Select Page
ඔයා මොනා හරි දෙයක් පටන් ගන්න යනවා නම්, ඉස්සෙල්ලාම ඒ ගැන ටිකක් අධ්‍යනය කරන්න

ඔයා මොනා හරි දෙයක් පටන් ගන්න යනවා නම්, ඉස්සෙල්ලාම ඒ ගැන ටිකක් අධ්‍යනය කරන්න

ඒබ්‍රහම් ලින්කන් මහත්මයා කියනවා “මට ගසක් කපන්න පැය 6ක් දුන්නොත් මම පළවෙනි පැය හතරම කරන්නේ මගේ පොරව මුවහත් කරන එක කියලා” හිතලා බලන්න අපි එහෙමද කියලා.. අපිට කිව්වොත් අපි කරන්නේ පොරවේ මුවහත තිබ්බත් නැතත් ගහ කපාන්න යන එක.. නමුත් කපාගෙන යද්දී වැඩේ එපා වෙලා අපි අතඇරලා දානවා..

ඒ වගේම අපිට පූසෙක්ව අල්ලන්න ඕනේ නම්, අපේ ඒ පූසා පසු පස එකපාර දිව්වොත් ඒ පූසාව අල්ලන්න වෙන්නේ නෑ.. නමුත් පූසා කන්න කැමති දෙයක් එක්ක අපි වැඩේට බැස්සොත් පූසා අල්ලන්න අපි දුවන්න ඕනේ නෑ.. පූසා නිකන්ම අපි ගාවට ඒවි.. ඉතින් මේක උදාහරණයක්.. මේක එක එක පැති වලට හිතන්න පුලුවන්..

ඒ නිසා ඔයා මොනා හරි දෙයක් පටන් ගන්න යනවා නම්, ඉස්සෙල්ලාම ඒ ගැන ටිකක් අධ්‍යනය කරන්න.. දැනටමත් ඒහා සම්බන්දව වැඩ කටයුතු කරන අයගෙන් උපදෙස් ලබා ගන්න…

අලිබාබා (Alibaba) සමාගමේ Jack Ma කියන්වා ඔබට සාර්තක වෙන්න අවශ්‍ය නම් අනෙක් අයගේ පරාජය වීම් හා වැරදුන තැන් වලින් ඉගෙන ගන්න කියලා.. එහෙම කලාම ඔයාට ඒ වගේ පරාජයන් ලැබුණත් ඒවා හරියට කළමණාකරනය කරලා ඒවාට හොඳට මූණ දෙන්න පුලුවන් වේවි..

ඒ නිසා ගඟට බහින්න කලින් ගඟ ටිකක් අධ්‍යනය කරන්න.. නිකන්ම ගඟට බගිනවා කියන්නේ සියදිවි නසා ගන්න ගඟට පැන්නා වගේ…

ඒ නිසා සාර්තකත්වය හොයාගෙන යන්න කලින් ඕනෑ කරන දැනුම කුසලතා ටික ඔයා ගාවට ගන්න.. නැත්නම් ඔයා හොයාගෙන යන සාර්තකත්වය ඔයාට ලැබෙන්න කලින් දුවලා දුවලා හති වෙටේවි…

දැනුම එකතු කර ගන්න ඕනේ තරම් මාර්ග දැන් අපි වටේ තියෙනවා.. ඔබට අවශ්‍ය ඕනේම දෙයක් ගැන දැනුම හොයා ගන්න ඒ මාර්ග යොදා ගන්න.. ආයුධ ටික හදාගෙන, හොද සැලැස්මක් එක්ක යුද්ධයට බහින්න..එතකොට ජයග්‍රහනය හොයාගෙන යන එක එතරම්ම අමාරු වෙන එකක් නෑ…

උපුටාගැනීම : Idea Motivation Facebook Page

Business HUB පේජ් එක ලිපි 500කට අධික ප්‍රමාණයකින් ඔබට නොමිළයේ දිනපතා දැනුම ලබාදී තියේ. ඒ ඔබට දියුණු වෙන්න අවශ්‍ය මාර්ගය සකස් කර දෙන්න. අපි අපේ FREE PASS එක සහ අස්වැසුම PASS එක නොමිළයේ ලබාදෙන්නේ අවබෝධයෙන් පෝස්ට් සියල්ලම කියවා කමෙන්ට් කරන අයට පමණයි. මන්ද ඔබට මුදල් ගෙවා අපගෙන් ඉගෙන ගන්න හැකියාව නැතිනම් ඔබ නොමිළයේ ලබාදෙන දෙය ඉගෙන ගත යුතුය.

පෞද්ගලික මමනම් දෙයක් පටන් ගන්න කලින් ඒ පිළිබඳව හැමදෙයක්ම ඉගෙන ගන්නවා. ආරම්භ කල පසුත් ඉගෙන ගන්නවා. මොකද යම් දෙයක් ආරම්භ කිරීමම නෙමේ වැදගත්, එය පවත්වගෙන යන්න ඕන.

බොහොමයක් අයට ඕන සල්ලි දාලා, ලියාපදිංචි වෙලා, පසුවදා ඉඳන් මුදල් ලැබෙන ක්‍රම. එහෙම ක්‍රම ලෝකයේ නැහැ. එහෙම තියේනම් මෙච්චර ප්‍රශ්න තියෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. අපේ ආයතනයෙන් අපි මුලින්ම කියලා දෙන්නේ යමක් කරන හැටි. මුලින්ම ඒ ගැන අපි උගන්වනවා. සම්පූර්ණ දැනුම ලැබුණ පසුව තමයි ආදායම් ක්‍රමය උත්සාහ කරන්න දෙන්නේ. 99.9% ඒ ක්‍රමයට කැමති නෑ. හැබැයි හැමෝටම ඕන කෝටිපතියෝ වෙන්න.

අපි මුලින්ම කතාවක් කීවා, ඒබ්‍රහම් ලින්කන් මහත්මයා කියනවා “මට ගසක් කපන්න පැය 6ක් දුන්නොත් මම පළවෙනි පැය හතරම කරන්නේ මගේ පොරව මුවහත් කරන එක කියලා” හිතලා බලන්න ඔබ එහෙමද කියලා.. අපිට කිව්වොත් අපි කරන්නේ පොරවේ මුවහත තිබ්බත් නැතත් ගහ කපන්න යන එක.. නමුත් කපාගෙන යද්දී වැඩේ එපා වෙලා අපි අතඇරලා දානවා…

අන්න ඒ නිසයි ඔබ අසාර්ථක වෙන්නේ. අයියෝ මේකෙන් සල්ලි හොයන්න බෑ… කියලා හිතෙනවා. වැරැද්ද අපේ නෙමේ. ඔබගෙයි. ඔබගේ අධ්‍යාපනයෙයි…

මම සැබෑ ලෝකේ, අපේ ආයතනයේම උදාහරණයක් ගන්නම්. අපි අලුතින් ආරම්භ කලා “ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර මිතුරන් එකතු කර ආදායම් උපයන” ක්‍රමයක්. හැමෝටම එකම පුහුණුව දුන්නේ. නමුත් බොහොමයක් දෙනෙක් පුහුණුව සම්පූර්ණ කලේ නෑ. ගිණුම හදලා මිතුරන් ඔවුන්ව සොයාගෙන එනකම් ඔවුන් බලාගෙන හිටියා. නමුත් ඔවුන් අතරින් හිටියා එක් සුවිශේෂී තැනැත්තියක්. ඒ “මධූ”. ඇයට මම ලබාදුන් සියලුම උපදෙස් ඇය නිසියාකාරව පිළිපැද්දා. අවසානයේ සති 2ක වැනි කෙටි කාලයකින් ඇය මිතුරන් 2,000ට ආසන්න ප්‍රමාණයක් එකතු කරගත්තා. ඇය ජයග්‍රහණය කලා. මුලින්ම ඇය කලේ ඉගෙන ගන්න එක. අනෙක් අය කරන දිහා බලාගෙන ඉන්න එක. දැනුමෙන් පොහොසත් වූ ඇය අවසානයේ ජයග්‍රහණය කලා.

ඔබටත් පුලුවන්, හැබැයි මුලින්ම ඉගෙන ගන්න… දැනුම කුසලතා වර්ධනය කරගන්න..

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Images generated with AI : DALL•E 3.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

හැකි හැම වෙලේම, වීදුරුව බිමින් තියන්න

හැකි හැම වෙලේම, වීදුරුව බිමින් තියන්න

වතුර පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත්, මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළේය.

සියල්ලන්ටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවා ගත් ඔහු මෙසේ පැවසීය.
“මේ වීදුරුවෙ තියෙන වතුර කොච්චර විතර බර ඇද්ද…?”

“ග්‍රෑම් 50ක්”
“ග්‍රෑම් 100 ක්”
“ග්‍රෑම් 125 ක්”
ලෙස සිසුන් පිළිතුරු දුන්නේය.

එම පිළිතුරු වලට මහචාර්යවරයා මෙසේ පිළිවදන් දුන්නේය.

“මාත් හරියටම දන්නේ නෑ මේ වීදුරුවෙ කොච්චර වතුර තියෙනවද කියලා.
ඒත් මට ඔයාලගෙන් එක දෙයක් දැන ගන්න ඕනෙ.

මම මේ වතුර වීදුරුව මිනිත්තු කීපයක් මේ විදිහට අල්ලගෙන හිටියොත් මොනව වෙයිද…?”

“මුකුත් වෙන එකක් නැහැ”
සිසුන් පිළිතුරු දුනි.

“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර මේ විදිහට අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ…?”

“සර්ගෙ අත රිදෙන්න පටන් ගනියි.”
සිසුන් නැවතත් පිළිතුරු දිනි.

“හරියටම හරි. එතකොට මම මේ වතුර වීදුරුව දවසක් විතර අල්ලගෙන හිටියොත් මොකද වෙන්නෙ…?”
මහචාර්යවරයා නැවතත් විමසීය.

“සර්ගෙ අත හිරි වැටිලා දරුණු ලෙඩක් උනත් හැදෙන්න පුළුවන්.
අනිවාර්යයෙන් ඉස්පිරිතාලෙක උනත් නවතින්න වෙයි…”
කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

“හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවෙ බර වෙනස් වුනාද…?”

“නැහැ”
සිසුන් පිළිතුරු දිනි.

“එහෙනම් අතේ කැක්කුමක් හැදිල මට ඉස්පිරිතාලෙ නවතින්න වෙන හේතුව මොකක්ද…?”

සිසුන් ගොලුවිය.

පසුව එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.
“සර් ඔය වීදුරුව අල්ලන් ඉන්න නිසා තමා එහෙම දෙයක් වෙන්නෙ. ඒක නිසා වීදුරුව බිමින් තියන්න.”

“හරියටම හරි”

ජීවිතේට එන ප්‍රශ්නත් මේ වගේ තමයි.
මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම අපිට ඒක දරා ගන්න පුළුවන්.
ඒත් ඒවා පැයක් විතර ඔලුව ඇතුළෙ තියා ගත්තාම රිදෙන්න ගන්නව.
තවත් කාලයක් තියා ගත්තාම රිදෙන එක වැඩි වෙනව.
අන්තිමට මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔයාලගෙ ජීවිත වලට එන ප්‍රශ්න ගැන හිතන එක වැදගත්,
ඒත් ඊට වඩා වැදගත් දවස අවසානයේ නින්දට යද්දි ඔබ ඒ ප්‍රශ්න හිතින් අහක් කර ගන්න එක.

මතක තියා ගන්න.
“හැකි හැම වෙලේම, වීදුරුව බිමින් තියන්න.”

ඔයාලට ප්‍රශ්න ඇති, නමුත් ඒ ගැන හිත හිතා කියලා ඔලුවට බරක් අරන් ඉඳීමෙන් වෙන්නේ ඔබ විඳවන එක. ඒ ප්‍රශ්න වලට එකින් එක උත්තර හොයමු… ප්‍රශ්නය ඔබේ අනාගතය/මුදල් නම් පිළිතුරු බොහොමයක් මේ පේජ් එක ඇතුළෙම තියෙනවා. ප්‍රශ්න වලින් ඔලුව පුරවගෙන ඉන්නේ නැතිව මේ පේජ් එකේ තියෙන ලිපි වලින් ඔලුව පුරවගන්න. අනිවාර්යයෙන් ඔබේ ප්‍රශ්න අමතක වේවි. ඔබ දියුණු වේවි.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Danesh Edirisooriya

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබට ව්‍යාපාරය දියුණු කරන්න ඕනනම් අනිවාර්යයෙන් ව්‍යාපාරයේ ගුණාත්මකභාවයට මුල් තැන දෙන්න

ඔබට ව්‍යාපාරය දියුණු කරන්න ඕනනම් අනිවාර්යයෙන් ව්‍යාපාරයේ ගුණාත්මකභාවයට මුල් තැන දෙන්න

“ගනේෂ් ” ඉන්දියාවේ කාර්යබහුල නගරයක වෙසෙන සමෝසා වෙළෙන්දෙකි. නගරය තුල ගමන්කරන ඔහුගේ ජංගම අවන්හලේ දිනකට සමෝසා 500ක් ඉතා පහසුවෙන් විකිණීම සිදුකෙරිනි. පසුගිය වසර 30 තුල ඔහු කොයි කා අතරත් අතිශයින්ම ජනාධරයට පත්වුයේ ඔහුගේ සමෝසා වෙළඳාම නිසයි. ඒ මක්නිසාද යත් ඔහු සනීපාරක්ෂාව සහ ගුණාත්මකභාවය ගැන ඉතා විශාල සැලකිල්ලක් දැක්වූ නිසාය.

ඉස්තරම් තෙල් සහ අමුද්‍රව්‍ය ඔහු ඒ සඳහා යොදාගත්තේය. සමෝසා මිලදී ගන්නන් හට නොමිලයේ චට්නි ලබා දුන්නේය. ඉතුරුවන සමෝසා දුප්පතුන්ට බෙදාදෙන අතර තවත් ඒවා වේ නම් බල්ලන්ට සහ හරකුන්ට කෑමට ලබා දුනි.

ගනේෂ් මේ ව්‍යාපාරය තුලින් සැලකිය යුතු මුදලක් මාසිකව ඉපයීමට සමත් විය. ඔහුගේ එකම පුතාගේ මුලික අධ්‍යාපනයට, උපාධියට සහ ඔහුගේ MBA උපාධිය සඳහාද සියලු වියදම් දැරුවේ ගනේෂ්ගේ සමෝසා ව්‍යාපාරය තුලින් ලැබූ මුදලිනි. ඔහු කිසිඳු ණයකින් තොර පුද්ගලයෙක් විය.

ඔහුගේ පුත් සන්දීප් තම MBA උපාධියෙන් පසුව නිවසට පැමිණුනේය. ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කිරීමට කැමති බව ගනේෂ්ට දැන්වීය. නමුත් මින් පෙර කිසිදිනෙක ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කර තිබුනේ නැත. ඔහුගේ ආගමනය ගැන ගනේෂ් අතිශයින් සතුටු විය. තම ව්‍යාපාරය තවදුරටත් වැඩිදියුණුකිරීමට මෙය අනගි අවස්ථාවක් යයි ගනේෂ් සිතුවේය.

ගෝලීය ආර්ථිකය, ව්‍යාපාර කළමනාකරණය සහ රැකියා වෙළඳපොල ගැන සන්දිප්හට ඉමහත් දැනුමක් තිබුණි. ඒ ගැන ඔහු පරීක්ෂණ කල අතර ඒ පිලිබඳ ප්‍රබන්දනයන් සහ දේශනයන් පවා කර තිබුණි. ව්‍යාපාර ශුද්ධ ලාබය වැඩිකරගනීමට කලයුත්තේ මොනවාදැයි ඔහු විසින් ලියු පොත්පත්ද ඒ අතර විය.

පියාගේ ව්‍යාපාරය දියුණුකිරීමේ අරමුණින් ඔහු පරිපාලනයට ඍජු දායකත්වයක් දැක්විය. ව්‍යාපාරය විධිමත්කිරීමේ ක්‍රමයතුල සමහරවිට දෛනිකව විකුණන සමෝසා ඒකක ගණන 500 සිට පහල බසියහැකි නමුත් ශුද්ධ ලාභය ඉහලයනබව ඔහු තම පියාට විස්තර කළේය. තම පුතුගේ විශිෂ්ට දැනුම ගැන ගනේෂ් අසීමාන්තික සතුටකට පත්විය.

එහි පළමු පියවර ලෙස සමෝසා පිසීමට ගන්නා තෙල් ඔහු මෙසේ වෙනස් කළේය. නව සහ නැවුම් තෙල් 80% සමග වරක් පාවිච්චිකරනලද තෙල් 20% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. පාරිභෝගිකයන්ට එහි වෙනසක් නොතේරුනි. ඔවුන් පෙර මෙන් සමෝසා 500ක් අලෙවි කලෝය. ඔවුන්ගේ ලාභය යම් ප්‍රමාණයකින් ඉහල ගියේය. ගනේෂ් සතුටට පත්විය. ඊළඟ දිනයේදී නැවුම් තෙල් 70% භාවිතා කල අතර වරක් පාවිච්චිකරනලද තෙල් 30% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 400ක් පමණි. ඉතිරිය දුප්පතුන්ට සහ සතුන්ට ආහාරපිනිස ලබාදුනි. තම පුතු කී දෙය එලෙසින්ම සිදුවීම ගැන ගනේෂ් සතුටුවිය.

ඊළඟ දිනයේදී නාස්තිය වලක්වාගැනීමට සමෝසා 400ක් පමණක් සැදීමට සන්දීප් උපදෙස් දුනි. ඒ සඳහා 60% නව තෙල් සමග පාවිච්චිකරනලද තෙල් 40% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින සමෝසා 400 විකුණා ගැනීමට හැකිවූ නිසා ඔවුන්ගේ ලාභය ඉහල ගියේය. ගනේෂ් ඉමහත් සතුටට පත්විය. නමුත් එදින රසය පිලිබඳව පරිභෝගිකයන්තුල කැමැත්තක් තිබුනේ නැත. පසුදින සමෝසා බැදීමට 50% නවුම්තෙල් සහ 50% බාවිතා කරනලද තෙල් යොදාගැනීමට සන්දීප් උපදෙස් දුනි. නමුත් එදින විකුණාගත හැකිවතිබුනේ සමෝසා 300ක් පමණි. ඉතිරිය විසිකරනු හෝ නොමිලේ දෙනු වෙනුවට නැවත බැද පසුදින අලෙවිකිරීමට සන්දීප් කටයුතු කළේය. මෙය තමාටත් කලින් කළහැකිව තිබුනා නොවේදැයි ගනේෂ් පසුතැවිලි විය. නමුත් තම පුතු ගැන ආඩම්බර විය.

පසුදින අලුතෙන් සමෝසා 200ක් සැකසු අතර පෙරදින ඉතුරුවූ සමෝසා100ක් සමග සමෝසා 300ක් විකිණීමට ඔවුන්ට හැකිවිය. නොමිලයේ ලබාදුන් චට්නි නොමිලයේ ලබා නොදීමෙන් සිදුවන ලාභය ගැන සන්දීප් තම පියාට විස්තර කළේය. එය බාදාවක් නොවේනම් එසේ කරනමෙන් ගනේෂ් කීවේය. එසේ කලදිනට පසුදින සිට ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක්ම ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක් අධ්‍යයනය කිරීමෙන් පසු ආර්ථික අවපාතයක් සිදුවී ඇතිබව වටහාගත සන්දීප් මෙසේ පැවසිය.

“මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒක නිසා Business අඩුයි. අපි free දෙන ටිෂු එක නොදී ඉමු”. එසේ කී සන්දීප් නොමිලයේ දුන් ටිෂු කඩදාසිය නැවැත්විය.

දිනකීපයකින් සමෝසා ව්‍යාපාරය ඒකක 50ක් දක්වා පහත වැටුණි. දැන් සමෝසා ව්‍යාපාරය නවතා නව ව්‍යාපාරයක් ආරම්භකිරීමට කාලය පැමිණ ඇතිබව සන්දීප්, ගනේෂ්ට පැවසිය. මෙතෙක් දින නිශ්ශබ්දව සිටි ගනේෂ් තම හඬ අවදි කළේය.

“උඹ ඉගනගෙන තියෙන්නේ business කරන්ඩ නෙවෙයි. වංචා කරන්ඩ. අපුරුවට සමෝසා 500ක් වික්ක මම, අද උඹව ලංකරගෙන විකුනන්නේ සමෝසා 50ක් විතරයි. මම මේක අවුරුදු 30ක්ම කලේ උඹ වගේ ඉගෙනගෙන නෙවෙයි. උඹල ඉගෙනගෙන තියෙන්නේ වංචා කරන්ඩ මිසක් business දියුණු කරන්ඩ නෙවෙයි. කරුණාකරලා මේක මට කරගන්ඩ දීලා උඹ පැත්තකට වෙයන්. උඹට කැමතිනම්. පිටි අනන, සමෝසා බදින වැඩේට මම උඹව පඩියක් දීලා ගන්නම්”.

නැවත සුපුරුදු පරිදි ඉහල ගුණාත්මක භාවය ගැන සිතු ගනේෂ් පෙරටත් වඩා හොඳින් සමෝසා සැකසීම ඇරඹීය. සති කීපයකින්ම නැවතත් සමෝසා 600ක් දිනකට විකුණන මට්ටමට තම ව්‍යාපාරය ඉහල නැංවිය.

පසු වදන:

උගත් මෝඩයින් නිසා බොහොමයක් ව්‍යාපාර විනාශ වෙලා යනවා. ප්‍රායෝගික දැනුම තුළින් ලැබෙන අත්දැකීම් වලින් ව්‍යාපාර වල විශාල දියුණුවක් කරන්න පුලුවන්.

ඔබට ව්‍යාපාරය දියුණු කරන්න ඕනනම් අනිවාර්යයෙන් ව්‍යාපාරයේ ගුණාත්මකභාවයට මුල් තැන දෙන්න.

Business HUB පේජ් එක තුළින් ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඔබට විශාල මහපෙන්වීමක් ලැබෙනවා. ඒ මගපෙන්වීම අනුව දියුණු වෙන එක ඔබ සතු කාර්යයක්.

අද බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතනවල පමණක් නොව, බොහෝ තැන්වලද සිදුවන්නේ මෙය නොවේද?

System change කරන්ඩ නම් මුලින්ම තමන්ගේම ආකල්ප වෙනස්විය යුතු නොවේද? එකිනෙකාට බැනගනිමින් නොදරුවන් ලෙස හැසිරෙමින්, මං මුලාවී දුවනා ඔබත් මමත් කෙසේනම් system වෙනස්කරන්නද ?

සිතීම ඔබට භාරයි.

සටහන : PR (Unknown)

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of B. H. Edirisooriya

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

පසුතැවිලි වීම ඇතැම්විට පැද්දෙන පුටුවක් වැනිය

පසුතැවිලි වීම ඇතැම්විට පැද්දෙන පුටුවක් වැනිය

එක්තරා දැනුමැති මිනිසෙකු වෙත නිතර එන මිනිසුන් තමන් ජීවිතයේ විදින නොයෙකුත් දුක් ගැහැට ගැන කියමින් ශෝක වුණා. ඇතැම් අය හැමදාම කිව්වේ එකම ගැටළුව. නමුත් ඔවුන්ගේ ශෝකයේ නිමක් නොතිබූ බව මේ මිනිසා තේරුම් ගත්තා. හැමදාමත් දුක් වෙමින් ඉන්න, මේ මිනිස්සු වෙනුවෙන් යමක් කළ යුතු යැයි ඔහුට හැඟී ගොස් තිබුණා.

දිනක් ඔහු මෙලෙස දිනපතා ශෝක වන්නන් රැස් කලා. ඔහු සියල්ලන්ට සිනහ යන විහිළු කතාවක් කිව්වා. සියල්ලෝම හිනා වුණා. විනාඩි ගණනාවක් ඒ හිනාව තිබුණා. හැමෝම සතුටු වුණා. අඬමින් ඉන්න මිිනිස්සුන්ට හිනාවක් ජනිත කරවන යමක් කියන්නේ ම ලොකු අස්වැසිල්ලක්. හැබැයි ඒ හිනාව එක්තරා මොහොතක නැවතුනා.

දැන් මම තව එකක් කියන්නම් කියූ දැනුමැති මිනිසා, කලින් කල කථාවම නැවත කිව්වා. එවර ඒ කථාවට කීප දෙනෙක් සිනාසුනා. ඒ සිනාසෙන මිනිසුන් දිහා බලමින් පලමු වාරයේ සිනාසුන අය, ඒ අවස්ථාවේ දී කථාවට නොවෙයි, අර සිනාසෙන මිනිසුන් සමඟ සිනාසෙන්නට වුණා.

තුන් වැනි වතාවේ නැවතත් ඒ කතාවම කියූ මහළු දැනුමැති මිනිසා, තමාම සිනාසෙන්නට වුණා. ඒ සභාවේ සිටි කිසිවෙකුත් සිනහා නොවූ බැවින්. සභාවේ සිටි සියල්ලෝම ඔහු දෙස විමතියෙන් බලා සිටියා. “මොකක්ද මේ මනුස්සයා එකම විහිළුව නැවත නැවතත් කරමින් කරන මේ විකාරය.” තැනින් තැනින් කථාවන් නැගෙන්නට වුණා.

“ඇයි ඔබ කිසිවෙකුත් සිනා නොවෙන්නේ?” මහළු දැනුමැත්තා මේ වෙලාවේ සභාවෙන් ඇහුවා.
එවිට අයෙක් උත්තර දෙන්න නැගී සිටියා.

“හිනාවෙන්න? ඔබ එකම විහිළුව කීප වතාවක් කලාම අපිට හිනා යයි ද?” ඔහු උපහාසයෙන් කිව්වා.

මහල්ලා සිනාසුනා.

“මගේ දරුවනේ. උඹලා එකම කතාවට දෙපාරක් හිනාවෙන්නේ නෑ. නමුත් උඹලා එකම සිදුවීමක් සම්බන්ධයෙන් ඇතැම් විට දහස්වර දුක් වෙනවා. හඩා වැලපෙනවා. වසර ගණනාවක් ගොහිල්ලත් උඹලා වැළපෙන වෙලාවල් තියෙනවා. එකම කතාවට දෙපාරක් හිනා නොවෙන උඹලා, එකම කතාවට දහපාරක් අඩන්නේ ඇයි?”

අද මේ ඡායාරූපයේ දැක්වෙන ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳපු මනුස්සයෙක්. නමුත් අදත් අමෙරිකාවේ විශිෂ්ඨත ම ජනාධිපතිවරයා කිව්වා ම කාගෙත් මතකයට එන්නේ ලින්කන්. දිළිඳු ලින්කන්, කිසිදා පාසල් නොගිය ලින්කන්, අදින්නට ඇඳුම් නොතිබූ ලින්කන්, පොතක් වෙනුවෙන් අනුන්ගේ ගොවිබිම්වල දින ගණනාවක් කඹුරපු ලින්කන්, මව මියගිය ලින්කන්, ආදරය කළ පෙම්වතිය මිය ගිය ලින්කන්, ඡන්දෙන් පැරදුන ලින්කන්, විවාහ වූ බිරින්දෑගේ අඩන්තේට්ටම් වලට ලක් වූ ලින්කන් කිසිවිටෙක තමන්ගේ හීනවලට පිය මනින එක, පසුතැවීම නිසා අතහැරලා දැම්මේ නෑ. ඔහු පසුතැවෙමින් සිටියා නම්, ඔහුට ජයග්‍රාහී මිනිසෙක් බවට පත්වෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

– පසුතැවිලි වීම ඇතැම්විට පැද්දෙන පුටුවක් වැනිය. එය ඔබට කිසියම් චලනයක් පෙන්වූවත් කිසි විටෙකත් ඉදිරියට හෝ පසුපසට නොයන්නේය. එහි තේරුම ඔබ එකම තැන යන්නයි. එකම සිදුවීමට දෙතුන්වර පසුතැවිලි නොවන්න. පසුතැවීම ඔබට කිසිවක් ලබාදෙන්නේ නැත. පසුතැවීමට ‍හේතු මතක තබා ගන්න. ඒවා යළිත් සිදු නොවීමට වග බලාගන්න. පසුතැවීම කිසිවක් ඔබට ලබා දෙන්නේ නැත. නමුත්, ඔබ උගත් පාඩම ඒ පසුතැවීම් යළි ඇතිවීමෙන් ඔබව මුදාලනු ඇත. ආත්ම විශ්වාසය ජනනය වීමට නම්, පළමුව අභිමානය ඔබ තුල ජනනය විය යුතුය. නොවරදින, පසු නොතැවෙන කිසිවෙකුත් ලෝකයේ නැත. නමුත් දිනන්නේ, පසුතැවීම අත්හැර එහි පාඩම් උගෙන, ඉදිරියට පියවරක් හෝ ඔසවන අයයි.

ඔබේ දියුණුව Business HUB සමඟින් ආරම්භ කරන්න. අපි සූදානම් ඔබට මගපෙන්වන්න. වැරදුන තැන් හදාගෙන ගොඩ යමු…

Story © Bhathiya Arthanayake

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබත් අද සිටම ඔබ සිතන ආකාරය වෙනස් කරන්න.

ඔබත් අද සිටම ඔබ සිතන ආකාරය වෙනස් කරන්න.

එක්තරා මහලු මවක් හිටියා, ඇයට දූවරු දෙන්නෙක් හිටියා. දෙන්නම විවාහ වෙලා. ලොකු දුව කුඩ වෙළෙන්දෙක් සමග සහ පොඩි දුව නූඩ්ල්ස් හදලා විකුණන වෙළෙන්දෙක් එක්කයි විවාහ වෙලයි හිටියේ. හැබැයි මේ මහලු මව හැමදාම කල් ගත කළේ ඇඬූ කඳුළින්. මුහුණේ කවදාවත් හිනාවක් තිබුණේ නෑ. හැම වෙලාවෙම කල්පනා කර කඳුළු සැලුවා.

හොඳින් ඉර පායලා තියෙන දවස් වල ඈ මෙහෙම හිතමින් දුක්වුණා.

“වැහි පොදක් නැහැ, ලොකු දුවගේ සැමියගේ කුඩ ගන්න කිසිම කෙනෙක් එන එකක් නෑ එහෙම පාඩු වෙලා කඩේ වහන්න වුනොත් එයාලට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති වෙයි ” කියලා.

ඒ වගේම වැහිබර දවස් වලදීත් ඇය දුක් උනා ඇගේ පොඩි දුව ගැන සිතමින්.

” මෙහෙම වැස්සොත් පොඩි දුවගෙ සැමියාට නූඩ්ල්ස් ටික වේලගන්න බැරි වෙයි. කඩයට එන මිනිස්සුන්ට හරි වෙලාවට නූඩ්ල්ස් ටික විකුණගන්න බැරි වෙලා එයාලට පාඩු විඳින්නේ වෙයි. එහෙම වුනොත් එයාලට ජීවත් වෙන්න ආදායමක් නැති වෙනවා නේ .”

ඉතින් මේ විදිහට වැස්සත්, පෑව්වත් මේ මහලු මව ඉන්නෙ හැඬූ කඳුළෙන්. කිසිම කෙනෙක්ට බැරිවුණා ඇයව සතුටු කරන්න. මූණට හිනාවක් ගේන්න.

එක දවසක් මේ විදියට හඬමින් පාරේ යද්දි ඇයට එක්තරා ප්‍රඥාවන්ත පුද්ගලයෙක් මුණගැසුණා. ඔහු ඇය හැඬීමට හේතුව විමසා බලා සියල්ල තේරුම් ගෙන ඇයට සතුටින් සිටීමට වටිනා උපදෙසක් දුන්න.

“අම්මෙ අද ඉඳලා ඔයා දුවලා ගැන හිතලා කිසි දෙයකට දුක් වෙන්න එපා. මම ඔයාගේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳලා දෙන්නම් . ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්.

ඔයා හිතන විදිය වෙනස් කරන්න. පායන දවස් වලට ලොකු දුව ගැන හිතන්න එපා, පොඩි දූ ගැන හිතන්න. පායන දවස්වලට ලොකු දුවගේ කුඩ වෙළදාම ගැන නොහිතා පොඩි දුවගේ නූඩ්ල්ස් විකුණ ගන්න හැකිවීම ගැන හිතන්න. නූඩ්ල්ස් වැඩිපුර විකුණලා ලබන ලාභය ගැන හිතලා සතුටු වෙන්න.

ඒ වගේම වැහිබර දවස් වලට පොඩි දුව ගැන වෙනුවට ලොකු දුවගෙ කුඩ වෙළදාම ගැන හිතන්න. ලොකු දුවගේ කුඩ වැඩිපුර විකුණල ලැබිය හැකි ලාභය ගැන හිතලා සතුටු වෙන්න”.

මහලු මවට තේරුම් ගියා මෙච්චර කාලයක් එයා දුක්වුනේ එයා තෝරගත්ත වැරදි චින්තන රටාව නිසා බව. ඇය එදින සිට ම ප්‍රඥාවන්ත මිනිසා උපදෙස් දුන් ආකාරයට තමන්ගේ චින්තනය වෙනස් කර ගත්තා . ඉන්පසු කිසි දා ඇගේ ඇසේ කඳුළක් තිබුණේ නෑ. හැමදාම සතුට ඉතිරෙන සිනහව පිරුණු මුහුණකින් ජීවත් වුණා .

අපේ ජීවිතයේ හැම සිදුවීමකම පැති දෙකක් තියෙනවා. හරියට කාසියක පැති දෙකක් තියෙනවා වගේ. ඒ පැති දෙකෙන් තෝරගත්ත පැත්ත අනුව තමයි අපිට ඒ සිදුවීම පේන්නේ . අපි ඒ ගැන සතුටු වෙනවද, දුක් වෙනවද කියන දේ තීරණය වෙන්නේ අපි ඒ බලන විදිය අනුව. මේ කතාවේ මහලු මවට හැමදාම සතුටින් ජීවත් වීමට හේතුව උනේ අව්වේ හෝ වැස්සේ වෙනස් වීම නෙවෙයි. දුවලාගේ වෙළදාම් වල ඇති වූ වෙනස් වීමකුත් නෙවෙයි. ඒ මවගේ සිතිවිලි වල සහ ජීවන දර්ශනයේ ඇති වූ වෙනස් වීමම පමණි.

ඔබත් අද සිටම ඔබ සිතන ආකාරය වෙනස් කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන් වේවි.

Business HUB අපි ඔබට මග පෙන්වන්නම්….

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබ ඔබ ගැනම ආඩම්බර වෙන්න

ඔබ ඔබ ගැනම ආඩම්බර වෙන්න

ඔබ ඔබ ගැනම ආඩම්බර වෙන්න…..

බත් දං කුඩ කාපු අය ඕන තරම් මෙතන ඇති….
ඉදුල් වලං හෝදපු අය ඕන තරම් ඇති……
ජොබ් එකක් නැතුව අඩපු අය ඇති…..
කොරෝනා කියලා ජොබ් එකෙන් බොස් එලවපු අය ඇති……
තියෙන ජොබ් එකේ පීඩනය දරාගන්න බැරුව මගදාල ගිය අය ඇති….
තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බැරුව ලත වෙන අය ඇති….
අතේ සතේ නැතුව කර කියාගන්න බැරුව උන්නු අය ඇති…..
විභාග ෆේල් වුන අය ඕන තරම් ඇති……
ඇමාරුවෙන් දුක් විදගෙන විභාග ගොඩ දාගත්ත අය මෙතන ඇති…..
හැමෝම දියුණු වෙද්දි අනේ මට බැරි ඇයි කියලා හිතන අය මෙතන ඇති…..
අම්මා තාත්තා නොසලකන දරුවො ඇති…..
අම්මා ට තාත්ත ට සලකගන්න බැරි වුන අය ඇති……
ලමයි හදා ගන්න බැරුව ලත වෙත කාන්තාවෝ ඇති…..
ඉන්න ළමයා නරක පාරේ යන නිසා ඒක දාරා ගන්න හිත හදාගන්න බැරුව ලත වෙන අම්මලා තාත්තලා ඇති… තමන්ගේ දරුවෝ
සලකන්නේ නැතුව යනඑනමං නැති අම්මලා තාත්තලා ඇති…
කොල්ලා දාලා යද්දි අඩපු කෙල්ලො ඇති,
කොල්ලන්ගෙන් විනාස වුනු කෙල්ලො ඇති,
කෙල්ල දාල යද්දි අඩපු කොල්ලො ඇති,
කෙල්ල රවටද්දි අඩපු කොල්ලො ඇති ,
ලෝකෙටම හිනා වෙලා කාමරේට වෙලා අඩන අක්කලා, නංගිලා ,අයියලා, මල්ලිලා , අම්මලා තාත්තලාත් ඇති,
තවමත් ආදරේ හමු නොවුනු අය ඇති,

උඩින් කිව්ව දේවල් අද වන විට විදින හෝ විද අවසන් අය ඉන්න පුළුවන්….ඔබ ඉන්න තැන ගැන මොකද හිතන්නේ ? ආඩම්බර ද? ඔබට උන වැරදි හදා ගත්තද? නැත්නම් තමන්ට වුණ අසාධාරණය ට සාධාරණයක් ඉශ්ට සිද්ධ වුණා ද?
ඔතන කිව්ව මොනම කාරණය වුනත් අද ඔයාට ඔයා ආඩම්බර වෙන්න පුලුවන් තැනක් හදා ගන්න ඔයා අපොහොසත් වුණාද?ඔයාට වෙනස් වෙන්න පුලුවන් වුණා ද ?නැත්නම් අනෙක් අයව වෙනස් කරගන්න පුලුවන් වුණාද?

අපිට අපේ ප්‍රශ්න වලට ඇත්තටම උත්තර ලැබුනද? නැත්නම් අපි තවම අදුර අතපත ගානවද? ඕනෑම ප්‍රශ්නය ක උත්තර වලට ලන් වෙන්න තියෙන බාධක ටිකයි.අන්න ඒ බාධක විනාශ කරලා දාන්න.කෙලින්ම කියනව නම් 100% ඒ බාධක විනාශම කරමු…

ඒ සදහා ……

ජීවිතය වෙනස් කරන ස්වයං යෝජනා කිහිපයක්

01. මම දිනෙන් දින ධනවත් වෙමි !

02. දිනෙන් දිනම මම එඩිතර වෙමි !

03. සැබෑ සතුටේ උල්පත ඇත්තේ මා තුලම බව මම වටහා ගනිමි !

04. මම පළමුව අන්‍යන්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙමි. ඒ තුලින් මම කල්‍යාණ මිතුරන් ඇති කරගනිමි!

05. දිනෙන් දිනම මම නිහතමානී හා කාරුණික වෙමි !

06. ස්වභාවධර්මයේ නිර්මාණශීලීත්වය නිරතුරුව මා තුළින් ප්‍රකාශ වෙයි ජීවිතයේ සෑම අංශයකදීම මම නිර්මාණශීලී වෙමි.

07. ස්වභාවධර්මයේ ජීවයෙන් මගේ ප්‍රාණය දිනෙන් දින ප්‍රාණවත් වෙමි..

08. මගේ භාෂා දැනුම දිනෙන් දින වර්ධනය වී මුවහත් වී අදහස් ප්‍රකාශ කිරීම පහසු වේවා !

09. මට විශ්මිත මතකයක් තිබේ .මගේ කායික මානසික ලෞකික ආධ්‍යාත්මික දියුණුව පිණිස කවර කරුණක් තොරතුරක් උපදේශයක් වුව පහසුවෙන් මගේ මතකයේ රැදේවා !

10. දිනෙන් දිනම මම දියුණුවෙන් දියුණුවට පත්වෙමි !

11. දිනෙන් දිනම මම නීරෝගී වෙමි.ඒ තුළින් මම තව තවත් තරුණ වෙමි !

12. මම දිනෙන් දින සමෘද්ධිමත් වෙමි.මගේ සෑම ක්‍රියාවක්ම මගේ සමෘද්ධිය සහතික කරත්වා !

13. හැකියාවන්ට අනුකූල වූ රැකියාවක මට නිරත වීමට හැකි වේවා! .විශිෂ්ඨ හා කාරුණික සේවයක ප්‍රතිඵලයක් වශයෙන් මට ප්‍රමාණවත් මාසික ආදායමක් ලැබේවා !

14. මෙලොව ඇති කිසිදු බලවේගයකට මා දුර්වල කිරීමට හෝ වේදනාවට පත් කිරීමට නොහැකි වේවා!

15. මගේ ජීවිතයේ සෑම අභියෝගයක්ම මට සාර්ථක ලෙස ජය ගැනීමට හැකි වේවා !

16. සෑම දෙයක්ම සිදුවන්නේ හොදටය යන සර්වශුභවාදී අදහසින් යුතුව මම කාලය ගත කරමි !

17. චිත්ත රූප මැවීමත් ස්වයං යෝජනාවත් තුළින් මම මගේ අනාගතය ගොඩ නගා ගනිමි !

18. දිනෙන් දිනම මම ශුභවාදී ලෙස සිතමි !

19. මට අවැසි සියළු දේ මගේ යටිසිතේ බලයෙන් මවෙත ලාගාවෙන බව විශ්වාස කරමි !

20. මම අන්‍යයන්ට හදවතින්ම ප්‍රශංසා කරමි ! හදවතින්ම ඔවුන් අගයමි !

21. නිරන්තරයෙන් මම අනුන්ට උපකාර කරමි !

22. මම රහසින්වත් පව් නොකරමි.එතුලින් මම දෙලොවම සැප ලගා කරගනිමි !

23. සමාජයේ සෑම අංශයකදීම මම දීප්තිමත් වෙමි !

24. මනා පෞරුෂයක් ගොඩ නගා ගැනීමේ හැකියාව මා සතුව ඇති බව මම විශ්වාස කරමි !

25. යහපත් ඕනෑම දෙයක් කිරීමේ හැකියාව මා සතුව ඇති බව විශ්වාසය !

26. මම සත්‍යට ගරු කරමි.ඒ නිසාම යහපත් ගුණගරුක බුද්ධිමත් මිනිසුන් ඇසුර මට ලැබේවා !

27. සියල්ල වෙනස් කර හැක්කේ මගේ යටි සිතේ බලයෙන් බව මම තදින් විශ්වාස කරමි !

28. මම සැබැවින්ම අන්‍යන්ට ආදරය කරමි !එතුලින් සැබෑ ආදරය මම අත්විදිමි !

29. මගේ දරුවෝ අති දක්ෂයින් වේවා ! .ඔවුන්ගේ දක්ෂතා මෙන්ම ලොවේ ඇති සියළු සුන්දර දේ දැකීමට මගේ ඇස් පින් කර ඇති බව මට මට විශ්වාසයි !

30.මෙලොව ඇති සියළු සැප සම්පත් මවෙත ලගා වෙන බව මගේ විශ්වාසයයි ! ඒ සෑම දෙයක්ම යහපතට යෙදවීමේ අරමුණ නිසාම ලොවේ ඇති වටිනාම නිදහස වන මානසික නිදහස මම අද සතුටින් භුක්ති විදිමි !

31. මා අතිශය වාසනාවන්තයෙක් වෙමි.ඒ නිසාම ස්වභාවධර්මය පවා මට අවනත වනු ඇත !

මේ ආකාරයෙන් ඔබේ සිතුවිලි ධනාත්මක කර ගන්න……
වෙනස් සිතුවිලි වලින් සිත ශක්තිමත් කර ගන්න….

කවුරුන් හෝ දැන් ඔබගෙන් ඇසුවොත් “කළුගල සහ දියමන්තිය යන දෙකෙන් වටින්නේ කුමක්ද ?” කියා ඔබ දෙන පිළිතුර ” දියමන්තිය” ……

ඒ ඇයි කියලා ඇසුවොත්
ඔබ සියලු දෙනාම කියයි…..

ඒක ලස්සනයි.

ඒකට හොඳ පිළිගැනීමක් තියෙනවා….

ඒ වගේම හොඳ පෙනුමක් තියෙනවා….

සමාජයේ හොඳ මිලක් තියෙනවා……..

මේ අයුරින් නොයෙකුත් පිළිතුරු.

මේ අයුරින් දියමන්ති හැමතැනම තිබිලා කළුගල් හොයාගන්න අමාරු වුණොත් මේ දෙකින් වටින්නේ කුමක්ද ?

මොහොතක් සිතන්න යම් දෙයකට වටිනාකමක් ලැබෙන්නේ එහි ඇති ලස්සනට වත් පෙනුමට වත් නෙවෙයි එහි ඇති දුර්ලභ බවට සහ එය සොයා ගැනීමට අපහසු වූ විට…..

ඔබත් මේ සමාජයේ දුර්ලභ කෙනෙකු වන්න. තවත් කෙනෙකු අනුකරණය නොකරන්න…..

තමන්ගේ වටිනාකම තමන්ම හදා ගන්න….
කිසිවකු ඉදිරියේ තමන්ගේ වටිනාකම හෑල්ලු නොකරන්න…..

ඔබ දුර්ලභ පුද්ගලයකු වන්න……

හරි දේ පමණක් කරන්න…..

තව දෙයක් මතක තියාගන්න…

දියමන්තියට වුණත් අලංකාර පෙනුමක් එන්නේ ඒ ඔප දැමූ පසුවයි ඔබත් ඔබගේ හැකියාවන් ඔප දමන්න ජීවිතයේ ඉදිරියට යන්න…….

එවිට ඔබත් සමාජයට වටිනා කෙනෙකු බවට පත් වේවි නිරායාසයෙන්ම….

දැන් සැබෑ ලෝකේ උදාහරණයක් එක්ක කතා කරමු.

කවුද කියලා කල්පනා කරනවද, ඔච්චර හිතන්න එපා, ඡායාරූපයේ ඉන්න කෙනා. මම, මම….

දැන් බලන්න, ලංකාවේ eMoney/ඔන්ලයින් මුදල් උපයන ආයතන ඔක්කොම ගැන හිතලා මං ගැන හිතන්න. කොච්චර දුර්ලභද, කිසි කෙනෙක්ට සමාන කරන්න පුලුවන්ද, ලං වෙන්න පුළුවන්ද, කොපි කරන්න පුළුවන්ද?

💎 දියමන්තියක් වගේ ශක්තිමක් ලස්සන 🙂 වටිනා කෙනෙක්නේ. හා නැද්ද…. වෙන ආයතන වල ධම්මික පෙරේරා, ජැක් මා වගේ වෙන්න උගන්වනවා එයාලගේ ෆොටෝ දාලා. මොකද ඒවගේ සාර්ථක වුන කෙනෙක් නෑ. හැබැයි අපේ එකේ මම කියන්නේ මම වගේ වෙන්න කියලා….

අනික දවසම සුභ වෙනවා මේ වගේ අහිංසක, පැහැපත්, Handsome, Deposit කොල්ලෙක් දැක්කහම…. හා නැද්ද… හරි දැන් වැඩ කරන්න, මං ගැන හිතුවා ඇති….

Business HUB කියන්නේ බිස්නස් හදන, හැදෙන තැනක්…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla