න පුළුවන්. වැඩසටහනට සම්බන්ධ වෙන අයගේ දුරකතන අංකය ලියාපදිංචි විමට අවශ්‍යයි ලෙස පවසා ගොඩනැගිල්ල ඇතුලට එනකොටම ලබාගන්නවා. ඉන්පසුව ඒ ශීට් එක අපේ සිස්ටම් එකට අප්ලෝඩ් කරනවා.
ඊට පස්සේ රීලෝඩ් කරන්න… රීලෝඩ් කරන්න.. කියලා කෑගහන කොට Backend එකේ කෙනෙක් Send බොත්තම ඔබනවා. හැමෝටම රීලෝඩ් / ඩේටා ලැබෙනවා.
ඒ දෙයියෝ එච්චර හොඳට කලේ නෑ නේද? ඔන්න Business HUB දෙයියෝ ඊට වඩා හොඳට කරන්න කියලා දුන්නා.
2️⃣ අපිට පුළුවන් ඕනනම් එක වරම හැමෝගෙම ෆෝන් වලට දෙවියන් වහන්සේගේ පණිවිඩයක් යවන්න. සරළයි අප ආයතනයේ SMS Gateway එක ගන්න පුළුවන්. රු.2,500යි යන්නේ. SMS එකක් යවන්න සත 48යි. Sender ID එක “දෙවියෝ” / “Dewiyo” / “GOD” කියලා වුනත් ගන්න පුළුවන්. ලියාපදිංචියේදී ගන්න අංක ලැයිස්තුවට එක පාරින් කෙටි පණිවිඩයක් නමින්ම ආමන්ත්‍රණය කරලා යවන්න පුළුවන්.
දෙවියෝ : ධනේෂ්, දරුවා ඔබ අද හාස්කමක් දකීවි. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගන්න – Unsubscribe කිරීමට NO GOD ලෙස ටයිප් කර 8810ට යවන්න
ඔය වගේ යවන්න පුළුවන්…
තවත් මැජික් කරන්න අපිට පුළුවන්. මොකද අපි තාක්ෂණය පිළිබඳව දැනුම තියෙන අය. අපි දෙවියන් විශ්වාස කරනවා. හැබැයි දේව දූතයෝ/හොරු විශ්වාස කරන්න තරම් මෝඩයෝ නෙමේ…
දැන් පේනවා නේද අපි තරම්වත් හොඳට ඒ දේව දූතයා කරලා නෑ කියලා. ඕක මම කලානම් තව මැජික් පෙන්වනවා. මැජික් බලන්න ඕනනම් මගේ කාමරයට එන්න. මගේ කාමරයේ සියල්ල වැඩ කරන්නේ කටහඬට සහ හස්ත සංඥා වලට. මගේ කාර් එකත් එහෙමයි. හැබැයි දෙවියෝ නෙමේ ඒක කරන්නේ. තාක්ෂණයයි ඒ දේ කරන්නේ….
හැබැයි ඔබත් කවද හරි දේවදූතයෙක් වෙලා සල්ලි හොයනවනම් Business HUB වලට කෝල් එකක් දෙන්න. මිනිස්සුන්ගේ භක්තිය වැඩිවෙන්න උපරිම රැවටීම කරන්න ඕන තාක්ෂණය අපි දෙන්නම්…
ඔන්න ඒ දේව දූතයා බොරු කරලා සල්ලි හොයපු එක ගැන ඔබට කියලා අපි බිස්නස් කරන්නේ මෙහෙමයි… මේවා තමයි මාර්කටින් කියන්නේ… හැබැයි අපි රවට්ටන්නේ නෑ…
Trance ෆිල්ම් එකත් බලන්න : https://www.baiscope.lk/trance-2020-sinhala-subtitles/
සැ.යු : ආගම් වලට අපහාස කිරීමට පළකරන ලද පෝස්ට් එකක් නොවේ. කිසිම විදිහකින් කිසිම ආගමක කෙනෙක් මෙය වැරදියට හිතන්න එපා. බුද්ධියෙන් විමසා බලන්න. ඔය කියන දේව දූතයින්ට ඔච්චර දේවල් කරන්න පුළුවන් නම් ලෝකයේ යු ද් ධ, ප්‍රශ්න, රෝග, දුප්පත්කම කිසිවක් තියෙන්න විදිහක් නෑ…
මේ ලෝකේ ප්‍රශ්න නැති තැනක් කරන්න දේව දූතයින්ට පුළුවන් වෙන්න ඕන…
Hotline : +94 117 133 829 / +94 701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #reselling #dropshipping #resale #businesshubglobal #businesssuccess #businesshubinternational