Select Page
මාර්ක් ට හිටියා සුරංගනාවියන් වගේ ලස්සන දියණියක්

මාර්ක් ට හිටියා සුරංගනාවියන් වගේ ලස්සන දියණියක්

මාර්ක් ට හිටියා සුරංගනාවියන් වගේ ලස්සන දියණියක්…

ඈ නමින් ග්ලෝරියා …

මව නැති දියණිය රැකබලා ගන්න මාර්ක් ගේ මුළු ජීවිතයම කැප කල ආදරණීය පියෙක්….

ඔහුගේ රැකියාව චීස් සෑදීම …

සම්ප්‍රදායික චීස් …

ඔහු ඒ සඳහා විශේෂඥයෙක්…

ඒ තරම්ම අනර්ඝයි ඔහුගේ චීස් …

මාර්ක් සෑම උදයකම නැවුම් කිරි වලින් සැකසූ සම්ප්‍රදායික චීස් සම්ප්‍රදායික සුදු පැහැ කඩදාසි වල ඔතා නගරයට රැගෙන ගියා…

පුංචි ග්ලෝරියා තාත්තා සාදන චීස් වලට ඉතාම ප්‍රිය කලත් ..
ඈ තාත්තා ඒවා එතූ සුදු කඩදාසි වලට නම් ප්‍රිය කලේ නැහැ ..

කොහොමත් දරුවෝ කැමති වෛවර්ණ දේවල් වලට……(විශේෂයෙන් ම ගැහැනු දරුවන්. මමත් ඉතිං කැමතියි කියලා ඔයාලා දන්නවනේ… )

පියා චීස් ඔතන ලද කඩදාසි මත පාට කූරු වලින් සිතුවම් ඇඳීමට ග්ලෝරියා නිතරම උත්සහ කලේ ඒ නිසයි..

සෑම වසරක් පාසාම ඔවුන් ජීවත්වන නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර චීස් සාදන්නන්ගේ තරඟයට මාර්ක් ඉදිරිපත් උනත් කවදාවත් ඔහුට එහි ප්‍රථමයා වන්නට බැරි වුනා…

ඒ ගැන තාත්තා ගේ හිතේ තියෙන දුක මේ දෝණිට හොඳටම දැනුණා….

ළමා වියේදීම ඇය සිහිනයක් දැක්කා..

ඒ තමාගේ පියාව ජාත්‍යන්තර චීස් සාදන්නන්ගේ තරඟයෙන් දිනවීමටයි……

ග්ලෝරියා ක්‍රමයෙන් තරුණ දැරිවියක් බවට පත් වෙමින් සිටියා…

ඈ තම පියා සමඟ හරි හරියට වැඩ කලා..

මාර්ක් තුලින් ජාත්‍යන්තර තරඟය දිනීමේ සිහිනය කෙමෙන් බොඳ වෙමින් යමින් තිබුණා… ..

ඔහු සිටියේ විඩාබරව…දිගින් දිගටම අසාර්ථක වීම නිසා ..

සම්ප්‍රදායික චීස් සමඟම ජීවිතය ගත කල මාර්ක් සම්ප්‍රයායෙන් ඔබ්බට හිතන්න මැලි වුණා…..

ඒත් සිය දියණියගේ බලපෑම් නිසා ඔහුට දිගින් දිගටම තරඟය සඳහා ඉදිරිපත් වෙන්න සිදුවුණා ..

ග්ලෝරියා දුටුවේ එකම සිහිනයක් පමණයි .

ඈ ඒ වෙනුවෙන් වැඩ කලා සතුටින් ..

ඒ අතරම ඈ නිතර සිතුවා…

පියාව දිනවිය හැකි ආකාරය ගැන ..

මොකද ග්ලෝරියා දැනගෙන හිටියා පියා සාදන චීස් වලට අභියෝග කල හැකි කෙනෙක්
ඒ නගරයේ නැති බව..

ඒ තරම්ම උසස් ප්‍රමිතියකින් තමයි ඔවුන් චීස් සෑදුවේ……

ඒත් ඒ ප්‍රමිතිය පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ ..ඒ ජාත්‍යන්තර තරඟය දිනීමට ..

තාත්තාගේ රසම රස චීස් වට්ටෝරුව වෙනස් කරන්න ග්ලෝරියා අකමැති වුනා..

කළයුතු කුමක්දැයි ඇය නිතර කල්පනා කලා….
ඈ සිතුවා…ඒත් සිතමින් නිදා සිටියේ නැහැ ..

ඈ වැඩකලා…ඒ අතර සිතුවා …

ඇයට තාත්තා සාදන චීස් වල වෙනස් කළ හැකි එකම දෙය එහි දවටනය පමණක් බව වැටහුනා

ඈ එදා රාත්‍රියේ සම්ප්‍රදායික චීස් බෝලයක් වර්ණවත් සුන්දර දවටනයක එතුවා…

නමුත් මාර්ක් ඒ ගැන තැකීමක් කලේ නැහැ….

එදා රෑ ඔහු අපූරු යමක් දුටුවා..

මේසය මත චීස් බෝල දෙකක් තිබුණා… ..

එකක් සම්ප්‍රදායික සුදු කඩදාසි වලින් එතූ එකක්..

අනෙක ග්ලෝරියා විසින් අලුත් වර්ණවත් දවටනයේ එතූ එකක්..

ඔවුන්ගේ සුරතල් පූසා ඒ මේසය මතට නැග
අලංකාරව එතූ චීස් ගෙඩිය පහුරු ගාන අයුරු ඔහු දුටුවා ..

එකම චීස් …දවටන දෙකක්…ඒත් පූසාගේ තෝරා ගැනීම ….

ඔහුට යමක් වැටහුනා …

පසුදා පැවැත්වූ…ජාත්‍යන්තර චීස් තරඟයට ඔහු සිය දියණිය සමඟ සහභාගි වුනා..

තරඟය ඇරඹුනා …

විනිසුරුවන් චීස් නිරීක්ෂණය කරමින් වෙහෙසුනා..

ඔවුන් මාර්ක්ගේ සාමාන්‍ය චීස් රසවිඳ අනතුරුව අලුතින් අලංකාරව එතූ ඔහුගේ චීස් රසවින්දා..

ඔවුන්ගේ මුහුණු ආලෝකවත් වෙනහැටි ග්ලෝරියා දුටුවා…

එය ප්‍රණීතයි…..අනර්ඝයි ….

ඔවුන්ගේ චීස් සියල්ලම විනිසුරුවන් විසින් රස විඳින්නට වුනා…

අවසානයේ ..එවර තරඟයේ ප්‍රථමස්ථානයට ලැබෙන ජයග්‍රාහී කුසලානය ග්ලෝරියා ගේ පියාට ඒ කියන්නේ මාර්ක්ට හිමිවුණා ..

නිර්මාණශීලි දිරිය දියණිය නිසා එක්තරා පියෙකුට තමාගේ හීනය දිනා ගන්න ලැබුණා ……..

නිර්මාණශීලිත්වය තුලින් ජීවිතය දිනන්න උගන්වන්නයි මේ කතාව යොදා ගත්තේ….

ඔබත් ටිකක් නිර්මාණශීලි වෙන්න ..
හීන හුගාක් ලං වෙයි.

බලන්න අපි Business HUB වලින් කොච්චර වෙනසක් කලාද. ලංකාවේ ඕන තරම් eMoney/Business/Swayanrakiya/Online Job ආයතන තියෙනවා. හැබැයි අපි තරම් නිර්මාණශීලී ආයතනයක් ඔබ කවදාවත් දැක තිබෙනවාද? අපි වෙනස් වෙන්නේ, අපි ඉදිරියෙන් ඉන්නේ ඒ නව අදහස් එක්ක.

අපි ඔබට යම් දෙයක් ලබාදුන් විට එම අවස්ථාව නිර්මාණශීලීව භාවිතා කර ආදායම් උපයන්න.

Business HUB කියන්නේ හැකියාවට රැකියාවක් දෙන එකම තැන …..ඔබේ හැකියා දක්ශතා අනුව ජීවිතය සාර්ථක කරන්න…..විශ්වාසයෙන් රැදෙන්න Business HUB සමග…..

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබට සැවොම සතුටින් පිනවන්නට අවශ්‍ය නම්, නායකයෙකු වන්න එපා

ඔබට සැවොම සතුටින් පිනවන්නට අවශ්‍ය නම්, නායකයෙකු වන්න එපා

“ඔබට සැවොම සතුටින් පිනවන්නට අවශ්‍ය නම්, නායකයෙකු වන්න එපා !

අයිස්ක්‍රීම් විකුණන්න…”

මේ ලෝකයේ ඉන්න මිනිස්සු ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්…

1️⃣ Those who want to be liked.
අන් අයගේ කැමැත්ත දිනාගන්න කැමති අය.

2️⃣ Those who want to be right.
නිවැරැදිවම කටයුතු කිරීමට කැමති අය.

3️⃣ Those who want to be comfortable.
සැප පහසුවෙන් සියළු කටයුතු කර ගැනීමට කැමති අය.

4️⃣ Those who want to win.
ජීවිතය කියන අභියෝගය ජයග්‍රහණය කරන්න, එහෙම නැත්නම් දිනන්න කැමති අය.

ඔබ ඔබේ පවුලේ මව හෝ පියා ලෙස නැත්නම් ඔබ රැකියාව කරන ආයතනයේ කණ්ඩායමට නායකත්වය සපයන පුද්ගලයෙකු ලෙස කටයුතු කලද, පුද්ගලිකව ඔබට ඉහත දක්වන ලද කාණ්ඩ 4න් එකක් තෝරාගැනීමට සිදුවෙයි.

එවිට අන් අයගේ ජනප්‍රසාදයම ලබා ගැනීමට කැමතිවීම ඔබට ප්‍රතික්ෂේප කරන්නට සිදුවේ. එමෙන්ම ඔබ පුද්ගලයෙකු ලෙස නිවැරැදිව කටයුතු කලයුතු වුවත්, “සැමවිටම සැමදෙයක්ම නිවැරැදිවම” සිදුකිරීමට උත්සාහ දරන පුද්ගලයෙකු හට නායකත්වය ලබාගත නොහැක. මන්ද, වඩාත් නිවැරැදිවම කටයුතු කිරීමට අපේක්ෂා කරන කෙනෙකු වැරදි සිදුවීමට ඇති ඉඩකඩක් අපේක්ෂා නොකරන බැවින් බොහෝවිට ඔහු අභියෝග බාර නොගනී.

එවැනි පුද්ගලයෙකුහට නායකයෙකු ලෙස පෙනී සිටීම හෝ කටයුතු කිරීම අපහසුය. අනෙක් ප්‍රධාන කරුණ නම් නායකයෙකු ලෙස කටයුතු කරන්නට අපේක්ෂා කරන පුද්ගලයෙකුට සෑමවිටම සුඛෝපභෝගී බව සහ සැප පහසුව අපේක්ෂා කරන්නට නුපුළුවන. සමහර අවස්ථාවන්හිදී ඔහුට හෝ ඇයට ඒ අවස්ථාවට අනුව හැඩගැසී කටයුතු කරන්නට සිදුවන බැවින් සැප පහසුවෙන්ම කටයුතු කරන්නටම අවස්ථාව නොලැබෙනු ඇත.

ඔබ නායකයෙකු වීමට නම් අන් අයගේ ප්‍රසාදයම අපේක්ෂා නොකර, ප්‍රසාදයට මෙන්ම ගැරහුමටද ලක්වන විට එය දරාගත හැකි වීම මෙන්ම, වඩාත් නිවැරදි වීමට අපේක්ෂා නොකරන, වැරදි සිදුවීමට සහ එම වැරදි වලින් ඉගෙන ගැනීමට සූදානම් වන, අනෙක් අතට සැපපහසුවම අපේක්ෂා නොකරන, තැනට සුදුසු ලෙස කටයුතු කිරීමට හැකියාව ඇති පුද්ගලයෙකු විය යුතුය. එවිට ඔබ ජනප්‍රසාදය, නිවැරැදි වීමම සහ සැප පහසුවම අමතක කර ජයග්‍රහණය අපේක්ෂා කරන මෙන්ම ජයග්‍රහණය කිරීමට කැමති පුද්ගලයෙකු බවට පරිවර්තනය වීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔබ නායකයෙකු වන විට තම කණ්ඩායම වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට ඔබට බල කෙරෙයි. අවසානයේදී, යමෙකු සැමවිටම අසතුටට පත්වනු ඇත, නමුත් ඔබේ දැඩි තීරණ ගැනීමෙන් පසුව සමස්ත කණ්ඩායමට වඩා හොඳ තීරණයක් ගැනීමට ඔබට හැකිවනු ඇත.

ඔබට නායකයෙකු වී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම්, ඔබ ජනප්‍රසාදය ලැබීමට ඇති අවශ්‍යතාවය, නිවැරදි වීමට ඇති අවශ්‍යතාවය සහ සැපපහසු වීමට ඇති අවශ්‍යතාවය ඔබ අත්හැරිය යුතුය.

සාමාන්‍ය ජීවිතයක් ඇති සාමාන්‍ය මිනිසුන්ට ජනප්‍රසාදය ලැබීමට පහසු විය හැකිය. නමුත් යහපත්, ශ්‍රේෂ්ඨ හෝ කැපී පෙනෙන ජීවිත ගත කරන පුද්ගලයින්හට ජයග්‍රහණය සඳහා ඉහත සියල්ල අත්හැරිය යුතුය.

නායකයෙකු වීමට නම් ඇතැම් විට ඔබ ගන්නා තීරණ ජනප්‍රිය නොවිය යුතුය. ඔබ ප්‍රකාශයක් කළ යුතු අතර සෑම ප්‍රකාශයක් සඳහාම ඔබේ අනුගාමිකයින්, උපදේශකයින්, පිටස්තරයින් සහ සතුරන්ගෙන් ප්‍රති ප්‍රකාශ පැමිණෙනු ඇත. කවුරුන් හෝ සෑම විටම අසතුටින් සිටින අතර සැමවිටම ඔබේ තීරණයට විරුද්ධව සිටිනු ඇත. වඩා හොඳ තීරණයක් මෙන්ම සැමගේ යහපත සඳහා ඔබ මෙය නොසලකා හැරිය යුතුය.

නායකයෙකු වීම යනු තර්කානුකූලව පාලනය කිරීමයි. හේතුව තර්කනය, මනසෙහි බලය සහ නායකත්ව හැඟීම් වලින් තීරණ ස්වාධීන වනු ඇත. හේතුව ශක්තිමත් බව වන අතර එය තර්කානුකූලව අභියෝග කළ හැකි මුත් නායකයාට තම තීරණ සාධාරණීකරණය කිරීමට හේතු දැක්විය හැක.

සත්‍යය නම්, ඔබගේ නායකත්ව ශෛලිය කුමක් වුවත් යමෙකු සෑම විටම නොසතුටට පත්වනු ඇත. ඔබ කොතරම් හොඳ ගනුදෙනුවක් ඉදිරිපත් කළත්, ඔබ කොතරම් හොඳ රැකියාවක් කළත්, යමෙකු සැමවිටම අසතුටට පත්වනු ඇත.

ඔබ සෑම කෙනෙකුම සතුටු කිරීමට උත්සාහ කිරීම අපහසු ව්‍යායාමයකි, එය පිරිසිදු උමතුවකි. ඔබට කිසි විටෙකත් සියල්ලන් සතුටු කළ නොහැක, එබැවින් එයට උත්සාහ ගැනීමෙන් වලකින්න.

ඒ වෙනුවට, ඔබේ සමහර තීරණ අභියෝගයට ලක්කර, ඔබම මනසින් ඔබේ ප්‍රකාශයට ප්‍රතිවිරෝධතා දක්වා වඩාත් නිවැරැදිම තීරණය ගැනීමට සූදානම් වන්න. ඔබ ලෝකය නිවැරැදි දෙයට යොමුකරන විට වැරදි දෙය පසුපසට තල්ලු වනු ඇත. මෙය භෞතික විද්‍යාවේ නියමයයි.

ප්‍රතිවිරෝධය ගැන කරදර නොවන්න, එය සමඟ ගනුදෙනු කරන්න, එයට ඇහුම්කන් දෙන්න. ඔබට ප්‍රතිවිරෝධය සතුටු කිරීමට හෝ “නොමිලේ අයිස්ක්‍රීම්”, විකුණාගැනීමට අවශ්‍ය නැත. සමහර අය අසතුටට පත්වූවාට කම් නැත, සමහර අය කුමක් වුවත් නොසතුටට පත්ව සිටිති. ඒ ගැන කණගාටු නොවන්න.

මිනිසුන් නොසතුටට පත්වීම පිළිබඳ ඔබට ගැටළුවක් ඇත්නම්, සමහර විට ඔබ නායකත්වයට සුදුසු නොවනු ඇත. ඔබ ඒ වෙනුවට අයිස්ක්‍රීම් විකිණීමට යා යුතුද? වැඩ කිරීමේදී සෑම කෙනෙකුටම සැබවින්ම කිරීමට නිවැරැදි යමක් තිබේ. නමුත් නායකත්වය සෑම විටම, සැම දෙනාම සතුටු කිරීමට උත්සාහ නොගත යුතුය.

ඇයි? කිසිදිනෙක, කිසිදු අවස්ථාවක එය සිදුකල නොහැක. ඔබේ ජීවිතයේ වගකීම ඔබ භාරගෙන සැමවිටම නිවැරැදි තීරණ ගැනීමට මෙන්ම එම තීරණ ක්‍රියාවේ යොදවා අපේක්ෂිත ප්‍රතිඵල ලඟාකර ගැනීමට ඔබ වෙහෙස විය යුතුය. සැබෑ ස්වයං නායකයෙකුගේ නිවැරැදි ලක්ෂණය එයයි.

ඔබ ගන්නේ නිවැරැදි තීරණයක් යැයි ඔබට විශ්වාස නම්, ඔබ ක්‍රියාත්මක වීමට තීරණය කරන ආකාරය නිවැරැදි යැයි ඔබට හැඟෙයි නම්, ලැබෙන ප්‍රතිඵලය ඔබ අපේක්ෂා කරන නිවැරැදි ප්‍රතිඵලයම වන්නේ නම් වඩාත් ජනප්‍රියම තීරණය නොව නිවැරැදි තීරණය ගන්න. ජනප්‍රිය තීරණය නිවැරැදි නොවනු ඇතිවාක් මෙන්ම ඔබේ ජීවිතයේ වගකීමද කිසිවෙකු, කිසිදිනෙක භාර නොගනු ඇත. ඔබේ ජීවිතයේ වගකීම අනිවාර්යයෙන්ම ඔබ සතු බව මතක තබා ගන්න.

Business HUB පේජ් එක ෆලෝ කරලා බලන්න. සල්ලි ලොකුවට ලැබුනේ නැතත්, ඔබේ ජීවිතය හරි සාර්ථක වේවි. මොකද පෝස්ට් කියවලා කමෙන්ට් කලත් අපි මුදල් ගෙවනවා. දැන්ම ඊයේ දවස වෙනකම් පෝස්ට් අවබෝධයෙන් කියවලා කමෙන්ට් කරන්න. මන්ද අපි අද හවසට පෝස්ට් කියවලා අවබෝධයෙන් කමෙන්ට් කල හැමෝටම ත්‍යාග දෙන්න තීරණය කලා.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

සාර්ථකත්වය හඹායන ඔබට වයස යනු ඉලක්කමක් පමණි.

සාර්ථකත්වය හඹායන ඔබට වයස යනු ඉලක්කමක් පමණි.

සමහරු ජීවිතේ එපාවෙලා එල්ලෙන්න වැලක් හොය හොයා ඇති…තව සමහරු ජීවිතේ ගොඩදාගන්න, එල්ලෙන්න වැලක් හොය හොයා ඇති…. මේ කොයිදේට වුනත් එල්ලෙන්න වැලක් සොයාගැනීම කියන්නේ කලාවක්. ඒත් අද මම කතා කරන්නේ ජීවිතේ නැති කරගන්න නෙමෙයි, “ජීවිතේ ඇති කර ගන්න” ඒ කියන්නේ ජීවිතේ ගොඩ දාගන්න, එහෙම නැත්නම් ජීවිතේ කොහොමින් කොහොමින් හරි ගොඩයන්ඩ උත්සාහ කරන අයට එල්ලෙන්න වැලක් හොයාගන්නේ කොහොමද කියන එකයි….

ඔබ රැකියාවකට, වෘත්තීයකට හෝ ව්‍යාපාරයකට නවකයෙකු වුනත්, එහෙම නැත්නම් අත්දැකීම් සහිත පළපුරුදුකරුවෙකු වුනත් ඔබ ආදරය නොකරන දෙයක නියුක්තවීම ඔබට මානසික පීඩාවක් ගෙනදීම අරුමයක් නොවෙයි. එහෙම කෙනෙකුට ඉරිදා හැන්දෑවට ඔරලෝසුවේ කටු වේගයෙන් කැරකැවෙනවා වගෙත්, ඒ වගේම සඳුදා උදේ ඉඳලා සිකුරාදා හවස වෙනකල් ඔරලෝසුවේ කටු ඉබි ගමනින් යනවා වගෙත් පේන්න පුලුවන්. ඒක බොහෝම ලොකු මානසික පීඩාවක් වගේම සමහර විට රෝගාබාධයන්ට මුල පුරන ශාරීරික පීඩාවක් වෙන්නත් පුලුවන්. මොකද අද කාලේ තියෙන තත්ත්වය එක්ක රැකියාවක් එහෙම නැත්නම් වෘත්තීයක් හොයාගැනීම ලේසි පහසු නොවෙනවා වගේම ඒක තමුන්ට ගැලපෙන්නේ නැත්නම් ඒ අවදානම දරාගෙන ඒකෙන් අයින්වෙලා වෙන එකක් හොයාගන්න එකත් හිතන තරම් ලේසි පහසු කාරණාවක් නොවන නිසා මානසික පීඩනයෙන් මිරිකෙමින් ඒකම අල්ලාගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්.

අනෙක් අතට ඔබ ආදරය කරන, ආස කරන හෝ හදවතින්ම පෙම්බඳින රැකියාවක් හෝ වෘත්තියක් නැත්නම් ව්‍යාපාරයක් කිරීම ඔබේ ජීවිතය සතුටෙන් පුරවා ගත හැකි අතර සති ගණනක් වුනත් එකදිගට වැඩකිරීමට කැමැත්තක් ඇතිවන දෙයක් වෙන්න පුලුවන්. චීනයේ පහළවුන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන කොන්ෆියුසියස් තුමා මේ කාරණාව විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙමයි.

“ඔබ ආදරය කරන රැකියාවක් තෝරා ගන්න. එවිට ඔබට ජීවිතයේ කිසිදු දිනෙක රැකියාවක නියුතු වන හැඟීමක් ඇති නොවේ.”

මෙසේ හිතින් හදවතින් රැකියාවට ආදරය කිරීමට නම් පළමුව ඔබ ඔබගේ ජීවිකාවට ආදරය කලයුතු අතර අනෙක් අතට ඔබ ආදරය කරන දෙයක් ඔබගේ ජීවිකාව ලෙස තෝරාගත යුතුය…..

ඔබ ආදරය කරන දෙයක් කිරීම ඔබේ කායික මානසික නිදහසට හේතුවනවා මෙන්ම ඔබ කරන දෙය ආදරයෙන් කිරීම ඔබේ ජීවිතයේ සතුට බවට පත්වනු නොඅනුමානයි.

කාරණාව මෙසේ වුවද ලෝකයේ බොහෝ දෙනෙකු තමා ආදරය කරන දෙය තමාට නොලැබීම ගැන විවිධාකාර මැසිවිලි නගති. ඒ මැසිවිලි අතර ඉහලින්ම තිබෙන කරුණක් වන්නේ තමා ආදරය කරන දෙය තමාට නොලැබෙන්නේ තමාගේ අවාසනාව නිසා බවයි. නමුත් වාසනාව හෝ අවාසනාව කියා දෙයක් මේ ලෝකයේ නොමැත. සියල්ල “වාසනාවට” (LUCK) බාරදී එය තමාට හිමිවන තෙක් බලා සිටීම තරම් අනුවණ ක්‍රියාවක් මෙලොව තවත් නොමැත.

එහෙයින් වාසනාව පමණක් විශ්වාස කරන්නවුන්ට රෝමානු දාර්ශනිකයෙකු වන “ලුසියස් ඇනෑයස් සෙනේකා” වාසනාව ගැන හරි අපූරුවට කියදෙයි.

වාසනාව යනු තමා ප්‍රියකරන දෙය කටට වැටෙන තුරු බලා නොසිටීම බව තරයේ අවබෝධ කරගන්න. තමාගේ පෙර සූදානමට ගැලපෙන අවස්ථාව ලැබීම වාසනාව ලෙස මිනිසුන් අර්ථදක්වන බව සෙනේකා අපූරුවට අපට පහදා දෙයි. මෙය මා දැඩිව විශ්වාස කරන කාරණාවක් වන්නේ ජීවිතයේ බොහෝ අවස්ථා වලදී මා මෙය අත්දැකීමෙන්ම ලබා ඇති බැවිනි.

කරුමෙයි, උරුමෙයි ඉතින් ගල ගාලවත් ගෙවලා දාන්ඩ බෑනේ. අනේ ඉතින් මගේ “ලක් එකේ හිලක්” කියන අයගේ මනසේ ඇති අති දැවැන්ත සිදුර වසාගන්නට උත්සාහ ගන්නැයි මා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ සූදානම්ව සිටින තාක් වාසනාව ඔබ පසුපස පැමිණෙනු ඇත.

Be prepared
සූදානම්ව සිටිනු

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවල් සාමිතුමා පවසන්නේද මෙයමැයි…

එසේනම් එල්ලෙන්න වැලක් හොයාගන්න ඔබ කල යුත්තේ කුමක්ද? ජීවිතයේ ඔබට එල්ලෙන්න වැලක් ලැබෙන විට එය දෑතින්ම අල්ලා ගැනීමට ඔබ ඔබේ වාසනාව පසෙක තබා සූදානම් විය යුත්තේ කෙසේ දැයි බලමු.

ඔබ ආදරය කරන රැකියාවක් සොයා ගන්නේ කෙසේද?

ඔබ ජීවිතයේ සතුට භුක්ති විඳින රැකියාව, වෘත්තීය හෝ ව්‍යාපාරය කුමක්ද? යන්න තීරණය කිරීම සඳහා, ඔබ ඔබෙන්ම ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතුය.

1️⃣ ඔබට කුඩා කාලයේ සිටම අවශ්‍ය වූයේ කුමක්ද?

ඔබේ ළමා සිහින වෙත ආපසු යාම අමුතු දෙයක් ලෙස පෙනුනද, ඔබ සතුටින් කරන දෙයට වඩා ඒවා බොහෝ දුරස් නොවනු ඇත. එය කුමක් වුවත්, එසේ කිරීමට ඇති ආශාව කොහේ හෝ සිට පැමිණිය යුතුව තිබුණි.

ඒ සිහින රැකියාව ගැන නැවත සිතන්න. ඔබට තවදුරටත් එම රැකියාව ලබා ගැනීමට අවශ්‍ය නොවුවද, ඒ මගින් ඔබව පොලඹවන්නේ ජීවිතයේ කුමන දිශාවටදැයි සොයා ගැනීමට එය උපකාරී වේ. නිදසුනක් වශයෙන්, නීතියට සම්බන්ධව වැඩ කිරීමට කැමති අය යුක්තිය හෝ මිනිසුන්ට උදව් කිරීම මගින් මෙහෙයවනු ලැබේ. ඔබට ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම්, සමහර විට ඔබ පාසැලට කැමති සහ ළමයින් සමඟ වැඩ කිරීමට ඔබ කැමති විය හැකිය. එම පරිපූර්ණ ස්ථානය සොයා ගැනීම සඳහා ඔබේ අභිප්‍රේරකයින් සහ ඔබේ ශක්තීන් සකස් කරන්න.

2️⃣ ඔබ වඩා හොඳින් කරන්නේයැයි ඔබේ මිතුරන් හෝ පවුලේ අය පවසන්නේ කුමක්ද?

සමහර විට, ඔබට සමීප පුද්ගලයින් සමඟ කතා කිරීම වඩාත් දැනුවත් තීරණ ගැනීමට උපකාරී වේ. ඔබේ ශක්තීන් මොනවාදැයි ඔබේ ආදරණීයයන්ගෙන් විමසන්න. එම කුසලතා භාවිතා කිරීමට ඔබට ඉඩ දෙන්නේ කුමන රැකියාවද? ඔබ වෙනත් පුද්ගලයින්ගෙන් විමසූ විට, ඔබ නොසිතූ අමතර ඉදිරි දර්ශනයක් ලබා ගත හැකිය. ඔබේ ශක්තීන් යැයි ඔබ සිතන දේ ඔබේ මිතුරන් සහ පවුලේ අය මුලින් සිතන දේ නොවිය හැකිය.

3️⃣ ඔබේ ජීවිතයේ ආදර්ශමත්ම පුද්ගලයා කවුද?

කුඩා කාලයේ ඔබේ සිහින රැකියාව ගැන කතා කිරීමට සමානව, ඔබ වයසෙන් වැඩෙද්දී අවධානය යොමු කලේ කවුරුන් ගැනද යන්න ගැන ඔබට සිතිය හැකිය. ඔබ මෙම පුද්ගලයාට ආදරය කළේ ඔවුන් මිනිසුන්ට උදව් කළ නිසාද? ඔබට අවශ්‍ය විශේෂ කුසලතා ඔවුන් සතුව තිබේද? ඔබ ඔවුන්ගේ හැකියාවන්හි සමානකම් ඔබේ දක්ෂතාවයන් සමඟ සොයා ගත්තාද? ඔබ මෙම පුද්ගලයා දෙස බැලුවේ ඇයිදැයි සිතා බැලීමෙන් ඔබට හොඳ රැකියාවක් සොයාගත හැකිය. ඔබ එය කුඩා දරුවෙකු ලෙස නොසැලකුවද, එය ඔබගේ සැබෑ අරමුණු හා ආශාවන් අනාවරණය කර ගැනීමට උපකාරී වේ.

මේ අනුව ඔබ වඩාත්ම ප්‍රිය කරන රැකියාව, වෘත්තීය හෝ ව්‍යාපාරය කුමක්දැයි හඳුනාගෙන පියවරෙන් පියවර සෙමෙන් නමුත් ස්ථාවරව ඇරඹීමට ඔබට පුලුවන.

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වයස අවුරුදු 20දී ව්‍යාපාරයක් අරඹා සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලඟාවෙද්දී, KFC නිර්මාතෘ කර්නල් හැරල්ඩ් සෑන්ඩර්ස් වයස අවුරුදු 60දී ව්‍යාපාරයක් අරඹා සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලඟා විය. සාර්ථකත්වය හඹායන ඔබට වයස යනු ඉලක්කමක් පමණි. නොනැවතී උත්සාහ කරන්න. එල්ලෙන්න වැලක් හොයාගන්න.

මේ වෙලාවේ ඔබට එහා ඉවුරට යන්න, ඒ කියන්නේ සාර්ථකත්වයට යන්න එල්ලෙන්න තියෙන හොඳම වැල Business HUB Sri Lanka තමයි. ඉක්මන් කරන්න… ඉගෙන ගන්න, ආදායම් උපයන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ප්‍රශංසා සහ විවේචන යන දෙකම පිළිගන්න

ප්‍රශංසා සහ විවේචන යන දෙකම පිළිගන්න

හදවතේ රෝගී තත්ත්වයකට එක වතාවක් හරි වෛද්‍යවරයෙක් හමුවෙලා තියෙනවා නම්, ඔබ අනිවාර්යෙන්ම ඊ.සී.ජී පරීක්ෂණයකට භාජනය වෙලා ඇති… මොකද? වෛද්‍යවරයෙක් හදවතේ රෝගී තත්ත්වයක් හඳුනා ගන්න කරන මූලික රෝග පරීක්ෂණය තමයි ඊ.සී.ජී පරීක්ෂණය. ඊ.සී.ජී පරීක්ෂණයකට භාජනය වුනහම ඒකේ වාර්තාව අපේ අතට හම්බ වෙන්නේ ඉහළ පහළ යාම් රාශියක් සහිත හීනි දිග පටියක් විදිහට. මේ විදිහට ඉහළ පහළ යාම් නැතුව, බැරි වෙලාක්වත් මේ වාර්තාව එක දිගට තනි ඉරක් විදිහට තිබුනොත්… ඒ කියන්නේ ඔබේ හදවත නැවතිලා…

ඒ කියන්නේ ජීවිතයේ ඉහළ පහළ යාම හොඳයිද? උත්තරේ “ඔව් !”. පණපිටින් ඉන්න, හදවත වැඩ කරන වගේම ජීවත් වෙන ඕනෙම කෙනෙක්ගේ ජීවිතේ මේ වගේ ඉහළ පහළයාම් රාශියක් තියෙනවා. ඒ ඉහළ පහළයාම් සහිත ජීවිතයට මුහුණ දෙන්න, මනස ශක්තිමත් කරගන්න…

“අපව ඉදිරියට ගෙන යාමට, ජීවිතයේ ඉහළ පහළ යාම් ඉතා වැදගත් වේ. මන්ද ඊ.සී.ජී පටියක පවා සරල රේඛාවකින් පෙන්නුම් කරන්නේ අපි ජීවතුන් අතර නොමැති බවයි.”
~ රතන් ටාටා ~

ජීවිතය සැමවිටම අප බලාපොරොත්තු වූ ආකාරයෙන්ම අපට ප්‍රතිඵල උදා නොකරයි. සමහර ප්‍රතිඵල අප බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ලැබුණු විට අපේ ජීවිතයේ සතුට මෙන්ම බලාපොරොත්තු ද ඉහළ යයි. මෙය පටියකට ආදේශ කර බැලුවහොත් ඊ.සී.ජී පටියක ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ මෙයයි. ඉන්පසු අප බලාපොරොත්තු වන්නේ මේ ආකාරයෙන් දිගින් දිගටම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වීමයි.

නමුත් ජීවිතයේ සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම සිදු නොවේ. සමහර සිදුවීම් වලට අප මුහුණ දුන් විට අප බලාපොරොත්තු වන ආකාරයෙන්ම ප්‍රතිඵල අපට ළඟා නොවේ. අන්න ඒ තත්ත්වයන් තමයි ඊ.සී.ජී පටියක පහල යාම් වලින් පෙන්වන්නේ.

බුදුරජාණන් වහන්සේ අෂ්ඨ ලෝක ධර්මතාව හෙවත් අටලෝ දහමේ දී දේශනා කලේත් මෙයමයි. සෑම දෙයකම වාසි සහගත පැත්ත මෙන්ම අවාසි සහගත පැත්තක්ද
ඇතිබවයි. ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යනුවෙන් දේශනා කළේ මේ යථාර්ථයමයි.

ඉහල පහල යන සෑම අවස්ථාවකදීම සතුටෙන් උද්දාමයට පත් නොවී, පහළට වැටෙන බවද දැන ගෙන ජීවත් විය හැකි නම් අපේ ජීවිත කොයිතරම් සුන්දර අවසානයක් කරා ගෙන යා හැකිද? එමෙන්ම පහලට වැටෙන සෑම අවස්ථාවකදීම, එයද සදාකාලික නොවන බව දැනගෙන එයට සතුටු සිතෙන් මුහුණ දීමට හැකි නම් අපේ ජීවිත ජීවිත සුන්දර අවසානයක් කරා ගෙන යා හැකියි නේද?

අන්න එහෙම පුද්ගලයන්ට තමයි ස්වභාවධර්මය සාර්ථක වෙන්න අවස්ථාවක් උදා කරලා දෙන්නේ. කල් යල් බලලා, ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන එහෙම සාර්ථක වුනු පුද්ගලයන් මේ ලෝකෙ කොයි තරම් නම් ඉන්නවද?

අන්න එහෙම කෙනෙක් තමයි ZOOM Video Conferencing Application එක හඳුන්වාදුන් ZOOM – CEO එරික් යුවාන්…

මෑතකදී ෆෝබ්ස් සඟරාව ඉදිරිපත් කරන ලද ධනවත්ම ඇමරිකානුවන් 400දෙනාගේ ලයිස්තුවේ 43 ස්ථානයත්, ලෝක බිලියනපතියන්ගේ ලයිස්තුවේ දෙසිය 293 ස්ථානයත් හිමිකරගෙන සිටින එරික් යුවාන් යනු එක් රැයකින් සාර්ථකත්වය ළඟා කරගත් පුද්ගලයෙක් නොවේ. ඔහුගේ ජීවිතයේ ඉහළ පහලයාම් රාශියකි.

චීනයේ උපත ලද එරික් යුවාන් ඇමරිකාවේ සිලිකන් වැලි,හි පදිංචියට 1997දී පැමිණෙන්නේ වීසා ලබා ගැනීමට කරන ලද උත්සාහයන් 8ක්ම අසාර්ථක වීමෙන් පසුව 9වන උත්සාහයේදීයි. ඇමරිකාවේ සිලිකන්වැලි වෙත පැමිණෙන ඔහු CISCO සමාගමෙහි පද්ධති කළමනාකරුවකු ලෙස සම්බන්ධ වෙයි. එතැන් සිට දිනෙන් දින තම දක්ෂතාවය පෙන්වන ඔහු සමාගමෙහි, උප සභාපති ධුරය දක්වා ගමන් කරයි. 2007 දී ඔහුගේ මූලිකත්වය යතේ CISCO ආයතනය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මන්ත්‍රණ පැවැත්වීමේ පහසුකම් පද්ධතියක් වැඩි දියුණු කරන ලද Web-Ex සමාගම මිලට ගනියි.

එම පද්ධතිය දිනෙන් දිනම දියුණු කිරීම වෙනුවෙන් ඔහු 2011 වර්ෂය දක්වා ඉදිරිපත් කරන ඉදිරිපත් කරන ලද යෝජනාවන් බොහොමයක් සමාගමේ ඉහළ කළමනාකාරිත්වය ප්‍රතික්ෂේප කරනු ලබයි. තම සමාගම වෙනුවෙන් අතිශය කැපවීමෙන් සේවය කරන එරික් යුවාන්ට තම යෝජනා ප්‍රතික්ෂේප වීම දරාගත නොහැකි වෙයි. මෙසේ කළමනාකාරිත්වයෙන් ප්‍රතික්ෂේප වූ එරික් යුවාන් පද්ධති ඉංජිනේරුවන් 40කට ආසන්න පිරිසක් සමඟ CISCO Web-Ex සමාගමෙන් ඉවත්ව 2011 අප්‍රේල් 21 වන දින “Saasbee” (සාස්බී) නමින් නව සමාගමක් ආරම්භ කරනු ලබයි.

බොහෝ දුර විසූ සිය පෙම්වතිය සමඟ සම්බන්ධ වීමේ ක්‍රමයක් සොයමින් සිටි එරික් යුවාන් දිනෙන් දින ඒ සඳහා නව ක්‍රමවේදයන් අත්හදා බැලීමට පටන් ගනී. ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔහු සහ ඔහුගේ පෙම්වතිය පැය 10ක දුම්රිය ගමනකින් දුරස් වූ විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපනය ලැබීමය.

“මට ඇයව වසරකට දෙවරක් පමණක් දැකගත හැකි වූ අතර, දුම්රියෙන් එහි යාමට පැය 10 කට වඩා ගතවන බැවින්, එවකට තරුණ වියේ සිටි මගේ කල්පනා වූයේ අනාගතයේදී බොත්තමක් Click කර ඇය සමඟ කතා කළ හැකි උපකරණයක් තිබේනම්…” යනු ඔහුගේ සිතුවිල්ල විය.

ටිකෙන් ටික මේ සිතිවිලි වලට ගොනුවී සිටි ඔහු අවසානයේ දී, ඒ වෙනුවෙන් උපක්‍රම කල්පනා කරන්නට විය. තම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණු කරන අතරතුර ඔවුන් විවාහ වූවේය. පද්ධතියේ වැඩි දියුණුව වෙනුවෙන් ආයෝජකයන් සොයා ගැනීමට මහත් වෙහෙසක් ගත් යුවාන්, තම පද්ධතිය දියත් කිරීම සඳහා මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් මුදල් ණයට ගත් බවද ඔහු පවසයි.

ඉතාමත් ඉහළ පිළිගැනීමක් සහිත රැකියාවක සිට අවදානමක් ගෙන, එවකට තම පෙම්වතියගේද විරෝධතාවය නොතකමින් ඉන් ඉවත් වූ එරික් යුවාන් දැඩි කැපවීමකින් යුක්තව තමා හඳුන්වා දුන් “Saasbee” පද්ධතිය වැඩි දියුණු කොට 2019 අප්‍රේල් මාසයේදී ZOOM ලෙස මහජනයා හමුවට ඉදිරිපත් කළේය.

එතැන් සිට ඔහුගේ සාර්ථකත්වයේ ගමන ආරම්භ වේ යැයි ඔහු පවා නොසිතන්නට ඇත. නමුත් 2019 වර්ෂයේ අවසාන කාලය මුළු ලෝකයම COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා දැඩි අර්බුධකාරී වටාපිටාවකට යොමු විය. බොහෝ පුද්ගලයන්ට තම නිවසින් පිටතට යා නොහැකි තත්ත්වයක් උද්ගත විය. මෙම නිසා ZOOM වැනි වැඩි දියුණු කරන ලද වීඩියෝ සාකච්ජා මෙවලමක අවශ්‍යතාවය දිනෙන් දින දැනෙන්නට වීම නිසා මුළු ලෝකයම ඒ කරා යොමුවන්නට පටන් ගැනුණි.

වර්තමානය වන විට ඔහු වසර නමයක් තුළ ගොඩනඟාගත් ආදායම ඩොලර් බිලියන 35 ක් දක්වා ඉහළ නැග ඇත. 2020 මාර්තු මාසයේ සිට 2020 සැප්තැම්බර් මස දක්වා අවසන් මාස 6 තුළ පමණක් ඔහුගේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 කට අධික මුදලකින් වර්ධනය වී ඇත.

මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන මේ බිලියනපතියාගේ සමස්ත වත්කම කොරෝනා වසංගතය පැතුරුණු කාල සීමාව තුළ ඩොලර් බිලියන 17.7 කින් වර්ධනය වී ඇත. එය පසුගිය වර්ෂයේ මේ කාලසීමාව හා සංසන්දනය කළ විට 396.5% ක වර්ධන අනුපාතිකයකි. ZOOM වසරේ වඩාත්ම සාර්ථක NASDAQ (නැස්ඩැක්) මූලික කොටස් නිකුතුවක් කර ඇති අතර, පළමු දිනය තුළ පමණක් ZOOMහි කොටස් මිල 72% කින් ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් වාර්තා කරයි.

ZOOM මෘදුකාංගය මේ වන විට SAMSUNG, UBER, WALLMART, CAPITAL ONE ඇතුළු ලොව පුරා ආයතනික සේවා දායකයන් 30,000කට අධික සංඛ්‍යාවක් සිටින අති දැවැන්ත සමාගමකි. එමෙන්ම ZOOMහි නිර්මාතෘ එරික් යුවාන් තම සේවකයින් අතර අතිශයින් ජනප්‍රියය. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු තම සේවකයන්ට ඇහුම්කන් දෙන පෞරුෂයකින් යුතු පුද්ගලයකු වීමය. ඔහුගේ ජනප්‍රිය භාවය කොතෙක්ද යත් 2018 දී ඔහු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) බවට පත්වූයේ 99% ක සේවක කැමැත්තක් ද සමගිනි.

2019 දෙසැම්බර් සිට ZOOM භාවිතය ඊට පෙර කාලයට සාපේක්ෂව 1,900% කින් වර්ධනය වී තිබේ.

ඔහු ඔහුගේ කාර්ය බහුල දෛනික කාලසටහන නොතකා දරුවන් වෙනුවෙන් කැපවූ පියෙකි. මෙම යුවලට පුතුන් දෙදෙනකු හා දියණියක සිටී.

අවසන ඔහු පවසන ආකාරයට, ඔහුගේ මෙම පිබිදීමට හේතු වූ ප්‍රධාන කරුණ නම් CISCO ආයතනයේ Web-Ex මෘදුකාංගයෙන් ඔහුගේ නික්මීමයි.

“CISCO සමාජ ජාලකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, තම ආයතනය ෆේස්බුක් වැනි සමාජ ජලාවක් බවට පත්කිරීමට උත්සාහ කලා. නමුත් මම ආයතනයක් ලෙස වීඩියෝ සම්මන්ත්‍රණ යෙදවුම් අතර ඇති, ඊට වඩා වැඩි දියුණු කළ යුතු සහ අපට අනන්‍ය වූ වෙළෙඳපොළ පෙන්වූවත් ඔවුන් එය තේරුම් නොගෙන කටයුතු කලා. CISCO වැරැද්දක් කලා. මම ඉවත් වෙලා අවුරුදු තුනකට පස්සේ එයාලට තේරුණා මම කියපු දේ හරි කියලා…”

COVID-19 පළමු හා දෙවන ව්‍යාප්තියත් සමඟ ලෝකයම මුහුණ දී සිටින මේ වසංගතයේ දී ලෝකයේ කිසිදු ආයතනයකට නොදෙවෙනිව තම ව්‍යාපාරයේ වර්ධනයත්, ව්‍යාපාරයේ ආදායමේ වර්ධනයත් වාර්තා කළ පුද්ගලයෙක් සිටී නම්, ඒ ZOOM ප්‍රධාන විධායක නිලධාරී එරික් යුවාන්ය.

ඔහුගේ ජීවිතය තුළ අපට උගත හැකි පාඩම කුමක්ද?

ඊ.සී.ජී පටියක් වැනි ඉහළ පහල යන ජීවිතේ තම හඳුන්වා දීම පළමුව සාර්ථකව නොවූවත් උපේක්ෂාවෙන් යුතුව වසර 9ක් (2011 – 2020) වෙළෙඳපොළ සමඟ රැඳී සිටි “බලාපොරොත්තුවයි”. ඉන්පසු තමාට වසර 9කට පසු ලැබුණු අවස්ථාවෙන් උද්දාමයට පත් නොවී, දිනෙන් දින නව්‍යකරණය වෙමින් තම වෙළඳපොල කොටස ග්‍රහණය කරගැනීමට ඔහු දරන උත්සාහයයි.

එම නිසා ඊ.සී.ජී පටියක් මෙන් පහලින් පහලට ගමන් කිරීමට සිදු වුවත්, එය පරාජයක් ලෙස පිළි නොගෙන, තම අවස්ථාව එන තෙක් රැඳී සිට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අතිශයින්ම ප්‍රශංසනීය කාරණාවකි. එයින් අපට මතු කරගත හැකි තවත් කාරණාවක් නම් උත්සාහවන්තයාට අනිවාර්යයෙන්ම ස්වභාවධර්මය හෝ අවස්ථාවක් උදාකර දෙන බවය.

වැදගත්…

ඔබේ නව හඳුන්වාදීම, හඳුන්වාදීමෙන් පසු ඉහළ පහළ ගිය ද, පහළින් පහළට ගිය ද, එය තනි ඉරක් ලෙස පිහිටීමට වඩා අගනේය. මක්නිසාදයත් ඒ ඔබ තරගකාරීත්වයට මුහුණ දෙමින් වෙළඳ පොල තුළ ජීවත්ව සිටින සජීවී පුද්ගලයෙක් වන බැවිනි.

“ප්‍රශංසා සහ විවේචන යන දෙකම පිළිගන්න. මන්දයත්, ගහක් වැඩීමට මෙන්ම මලක් පිපීමට හිරු එළිය සහ පොද වැස්ස යන දෙකම අවශ්‍ය වෙන බැවිනි.”

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

එක්තරා තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කළා

එක්තරා තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කළා

එක්තරා තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කළා. කාලයක් යද්දි ඔහුගේ ව්‍යාපාරය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වුණා. නමුත් හදිසියේ ඇති වූ ගින්නක් නිසා ඒ දැවැන්ත ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. නමුත් එම ව්‍යාපාරයේ අයිතිකරු වන පෙර කී තරුණයා සිනහා මුසු මුහුණින් යුතුව යමක් සැලැසුම් කරමින් සිටියා. කෙනෙක් ඔහුගෙන් ඇහුවා “ඔබේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඔබට තිබුණු සම්පත් සියල්ලම ඔබට අහිමි වෙලා. ඔබ කොහොමද මෙහෙම සතුටින් ඉන්නේ ? කියලා . එවිට ව්‍යාපාරිකයා මෙහෙම උත්තරයක් දුන්නා .

“ඔව්. මට තිබුණු භෞතික දේපළ මට නැති වුණා. නමුත් එක දෙයක් ඉතිරි වුණා. ඒ තමයි අවුරුදු ගණනාවක් තිස්සේ මං ලබපු දැණුම සහ අත්දැකීම්. මට මේ ව්‍යාපාරය ගොඩනගන්න වසර දහයක් ගත වුණා. නමුත් මගේ ඊළඟ ව්‍යාපාරය ගොඩනගන්න මට ගතවෙන්නේ මාස දහයක් විතරයි. මම ඒක සැලසුම් කරලා ඉවරයි. ඉතින් මම දුක් වෙන්නෙ මොකටද? මට ලැබෙන අළුත් ව්‍යාපාරය ගැන හිතලයි මම සතුටින් හිනාවෙලා ඉන්නේ ”

ඉතිං බිංදුවටම වැටුනු තැන තමයි ජීවිතේ ආරම්භයේ මූලිකම අඩිතාලම….

අතේ සතේ නැතුව දන්න කියන හැමෝගෙන්ම සතේ සතේ ඉල්ලගෙන අන්තිමට ඔක්කොම නැතිවුනාම හැමෝම කියනවා වගේ වැලේ වැල් නැතුව යනවා..
අන්න එතනදි තමයි හිතෙන්නේ …මොකක්හරි කමක් නෑ රස්සාවක් තිබුණා නම් ජීවිතේට පුංචිහරි එළියක් තිබුණා නම් කියලා….

උත්සාහ ගන්නවා කට්ට කාගෙන ජීවිතේ පටන් ගන්න..ඔතනදි සෑහෙන ප්‍රශ්න එනවා. ..කකුලෙන් අදින්න මදි නොකියන්න පිරිසක් ඉන්නවා..

වෙන ඕනම දෙයක් ඉවසගෙන තමන්ගෙ පාඩුවේ තමන්ගේ ගමන යන්න වෙර දරන එක තමයි කරන්න ඕන හොඳම දේ..අමාරුම දේ අපිත් එක්ක එක මග ගමනේ යන මිනිස්සු අඳුනා ගැනීම..කිසිම කෙනෙක් ඕනවට වඩා විශ්වාස නොකර තමන්ව විතරක් ඕනවාටත් වඩා විශ්වාස කලොත් තමයි හැමදේම පහසු…..

ඉලක්කයක් තියාගෙන, හීන තියාගෙන ඒ හැමදේකම ජීවත්වෙලා විඳවන්න තියෙන හා විඳවන හැමදේම ජීවිතේට විඳීමක් කරගෙන කවුරු නැතත් තමන්ට තමන් ඉන්නවා කියලා හිතාගෙන ජීවිතේ දිනන්න….

මතක තියාගන්න..

අපි හැමදේම දැනගෙන ඉපදෙන්නේ නෑ.. ඒවගේම වැරදෙන හැම තැනකදිම අපි ජීවිතේට පාඩමක් ඉගෙන ගන්නවා…ඉතින් මේ ජීවිතේ තීරණය ඔයාගෙ අතේ..ජීවිතේ ජයගන්න..අවස්ථා මඟ නොහැර දිනන්න..

වසර 5ක් පමණ සැලසුම් කිරීමෙන් පසු මා 2018දී CharityShop මූලික අදියර Earn Money ලෙස ආරම්භ කලා. නමුත් වෙළඳපොලේ තරඟකාරී ආයතන සියල්ල එකතුවෙලා අපගේ ව්‍යාපාර සැලැස්ම දැක්ක ගමන් එය රිපෝර්ට් කරමින් මාගේ ෆේස්බුක් පේජ්, ගෲප් සහ ප්‍රොෆයිල් සියල්ල බ්ලොක් කලා. ඉන්පසු මා මාගේ සමාජසත්කාර කටයුතු වලට කාර්ය බහුල වුණා. 2020 දෙසැම්බර් මම නැවතත් එහි දෙවන අදියර CharityShop නමින් ආරම්භ කලා. දැනට අවුරුදු 3ක්. මේ වන විට ලංකාවේ විශ්වාසවන්තම eMoney සහ Freelancing ආයතනය අප බවට පත්වෙලා. ගෲප් එකේ සාමාජිකයින්ගේ කමෙන්ට් සහ ආදායම් වලින් ඔබට එය තහවුරු වෙනවා ඇති. 2018 සිටි සියලුම eMoney ආයතන මේ වන විට වංචාකාර ආයතන වෙලා කෝටි ගණන් වංචා කරලා මිනිස්සු අමාරුවේ දාලා වහලා දාලා. දැන් තියෙන ඒවටත් ඒ දේ වෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැ. නමුත් අපි දවසින් දවස් ඉදිරියට යනවා. ඒ 2018 මම දැනගත්තා මගේ අඩුපාඩු මොනවද කියලා. ඒ හැම දෙයකින්ම සහ අනෙක් ආයතන වල අයහපත් ලක්ෂණ අයින් කරලා යහපත් ලක්ෂණ අරගෙන ලෝකයේ තිබෙන සෑම eMoney ආයතනයකම අදහස් එක තැනකට ගෙනාවා. නැතිවුණා කියලා දුක් වුනේ නෑ. වඩාත් ශක්තිමත්ව නැවත ආරම්භ කලා. 2020 ඉඳන් අපි අනෙක් ආයතන සියල්ලගෙම එක එක සේවාවන් එක එක විදිහට දීලා බැලුවා. ඒවගෙන් ඉගෙන ගත්තා. ඒවගේ අඩුපාඩු සොයාගත්තා.

එකම දේ, මම දවසින් දවස හැමෝගෙන්ම ඉගෙන ගත්තා. මෙහි 90%ක් සාමාජික අදහස් මත තමයි අදහස් ගොඩනැගෙන්නේ. නොදන්න දේවල් මං දන්න අයගෙන් අහලා ඉගෙන ගන්නවා.

2023 නොවැම්බර් ආරම්භ කල Business HUB කියන්නේ 2006 ආරම්භ කල මගේ තාක්ෂණික ආයතනයේ විශිෂ්ටතම Version එක. අඩුපාඩු කියන්න ඇත්තෙම නෑ.

“මතක තියා ගන්න අපි හැමදේම දැනගෙන ඉපදෙන්නේ නෑ..නොදන්න දේ ඉගෙන ගෙන ජීවිතේ ජය ගමු”

ඔබ නොදන්න මම දන්න දේවල් තමයි මේ පේජ් එකේ උගන්වන්නේ. ඉතිං දිනපතා පෝස්ට් කියවලා ඉගෙන ගන්න.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

නැති දේවල් ගැන නොසිතා, තියෙන දෙයින් දියුණු වෙන්න උත්සාහ කරන්න

නැති දේවල් ගැන නොසිතා, තියෙන දෙයින් දියුණු වෙන්න උත්සාහ කරන්න

දිනක් තරුණයින් දෙදෙනෙක් තමන්ගෙ ගුරුවරයා බලන්න ගියා. එක් තරුණයෙක්,

“මට ජීවත් වෙන්න ඕන. මට යමක් දෙන්න” කියලා ගුරුවරයාගෙන් ඉල්ලුවා.

ගුරුවරයා ඔහුට තරමක් විශාල ලී කොටයක් දුන්නා. දෙවන තරුණයාත්,

“මට පොහොසත් වෙන්න ඕන ගුරුතුමනි. මට යමක් දෙන්න” කියල ඉල්ලා සිටියා.

ගුරුවරයා ඔහු දෙස බැලුවා. ඔහු අනෙක් තරුණයාට වඩා වෙනස්ම කෙනෙක්. ඔහු තුළ යම් සුවිශේෂී හැකියාවක් ඇති බව ගුරුවරයා හඳුනාගත්තා. ගුරුවරයා ඔහුට කුඩා ලී කොටයක් දුන්නා. දෙදෙනාම ගෙදර ගියා. පළමු තරුණයා ආයුධයක් අරගෙන ලී කොටය කැබැලි කළා. ඒවා මිටි බැඳැගෙන නගරයට ගියා. විකිණුවා. පුංචි මුදලක් උපයාගත්තා. දෙවන තරුණයාට ඕන වුණේ පොහොසතෙක් වෙන්න. ඔහු ලී කැබැල්ල දිහා බලාගෙන දිගින් දිගටම කල්පනා කළා. ඔහු දැක්කා ලී කැබැල්ල අතරින් තම ජීවිතයේ විශාල වෙනසක් වන හැටි. ඔහු දැක්කා ඔහුගේ ජීවිතය ආලෝකමත් වන හැටි. ඔහු සිහින මවන්න පටන් ගත්තා. ඉන්පසු ඔහු තම පියාගේ වඩු මඩුවෙන් ආයුධ කිහිපයක් අරගෙන ලී කොටය කැටයම් කරන්න පටන් ගත්තා. ඔහු දින කිහිපයක් එක දිගටම වෙහෙස වුණා. අවසානයේ හිතාගන්නත් බැරි තරමේ හරි අපූරු පිළිමයක් ඔහුගේ අතින් නිර්මාණය වෙලා. ඔහුට පුදුම සතුටක්.

නඟරයේ විශාල උත්සවයක්. ඒ එක්කම සල්පිලක්. රටේ සිටින ධනවත්ම පුද්ගලයින් ඒ උත්සවයට පැමිණියා.

පෙර කී තරුණයා තමන් විසින් නිර්මාණය කළ පිළිමයත් අරගෙන උත්සව භූමියට ගියා. මිනිස්සු දැක්කා හරි අපූරු ලී පිළිමයක්. එහි අලංකාර නිමාවක් තිබුණා. සල්පිලේ තිබුණු අනෙකුත් නිර්මාණ වලට වඩා වෙනස්ම විදියේ එකක්. මිනිස්සු ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. එක් ධනවත් පුද්ගලයෙක් මේ පිලිමය දැක්කා. ඔහු විශාල මුදලක් ලබා දී මේ පිලිමය ලබා ගත්තා. තරුණයාට හරිම සතුටුයි. ඔහු තෑගි බෝග අරගෙන ගුරුවරයා බලන්න ගියා. ගුරුවරයා ඔහුට උපදෙසක් දුන්නා.

“ඔබ ඔබේ හැකියාව හඳුනාගත්තා. එයින් මුදලක් උපයා ගත්තා. නමුත් ඒ මුදල නිකන්ම විනාශ වෙලා යන්න දෙන්න එපා. ආයෝජනය කරන්න. ඔබට පුළුවන් තවත් පොහොසත් වෙලා ලෝකෙටම උදව් කරන්න”

තරුණයා ඉස්සෙල්ලාම තමන්ටම ආයුධ කිහිපයක් මිල දී ගත්තා. දිගින් දිගටම නිර්මාණ කළා. අවසානයේ ඔහු ඒ නඟරයේ සිටින මහා පොහොසතෙක් බවට පත් වුණා.

ඊට පෙර කියූ අනෙකුත් තරුණයා නැවැත වතාවක් ගුරුවරයා හමුවෙන්න පැමිණියා. ඔහු පැමිණියේ හිස් අතින්. ඔහු ඇඳැගෙන සිටියේ ඉරී ගිය පරණ ඇඳුම්. ඔහු නැවතත් ගුරුවරයාගෙන් “ජීවත් වෙන්න යමක් දෙන්න” කියා ඉල්ලා සිටියා.

ඔයාට තියෙන හැකියාවන් මොනවාද? ඔයා ඒ ගැන හිතල තියෙනවාද? ඔයා හැම දාම ඉන්නෙ ඔයාට නැති දේවල් ගැනම කල්පනා කරමින්ද? එහෙනම් ඒක අද වෙනස් කරන්න. ඔයාගෙ සුවිශේෂී හැකියාවන් ඔයාම හඳුනාගන්න. ඒවා ඔප දමන්න. ඔයාට තියෙන සම්පත් ගැන හිතන්න. ඔයාට තියෙන අසීමිත අවස්ථාවන් ගැන හිතන්න. ඔයාට තියෙන්නෙ පුංචි දේවල් ටිකක් වෙන්න පුළුවන්. නමුත් ඒවා උපරිමයෙන් පාවිච්චි කරන්න පටන් ගන්න. ඔයා කැමැති ඒ ලස්සන ජීවිතය උරුම කරගන්න සිහින මවන්න. ක්‍රියාත්මක වෙන්න. ඒක ඔයාට කරන්න පුළුවන්…

ඇඩ් ක්ලික් නෑ, ආයෝජන නෑ, පිරමීඩ ක්‍රම නැති නිසා Business HUB වලින් ලේසියෙන් සල්ලි හොයන්න බෑ කියලා හිත හිතා ඉන්නේ නැතුව දැනට ක්‍රම 100 වඩා තිබෙනවා මුදල් උපයන්න. ඇයි ඔබ ඒවා උත්සාහ නොකරන්නේ? තොරතුරු නොමැතිව අදහස පමණක් ක්‍රම 600ක් පමණ පළකර තිබෙනවා.

නැති දේවල් ගැන නොසිතා, තියෙන දෙයින් දියුණු වෙන්න උත්සාහ කරන්න….

මේ පේජ් එකේ ඉන්න අය ගොඩක් කරන්නේ පෝස්ට් එකක් දාපු ගමන් රූපය බලනවා. See more ඔබලා බලන්නේ නෑ. එසැනින් WhatsApp බොත්තම ඔබනවා. Details Please කියනවා. එච්චරයි. ආයේ පෝස්ට් එකක් දාපු ගමන් ඒකමයි කරන්නේ. සමහර එකම කෙනාගෙන් මැසේජ් 20ක් විතර ඇවිත් තියේ. Details තියෙන පෝස්ට් එක නොකියවා. මැසේජ් හරහා Details ඉල්ලනවා. අනේ මට උදව් කරන්න කියනවා. ගොඩක් අය ඉන්නේ “හිඟන මානසිකත්වයේ”. දියුණු වෙන්න ඕන කියන මානසිකත්වයෙන් ඉන්නේ කිහිපදෙනයි.

බොහොමයක් අය හොයන්නේ ජීවත්වෙන්න ක්‍රමයක්. ක්ෂණිකව සල්ලි ලැබිලා, ඒ ලැබෙන සල්ලි කාලා ඉවර කරන්න ක්‍රමයක්. නමුත් පොහොසත් වෙන්න, දියුණු වෙන්න ක්‍රම හොයන්නේ කිහිපදෙනයි. අපේ පේජ් එකේ තියෙන හැම ආදායම් ක්‍රමයක්ම දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙන ඒවා. නමුත් හැමෝම වගේ හොයන්නේ ලියාපදිංචි වෙලා පහුවෙනිදට මුදල් ලැබෙන ක්‍රම. හැමෝටම ඕන නිකන් ඉඳලා සල්ලි හොයන්න.

පිරමීඩ කම්පැනි වලින් වුනත් කරන්නේ අවුරුදු 20-30ක් දුක්මහන්සියෙන්, කැපවීමෙන් ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ ජීවිත කතා, ඡායාරූප පෙන්වලා ඒ අය දැන් නිකන් ඉඳලා සල්ලි හොයන විදිහට ඔයාලටත් සල්ලි හොයන්න පුළුවන්, අද ඉඳන් නිකන් ඉන්න තියෙන්නේ. මෙන්න මේ පැකේජ් එක ගන්න. නැතිනම් මෙන්න මේකට ආයෝජනය කරන්න කියලා.

එහෙම පුළුවන් නම් ඉතිං රජයටම පුළුවන්නේ රටටම ඔය ක්‍රම දීලා, සල්ලිත් හම්බ කරලා දීලා, බඩු මිළත් තව වැඩි කරලා දීලා, බදුත් ගහලා රටත් දියුණු කරන්න…

ඔය කියන විදිහට සල්ලි හම්බකරන්න ක්‍රම ලෝකේ කොහෙවත් නෑ. ඔක්කොම ස්කෑම්. ඒ නිසා හරි විදිහට ඉගෙනගෙන ආදායම් උපයන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla